Katha Ahura

?උන්මන්තකයා?| 04 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

?උන්මන්තකයා?

04 කොටස

“උඹ…?”

ක්‍රිස්ටියන්ගෙ ඇස් ඉස්සරහා හිටියෙ මෙච්චර වෙලාම ඔහු විස්තර හොයපු අලුත් තරුණයා. ඔහුගෙ මුහුණෙ තිබුණෙ වියරු හිනාවක්.

“මං ගැන වෙන්නැති හොයන්නෙ නේද…? මෙන්න ඉන්නවා මං… ඕන දෙයක් දැනගන්න පුලුවන් උඹට…” පුටුවෙන් නැගිට ක්‍රිස්ටියන් ඉදිරියේ සිටගත් තරුණයා පැවසුවා.

“මොකක්..? මං මොකටද උඹ වගේ දෙකයි පණහෙ එකෙක් ගැන හොයන්නෙ…? අනික උඹට මොකටද යකෝ මං කවුරු ගැන හෙව්වත්… මගෙ වැඩක් මට පාඩුවෙ කරගන්න දීලා යමං මෙතනින්…” ක්‍රිස්ටියන් කිව්වෙ කෝපයෙන් අඩියක් ඉස්සරහට තියන ගමන්. ඒත් එක්කම තරුණයත් ඔහු ඉදිරියට අඩියක් තිබ්බෙ කලින් වියරු හිනාව එක්කමයි.

“ඔව් මං යන්නම් මෙතනින්… හැබැයි උඹ මං ගැන හොයන එක නතර කරන්න ඕනෙ… නැත්තම්…”

“ඇයි නැත්තම් මොනා කරන්නද උඹ ආහ්…? අලුතින් කොලේජ් එකට ආවා නම් ඒ විදිහට ඉඳපන් යාලුවා… නැත්තම් උඹට වෙන්නෙ ජේ.ඩී අතින් මැරිලා යන්න…” තරුණයාගේ තර්ජනය ගණනකට නොගත් ක්‍රිස්ටියන් තවදුරටත් ගෝරණාඩු කලා.

“හ්ම්… එහෙමද උඹ හිතන්නෙ… හහ් හහ් හා… මේ ඒඩ්න් එක්ක කිසිම කෙනෙකුට හැප්පිලා දිනන්න බෑ… යාලුවා…” ඒඩ්න් යාලුවා කිව්වෙ සමච්චලේට හිනාවෙන ගමන්. ඒත් එක්කම ඔහු ඇඳන් හිටපු ජැකට් එක අස්සෙන් එලියට ඇදලා ගත්තෙ තියුණු අත් පොරොවක්. ක්‍රිස්ටියන්ගේ හිතට ඇතුල් උනේ දැඩි බියක්.

“උඹ… උඹද රි..රිචීගෙ….” ක්‍රිස්ටියන් ගොත ගහන්න ගත්තෙ රිචඩ්ගෙ ඉරණම ගැන මතක් වෙලා. දෙයියනේ මේ ඉන්නෙ ඒ උන්මන්තක මිනිමරුවා නම්…?

“හහ් මොකක්…? නෑ යාලුවා මං එහෙම මිනීමරුවෙක් නෙමෙයි… ඒත් මං… එක්කො වචන නාස්ති කරන්න ඕන නෑ උඹම බලාගනින්…” එසේ කියූ ඒඩ්න් පොරොව ඉහළට එසෙව්වා.

“එපා….! මාව මරන්නෙපා ප්ලීස්…!!” ක්‍රිස්ටියන් විලාප තිබ්බා.

හොඳටම දාඩිය පෙරාගෙන ක්‍රිස්ටියන් පුටුවත් පෙරලගෙන නැගිට්ටා. ඔහු දැකලා තිබ්බෙ නරක හීනයක්. තමාට නින්ද ගියේ කුමන වෙලාවෙදිද? ඔහුට සිතාගත නොහැකි වුනා. තමා ගැනම ලැජ්ජාවක් හා කෝපයක් දැනෙද්දි ඔහු ඔරලෝසුව දිහා බැලුවෙ වේලාව දැනගන්න. එහිසටහන් වෙලා තිබ්බෙ හවස 04.28 ලෙසට. ඊලඟට ඔහුගෙ අවධානය යොමු උනේ පරිගණක තිරය වෙත. එහි තිබුණු විස්තර දැක ඔහුගේ ඇස් උඩ ගියා.

