Katha Ahura

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක

1.5/5 - (11 votes)

? පස්වන කොටස?

” බෑ බෑ…ඔහොම තියා කොහොම කිව්වත් අද ඔයාට මං යන්න දෙන්නෑ…ඔයාට ඊයෙ ඩැඩී කිව්වනෙ ආයෙ අටෙන් පස්සෙ රෑ ගමන් තරහං කියලා…දැන් මෙතන නහයෙන් අඩන්නැතුව ඔයා ඔයාගෙ කාමරේට යන්න…” සංජීවනී සැර තරවටුවක් කලා.අමන්දා මූණ ඇඹුල් කරගෙන තමන්ගෙ කාමරේට දිව්වෙ ඇය පසුපසින්ම අමීරාත් දිව්වා.කාමරේට ගිය හැටියෙ අමන්දා ඇදට පැනලා ඇයගෙ ලොකු ටෙඩි බෙයාව තුරුල් කරගත්තා .අමන්දාට කවදාවත් නැතුව දැනුනෙ ලොකු දුකක්..ඒ හින්දම ඇයගෙ බෝල ඇස් කදුලු වලින් පිරිලා ගියා…තමන්ගෙ අක්කාගෙ ඇස් වල කදුලු දැක්ක අමීරාට ඇති උනේ ඇය ගැන ලොකු පුදුමයක්..

” අක්කා….ඔයා මේ අඩනවද…මොකෝ අනේ මේ..??” අමීරා ඇහුවෙ යහන මත්තෙන් වාඩි වෙලා..අමන්දා හිමින් සීරුවෙ ඇදේ තල්ලු වෙලා තල්ලු වෙලා ඇවිත් ඇයගෙ හිස අමීරාගෙ උකුල උඩින් තියාගත්තා.

” අක්කා….”

” ම්…”

” මොකෝ අක්කි…මොකක් හරි ප්‍රශ්නයක් ද…ඔයා ඊයෙ රෑ ඉදලා හරි අමුතුයි….මට ඇත්ත කියන්න අක්කි….ඊයෙ රෑ ඔයාට මොකද්ද උනේ..රෑ ඔයාට කාගෙන්හරි කරදරයක් වත් උනාද අක්කා….ඔයා ඊයෙ අපිට කිව්වෙ ඇත්තක් නං වෙන්න බෑ..මමියි ඩැඩියි ඒක පිලිගත්තට මට නං බෑ ඒ හේතුව පිලිගන්න..” අමීරා කිව්වෙ අමන්දාගෙ හිස පිරිමදින ගමන්.පෙරදින රාත්‍රියේ ඇය අම්මාටයි තාත්තාටයි කිව්ව බොරුව මතක් වෙලා ඇයට කදුලු මැදින්ම හීන් හිනාවක් ගියේ..

‘ ලොකූ…මොකෝ පැටියා මේ…’

‘ ලොකූ!…බලනවා එන වෙලාව…මෙච්චර වෙලා මොකද්ද කලේ?..ආහ්..බලනවා..බලනවා මුලු ඇගම හූරගෙන….ලේ පෙරාගෙන….’

‘සොරි මමී…සොරි ඩැඩී…..මාර කේස් එකනෙ උනේ ….’

‘ ඇයි අක්කි…අනේ බය කරන්නැතුව කියන්නකො….’

‘ නෑ….නෑ….බයවෙන්නෙපා…මේකයි උනේ…මං ශේන්ගෙ ගෙදර ඉදන් එද්දි අර පයිනස් කැලේ මැදින් ආවෙ…ඩැඩී කිව්වනෙ දහයට කලින් ගෙදර එන්න ඕන කියලා…ඉතින් දහයට කලින් එන්න ඕන උන හින්දම මං හයි ස්පීඩ් ඇල්ලුවා..ඒත්…ඒත්..’

‘ ඒත් මොකද්ද ?’

‘ ඒත් පයිනස් කැලේ මැදින් එද්දි එකපාරටම මගේ කාර් එක ඉස්සරහට හාවෙක් පැන්නෙ නැතැයි…’

‘ හාවෙක්…? ඌ වයිට් කලර් එකෙද්ද …බ්ලැක් කලර් එකෙද්ද …ඈශ් කලර් එකෙද්ද …?’

‘පොඩී!…යූ ශට් අප්….’

