Katha Ahura

කාල වනය|දෙවන දිගහැරුම |හොල්මන් කතා|

5/5 - (1 vote)

?කාල වනය!?
2 කොටස

“ටොක්…චටාස්…………”
ශබ්දය ඇසුනේ නිවස තුලිනි.
නිලූකා ඇසුනු ශබ්දයෙන් තිගැස්සුනි.නිලූකා ඉක්මණින් නිවස තුලට පිවිස නිවස පුරා නෙත් යොමු කරන්නට විය…
නිවස තුල බුදුන් වෙනුවෙන් දල්වා තිබූ පහන පුපුරා ගොසිනි.ගෙබිම තුල පහනෙහි කැබලිත්,තෙලුත් විසිරී තිබිනි.

“අනේ මන්දා සීවලි රූපෙත් බිදිලා ගියා.දැන් මැටි පහන පිපුරුවා.මොකද දන්නෑ මෙහෙම වෙන්නේ ,හෙටම අස් කරනවා”

ඇය තමාටම මුමුණා ගත්තාය.ටික වේලාවකට පසු ඇය නිදි යහනට ගියාය.අඩ හෝරාවකට පමණ පසු නිදි දෙව්දුව ඇය වැලද ගත්තාය.

##################################################################

වේලාව මධ්‍යම රාත්‍රී 12 බව අගවමින් නිවසෙහි ඔරලෝසුවෙහි දොලහේ සීනුව නාද විය.කිසිවෙකු නොදුටුවත් නිවසෙහි ගේට්ටුව ඉදිරිපසින් මතුවූයේ කාන්තාවකි .ඇය ධවල වර්ණ නිදන ඇදුමක් ඇද සිටියාය.ඇය නිවස දෙස බලා සිනාසී නොපෙනී ගියාය.

#########################################################

වෑන් රථයේ ජනේලයක් අසලට වී මාර්ගය දෙස බලමින් සමීර සිටියේ විරහා වේදනා වෙන් මෙනි.

*************************************************************************************

වෑන් රථය තුල සිටියේ සමීරගේ පාසලේ මිතුරන්‍ ය.ඒ අතර ගැහැනු මිතුරියන් සිව්දෙනෙක්ද(මල්මී,ගවීශා ,හර්ශානි,නදීකා)
.සමීරත් සමගම පිරිමින් පස් දෙනෙකුද සිටියේය.(සමීර ,චාමර,කසුන්,පසිදු)

********************************************************************************

“චාමර පනාගොඩ කෑම්ප් එකේ පන්සල ලගින් නවත්තපන් , පඩුරු දාන්න ”
පිටුපස සිට මල්මී කෑගැසුවේ හෝමාගම දුම් රිය පොල ආසන්නයේදීය.
.
“හරි බං නවත්තන්නං”

“අඩෝ පසියා මුලින්ම ගහපන් භක්ති ගීතයක්”ඉදිරි අසුනේ සිට චාමර කෑගැසුවේය .

“හා බං , කෑගහන්න එපා නිකන් නිකන් බූරුවෙක් වගේ හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා”

“පලයන් පසියෝ ,හැමි#යන්”

“හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා හාහ්හ්”

සමීර හැර වෑන් රථය තුලවූ සියලුදෙනා සිනාසෙන්නට විය.
චාමරගේ ඉල්ලීම පිලිගත් පසිදු භක්ති ගීතය කීමට සූදානම් විනි .

“ගහං කෝ කසුන් කැ#යෝ බොංගෝ එක ,අතේ තියන් ඉන්නවා “පසිදු කෑගසන්නට විය .
“ආ ආ”කසුන් ප්‍රතිචාර දක්වා වාදනය ආරම්භ කලේය.ඒත් සමගම ගායනයද ආරම්භ විනි .

“බුදු සාදූ ප්‍රියේ ඔබගේ දහමේ ….
රසමිහිර අසා මම ආමී සොයා ..
බුදු සාදු ප්‍රියේ ඔබගේ දහමේ ………”

මොහොතකට කට පසු පනාගොඩ යුද හමුදා බෝධි රාජා රාමය අසල නවත්වා සියලු දෙනා බැස පඩුරු දමා,බුදුන් වැන්දහ.

“ටක් ගාලා වෑන් එකට නැගපන් බං .හෙට පාන්දරවත් බදුල්ලේ ඉන්න ඕනි”

” හරි බං චාමර ,උබ නිකන් අපේ මහ එකා වගේ නිකන් කතා කරන්නේ “කසුන් චාමර හට පැවසුවේ උරුක්කුවට මෙනි.

