Katha Ahura

කාල වනය | තුන්වන දිගහැරුම | හොල්මන් කතා

4/5 - (6 votes)

?කාල වනය!?
3 කොටස

“නෑ එහෙම තාමා”
කැලය තුලින් හඩ ඇසිනි.ඒ සමගම කැලය තුලින් මතුවූයේ පුරුශයෙකි.ඔහු අඩි හයක් පමණ උසැති විය.කලු පැහැ ඇදුමකින් ඔහු සැරසී සිටියේය.මුහුණ ඉතා පැහැපත් විය.

“අම්බෝ බං මෙයාගේ ලස්සන පිස්සු හැදෙනවා !,වාව් ඇග එහෙම ,ආසාවෙ බෑ”නදීකා මල්මි හට කොදුරන්නට විය.

“පිස්සුද නදීකා,මූ මොකෙක්ද කියලා වත් දන්නෑ දැක්ක ගමන් කියවනවා”මල්මි ඊර්ෂ්‍යාවකින් මත්වී සෙමින් පැවසුවාය .

“ආ අපේ ලහියා මේ ඉන්නෙ ,අපේ ගයිඩා බ්‍රෝ”කැලය තුලින් පැමිනි පුද්ගලයාගේ කරට අත දාමින් පැවසුවේ චාමරය.

මෙතෙක් අමුත්තෙකු වූ ලහිරු මද සිනාවක් පාමින් සියලු දෙනා පිලිගත්තේය .ඒ සිනාවෙන් නදීකා නාරී හැගුම් වලින් මත්වීය.

“කට්ටියම කැලේ ඇතුලට යං එහෙනම්”
මෙතෙක් වෙලා නිශ්ශබ්දවම සිටි ලහිරු පැවසීය.

” පොඩ්ඩක් හිටපන් බං ලහිරු බුදු මැදුරට වැදලා එන්න ”

“චාමර හරි වැදලා වරෙන් ”

“ලහිරු උබත් වරෙන් ”

“බෑ බං උබ වැදහන්”

“හරි බ්‍රෝ කැමැත්තක්”

##################################################################

ලහිරු හැර සියලු දෙනා බුදු මැදුරට පිවිස බුද්ධ වන්දනාව සිදු කලේය.අනතුරුව බුදු මැදුරින් සියලු දෙනා පිටතට පැමිනියෝය.

####################################################################

“ආ දැන් යමු ,කට්ටියම බෑග්ටික අරන් ,කන දේවලුත් අරන් මගේ පිටිපස්සෙන් එන්න “ලහිරු එසේ පවසමින් ,චාමර ඇතුලු පිරිසත් සමගම වනය තුලටම පිවිසීමට ආරම්භ කලේය .

බුදු මැදුරට අඩි විස්සක් පමණ පිටුපසින් දිරා ගිය කොට කැබැල්ලක එල්ලා තිබුනේ කුඩා බෝඩ් කැබැල්ලකි.”කාල වනය ” යැයි රතු පාටින් සදහන් කොට ඇත.වනයට ඇතුලු වීමට තිබුනේ කුඩා පටු ලී පාලමක් ආධාරයෙනි.එය යටින් කුඩා දිය පහරක් ගලා යයි.ආරම්භයේම එක පෙලට කලකට පෙර සිටවා ඇති මහා තේක්ක වනස්පතීන් ය .ගමන් කිරීමට ඇත්තේ පටු අඩි පාරකි .අඩි පාර දෙපසම මහා මූකලානය.මෙම වනය තුලට හිරු එලිය වැටෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි .එබැවින් වනය කාල වර්ණ විය. මෙය ඉතා නිස්කලංක පරිසරයකි.

“මෙහෙට වැඩිය කෑම්ප් ගහන්න එන්නෙ නෑ නේද ලහිරු “මෙතෙක් තිබූ නිශ්ශබ්දතාවය බිදහලමින් කතා කරන්නට වූයේ සමීරය.

“මේ දවස්වල අඩුයි සමීර,වෙසක් ෆෙස්ටිවලුත් ලබන සතියෙනෙ ඒක නිසා බං ”

“අයියා කොහෙද “ලැජ්ජාවෙන් ඇබරෙමින් නදීකා අසන්නට විය.

“නංගිගේ නම මොකක්ද ,මං නම් බදුල්ලේම තමා ඉන්නේ,නංගි කොහෙද ඉන්නෙ”

“මම ඉන්නේ පනාගොඩ ,මම නදීකා සිත්තරාවී ”

“ලස්සන නමක් නේ”

##################################################################

ඔවුන් පටු පාර දිගෙහිම ඉදිරියටම ඇදෙන්නට විය.උදෑසන 8ට පමණ ඔවුන් ගමනාන්තයට ලගාවුනි.ඔවුන් පැමිනි ස්ථානය ඉතා මනරංජනීයය.ඒ දොල පාරක් අසලයි .එම ස්ථනයට හොදින් හිරු එලිය වැටී තිබිනි.දොල ඉවුරු වල කදුරු ගස් කදුරු ගෙඩිවලින් පිරී ඇත .

