Katha Ahura

❤️ කොරෝනා කාලෙ ආලේ ❤️ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

කොරෝනා කාලෙ ආලේ

මං හිටියෙ ගෙයි උලුවස්සට හේත්තු වෙලා.චූටි දූ මගේ කකුල් දෙකේ එල්ලිලා එහාට මෙහාට පැද්දි පැද්දි හිටියා.

” මගෙ මැණික …බඩගිනියිද …. ”

මං දූගෙ ඔලුව අතගාලා අහද්දි පොඩි එකී ඔලුව උස්සලා මගේ දිහා බලලා හිනා උනා.මලානික වෙලා ගිය පුංචි ඇස් දෙක දැක්කම කෙල්ල ඉන්නෙ හොදටම බඩගින්නෙ කියලා මට තේරුනා.

” අමා දුවට කිරි ටිකක් හදලා දෙන්නකෝ ……. කෙල්ල හොදටම බඩගිනි වෙලා වගේ ඉන්නේ …… ”

මං දූව වඩාගන්න ගමන් ටිකක් සද්දෙට කිව්වෙ කාමරේ ඇතුලෙ හිටිය අමාට ඇහෙන්න.

එක අතකින් ෆෝන් එකත් අරන් දොර රෙද්ද ඈත් කරගෙන අමා කාමරෙන් එළියට ආවෙ කේන්තියෙන් වගේ.

” අශාන් …… දරුවට මොනවා කියලා හදලා දෙන්නද …..පිටි එක ඉවර වෙලා දවස් දෙකක් වෙනවා … ගේ හරියෙ උයන්න කිසිම දෙයක් නෑ …. තමුසෙ ගෙදරට වෙලා ඔහේ ඉන්නවා …. පොඩි එකාගෙ බඩ ඉබේම පිරෙනවද ….”

අමා මගේ ළගට ඇවිත් දූව මගෙන් ඇදලා අරන් වඩාගත්තා.පොඩි එකී ඇස් ලොකු කරන් බලාගෙන ඉද්දිම අමා කෙල්ලවත් අරන් කාමරේට ගියේ මට ගස්සගෙන.

මං එහෙම්ම දොර පඩිය උඩ ඉදගත්තා.අමා කතා කරන්නෙ හිතේ වේදනාවෙන් කියලා මං දන්නවා.ඒත් මං හිතා මතා මගෙ දුවව බඩගින්නෙ තියන්නෙ නෑනෙ දෙයියනේ .. තාත්තෙක් කොහොමද දුවෙක් බඩගින්නෙ ඉන්නවා බලාගෙන ඉන්නේ.

” ආ ….. අශාන් මල්ලි … බර කල්පනාවක වගේ ”

අල්ලපු ගෙදර සුජී අයියා කොට තාප්පෙන් ඉස්සිලා කියද්දි මං අමාරුවෙන් හිනාවේගෙන තාප්පෙ ළගට ගියා.

” හ්ම්ම් … ඔව් අයියේ ..ඇඳිරි නීතිය අයින් කරන පාටක් නෑ නේද අයියේ ”

” ඔහෙ නෑ මල්ලි …. අයින් කරලත් කොහොමැයි ඉතිං .. අපේ එකාලා ඇවිදින්න ගත්තොත් වටේම ආයෙමත් ලෙඩේ බෝවෙයි ……. ”

” හ්ම්ම් …….. ”

මං ලොකු හුස්මක් අරන් පිටකලා. ඒක හරියට හීල්ලිල්ලක් වගේ.

” මොකෝ මල්ලි ..මොකක් හරි ප්‍රශ්නෙකද ?”

මගේ හැසිරීමෙන් සුජී අයියට තේරෙන්න ඇති මම ඉන්නෙ අවුලක කියලා.මං හිනා උනා.

” දෝනිගෙ පිටි එකත් ඉවර වෙලා අයියේ.. ගෙයි හරියෙ උයන්න දේකුත් නෑ… ඒකයි මං මේ කල්පනා කලේ …… ”

මං කිව්වා. ඒත් මට මං ගැනම මොකද්දෝ අසරණකමක් දැනුනා.

” අයියෝ … මට කියන්නෙපැයි මල්ලි … ඉන්න ඔහොම ටිකක් …… ”

සුජී අයියා අඩියට දෙකට ගේ ඇතුලට ගියේ හිනා වෙවී. මං බලාගෙන හිටියේ ඊළගට වෙන්න යන්නෙ මොනවගේ දෙයක්ද කියලා.

” මල්ලි … මේ සල්ලි අරගෙන දැන්ම යන්න ජිනදාස මුදලාලිගෙ කඩේට .. උන්දෑ බඩු දෙනවා .. පොඩි එකීට පිටි පැකට් එකක් අරන් එන්න … අපේ එක්කෙනාට මං කිව්වා තියෙන හැටියට කලමනා ටිකක් ලෑස්ති කරන්න කියලා ”

සුජී අයියා මගෙ ළගට ඇවිත් රුපියල් දාහක් මගේ අතට දෙන ගමන් කිව්වා. මගේ හදවත එතනම කඩාගෙන වැටුනා වගේ.

” අයියේ ….. අනේ මං කොහොමද මේ සල්ලි ගන්නේ …. ”

මං කියද්දි සුජී අයියා හිනා උනා.

” මල්ලි … උඹේ පුංචි එකී අපි ළගත් හුරතල් උනා.. ඒ පොඩි එකී අපිට අපේ දරුවෙක් වගේ… අනික මේ වෙලාවෙ නැති උදව් අනිත් වෙලාවට මොකටද මල්ලි … මේක ගන්න .. දැන්ම ගිහින් පිටි එකක් අරන් වරෙන් …… ”

” අයියා මට කලේ මගෙ සහෝදරයෙක්වත් නොකරන උදව්වක් අයියේ … ”

මං ඒක කිව්වෙ හදවතින්මයි .

” ඕක මොකද්ද මල්ලි ….දැන් ගිහින් පිටි එකක් ගෙනෙන් .. .පව් කෙල්ල බඩගින්නෙ ඇත්තේ .. ”

මං සුජී අයියා දීපු රුපියල් දාහත් අතේ මිට මොලවගෙන ගේ දොර පඩිය ළගට ගියා.

” අමා …මං කඩේට ගිහින් එන්නන් ”

මං පුටුවක් උඩ දාලා තිබ්බ ශර්ට් එකත් ඇගට දාගෙන ගෙයින් එළියට බැහැලා දිව්වා.
ආපස්සට හැරිලා බලද්දියි මං දැක්කේ අමා දූවත් වඩාගෙන උලුවස්ස ළගට වෙලා බලාගෙන ඉන්නවා.

පාරෙ කවුරුත්ම හිටියෙ නෑ. වෙනදට කී දෙනෙක් නම් ඉන්නවද මේ වෙලාවට පාරෙ. මිනිස්සු කොයි තරම් නම් බය වෙලාද මේ වෛරස් එක නිසා.මං වගේ කී දාහක් නම් තාත්තලා තමන්ගෙ දරු පැටියන්ට කන්න දෙන්න විදිහක් නැතුව කොයිතරම් හූල්ලනවා ඇද්ද … පව් අසරණ ජීවිත .

” ඒයි … ඒයි … කොහෙද මේ යන්නේ , මාස්ක් එකක්වත් නැතුව ”

හන්දියෙම හිටිය පොලීසියේ මහත්තයා මගෙන් ඇහුවම මාව හිටි තැනම නැවතුනා.

” සර් …. සර් …… ”

” කොහෙද මේ හදිස්සියේ යන්නේ … බලනවා ඉතිං මාස්ක් එකක්වත් නෑනෙ .. අපි මෙච්චර මහන්සි වෙනවා තමුන්ලගෙ ආරක්ශාව වෙනුවෙන් .. ඒත් තමුන්ලා කිසි වගකීමක් නැතුව ඇවිදිනවා … ඇදිරි නීතිය අයින් කරන පැය ගානට කිසි වගකීමක් නැතුව ඇවිදිනවා… ”

පොලීසියෙ මහත්තයා මට කිව්වම මම බිම බලාගත්තා. මං කල වැරැද්ද මට හොදටම තේරුනා.

” මහත්තයෝ .. සමාවෙන්න මහත්තයෝ .. දූගෙ පිටි එක ඉවර වෙලා… වෙලාවට ඇදිරි නීතිය අයින් කරලා තිබ්බේ. අල්ලපු ගෙදර අයියගෙන් සල්ලි ඉල්ලගෙන ආවෙ , කඩේ මුදලාලිගෙන් තියෙනවා නම් පිටි පැකට් එකක් ඉල්ලන් යන්න … කලබලේට ආව නිසා මාස්ක් එකක් ගැන මතකෙට ආවෙ නෑ සර් …….”

මං කියන දේ පොලීසියෙ මහත්තයා අහන් හිටියේ මුකුත් නොකියා.ටික වෙලාවක් එහෙම ඉදලා මගේ දිහා බැලුවා.

” මේක අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනෙ වෙලාවක් .. තාත්තා කෙනෙක් විදිහට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.. මොකද ඔයාට චූටි දුවෙක් ඉන්නවා.. ඔයා මෙහෙම මාස්ක් එකක්වත් නැතුව යනවා කියන්නෙ ඔයාගෙ ගෙදර අයත් අනතුරේ වැටෙනවා ”

” සමාවෙන්න සර් .. මං මගේ වැරැද්ද පිළිගන්නවා …. ”

මං ආයෙමත් කිව්වා.

” හරි හරි ..ඉක්මනට ගිහින් අරන් එනවා.. හැබැයි ආයෙ බෑ හොදේ පොඩි ළමයෙක්ට පිටි එකක් ගේන්න යන නිසා යවන්නේ.. අනික පොඩි ළමයා ගාවට යන්න එපා මූණ අත පය හොදට හෝදන්නෙ නැතුව ”

” හරි සර් ….”

මං එතනින් හැරිලා අඩියට දෙකට කඩේට දිව්වා. මගෙ කෙල්ලගෙ වාසනාවට එකම එක පිටි එකයි ඉතුරු වෙලා තිබ්බේ. සුජී අයියා දුන්න රුපියල් දාහෙන් පිටි එකක් අරන් ඉතුරුවගෙ බිස්කර් පැකට් එකක් ගත්තා. තවත් මාරු සල්ලි වගයක් ඉතුරු උනා. මං ඒ ගානවත් නොබලා කලිසන් සාක්කුවට දාන් අනිත් පිම්මට ගෙදරට එන්න හැරුනා.