‘ ඕකේ ඩැඩී…’

‘ ඉතින්….ඊටපස්සෙ ‘

‘ ඌ තද කලු පාට හාවෙක්…ඇස් දෙක රතුම රතු පාටයි…මං දැක්කා උගෙ කට දෙපැත්තෙන් උල් දත් දෙකකුත් එලියට පැනලා තියෙනවා..’

‘ ඔය ඔක්කොම ඔයා දැක්කෙ කාර් එක ඇතුලෙ ඉන්දැද්දිමද..?.හාවා පනිද්දි ඔයා ඌව හප්පගෙන ගියාද…? කොහොමද ඔයා ඔච්චර හොදට හාවාව දැක්කෙ?…’

‘ නෝ නෝ ඩැඩී…මං ඌව හැප්පුවෙ නෑ…හොද වෙලාවට ඌව හැප්පෙන්න කලින් මං බ්‍රේක් කලා….බට්..මට පොඩි doubt එකක් ආවා ඌ හැප්පුනද දන්නෑ කියලත්…ඒ හින්දම මං කාර් එකෙන් බැහැලා පොඩ්ඩක් සර්ච් කලා…එතකොටයි මං දැක්කෙ ඒ බ්ලඩී රැබිට් ඉන්නවා පාර අයිනට වෙලා මං දිහා බලාගෙන…’

‘ නෑ…හ්…’

‘ නෑ නෙවේ මමී ඕව්…පස්සෙ මට ඌ ගැන කේන්ති ආවා…මං ඌට ගහන්න ගලක් හෙව්වත්..යූ නෝ …මේ පාරවල්වල ගල් නෑනෙ…කාපට් රෝඩ් නෙහ් තියෙන්නෙ…සෝ…මං කලේ ඌව එලෙව්වා…’

‘ එලෙව්වා?…ඒ කොහොමද…?’

‘ ඩැඩීට කියන්න ඩැඩී ….ඌ මහ නපුරු රැබිට් කෙනෙක්….ඌ මං දිහා බලන් හිටියෙ කින්ඩියට හිනාවෙවී ….ඉතින් මාත් සෙකන්ඩ් උනේ නෑ…මං කලේ ..මං කලේ..මං මගේ හීල් එක ගලවලා අරන් ඌට දමලා ගැහුවා….’

‘ හෑ..ඉ ත් ති ං…’

‘ ඉතින් කියන්නෙ මමී…ඌ අර මොකද්ද…මොකද්ද …ඔයාලා නිතරම මට කියන්නෙ මොකද්ද මං දගලද්දි …?’

‘ වෙඩි කාපු ඌරා වගේ…’

‘ දැට්ස් රයිට්….ඔය තියෙන්නෙ…ඌත් හරියට වෙඩි කාපු ඌරා වගේ මගෙ ශොට් එකට කැලේට දිව්වා…බට්…’

‘ බට්…වට්..?’

‘ බට් ඩැඩී….වැඩේ කියන්නෙ ඌ කැලේට දිව්වට මගේ හීල් එකත් වීසි වෙලා කැලේ හරියට ගියා…මං දූලා දූලා පාර අයිනට යද්දි මං දැක්කා මගෙ හීල් එක පෙරලි පෙරලි ප්‍රපාතෙට වැටෙනවා…’

‘ ඉතින්…?’

‘ ඉතින් කියන්නෙ අනේ…මට පුලුවන්ද අලුතින් ගත්ත මගේ හීල් එකක් නැති කරගන්න….අනික මට එක කකුලකට හීල් එකක් දාගෙන අනික් කකුල නිකන් තියාගෙන එන්න බෑනෙ…ඒක හරිම අසාධාරනයි…ඒ හින්දා මං රෑ රෑ කියලා බැලුවෙ නෑ…කැලේට යන්න අඩිය තිබ්බා….’

‘ හානේ…ලොකූ…ඔයාට බය හිතුන්නැද්ද…ඔය කැලේ හොල්මනුත් ඉන්නවලු නේද…’

‘ නෝ මමී…ඔයාගෙ ඇමැන්ඩා කාටද අනේ බය..බය කියන එක මගේ ඩික්ශනරි එකේ නෑ….අහන්නකො ඉතින් වෙච්ච දේ….ඉතින් ඊට පස්සෙ මං මගේ හීල් එක හොයන්න ගියා…’

‘ ඒ කලුවරේම….?’

