Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 32 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

4.9/5 - (17 votes)

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-32 වන කොටස-

“කවුද බං කතා කලේ ආනන්ද කාරයද..”

“හ්ම්ම්ම්.. ඔව්.. ඒ වේ## ප### තමා..”

“මොනාද ඌ කියන්නේ..”

“මගෙ මූණ බලාගෙනම ඌට මොනද කියන්න ඕනිලු.. 9 වෙද්දි sandy hotel එකට ඇවිත් ඉන්නලු..”

“ඌ මොකාටද දන්නෙ නෑ එන්න හදන්නේ? අපිට ගේමක්වත් දෙන්නද දන්නෙ නෑ..”

“මටත් sure නෑ.. ඌ කලින්දවසෙ අපිව හෙවුවලු. දැන් කියනවා එන්නලු… මොන රෙද්දක්ද මන්දා..”

“ඒකනෙ බං… සිංගටත් අපි එක්ක වෙනම ඇරියස් එකක් තියෙනවද.. ඌනෙ අපිව හෙවුවෙ… ඒ දේට ආනන්දයා හවුල් නැතුවද දන්නෙ නෑ…”

“අනේ මන්දා… ගිහින්ම බලමුකො… අපි කෝකටත් redy වෙලා යමු.. හැමෝම ප්‍රිස්ටල් ටික ගන්න මතක් කරලා… ඒ වගේම ඔය වෙස් මාරු කරන් ඉන්න විදිහ මාරු කරගෙන එමු. නැත්තන් ඉතිං ආයි අපිට මේ විදිහට යන්න වෙන්නෙ නෑනේ…”

මං මගෙ cap එකයි,sunglasse දෙකයි ගලෝලා බෑග් එකට දාගත්තා… අනිත් එවුවොත් දාන් හිටපු කෑලි බෑලි ගලෝලා redy උනා..

ඉටපස්සෙ ඉතිං කට්ටිටම hotel එකට තමා යන්න ගත්තේ…

8.50 විතර වෙද්දි අපි හොටෙල් එකට ගියා… අපි යද්දිත් ආනන්ද කාරයා ඇවිල්ලා හිටියේ..

“ඉදගන්න..”

ආනන්ද කාරයා ඌට ඉස්සරහා තිබ්බ පුටුවට අතකුත් දික් කරලා පෙන්නන ගමන් කිවුවා..

මාත් ඉතිං කතාවක් නැතුවම ගිහින් ඉදගත්තා.. අනිත් අයත් මාව අනුකරණය කරලා ළග තිබ්බ පුටු ටිකෙන් ඉදගත්තා..

“මොනාද තමුන්ට කියන්න තියෙන්නේ??”

“ඇයි ඔච්චර හදිස්සි…. මොනාහරි බොනගමන් කතා කරමු…”

මගේ අත මිට මෙලවුනේ ඉබේමයි… ඒත් එක්කම මගේ ලග හිටපු චනුක පිටට තට්ටුවක් දානගමන් කිවුවේ සන්සුන් වෙන්න කියලා..

“මොනාද බොන්නේ?”

“බොන්න ඕනි නෑ මුකුත්.. කියන්න තියෙන දේ විතරක් කියන්න්.. හුරතල් වෙවී ඉන්න බෑ මෙතන..”

“අම්මෝ.. ඔහොම කේන්තිගන්න එපා පුතෝ.. තව ඉස්සරහට ඔයටික් ඕනි වෙයි.. ඒක නිසා තියාගන්න.. ”

මං අත මිට මොලෝලා හයියෙන් මේසෙට පහරක් ගැහුවේ ආපු ආවේගෙට..

“Please තමුන්ට කියන්න තියෙන දේ ඉක්මනට කියනවද?”

මං ඉන්නෙ හොද තත්ත්වෙක නෙවෙයි කියලා චනුකට තේරෙන්නැති.. ඒක නිසයි චනුක එයාගෙ හඩ අවදිකලේ..

“මං කැමති මේකට ඔය ළමයි අත නොදා ඉන්නවනම්.. මං කතා කරන්න ආවේ ඔයාලගෙ මහ ලොකු යාලුවා එක්ක… මෙතන ඉන්නවනම් තමුන්ලා කටපියාගෙන ඉන්න..”

“හරි මනුස්සයෝ.. මං ඇවිල්ලා ඉන්නේ.. තව ලතවෙන්නෙ නැතුව කියපන් ඉතිං… ”

ආපු ආවේගෙටම මගේ කටින් පිට උන වචන වැඩිහිටියෙකුටනම් කොහොමත් නොසුදුසුයි. ඒත් ඉතිං මේ වගේ පාහරයෙක්ට ඒ කතා කරනවා හොද වැඩී..

