Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 29 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-29 වන කොටස-

“උඹ හිතන්නෙ ප්‍රගීත් අංකල් කොහේ ඉන්නවා ඇති කියලද”

“දැන් මේ සිද්ධි වල හැටියට ප්‍රගීත් අංකල් ඉන්න ඕනි ආනන්දයා ගාව.. අපිට මේ බොරු රගපෑම කලේ ඒ ප## බල්ලනේ…”

“හරි එහෙනම්.. අපි ඌගේ ගෙදර check කරලා බලමු..”

“ඔව්.. ඒ වගේම සිංගා ඉන්න තැනත් අපි බලන්න ඕනි.. උඹලා ඔය සිංගා කියන එකාව දන්නවද.. අඩුම තරමෙ photo එකක්වත් දැකලා නැද්ද උගේ??”

“නෑ බං.. මං අහලා තියෙන විදිහට ඌ ලග වැඩකරන එකෙක්වත් සිංගව දැකලා නෑලු.. ඌ හැම දේම කරන්නෙ clls හරහා… ඒක නිසා පොලිස්සියටවත් ඌව කොටුකරගන්න බෑ…”

“එහෙමත් සීන් එකක්ද.. බලමුකො මොකද වෙන්නෙ කියලා.. ඒක නෙවෙයි සලිතයෝ… උඹ ඉන්නෙනම් බබා වගේ ඒ උනාට වටේ වෙන හැම ඕපදූපයක්ම දන්නවනේ…”

“අපි ඉතිං මෙහෙම හිටියට හෙන රොයිටර් තමා…”

“පේනවා පේනවා…”

අපි කතා කර කර ඉන්න අතරෙ එතන්ට දුවගෙන ආවෙව් ඩෙවෝන්.. මගෙ phone එකත් අතේ තියාගෙන..

“උඹට cll එකක්.. num එකනම් save කරලා නෑ..”

මං phone එක අරන් answer කරලා බැලුවා…

“අහ්… මාව මතකද දන්නෙ නෑ…”

එහා පැත්තෙන් ඇහුන ගොරෝසු හඩ අදුනගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ… සමච්චල් සහගත් හිනාවක් එක්කම එහෙම ඇහුවේ ආනන්ද හෙවත් ප්‍රගීත් විදිහට අපි ඉස්සරහා රග පාපු මනුස්සයා..

“මොකෝ සද්ද නැත්තේ.. මාව අදුනගත්තාද…. හහ්.. හහ්.. හා…
උඹ මෙතනින් පැනගත්තා කියලා උඹ දින්නා කියලා හිතන්න එපා පුතෝ… මේ game එක තාම ඉවර නෑ.. දැනුයි පටන්ගත්තේ…”

“උඹට මොනාද මිනිහො ඕනි… හැංගි හොරා එන්නෙ නැතුව කෙලින් වරෙන්… උඹ වගේ මං බයගුල්ලෙක් නෙවෙයි…”

“උඹගෙ කටනම් හොදටම වැඩී… මං ඉක්මනටම උඹේ කටේ සද්දි අඩු කරලා දාන්නම්.. බලාගෙන ඉදපන්…”

“ඒකනම් අමාරුවෙයි අංකල්… ටිකක් නෙවෙයි හුගක්… උඹ අපිට බොරු කියලා කරගත්තෙ ලොකු වැරද්දක්.. ඒවට වන්දිගෙවන්න බලාගෙන හිටපන්.. මං උඹව ලේසියෙන් අතාරින්නෙ නෑ…”

ආපු කේන්තියට මං එහෙම කියලා phone එක ct කරලා දැම්මා…

“ආනන්දයද කතා කලේ.. ඌ මොකද්ද කියන්නෙ මචං… අපිට තර්ජනය කරනවද?”

“හහ්… ඌ මට තර්ජනය කරන්න… පිස්සු හැදෙයි… මං ඕකව මරලා තමා නිකා ඉන්නේ..”

“දැන් උඹ කේන්ති නොගෙන ඌ
කිවුවෙ මොනාද කියපන්කෝ..”

අර ආනන්ද කාරයා කියපු හැමදේම මං යාලුවෝ ටික ඉස්සරහා කියලා දැම්මා.. උන්ගෙ මූනුත් කේන්තියෙන් රතුවෙනවා මං හොදාකාරවම දැක්ක…

“අපි ඉක්මනින් ප්‍රගීත් අංකල්ව හොයාගෙන මේ වෙන දේවල්වල ඇත්ත නැත්ත හොයාගන්න ඕනි මචං..”

“ඔව් මිනුර… ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි.. අපි හෙට උදේම යන්… දැන් අපි මෙහෙට වෙලා ඉමු… කන්න මුකුත්ම නෑ නේද.. මං කට්ටියටම කන්න දෙයක් අරන් එන්නම්..”

“හිටපන් දේව්.. මාත් උඹ එක්ක එන්නම්..”