‘ ආම්…කලුවරේම නේහ්..නෝ…නෝ…කාර් එකේ ටෝච් එකක් තිබ්බනෙ…අන්න ඒක මං අරන් ගියා…’

‘ හරි ඊට පස්සෙ…?’

‘ ඊට පස්සෙ තමා මමී පට්ට වැඩේ උනේ…මාව එකපාරටම ලෙස්සිලා ගියා මමී ඒ ප්‍රපාතෙ පහලට….ඔව්…එතකොට තමා මේ තුවාල උනේ අත පය…හැබැයි හොද වෙලාවට ගොඩක් පහලට ගියේ නෑ මං…මං ගහක් බදාගෙන නතර උනා…ඒ හරියෙම මගෙ හීල් එකත් වැටිලා තිබ්බා…මං ඒකත් අරන් ඉක්මන්ට උඩට ආවා…එච්චරයි කතාව….’

‘ හොදටම විශ්වාසද ඔයා කිව්ව හැමදෙයක්ම ඇත්ත කියලා…’

‘ යස් ඩැඩී…මී ඇස් දෙක පල්ලා…මං ඇත්තමයි කිව්වෙ…’

පෙරදින සංවාදය මතක් වෙලා අමන්දාට වගේම අමීරාටත් හිනා.

” අක්කි…ඔයා කැත නැතුව අර කොහොවත් ඉන්න මී හරකෙක්ගෙ ඇස් පල්ලා දිවුරුවා නේහ්….” අමීරා කටකොණකින් හිනාවෙලා එහෙම ඇහුවෙ අමන්දා ඇදේ විට්ටම හරියෙ තිබ්බ ටෙඩියා ඇදලා අරන් ටෙඩියාගෙන් මූණ වහගත්තෙ හිනාවෙවී.

” මමියි ඩැඩියි ඒකට අහු උනානෙ…..අම්මෝ..මං මාර බේරිල්ලක් බේරුනෙ…ඒත් ඉතින් වැඩක් නෑනෙ…ශික්…මට ආයෙ කොහේවත් යන්න දෙන එකක් නෑ රෑට…” අමන්දා කිව්වෙ ටිකක් දුකෙන්.

” ඇත්තටම අක්කි…මොකද්ද ඊයෙ රෑ උනේ…?”

” ම්…බෑ අමීරා…මට ඒක ඔයාට කියන්න බෑ….කියන්න පුලුවන් දවසක් ආවොත් definitely මං ඔයාට කියනවා..” අමන්දා කිව්වෙ අමීරාගෙ උකුලෙන් හිස අහකට ගන්න ගමන්.

” බෝයි කෙනෙක් සම්බන්ද දෙයක්ද….?”

” ම්….බෑ…ඒ ගැනත් දැන්ම කියන්න බෑ…”

” අපි අතරෙ රහස් තියාගන්න බෑ අක්කි…..”

” රහසක් නෙවේ අමීරා…ඒක මං ඔයාට පස්සෙ කියන්නං…”

” ඒ දවස ඉක්මන්ටම උදාවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..දැන් ඔයාගෙ තුවාල කොහොමද අක්කි…?” අමීරා ඇහුවෙ අමන්දාගෙ අත් පා දිහා බලලා…සීරීම් පහරවල් හොදින් ඒ ගතේ සටහන් වෙලා තිබ්බා…

” හ්ම්…දැන් එච්චර දැවිල්ල නෑ….ක්‍රීම් ගෑව හින්දා දැන් ගොඩක් අඩුයි…” අමන්දා තමන්ගෙ අත්දෙක දිහා බල බල කිව්වෙ.

” හ්ම්…කොහොම උනත් ඔය කැලැල් ඉක්මන්ට මැකුනොත් හොදයි…නැත්තං ඔය සුදු කකුල් කැත වෙයි…” අමීරා හිනාවෙවී එහෙම කියන ගමන් ඇදෙන් නැගිටලා කාමරෙන් එලියට ගියා.අමන්දාට ආයෙම මතක් උනේ අහස්ව….අහස් කියපු කතා මතක් වෙද්දි ඒ මුවේ හිනාව විසිරිලා ගියා….