“අඩෝ සමියා චාමරයා අපිව සුප්පා තැනකට නේ ගෙනල්ලා තියෙන්නේ ”

“ඔව් ,කස්සො සුප්පා තැනක් ,පට්ටම ප්ලේස් එකක්”

“හැබැයි එකක් අඩුයි බං සමියො”

“මොකක්ද බ්‍රෝ ඒ”

“ඇයි සමියෝ,ලස්සන කෙල්ලෙක් එහෙම ”

“ආහ් අහ් කස්සෝ,අත් වලට නිවාඩු ඕනිවෙලා වගේ හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා”
මෙතෙක් වෙලා නිහඩව සිටි චාමර හඩ අවදිකලේ සතුටිනි.

“කෙල්ලෝ අපිට තමා මෙවුන් ටිකට බත් තම්බන්න වෙන්නේ”

“උබ කිව්වා හරි හර්ශානි ,අපි තමා කුස්සි අම්මලා”

“හරියට කිව්වා මල්මී උබ”

“අනේ නිකන් පලයං යන්න ගස් ගෝත කසුනා”

“චාමර වැඩ නම් තියෙනවා කරමුද” ලහිරු පැවසීය .

“ඕකේ ලහියෝ කරමු”

***********************************************************************************************

ලහිරු දැල්වීමට ගිනි මැලය සකස් කිරීමට ආරම්භ කලේය .චාමර සහ සමීර ඒ අවට තිබූ දර කැබලි එකතු කරන්නට විය.නදීකා හා මල්මී කතාවක පැටලීය.පසිදු හා කසුන් දොල ඉවුරු වල වාඩී වී ගමන් මහන්සිය නිවා ගන්නට විය ..ගවීශාත් හර්ශානිත් දොල ඉවුරු වල වැටී තිබූ කදුරු මල් අහුලා දොල පාරෙහි පාකර හරින්නට විය . දර අහුලමින් සිටි චාමර දුටුවේ එගොඩ ඉවුරේ ඇති පැරණි සොහොන් කොතකි.

“අඩෝ සමියා බලපන් අර එහා ඉවුරේ සොහොනක්”

“සිරාවටම චාමරයෝ ,කාගෙද බං මේ පට්ට කැලේ තියෙන සොහොන ”

“ආ ඒක ගොඩක් කල් ඉදන් තියෙන්නේ ,හිතන්න එපා බං”එකවර හඩ අවදිකලේ ලහිරුය.

“ඔව් බං චාමර අනික් උන්ට ඇහුනොත් මැරෙන්න හදයි ,කට පු# වහන් ඉමු”

“සිරාවටම සමියෝ”

“චාමර අඩෝ අපි ගිහින් බලමුද”

“සේප් එකේ කිට්ටු කරලා බලමු සමියෝ”

***********************************************************************************************

චාමර හා සමීර සුළු මොහොතකට පසු කිසි වෙකුට නොපෙනෙන සේ දොල පාරෙන් එගොඩවී ඉවුර මත තිබූ සොහොන කරා ලගා වීය.

“අඩෝ සමියෝ ,පොඩියට තිබ්බට මේක උගේ අම්මගේ දොලක් ,බලහන්කෝ ගැබුර”

“ඔව් ,බං ඒ උනත් ප්ලේස් එක නම් මරු”

“ඒක ඇත්ත සමියෝ,බලහන්කෝ සොහොනේ දිය සෙවල ගොඩ”

සැබවින්ම සොහොන් කොත දිය සෙවල වලින් වැසී ඇත.බිම සිට අඩි දෙක හමාරක් පමණ සොහොන් කොත උසැතිය.චාමර ඉකමනින් අසල තිබූ ගල් පතුරක් ගෙන දිය සෙවල සූරන්නට විය.

“ගගනි හසන්තිකා “යැයි ඉහලින්ම සදහන්ව තිබුනි.ජායාරූපයක් තිබුණත් එය පැහැදිලි නැත.ඊට පහලින් ධර්ම චක්‍රයක් සටහන් කොට තිබිනි.