හන්දියෙ හිටිය පොලීසියෙ මහත්තයට ඔලුව නමාගෙන හිනා වෙලා මං කෙලින්ම ආවෙ ගෙදරට.

” අමා …….. අමා …….. ”

මං පිටි බෑග් එක පුටුවක් උඩින් තියලා ගේ පිටි පස්සට දිව්වෙ පිට පැත්තෙන්. ඒ ගිහින් කකුල් අත පය මූණ හොදට සබන් දාලා හෝදගත්තා.ඇදන් ගිය ඇදුනුත් එහෙම්ම ගලවලා මං වැලේ දාලා තිබ්බ තුවාය ඇදගත්තා.

ඉන් පස්සෙ මං පිටි පැකට් එකයි බිස්කට් එකයි අතට අරන් කෙලින්ම ගියේ කාමරේ ඇතුලට. අමා හිටියෙ ඇද උඩට වෙලා. ඒ ළගම චූටි දූ නිදාගෙන හිටියා. අමා මගේ දිහා බැලුවෙ කේන්තියෙන්. ඇස් වල කදුලුත් පිරිලා.

” අමා .. මැණික මොකද උනේ … ”

අතේ තිබ්බ පිටි එකයි බිස්කට් එකයි එහෙම්ම පුටුවක් උඩින් තියලා මං ඇදේ කොනකින් වාඩි උනා.

” මොනවද වෙලා නැත්තෙ කියලා අහන්න අශාන් … ලැජ්ජ නැද්ද හිඟාකන්න .. ”

අමා කිව්ව දේ ඇත්තටම මට තේරුනේ නෑ.

” අමා … මොනවද මේ කියන්නේ …හිඟාකෑවෙ කොහෙන්ද මං ”

” හිඟාකෑවෙ කොහෙන්ද ? තමුසෙ මොනවත්ම දන්නෙ නෑ .. එහා ගෙදරින් සල්ලි ඉල්ලන් ද කඩේට ගියේ … තමුසෙත් පිරිමියෙක්ද .. .ඒ මදිවට නන්දනී අක්කා එළවලු , හාල් ටිකකුත් බෑහ් එකකට දාලා දුන්නා … ලැජ්ජාවෙ බෑ අශාන් … තමුසෙ මාව එක්කගෙන ආවෙ කොයිතරන් බලාපොරොත්තු දීලද ”

අමා කෑගහලා බනිද්දි මං කටපියාගෙන අහගෙන හිටියා. එයා කතා කරලා ඉවර උනාට පස්සෙයි මං කතා කරන්න පටන් ගත්තෙ.

” මේ ඇදිරි නීතිය හින්දයි මම මේ ගෙදරට වෙලා ඉන්නෙ මැණික… එහෙම නැත්තන් මං ඔයාලව කවදාවත් මෙහෙම තියන්නෙ නෑ…. දැන් උනත් මට කවුරු හරි කුලී වැඩක් කරන්න කතා කරනවා නම් මං ගිහින් කරනවා … ඔයා දෝනි මෙහෙම ඉන්නවා මටත් බලන් ඉන්න බෑ .මෙච්චර කාලෙකට මං වෙන කාගෙන්වත් සල්ලි ඉල්ලලා නෑ.. මේ වෛරස් එක නිසයි , ඇදිරි නීතිය නිසයි මට සල්ලි ගන්න උනේ සුජී අයියගෙන්….. ”

මං කිව්වෙ වේදනාවෙන්.

” අනේ මේ අශාන් …… නවත්තගන්න ඔයාගෙ බොරු ආදරේ … ඔයා දන්නෙ අනුන්ගෙන් සල්ලි හිඟාකන්න විතරයි ”

” අමා … අහන්න මැණික .. හිඟාකන්න නෙවෙයි මං ගෙයක් ගානෙ ගිහින් වැදලා හරි කන්න දෙයක් ඉල්ලන් එන්න ලැජ්ජ වෙන්නෙ නෑ මැණික .. මට ඔයාලා දෙන්නා බඩගින්නෙ දුක් විදිනවා බලාගෙන ඉන්න බෑ …….. සුජී අයියා මට සල්ලි දුන්නෙ චූටි දූට කිරි පැකට් එකක් ගන්න..අනේ කෙල්ලට කිරි එකක් හදලා දෙන්න අමා .. බඩගින්නෙ ඇත්තේ …….. ”

මං කිව්වෙ දෝනිගෙ සිනිදු යටිපතුල හෙමීට අල්ලන ගමන්.

” අනේ මේ අශාන් … මට එපා තමුසෙ මේ හිඟාකාලා අරන් ආව දේවල් ..මගෙ දරුවටවත් එපා ……. මොන තරන් සුරංගනා කතා කිව්වද අශාන් ඔයා මට …. ඒත් දැන් .. කන්න හාල් ඇටයක්වත් හම්බ කරගන්න ඔයාට බෑ …….. ”

අමාගෙ කදුලු අස්සෙන් කියවෙන වචන හරියට උල් පිහි පාරවල් වගේ. මගේ පපුව උල් කරගෙන ගියා ඒ වචන වලට. අපි ආදරේ කරපු කාලෙ මගෙ මතකෙට ආවා. බොළද පෙම්වතුන් වගේම අපිත් සුරංගනා කතා ගොඩක් කිව්වා. මල් වතුවල , පාක් එකේ බංකුවක් උඩ , බීච් එකේ හෙවණ තියෙන තැනක අපි ආදරේ වින්දා… ලස්සන ලස්සන කතා ගොඩක් කිව්වා. එකිනෙකාට පොරොන්දු දුන්නා.

ඒ කාලෙ මතක් වෙද්දිත් හිතට ආවෙ අමුතුම හැගීමක්. එදා අපි අපිටම පොරොන්දු උනේ ජීවිතේ මොන දුකක් කරදරයක් ආවත් අපේ ආදරේ නම් එක බිංදුවක්වත් අඩු කරගන්නෙ නෑ කියලා .

ඒත් ඒ පොරොන්දු කොයිතරම් ප්‍රාථමිකයිද ? ඒක මට තේරෙන්නෙ අද . ජීවත් වෙන්න ආදරේ විතරක් මදි කියලා දැන් නම් මට හොදටම තේරෙනවා. ජීවත් වෙන්න සල්ලි ඕනේ.ගෙදරක ආර්ථිකය කඩාගෙන වැටෙද්දි ආදරේ පස්ස දොරෙන් පැනැලා යනවා කියන්නෙ බොරුවක් නෙවෙයි.

මං අමා දිහා බැලුවේ හරි වේදනාවෙන්.

” අමා .. මේක අපිට විතරක් නෙවෙයි රටට ලෝකෙටම අමාරු කාලයක් … ඉවසන්න මැණික … ඔයාටවත් දුවටවත් මං මගේ ආදරේ අඩු කරලා නෑනෙ …. අපි මේ ටික දවස කොහොම හරි ගෙවාගමු … හරිද ”

” අශාන්…මේකද අශාන් ඔයාගෙ ආදරේ … ඔයා එක්ක ඇවිත් මං නොවිදිනා දුක් වින්දා .. මගේ යාලුවෝ ලොකු ලොකු වාහන වල යද්දි මං ඔයා එක්ක පාරෙ බස් එකේම ගියා.. මගෙ යාලුවො ලස්සන ඇදුම් අදිද්දි මං එකම ඇදුම් ටික මාරු කර කර ඇන්දා …අන්තිමට මටයි මගෙ දරුවටයි වේල් තුන කන්න දීගන්නවත් ඔයාට බැරි උනා.. මේකද ඔයාගෙ ආදරේ … මට අපේ අම්මලා කිව්වා .. ඔයා එක්ක ගියොත් දුක් විදින්න වෙයි කියලා .. ඒත් මං ඒ හැමදේම කැප කරලා ආවා ඔයා එක්ක …… මට මොනවද අන්තිමට ලැබුනේ … ”

අමා අඩාගෙන කාමරෙන් එලියට ගියේ මං පුටුව උඩ තියලා තිබ්බ පිටි පැකට් එකත් බිමට ඇදලා දාලා.

පිරිමියෙක් උනත් ඒ වෙලාවෙ මගෙ ඇස් වලටත් කදුලු ආවා. අමා එයාගෙ ජීවිතේම කැප කලා. ඒක හරි .. ඒත් මමත් හැමදේම කැප කරලා එයාව මගේ ළගට ගත්තේ.

අමාව මට මුණ ගැහෙද්දි මං කොළඹ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. පොළොන්නරුව වගේ දුෂ්කර පැත්තක ඉපදිලා සෑහෙන කට්ටක් කාලා තමයි මං කැම්පස් එකට ආවෙ. අපෙ අම්මලට තාත්තලට ඉඩන් තිබ්බට අපි ගොවිතැනෙන් ජීවත් උන පුංචි පවුලක්. මට වඩා බාල මල්ලියෙකුයි නංගිලා දෙන්නෙකුයි මට හිටියා. ඒලෙවල් වලින් ඉගෙන ගන්න එක නවත්තලා පවුලෙ බර මගෙ කරට ගන්න ඕනෙ උනත් අම්මලට ඕනෙ උනේ මාව ඉහළටම යවන්න.

ඒකයි මම කැම්පස් ආවෙ. කැම්පස් එකේදි ඕනෙ තරන් කෙල්ලො මට හම්බ උනත් අහම්බෙන් වගේ සීමා මාලකේ ළගදි ඇහැ ගැටිච්ච අමාට මගෙ හිත ගියේ සාංසාරික පුරුද්දකට වගේ.එදා එයා හිටියේ යාලුවෝ එක්ක .

සල්ලිකාර පවුලක් කෙල්ලෙක් වෙච්ච අමා මං වගේ ගමේ දුප්පත් කොල්ලෙක්ට ආදරේ කරද්දි මට පුදුමත් හිතුනා. එයාගෙ ගෙදරට මං ගැන ආරංචි උනාම එයා නොසෑහෙන්න බැනුම් ඇහුවා. ඒත් ඒ හැමදේම අහගෙන එයා මට වෙනසක් නොකර ආදරේ කලා.

ඒ අතරෙදි තමයි මාවයි එයාවයි ඈත් කරන්න හිතන් ඒයාගෙ ගෙදර අය අමාව වෙන කෙනෙක්ට බන්දලා දෙන්න හැදුවේ. එදා දවස මට හොදට මතකයි. අමා මගෙ ළගට ඇවිත් අඩ අඩ කිව්වේ එයාට මං එක්ක ජීවත් වෙන්න ඕනෙ , එයාවත් අරගෙන කොහේ හරි යන්න කියලා.