” අනේ මට ආයෙම පාරක් එයාව මුණගස්වන්න දෙවියනේ ….ප්ලීස් …” අමන්දා ඇස් දෙකත් පියාගෙන දෙවියන්ගෙන් ඉල්ලුවා.දෙවියො ඇයගෙ ප්‍රාර්ථනාව ඉශ්ට කරයිද…?

කාලය වේගයෙන් ගෙවිලා ගියා..දින සති ගෙවිලා ගියේ පුදුම ඉක්මනින්..ඒ ගෙවුන හැම දවසක්ම අමන්දා ගත කලේ පුදුම අමාරුවෙන්…ඇයගෙ හොදම යාලුවො දෙන්නා ටානියායි විහාරායි එක්ක මුලු දවල් වරුවම වගේ කලේ අහස්ගෙ රුව හොයන්න දගලපු එක…පයිනස් කැලේ හරියෙ වාහනේ නවත්තගෙන ඇයට අහස් හමු උන හැටි තමන්ගෙ යාලුවන්ට නැවත නැවතත් විස්තර කලේ අමන්දාගෙ යාලුවො ඇය දිහා බලා හිටියෙ දුකෙන්.කවදාවත් නැතුව තමන්ගෙ මේ හුරතල් යාලුවා එක දවසකින් හමු උන කොල්ලෙක් ගැන කියව කියව දගලන එකට ඔවුන්ට හරිම පුදුමයි.

” ඇමැන්ඩා …ආර් යූ ක්‍රේසි….මේ බී ඔයා දකින්න ඇත්තෙ ගෝස්ට් කෙනෙක්ද දන්නෑ…යූ නෝ වට්…ඔය පයිනස් කැලේ හරියට හොල්මන් ඉන්නවා…ඒ බෝයිත් සමහරවිට හොල්මනක් වෙන්නැති…” වීදි අතරෙ කාර් එක එලවගෙන අහස්ගෙ රුව මිනිසුන් අතරින් හොය හොය යන අමන්දාට විහාරා කිව්වා.

” නෝ පින්කි…නෝ…හී ඊස් නොට් අ ගෝස්ට්…මං එයාව ඇල්ලුවා..එයාගෙ පිටෙත් නැගලා ගියේ…අනික..අනික…අනික මං එයාට කිස් එකකුත් දුන්නෙ ..” අන්තිම වාක්‍ය ඇයටවත් නෑහෙන තරමේ හෙමින් මිමුණුවෙ ඇය…හිතාගන්නවත් බැරි විදිහට එක රැයක හමු උන ඒ තරුනයාව අමන්දාට අමතක කරන්න බැරි තරමටම හිතට වැදිලා තිබුනා.ඒ රුව නොදැක බැරි තරමටම අමන්දා අහස්ට පිස්සු වැටිලා ඉන්නෙ…ඒක හරියට තාම අමන්දාට වත් තේරෙන්නෑ.

” ඇමැන්ඩා …ඔයා එයාට ලව් කරනවද…මෙච්චර පණ දාගෙන මෑන්ව හොයන්න?….” මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය ටානියා ඇහුවෙ අමන්දාගෙ මූණ රතූවෙලා යනවා ඇය දැක්කා.

” ඔයාට පිස්සුද…එ…එ….එහෙම නෑ….මේ..මං…මං නිකන් එයාව හොයන්නෙ…හොයන්නෙත් නෑ ඉතින් මං…මං මේ.මේ නිකන් ….නිකන්…එයා ඉන්නවද බලන්නෙ…නිකන්..” අමන්දා ගොත ගහන්න ගත්තෙ ටානියායි විහාරායි අතින් කට වහගෙන හිනාවෙනවා..

” ආහ්…අර…අර ඉන්නෙ එයා….” අමන්දා එක්වරම වාහනේ බ්‍රේක් කලේ හයියෙන් කෑගහලා…වාහනේ බ්‍රේක් කල වේගෙට පිටිපස්සෙ වාඩිවෙලා හිටිය විහාරා ඉස්සරහ අසුන් දෙක මැද්දට වීසිවෙලා ආවෙ තව පොඩ්ඩෙන් ඇය වින්ඩ්ස්ක්‍රීන් එකත් කඩාගෙන එලියට වීසිවෙනවා.ඇය සීට් බෙල්ට් නොදාගෙන හිටි නිසයි එලෙස උනේ.