“මේ පට්ට කැලේ මොන ගගනිද බං සමියෝ”

“මටත් හිතා ගන්න බෑ බං ,අපි යං බං ,දැන් දහයටත් ලග ඇති .බඩගිනි ”

“වරෙන් කෝ යන්න මල පෙරේත සමියා ,තෝ හැදියං මං වගේ ,ගස් ගෝතයා”

සමීර සහ චාමර දොල පාරින් එගොඩ වී නැවත ඔවුන්ගේ කදවුර ඇති ස්ථානයට පැමිණියෝය.කූඩාරම් පහක් දෙදෙනකුට එක බැගින් අටවා තිබිණි .ලහිරුගේ යැයි සිතිය හැකි පැරණි කූඩාරමක් ද පසෙක අටවා තිබිනි .මැද ගිනි මැලයක් දැල්වේ .

“උබලා දර හො‍යන්නද ගියේ නැත්තං , හැ##න්නද ගියේ ,අපි දර ගෙනත් පත්තු කලා “කසුන් පැවසුවේ කෝපයෙන් දැවෙමිනි.

චාමර හා සමීර එයට ප්‍රතිචාර නොදක්වා පසෙකට වී සිටියේ නිර්දෝශී මුව පොව්වන් දෙදෙනකු මෙනි.

කාලය ඊයක වේගයෙන් ගතවිනි .ඔවුන් සියල්ලෝම උදෑසන ආහාරයත් ගෙන ගිනි මැලය වටා වාඩිවී සිටියි .බොන්ගෝව වාදනය කරමින් නදීකා දේව වන්දනාවක් සහිත හින්දි ගීතයක් ගයන්නට විය.

“ඔන්න නදීකාගේන් බජන් එකක් ,දෙවියෝ සිහිකරමු !!”

“දේවා ශ්‍රී ගනේ විශා …
දේවා ශ්‍රී ගනේ විශා….

දීල් ලේ බඩී හේ ලීලෝ නාගර වදලෝ චෝ බොර හෝ උත්තාහ කරතා චා උත්තාරෝ චන්දී කරූරේ මරේ රේ සීතා ජූහේවා සීතා හේ බිලාරේ ජූවේ රාම් ලක වදනී වා………………”

අවට ගස් වැල් අබරවමින් තද සුලගක් එකවර හමා යන්නට විය.එහෙත් නදීකා ගායනය නොනවත්වා සිදු කලේය.

“ජය ගනේශ ජය ගනේශ දේවා
මාතා ජාකි පාර්වතී පිතා මහා දේවා…………..

දේවා ශ්‍රී ගනේවිශා ……….

ඒක දන්තාය විත් මහී..
වක්‍ර තුන්ඩාය දී මහී ….
තන්නෝ දන්තික් ප්‍රචෝධයාථ…”

“ඩෝං ……………………”
මුළු ප්‍රදේශම ආලෝකවත් කරමුන් දොල පාර මධ්‍යයට පතිත වූ අකුණකි.

“ඒ කස්සා වැස්ස නැතුව අකුණු ගහනවා දැක්කාමයි”

“නෑ බං මේ පට්ට දවල් බජන් කියන කෙනෙක් ඉන්නවද බං ,එහෙම අනික කැලෑවලත් කියන්න හොද නෑලු ,පසියෝ මං අද දෙයක් ඉගෙන ගත්තා ආයි එලදෙනකට බොංගෝ එක දෙන්නෑ කියලා හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා”

“අනේ පලයං කසුන් ගෝතයා” නදීකා කෝපයෙන් දිදුලමින් කීවාය.ඒත් සමගම කදුරු ගසක් අසලින් එලියට පැමිනියේ තරුණියකි.ඇයගේ කේශ කලාපය දෙපතුල් දක්වාම ඇත.ඇයගේ තොල් රෝස මල් පෙති බදුය.ඇය සිනාවක් පෑවාය.ඇයගේ කම්මුල් වල ගැසේ .ඇස් නිල් පැහැතිය.ඇය නිල් පැහැ චීත්ත ගවුමක් ඇද සිටියාය.ඇය කදුරු මල් පිරුනු කුඩා වට්ටියක් අත දරා සිටියි.

“මේ කවුද සමියෝ දැක්කහම මට නම් ඉන්න බෑ වගේ”

“ඔව් බං චාමරයෝ ,මූණ එහෙම ,අම්බෝ”
ඔවුන් දෙදෙනා හොර රහසේ මුමුනන්නට විය.

“මං හසනිකා ,අපේ ගෙවල් අර බුදු ගේ ලග තියෙන්නේ ,මං මේ පූජා කරන්න කදුරු මල් කඩන්න අවා”

“අප්පට සිරි හසනිකා නංගි ,බයවුනා අපි මාර විදිහට යකෙක් කියලා “කසුන් කියන්නට විය .