ඒත් මට එයාව එක්කගෙන යන්න තැනක් තිබ්බෙ නෑ. එහෙමයි කියලා අමාව අමතක කරන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. ඕනෙ එකක් කියලා මං අමාවත් එක්කන් පොඩි ගේක කුලියට ආවා.
එදා ඉදන් අහුවෙන කුලියක් කරලා තමයි මං අමාව බලාගත්තේ.

අමාගෙ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් අපිව අතෑරලා දැම්මා. මගෙ යාලුවෝ නොසෑහෙන්න බැන්නා. රස්සාවක් කරන ගමන් ඩිග්‍රියත් කරපන් කියලා. ඒත් මං අවුරුදු ගානක මහන්සිය මගේ දෙමව්පියන්ගෙ බලාපොරොත්තු එක තප්පරේකින් අතෑරලා දැම්මා. මොකද මගෙ ජීවිතේම උනේ අමා නිසා.

කොච්චර අඩු පාඩු මැද්දෙ උනත් එයා මට ආදරෙන් හිටියා. දුව ලැබිලත් ටික කාලයක් යනකන් එයා කිසි වෙනසක් නැතුව මට ආදරේ කලා. ඒත් කල් යද්දි එයාගෙ යාලුවො ජීවත් වෙන විදිහ දැකලා අමා සෑහෙන්න හිත රිද්ද ගත්තා.

එතනින් එහාට එයාට අපේ අතීතේ අමතක උනා.අතීතෙ විතරක් නෙවෙයි , එයාට අපේ ආදරෙත් අමතක උනා. අපි කරපු කැපකිරීම් අපේ පොරොන්දු හැමදේම අමතක වෙන්න එයාට මහලොකු කාලයක් ගියේ නෑ. ඒත් එයා එයාගෙ ජීවිතෙන් කල කැප කිරීම වෙනුවෙන් මං එයාට කිසිම වෙනසක් කලේ නෑ. ආදරේ අඩුවක් කලෙත් නෑ.

මං දුව ළගින්ම හාන්සි වෙලා ඔහේ කල්පනා කර කර හිටියා. ටික වෙලාවකින් කෙල්ල ඇහැරුනේ අඩාගෙන.

මං නැගිටලා දෝනිව වඩාගෙන හුරතල් කලා. දුවට තිබ්බෙත් අමාගෙ ඇස් දෙකමයි. කෙල්ලත් අමා වගේම හරි ලස්සනයි.

” අමා ….. දෝනිට කිරි ටිකක් හදලා දෙන්නකෝ …….. ”

මං දෝනිව වඩාගෙන සාලෙට එනගමන් කිව්වා.

” තමුසෙම හදලා දෙනවා … හිඟාකාලා අරන් ආව පිටි ”

අමා කිව්වෙ ඉස්සරහා උලුවස්ස ළග ඉදන්.

” අමා කෑගහන්න එපා .. සුජී අයියලට ඇහුනොත් හරි නෑනෙ …. ”

” තමුසෙට හිඟාකන්න හොදයි .. ඒත් ඒක කිව්වම ලැජ්ජයි ……. ”

මං දූව ඉස්සරහා තිබ්බ පුටුවක් උඩින් ඉන්දලා අමා ළගට ගියා.

” අමා …. මේ අහන්න මැණික .. මට ඕනි ඔයාලා දෙන්නව සතුටින් තියන්න.. මං දන්නවා මගේ අඩු පාඩු තියෙනවා … ඒවා කොහොමහරි හරිගස්ස ගන්නම් ”

මං අමාගෙ උරහිස් දෙකෙන් අල්ලලා මගෙ දිහාවට හරවගෙන කිව්වා.

” සතුටින් තියන්න ? ඔයා අපිට දෙන මේ සතුට හොදටම ඇති අශාන් ”

අමා කිව්වෙ සමච්චලේට වගේ.

” ඇයි රත්තරන් මාව තේරුන් නොගන්නේ …. මං ඔයාට ආදරේ අඩුවක් කරලා නෑනේද … අපි අපේ ජීවිත හදාගමු කොහොම හරි …. ”

මං අමාගෙ අත් දෙක තද කරලා අල්ලගෙන කිව්වා. එයා මගේ අත් දෙක අතෑරලා දැම්මේ කේන්තියෙන්.

” මං මටම සාප කරගන්නවා ..මගෙ අම්මවයි තාත්තවයි දාලා තමුසෙ වගේ නිකමෙක් එක්ක ආවට … තමුසෙ මොනවද මං වෙනුවෙන් කලේ ……. ”

අමා මාව උරහිසෙන් අල්ලලා පිටි පස්සට තල්ලු කරන ගමන් ඇහුවා. හරියටම ඉලක්කෙ බලලා තිබ්බ වෙඩිල්ලක් වගේ අමාගෙ වචන මගේ හදවත පසාරු කරගෙන පහළටම බැස්සා.

පිරිමියෙක් විදිහට මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා.

” අමා … හොදටම ඇති .. මං මෙච්චර වෙලාවක් ඔයා කිව්ව හැමදේම අහන් හිටියා… බලනවා මේ රටේ ලෝකෙ ඔක්කොටම වෙලා තියෙන දේ .. හැමෝම මරණ බයෙන් ඉන්නේ .. ඒත් ඔයා.. ඇයි තේරුන්ගන්න බැරි .. ඇයි වෙනදා වගේ ආදරෙන් ඉන්න බැරි …… ”

” ආදරෙන් ? තමුසෙට ආදරේ කල එක තමයි මං කල ලොකුම වැරැද්ද ”

” අමා ……”

කවදාවත් නැතුව ජීවිතේ පළවෙනි වතාවට මගෙ අත අමාට ඉස්සුනා. ඒත් මං ගැහුවෙ නෑ. බොහොම අමාරුවෙන් මං මාවම පාලනය කරගත්තා.

” මට අත උස්සන්නත් එනවද ඒ පාර …තමුසෙ කැමති විදිහකට ජීවත් වෙනවා .. මං යනවා අම්මලගෙ ගෙදර ”

අමා මාව තල්ලු කරගෙන කාමරේ ඇතුලට ගියේ කේන්තියෙන්.
වෙච්ච කිසි දෙයක් හිතාගන්න බැරුව මං උලුවස්ස උඩම වාඩි උනා. අත් දෙකෙන්ම ඔලුව බදාගෙන මං ටික වෙලාවක් කල්පනා කලා.
කාමරේ ඇතුලෙන් අමාගෙ ඇඩුම් සද්දෙ ලාවට වගේ මට ඇහුනා. ඒ අස්සෙ එයා කාට හරි කෝල් එකක් අරන් කතා කලා. ඒත් කාමරේට යන්න තරන් මට හයියක් තිබ්බෙ නෑ.

මට හිතුනා අද තමයි මගේ පිරිමිකම නැති උන දවස කියලා , ගෑණියෙක්ට අතක් උස්සලා. මට මං ගැනම හිතට ආවෙ තරහක්. සමාවක් දෙන්න බැරි තරමේ කේන්‍තියක්.
හිත හෑල්ලු කරගන්න බරට හූල්ලලා හුස්ම පිට කරනවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ.

මෙච්චර වෙලාවක් නිසොල්මනේ බලාගෙන හිටිය දෝනි පුංචි අඩි තිය තිය මගෙ ළගට ඇවිදන් ආවා.හෙමීට මගෙ ඔඩොක්කුවට බර වෙලා කෙල්ල මගේ මූණ දිහා බලාගෙන හිටියා.

” කුක්කු ඕනා ……. ”

චූටි දූ කියද්දි මගෙ පපුව හෝස් ගාලා ගියා. මං කෙල්ලවත් වඩාගෙන නැගිටලා කෙලින්ම ගියේ කාමරේට. ඒ වෙද්දි අමා ඇදේ මුනින් අතට පෙරලිලා මූණ කොට්ටෙකට තද කරගෙන හිටියේ.

මං පිටි පැකට් එකත් අරගෙන කුස්සියට ගියා. දූව ලෑලි මේසෙ උඩින් තියලා මං වතුර එකක් රත් වෙන්න තිබ්බා.

කෙල්ල එහෙට මෙහෙට දගල දගල මං එක්ක හුරතල් උනා. සැප සම්පත් මහ ගොඩක් නොතිබ්බට අපිට කොච්චර සතුටින් ඉන්න තිබ්බද .. මේ ලෝකෙ වටිනාම සම්පත දරු සම්පත. ඒක අපිට ලැබිලා තියෙනවා. ඇයි අමාට බැරි මේ දේවල් තේරුන් අරන් ආදරෙන් ඉන්න…

මං කල්පනා කරන ගමන්ම දූට කිරි එක හැදුවා. කිරි ටික කිරි බෝතලේට දාලා රස්නෙ ටිකක් අඩු වෙන්න වතුර බේසමකත් දාලා තිබ්බා.

” තාත්තා කුක්කු ….. ”

කෙල්ලට බෝතලේ කටට දෙනකන් ඉවසිල්ලක් නෑ. මං වතුර බේසමෙන් බෝතලේ අරන් අතට කිරි බිංදුවක් වක්කරලා බැලුවා රස්නෙද කියලා. දෝනිට හරියන තරමට නිමිලා.

මං දූගෙ කටට කිරි බෝතලේ දුන්නා. කෙල්ල අත් දෙකෙන්ම බෝතලේ අල්ලගෙන බොන්න පටන් ගත්තේ හරි ආසාවෙන්. මං එතනට පුටුවක් ළං කරගෙන වාඩිවෙලා දූ දිහා බලාගෙන හිටියෙ කදුලු පිරුන ඇස් දෙකෙන්.

මගෙ මුලු ලෝකෙම උනේ මගෙ දෝනි. මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ. කවදාවත් අපි වින්ද දුක් මගෙ කෙල්ලට විදින්න නම් මං ඉඩ තියන්නෙ නෑ. අපි කැප කරපු හැමදේම මං මගේ දුවට කොහොම හරි ලබලා දෙනවා.

දෝනි කිරි එක බීගෙන බීගෙන ගිහින් බෝතලේ කටින් අයින් කරලා මගෙ දිහා බලලා හිනා උනා. ඒ හුරතල් හිනාව මගෙ හිතට පුදුම සැනසිල්ලක් ගෙනල්ලා දුන්නා. දෝනි ආයෙමත් බෝතලේ කටට තියාගත්තා.