” මොන මගුලක්ද ඕයි කරන්නෙ…” ඇය කේන්තියෙන් නැගිට්ටෙ ටානියාත් අමන්දා බලාගෙන හිටිය දිහාට නෙත් යොමු කලා.පාර එහා පස තිබ්බෙ ප්‍රසිද්ධ හොටෙල් එකක්.අහස් ටශිනි සහ තවත් ඔහුගෙ සේවකයන් තුන් දෙනෙක් එක්ක හොටෙල් එකට ඇතුල් උනේ හදිසි මීටින් එකකට.ඒ bonzlo විදේශීය ආයතනය එක්ක හවුලේ තවත් ව්‍යාපාරයක් අරඹන්න අහස් තීරණය කරලා තිබුනා.ඒ සම්බන්දව සාකච්ඡා කරන්නයි අහස් ඒ මොහොතෙ හොටෙල් එකට ඇතුල් උනේ…නොහිතූ විදිහට ඒ හොටෙල් එක ලගින් ගමන් කරමින් හිටිය අමන්දාගෙ දෑස් අහස් වෙත යොමු උනේ අහස්ව දැකලා සති ගානක් ගෙවිලා ගියත් ඒ රුව අදුනගන්න අමන්දාට අපහසු උනේ නෑ.හැම රෑකම සිහින වලට එන ඒ කඩවසම් තරුණයාව කෙසේ නං අමන්දාට අමතක වෙන්නද… අහස්ව දැකලා ඇයගෙ හිත පුදුමාකාර විදිහට සතුටින් පිරිලා ඉතිරිලා ගියා.ඒ සතුට පිටින්ම ඇය මහ මග මැදම වාහනේ නතර කලේ ටානියාටවත් විහාරාටවත් හිතාගන්න කාලයක් ඉතුරු නොකර අමන්දා ඉක්මන්ටම කාර් එකෙන් බැස්සා…වේගයෙන් පාරෙ යන වාහන පවා නොසලකා ඇය පාර පැන්නෙ ඇයට ඕන කලේ ඉක්මන්ට පාරෙ එහා පැත්තෙ අහස් ගිය ඒ හොටෙල් එකට යන්න.ගිහින් ඔහුව ඉක්මන්ට අල්ලගන්න.

” අහස්….” අමන්දා කෑගහගෙන පාර පැන්නෙ ඇයගෙ වාසනාවට කිසිදු අන්ත්‍රායයක් නැතුව ඇය හොටෙල් එක ලගට දිව්වා.

” අරකිට පිස්සුද බං….” විහාරා ඇහුවෙ අමන්දා කිසිම බයක් නැතුව පාර හරහා දුවනවා දැකලා..මහ මග මැද වාහනය නතර කර තිබූ නිසාම පිටිපස්සෙන් එන වාහන මහ සද්දෙන් හෝන් කරන්න ගත්තෙ ටානියා ඉක්මන්ට රියදුරු අසුනට ගොඩ උනා…

” පිස්සු නේන්නං…නැත්තං මෙහෙම පිස්සියෙක් වගේ මහ පාරෙ දුවයි යැ….” ටානියා එහෙම කියන ගමන් වාහනේ ඉස්සරහට අරන් ගියා…ඉදිරියෙන් තිබ්බ වට රවුමෙන් ආයෙම කාර් එක හරවන් ආවෙ අමන්දා අහස්ව දැක්ක හොටෙල් එක ලගට.ඔවුන් හොටෙල් එක ලගට එද්දි අමන්දා හොටෙල් එක ඇතුල්ට දුවලා ඉවරයි.

” good morning madam..have a nice day..”

” ගුඩ් මෝනින්…”

අමන්දාගෙ ඉස්සරහට හමු උන සේවකයෙක්ව තල්ලු කරගෙන ඇතුල්ට දිව්වෙ ඒ ඇස් කලබලෙන් ඔහුව සෙව්වා…ඒත් ඒ වෙද්දි අහස් ඔහුගෙ කට්ටියත් එක්කම සිව්වන මහලට යන්න ලිෆ්ට් එක ලගට යනගමන් හිටියෙ..