“මං දැන් යන්නම් ගෙදර යන්න ඕනි”

පවසා ඇය ගමන් තාලයකට අතුරු පාර දිගෙහි ඉදිරියට ගමන් කලාය.

“ලහිරු උබත් සින්දුවක් කියපන්කෝ”කසුන් ඇරයුම් කලේය.

“මරු කියන්නම් ,කට්ටියම වාඩි වියල්ලාකෝ,අර නංගි ටිකක් අමුතුයි නේ”

සියලු දෙනා ගිනි මැලය වටා වාඩිවී ,ලහිරු ගයන ගීය අසා සිටියෝය.හෝරා පහක් පමණ ගතවිනි.තවමත් ඔවුන් ගීත ගයයි.හිරු දෙවියන් බැස යාම ආරම්භ වී ඇත .මොහොතකට පසු සියල්ලෝම දොල පාරින් පිරිසිදු වී, ගිනි මැලය වටා නැවත අසුන් ගත්තෝය . සියලු දෙනා රාත්‍රී ආහාරය වශයෙන් බිස්කට් සහ කෝලිකුට්ටූ කෙසෙල් ආහාරයට ගත්තෝය .වේලාව රාත්‍රී 7ට පමණ විනි.කෑම ගෙන අවසානයේ ඔවුන් එක් රැස්වී මත් පැන් පානය ආරම්භ කලෝය.නදීකා හා ලහිරු එයට එක් නොවීය.

“නදීකෝ වරෙන් කෝ සකේ පොඩ්ඩක් ගහන්න”

“තෝ බීලා මැරියන් කස්සෝ ,මං යනවා නිදි යන්න.”පවසා නදීකා කූඩාරමක තුලට පිවිසීය.මොහොතක් යනතුරු තම මිතුරන්ගේ කෑගැසිල්ල නදීකාට ඇසුනත් හෝරා දෙකකට පමණ පසු නිදි දෙව්දුව ඇය වැලද ගත්තාය.

###################################################################

“චටාස්………..” වියලි අතු කැඩී යන ශබ්දයෙන් නදීකා අවදි විය.ඇය තම අත් ඔරලෝසුවෙන් දුටුවේ වේලාව පාන්දර එක බවයි.එක වරම ඇයට ඇසුනේ අඩි ශබ්දයකි .එය ඇසෙන්නේ කූඩාරමක වටාය.ඇය ටෝචය දල්වා කූඩාරම තුල පරීක්ශා කලාය.

ඇයත් සමග හර්ශානි නින්දට පත්වී ඇත.එකවරම එම ශබ්දයට නැතිවී ගොසිනි.ඇය ටෝචය දල්වාගෙන කූඩාරමින් එලියට ගියාය.වනයේ කිසිදු ශබ්දයක් නැත.ගිනි මැලය නිවීගොසිනි.අවට කිසිවෙකු නොමැත .ඇය එක වරම දුටුවේ ඇය හොදින් දන්නා කෙනෙකුය…………………………………………………………………..

4 කොටසින් හමුවෙමු

සියලු අයිතීන් කර්තෘ සතුය

?Kasun gayantha

බුදු සරණයි !

?කර්තෘ අයිතිය සුරකින්න ?

කතාවට ප්‍රතිචාර නම් අඩුයි.?කියවන දෙන්නා තුන්දෙනා හරි වෙනුවෙන් ලියාගෙන යනවා.????.අඩුපාඩු තියෙනවානම් ඒවා Comment කරන්න .

6 thoughts on “කාල වනය | තුන්වන දිගහැරුම | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    Wooooow. සුපර්බ් කතාව කෙල්ලේ. ළහිරු වෙන්න ඇති ආවේ නදීකා බලන්න. කදුරු මල් නෙළන්න ආව කෙල්ලගෙ සොහොන වෙන්න දොළ පාරට එහා පැත්තේ තිබුණේ… ගොඩාක් බය හිතෙන එපිසොඩ් දැන්ම නැද්ද දන්නෑ නේද??? ???????

  2. ara sohone gahala thiyana namai dan apu girl ge namai tikak ekavage neda?
    Nadeeka dakke lahiru vathda?
    Kathavanam superb dear issarahata thavath kathve kuthuhalaya vadivei kiyal hithanava?????
    Good luck ???

  3. Hashini Navanjana.

    Kathawa lassanai godak. Baya hithena episode lagadima thiyanawada.. ?????
    Mta nm hithennema lahiru manussayek newe kiylane. ?????Ane mnda ithin. Balamuko issarahata neda.. nadeeka dakinna aththe lahiru wennathi. Ara apu kella ge sohona thamai thiyenna aththe. Digatama liyanna. Hamadama comment krnna bri unath rate krnawa. Digatama kiyawanawa api.
    Best of luck dr.. ????????????
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.