Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 43 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-43 වන කොටස-

මං කල්පනා කලේ පැනලා යන්න විදිහක්… ඒත් කෙල්ල හොදින්ද කියලා දැනගන්නකන් මං කිසිම කලබලයක් ඇති නොකර ඉන්න තීරණය කලා..

එතකොටම වගේ අර කලුවා කියන මනුස්සයා එතනට ආවේ තෙනූවත් අරගෙන.. දෙවියනේ… කෙල්ලව දැක්කහම මගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තා…

***********************************************

කෙල්ල පරඩැල වගේ අර මනුස්සයගෙ අතකට තදවෙලා ඇදිලා එනවා.. කෙල්ලට පණත් නෑ වගේ… ඒ ඇස් මලානික වෙලා… මූණත් සුදුමැලි වෙලා…

මට යන්න ඕනි උනේ කෙල්ල ලගට… ඒත් කොහොම යන්නද.. මාව පුටුවකට තියලා ගැටගහලනේ…

මං බලාගෙන හිටියේ ඒ ඇස් දිහා… වෙනදට කතා කරන ඇස් අද කදුලුවලින් පිරිලා…

“අ..අනේ දේව්… මාව බේරගන්නකෝ… ම…මට බෑ මෙතන ඉන්න…”

කෙල්ල අර මනුස්සයගෙන් බේරෙන්න දගලනවා… ඒත් කෙල්ලට හෙල්ලෙන්න බෑ…

“ඔන්න කෙල්ලව ගෙනාවා… දැන් උඹ මගේ වැඩේ කරපන්… නොකොලොත් උඹට කරදර වෙයි…”

මං පුටුව පිටින්ම නැගිටලා පුටුවෙන්ම අරූට ගැහුවා…. ඉටපස්සෙ බිත්තියට පුටුවෙන් ගැහුවෙ පුටුව කඩාගන්න.. මගේ උත්සහය සාර්ථක උනා… හිතුව විදිහටම පුටුව කැඩුනා…

ඒත් එක්ක අරූ මගෙ ඉස්සරහට ආවේ ගහන්න බලාගෙන මං එහෙම්මම පයින් එකක් ගැහුවා.. ඒත් හරි ගියෙ නෑ ඌ ඒකෙන් බේරුනා… එතකොටම වගෙව් මං දැක්කේ මේසයක් උඩ තිබ්බ කිනිස්සක්..

මං ට්‍රයි කලේ අරුන්ට නොදැනෙන්න ඒක ගන්න… ඒත් එක පාරටම ඇහුනේ තෙනූ කෑ ගහනවා…

“අහ්… ම.. මට.. ව..තු.. ර… ටික…ක්… ඕනේ…”

කෙල්ල කැඩිච්ච වචන වලින් එහෙම කියද්දි මං වගේ අනිත් අයත් බැලුවෙ කෙල්ල දිහා.. ඒත් තෙනූ ඒ කලේ බොරුවක් කියලා අදුන ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ…

මං ඒ ලැබුන ප්‍රයෝජනයෙන් ඉක්මන් කරලා මේසෙ උඩ තිබ්බ කිණිස්ස අරන් ලණු ටික කපා ගත්තා….

Shap එකේ තාත්තා අතටත් පිය දීලා හැරෙද්දිම අරූ මාව අදලා අරන් විසික් කරලා දැම්මෙ බිත්තිය දිහාට.. මං විසික් වෙලා ගිහින් බිත්තියෙ වැදුනා.. මං ආයිත් නැගිටලා ගහන්න හදදි තව කට්ටියක් ඇවිත් මව වට කරගත්තා…

කොහොමෙන් කොහොම හරි මං උන් ඔක්කොටම ගැහුවා… මං ඊළගට ගියේ තෙනූ ළගට… ගිහින් අර කලුවට දෙකක් අනින්න හදදිම කවුදෝ මාව ඇදලා ගන්නවා වගේ දැනුනා.. බලද්දී අර ආනන්දයා..

