Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 28 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-28 වන කොටස-

“ඒ මොකද්ද උඹට තියෙන ප්‍රශ්නෙ?”

“එදා මාව අරුන් room එකක හිර කලානේ… කොහොම හරි එකෙක් මට කෑම එකක් ගෙනත් දෙන්න ආවා.. මං ඌව room එලට දාලා දොර වහලා තමා එතනින් පැනගත්තෙ… ඒත් පස්සෙ මං ආයි ඇවිල්ලා බලද්දි ඌ room එකේ හිටියෙ නෑ.. මං room එක lock කරලත් එක්ක ගියෙත්… ඌ කොහොම පැනගත්තද මන්දා..”

“ඌ ඉතිං කොහොම පැනගත්තත් අපිට මොකෝ බං.. අපිට ඒක වැඩක් නෑනේ…”

” නෑ මිනුර… ඒ වගෙ පොඩි දෙයක් පවා අපිට ඉස්සරහට වැදගන් වෙන්න ඉඩතියෙනවා.. කොයිම වෙලාවක හරි ඒක ඕනිවෙයි බං.. ඒක රහස් දොරක්නම් අපිට ගොඩක් වැදගත්වෙයි…”

“ඒත් කොහොමද ඉතිං ඕක අපි හොයන්නේ??”

“හොයාගන්නම් ඉතිං ආයි අපිට එතන්ට යන්න වෙයි…. නැතුවනම් බැරිවෙයි…”

“හරි ඒක ගැන පස්සෙ බලමු.. ඉටවඩා විසදන්න ප්‍රශ්න ගොඩක් තියෙනවනේ…”

“ම්ම්ම්.. බුවනෙකගෙ කතාව ඇත්ත… මේ වෙන දේවල් මට තේරෙන්නෙත් නෑ… මේකනම් අවුල් ජාලයක් බං..”

“ඉදපන් දේව්… අපි අර ගෙදර ගිහින් හොයාගත්ත ඒවා අපි තාම check කලේ නෑනේ… ඒවයින් මොනාම හරි දැනගන්න පුලුවන් වෙයි.. මං ඇරන් එන්නම්..”

ඩෙවෝන් ගිහින් බෑග් ටික අතින් කටින් එල්ලගෙන ආවා… මොකද ඒවගෙනෙ ඉතිං අපි ඕනි කරන ඒවා තියෙන්නේ….

ඩෙවෝන්ම බෑග් වල තිබ්බ ඔක්කොම ටික අරගෙන table එක උඩින් තිබ්බා…මං දැක්කේ ඇල්බම් එකක්… මං ඒක අතට අරන් බලන්න ගත්තා.. ඒ අතරෙ අනිත් එවුන් ටිකත් එතන තිබ්බ එකින් එක check කරන්න ගත්තා..

මගේ බෑග් එකේ තිබ්බ ඇල්බම් එකයි මට දැන් හම්බුන ඇල්බම් එකයි මං සන්සන්දනය කර කර බලන්න ගත්තා… එක ඇල්බම් එකක ඉස්සරහයින්ම ගහලා තිබ්බෙ ප්‍රගීත් බණ්ඩාරනායක කියලා.. එ.. එතකොට එතනම එයාගෙ family photo එකක් තිබ්බ.. ඒත් ඒ රූපේ හිටියෙ අපිත් එක්ක හිටපු අංකල් නෙවෙයිනේ… එතකොට අරූ මට බොරුවක්ද කලේ… මං බැලුවෙ අනිත් ඇල්බම් එක.. හරි එහෙනම්.. මට හම්බුන ඇල්බම් එක තමා මේ.. එවලෙ මට මුකුත් තේරුනෙ නෑනේ.. දැන් තේරුනෙ… බලාගමු… උඹ මට බොරු කරලා කරගත්තෙ හොද දෙයක්නම් නෙවෙයි…

මං කේන්තියෙන්ම ඇල්බම් දෙක පොලවෙ ගැහුවා… ඌ කොහොමද මට මෙච්චර වංචාවක් කලේ… මංමයි ඕකව මරන්නේ.. ඌගෙ බොරු නිසා මාගෙ යාලුවෙකුත් තව පොඩ්ඩෙන් මට නැතිවෙනවා…

මගේ කෑගැහිල්ලට කට්ටියම එතන්ට දුවගෙන ආවා…

“ඇයි දේව්.. මොකද උනේ?”

