Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 31 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-31 වන කොටස-

“දැන්ම ගිහින් අහපන්කො චනුකයෝ…”

“හරි මං අහනකන් උඹ වෙස් මාරු කරගන්න විදිහක් හොයාගනින්…අපි ඔක්කොමලා හරි…”

එහෙම කියලා චනුකයා phone එකත් අරන් එතනින් යන්න ගියා.. ඒ අතරේ මං කල්පනා කරේ වෙස් මාරුකරගන්න විදිහක් ගැන..

මගේ කොන්ඩේ බෙල්ල ලගට වෙනකන් වවලා තිබ්බේ… ඒවගේම රැවුලත් චුට්ටක් වවලා කට් එකක් ගාලා තිබ්බේ… මං කොන්ඩෙයි රවුලයි කපන්න තීරණය කලා.. මොනද මගේ යලුවොත් මේ mission එක වෙනුවෙන් ඒ දේවල් කලා.. ඉතිං මං කොහොමද නොකර ඉන්නේ…

“මං මිනූට cll කලා.. එහෙම කරදරයක් නැතුව අතිලු.. එහෙම් උනන්ම් ආරංචිවෙනවනේ බං… එයා බලලා cll කරයි.. දැන් අවුල් නොගෙන හිටහන්කෝ..”

“හ්ම්ම්ම්ම්… කරදරයක් නැත්තන් හොදයි… thnks මචං..”

එහෙම කියලා චනුකගෙ උරහිසට තට්ටුක් දාගෙනන මං ගියේ bathroom එකට.. දිගට තිබ්බ කොන්ඩෙ කොටවෙන්නම කපලා රැවුලත් එහෙම්මම කැපුවෙ මාව අදුනගන්න බැරිවෙන්න… ඉටපස්සෙ room එකට ගිහින් sunglasse දාලා cap එකකුත් දාලා මං ගියේ කණ්ණාඩිය ඉස්සරහට..

කණ්ණාඩියෙන් දැක්ක ප්‍රතිරූපේ මගේමද කියලා මටම අදහගන්න බැරිඋනා.. මොකද මං එච්චරටම වෙනස්.. මං එහෙම්මම සාලෙට ගියේ යලුවන්ගෙ ප්‍රතිචාර දැනගන්න හිතාගෙන..

“අඩේ… දේව්.. මේ උඹද.. යකූ.. තෝද කියලා හිතාගන්නත් බෑ..”

“ඩෙවෝනයගෙ කතාවනම් අත්ත බං.. උඹව අදුනගන්නත් බෑ.. කලින්ටත් වඩා handsomeද මන්දා… එකෙනුත් අපිට තමා කෙලවෙන්නේ…”

“ඒ ඇයි උඹට කෙලවෙන්නේ??”

“ඇයි යකූ මං උඹත් එක්ක යද්දි කෙල්ලො බලන්නෙ උඹනෙ දිහානේ එතකොට…”

“ඒක ඉතිං පින තමා බ්‍රෝ…”

මං ඇහැක් ඉගිමරන ගමන් කිවුවෙව් මිනුකට අතින් පහරකුත් ගහනගමන්..

“පල පල… උඹට කෙල්ලෙක් ඉන්නෙ.. ඒක නිසා වෙන කෙල්ලො දිහා බලන්න එපා.. අපි ඉන්නව එයාලව බලන්න..”

“අපෝ හරි හරි බං.. මට නම්.. උඹම තියාගනින්.. මට මගෙ කෙල්ක හොදයි..”

ඔහොම කතාවෙන් කතාව කට්ටියම ගියේ නිදාගන්න… මාත් ඇදට ගිහින් හාන්සි උනා ඒත් නින්දක්නම් අහලකවත් නෑ.. මට මතක් උනේ තෙනුෂිව..

“එකපාරම මොකද්ද කෙල්ලෙ උනේ.. ඔයාට කරදරයක්වත්ද මැණික… ඔයා ඇයි එක පාරම වෙනස් උනේ.. ඔයා මගෙ ඇත්ත දැනගත්තවද්ද.. මං ලංකාවට ආවා කියලා ඔයාට බොරු කලා කියලා මාට්ටුවත් උනාද.. ඒකද මේ??”