“ඒඩ්න් මැක්මිලන් ඩ්‍රින්ක්වෝටර්… උපත1994.04.12 දින… මව පියා නොමැති අතර හදාවඩාගෙන ඇත්තේ වින්චෙස්ටර්හි පියතුමෙක් විසින්… පිට පිට තුන් වතාවක් ජාතික චෙස් ශූරතාව මෙන්ම හතර වතාවක්ම ජාත්‍යන්තරව වාර්තා සමඟින් ශූරතාව… දෙවතාවක් ටයිකොන්ඩෝ ජාතික ශූරතාව… ජාත්‍යන්තර මට්ටමේ ඉහළම වීඩියෝ ගේම් ශූරයෙක්… තවද….”

“දඩා…ස්…!!!”

ක්‍රිස්ටියන්ට කියවාගත හැකි වූයේ එපමණයි. පිටුපසින් ඇහුනෙ ෆයිල් රාක්කයක් බිමට වැටෙන හඬ. ඔහු හැරෙනවාත් සමඟම විදුලි වේගයෙන් ඔහු වෙතට තියුණු යමක් ඇදී ආ අතර සටන් කලාව හදාරා තිබුණු ඔහු ක්ශණිකව හිස එහාට ගත්තා. ඔහුගේ නළල අයිනෙන් නූලට මඟ හැරුණු අත් පොරොවක් මහත් ශබ්දයල් නඟමින් පරිගණක තිරයේ වැදුණ අතර එහි වීදුරුව පසාරු කරගෙන පොරොව ඒ තුලට බැස්සා. ඔහුට කිසිවක් සිතාගන්නටත් පළමුව ආයෙමත් ඔහු ලඟින්ම තිබුණු ෆයිල් රාක්කයද ඔහුගේ ඇඟට කඩන් වැටුණා. බිම වැටී තිබුණු පුටුව උඩටම නැවතත් රාක්කය සමඟින්ම ක්‍රිස්ටියන් ඇදන් වැටුණේ ඔහුගේ පාදය බිඳී මහත් වූ වේදනාවක් ඔහුට අත්කර දෙමින්.

“ආ…හ්….! ක..වු..ද යකෝ….??” ඔහු කෑගැසුවා. “නවත්තපං යකෝ ඔය විකාරෙ…”

නමුත් කවුරුන් විසින් හෝ ලේඛනාගාරයේ තිබුණු සියළුම රාක්ක බිමට තල්ලු කරන්නට උනේ පිස්සුවෙන් වගේ. රාක්කයකට සිරවී සිටි ක්‍රිස්ටියන්ගේ ඇඟ මතට තවත් රාක්කයක් ඇද වැටුනෙන් ඔහුගේ වේදනාව දෙගුණ උනා. නමුත් ගැලවිය නොහැකි ලෙස ඔහුව සිරවී තිබුණා. වේදනාවෙන්, උදව් ඉල්ලමින් ඔහු විලාප දුන්නද ඒ වෙලාවේ ලේඛනාගාරය අසළ කිසිවෙකු සිටියේ නෑ.

“දෙයියන්ගෙ නාමෙට…. කවුද යකෝ උඹ…? උඹේ අම්මට හු…. යකෝ මේ විකාරෙ නවත්තලා වර ඉස්සරහට පුලුවන් නම්… ආ…..හ්”

එක්වරම ඔහුව පුදුමයට පත් කරමින් ඔහුගේ ඇඟ මතට වැටී තිබුණු විසල් රාක්ක දෙක කවුරුන් හෝ ඔසවා අනෙක් පැත්තට පෙරළා දැමුවා. නමුත් ඊලඟට….

“ක්..ක.වුද උඹ…??” ක්‍රිස්ටියන් ඉදිරියේ සිටියේ උමතු කළු කබාකරුය. ඔහුගේ අතෙහි වූයේ උල් පිහියකි.