“තෝ මෙතන වැඩිය සෙල්ලම් දාන්න හදන්න එපා… එහෙම උනොත් මෙන්න මේකෙන් උඹේ කෙල්ලගේ ඔලුකට්ට කුඩුවෙලා යයි…”

ප්‍රිස්ටල් එකක් පෙන්න පෙන්න මට එහෙම කියලා ඌ මං ලගට ඇවිත් අර පේපර්ස් ටික මේසේ උඩින් තිබ්බා…

“දැන්මම මේකට අත්සන් කරපන්… නැත්තන් කෙල්ල ගැන තියෙන බලාපොරොත්තු අත් ඇරගනින්…”

ඌ ඇගිල්ලකුත් මගෙ පැත්තට දික් කරන ගමන් කියෝගෙන ගියා… කෙල්ලගෙ ඔලුවට ප්‍රිස්ටල් එකත් තියලා… මං බැලුවේ තාත්තා දිහා…. තාත්තනම් කියන්නේ මට අත්සන් කරන්න එපා කියලමයි…

මේක අත්සන් නොකර කෙල්ලව බේරගන්න විදිහකුත් නෑ…. මං කල්පනා කලේ කරන්න දෙයක්… පෑන අත්සන් කරන්න තියෙන තැනම නතර කරගෙන මං කල්පනා කලා…

එතකොටම මට ඇහුනේ කවුදෝ කට්ටියකගේ අඩි සද්ද ටිකක්… හැමෝගෙම අවධානය යොමු උනේ ඒ දිහාවට.. මාත් බලන් හිටියේ කවුද කියලා.. එකපාරටම මතු උනේ මගේ යලුවෝ set එක… ඒ වගේම උදේ අර තාත්තා call කරලා ගෙන්න ගත්ත set එකෙන් ටිකදෙනෙකුත් එතන හිටියා..

අරුන් ටික ඔක්කොම මං ලගටයි තාත්තා ලගටයි ගිහින් හිටගත්තේ අපිට කරදරයක් කරන්න දෙන්නෙ නෑ කියලා කියන්න වගේ…

“උඹලත් තැන හොයාගෙන ආව නේද එහෙනම්… හරි.. උඹලා එකෙක් හරි අපේ වැඩේට හරස් උනොත් වන්දිගෙවන්න වෙන්නේ මේ කෙල්ලට…”

එහෙම කියලා අරූ කෙල්ලව අදල අරන් ප්‍රිස්ටල් එක ඔලුවට තියාගෙන අපේ ලගින් ඇවිත් හිටගත්තා…

“අනේ දේව්.. මාව බේරගන්නකෝ… අ.. අනේ…”

කෙල්ල අඩ අඩ එහෙම කියද්දි මගේ පපුව නිකන් පිච්චිලා ගියා වගේ…

මගේ අත ගියේ අර කොලටිකට අත්සන් කරන්න ඕනී තැනට.. මට මේවා,වැදගත් නෑ… ඊට වඩා කෙල්ලවයි මට වටින්නේ.. මං එහෙම හිතලා අත්සන් කරන්න හැඩුවේ.. එතකොටම මට ඇහුන කටහඩ නිසා මං හැරිලා බැලුවා..

“උඹ ඔය කෙල්ලව අතඇරියෙ නැතොත් මේ හැමදේටම වන්දි ගෙවන්න වෙන්නෙ උඹට… ඒක නිසා අත ඇරපන් ඔය කෙල්ලව… මේ දැන්ම…”

ඒ කටහඩ තාත්තගේ… තාත්තට මං කිණුස්ස දුන්නත් එයා අත් දෙකත් පිටිපස්සට තියාගෙන මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ ඒක කපාගන්න බැරිඋන නිසා කියලයි මං හිතුවේ… ඒත් එහෙම ඉදලා තියෙන්නේ බොරුවට..

අරූ කෙල්ලව අරන් ඇවිල්ලා හිටගත්තේ තාත්තට පිටුපාලා නිසා වැඩෙ ලේසි වුනා.. තාත්තා ඉනේ හංගන් හිටපු ප්‍රිස්ටල් එක අරන් අරූගෙ ඔලුවට තියලා අරම කියද්දී ඌ හොදටම බය උනා කියලා මූණෙන්ම දැක්කා… ඌ අතින් කෙල්ලව ලිහිල් උනේ ඒ නිසා වෙන්නැති…

මාත් ලද අවස්ථාවෙන් තෙනූව මගේ දිහාට ඇදලා ගත්තා… කෙල්ල එහෙම්මම ඇවිත් මාව බදාගත්තේ හොදටම අඩ අඩ…