මගේ කන් දෙක ඇතුලේ දෝංකාර දෙන්න පටන්ගත්තෙ තෙනුෂි කියපු ඒවා… ඒයා ඔහොම කතා කරලම නෑ මට.. මට පිස්සු වගේ.. මේකට හේතුවක් දැනගන්නකන් මගෙ හිතටත් හරි නෑ… මිනුලි උදේටවත් විස්තරයක් දැනගෙන කිවුවොත් හොදයි.. එහෙම නොවුනොත් මං මේ හැමදේම අත ඇරලා ඕනි මගුලක් කියලා තෙනූව බලන්න යන්නවා… තවත්නම් ඉවසන්න බෑ… ගිහින් ඇත්ත කියනවා..

කොහොමත් මං බොරු කිවුවට කිවුවෙ හිතකින් නෙවෙයි.. වෙන කරන්න දෙයක් නැතිකමට.. කලින්ම ඇත්ත කිවුවනම් එකක්.. එයා මෝඩ කෙල්ලෙක් නෙවෙයිනෙ.. මං එහෙම කිවුවනම් සමහරවිට තේරුම් ගන්න තිබ්බ හැමදේම..

“දේව්… ඇයි බං ඇහැරලා..”

මං ගැස්සිලා ගියේ ඩෙවෝන්ගෙ කඩහඩට..

“අහ් නෑ බං.. නින්ද යන්නෙ නෑ… ඒකයි.. උඹ නිදාගනින්… මාත් දැන් නිදාගන්න හැදුවේ..”

“උඹ මටද බොරු කරන්නේ?? මං උඹ දිහා බලාගෙන ඉදලා බැරිම තැන කතා කලේ.. උඹ කල්පනා කරන්නේ තෙනූ ගැන නේද?”

“හ්ම්ම්ම්ම්.. ඔව් ඩෙවෝන්.. මට දරා ගන්න බෑ බං මේ කෙල්ලගෙ වෙනස.. එකපාරටම මොකද උනේ කියලා මට හිතාගන්න බෑ…”

“මචං උඹ කලබලවෙන්න එපා මං මේ කියනදේ අහලා.. මං මේ කියන්නෙ හිතුන දෙයක්…”

“ම්ම්ම්ම්ම් කියහන්කෝ මුලින්.”

“අර ආනන්ද කාරයා දැන් අපේ හැමදේම දන්නවා… උඹගේ කෙල්ල ගැනත් දන්නවා.. ඒකනම් හුගක් අනතුරුදායකයි මචං… අපි නොදන්නවා උනාට උඹත් මේකේ අයිති කාරයෙක් නිසා උඹෙන් පලිගන්න තෙනූව යොදාගන්නත් පුලුවන් වූට…”

“ඕකනම් මටත් හිතුනා.. ඒත් ඌ දන්නෙ නෑ මගෙ පවුලෙ අය ඉන්න තැන් එකක්වත්… ඒක නිසා මං හිතන්නෙ නෑ තෙනූට උගෙන් කරදරයක් වෙන්නැති කියලා..”

“ඔව් දේව්.. අවුල් නොගෙන හියපන්කො.. කෙල්ලට කරදරයක් නැතුව ඇති.. දැන් නිදාගනින්.. අපිට හෙට උදේට විස්තරයක් දැනගන්න පුලුවන්වෙයි…”

“ඔව් බං.. හෙට බලමුකො.. දැන් නිදාගමු..”

********************************************

උදේම මැවී මැවී පෙන්න ගත්තෙ මගෙ කෙල්ලගෙ සුදු මූණ..

“උඹට කරදරයක්නම් වෙන්න එපා.. උඹ මගෙ පණ…”

කේල්ලගෙ ලස්සන හිනා වෙන මූණ.. බෝල ඇස්… රෝසපට තොල් මගේ හිතේ ඇදෙන්න ගත්තෙ චිත්‍රයක් වගේ… උඹ මාව පිස්සෙක්ම කරලා මැණික.. නිකනුත් පෙන්නෙ උඹවමයි කෙල්ලේ… ඉක්මනින් උඹ ලගට එනවා.. ආයි නොයන්නම…

“හීන බැලුවා ඇති.. නැගිටලා ලෑස්ති වෙයන්… යන්නෙ නැද්ද අපි ප්ලෑන් කරපු ගමන…”

එහෙම කියනගමන් චනුකයා මට කොට්ටෙකින් දමලා ගැහුවා… මාත් ඉතින් පෙරලා ඌය කොට්ටෙන් දමලා ගැහුවා.. ෂොට් දෙකෙන් කොට්ටෙට බඩු…

මං ඉතිං නැගිටලා ගියෙ wash එකක් දාගන්න… නිල්පාට චෙක් චෙක් අත් දිග ෂර්ට් එකට කලු පාට කලිසම ඇදලා cap එකයි, sunglasse එකයි දාලා reddy උනේ අර ගමන යන්න..