“ෂ්….” ආවරණය කරගෙන සිටි මුවට ඇඟිල්ලක් තබමින් කලු කබාකරු ක්‍රිස්ටියන්ට නිහඬ වෙන ලෙස සංඥා කලා. ඉන්පසු අඩියක් ඔහු ඉදිරියට තිබ්බෙ දුර්වල වෙලා හිටපු ක්‍රිස්ටියන්ව භීතියට පත් කරමින්.

“ප්ලීස් මට මොකුත් කරන්නෙපා… මං..මං උඹට සල්ලි දෙන්නම්… ඕනතරම් දෙන්නම්… මට සල්ලි තියෙනවා ඕනතරම් මං උඹට ඒ ඔක්කොම හරි දෙන්නම් ප්ලීස් මට මොකුත් කරන්නෙපා…” යාන්තම් අත් දෙක එකතු කර වඳින ගමන් ක්‍රිස්ටියන් විලාප තිබ්බා.

නමුත් ඊලඟ මොහොතේ කෝපයට පත් වුනා වගේ පෙනුනු කලු කබාකරු අත තිබූ මුවහත් පිහියෙන් වේගයෙන් ක්‍රිස්ටියන්ගේ මුව හරහා කැපුමක් එක් කලේ ක්‍රිස්ටියන් වේදනාවෙන් විලාප දෙද්දි. කම්මුල් දෙපසින් ඇරී ඔහුගේ මුව කැපී තිබුණේ දිවද සමඟිනි. වේදනාවෙන් විලාප දෙනු වෙනුවට ඊලඟට ඔහුගේ මුවින් පිටවුනේ ගොර ගොර හඬය. නමුත් උමතු කළු කබාකරු එතනින් නැවතුණේ නෑ. පරිගණක තිරයෙන් අත් පොරොව ගලවාගත් කළු කබාකරු ක්‍රිස්ටියන්ගේ පපුවේ දකුණු පසට එයින් මඳ වේගයෙන් කෙටුවා. පපුව පසාරු කරගෙන ගිය පොරොව ලේ ගලද්දිත් එලෙසම තැබූ කළු කබාකරු උල් පිහියෙන් ඊලඟට කලේ ක්‍රිස්ටියන්ගේ මුහුණ හරහා කතිර ලකුණක් සටහන් කිරීමයි. මේ වෙද්දිත් ක්‍රිස්ටියන් හිටියේ බාගෙට මැරිලා. ඔහුගේ මුවින් පිටවුනේ ‘ගොර ගොර’ ශබ්ධයක් විතරයි. මුහුණෙන් පවා ලේ ගලන්න ගද්දි ඊලඟට උල් පිහිය හෙමින් හෙමින් ක්‍රිස්ටියන්ගේ හදවත පසාරු කරගෙන යන විදිහට බැස්සුවෙ වේදනාව දෙගුණ තෙගුණ කරමින්. නමුත් එතනින් නොනැවතුණ කළු කබාකරු උමතුවෙන් මෙන් පිහිය ගෙන ක්‍රිස්ටියන්ගේ සිරුරේ හැම තැනක්ම වගේ කපාගෙන කපාගෙන ගියේ ලොකු වෛරයක් පිරිමහන්න වගේ.

“die now bitch…”

ගොරහැඬි හඬකින් මිමිණූ උමතු කළු කබාකරු ඊලඟට කලේ ඉණ්හි එල්ලාගෙන සිටි කඹයක් රැගෙන එහි තිබූ තොණ්ඩුව ක්‍රිස්ටියන්ගේ ගෙලට දමා ඔහුව සිවිලිමේ තිබුණු විදුලි පංකාවේ එල්ලීමයි. ඉන්පසුව විදුලි පංකාව උපරිම වේගයෙන් ක්‍රියා කරවූ ඔහු ඒ දෙස බලමින් උමතුවෙන් මෙන් හිනාවුනේ තමන්ගෙ මිනීමැරුම ගැන තෘප්තිමත් වෙමින්.
*********************************************************************