කොහෙද ඔයා…

ඇය හති ඇර ඇර එකතැන නතර උනේ විදේශීය මිනිසුන් මැද ඇය ඇස් වෙහෙසෙව්වෙ අහස්ව හොයන්න…

බෑ බෑ..මං අද ඔයාව කොහොමහරි හොයාගන්නවා…අනේහ්..අහස්…

අමන්දා පිස්සුවෙන් වගේ වටපිට බැලුවෙ අහස්ව හොයන්න.ඒත් එක්කම ඇය අසල තිබ්බ හිස් ටේබල් එකක් වෙත දුවලා ගියේ ඇය දෙවරක් නොහිතම අසල පුටුවට නැගලා ඒ ටේබල් එක උඩට නැග්ගා..ඒ නිමේශයේදිමයි අහසුත් ලිෆ්ට් එකට නගින්න button එක එබුවෙ.තත්පර දෙහෙකකදි ලිෆ්ට් එකේ දොර පලු ඇරුනා.අහස් ටශිනි සහ අනිත් පිරිස එක්ක ලිෆ්ට් එකට නගිද්දිම අමන්දා ඔහුව දැක්කා.

” අහස්!…” මුලු හොටෙල් එකම දෙවනත් කරගෙන අමන්දා කෑගැහුවෙ ඒ හඩ අහස්ගෙ සවනට යන්න වැඩි වෙලා ගියේ නැහැ…ඒත් ඒ හඩ ඇහෙන්න කලින් අහස්ගෙ ඇගිලි තුඩු ඉක්මන් වෙලා තිබුනෙ හතරවන තට්ටුවට යන්න ඔහු button එක press කරලා තිබුනා.දොර පලු ආයෙම වැහෙද්දි ඒ ඇහුන කටහඩ දිහාට අහස්ගෙ දෑස් යොමු උනේ ඔහු දැක්කෙ මේසයක් උඩ හිටගෙන තමන් දිහා බලාගෙන ඉන්න අමන්දාව.ඒත් ඒ දසුන තත්පරයකට පමණක් සීමා කරගෙන සම්පූර්ණයෙන්ම දොර පලු වැසී ගියා.

” ආහ්…අමන්දා ….අමන්දා …” අහස් කලබලෙන් ආයෙ ආයෙම දොර විවර කරන්න බට්න් ප්‍රෙස් කලත් එය හරි ගියේ නෑ.

” සර්…ආර් යූ ඕකේ…?” ටශිනි ඇහුවෙ කුතුහලයෙන් …අහස් මෙච්චර කලබල වෙලා ඉන්නවා ටශිනි දැක්කමයි..

” අමන්දා ….අමන්දා ….මං..මං එයාව දැක්කා…එයා..එයා එතන හිටියා…” අහස් කලබලෙන් කිව්වෙ ඔහු ඉක්මන්ටම 1st floor එකෙන් බහින්න 1st button එක press කලා.

” අහස්…” අහස් ලිෆ්ට් එකෙන් යනවා දැක්ක අමන්දා කෑගහගෙනම ටේබල් එකෙන් බැහැලා ලිෆ්ට් එක ලගට දුවන්න ගත්තෙ ඒත් එක්කම ටශිනියි විහාරායිත් හොටෙල් එකට ඇතුල් උනා.මහ හයියෙන් කෑගගහා ටේබල් උඩ නැගගෙන කලබල කරන අමන්දා දිහාවට හොටෙල් එකේ ආරක්ශකයන් එන්න ආවෙ ඇයව එලියට දාන්න බලාගෙන.මොකද මේ වෙද්දි ඇය දිහාට හොටෙල් එකේ කාර්‍ය මණඩලය වගේම කස්ටමර්ස්ලාගෙත් අවදානය යොමු වෙලා තිබුනෙ ඔවුන් හැමෝම ඇය දිහා පුදුමයෙන් බලාගෙන හිටියා.ලිෆ්ට් එක ලගට දුවලා යන්න හදපු අමන්දා එකපාරටම නතර උනේ ඇයව දෙපැත්තෙන්ම හෝටලයෙ ආරක්ශකයන් දෙන්නෙක් අල්ලගත්ත හින්දා…

” ඒයි…අතාරිනවා මාව….මට අහස්ව හම්බවෙන්න ඕන….අතාරිනවා…” අමන්දා කෑගහන්න ගත්තෙ මුලු හොටෙල් එකම දෙදරවගෙන මහ සද්දෙන්.ඇයගෙ කටහඩට ටානියායි විහාරායි ඇය දිහාවට දුවලා එන්න ගත්තා.

