Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 33 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

4.9/5 - (17 votes)

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-33 වන කොටස-

අපි සෙට් එක එතන ඉදන් කෙලින්ම ආවේ කහවත්තට… අද ඉරිදා නිසා කෙල්ලට නිවාඩු.. ඒක නිසා ගෙදර ඇත්තේ… ඒකයි මං කෙල්ලව හොයාගෙන ගෙදරට ආවේ…

සෙට් එකත් එක්කම ගේට් එක ළග නතර උනා.. මොකද ඉතිං ගේට් එක වහලානේ… මං බෙල් එක දෙසරයක් ගහද්දි ගේට් එක ඇරගෙන මතු උනේ ආන්ටි… ඒ කිවුවේ තෙනුෂිගෙ අම්මා..

“පුතා ඔයා මෙහේ… කවද්ද ලංකාවට ආවේ..”

ඒ කියන්නේ ආන්ටි දන්නෙ නැද්ද මං ආපු එක ගැන… තෙනූ දන්නෙත් නැද්ද දන්නෙ නෑ… අර මනුස්සයා මට බොරුවක්වත් කලාද..

“අයියෝ ආන්ටි… අපිව එලිය තියාගෙන කතා කරන්නේ.. ඇතුලට එක්ක ගිහින් සංග්‍රහ කරන ගමන් ආගිය තොරතුරු කතා කරන්න බැරියෑ..”

චනුකගේ හැකර කට ඉතිං ඇරියා ඕන්… ඌට ඉතිං තැනක් නොතැනක් නෑනේ.. ඕනි මගුලක් ඕනි කෙනෙක්ට කියල දාන සයිස් එකේ තමා ඌ ඉන්නේ…

මට හිතාගන්න බැරිවුනේ ඌ එක කිවුවේ මාව බේරගන්නද නැත්තන් තියෙන පෙරේතකමටද කියලා..

“අහ් එන්න එන්න පුතාලා… ඇවිත් වාඩිවෙන්නකෝ…”

“කෝ ආන්ටි තෙනුෂි?”

“ආම්..මේ… බෙහෙත් ගන්න කියලා ගියේ.. දැන් එනවත් ඇති පුතා…”

“ඒ මොකද ආන්ටි එකපාරම.. මොකද උනේ…”

“අනේ මන්දා දරුවෝ… ඊයේ ඉදන් හරියට කෑමක් නෑ.. ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා… මොනා උනාද මන්දා එකපාරටම…”

මට ඉබේම බැලුනේ අරුන් සෙට් එක දිහා… මට අර මනුස්සයා එක්ක ආවේ පුදුම කේන්තියක්… ඌ නිසානේ හැමදේම…

“පුතාලා ඔහොම ඉන්නකෝ.. මං බොන්න මොනාහරි හදාගෙන එන්නම්..”

“ඒ දේව්… උඹ අවුල් නොගෙන හිටපන්කො.. දැන් තෙනූ එයිනේ… මොකද උනේ බලමුකෝ..”

එතකොටම වගේ ඇහුනේ ත්‍රීවීල් එකක් නවත්තන සද්දයක්.. මං ඉක්මනින් ගිහින් ගේට් එක ඇරලා බලද්දි තේනූ,තාත්තත් එක්ක ඇවිත් ත්‍රීවීල් එකෙන් බැස්සා… අංකල් ඒ මනුස්සයට සල්ලි දෙන අතරෙ තෙනූ මගෙ දිහාවත් නොබලා මාවත් පාස් කරගෙන ගෙට ගියා..