මැන්චෙස්ටර් නගරයම භීතියෙන් මුසපත් කරමින් පසුදා උදෑසනම අසන්නට ලැබුණේ තවත් සිසුවෙකුගේ බිහිසුණු ඝාතනයක් ගැනය. දුටුවන් භීතියට පත් කල ඒ මිනීමැරුම නිසා කොලේජය පවා දින තුනක් තිස්සේ වසා දමන්නට බලධාරීන්ට සිදුවුනා. ක්‍රිස්ටියන් බ්ලැක්ස්මිත් කියන්නෙ මැන්චෙස්ටර් නගරයේ ව්‍යාපාරික ප්‍රභූ පවුලක දරුවෙක් වුන නිසාම ඔහුගේ පවුල මුලු නගරයම අනිත් පෙරළමින් මිනීමරුවා සොයන්නට උනේ ඔවුන්ට තිබුණු දේශපාලන බලයත් සමඟ. නමුත් ඔවුන්ට කෙසේවත් උමතු මිනීමරුවා ගැන පුංචිම හෝඩුවාවක්වත් සොයාගැනීමට හැකි වුනේ නෑ. උමතු පුද්ගලයෙක් උනත් මිනීමැරුම කිසිදු සාක්ශියක් නැතුවම කිරීමට තරම් ඔහු සැබෑ දක්ශයෙක් වෙලා තිබුණා. හතරවන දිනයේ කොලේජය නැවත පටන්ගත් අතර එදින උදෑසන පටන් බොහෝ සිසුන් පොලිසියේ මෙන්ම රහස් පොලිසියේද ප්‍රශ්න කිරීම් වලට ලක් උනා. නමුත් වැදගත් යැයි කියන කිසිම දෙයක් නොලැබුණ අතර පරික්ශණයකින් පසු ක්‍රිස්ටියන්ගේ මාමාව නොසැලිකිලිමත්කම කියා සේවයෙන් නෙරපන ලද මෙන්ම පොලිසිය විසින් අත් අඩංගුවටද ගත්තේ සැකකාරයෙකු ලෙසය.

මේ අතර මිතුරන් දෙදෙනෙකුම දරුණු ආකාරයෙන් ඝාතනය වූ නිසා ජේ.ඩී ඇතුලු මිතුරන් කොලේජය වෙත පැමිණීමෙන් වැලකී සිටියා. එයින් තරමක් හෝ සතුටු වූයේ ජූලියානාය. ඇය පහුගිය ටිකේම සිටියේ තෝන්තුවෙන් වගේය. සිතට කිසිම නිදහසක් තිබුණේද නැත. ජේ.ඩීගේ කරදර නිවසට සැල කිරීමට සිත් වුනිද ඇය එයින් වැළකී සිටියේ තම දෙමාපියන් විහින්කරදර වලට පැටලේවි යන බියෙනි. මන්ද ජේ.ඩීගේ පියා සෑම අතින්ම නගරයේ බලවතෙකි. මරණය සිදුවී හයවෙනි දවසේ දහවලේ ජූලියානා පුස්තකාලය වෙත යමින් සිටියේ එය ඇයට නිදහස් කාලච්ඡේදයක් උන නිසා. පාළු කොරිඩෝව දිගේ ඇවිද යන ඇයට කුමක්දෝ අමුත්තක් දැනුණි. හරියට තමන් දෙස කවුරුන් හෝ බලන් සිටිනවා වැනිය. ඒ නිසාම ඇය අඩිය ඉක්මන් කරමින් හනි හනිකට පුස්තකාලය දෙසට යන්නට ගත්තා.

“ආ…හ්”

කවුරුන් හෝ අඳුරු මුල්ලකට ඇයව ඇදලා ගත්තේ ඇයට කිසිම දෙයක් හිතාගන්න නොදී. බියට පත්වූ ඇය කෑගසන්නට තත්පරයකට කලින් ඇගේ දෙතොල් කාගේ හෝ දෙතොලකට මැදි වුනා. කවුරුන් විසින් හෝ ඇයව බිත්තියට තබා තද කරගෙන සිපගන්නට ගත්තේ ඇයට හෙලවෙන්නවත් නොදී. ඇයට දැනුනේ අල්ලාගෙන සිටින පුද්ගලයා අසාමාන්‍ය ආකාරයේ ශක්තියකින් හෙබි කෙනෙකු බවය. නමුත් ඊලඟ තත්පරයේ ඇයට දැනෙන්නට වූ ඒ සුවඳ…

“ම්ම්ම්හ්… වේ…ඩ්…???”

