Katha Ahura

කාල වනය | අවසන් දිගහැරුම |හොල්මන් කතා

කතාව කොහොමද?

?කාල වනය?
අවසාන කොටස

සමීරගේ අතට අසුවූයේ අසල වැටී තිබූ පාර්සලයකි.ඒ නිලූකා විසින් ලබා දුන් කෑම පාර්සලයයි.එය ඔතා තිබුනේ බුදු සරණ පුවත්පතේ පිටුවකිනි.එහි බුදුන් වහන්සේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධී මූලයේදී මාර පරාජය සිදු කිරීම සිතුවමට නගා තිබිනි.එහි ” සම්බුදුන්ගේ ජය මංගල ගාථා” යනුවෙන් තේමාවක්ද සදහන් කොට තිබිණි.එයට පහලින් ජය මංගල ගාථා සදහන් කොට ඇත.

“අඩෝ චාමර මේ බලපන් බුද්ධ රූපේ මං ලග ……..”
සමීරට කියන්නට හැකි වූයේ එපමනකි.ඔහු තම මිතුරන් සිටි ස්ථනයට නෙත් යොමු කලේය.පුදුමයකි.ඔහුගේ මිතුරන් කිසිවෙකු නොමැත .

විනාඩියකට පමණ පෙර ඔහු අසල සිටි මිතුරු මිතුරියන් එක් ක්ශයකින් අතුරුදන් වී ඇත.සමීර මෙවර නෙත් හෙලුවේ නදීකාගේ හා හර්ශානිගේ මලසිරුරු වැටී තිබූ ස්ථානයටයි.ඔහු බලා පොරොත්තු වූ ලෙසට මල සිරුරු කිසිවක් එහි නොවීය.අමනුස්සයන් ද අතුරුදන්ව ඇත .ලහිරුත් පෙනෙන්නට නැත.මුළු කාල වනයම නිහඬ වී ඇත.එහෙත් චන්ද්‍රා ලෝකයෙන් වනයම ආලෝකමත් වී ගොසිනි .

සමීර නිහඩවම සිටින්නට විය.ඔහු එක වරම බෝධි වෘක්ශය වටා ගස් අතරින් සඳ එලියෙන් දිලිසෙන නෙත් යුගල් කිහිපයක් දුටු වේය.ඒව ඔහු වෙත ලගා වන්නට විය.මොහොතකට පසු ඔහු දුටුවේ තමා වටා සිටින අමනුෂ්‍ය කණ්ඩායමකි.

“එන්න එපා මං ලගට ,වල් බල්ලෝ ,තොපි පලයව් ,මං තොපිට කිසි වැරද්දක් කරලා නෑ,පලයං”සමීර බෝධිය මුලම සිට කුඩා දරුවෙකු මෙන් අඩන්නට කියන්නට විය.

“අනේ මට උදව් කරන්න කවූරුත් නැද්දා ,උදව් කරන්න !”
සමීර මොර දෙන්නට විය.

අමනුස්සයන් ඔහුගේ අතේ දුරට ඔහු වට කර පැමිණ ඇත.එක වරම ඔහුගේ නෙත ගැටුනේ කෑම පාර්සලය වෙතයි.ඔහු කෑම පාර්සලය ගලවා හලා එය ඔතා තිබූ කොලය අතට ගත්තේය .මේ මොහොතේදී අමනුස්සයෝ ඔහුගේ අසලටම පැමිණ ඇත.එහි වූ ගාථාව ඔහු ශබ්ද නගා කියෙව්වේ නිලූකා සිහියට නගාගෙනය.

“අනේ බුදු හාමුදුරුවනේ මාව ආරක්ශා කරන්න.

බාහුං සහස්ස මභිනිම්මිත සායුදං තං …….
ගිරි මේඛලං උදිත ගෝරස සේන මාරං ……..
ධානාදි ධම්ම විදිනා ජිතවා මුනින්දො …….
තං තේජසා බවතුතේ ජය මංගලානී……

බුදු රජානන්වහන්සේ ගිරිමේඛලා ඇතු පිට පැමිනි මාර දේව පුත්‍රයානෝ,හා මාර සේනා දානාදී පාරමී බලයෙන් පරදවා දිනූ සේක.
ඒතේජසින් මා ආරක්ශා වේවා.”

ඔහු ප්‍රථම ගාථාව කියවා අවසන් කල සැනින් තමා අවට සිටි අමනුස්සයන් අඩි දහයක් පමණ ඈත විසිවී ගියේ බුදුන් වහන්සේගේ ගුණ කද ප්‍රකට කරමිනි.ඔහු අඩමින්ම තවත් ගාථාවක් සජ්ජායනය ආරම්භ කලේය.