“දේව් & ඩෙවෝන්.. උඹලා දෙන්නා එකට පලයන් බං.. අපිත් එක්ක නාවට කමක් නෑ…”

“ඒ මොකෝ?”

“උඹලා දෙන්නගෙන් එකෙක් එක්ක ගියොත් කෙල්ලො බලන්නෙ අපි දිහා නෙවෙයිනෙ… ඒකයි…”

“විකාර කතා නොකර මෙන්න මෙහේ වර මගෙන් මුකුත් නාහ…”

මං එහෙම කියලා මිනුරයවත් ඇදගෙන ආවේ එළියට… අනිත් එවුවොත් අපේ පස්සෙන්ම එලියට ආවා…

එතකොටම වගේ මට ඇහුනේ මගේ phone එක ring වෙන සද්දේ…

“හෙලෝ.. කවුද මේ??”

“අහ් පුතන්ඩියා… මාව අමතකවෙලා වගේ… කොහිමද සැප සනීප..”

“තෝ මොකටද මට කෝල් කරන්නේ…”

ආනන්දගේ කඩහට ඇහුනපාර මගේ ඇගෙ මාලු නටනවා වගේ ෆීලින් එකක් දැනුනේ…

“මට මෙච්චර උදව් කරපු කෙනාට කතා නොකර කොහොමද?”

“උඹ කතා කලේ මගේ සැප දුක අහන්නනම් දැන්මම phone එක තියපන්.. මට උඹ එක්ක කතා කරන්න කිසිම උවමනාවක් නෑ..”

“අහ්… දැන්නෙ මතක් උනේ… මට කියන්න තව කාරනයක් තියෙනව.. ඒක ඇහුවාම ඔයාගේ මූණ කේන්තියෙන් පුපුරන විදිය බලන්න ආසයී..”

“කියන මගුලක් ඉක්මනට කියනවද.. මට හුරතල් වෙන්න වෙලාවක් නෑ මනුස්සයෝ..”

“මට ඒක කියන්න ඕනි උඹගෙ ඔය මූණ දිහා බලාගෙන.. ඒක නිසා මං කියන තැනට 9 වෙද්දි එන්න..”

“උඹ මට තර්ජනය කරනවද?”

“අපෝ නෑ.. ඔයාට එන්නම වෙනවා… මොකද ඒක උඹට වැදගත් කාර්නාවක්..”

“මං නාවොත්..”

“එතකොට ඔයාට තමා අවාසි…”

“හරි මං එන්නම්..”

“හරියටම 9 වෙද්දි sandy hotel එකට එන්න.. මං ඇවිත් ඉන්නම්..”

“Ok…”

❤️❤️❤️

ආනන්ද එන්න හදන්නෙ මොකාටද… මං නං දන්නෙ නෑ ඕන්… දේව්ව අල්ල ගන්න හිතාගෙනද දන්නෙ නෑ…

කට්ටිය කියන්නකො බලන්න හිතෙන දේවල්… ඒ වගේම කතාව ගැනත් කියාගෙන යන්න…

මං,
✴️Nawa✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 31 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. තෙනූට කරදරයක් වෙන එකක් නෑ නේද .
    මට හිතෙන්නේ තෙනූ ගැන කියන්න වෙන්න ඇති .
    කතාව ගොඩාක් ලස්සනයි .
    හැමදාම කියවනවා .
    All the best.
    ???????

  2. Ranmali subasinghe

    තෙනූ ආනන්ද ලග වෙන්න ඇති… ඒකයි දේව්ට එන්න කියන්නේ…

    වෙනදා වගේ අදත් ලස්සනයි…??? අනේ දිගගගගගග කොටස් දාන්නකෝ… ප්ලීස් ????????

    ගුඩ් ලක්!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.