එයාගෙ චූටි බංඩිය ඩිංග ඩිංග පිරිලා ඉස්සරහට එද්දි මට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.

දූ දිහා බලාගෙන කල්පනාවෙ හිටිය මට ගේ ළගින් වාහනයක් නවත්තන සද්දෙ ඇහුනා. මං කල්පනා කලේ ඇදිරි නීතිය අස්සෙ කවුරු එන්නද කියලා. ඒ නිසා මං කලබල වෙලා ගේ ඉස්සරහට දුවන්න ලෑස්ති උනේ නෑ.

විනාඩි පහකින් හයකින් විතර කුස්සියට ආවෙ අමා. කිරි බෝතලේ දූගෙ කටෙන් අයින් කරලා මේසෙ උඩින් තිබ්බ අමා දූව වඩාගත්තා.

” පිස්සුද ළමයෝ .. දෝනි කිරි එක බොනගමන් හිටියේ … ”

මං කියද්දි අමා මගේ දිහා ඔරවලා බැලුවා.

” ආයෙ ඔයා මං ගැනවත් මගෙ දරුවා ගැනවත් කරදර වෙන්න ඕනෙ නෑ අශාන් ”

අමා දූවත් අරගෙන කුස්සියෙන් ගියා. මං ඒ පස්සෙන් දුවගෙන ගියේ පිස්සෙක් වගේ. වෙන්න යන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරි උනා.

02 කොටස

” අමා …. මොකද මේ.. මොනවද මේ කියන්නේ.. ඔයාටයි දුවටයි මං ඇරෙන්න වෙන කවුද ඉන්නේ …… ”

මං පස්සෙන් දුවගෙන ගිහින් අහද්දි අමා හැරිලා මගෙ දිහා බැලුවා.

” ඔයා හිටියා කියලා වැඩක් තියෙනවද .. මට මගෙ අම්මා තාත්තා ළගට යන්න දෙන්න …එයාලා හැමදේම බලාගනීවි .. තාත්තා කර්ෆිව් පාස් අරන් ඩ්‍රයිවර් කෙනෙක් එවලා මාව එක්කන් යන්න .. මං යනවා අශාන් ”

අමා කිව්ව දේවල් මට හිතාගන්න බැරි උනා. ගේ ඉස්සරහා පාරෙ නවත්තලා තිබ්බ කලු පාට පෙජරෝ එක දැක්කම මගෙ ඇගම පන නැති වෙලා ගියා.අමාගෙ තාත්තලා කියන්නෙ සල්ලිකාර ලොකු මිනිස්සු. ඒ මිනිස්සු එක්ක මට හැරෙනවා තියා හිතන්නවත් බෑ.

” අමා .. අනේ මැණික …මාව දාලා යන්නෙපා රත්තරනේ .. මට මගෙ දෝනි නැතුව ජීවත් වෙන්න බැරි වෙයි …….. ”

මං අමාගෙ උරහිසෙන් අල්ලලා නැවැත්තුවා.මට ඕනෙ උනේ කොහොම හරි එයාවයි මගෙ දෝනිවයි මගේ ළග තියාගන්න. මට මේ ලෝකෙ මොන දේ නැති උනත් මගෙ චූටි දූ පැටියා නැතුව නම් ජීවත් වෙන්න බැරි වෙයි.

” අමා … මැණික ඔයා මගෙ ළගට ආවෙ මාව මෙහෙම දාලා යන්නද කියන්නකෝ.. ඇයි මට මෙහෙම කරන්නේ ……. ”

මගෙ ඇස් වලින් වෙන කවදාවත් නැති තරමට කදුලු කඩාගෙන වැටුනා.

” තාත්තා … අම්මී තාත්තා ළගට යන්න ඕනේ ……”

දෝනි මගෙ දිහාවට අත් දෙකම දික් කර කර අඩද්දි මට දැනුනෙ මාව පිච්චෙනවා වගේ.

” අමා … අහන්න රත්තරං .. මට සමාවෙන්න .. මං මගේ වැරදි හදාගන්නම්.. අනේ මාව දාලා යන්නෙපා රත්තරනේ..මට හිටියෙ ඔයාලා දෙන්නා විතරයි … එතනින් එහාට මට වෙන ජීවිතයක් නෑ … මාව දාලා යන්නෙපා ….. ”

මං අමාගෙ කකුල් දෙකෙන් අල්ලගෙන එයාට යන්න නොදී හොදටම ඇඩුවා.

” ප්ලීස් .. හොදටම ඇති අශාන් ඔයාගෙ මේ රගපෑම් .. දැන් මේ කිසි දේකින් වැඩක් නෑ …මං තීරණයක් අරන් ඉවරයි … ”

අමා මාව පැත්තකට ඇදලා දාලා ගෙයින් එළියට බැහැලා ගියේ දෝනි අඩද්දිමයි. කෙල්ල මගේ දිහා බල බල හොදටම ඇඩුවා.
අමා දූවත් බලෙන්ම වාහනේ ඇතුලට දාගෙන එයත් නැග්ගෙ මගෙ දිහා නිකමටවත් බලන්නෙ නැතුව . මං අඩාගෙනම වාහනේ ළගට දුවන් යද්දි එයාලා වේගෙන් එතනින් යන්න ගියා.

” මොකෝ මල්ලි අවුල …. ”

සුජී අයියා තාප්පෙන් ඉස්සිලා මගෙන් අහද්දි ඇස් වල හිරවෙලා තිබ්බ තවත් කදුලු කැට අහුරක් කඩා වැටුනා ඇරෙන්න වෙන මොනවත්ම පිට උනේ නෑ .

…………………………………………….

” ඔය ගියාට නංගි ආයෙම ඒවි මල්ලි ”

සුජී අයියා කිව්වෙ කොට තාප්පෙ උඩ ඉදගෙන. මං හිටියෙ මිදුලෙ ලෑලි බංකුව උඩ ඉදගෙන. ඔලුව පැලෙන්න තරන් කැක්කුමයි. අඩලා අඩලම මගෙ ඇස් දෙකත් හොදටම කැවෙනවා.

” අනේමන්දා අයියේ … මට මගෙ කෙල්ල නැතුව නින්ද යන්නෙ නෑ අයියේ .. මට ජීවත්වෙන්න බෑ ඒ දෙන්නා නැතුව ”

මං කිව්වෙ ඔලුව බිමට නමාගෙන.

“මේ ඇදිරි නීති කලබල ඉවර උනාම නංගි දරුවවත් අරගෙන ඒවි මල්ලි … බය නොවී ඉන්නකෝ ”

සුජී අයියා එහෙම කිව්වත් අමා ආයෙමත් මගේ ළගට ඒවිද කියලා මං හිටියෙ දෙගිඩියාවෙන්. මොකද එයාගෙ මේ නොරිස්සුම් ගති අදක ඊයෙක ඉදන් තිබ්බ ඒවා නෙවෙයි නේ. එයාට ඕනෙ කරලා තිබ්බෙ මගෙන් ඈත් වෙන්න. ඒක මට තේරිලා තිබ්බේ. මොකද මමත් පොඩි එකෙක් නෙවෙයි නේ.

ඉතිං ඒකට හොදම වෙලාව ආවම අමා ඒකෙන් ප්‍රයෝජන ගත්තා.

මං කොහොමද මේවා සුජී අයියා එක්ක කියන්නේ. මං බංකුවෙන් නැගිට්ටෙ ඇස් වල ඉතුරු වෙලා තිබ්බ අන්තිම කදුලු බිංදුවත් පිහදාගෙන.

” අයියේ මං යනවා අයියේ ගේ ඇතුලට .. හෙට උදේම මාව හිරේ දැම්මත් අමාගෙ ගෙදරට මං යනවා …… ”

මං එහෙම කියලා ගේ දිහාවට ගියා. සුජී අයියා මුකුත් නොකියා මං යන දිහාම බලාගෙන හිටියා.

දවල් ඉදලම අඩලා අඩලා මගේ උගුර කට වේලිලා ගිහින් තිබ්බෙ. මං කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න.

ඒත් මගෙ ඇහැ ගිහින් නතර උනේ දෝනිගෙ කිරි බෝතලේ ළග. තවත් අඩියෙ චුට්ටක් කිරි ඉතුරු වෙලා තිබ්බ බෝතලේ දැක්කම මගෙ කදුලු ආයෙමත් අලුත් උනා. මං වතුර බොන්න ආව එක පැත්තකින් තියලා දෝනිගෙ කිරි බෝතලේ අරන් පපුවට තුරුල් කරගත්තා. මට මැවිලා පේන්න පටන් ගත්තා ඉස්සර අමා මේ කුස්සියෙ ඇතුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද කෑම හැදුව හැටි. එයා මාව කොච්චර පැන්නුවත් මං පිටි පස්සෙන් ඇවිල්ලා එයාව බදාගත්ත හැටි …… එතකොට එයත් මාව ආදරෙන් බදාගත්ත හැටි …. ඊළගට අපේ දූ පැටියත් අපි ළගට ඇවිල්ලා හුරතල් උන හැටි මට මැවිලා පෙනුනා.

මං එහෙම්ම පුටුවකට බරවෙලා ඉදගත්තා.ඊට පස්සේ මේසෙට ඔලුව තියාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

දෝනි මොනවා කරනවා ඇද්ද ?
ගෙදර හිටියනම් මේ වෙලාවෙ දගලලා දගලලා ඇගිල්ලත් කටේ ගහන් දොයි ..
මාව හොය හොය අඩනවද දන්නෙත් නෑ …
අමා මොනවා කරනවා ඇද්ද .. ?
එයාට නිකමටවත් මාව මතක් වෙන්නෙ නැද්ද දන්නෑ ….

මේ වගේ දාහක් දේවල් මට කල්පනා උනා. කල්පනාව මැද්දෙම මට කීයට නින්ද ගියාද කියන්න මට මතක නෑ.

උදේ මට ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි දොරට තට්ටු කරන සද්දෙට. මං එහෙම්ම නැගිටලා අඩියට දෙකට සාලෙ දිහාවට ගියා. ඇත්තමයි මං හිතුවෙ අමා ආයෙමත් මගෙ ළගට ඇවිල්ලා ඇති කියලා. ඒත් දොර ඇරියම මගේ බලාපොරොත්තු සේරම සුන් වෙලා ගියා.