“බලපන් ඔය ඇල්බම් දෙක..”

මං කේන්තියෙන්ම කිවුවා.. මිනුර එල ඇල්බම් එකක් අරන් හොදට බැලුවා…

“ඈ යකූ… මේකේ ප්‍රගීත් කියලා ගැහුවට photos වල ඉන්නෙ වෙන මනුස්සයෙක්නෙ…”

ඌ එක බල බල කියෝනවා… ඇත්ත.. මාත් ඒක දැක්ක පාර තුෂ්නිම්බූත උනා..

“අනිත් එකත් බලපන්.. එතකොට තේරෙයි..”

ඒ ගමන හැමෝම වටවෙලා බලන්න ගත්තා..

“ද්.. දේව්..මචං.. මං මේ දකින්නෙ හීනයක් නෙවෙයි නෙද.. කොනිත්තපන් පොඩ්ඩක්..”

සලිතයා ඇස් දෙකත් ලොකු කරගෙන කියවන්නෙ දැක්ක දේ විශ්වාස කරන්න බැරුව වෙන්නැති… නොහිතපු දෙයක් දකිද්දි ඉතිං කවුරුත් ෂොක් වෙනවනේ…

“අපිට ඌ මෙච්චර ලොකු රැවටීමක් කලේ කොහොමද.. මං ඒ හු### ඉතුරු කරන්නෙ නෑ… ෂිට්…”

චනුක කේන්තියෙන් කෑගහනවා…

“ඒත් අපිට මෙහෙම බොරුවක් කරන්න හේතුව මොකද්ද.. අපි මේ කිසිදෙයකට අදාල නෑනේ…”

ඩෙවෝන්ගෙ ඒ කතාවට හැමෝම බැලුවේ මං දිහා… ඒ කතාව බැලූ බැල්මට හරි… ඒත් මං දැක්ක දෙයක් නිසා ඒක වැරදි කියලා ඔප්පු වෙනවා…

“නෑ බං… මෙතන අපි නොදන්න ලොකු දෙයක් තියෙනවා.. උඹලට මතකද එදා අර ගෙදර room එකේ තිබ්බ photos ටික… එතන මගෙ photo එකක් තිබ්බ… ඒකෙ තේරුම තමා මං නොදන්නවා උනාට මාත් මේ mission එකේ වැදගත් character එකක්…”

“ඒත් ඒ කොහොමද.. දැන් අපි මොකද කරන්නේ.. මටනම් කිසිම idea එකක් නෑ..”

“මේ ටික හොයාගත්තා වගේ අපි හොයාගමු ඩෙවෝන්… කලබලවෙලා මේවා විසදගන්න බෑ…”

“ඒත් අපිට වැඩි කාලයක් නෑ මචං..”

“ඔව් බුවනෙක… අපිට මේකේ ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් එක්කෙනෙක්ගෙන්… එයා අපිට හැමදෙම කියයි.. ඒත් එයා ඉන්න් තැන හොයාගන්න එක තමා අවුල..”

“ඒ කවුද බං… උඹ කියපන්කො.. අපි කොහොම හරි හොයාගමු..”

“ප්‍රගීත් අංකල්..”

❤️❤️❤️

ප්‍රගීත් අංකල්ලා දෙන්නෙක්..
ඔයලගෙ ඔලුගෙඩි ටික නූල් බෝලයක් වගෙව් පැටලිලාද මංදා… ඉස්සරහට මොනා වෙයිද.. කට්ටියට හිතෙන දේවල් කියාගෙන යන්නකො…

ඉක්මනටම ඔයලට මේ ටික පැහැදිලිවෙයි.. ඔහොම කියෝගෙන යන්නකො..

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 28 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. නියමයි කතාව…අනේ තව ටිකක් දිගට කතාව දාන්නකො……. ප්ලීස්…….

  2. Ranmali subasinghe

    ඇත්තම ප්‍රගීත් අන්කල් දේව්ගෙ තාත්තා වෙන්න ඇති කියලා මම හිතනවා.. බලමුකො..????

    ටිකක් දිගට දාන්න කෝ…. ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.