“හරි එහෙනම් මං කියන්නම්කෝ… කවුද ඔයාගෙ ආදරවන්ති.. ම්.. මට නම මතක නෑනේ.. කවුද මේ… අහ්.. තෙනුෂි…”

ඒ නම ඇහුනාමනම් මට උන් හිටි තැන මතන නැතිඋනා.. මට ඉබේම පුටුවෙනුත් නැගිට්ටුනේ අදහගන්න බැරුව..

“අයියෝ.. මොකෝ පුතා මේ නැගිටගෙන.. ඉදගන්න.. ඕක ඔච්චර පුදුමවෙන්න දෙයක් නෙවෙයිනේ…”

“තමුසෙ ඒ කෙල්ලට මොනවද කලේ… කියනවා මිනිහෝ..”

“මං මුකුත් කලේ නෑ… මුලින්ම මං මේ කියන ටික අහලා ඉන්නා..”

මට ආව කේන්තියට මං අර මිනිහ ලගට ගිහින් හොද දෙකක් අනින්නයි හැදුවේ.. ඒත් මගේ යාලුවෝ ටික මට යන්න නොදී මාව ඉන්දෝලා අල්ලගෙන හිටියා..

“ඒක නෙවෙයි.. කෙල්ලගෙ නම වගේම කෙල්ලත් මාරම ලස්සනයි ආ… කොහෙන්ද අප්පා හොයාගත්තේ.. ආසාවේ බෑ..”

“පාහරයා.. වහගනින් කට… ලැජ්ජ නැද්ද මිනිහෝ නකියෙක් වෙලා කෙල්ලො ගැන හිතන්නෙ… වනචරයා… උඹ මගේ කෙල්ලට එක අතක් හරි තියලා තිබ්බොත් බලාගමු.. අන්න එදාට මං උඹව මරණවා.. දැනගනින්..”

“හහ්.. හහ්.. හා.. උඹ මාව මරන්න… පුලුවන්නම් මරලා පෙන්නපන්කෝ..”

“මං උඹව…”

මං එහෙම කියගෙන යාලුවන්ගේ අත් ටික ගසලා දාලා ආනන්ද ළගට ගිහින් ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා..

“තෝ ආයි ඔය ඇස් දෙකෙන් මගෙ කෙල්ල දිහා බලලා තිබ්බොත් මං ඔය ඇස් උගුල්ලලා දානවා.. දැනගනින්..”

චටා…ස්..

මං එහෙම කියලා උගේ කම්බුලට පාරක් ගැහුවේ ඌ තව ටේබල් දෙක තුනක් පෙරලගෙන ඇදවැටෙද්දි..

“උඹ මට ගහලා වැඩ වරද්ද ගත්තා… අද උඹ ඉවරයි…”

ආනන්දයා එහෙම කියාගෙන නැගිටලා ආවේ මගෙ ඉස්සරහට..

“ප## බල්ලා.. තොට කොහෙන්ද එච්චර හයියක් මේ මට ගහන්… අහ්.. කියපන්…”

මගේ කොලර් එකෙන් අල්ලගෙන ඇද ඇද මේ මනුස්සයා කියෝනවා..
ඒත් එක්කම ඌ අත ඉස්සුවේ මට ගහන්න.. ඒත් මගෙ යාලුවෝ ටික ඇවිල්ලා ඌව වට කරගත්තේ මට ගහන්න නොදී..

ඒත් එක්කම ආනන්දයගෙ හෙංචයියෝ ටික ඇවිත් අපිව වට කරගත්තා.. අපිට පුලුන්වන්ද උන්ට second වෙන්නා.. බෑනේ… බෑනේ… අපිත් ඉතිං ගේම ඉල්ලගෙන ගියා…

මට ඉතිං ගේම තිබ්බේ ආනන්දයා එක්කනේ.. මං ඉතිං දෙවරක් නොහිතම ඌට පයින් එකක් දුන්නා.. ඒත් ඌ අතින් ගාඩ් කරපු නිසා හරි ගියේ නෑ ඒ ෂොට් එක… ඌටත් ඉතිං මට ගහන්න ලේසෙ උනේ නෑ.. ඒත් ඉතිං මූණට පාරවල් දෙක තුනක් වැදුනා..

උගෙත් මූණටයි බඩටයි හොද හොද පාරවල් ටිකක් වැදුනා කියලා මූණ දැක්කහම කියන්න පුලුවන්..