“අනේ දේව්… අපි.. මෙතනින් යමු… මට බෑ තවත් මෙතන ඉන්න… අ..අනේ යමුකො…”

කෙල්ල මාවත් බදාගෙන අඩ අඩ කියෝනවා…

“මැණික.. මේ අහන්නකෝ… දැන් ඔයා ඉන්නේ මං ලගනේ… අඩන්නෙ නැතුව ඉන්නකෝ දැන්… හරිද… කෝ.. මං දිහා බලන්න…”

කදුලු වලින් බොද වෙච්ච ඇස් දෙකෙන් කෙල්ල මං දිහා බැලුවේ අසරණව… මං කෙල්ලගෙ ඔලුව අතගාලා ඒ නලල මත උණුහුම හාදුවක් තිබ්බේ ගොඩක් ආදරෙන්..

ඒත් එක්කම මට ඇහුනේ තාත්තා කෑගහන සද්දේ… මං හැරිලා බලද්දි තාත්තා බිම… අරු තාත්තට ගහලා… මට තාත්තා ළගටවත් යන්න උනේ නෑ… අරූ ආවේ මගෙ ඉස්සරහට…

මං තෙනූව මගෙ පිටිපස්සට කරලා තියාගත්තා… මගේ යාලුවෝ ටික තාත්තා ලගට ගියපු නිසා හිතට සැනසීමයි…

ඌ මං ලගට ඇවිත් ගහන්න හදපු පලවෙනි පාරම මං වලක්වලා ඒත් එක්කම ඌට ගහන්න ගත්තා… අපි දෙන්නගෙ වලිය අතරේ තවත් මැරයො ටිකක් එතන්ට ආවා… දැන් නම් කට්ටියම රන්ඩුවෙනවා…

මං කෙල්ල දිහ බලලා මගේ ලග තිබ්බ ප්‍රිස්ටල් එක දීලා කිවුවේ තාත්තා ලගට යන්න කියලා.. කෙල්ල පුදුමෙන් වගේ බලාගෙන හිටියේ මං දිහා.. කෙල්ල දන්නෙ නෑනේ මගෙ ඇත්ත තාත්ත එයා කියලා… මං පස්සෙ කියන්නම් කියලා කෙල්ලව එතන්ට යැවුවා…

ටිකකින් අර උදේ තාත්තා call කරලා එන්න කියපු set එකේ ඉතුරු කට්ටියත් එතන්ට ආව නිසා වැඩේ ලේසි උනා..

මාත් එක්ක ගේම ඉල්ලන්නෙම ආනන්ද නිසා අපි දෙන්නා අතරෙ තමයි ගේම් එක තිබ්බ… ඌත් එක්ක ගහගන්න ලේසි නෑ.. දෙන්නම නහයෙන් කටින් ලේ පෙරාගෙන…

එහෙමයි කියලා ගේම් එක අත අරින්නත් බෑනේ… කොහොමෙන් කොහොම හරි මං ඌට ගහලා බිම දැම්මා.. නැගිටගන්න බැරිවෙන්නම… අර අත්සන් කරන්න දුන්න පේපර්ස් ටිකත් අරන් ඉරල ඉරලා උගේ මූණටම විසික් කලා… ඌ ගිනි පිටවෙන් ඇස් වලින් මන් දිහා බලාගෙන හිටියේ ආයි එනවා,එතකොට බලාගමු කියන්න වගේ…

අපේ වැඩ ටික ඉවර නිසා අපි හැදුවෙ එතනින් යන්න… මගෙ යාලුවො සෙට් එකයි,අපෙර් උදව්වට ආපු සෙට් එකයි ගියාට පස්සේ තෙනුයි තාත්තයි යන්න හැදුවා.. මාත් ඒ පස්සෙන් ගියේ ආනන්ද දිහා බලල… ඒත් මං දැක්ක දෙයින් මගේ ඇග හිරිලා වැටිලා ගියා..