ඩෙවෝනුත් මාත් එක්ක යන්න ආවා.. අපි දැන් ඉන්න ගෙදර ඉදන් ටවුන් එකට යන්න ටිකක් දුරක් තිබ්බා.. අපි town එලක ගිහින් කෑම කඩේකට ගොඩ උනෙ රෑට කන්න දෙයක් ගන්න..

“මොකද්ද මුදලාලි අර කලබලේ…”

“අර සිංගා කියන පාතාලේ එකාගෙ මිනිස්සු ටික පොඩි ළමයි වගයක් හොයනවලු..”

“ඒ මොකටද.. අනික පොඩි ළමයි..”

“ඒවනම් දැන්නෙ නෑ… උඹත් ඕවගැන හොයන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්.. නැත්තන් උඹගෙත් අවසානේ තමා..”

මටයි ඩෙවෝන්ටයි ඇහුනෙ මුදලාලි,තව මනුස්සයෙකුයි කතා කර කර හිටපු දේවල්.. ඒක ඇහුව පාරනම් ඇගම සීතල උනා.. උන්ට මාට්ටු උනොත් අපේ ප්ලෑන්ස් ඔක්කොම අවුල් යනවා…

මායි ඩෙවෝනුයි තත්පරයක්වත් නොඉද කෑම ටිකත් අරගෙන පැනගත්ත.. කෙලින්ම ආයි නැවතුනේ අපි අලුතෙන් හොයාගත්ත ගේ ළග..

“මෙච්චර ඉක්මනට ආවේ කොහොමද යකෝ උඹලා.. ජෙට් එකකද ආවේ..”

චනුකයා ඇසුත් පොල්ගෙඩි සයිස් කරගෙන අහනවා..

“තව පොඩ්ඩක් මිස් උනානම් අපිට එන්න නෙවෙයි වෙන්නේ… අවසන් ගමන් යන්න..”

ඩෙවෝන්ට දාඩියත් දාලා… ඌ දාඩිය පිහිද පිහිද කියෝනවා..

“ඇ.. ඇයි මොකෝ උනේ..”

“අන්න අරහේ town එක අනිත් පැත්ත පෙල්ල පෙල්ල සිංගගෙ එවුවෝ අපිව හොයනවා..”

“සිරාවටම.. දැන් තත්ත්වෙ එන්න එන්නම දරුනුයි වගේ නේද…”

“ම්ම්ම්ම්… ඔව් බුවනෙක.. අපිට ගෙයින් එලියටවත් බහින්න වෙන එකක් නෑ.. ඒත් ගේ අස්සටම වෙලා ඉන්නත් බෑනේ.. ඒක නිසා අපි වෙස් වලාගෙන තමයි යන දිහාවක යන්න ඕනි.. අනිත් එක්ක අපි ඔක්කොමලා එකටම ගමන් යන්න බෑ ආයිත්.. එහෙම උනොත් අපි වෙස් වලාගෙන හිටියත් අපිට උන්ව අදුනගන්න පුලුවන් වෙයි..”

“උඹගෙ කතාව ඇත්ත දේව්.. අපි එහෙනම් දැන්ම වෙස් අලාගන්න අවශ්‍ය ඒවා හොයාගමු… මොකද හෙට අපි යන්න ඉන්න ගමන යන්න ඕනි.. මේ දේවල් නිසා නොගිහින් ඉන්න එක අපිට අවාසිනේ..”

“ඔව් සලිත… තම තමන්ට අවශ්‍ය ඒවා හොයාගෙන වෙස් වලාගන්න..”

“අනේ බං.. ඔක්කොටම කලින් කාලා ඉමුද… කන්නෙ නැතුවනම් මුකුත්ම කරන්න බෑ ඕන්.. මං නම් හෙලවෙන්නෙවත් නෑ… ”

මෙච්චර ප්‍රශ්න වෙලත් චනුකයට ඉතිං කෑම… ලෝකෙ පෙරලෙනවා කිවත් කාලා මිසක් දුවන එකක් නම් නෑ ඌ…

“හරි හරි.. කාලා වැඩ පටන් ගමුකෝ එහෙනම්.. වරෙන් කන්න කට්ටියම..”

ගෙනාපු කොත්තුවත් කන ගමන් හැමෝම කතා උනේ වෙස්වලාගන්න විදිහක් ගැන.. කොහොමත් වෙස් වලාගන්න අපි ලග ඉතිං බඩුත් නෑනේ… ඒක නිසා ලග තියෙන ආම්පන්න හොයාගෙන තමා ගේමක් ගහන්න වෙන්නේ…

කාලා ඉවර උනගමන් හැමෝම වෙස් වලාගන්න එක එක දේවල් හොයන්න පටන් ගත්තා..