“නන්දෝප නන්ද බුජගං විභුදං මහිද්දිං ……
පුත්තේන ථේර භුජ ගේන දමා පයන්තෝ…
ඉද්දූප දේස විදිනා ජිතවා මුනින්දො ……
තං තේජසා බවතුතේ ජය මං ගලානී……..

නන්දෝප නන්ද මහා නා රජු සෘද්ධි මත් වූ ……
මන් බින්ද කල්හි මුගලන් රහතන් වහන්සේ සෘද්ධි උදාර බලයෙන් දිනුවෝ ……
මුනින්දො …
ඒ තේජසින් මා ආරක්ශා වේවා…”

මුළු කාලවනයම සඳ එලියෙන් ආලෝක මත්වී ඇත.ඔහු අනික් ගාථාවද ආරම්භ කරමින් ඔවුන් පැමිණි පටු පාර දිගෙහිම දීවීම ආරම්භ කලේය .

“නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං …..
ධාවග්ගි ජක්ක මසනීව සුධාරුනං තං……………….
මෙත්තම්බු සේක විදිනා ජිතවා මුනින්දෝ …………
තං තේජසා භවතුතේ ජය මංගලානී ……………

නාලා ගිරි මද ඇතුන් දිව ආ ගිගුම් දී …..
ලැව් ගින්න සේද අසිනි සැරයක් පරිද්දෙන් මෛත්‍රී දියත්ත ඉසිමින් දිනුවෝ මුනින්දො ඒ තේජසින් මා ආරක්ශා වේවා.”

ගාථාව අවසාන වෙත්ම ඔහු සිටියේ වනාන්තරයේ පිවිසුම අසලය.වනාන්තරයෙන් පිටව යාමට ඔහුට ඇත්තේ තවත් අඩි දහයක පමණ කෙටි දුරකි .ඔහු තවත් ගාථාවක් ආරම්භ සජ්ජායනා කරමින් යන්නට සැකසෙත්ම ඔහු ඉදිරියට පැන්නේ චාමරය.ඔහුගේ හිස තුවාල වී ඇත.ඔහුගේ ඇදුම් ලෙයින් තෙත්ව ඇත.

“සමීර උබ ඉක්මනටම පලයන් ඔය ලී පාලමෙන් එහාට ,උන් අනික් කට්ටියව අමු අමුවේ කෑවා පලයං,මං පැන්නා ”

“උබත් වරෙන් යන්න චාමර මාත් එක්ක යමු ,වරෙන්”

“උබ පලයන් ..!”

“වරෙන් කෝ චාමර…”

“අම්මට හු### පලයන් කැ#යෝ …..!”

“මං උබ නැතුව යන්නෑ!”

“සමාවෙයන් සමිර” පවසා චාමර එකවරම තම දකුණු අතින් සමීරගේ බඩට පහරක් ගැසුවේ සමීර විසිවී පාලමෙන් එගොඩට විසිවී යන සේය.

“ඉදා යතුර ගනින් වෑන් එකේ දැන් පලයන්”
චාමර වෑන් රියෙහි යතුර එගොඩට විසිකලේය. කිවහැකි වූයේ එපමනකි .එක වරම චාමර කැලය තුලට ඇදී ගියේ වේදනාත්මක හඩක් කාල වනයට මුදා හරිමිනි.

” ආහ්……………….හ්හ්හ්…………….ග්ග්ග්……ජ්ජ්………..ව්……….”

“නිවන් සුව චමීර,මාව බේරුවාට ගොඩාක් පින්”

ඒ දෙස බලා සිටි සමීර යතුර රැගෙන් වෑන් රථයට දිව ගොස් දොර හැර රියදුරු අසුනේ හිද ගත්තේය.ඔහු වෑන් රථය තුලත් ඔහු පිරිත් විකාශනය කලේය.ඔහු අඩමින් වෑන් රථය පන ගන්වාගෙන ඉදිරියටම දාවනය කිරීමට පටන් ගත්තේය .ඔහුගේ මුහුණ මලා නිකවී ගොසිනි.ඔහු දිගින් දිගටම තම නිවස කරා යන අටියෙන් වෑන් රථය පදවා යන්නට විණි.

