Katha Ahura

??කන්‍යාවී?? | 7 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

??කන්‍යාවී??
7 වන කොටස

පැමිනි පුද්ගලයා නිවස තුලට ඇතුළු විය.නිවසෙහි දල්වා තිබූ විදුලි බුබුළුලෙහි ආලෝකයෙන් ඔහුගේ මුහුණත් ආලෝක වී තිබිණි .

ඔහුගේ මුහුණේ වම් පස සම්පූර්ණ වශයෙන් පිලිස්සී විකෘති වී ඇත . ඔහුගේ මුවඟේ කුරුරි බව සහිත සිනාවක් ගැබ්වී තිබිණි.

“අම්මේ ………….එන්නකො……….!. මං කාමරේ හිරවෙලා අනේ එන්නකෝ.! අහ් අහ් හ්හ්හ්”

ඇසුනේ රේණුකාගේ මහා විලාපයයි.

‌නිවසට ඇතුළු වූ අමුත්තාට නැගුනු විලාපයෙන් තෘප්තියක් ඇතිවිනි. එයින් තෘප්තිමත් වී ඔහු උඩු කය දරා සිටි කළු පැහැති ශර්ටය ගලවා දැමුවේය.ඔහු සෙමින් සෙමින් කොරිඩෝව දිගෙහි රේණුකාගේ කාමරය දෙසට ඇවිද යන්නට විනි.

“අම්මේ ඔයාද ,ඉක්මනටම එන්නකෝ………..,මට බයයි.”
රේණුකා පැවසුවේ සතුටිනි.

” ටකස් …….ටකස්……. ටකස්…….”

පැමිණි අමුත්තාගේ පාහඬින් මුළු නිවස තුලම මහා ශෝකාන්තයක හඬක් නිර්මානය විය.

පැමිණි අමුත්තා රේණුකා සිර වී සිටි කාමරයේ දොර ඉදිරි පසින් විත් සිට ගත්තේය.ඔහු වැසුණු දොර දෙස කෝපයෙන් දිදුලන්නාවූ නෙත් යොමු කලේය.පුදුමයකි එකවරම සිරවී තිබුණු දොර විවර ව්ණි.

” ක්‍රීස්……………..!”

“අම්මේ ඔයා ආවද ,අනේ අම්මේ”

“මං ඇතුලේ ඉඳිද්දි කාමරෙන් එක එක සද්ද ඇහෙනවා .අනේ අම්මේ…………..”

රේණුකා තමා වෙත පැමිණියේ තමාගේ අම්මා යැයි සිතා පැමිනි අමුත්තා ඇඳින් බැස බදා ගත්තාය.

“අම්මේ මේ දාඩිය මෙච්චර ඇයි .!ගොටුකොළ කඩන්න වත්ත පහලට ගියාද”

“මං ඔයා ලඟට ආවේ ,ඔයාගේ උණුහුම විඳින්න ආවේ”

‌රේණුකා බලා පොරොත්තු වූ කටහඬ නොනැගිනි.

‌”උබ කවුද ?, මේ මොකද මගේ කාමරේ උබ කරන්නේ ”

‌රේණුකා ආගන්තුකයාගෙන් දුරස් විනි.

ආගන්තුකයා තම මුව එකවර කුරිරු බව සැඟවූ සිනාවකින් සරසා ගත්තාය.ඔහු ඉදිරියට නෙත් යොමු කර සිටිද්දීම තම පාදයෙන් තල්ලු කොට කාමරයේ දොර වසා දැමුවේය .

“ඩෝංහ්………………………………………”

” මොකක්ද මේ උබ කරන්න හදන්නේ, උබ කවුද? ”

” එන්න මගේ ලඟට !”

” පලයං එහාට පර බල්ලා ,අම්මේ! අම්මේ!”

“ඇති තරම් කෑ ගහපන්! ,උබේ අම්මා මෙතන නෑ,මං ඒකිව මුලින්ම ගෙදරින් අයින් කලා හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හා” ”

රේණුකා පිටු පසින් පිටු පසට සෙමින් පිය මනින්නට විය.

“ආආහ්……..”

අවාසනාවකි! පුටු කකුලක තම පය පැටලී රේණුකා ඇඳ මධ්‍යයට ඇද වැටුනාය.

“හිටපන් ! මාත් එන්නම් ලඟට”

“අනේ පලයන්!……..”

රේණුකාගේ විලාප මධයයේම පැමිනි අමුත්තා රේණුකාගේ ඇඟ මතට පැනීය.

“පලයන් වල් බල්ලෝ ,අනේ බේරගන්න !”

“කෑගැහුවට වැඩක් නෑ බැල්ලියේ ”

පැමිනි අමුත්තා රේණුකාව ඉතා තද වනසේ අල්ලාගෙන සිටියේ දඬු අඬුවක් මෙනි.ඔහුගෙන් ගැලවීම සිහිනයක් පමණි.අමුත්තා සෙමින් සෙමින් රේණුකාගේ ගෙල වෙත නැබුරු විය .ඒ අතරම රේණුකා දුටුවේ අමුත්තාගේ සුදු පැහැවන් උල් දත් කිහිපයයි.

අමුත්තා රේණුකා වෙත නැබුරුව ඇගේ ගෙල සිදුරුවන සේ තම මුඛයේවූ උල් දත් ඇතුලු කරලීය.

“ආහ් ……….මගේ බෙල්ල”

“ම්ම්ම් රස…”

“කන්‍යා ලේ !”

අමුත්තා තොලකට ලෙව කෑවෑවේ තිරිසනෙකු මෙනි .