” PHI මහත්තයා … හදිස්සියෙම මොකද මෙහේ ……. ”

” මේ ගෙදර නිරෝධානය කරන්න වෙනවා අපිට ……. ”

PHI මහත්තයා කිව්ව කතාව මට ඇත්තටම තේරුනේ නෑ. වෛරස් එක නිසා අවදානමක් තියෙන අය , ආසාදිතයෝ ළගින් ආශ්‍රය කල අය නිරෝධානය කලත් අපේ ගෙදර නිරෝධානය කරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා.

” ඇයි මහත්තයෝ අපේ ගෙදර නිරෝධානය කරන්නේ …… ”

මං ඇහුවම PHI මහත්තයත් මගෙ දිහා බලාගෙන හිටියා.

” අමා නිවර්තනා දිසානායක කියන්නෙ ඔයාගෙ බිරිඳ නේද ? එතකොට නෙතුලි අහස්නා බණ්ඩාර කියන්නෙ ඔයාගෙ දුව නේද ? ”

PHI මහත්තයා අමාගෙයි දෝනිගෙයි නම් දෙක කියද්දි මම හොදටම කලබල උනා.

” ඔව් සර් .. ඒ මගේ වයිෆුයි දරුවයි ”

” මෙහෙම කිව්වම කලබල වෙන්න එපා ,දුවට ඊයෙ ටිකක් අසනීප වෙලා තියෙනවා .. උණ ගැනිලා එයාට..උගුරත් ටිකක් බැරෑඩි වෙලා… ඔයා දන්නවනේ මේ දවස් වල ඉක්මනට පැතිරිලා යන කොරෝනා වෛරස් එක ගැන. .. ඉතිං දුවව ඇම්බියුලන්ස් එකෙන් හොස්පිට්ල් එක්කන් ගිහින් තිබ්බා. ඉතිං මේ පවතින තත්ත්වෙත් එක්ක දුවව පරීක්ෂා කරලා බලන්න ඕනෙ කියලා ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා . ඒක නිසා හැමෝම ස්වයං නිරෝධානයකට යනවනම් හොදයි කියලා අපි හිතනවා ”

PHI මහත්තයා කිව්ව දේවල් අහලා මගේ මුලු ඇගම පන නැතිවෙලා ගියා. දෙයියනේ මගෙ චූටි දුව …..

” මහත්තයෝ …… මගෙ දුව … අනේ එයාට මොනවා හරි වෙයිද මහත්තයෝ ”

මං කෑගැහුවෙ පිස්සුවෙන් වගේ.

” කලබල කරන්නෙපා … ඒක සැකයක් විතරයි .. ඔයා පොඩ්ඩක්වත් කලබල වෙන්නෙපා … අද දවල් වෙද්දි අපිට දැනගන්න පුලුවන් වෙයි දුවගෙ රිපෝට්ස් පොසිටිව්ද නෙගටිව්ද කියලා ”

PHI මහත්තයා කිව්වා.

” අනේ මහත්තයෝ මගෙ දරුවව බලන්න විදිහක් නැද්ද ”

” ඔයා දන්නවනේ .. මේ වෛරස් එකේ හැටියට අපි සාමාන්‍යයෙන් මීටරයක පරතරයක් තියාගන්න වෙනවා … ඉතිං ඔයාගෙ දුවව ඔයාට දැන් බලන්න විදිහක් නම් නෑ …….. කරුනාකරලා අපිට මේකට උදව් කරන්න … ඔයා ස්වයං නිරෝධානයට යොමු වෙන්න .. හැමදේම හොදින් සිද්ද වේවි …. අනික ඒක සැක කිරීමක් විතරයි ”

PHI මහත්තයා කොහොම කිව්වත් මගෙ හිතට නම් නිදහසක් දැනුනෙම නෑ. PHI මහත්තයා ගේ ඉස්සරහා බිත්තියෙ කොළයක් ඇලෙව්වා.නිරෝධානය වෙමින් ඉන්න ගෙයක් කියලා . හැමෝගෙම ආරක්ශාව වෙනුවෙන් මට මෙහෙම ඉන්න සිද්ද උනත් මං දහ අතේ කල්පනා කලේ මගෙ දෝනි ගැන. දෙයියනේ මගෙ කෙල්ලට කොහොමද අසනීප උනේ. ඊයෙත් හොදට හිටියා.

මං කොහෙවත් ඇවිදින්න ගියෙත් නෑ.

” කලබල වෙන්න එපා … ගේ ඇතුලටම වෙලා ඉන්න .. කෑම බීම බෙහෙත් මොනවත් ඕනෙ නම් මේ කොලේ යට තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න .අපි දරුවගෙ තත්ත්වෙ කොහොමද කියලා දවල් වෙලා කියන්නම් …..”

PHI මහත්තයලා ගෙදරින් ගියාට පස්සෙ මං එහෙම්ම දොර පඩිය උඩ වාඩි උනා. මං දහ අතේ කල්පනා කලා මං මොනවද කරන්න ඕනේ කියලා.

” ආ .. මල්ලියේ … මොකෝ බං මේ උනේ … පොඩි එකීට මක් වෙලාද දන්නෑ බං ..”

සුජී අයියා තාප්පෙන් ඉස්සිලා අහද්දි මං හරි අසරණ විදිහට එයා දිහා බැලුවේ.

” මට හිතාගන්න බෑ අයියේ .. මං අමාට කෝල් එකක් දීලා බලන්නම් ”

මං නැගිටලා ගේ ඇතුලට ගියා. මගේ ෆෝන් එකේ සල්ලි තිබ්බෙත් නෑ. ලෝන් එකක් අරන් මං ඉක්මනටම කෝල් කලේ අමාට. ඒත් එයාගෙ ෆෝන් එක වැඩ කලේ නෑ. මං ආයෙම වතාවක් බලාපොරොත්තු කඩ කරගෙන ඇවිත් දොර පඩිය උඩින් ඉදගත්තා .

මං කල්පනා කලේ මගෙ පුංචි කෙල්ල ගැනයි අමා ගැනයි.

ඔව් මගෙ අතින් එයාලට නොසෑහෙන්න අඩු පාඩු වෙන්න ඇති. ඇත්තටම අමා වගේ සැපට හැදුන කෙල්ලෙක් ඒ හැම දෙයක්ම දාලා මං එක්ක ආවෙ මං ගැන ලොකු විශ්වාසයක් තියලා.

ඒ ඇවිත් අමා නොසෑහෙන්න දුක් වින්දා. මං කවදාවත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නෙ නෑ. ඉගෙන ගන්න එක පැත්තක දාලා මං කුලී වැඩ හොයාගෙන ගියා. ඉගෙන ගෙන තිබ්බත් මට කොහේවත් රස්සාවක් හම්බ උනේ නෑ. ඒ අස්සෙ මට යාලුවෝ කිව්වා ළමයි දෙතුන් දෙනෙක් හොයාගෙන උගන්නපන් කියලා.

මං ළමයින්ට ඉගැන්නුවත් ඒවට සල්ලි ගත්තෙ නෑ. නිදහස් අධ්‍යාපනයෙන් දුක් විදලා ඉගෙන ගත්ත මං ඉගෙනීමේ අගය හොදට දැනගෙන හිටියා. ඒ නිසා මට මේ ස්කීම් එකේ හිටිය දුප්පත් ළමයින්ගෙන් සල්ලි ඉල්ලන්න හයියක් තිබ්බෙ නෑ.

කොහොම උනත් මං අමාට කිසි අඩුවක් කලේ නෑ. මං නොකා ඉදලා හරි කෙල්ලට කන්න දුන්නා. අමාත් එයාගෙ ආදරේ අඩුවක් කලේ නෑ.
ඒක මට හැමදේටම වඩා හයියක් උනා.

දුව ලැබුනට පස්සෙ අපිට වියදම ටිකක් වැඩි උනත් මම කොහොම හරි පිරිමහ ගත්තා. අමා ආස දෙයක් දුව ආස දෙයක් අරන් දෙන්න මං දෙපාරක් හිතුවෙ නෑ.

ඒ කොහොම උනත් කාලයක් යද්දි අමා එයාගෙ යාලුවන්ව දකිද්දි එයා එයාගෙ ජීවිතේ එයාගෙ යාලුවන්ගෙ ජීවිතත් එක්ක සසදලා බලන්න පටන් ගත්තා. ඉන් පස්සෙ තමයි එයා ටිකෙන් ටික වෙනස් උනේ.

රටක් ලෝකයක් දන ගහපු මේ වෛරස් එක ඉස්සරහා මමත් සෑහෙන්න අසරණ උනා. මගේ ලෝකෙ උනේ අමායි මගෙ දුවයි විතරයි. අපේ අම්මලා පොළොන්නරුවෙ එන්න කියලා මට කතා කලත් අමා එහේ යන්න අකමැති උන නිසයි මෙහෙම නතර උනේ.

රට වටේම ඇදිරි නීතිය දාද්දි දවස ගානෙ කුලී වැඩ කරලා ජීවත් උන මං කල්පනා කලේ කොහොමද අමාගෙයි මගෙ දෝනිගෙයි බඩගින්න නිවන්නෙ කියලා. වෛරසේ ඉස්සරහා මරණ බයට වඩා මට තිබ්බෙ බඩගින්දර උහුලන බය.

අපි වගේ පොඩි මිනිස්සුන්ට මොන දේවල් උනත් තුන්සිය හැටපස් දවසෙම ඇවිලෙන එකම ගින්න තමයි බඩගින්න. රටේ ලෝකෙ හැමෝටම ඒක තේරෙන්නෙ නෑ.

කොහේ හරි කුලියක් කරලා කීයක් හරි හොයාගන්න මට ඕනෙ උනත් මේ ඇදිරි නීතිය අස්සේ කවුද කුලියක් දෙන්නේ. අනික රටේ ඒ කොනෙන් මේ කොනෙන් දවස ගානෙ ආසාදිතයෝ හම්බ වෙද්දි මං කොහොමද හිතු මනාපෙට එළියට බැහැලා රස්සා හොයාගෙන යන්නෙ.

ලෝකෙ මිනිස්සු මැරෙන විදිහ දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා. මේවත් පන ගැහෙන ජීවිත නේද දෙයියනේ කියලා හිතෙනවා. අනේ ඉතිං දෙමව්පියන්ට දරුවො දරුවන්ට දෙමව්පියෝ කොච්චර නම් නැති වෙන්න ඇද්ද ?