මං පුටුවක ඉදගෙන කල්පනා කලේ වෙස් වලාගන්න විදිහක් ගැන… එතකොට මට මතක් උනේ මං වෙස් වලාගෙන කෙල්ලව බලන්න ගිය දවස…

හිතට කිවුවේ ආයිත් කෙල්ලව බලන්න යන්න කියලමයි… ඒත් මේ කරදර අස්සෙ කොහොම යන්නද…

හිත මොකද්දෝ ලොකු දුකකින් පිරිලා යද්දි මං එලියට ගිහින් ඉදගෙන අහස දිහා බලන් හිටියා… ලොකූ පාලුවක් හිත වෙලීගෙන යද්දි මං phone එක අතට ගත්තෙ තෙනූට කෝල් කරන්න…

ඒත් එකපාරටම ඇහුන සද්දයක් නිසා මං දිවුවේ ගේ ඇතුළට…

“ඇයි මොකෝ උනේ?”

මං එහෙම අහගෙනම ගෙට දිවුවා…

❤️❤️❤️❤

මොකද්ද වෙන්නැත්තේ… කෝ කට්ටිය ගෙස් කරන්න බලන්න…

අනේ කට්ටියට මගේ කතාව හරිගිහින් නැතුව මන්දා rates,comment නැත්තේ… අනේ කියෝන හැමෝම අහක බලාගෙන් යන්නෙ නැතුව rate කරගෙන් යන්නකෝ.. plz..

අපිත් කතාව ලියන්නෙ වැඩ ගොඩක් මැද්දෙ හිරවෙලා.. එහෙම් එකේ ඔයාලාගෙන්වත් සප් එකක් නැති උනහම් මටත් අවුල්…

Comment කරන, rate කරන හැමෝටම ගොඩාරියක් ස්තූති.. අනිත් අයටත් ස්තූති…

බුදු සරණයි…

මං,
✴Nawa️✴️

10 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 29 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Chathu indeewaree

    මටනම් කතාව ගොඩාක් ලස්සනයි කෙල්ලේ. මට හැමදාම කමෙන්ට් කරන්න එන වෙන්නේ නැති එකට සොරි. ඒත් මම අනිවාර්‍යෙන් රේට් කරනවා. පුළුවන් හැම වෙලාවකම ඇවිත් කමෙන්ට් කරන්නෙත් මටත් දාහක් වැඩ තියෙන අතරේ තමයි. ඒ නිසා සමහර දවස් වලට කමෙන්ට් කළේ නැතුවට තරහා වෙන්න එපා. හෙටින් පස්සේ දිගගගගගගගගග එපිසොඩ් දෙනවා කියලා ඔයා මට පොරොන්දු වුණා. ඒ නිසා ඒ පොරොන්දුව ඒ විදියටම රකින්න ඕන හරිද? ඔයාගෙ කතා වලට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි මැණික. සතුටින් පරිස්සමින් වැඩ කරන්න..පුළුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් කතා ලියන්න. අපි හැමදාමත් කතා අහුර ඇප් එක සහ ඇප් එකට කතා දාන හැමෝමත් එක්ක ඉන්නවා. බුදු සරණයි!

    1
  2. කතාව ගොඩාරියක් ලස්සනයි .
    හැමදාම කතාව කියවනවා .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ?????????

  3. අනේ අනේ අනේ….. දිග කතාවක් දාන්නකෝ….බෝනස් විදිහටවත්….. පට්ට කතාව නං.සුපිරි…කියලා වැඩක් නෑ….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා……

    1. Mmmm… addmine aiyat kiyl blalannm.. bones den ek mtnm awlk na.. mth kmathi denn.. mage kathawe episode podi nisa oyalatath epawenawa athine..

  4. Ranmali subasinghe

    පුළුවන් හැම වෙලාවකම කමෙන්ට් කරනවා කෙල්ලේ… මම නම් හැමදාම වගේ කමෙන්ට් කරා… රේට් කරත් එක්ක හැමදාම… ඒකත් බෙස්ට් රේට්… මමනම් හැමෝගෙම කතා වලට දාන්නෙම බෙස්ට් රේට්.. මොකද කතා ලියන හැමෝටම වටිනා එකම දේ අපි දෙන කමෙන්ට් එකයි රේට් එකයි.. ඒකයි හොද උනත් නරක උනත් රේට් එක බෙස්ට් එකෙන්ම ලෝබ නැතුව දෙන්නේ… ????

    කතාව හුගක්ම හුගාක් ලස්සනයි… හැමදාම කියවනවා… හැමදාම දිගගගගගග කොටස් දාන්න චූටියෝ.. ?????

    ඇහුන සද්දේ නම් මට ගෙස් කරන්න අමරුයි.. හෙටම බලමුකෝ මොකක්ද කියලා… ????

    සුභ පතනවා මම ඔයාට.. ALL THE BEST!!! ?????????????????????????????????

  5. Nirosha Lakmali

    හරිම ලස්සනයි කතාව. තව ටිකක් දිගට දාන්න. නැත්තම් හිතලා හිතලාම පිස්සු හැදෙයි වෙන්නෙ මොනාද කියලා. හදවතින්ම සුබ පතනවා ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. Good Luck…..

  6. Hashini Navanjana.

    Godak lassanai kathawa. Asawen kiyawanne. Epa wenne nam na. Thwa tikak digaaaaaata oni. ????? math hamadama rate krnwa, comment kranna bri unath.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.