“දැං උබට නිදිමතයි !.උබ දැන් නිදා ගනින් ! පලයන් ………..නිදි මතයි ……..නිදි මතයි……………..නිදි මතයි ……….”

රේණුකා ඔහුගේ හඬට අවනට වූයේ මෝහනයට පත් වූ තැනැත්තියක ලෙසිනි.අමුත්තා රේණුකාගේ රුධිරයෙහි රස පහස විඳින අතරම රේණුකා නිද්‍රාවකට පත් වූ වාය.

⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️

රක්ත වර්ණ අසිපත කණ්ඩායම් සාමාජිකයන් සියල්ලන්ම නිදිසුව විඳිමින් සිටියෝය.

“හිහීං හීං හ්හා හහීං හා….”

නැගුනේ ගැහැණියකගේ සිහින් සිනා හඬකි.

“අම්මේ රේඩීයෝ එක ඕෆ් එකරන්නකෝ….කෙල්ලෝ තොඳොල් වෙනවා”

රනුර නිද්‍රාශීලි විලසින් කෙඳිරි ගාන්නටවිනි.

“හිහීං හීං හ්හා හහීං හා…………”

“අම්මේ ඕෆ් කරන්නකෝ….”

මෙවර රනුර නින්දෙන් අවදි වූවේය.

“අම්මෝ පට්ට හීනේ ,මේ අස්සේ අම්මා රේඩීයෝ එක දාලා”

“ඔහු නෙත් හැර අවට නිරීක්ශනය කලාය.”

” මොන අම්මද මේ දේවාලෙනේ ”
ඔහු තමාටම මුමුනා ගත්තේය .
දේවාල ඝර්භය තුල දල්වා තිබූ පහන් සියල්ල දැන් නිවී ගොස් හමාර වී ඇත.අවටින් කිසිදු හඬක් නොනැගේ .එසේ නම් පෙර නැගුණු හඬ කාගේ දැයි ඔහු සිතන්නට වූවේය.

“හීහං හීං හ්හා හහීං හා ………….”

“කාගෙද ලස්සන කටහඬ”

මෙවර සිනහා හඬ නැගුනේ දේවාලයට පිටතිනි.

” එන්න …..එන්න ……..මගේ ලඟට…….”

“” කෙල්ලෙක්ගේ කටහඬක් ම්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සන ”

“එන්න……..එළියට එන්න……………….එන්නකෝ ……….හීං හ්හා හහීං හා හා හීං හ්හා හහීං ………………….”

මෙවර සිදුවූයේ සිතා ගත නොහැකි දෙයකි.රනුර එම කාන්තා හඬට වශී වූවේ රේණුකා මෙනි.

“ඉන්න පැටියෝ ……මං එනවා..හ්…..”

” හීං හ්හා හහීං හා …………….එන්න ඉතින් එළියට ,දේවාලෙන් එලියේ මං ඉන්නේ ,එලියේ තමා වැඩේට ලේසී…………….හීං හ්හා හහීං හා ………………”

“මං එන්නම් ! මං එන්නම්…..!”

රනුර මෝහනයකට පත් වූයේ මේ ගෙවෙන්නේ තමාගේ අවසන් මොහොතයැයි නොදැනුවත්වමයි…………………………………………………?

රනුර හෙමින් හෙමින් දෙවොල තුලින් පිටතට පැමිනෙන්නට විය….

“ශ්‍රිංංංංංංං…………….ශ්‍රිංංංංංංංං……………ශ්‍රිං……ංංංංංංංං”

මේ අතර තුර තවත් හඬක් දෙවොලට පිටතින් ඇසෙන්නට විය………………………..

8 වන කොටසින් හමුවෙමු ……….

?Kasun gayantha

බුදු සරණයි !

13 thoughts on “??කන්‍යාවී?? | 7 වන කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අනේ අනේ අපි මතක් කරන්නම ඕන නේද කතාවේ ඉතුරු එපිසොඩ් දාන්න කියලා…??????
    ලස්සනයි මල්ලියෝ අදත් කතාව. ඇයි පහුගිය ටිකේ කතාව දැම්මේ නැත්තේ??? සතුටින් ඉන්න පොඩ්ඩෝ…. පුළුවන් වෙලාවට එපිසොඩ් දාන්න ඉටිම්… බුදු සරණයි!!!!

      1. Chathu indeewaree

        අම්මෝ… තාමසූටිම සූටි කොලු පැටියෙක්ද අප්පා මේ… මම හිතුවා අවුරුදු 60ක්වත් ඇති කියලා… (විහිළුවක් අනී කළේ. අක්කි එක්ක තලා වෙන්න ඒම ඔට්ටු නෑ ඕන්න හලිද?) කොහොමද පැටියෝ result? පාස් නේද හොඳටම? මම හිතනවා අපේ සූටි පැට්ටා හොඳට පාස් ඇති කියලා. ලස්සනම ලස්සන අනාගතයකට මමම හදවතින්ම සුභ පතනවා මල්ලියෝ… හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි!!!

  2. ❤️චූටි මැට්ටා❤️

    කතාව සුපිරි, හැමදාම කතාව දාන්න, ඔයගේ අනාගතේට සුබ පතනවා,good luck!!!❤️❤️❤️

  3. Ranmali subasinghe

    තව ටිකක් දිගගගගගගට දාන්න ප්ලීස් ප්ලීස් ???

    O/l රිසාල්ට් කොහොමද ??

    ගුඩ් ලක් !!!

Leave a Comment