ඒ අස්සෙ මට මැවි මැවි පෙනුනෙ මගෙ දෝනිගෙ මූන. මේ පැය විසි හතර ඇතුලත කොහොමද දෙයියනේ මගෙ කෙල්ලට මෙහෙම දෙයක් උනේ.

මං දෙයියෝ බුදුන් වැද වැද ප්‍රාර්ථනා කලේ මගෙ කෙල්ලටවත් අමාටවත් කිසිම දෙයක් වෙන්නෙපා කියලා.

දවල් එකත් පහු උනා. මං හිටියෙ ඇවිලි ඇවිලි.

” අශාන් මල්ලි … ආරංචියක් නැද්ද ”

සුජී අයියා තාප්පෙන් ඉස්සිලා මගෙන් ඇහුවා.

” නෑ අයියේ … තාම කෝල් එකක්වත් නෑ .. ෆෝන් එක අතේමයි තියන් හිටියේ ”

මං ඔලුව උලුවස්සට හේත්තු කරගෙන කිව්වේ. සුජී අයියත් එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ. තවත් පැය භාගයක් මේ විදිහටම ගෙවිලා ගියා.

ට්ර්ර්ර්ර්ර්ර්………. ට්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ….

ෆෝන් එකට කෝල් එකක් ආවම මං ගැස්සිලා ගියා. ස්ක්‍රීන් එකේ ” මැණික ” කියලා වැටෙද්දි මගෙ හිතට පුදුම සැනසීමක් දැනුනේ.

” හෙලෝ … මැණික .. , කොහෙද ඉන්නෙ .. කෝ චූටි දූ ….. ”

මං කතා කලේ කලබලෙන්.

” හෙලෝ අයියේ .. මං මාෂි කතා කරන්නේ ”

එහා පැත්තෙන් කතා කලේ අමාගෙ නංගි. මං තවත් කලබල උනා එයා කතා කලාම.

” නංගි … කෝ අමා … අනේ දුවට කොහොමද නංගි … කෝ දැන් එයා ”

” කලබල වෙන්නෙපා අයියේ .. දැන් ඇම්බියුලන්ස් එකක් එයි ඔයාව එක්කන් යන්න. දුවට ඔයාව බලන්න ඕනෙලු ”

මාෂි ඉකි ගගහා කියද්දි මටත් ඇඩුනා. පව් මගෙ අසරණ කෙල්ල.

” මං ලෑස්ති වෙලා ඉන්නම් නංගි ”

මං එහෙම කියලා තප්පර ගානකින් මාෂි කෝල් එක කට් කලා.

මං පුටු ඇන්දෙ දාලා තිබ්බ ෂර්ට් එකක් ඇගට දාගත්තා. අල්මාරියෙ දාලා තිබ්බ මාස්ක් එකකුත් අරගෙන දාගෙන ආයෙමත් උලුවස්ස උඩින් වාඩි වෙලා මං බලාගෙන හිටියෙ ඇම්බියුලන්ස් එක එනකන්. මට මගේ දුවගෙ මූණ දකිනකන් ඉවසිල්ලක් තිබ්බෙ නෑ.

විනාඩි විස්සක් යද්දි ගේ ඉස්සරහට ඇම්බියුලන්ස් එක ආවා.

” මල්ලි මේ මොකෝ ”

සුජී අයියා ඇහුවේ කලබලෙන්.

” දෝනිට මාව බලන්න ඉල්ලනවලු අයියේ ”

” එහෙමද බං .. අනේ පරිස්සමට ගිහින් වරෙන් මල්ලි …”

මං සුජී අයියා එක්ක හිනාවෙලා ගිහින් ඇම්බියුලන්ස් එකට නැග්ගා. ස්කීම් එකේ කීප දෙනෙක්ම ගෙවල් වලින් එළියට බැහැලා බලාගෙන හිටියත් මට නම් ඒ ගැන ගානක්වත් උනේ නෑ. මගේ සිහියෙ හිටියෙ දුවයි අමායි. මට මැවිලා පෙනුනෙ ඒ දෙන්නව.

දුවෙක්ට තාත්තෙක් මිස වෙන මොන පිරිමියද ආදරේ.

මං ඇම්බියුලන්ස් එකේ යන ගමනුත් දාහක් දේවල් කල්පනා කර කර ගියා. ඒ යද්දි මගෙ මතකෙට ආවෙ වීල් එකක පිටි පස්සෙ ගහලා තියෙනවා මං අහම්බෙන් දැක්ක වැකියක්.

” පුතෙක් ඉපදෙන්නෙ තාත්තෙක්ගෙ වාසනාවට. ඒත් දුවෙක් ඉපදෙන්නෙ මුලු ලෝකෙම වාසනාවට. ”

දුවෙක් කියන්නෙ ලෝකෙටම වටින ලෝකෙම ලස්සන කරන සුවඳ මලක්. මට හැමදාම හිතුනෙ එහෙමයි.

අපි විනාඩි විස්සකින් විතර ටවුමෙ ඉස්පිරිතාලෙ ළගට ගියා.

” බහින්න…. ”

මූණු අත පය ඔක්කොම කවර් කරගෙන හිටිය නර්ස් කෙනෙක් මට කිව්වා. හොස්පිට්ල් එක ඉස්සරහා ආමි එකේ කොල්ලො දෙතුන් දෙනෙක්ම හිටියා. දොස්තරලයි නර්ස්ලයි ආරක්ෂක අංශයි තමයි අපේ රට රකින දෙයියෝ.

මං හොස්පිට්ල් එකට ඇතුල් වෙන්න කලින්
ආමි එකේ මල්ලි කෙනෙක් ඇවිත් මට විෂබීජ නාශක දියර දුන්නා අත් සෝදගන්න. තව මල්ලි කෙනෙක් විෂබීජ නාශක දියර ස්ප්‍රේ කලා.

ඔක්කොම ඉවරවෙලා මං අර නර්ස් එක්කම මීටරේක පරතරේ තියාගෙන හොස්පිට්ල් එක ඇතුලට ගියා.

නර්ස් මාව එක්කන් ගියේ වෙනම වාට්ටුවකට.
ඒකෙ කෙලවරක තිබ්බෙ වීදුරු කාමරයක්. මං දැක්කෙ ඒ කාමරේ ඇතුලෙ අමා දෝනිවත් වඩාගෙන බලාගෙන ඉන්නවා.

” මිස්‍ටර් අශාන් … ඔයාට වීදුරුව ළගට ගිහින් කතා කරන්න පුලුවන් ඔයාගෙ වයිෆ්ටයි බබාටයි. කියන්න සතුටුයි , එයාලා කොරෝනා ආසාදිතයො නෙවෙයි … මං හිතන්නෙ චූටිදූට ඔයා නැති සාංකාවට තමයි උණ හැදිලා තියෙන්නේ … ඔයාව එයාලා ළගට යවන්න බෑ , ඔයා ආවෙ එළියෙ ඉදන් නිසා. තේරෙනවනෙ.. වැදගත්ම දේ එකිනෙකාගෙ ආරක්ශාව. දැන් ගිහින් එයාලා එක්ක කතා කරන්න ”

නර්ස් කිව්වා.

මට හරියට රටක් රාජ්ජයක් පහළ උනා වගේ.
මං වීදුරු කාමරේට ළං වෙද්දි දෝනි අත්පුඩි ගහ ගහ හිනා උනා . අමා නම් හිටියෙ බිම බලාගෙන. මට මූණ දෙන්න බැරුව වගේ.

ජීවිතේ පළවෙනි වතාවට ලොකු දුකක් එක්ක හද කීරි ගැහිලා යන වේදනාවකුත් මට දැනුනා.

පුංචි ළමයි එයාලගෙ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා වීදුරුවක් දෙපැත්තෙ ඉදන් කතා කරනවා ටීවී එකේ මේ දවස් වල අනන්තවත් පෙන්නනවා. සමහර මිනිස්සුන්ට ඒවාගැන කිසිම හැගීමක් නෑ. ඒත් තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන අය ඇහැට පෙනි පෙනිත් දෙපැත්තට වෙලා ඉන්න වෙද්දි දැනෙන වේදනාව අද මං අත්දැකීමෙන්ම වින්දා.

ඒක හදවත කකියවන වේදනාවක්. බදාගන්න… උණුහුම දෙන්න ඕනෙම තැන්වල දෙපැත්තට වෙලා ඉන්න උනාම කොහොමද හිත ඒ වේදනාව දරාගන්නේ.

ඒ හින්දම වීදුරුව ළගට ළං උන ගමන් මං අඩා වැටුනා. චූටි දූත් මං ළං වෙනකන් හිනාවේගෙන හිටියට මාව දැක්කම අඩන්න පටන් ගත්තා.

තාත්තා …..තාත්තා කියලා දෝනි වීදුරුව දිහාවට අත දික් කලා.

අමා දූවත් අරගෙන තව ටිකක් වීදුරුවට කිට්ටු උනාම කෙල්ල වීදුරුවට අතක් තිබ්බා. මම මෙහා පැත්තෙ ඉදන් එයාගෙ අත ළගින්ම මගේ අතත් තිබ්බා.

දෝනිට හරි සතුටුයි. මටත් එහෙම්මමයි.

තප්පර විනාඩි වෙලා ඉක්මනට ඉක්මනට වෙලාව ගෙවීගෙන ගියා. දූගෙ හිනාවයි එහෙන් මෙහෙන් ගලපලා කියන වචනයි ඇරෙන්න අමාවත් මංවත් වචනයක්වත් කතා කලේ නෑ.

අන්තිමට ඒ නිහැඬියාව බින්දෙත් අමාමයි.

” අශාන් ……. මට.. මට සමාවෙන්න අශාන් …… ”

අමාගෙ ඇස් වලින් කදුලු කැට කඩන් වැටෙද්දි මගෙ ඇස් වලටත් කදුලු ආවා.