ඇගේ කෙඳිරිය හමුවේ ග්‍රහණය බුරුල් වී අල්ලාගෙන සිටි පුද්ගලයා මඳක් ඈත් විය.

“ජූලී….”

ඒ වේඩ් නොවේ. ඇයට ඇසුනේ ඔහුගේ හඬ වෙනුවට ගොරෝසු කටහඬකි. තවමත් ඒ මුහුණ පෙනෙන්නෙ නැති නිසා ඇය ඔහුව මතක් ඈතට කලේ හොඳින් ඒ කවුදැයි දැනගැනීමටය.

“දෙයියනේ වේඩ්…? මේ මොකද…??” සැබවින්ම ඒ වේඩ් විය. ඔහුගේ සුවඳය නමුත් හඬ වෙනස් වී තිබුණා.

“ෂ්… ජූලී මං ඔයාට ගොඩාක් ආදරෙයි… මට ඔයාව ඕනෙ ප්ලීස්….”

ජූලියානාවට තවත් කිසිවක් කීමට නොදුන් වේඩ් ඔහුගේ ග්‍රහණයට ඇයව නැවත නතු කරගත්තා. ‘මාත් ආදරෙයි වේඩ්…’ ඇය මිමිණුවද ඔහුට එය නෑසුණාක් මෙන් උමතුවෙන් මෙන් ඇයව සිපගනිමින් සිටියා. නමුත් ජූලියානට දැනුනේ වේදනාවක්. ඔහු ඇත්තටම සෙනෙහසින් ඇයව පිරිමදිනු වෙනුවට පහුරු ගාමින් මෙන් හිටියෙ ඇයට වේදනාවක් එකතු කරමින්. ඒ නිසාම ඇය තම සියලුම ශක්තිය එකතු කරමින් ඔහුගෙන් ඈත් වෙන්න දැඟලුවත් ඔහුගේ අසාමාන්‍ය ශක්තිය හමුවේ ඇය දුර්වල උනේ ඈ අසරණ කරමින්.

“වේඩ්… ආහ් අනේ ප්ලීස් ඔයා මට රිද්දනවා… වේ..ඩ්…”

නමුත් ඊලඟට වුනේ කවුරුත් හිතපු නැති දෙයක්. අදෘශයමාන හස්තයකින් මෙන් වේඩ්ව වේගයෙන් පිටුපසට විසිවුනේ හිතාගන්න බැරි තරම් වේගයෙන්. ඩෙස්ක් පුටු පෙරළගෙන ඔහුව බිම වැටුනත් කුළු හරකෙක් වගේ පිඹිමින් ආයෙ ඔහු නැගිට්ටෙ දුන්න ගහලා. ඔහුගේ දෑස් කෝපයෙන් රතුවී දිළිසෙමින් තිබුණෙ හරියට ගොදුර මඟහැරුණු කොටියෙක් වගේ. ඔහු බලන් හිටියෙ….

“උඹ…???”

**********************************************************************
ඊලඟ කොටසට….

වේඩ් – ජූලියානා අතරට ආවෙ කවුද? වේඩ්ට හැදුණු පිස්සුව මොකක්ද? මිනීමරුවාගේ ඊලඟ ගොදුර කවුරුන් වෙයිද? උමතු මිනීමරුවා කවුද..?

Valar Morgulis..!

5 thoughts on “?උන්මන්තකයා?| 04 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    Excellent dear oyage kathawa…… tuesday 9.00pm wenakal balagena inne me kathawa app ekata danakal. asawen kiyawagena yanna puluwan eka husmata. Kuthuhalaya, thraasaya uparimayen thiyenawa… puluwannam me kathawa daily dannako…. pls

  2. Ayala atharata awe vaed wenna athi.aya wage Thawa kenek innawa man hithanne.ahema nathnam ayage agata kage hari aathmayakwath awithda.ane hithaganna ba ane.ath kathawanam supper

  3. Mehemath wenna athi Ayala atharata awe aluth lamaya wanna oni.me minimaranne vaed thamai.aya ahinsaka wage unata ayage athule wenasma charithayak athi.

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.