මං ඉක්මනින් ගිහින් තෙනූගෙ අතකින් අල්ලගත්තේ එයාට යන්න නොදී… ඒත් මගෙ අත ගසලා දාලා එයා නං එක බැල්මක්වත් නොහෙලා එයාගෙ room එකට ගියා…

මං එවලෙයි දැක්කෙ අරුන් ටික අසරණ විදිහට මා දිහා බලාගෙන ඉන්නවා.. මට දැනුනේ කියාගන්න බැරි දුකක්.. මට දැනුනේ මගේ හදවතේ හෙන හත අටක් පිපුරුවා වගේ…

මං ඒත් එක්කම ගිහින් නැවතුනේ තෙනූගේ room එකේ… මං room එක ඇතුලට ඔලුව දාලා බැලුවෙ කෝ කෙල්ල කියලා.. මෙන්න ඇදට වෙලා කොට්ටෙකුත් බදාගෙන ඉන්නවා…

මේ කෙල්ල අඩනව වත්ද.. මං එහෙම හිත හිත ලගට ගියහම තමා ඇහුනෙ කෙල්ලගෙ ඉකි ගහන සද්දේ…

මං ඇදේ කොනින් වාඩිවෙලා කෙල්ලගෙ ඔලුව අත ගෑවේ මට මං ගැනම පසුතැවීමක් ඇතිවෙද්දි..

“මැණික… කෝ නැගිටින්නකෝ… ඔහොම තරහාවෙලා ඉන්න එපා..”

කෙල්ල ඇහෙන්නෙ නෑ වගේ ඒ විදිහටම ඉන්නවා.. මං කෙල්ලගෙ ඉනට අත් දෙක තියලා ඇදලා ගත්තා.. කෙල්ල ඇවිත් නතර උනේ මගෙ පපුවේ.. තව පොඩ්ඩක් මිස් උනානම් දෙන්නම් බිම..

ඒත් එක්කම කෙල්ල මගෙන් ඈත් උනේ කරට් එක වැදුනා වගේ… එහෙම්මම අදෙන් පැනලා යන්න හැදුවේ room එකෙන් එලියට… ඒත් එක්කම මාත් කෙල්ලව හයියෙන් ඇදලා ගත්තෙ මගෙ තුරුලට..

“කොහෙද යන්නෙ අහ්? මාව දාලා..”

“මං යන්නෙ මට ඕනි තැනට.. අත අරින්න මාව.. මට යන්න දෙන්න..”

මං තවත් හයියෙන් තෙනූව මගේ ඇගට තෙරප ගත්තෙ කෙල්ල යන්න දගලන නිසා..

“සොරි මැණික.. මං හැමදේම කියන්නම්.. කෝ දැන්වත් මට සමාව දෙන්න..”

“එපා.. මං හැමදේම දන්නවා.. ඔයා මට බොරු කලා… ඇ.. ඇයි මට ඇත්ත නොකිවුවේ… ඇයි…”

“හරි දැන් ඔයාට මාව ඕනි නැද්ද.. හැමදාටම තරහාවෙලා ඉන්නද ඕනිද.. කියන්න තෙනුෂි… කියන්න… මං සොරි කිවුවා ඔයාට.. හැමදේම කියන්නම් කියලත් කිවුවා.. ඔයාට අර මනුස්සයා මොනා කිවුවද කියන්න මං දන්නෙ නෑ… ඔයා මං ගැන කොහොම හිතන් ඉන්නවද කියන්නත් මං දන්නෙ නෑ.. ඔයාට මේ ප්‍රශ්නෙ විසදගන්න උවමනාවකුත් නෑ මට පේන විදිහට.. මුලින්ම මං කියන ටික අහලා ඉන්න…”

“ඔයා කියන්න හදන්නේ ඒ මනුස්සයා මට කිවුවේ බොරු කියලද?”

“නෑ.. මොකද ඒ මනුස්සයා මොනා කිවුවද කියන්න මං දන්නෙ නෑ… ඒ මනුස්සයා කියලා තියෙන්නෙ බොරුවක්නම්… ඔහොම හැම මනුස්සයවම විසශ්වාස කරන්න එපා.. මට මෙහෙම වෙන්නත් හේතුව අහක යන මනුස්සයෙක්ව විශ්වාස කරපු එක..”

මං ඒ ටික කියලා ඉවරවෙලා කෙල්ලව මගේ ලගින් ඈත් කලා..

“මං යනවා… ඔයාට විශ්වාස අර මනුස්සයවනෙ.. මං ඔයාට sorry කිවුවා… මං ආවේ මගෙන් වෙච්ච වරද හරිගස්සන්න.. ඒත් ඔයාට දැනගන්න ඕනි නෑනේ.. මං යනවා..”