ඌට ටිකක් එහායින් තිබ්බ ප්‍රිස්ටල් එක ඌ අමාරුවෙන්ම අතට අරන් මූණෙ හිනාවකුත් දාගෙන දික් කලේ මගේ දිහාවට.. මං එහෙම්මම හිටගෙන හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව…

“ඩෝං… ඩෝං…”

ප්‍රිස්ටල් එකෙන් සද්දෙවැහෙනවත් එක්කම මං ඇස් පියාගත්තා… මං හිතුවෙම ඒ මගෙ අවසානේ කියලා…

ඒත් ටිකකින් මට ඇහුනා කවුරු හරි වේදනාවෙන් කෑගහන සද්දයක්… මං ඇස් ඇරලා බලද්දි මං හොදින්… මං බැලුවේ සද්දෙ ආව පැත්ත.. දෙවියනේ.. ඒක දැක්ක පාර මගෙ කකුල් දෙක පණ නැති උනා…

මං දුවලා ගියේ එතන්ට…

“තාත්තෙ…”

මගෙ ඇස් වලින් කදුලු බේරුනේ ඉබේටමයි… මෙහෙම දෙයක් උනේ කොහොනද්… ෂිට්… මං අර පාහරයව ඉතුරු කරන්නේ නෑ මරණවා ඕකව…

“පු..පුතා… ම..මට මගේ බිරිදයි,ළ..ම..යි ගාව…ට..යි.. යන්..න කාලේ හරි… ඔයාගෙ අ..ම්මයි… තාත්තයි එක්ක සතු..ටින් ඉන්න…”

තාත්තට කියන්න පුලුවන් උනේ එච්චරයො… මං අල්ලන් හිටිය ඒ අත මගේ කකුල උඩටම කඩා වැටුනා….

“තාත්තේ.. ඔයා කොහොමද මෙච්චර ඉක්මනට ගියේ… මට ඔයා එක්ක කොච්චර දේවල් කතා කරන්න තිබ්බද… ඔයා මට මගේ කතාවේ ඉතුරු ටිකත් නොකියම යන්න ගියා….”

එතකොටම මට මතක් උන දෙයක් නිසා මං හැරිලා බැලුවේ පිටිපස්ස..

අරූ හිනා වෙවී අපි දිහා බලාගෙන ඉන්නවා… මං කෙල්ලගෙ අතින් ප්‍රිස්ටල් එක උදුරුගෙන අරූට වෙඩි තිබ්බේ තවත් මුකුත්ම නොහිතා…

“පාහරයා… තෝ මගේ තාත්තා මැරුවා… උඹ කොහොමද මිනිහෝ යහතින් ඉන්නෙ… මං තෝව ඉතුරු කරන්නෙ නෑ.. උඹත් පලයන්…. සදහටම…”

මං එහෙම කියලා ප්‍රිස්ටල් එකේ උන්ඩ ටික ඉවර වෙනකන්ම ඌට වෙඩි තිබ්බා…

එතකොටම එතන්ට ආවෙ පොලිස්සියෙන්… එයාලාට එතන කරන්න තියෙන දේවල් කරන්න දීලා මං තෙනූ එක්ක පහලට ආවා..

❤️❤️❤️

හෙටින් මගේ කතාව ඉවරයි ළමායි…

අදයි හෙටයි විතරනේ… මං හිතනවා ඔයාලා හැමෝටම එක පොඩි වචනයක් කියාගෙන යන්න බැරි කමක් නැතුව ඇති කියලා…

ආයි මං කතා ලියන්නේ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා… ඔයාලගෙ හිතට එකගව ඇත්තම කියන්න… මගෙ කතාව හරි නැත්තම් ඒක කියන්න…

මොකද මගේ කතා කියවන්න අකමැතිනම් මං මහන්සියෙන් කතා ලියලා වැඩක් නෑනේ.. ඒකයි…

එහෙනම්… අවසාන කොටසින් හෙට හමුවෙමු….

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

14 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 43 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Hashini Navanjana.

    අනේ නෑ… කතාව ගොඩක් ලස්සනයී… ආසාවෙන් කියවන්නෙත්.. හෙට කතාව ඉවර කරන එකට නම් දුකයී ? ගොඩාක්.. ඒත් ඉවර කරන්නත් ඕනි නේ.. නේද.? තවත් ලස්සනම ලස්සන කතාවක් අරන් එන්න නංගෝ…
    Best of luck… ❤❤❤❤

  2. Chathu indeewaree

    අනේ ඇයි නංගෝ එහෙම කරන්නේ. ඔයාට කමෙන්ට් කළ රේට් කළ අය වෙනුවෙන් ඔයාට අයේ කතා ලියන්න බැරිද?හැමදාමත් අපි ඔයා එක්ක හිටියා. එහෙම හිටිය අපිට අසාධාරණයක් කරන්න ඔයාට පුළුවන්ද නංගෝ.