” Madam, don’t shout. Please be polite . You are disturbing our customers here. “ආරක්ශකයෙක් කිව්වෙ අමන්දාව ආපිට ඇදගෙන යන ගමන්.

“No, no, I just want to meet Ahas. Please, let go of me. Let me go” අමන්දා කෑගහන්න ගත්තා…ඒත් ආරක්ශකයන් ඇයගෙ බහ සතේකට මායිම් කලේ නෑ.

“Please madam don’t shout.if you keep shouting like this… we will have to inform the police”

“Let me go…i said let me go..aah…” අමන්දා කොච්චර දැගලුවත් ගාඩ්ලා දෙන්නා ඇයව ඇදගෙන වගේ එන්න ආවෙ හොටෙල් එකේ ප්‍රධාන දොර ලගට.

” oh..amanda…plz..what are you doing? ..stop this…let her go..plz……” ටානියා කිව්වෙ ගාඩ්ලා දිහා බලාගෙන.විහාරා නං ඉන්නෙ පුදුම විදිහට බය වෙලා…ඇය හති ඇර ඇර මාරුවෙන් මාරුවට අමන්දා දිහයි ගාඩ්ලා දෙන්නා දිහයි බලනවා.

” Do you know about her ?”

” Yeah yeah… she is one of our friend.”

“Then take her, don’t come back here, if you make troubles again… we’ll hand her over to the police, get it?”

“Yes yes… please let her go, we’ll take care of her.?” ටානියා එහෙම කියද්දි අමන්දාව ගාඩ්ලා දෙන්නාම ඇය දිහාට තල්ලු කලේ අමන්දා තල්ලු වෙලා ගිහින් විහාරායි ටානියායි අතරට ගියා.

” හව් ඩෙයා යූ….බ්ලඩී ගාඩ්….මං තමුසෙ ගැන බලාගන්නංකො….හහ්…තමුසෙ දන්නෑ මේ අමන්දාගෙ හැටි…හහ්…” අමන්දා කේන්තියෙන් ගිගිරුවෙ ගාඩ්ලා දෙන්නා මූණට මූණ බලාගෙන හිනාවෙන්න ගත්තා.

” අපි යං අමන්දා …පිස්සුද ඔයාට….මෙන්න මෙහෙ එනවා…” ටානියා බලෙන්ම අමන්දාව ඇදගෙන හොටෙල් එකෙන් එලියට ආවෙ අමන්දා නං කේන්තියෙන් පිපිරි පිපිරි ගාඩ්ලා දෙන්නා දිහා බලලා අත බෙල්ල ලගින් තියලා ඇදලා පෙන්නුවෙ මරනවා කියලා සංඥාවක්.ගාඩ්ලා දෙන්නා සමච්චලයට හිනාවෙලා ඇයට අත වැනුවා…..

” කොහෙද මේ මාව ඇදගෙන යන්නෙ….මගෙ අත අතාරින්න අනේ…මට අහස් ලගට යන්න ඕන…අනේහ්.” අමන්දා තමන්ගෙ අතින් තද කරලා අල්ලන් ඉන්න ටානියාගෙ අත ඉවත් කරන්න හදන ගමන් කිව්වෙ.

” පිස්සු විකාර නටන්නැතුව මෙන්න මෙහෙ ගෙදර යං….” ටානියා අමන්දාව ඇදගෙන ආවෙ කාර් එක ලගට.

” බෑ…බෑ ටානී…මට එයාව මීට් වෙන්න ඕන…අනේ මට යන්න දෙන්න….” අමන්දා අඩන්න ගත්තෙ ටානියාට මේ කිසි දෙයක් හිතාගන්න බෑ.

” පිස්සුද ඔයාට…?.දැන් ඔයා ආයෙම එහෙ ගියොත් definitely එයාලා ඔයාව පොලීසියට බාර දෙයි…කියන දේ අහලා අපි දැන් ගෙදර යං…නැත්තං මං මේ දැන්ම මේ ගැන ආන්ටිට කියනවා කෝල් කරලා…එතකොට ඔයාට ගෙයින් එලියට අඩිය තියන්නවත් දෙන එකක් නෑ…..ඔයාට තේරුනද..?” ටානියා තරමක් තදින් කිව්වා.ඒ ගමන අමන්දා හයියෙන් අඩාගෙනම කාර් එකට නැග්ගෙ යාලුවො දෙන්නත් කාර් එකට නැග්ගා. අමන්දා අත්දෙකෙන්ම මූණ වහන් අඩන්න ගනිද්දි ටානියා කාර් එක හොටෙල් එක ලගින් අරන් ගියා.