මං ඒ ටික කිවුවේ කේන්තියෙන්.. මෙච්චර මං කියද්දිත් ගනක් නෑ… මං කියන දේවල් අහ්න්න බෑ.. ඒත් අර මනුස්සයා කිවුව ඒවා ඇහුවා.. ඉතිං මට කේන්ති නැද්ද.. මං එහෙම්මම එන්න ආවේ බිත්තියටත් පහරක් අතින් ගහන ගමන්..

“අනේ දේව්.. ඔහොම ඉන්න… ඔ.. ඔයාගේ අතත් තුවාල වෙලා..”

මගෙ room එකෙ දොරකඩ ලගට යද්දි එක පාරටම තෙනූ ඇවිත් මගේ ඇතින් අල්ලගත්තා…

“අ.. අනේ… මේ ගොඩක් ලේ එනවා… ඇ.. ඇයි මෙහෙම කලේ…”

මං හැරිලා බලද්දි කෙල්ල ඇස් දෙකේ කදුලු පුරෝගෙන මගෙ අතට කටින් පිබිනවා…

මගේ හිතේ තිබ්බ කේන්තිය කොහෙන් අතුරුදහන් උනාද මන්දා.. ඒ ඇස් කදුලින් බොදවෙලා… මගේ අතට පිබ පිබම අඩනවා.. ඒත් එක්කම මගේ අතට වැටුනෙ කෙල්ලගෙ උනු කදුලක්.. මට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්… පව් දෙයිය්නේ… මගේ අත දැවිල්ලා ඇති කියලා පිබිනවා ඇති…

මං එහෙම්මම කෙල්ලව පපුවට තුරුලු කරගත්තේ මං ගැනම පසුතැවීමකින්… මොනදේ උනත් කෙල්ලට බැන්න එක වැරදි.. ඒ කෙල්ලට එක පාරටම අර මනුස්සයා කියපු ඒවා අදහා ගන්න බැරිව ෂොක් වෙන්නැති… මට උනොත් තෙනූ මේ වගේ බොරුවක් කරලා කියලා ආරංචි උනානම් මිටවඩා හපන් වෙන්න තිබ්බා..

“කෝ දැන් අඩන්න එපා රත්තරං… සොරි මැණික…”

කෙල්ල තවත් මට තුරුලු උනේ අත් දෙකෙන් කෙල්ලගෙ ඇගට මාව හයියෙන් තෙරපගන්න ගමන්…

“අනේ.. ඔයාට ගොඩක් රිදෙනවද රත්තරං… අපි යමු ඕකට බෙහෙත් දන්නා…”

මගේ පපුව අස්සෙ ඔලුව හන්ගගෙනම කෙල්ල මගෙන් අහනවා…

“මේක එච්චර ලොකු තුවාලයක් මෙවෙයිනේ බබා… මට රිදෙන්නෙ නෑ… ඔයා තරහ උනොත්නම් මගේ අතට වඩා මෙන්න මෙතන රිදෙනවා…”

මං කෙල්ලට ඒක කිවුවේ අතින් පපුවට ඇගිල්ලකින් තට්ටුවක් දානගමන්…

“අනේ sorry මහත්තයෝ.. මං වැරදි තමා.. මං ඔයාට ගොඩක් රිද්දුවා නේද..”

“හපොයි.. මෙයා අඩන බබෙක් වෙලානේ… කෝ අනේ මගේ චන්ඩි කෙල්ලා…. කෝ කෝ.. දැන් හිනාවෙන්න… අර ලස්සන හිනාව ඕනි…”

එහෙම කිවුවාම ඉතිං මගෙ බබා මං ආස ලස්සනම හිනාව දැම්මා.. අම්මෝ… ඒ හිනාවට ඉතිං පිස්සු හැදිලා ආයිත් හැදෙනවා..

මං දෙවරක් තියා එක් වරක් නොහිතම මගෙ දෙතොල් ඒ දෙතොල් වලට ලං කරා…

“දේව්.. කෝ බං උඹ.. පැලවෙලාද..”