“හරි හරි නැගපන් බං අපි තාම හෝමාගමනේ බං” චාමර පැවසුවේ කුඩා දරුවෙකු මෙනි.

සියල්ලන්ම වෑන් රථයට නැග අසුන් ගත්හ.

“අඩෝ කසුනා අපේ සීතා නැති රාමා වෙනුවෙන් සින්දුවක් කියපන් ,ඌ නිකන් ඉන්නේ පාණ්ඩුව හැදිලා වගේ ”

“ගහමු පසියෝ,ඔන්න එහෙනම් කසුනගෙන් තනිකඩ රාමාට”

“මගේ අදරේම අපරාදේ…..
අපතේ ගියාද මේ කාලේ…..
හිත පාරවා දමා මාගේ …..
ඔබ ගියා සාරිතා නෙමේ නිලූකා…..
මුළු ජීවිතේ මාද මාගේ ..
එක තැනක නතරවී වාගේ..
අද නෑ සුනා එදා වාගේ…..
කෝ ඔයා නිලූකා………..

කියාගන්න බැරි සිදුවීමක්…..
…………………………………………….
……………………………………………………………………………………….”

“අඩෝ කසුනා උබට නම් විහිලු පව් බං ඌ කෙල්ලට ආදරේ ඇති ගොඩාක්”

“අනේ නිකන් හිටපන් ගවීශා උබෙත් සත්ත්ව කරුණාව…..”හර්ශානි පැවසුවේ ඇනුම් පදයක් ලෙසිනි.ඒ මන්ද යත් සමීර හර්ශානිගේ පලමු ප්‍රේමය නිසාය.

“හරි හරි අවුලක් නෑ මට උබල ඕනි එකක් කියහල්ලකෝ ,මාත් එන්නම් සින්දුවක් කියන්න”සමීර මදහසක් පාමින් පැවසුවේ සිදුවුනු අපහාසයෙන් ගැල වීමටය.

“ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇවිලෙන්නෑලු…………..”
සමීර තම හඩ අවදි කෙරුවේය. කසුන් බොන්ගෝව වාදනය කරන්නට විය .හර්ශානි පසෙකටවී කල්පනාවක් සිටියාය.ගවීශාත් ,මල්මීත් සමීරත් සමගම ගීතය කියන්නට විය.පසිදුත් එයට එක් විය.චාමර රියදුරු අසුන හොබවයි.ඉදිරිපස අනෙක් අසුනේ කිසිවෙකු නොමැත.

#####################################################

අඩහෝරාවක් ගතවිනි.සියලු දෙනා සිටි සිටි තැන්වල වැටී නින්දට පත්ව ඇත.වෑන්රිය තුල අවදිව සිටින්නේ චාමර පමනි.ඔහු නිශ්ශබ්දවම වෑන් රථය ඉදිරියටම දාවනය කොටගෙන යයි . අහම්භයෙන් චාමරගේ නෙත ගැටුනේ මහා මාර්ගය දෙසටය.සුදු හැදගත් කාන්තාවක් මාර්ගය මැද වැටී සිටියේය .ඔහු එය නොදැක්කාමෙන් වෑන් රථය එයින් බේරා ගෙන ඉදිරියට දාවනය කලේ අනුන්ගේ දේවල් වලට ඔහු සම්බන්ද වීමට අකමැති බව පෙන්වමිනි.

“ආ උබ මාව යට කලේ නෑ නේද”
චාමරට ඒ හඩ ඇසුනේ පිටු පසිනි.මේ වේලාවේදී ඔහුගේ මිතුරන් නිදි සුව විදින බව ඔහු හොදාකාරවම දනියි.

“කට්ටිය නිදිනම් මේ කවුද, මගේ පිටි පස්සෙන් කතා කරන්නේ “ඔහුගේම සිත ඔහුගෙන් විමසන්නට විය.

“මගේ පිටිපස්සෙ ඉන්න ඔයා කවුද,කියපන්”

“උබේ මාරයා නෙවේ යකෝ”
චාමර පිටුපස හැරී බැලුවේ බියෙනි.පිටුපස සිටියේ ඔහුගේ මිතුරන්‍ ය.

“මූන්ටිකනේ මාව බය කලේ ,පිස්සුද බං උබලට සීට් එකට මුවාවෙලා පිස්සු කෙලින්න.”

“ඇයි බං අද විශේෂ දවසක්නේ උබට මතක නැද්ද?”සමීර හඩ අවදි කලේය .