” මං මහ පවක් කරගත්තේ … මට නොදැනිච්ච ඔයාගෙ ආදරේ .. අපේ දෝනිට හොදටම තේරුනා අශාන් … එයාවත් එක්කන් අපේ ගෙදර ගිය වෙලාවෙ ඉදන් දෝනි ඇඩුවා. නැලවුනේම නෑ. අඩලා අඩලා රෑ එයාට උණ ගත්තා.එයාගෙ උගුරත් බැරෑඩි උනා අඩලම. උණ බැස්සේ නෑ. බයටම අපි හොස්පිට්ල් කෝල් කලාම ඇවිල්ලා එක්කන් ආවා අපිව. ගෙදර අයටත් නිරෝධානය වෙන්න කිව්වා…. මගෙයි මහත්තයෝ වැරැද්ද …. ”

” මැණික .. දැන් අඩන්නෙපා මැණික … මං කවදාවත් ඔයාලට මගෙ ආදරේ අඩු කලේ නෑ.. හැබැයි මගේ අතින් ඔයාලට අඩු පාඩු ගොඩක් සිද්ද උනා රත්තරන් .. ඒකට මට සමාවෙන්න .. ඒත් මං ඔයාලට පන නෑර ආදරෙයි .. ඔයාලගෙන් තොර ලෝකයක් මට තිබ්බෙ නෑ … ”

මං වීදුරුවට අත් දෙකම තියාගෙන අඩ අඩ කිව්වා.ඒ වෙද්දි වාට්ටුවෙ ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි අපි දිහා බලාගෙන හිටියේ.

” මං දන්නවා අශාන් … මට දැනුයි ඔයාගෙ ආදරේ තේරෙන්නේ … මෙච්චර දවසක් ඔයා එක්ක ආදරෙන් හිටිය මට මගෙ යාලුවො සැප ජීවිත ගත කරද්දි මගේ ජීවිතේ ගැන දුක හිතුනා … මගෙයි වැරැද්ද …අශාන් .. මට සමාව දෙනවා නේද … ”

අමා මගෙන් අහද්දි මං එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.

” මැණික ආදරේ කියන්නෙ සල්ලි නෙවෙයි. ඒත් පවුලක් උනාම , සල්ලි නැතුව ආදරේ විතරක්ම තිබිලා මදි කියලා මට තේරෙනවා. හැබැයි, මොන බාදක ආවත් ආදරේ නොවෙනස්ව තියෙනවා නම් , ජීවිතේ ඉස්සරහට යන්න ඒක ලොකු හයියක් වෙනවා මැණික . හැමදේම නැතිවෙලා යද්දි ,මට ඔයාගෙ ආදරේ තියෙනවා කියලා සැනසෙන්න පුලුවන් එතකොට.. ඊට පස්සෙ කලින්ටත් වඩා හයිය අරන් වැඩ කරන්න පුලුවන් .. ඒ හයිය මට දෙන්න රත්තරනේ …. මට ඒ හයිය දෙන්න … ආයෙ ඔයාලව දුකට ඇදලා දාන්නෙ නෑ මං .. සත්තයි … ”

කම්මුල් දිගේ කදුලු ගලාගෙන යද්දි මං කිව්වෙ වීදුරුව එහා පැත්තෙන් තියෙන අමාගෙ අත ළගින්ම මගෙ අනිත් අත තියලා.

” අශාන් …. ආයෙ අපිට දුක් විදින්න වෙන එකක් නෑ .. අපේ අම්මලා ඔයාවයි මාවයි එයාලගෙම දරුවො හැටියට භාර ගන්න කැමති උනා … රත්තරන්.. මට සමාවෙන්න මහත්තයෝ … මට තාම ලැජ්ජයි .. මේ නොදරුවට තේරුන ඔයාගෙ ආදරේ මට තේරුනේ නෑ … ”

” අමා …මං හැමදාම කිව්වේ ..දරුවො කියන්නෙ අපිට සම්පතක්. අම්මලා තාත්තලා වැරදි පාරවල් වල යද්දි සමහර වෙලාවට දරුවො තමයි අපිව හරි පාරට දාලා අපිව එකතු කරන්නේ … අපේ දෝනිත් ඒ වගේ. අපිව ආයෙමත් ළං කලේ අපේ චූටි දුව …….. ”

මං චූටි දුව කියනවා ඇහිලා දෝනි චූටි අත් දෙකෙන් අත්පුඩි ගහලා හිනා උනා. ඒ හිනාව දකිද්දි මගේ හිතම පිරිලා ගියා.

” ආදරෙයි මහත්තයෝ … කවදාවත් ආයෙ ඔයාව මෙහෙම දාලා යන්නෙ නෑ …”

” මාත් ආදරෙයි මැණික … හැමදේම හොදින් සිද්දවෙයි . මේ වෛරස් එක නිසා මේ රටේ ලෝකෙ කොයිතරම් අය දුක් විදිනවා ඇද්ද .. ඒ හැමදේම ඉක්මනට අඩු වෙලා වෙනදා වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මැණික ”

මං එහෙම කියලා අමා දිහා බලලා හිනා උනා.
මං වීදුරුවට තියලා තිබ්බ අත ළගින් එහා පැත්තෙ ඉදන් දෝනි එයාගෙ චූටි අත තිබ්බා. අමා දෝනිගෙ අතට උඩින් අත තිබ්බා.

ජීවිතේ කවදාවත් නැති විදිහට අපි ළං වෙලා කියලා වගේම වෙනස්ම විදිහෙ දුරස්ථ බවකුත් අපිට දැනුනා. රටේ ලෝකෙ නීතියෙ හැටියට අපිට ඈත් වෙලා ඉන්න සිද්ද වෙනවා.

ඒ ඉතිං අපේ වගේම අපේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්මයි. එහෙම නැති උනොත් අපි වගකීමක් නැතුව වැඩ කලොත් දුක් වෙන්න වෙන්නෙත් අපිටම තමයි.

ඒක නිසා අපි අපේ ආරක්ශාව වගේම අනිත් අයගෙ ආරක්ශාව ගැනත් හිතන්න වෙනවා. මොකද අපි එක්ක ඉන්නෙ අපිට ලෙංගතුම අය. ඉතිං එයාලා හැමෝගෙම ආරක්ශාව තියෙන්නෙ අපේ අතේ.

අපි ආරක්ශා උනොත් රටම ආරක්ශා වෙයි.

මං අමා දිහයි දෝනි දිහයි බලලා ආදරෙන් හිනා උනා.

” දවස් දාහතරක් කොහොම හරි ඉවසන්නම් මැණිකේ… ඉන් පස්සෙ අපි ආයෙමත් අපේ ළගමයි ”

මං කිව්වම අමා මුකුත් නොකියා හිනා උනා.
ඒ හිනාවයි දෝනිගෙ හුරතලෙයි මට මහමෙරක් තරම් වටිනවා.

ඉතිං මගේ නිවන මගේ මැණිකයි දෝනියි තමයි හැමදාමත්.

මට මතක් උනේ ඒලෙවල් කාලෙ මං කියෙව්ව පොතක්.

කොළරා කාලෙ ආලෙ රුසියන් කතාවෙ , ෆ්ලොරෙන්තිනෝ අරීසා , එයා ආදරේ කල ෆර්මිනා වෙනුවෙන් අවුරුදු පනහකටත් වඩා මග බලාගෙන හිටියා.

ඉතිං කොළරා කාලෙ ආලෙ එහෙමනම් ,කොරෝනා කාලෙ මගේ ආදරේට මගෙ මැණිකයි දෝනියි වෙනුවෙන් දවස් දාහතරක් බලාගෙන ඉන්න බැරිද ?

පුලුවන් …මට පුලුවන් .. මොකද මං එයාලට ඇත්තටම ආදරේ නිසා.

ගෙවී ගිය කාලය
ආයෙමත් ඒවි ,
අදුරු යුගය ඉක්මනින්ම
ගෙවී යාවි ,
ඉතිං ඉවසන්න
ඔබේම ආදරණීයන් වෙනුවෙන් ,
මතක ඇතුව
” කොරෝනා කාලෙ ආලෙ ”
අතේ දුරින් තබාගෙන
වසන්තය පැමිණෙන තුරු
බලා , විද , සැනසෙන්න ……

හදවත් වල ආදරේ තියෙනකන් ඒ ආදරේට පුලුවන් අපිව ජීවත් කරවන්න. ඒකයි සැබෑ ආදරේ තියෙන ප්‍රාතිහාර්යය.

නිමි

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ කතාව ලියන්න ප්‍රදාන වශයෙන්ම හේතු උනේ මේ වෙනකොට අපේ රට විතරක් නෙවෙයි මුලු ලෝකයම මූණ දීලා ඉන්න කොරෝනා වෛරස් එක ගැන කෙටි කතාවක් හරහා ඔයාලා හැමෝවම දැනුවත් කරන්න.
මේ වෛරස් එකෙන් අපි ආරක්ශා වෙන්නෙ කොහොමද කියලා වගේම වගකීමක් ඇතුව අපි හැසිරෙන්න ඕනෙ කොහොමද කියලත් මම පුලුවන් උපරිම විදිහට මේ කතාවෙන් පෙන්නලා දීලා තියෙනවා.

ඒ වගේම මම මේ කතාව ලිව්වෙ ඔයාලට පුංචිම හරි ආදර්ශයන් කීපයක් දෙන්න. මේ වෛරස් එකත් එක්ක දිගටම පවතින ඇදිරි නීතිය නිසා එදිනෙදා කීයක් හරි හම්බ කරගෙන ජීවත් උන මිනිස්සු දැන් ජීවිතේ ගැටගහගන්නෙ හුගක් අමාරුවෙන් . ඉතිං ඔයාලගෙ ගෙවල් අවටත් ඒ වගේ අය ඉන්නවා නම් එයාලට පුලුවන් විදිහකට උදව් කරන්න කියලා මං ඉල්ලනවා. මොකද මේ තමයි හොදම වෙලාව නැති බැරි අයට උදව් කරන්න. හැබැයි අතේ දුරින් ඉදගෙන උදව් කරන්න ඕනෙ කියන එක අමතක කරන්නෙපා.

ඒ වගේම , මට තවත් දෙයක් කියන්න ඕනෙ උනා. ඒ තමයි ආදරේ ගැන. ඇත්තටම ජීවත් වෙන්න ආදරේ විතරක්ම තිබිලා මදි . ඒක තමයි ප්‍රායෝගික ඇත්ත. ඒත් ආදරේට නිර්වචනයක්වත් සල්ලි වලින් වටිනාකමක්වත් දෙන්න අමාරුයි. හැබැයි සැබෑ ආදරේට ඕනෙම බාදාවක් ජය ගන්න පුලුවන් . දුප්පත් උනත් පෝසත් උනත් තමන්ගෙ අරමුණට යද්දි තමන් එක්ක නොවෙනස්ව ඉන්න ආදරයක් තියෙනවා නම් ඒක හිතට ලොකු හයියක්. ඉතිං භෞතික දේවල් පස්සෙ ගිහින් ආදරේ කියන උතුම් වටිනා දෙය නැති කරගන්න එපා.