හපෝ.. ටින් බෙලෙක් කඩහඩකින් කෑ ගහ ගහ ඇවිත් room එකේ දොරකඩම නැතර උනා… වෙන කවුරුත් නෙවෙයි… ඒ චනුකයි,ඩෙවීනුයි…

ෂිට්.. මුනුත් ඉතිං පාත් වෙන්නේ ඔය වගේ වෙලාවකමයි… දෙන්න හිතයි හොම්මනයි කටයි බොම්බයි මොටයි වෙන්න.. ඇයි යකූ.. අවුරුදු කීයකට පස්සෙද මේ මොහොත උදා උනේ… ඒකත් මේ ගල්මූසලයෝ දෙන්නා කෑවා..

“ඔහ්.. අපි ආවේ වැරදි වෙලාවක නෙවෙයිනෙ නේද…”

මං දමාගෙන උන් දෙන්නට රැවුවා..ඔක්කොම කාබාසිනියා කරලා තවත් එනවා කියවන්නා..

“අහ් මේ… මං මේ මං පස්සේ ආපූ පණිවිඩේ කියන්නම්කෝ.. අරුන් මට කතා කරනවා… අපි යනෝ..”

මං රැවුව රැවිල්ලට ඌ බය උනාද කොහෙදෝ ආවටත් වඩා ඉක්මනට වාෂ්ප උනා…

“ඒ මොකද්ද චනුකට උනේ…”

“අහ් මේ ඌට පිස්සු…”

“කෝ යන් බෙහෙත් දාගන්න..”

එහෙම කියලා කෙල්ල මාව ඇද උඩින් ඉන්දෝලා firs aid box එකත් අරන් ඇවිත් පරිස්සමට බෙහෙත් දාන්න පටන් ගත්තා..

“අහ්…”

රිදුනෙ නැතත් රිදුනා වගේ පොඩ්ඩක් රගපෑවේ කෙල්ල මොනාද කරන්නෙ බලන්න..

“අනේ රත්තරං.. ඔයාට රිදුනද… sorry… ආයි රිද්දන්නෙ නෑ හරිද..”

එහෙම කිය කිය අතට පිබින ගමන් බෙහෙත් දානවා… උඹ මට මෙච්චර ආදරේද කෙල්ලේ… මෙච්චර ආදරයක් දෙන ඔයාට මං බොරු කලා නේද… සමාවෙන්න මැණික.. ආයි එහෙම වෙන්නෙ නෑ…

මං එහෙම්මම කෙල්ලව තුරුලට අරන් ඒ දෙතොල් වලට බර උනා… කෙල්ල බයවෙලා වගෙ මගෙ දිහා බලාගෙන…

කොච්චර වෙලා අපි දෙන්නා එහෙම හිටියද මන්දා අපි පියවි සිහියට ආවේ room එක ළගින් ඇහුන අඩි සද්දයක් නිසා… ඒත් එක්කම තෙනූ මගේන් විදුලි වේගෙන් ඈත් වෙලා මගේ අත අරගෙන බෙහෙත් දාන්න පටන් ගත්තා…

“කෙල්ලට හොදට රගපන්න පුලුවන්නේ..”

මං කට කොනින් හිනාවෙනගමන්ම කෙල්ලට කිවුවා.. කෙල්ල රවාගෙන මා දිහා බැලුවා..

එතකොටම වගේ…

❤️❤️❤️

හෙටම කියන්නම් නේද එතකොටම මොකද්ද උනේ කියලා… දන්න අය ගෙස් කරන්නකෝ…

කතාව කියෝන හැමෝම rate කරගෙන , comment කරගෙන යන්න.. අහක බලාගෙන යන්න එපා ඉතිම්..

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

5 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 33 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. දැන්නං කතාව ගොඩක් ලස්සන වෙයි වගේ….රේට් නොකලට කතාව කියවනවනෙ අනේ හැමෝම….දුක් වෙන්න එපා අනේ…all the best ummmmmmmmmaaaa

  2. Hashini Navanjana.

    Godak lassanai kathawa. Mn nm hamadama kiywanwa. Rate karanwa. Hamadama comment krnna bri unath. Mn best rate ma denawa. Me app eke kauru kathawak dammath mn best ma rate eka thama denne. ????????
    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.