###################################################################

හෝරා හයකට පමණ පසු සූර්ය දෙවියන් නැගෙනහිර අහසින් නැග එන්නට විය.චාමර නිදි මරමින් වාහනය පදවාගෙන පැමිනෙයි.උදෑසන නවයට පමණ ඔහු පනාගොඩ යුද හමුදා බෝධි රාජාරාමය පසුකර යන්නට විය.මාර්ගය දෙපසම වෙසක් උත්සවය සදහා පහන් කූඩු එල්ලා ඇත .නිදි මතෙහි සිටියාවූද ඔහුට තම මිතුරන් සමග ගතකල කාලය නැවත සිහිවන්නට විය.නිලූකාගේ ආහාර පාර්සලය නිසා ඔහුගේ දිවිය රැකුණු බව සිහිවන වාරයක් පාසා ඔහුගේ දෙනෙත් කදුලින් තෙත් විනි .

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

උදෑසන නවයයි හතලිස් පහට පමණ ඔහු නිවස කරා ලං විනි.නිවස ඉදිරියෙන් වෑන් රථය නැවැත්වූ ඔහු ගේට්ටුවට තට්ටු කරන්නට විනි.

“නිලූකා මං ආවා ..නිලුෂා …..”

“සමීර…ඔයාද…?”

“ඔව් නිලූකා මං අවා ”

“ඉන්න මං ගේට්ටුව අරින්නම්”

නිලූකා ගේට්ටුව විවර කලාය.විවර කල සැනින්ම ඔහු නිලූකාව සිප ගත්තේය .

“සමීර ඇයි අද ආවේ සතියක් ගියෙත් නෑනේ”

“දිග කතාවක් නිලූකා මං පස්සේ කියන්නම්”

“මට චූටි දෙයක් කියන්න තියෙනවා සමීර”නිලූකා ලැජ්ජාවෙන් කීවාය .

“කියන්න නිලූකා …”

“අපේ පවුලට තව එක්කෙනෙක් එකතු වෙනවා සමීර.”

“ඔයා අම්මා කෙනෙක් ……”
සමීරගේ මුහුණේ තිබූ වේදනාත්මක ඉරියව් නැතිව ගොස්,ඔහුට සිනා පහලවිය.ඔහු නිලූකා අසල පහත් වී නිලූකාගේ කුස සිප ගත්තාය.එක වරම නිවස තුලින් මතුවූයේ කාන්තාවකගේ චායාවකි .ඇය නිලූකා හා සමීර අසලට පැමින මුවට සිනාවක් නගා ගත්තාය.එහෙත් දෙදෙනා මැයව දුටුවේද නැත.පැමිනි කාන්තාව නිලූකාගේ කුසට අත තබා කුස තුලට ඇදී ගියාය…………………..

?සමාප්තයි?

සියලු අයිතීන් කර්තෘ සතුය!

? Kasun gayantha

බුදු සරණයි !

?කර්තෘ අයිතිය සුරකින්න ?

?පසුවදන?

ඔන්න මං කාල වනය කතාව ඉවර කලා.
? යාලුවනේ මං කතාවේ තැනක කෑම පාර්සලයක් ගැන කිව්වා. මේ දවස් වල ඒක හරි සුලබයි .බුදුන් වහන්සේගේ,ජේසුස් වහන්සේගේ ,දෙවියන්ගේ වගේ ආගමික ශාස්තෘන් වහන්සේලාගේ රුව සදහන් ආගමික පුවත් පත් වලින් ඒ ඒ පිටු අරන් කෑම අසුරනවා.

මං මේ කතාව කියවපු හැම යාලුවෙක් ගෙන්ම පොඩි ඉල්ලීමක් කරනවා.

බුදුන් වහන්සේගේ ,ජේසුස් වහන්සේගේ,මරිය මව්තුමීගේ ,අල්ලා දෙවියන්ගේ ,නබි නායක තුමන්ගේ,විවිධ හින්දු දෙවිවරුන් ගේ හෝ ,කී නෝකී සියලුම ආගමික ශාස්තෘන් වහන්සේලාගේ රුවසටහන්, ගාථා ,ධර්ම කරුනු,වන්දනා ,හෝ ආගමික සංකේත සහිත පුවත් පත් කොල ආදියෙන් කෑම නොඅසුරන ලෙසටත්,අගෞරවයක් සිදු වන ලෙසට බැහැර නොකරන්න.
?????????????????????????????????

මාත් එක්ක කතාව පුරාවටම රැදී හිටපු .comment කරපු,like කරපු හැමෝටම ස්තුති .like ,comment නොකරපු අයටත් බොහොම ස්තුති .තවත් කතාවකින් හමුවෙමු

4 thoughts on “කාල වනය | අවසන් දිගහැරුම |හොල්මන් කතා”

  1. Ranmali subasinghe

    කතාව හුගක්ම ලස්සනයි… ?? මම හැමදාම කියෙව්වා… තවත් ලස්සන කතාවක් අරන් ඉක්මනින්ම එන්න… ????????

    ගුඩ් ලක්!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.