අන්තිම වටවට මං ඌර දුන්න පහරින් ඌ බිම ඇදගෙන වැටුනේ කෙසෙල් කදක් වැටෙනවා වගේ…

එහෙම්මම ඌගේ මූණට සමාන්තරව වෙන විදිහට මං නැමුනා..

“තෝ ආයි මගේ කෙල්ල ගැන බලලා තිබ්බොත් හරි,ඒ කෙල්ලට කරදරයක් කරලා තිබ්බොත් හරි මං මිට වඩා දරුනු වෙයි.. ඒක නිසා ඒ කෙල්ලට කරදරයක් කරන්න හිතන්නවත් එපා.. එහෙම කරලා අහු උනාට පස්සේ මං නරක මිනිහා කියන්න එපා.. ok…”

මං තර්ජනාත්මක හඩකින් අරමනුස්සයට එහෙම කියලා එතනින් නැගිටලා එන්න ආවා… මාව අනුකරණය කරලා අනිත් අයත් ආවා..

“දැන්නම් උඹට තෙනූවත් පරිස්සම් කරන්න වෙයි වගේ…”

“ඔව් චනුක… කෙල්ල තරහා උනෙත් අරූ හින්දා.. දැන් බලන්හිටියා හොදටම ඇති… ඉක්මනටම මේක ඉවර කරන්න ඕනි..”

“ඔව් බං… දැන් මොකද්ද අපි කරන්නේ?”

“මං තෙනූව මේට් වෙලා මේ හැමදේම විසදගන්න ඕනි බං මුලින්ම…”

“ඔව් මචං.. අපිත් එන්නම්.. යමන්..”

“ඊට කලින් ඔය තුවාල උන තැන් වලට බෙහෙත් දාගෙන යමන්ලා… ඔහොම යන්න බෑනේ..”

මං එහෙම කිවුවේ අපි සෙට් එකගෙම අත්,මූණු එහෙම් ලාවට තුවාල වෙලා තිබ්බ නිසා…

“ඔව් බං.. දැන් බෙහෙත් දාගෙනම ඒ ගමන්ම යමු තෙනූගෙ ගෙදර.. ඒ ප්‍රශ්නෙත් විසදගත්තාම උඹගෙ හිතටත් සැනසීමයි..”

“නැත්තන් ඔය මූණත් තහඩුව එල්ලන් ඉද්දි අපිට හිත නිදහස් කරගෙන වැඩක් කරගන්න බෑ…”

❤️❤️❤️

අනේ.. මගේ කතාව කියවන්නෙ චුට්ට දෙනයිද… මේ ඇප් එකේ කතා කියෝන ගොඩක් අය ඉන්නවනේ… ඒ අයගෙන් බාගයක්වත් rate කරන්නෙ නෑ.. කතාව කැතයිනම් කියන්න.. අඩු පාඩු තියනවනම් කියන්න…

ඒ වගේම කියෝන හැමෝම rate කරගෙන යන්නකෝ… නිකන්ම යන්න එපා… rate කරන එක අමාරු වැඩක් නෙවෙයිනෙ… plz.. මට දැනගන්න ඕනි කී දෙනෙක් මගේ කතාව කියෝනවද කියලා.. ඒක නිසා තරහා නැතුව comment එකක් දාගෙන, rate කරගෙන යන්න හොදේ..

බුදු සරණයි…

මං,
✴Nawa️✴️

1 thought on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 32 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Chathu indeewaree

    හම්මෝ ලස්සනයි කෙල්ලේ කතාව. මමනම් ගොඩාක් ආසාවෙන් කියවනවා..කියවලා කමෙන්ට් දාන්න බැරි වුණත් අනිවාර්‍යෙන්ම රේට් කරනවා වස්තු කිසිම කුහක කමක් නැතුවම.. මේ ඇප් එකෙ මම කියවන හැම කතාවකටම මම excellent දානවා මිසක් කවදාවත් ඊට පහළ රේට් එකක් දාලා නෑ කවදාවත්. මොකද ඒ කතා ලියන අයගේ හිතට සතුටක් දැනෙන්නේ අපේයහපත් ප්‍රතිචාර මත නිසා.
    ඉතින් ඇප් එකේ යාළුවෝ හැමෝගෙන්ම මම ආදරෙන් ඉල්ලනවා කතා වල අඩුපාඩු තිබුණත් නැතත් මේ අයගේ මහන්සිය ගැන හිතලාවත් ඒ අයගේ සතුට වෙනුවෙන් හොඳ කමෙන්ට් එකක් එක්ක excellent රේට් එක දීලා යන්න කියල…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.