“මොන #කේ දවසක්ද , අද අනිකමේ පට්ට පාන්දර 3ට අද මොන හුත්##ද තියෙන්නේ..”

“අද උබේ හෙලු ඩේ එක බං,උපන් ඇදුමින් සම්ප්‍රාප්තිය හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා” ගවීශා සිනාසී කීවාය.

” හ්හ්හ්හා වෙරි ෆනී ,මොකක්ද බං ඒක මං අදමයි ඇහුවේ”

“අනේ උබ මොකෙක්ද බං අද බර්ද් ඩේ එක බං,අපි සින්දු කියලා නටලා සෙලිබ්‍රේට් කරමු,උබ ඒකත් දන්නෑ නොදකින්…..හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා” කසුන් කීවේ සිනාසෙමිනි .

“ඔන්න සින්දු පටාන් ගමු .කෙල්ලො ටික නටන්නෝ”සමීර කටපුරා කිව්වේ මහත් සතුටකිනි.

” දුක දැනෙන අයුරූ……….
නොදැන වස්තු ……” සමීර හඩ අවදි කලේය.

########################################################################################

කාලය ගතවිනි.උදෑසන 6 පමණ විට ඔහුන් බදුල්ලට පිවිසියෝය..හිරු දෙවියන් නැගෙනහිරින් පායා එන්නට විය.කුරුල්ලන්ගේ මධුර කූජනයන්ගෙන් අවට පරිසරය හෙවත් සොබාදම් මෑනියන් තවතවත් රූමත් විනි.සියලු දෙනා වෑන් රථයේ වීදුරු හැර පිටත් බලා සිටියෝය.මේ අතරම සමීර හඩ අවදි කලේය.

“කොල්ලනේ,කෙල්ලනේ තව මීටර් පනහයි තියෙන්නේ කෑම්ප් එක ගහන තැනට,අපේ ගයිඩ් කාරයා ඇවිත් ඇති ”

“පට්ට බ්‍රො”සියල්ලන්ම ප්‍රතිචාර දැක්වූවෝය.මෙතෙක් ජනාකීර්ණ මාර්ගයක් පැමිණ තුං මන්සලක් අසලින් චාමර වෑන් රථය පටු පාරකට හැරවීය.එම පටු පාර දෙපසම මහා කැලෑවය.ගස් වලින් වැසී ඇති බැවින් පටු මාර්ගය කළු පැහැ විය.

“මොකද චාමර මේ පට්ට භූත කැලේට ,කෑම්ප් ගහන්න කියලා අපිව එක්කන් ආවේ”මල්මි බියෙන් කෑගසන්නට විය.

“අනේ ගොං මෝඩියේ කැලේ කලුවරයි තමා ගස් තියෙන හින්දා ”
චාමර ඉදිරි අසුනේ සිටම පැවසුවේ මල්මිගේ බිය දුරු කිරීම පිනිසයි.

ඉදිරියෙන් හමුවූයේ කැලයක් ආසන්නයෙහි නොදැකිය හැකි ස්ථානයකි .ඒ අලුතින්ම නිමවූ බුදු මැදුරකි.

චාමර බුදු මැදුර ආසන්නයෙන් වෑන් රථය නවත්වා ,සියලු දෙනාත් සමගම පිටතට පැමිණියහ.

“චාමර බලපං මේ ආපු පාරත් වල් වැදිලා ගොඩාක් කාලෙකින් මෙහෙ කවුරුත් ඇවිත් නෑ වගේ බං”

“ඒ වගේ තමා බං කසුනෝ”

“නෑ එහෙම නෑ ,එහෙම තමයි ” හඩ ඇසුනේ කැලය තුලිනි .ඒ හඩ කාගේ දැයි ,ඔවුන් නොදනියි………………………………………………………………………………………….

3 කොටසින් හමුවෙමු ………..

සියලු අයිතීන් කර්තෘ සතුය

?Kasun gayantha

බුදු සරණයි!

?කර්තෘ අයිතිය සුරකින්න ?

ඔන්න දෙක කොටස දැම්මා.අඩුපාඩු තියෙනවානම් ඒවා Comment කරන්න ? .අර කස්ටිය? ඇහුනේ කාගේ කටහඩද කියලා හිතලා ? Comment පාරක් දාන්න.comment කරන්න අමතක කරන්න එපා?

? comment කිරීමට කාරුණික වන්න.?

7 thoughts on “කාල වනය|දෙවන දිගහැරුම |හොල්මන් කතා|”

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      තැන්ක් යූ dr .. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.