    ඔයාගේ කතාව ඇත්තටම ලස්සන නිසයි අපි ඔයා එක්ක හැමදාම හිටියේ. සමහර දවස් වලට කමෙන්ට් දාන්න බැරි වුණා අපිත් කාර්‍ය බහුල නිසා. ඒත් පුළුවන් හැම වෙලාවෙම ඔයාලා හැමෝගෙම කතා වලට කමෙන්ට් කරනවා මම. කමෙන්ට් දාන්න ටයිම් නැත්නම් කතාව කියවන්නෙත් නැතුව සමහර දවස් වලට මම රේට් excellent රේට් එක දානවා ඔයාලගේ මහන්සියට ගරු කරලා ඔයාලගෙ සතුට වෙනුවෙන්.

    මගෙ අම්මා නෑ නංගෝ. මම Teaching කරන්නේ. මගෙ අප්පච්චියි මල්ලියිනුත් තාම අසනීපයෙන්. ඉතින් ඒ සේරම දේවල් බැලන්ස් කරගෙන මම මෙහෙට ඇවිත් ඔයාලගෙ කතා කියවලා කමෙන්ට් රේට් කරන්නේ ඔයාලා කතා ලියන්නේ අපි වෙනුවෙන් නිසා.

    ඔයාලගේ මහන්සියට හරියන්න ඔයාලට අඩුගානේ හොඳ කමෙන්ට්ස්, රේට්ස් වැටුණේ නැති වුණාම දුකයි තමා. ඒත් මම ආදරෙන් ඉල්ලනවා මැණික ඔයාගෙන්, පුළුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් ලස්සන කතා ලියල ඇප් එකට දාන්න. මොකද ඔයාගේ කතා රසවිඳින්න ආස ගොඩාක් අය මේ ඇප් එකේ ඉන්නවා. අවසන් මොහොතෙත් පතන්නම් මැණික ඔයාට ලස්සනම ලස්සන අනාගතයක්… මම හැමදාමත් ඔයාට වගේම ඔයාගේ කතා වලටත් ගොඩාක් ආදරේ කරනවා…බුදු සරණයි!!!! නංගෝ…

  3. Vibushani madu

    Ane kathawa lassanai ai appa oya ohoma mini maranne ane pau nadda aa. Ane me kathawa iwara unata apita thawa aluth kathawak one hode love story ekak kalin wage

  4. Ayesh imalka

    ආදරෙයි කතාවට ගොඩාක්, මන් comment කරේ නැති උනාට හැම දාම කතාව කියවලා rate කරනවා, කතාව ගොඩාක් ලස්සනයි, අපි වෙනුවෙන් තවත් ලස්සනම ලස්සන අලුත් කතාවක් අරගෙන එන්න, good luck!!!❤️❤️❤️

  5. Ranmali subasinghe

    කතාව හුගක්ම හුගාක් ලස්සනයි? පැට්ටෝ… මම හැමදාම කියෙව්වා ???

    ඔයාගේ කතා හරිම ලස්සනයි… අපි අසාවෙන් කියවන්නේ… ???

    හුගක්ම දුකයි කතාව ඉවර වෙන එකට… ?????????

    අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ?????????

    ඉක්මනින්ම අලුතින් කතාවක් අරන් එන්න… ?????

    ආදරෙයි නන්ගෝ ??????????
    බුදුසරණයි !!”

  6. Kauda qwe ane kathawa hoda na kiyala??????? Kathawa patta nangoo eka handane api hemadama rate karanne anee..kathawa iwara wenawata dukai aneee…thawa lassana kathawak aran ikmanatama endooooooo….love story ekaknam ithin godaaaakma hodaaaaaaaaiiiiiii????

  7. Aneee nangiyooo mekthawa harima lassanai…athatama kiwanna kiwanna asai…oya style ekata mann asai…athatama meka lassanai….duk wenna epa..thawa thawa liyanna …good luck.
    -Ishi-

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.