මේ අතරෙ පලමු තට්ටුවෙන් ලිෆ්ට් එකෙන් බැහැගත්ත අහස් පිස්සුවෙන් වගේ පඩිපෙල් බැහැලා පහලට ආවා.ඒ අතරෙම ඔහු පස්සෙන් ටශිනියි අනික් සේවකයන් තිදෙනයිත් දුවගෙන ආවෙ ඔවුන්ට හිතාගන්න බැරි උනා එකපාරටම අහස්ගෙ වෙච්ච මේ වෙනස.

” ආහ්…අමන්දා …අමන්දා ….” මුලු හෝටලේ පුරාම දුවන ගමන් අහස් අමන්දාව හෙව්වා.ඒත් කොච්චර හෙව්වත් ඔහු පහලට එද්දිම වගේ පිටත් උන අමන්දාව අහස් කොහොම නං ආයෙ මුණ ගැහෙන්නද…

” sir..are you OK.?..do you want any help…?” අමන්දාව එලියට දාපු එක් ආරක්ශකයෙක් කලබලෙන් වටපිට බලන අහස් ලගට ඇවිත් ඇහුවෙ කුතුහලයෙන් .

” yes…yes…did you see amanda…aah…did you see her…?” අහස් ඇහුවෙ කලබලෙන්.ගාඩ්ගෙ මූණ ඇදවෙලා ගියා .

” who…? Sorry sir….i dont know who is amanda…”

” aah…she…she is…she is a pretty girl …මොකද්ද …මොකද්ද එයා ඇදන් හිටියෙ…මොකද්ද ….ආහ්…” අහස් දෑතින්ම නලල අල්ලන් ඇසුත් පියාගෙන මිමුණුවෙ ගාඩ් ටශිනි දිහා බැලුවෙ පුදුමයෙන් .

” සර්….ඔයා හොදින්ද…” ටශිනි අහස්ගෙ උරහිසින් අතක් තියලා ඇහුවෙ අහස් ගැස්සිලා ගියා…ඔහුට මතක් වෙන්න ගත්තෙ එක තත්පරයකදි දැක්ක අමන්දාගෙ හැඩරුව.ඇය ඇදන් හිටියෙ අහස් ඇයව දැක්ක පලවෙනි දවසෙ ඇය ඇදන් හිටියා වගේ කොට ඇදුමක්..කලුපාට කොටම කොට කලිසමකුයි කලු පාට අත්දිග ටී ශර්ට් එකකුයි ඇය අද ඇදන් හිටියෙ.කොන්ඩෙ නිදහසේ කඩාගෙන හිටියෙ ඇය…සති ගානකින් පස්සෙ උනත් අහස් ඇයව දැක්කෙ ඒ කටහඩ වගේම ඒ රුව අහස්ගෙ හිතෙන් මැකිලා ගිහින් තිබුනෙ නෑ…හරියට අමන්දාගෙ හිතෙන් අහස්ගෙ මතකය ගිලිහිලා නොගියා වගේ.

************************************

මොකද කියන්නෙ…දෙන්නාව ඉක්මන්ටම මුණ ගස්වමුද…?

M.Ashka Rashmi❤️

14 thoughts on “❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|පස්වන කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Ane ou akke… me dennawa ikmanata munagaswannako…..
    Balannako dennama mona tharam asawenda inne… eyalawa dakinna….lassaai akke ada kotasath….

  2. Nirosha Lakmali

    අනේ පව් අමන්දා. අහස් අමන්දාව මේ විදිහට හොයන් ආවා කියන්නේ අහස් අමන්දාට ආදරෙයි. අමන්දාත් අහස්ට ආදරෙයි. හරිම සතුටුයි.
    Wish your all the best…

  3. Ruwanthi Lakshani

    Ane amandata ahaswa munagassannako… harima adaraniya lassana kathawak. Harima asawen kiyawanne. Hetath lassana kotasak anakan balan innawa akka….
    All The best you….??????

  4. අනෙ අමන්දාවයි අහස්වයි ඉක්මනින් මුණගස්වන්න අක්කෙ.. අදත් කතාව ගොඩක් ලස්සනයි..✍️???❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.