ඉතිං මේ කොරෝනා කාලෙ , ආදරේ උනත් අතේ දුරින් ඉදන් කරන්න. මොකද අපේ ආදරණීයන්ට අපි ඇත්තටම ආදරෙයි නම් රටේ නීතියට අනුව වගකීම් සහගතව ජීවත් වෙන්න ඕනෙ. එහෙම උනොත් අපිත් රැකේවි. අපේ රටත් රැකේවි .

මං හිතනවා මේ කතාවෙන් ඔයාලා රසවින්දනයක් වගේම ආදර්ශයකුත් ගන්න ඇති කියලා. ඒක තමයි මගෙ එකම සතුට. හැමදාම වගේ මට කියන්න තියෙන්නේ මගේ කතා කියවන හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා. වැරදි අඩුපාඩු සෑහෙන්න ඇති. ඒවට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ” සමනල පියාපත් ” කතාව ඉක්මනට ඔයාලට අරගෙන එනවා කියලා මං පොරොන්දු වෙනවා.

හැමදාම ඔයාලගෙ මේ ලෙංගතුකම ආදරේ තියාගන්න. ඒක මට හයියක්. ඔයාලා හැමෝටම බුදුසරණයි. පරිස්සම් වෙන්න. සතුටින් ඉන්න හැමෝම. හැමෝටම ආදරෙයි. මං ඔයාලගෙ සුමිත් අයියා.

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

116 thoughts on “❤️ කොරෝනා කාලෙ ආලේ ❤️ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

    1. සෙසඳි

      හ්ම්ම්ම් ….. මොනාද ලොකූ කියන්නෙ? මුලින්ම ඔයා හොදින් නේද? ලෙඩක් දුකක් තියෙනවා නම් ඉක්මණට සනීප වෙන්න ….

      කොරෝනා කාලේ ආලේ…. ආසාවෙන් හිටියෙ ඔයා දාපු මේ කෙටි කතාව කියවන්න…. වචන නෑ අයියෙ කියන්න… ඔයා ලස්සනට කතාව ගලපනවා… කොහොමද අනේ මෙච්චර දිගට කතාව ලිව්වෙ? මාරයි… පව් මගෙ ලොකූගෙ අතත් සිදෙනවා ඇති…. තව තවත් මේ වගෙ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ…. ??????????
      අයියගෙ කතාවෙ මගෙ හිත ගියපු වචන සෙට් 1 තමයි ” දුවෙක්ට තාත්තෙක් මිස මොන පිරිමියද ආදරෙ ” ඒ කතාව නම් සහතික ඇත්ත අයියෙ.. අන්තිම වචන ටිකත් මාර ගති… ???????

      පරිස්සමෙන් ඉන්න වෙලාවට බේයි ටික බොන්න… බුදුසරණයි ?????????????? ?????????????

      1. සදි අක්කී ඒක නම් ඇත්ත. මං ඒ ට්ක දෙතුන් පාරක් කියෙව්වා අක්කී. ඒක ඇත්ත තාත්තා තරම් නෑ කවුරුත් කවදාවත්.

      2. උක්කූං පුතා(SuMi )

        සෙසදී nangiya බොහොමත්ම ස්තූතියි ඔයාට මේ කෙල්ලත් එක්ක නම් කාටවත් 1st කොමෙන්ට් එක දාන්න බැරි වේවි වගේ. අද කාලෙට ගැලපෙන විදිහට තමයි කෙටි කතාව ලිව්වේ නංගී.. මේකත් ලිව්වේ ඔයගොල්ලන්ට සමනල පියාපත් දෙන්න පරක්කු වෙන නිසා..ඔන්න සුභාරංචියක් මං සමනල පියාපත් update කරා ලඟදිම බලන්න පුලුවන් .. ඔයාලගෙ කොමෙන්ට් තමයි මගෙ වත්කම මං කොමෙන්ට් වලට පෙරේතයි කියලා ඔයාලා දන්නවා.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

    2. උක්කූං පුතා(SuMi )

      ඔන්න උක්කුං අයියා ආවා.. කෝ එන්න මගේ දඟ සෙට් එක ඔන්න මං ඔක්කොටම රිප්ලයි කරගෙන යන්න හදන්නේ

    1. සෙව්මි

      කතාව හරිම ලස්සනයි අයියේ … හරිම ආදර්ශමත් කතාවක්… දිහ කමෙන්ට් එකක් දාන්න වෙන්නේ නෑ අයියේ .. තලා වෙන්න එපා හලිද … විභාගෙ හින්දා මේ දවස් වල මං ඇප් එකට එන්නේ අඩුවෙන් අයියේ .. පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරනයි ??????

      1. උක්කූං පුතා(SuMi )

        ගොඩක් කාලෙකින් සෙව්මි නංගියෝ ඉතින් ඔයාට කොහොමද පාඩම් වැඩ හොඳින් කරගන්න මං ගියා එච්චරයි අපිට ඉස්සරහට ඉතුරු වෙන්නේ.. පොඩි කොමෙන්ට් එකක් වුණත් මට ඒක ලොකු සතුටක් ඒක තමයි මගෙ වත්කම.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  1. ?නොහදුනන්නී ?

    ස්වභාදහමට කරපු වරදට
    ලැබෙන දඩුවම මෙයමදෝ
    නොහිත කෙරුවත් හිතල කෙරුවත්
    දඩුවමක් දැන් වින්දදෝ
    දැනෙන බිය අද කාට කාටත්
    කරුමයම පල දීලදෝ
    සෑම කෙනෙකුට ලෝක තත්වය
    දැනටමත් තේරිලාදෝ…..

    1. සෙසඳි

      කවුද මේ…? ??????
      ලස්සනයි මැණික ?????

      සොබාදහමින් දුන්නු දඬුවම
      කාට කාටත් තේරිලා…
      නැවත හඬගා කෑ ගසයි සැම
      සොබාදහමට එක් වෙලා…
      වයස තනතුරු මිල මුදල අද
      සෑම තැනකම පැරදිලා…
      කවුරු කවුරුත් විඳී දඬුවම
      ගේ ඇතුලටම හිර වෙලා…

    2. උක්කූං පුතා(SuMi )

      සොබා දහමට නොවී අවනත
      කරපු දෑ බොහොමයි ලොවේ
      නැතිව ඉවසුම් සොබා දම් මව
      ඉගැන්විය ලෝ දම් රගේ
      සිදුව විපතක් සියල්ලොම දැන්
      මර බියෙන් ගැහෙනවා අනේ
      ඉතිං දැන්වත් වටහගෙන හැම
      යන්න ජීවිත මං පෙතේ

      නොහදුනන්නි නමේ ලස්සනටත් කවියක් ලස්සන.. කතාවට ගැලපෙන්නම කවියක් ලියලා බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

    1. කතාව හරි ම ලස්සනයි අයියේ.මේවගේ අවස්ථාවක දැනුවත් වෙන්න ඕන හැමදේම මේ කතාවේ තියනවා.මේවගේ කතාවක් ලියපු එක ඇත්තටම ගොඩක් වටිනවා අයියේ.
      ඔයාගෙ කතාව නම් හරියටම හරි අයියේ.
      කොච්චර සැප සම්පත් සල්ලි තිබුනත් බැදීමක් ශක්තිමත් වෙන්න ආදරේ ඕනෙමයි.සල්ලි කියන්නෙ හම්බකරන්න පුලුවන් දෙයක්.ලැබෙන පුංචිම හරි දේකින් ජීවත් වෙන්න පුලුවන් පව්ලක ආදරේ සතුට සැනසීන තියනවනම්.ආදරයක් සතුටක් සැනසීනක් නැතුව මොන සැපක් තිබුනත් ඒකේ කිසිම වටිනාකමක් නෑ.

      වැඩියෙන් කිය උනාද මන්දා ???

      හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න . ලෙඩ වෙලා ඉන්න අය ඉක්මනින් සනීප වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
      හැමෝටම ජේසු පිහිටයි !!!!!!

      1. සෙසඳි

        මටත් හිතෙන්නෙ වැඩියෙන් කියවලා වගෙයි මචී කාලෙකින්.. ලොකූම එන්න ඕනේ දිග කමෙන්ට් කොටන්න මේ අපේ අයට… ????????? කමෙන්ට් පේරේතයා…. ඉක්මණට එන්නෝ…. ඔයා අඩුයි….

        1. අපොයි මම කියවන්න ගත්තොත් නවත්තනවා බොරු ආය.අපේ අම්මා කියනවා මම ඉපදිලා දවස් ගානකින්ම කියවන්න ගත්තලු.මී ඇස් දෙක පල්ලා මචෝ .?

      2. උක්කූං පුතා(SuMi )

        1st ටයිම් ද දන්නෑ මේ ඇන්ටි මට මෙච්චර දිග කොමෙන්ට් එකක් දැන් මේ ඒකට නම් මගෙයි පොජ්ජ මොනවද මොනවද වුණා.. ඇත්තටම ඉතින් දන්නවනේ උක්කුං පුතා මේ වගේ ටික කොමෙන්ටුවට ආසයි කියලා.. චුට්ටක් අසනීපෙන් ඉන්න ඒක නිසා ඔන්න දිග රිප්ලයි නම් නෑ හොඳ.. ඇත්තටම මගේ සතුට මගේ වත්කම මේ දාන කොමෙන්ට් තමයි බොහෝමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් වෙන්න ඕනේ හරිද තෙරුවන් සරණයි

    1. ලොකු අයියේ ඉක්මනින් සනිප වෙලා එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං.

      කතාව නම් ගොඩාරියක් ලස්සනයි. ගොඩක් ආදර්ශමත්. අද කාලෙට උචිත කතාවක්. දිගට ලියලා . .කොරෝනා වෛරසය ගැන විතරක්ම නෙමෙි එක එක පැතිකඩ වලින් ලොකු පාඩමක් අපිට උගන්නලා. ආදරේ ,මුදල් , දුප්පත්කම , පෝසත්කම , අධ්‍යාපනය ගොඩක් දේ ගැන.

      ආදරේ නම් හරි බොලදයි. අපි කරන කියන දේ හරිද වැරදිද බලන්නේ නෑ. ඉක්මන් තීරණ ගන්නවා. පස්සේ පසුතැවෙනවා. ආදරේ කරන්න නෙමේ සල්ලි ඕන ජීවත් වෙන්න. ඒත් අවංක ආදරය ලග මුදල් කියන දේ යට යනවා. ආදරය අවංකකම විශ්වාසය ගොඩනැගෙන තැන ඕනෙ දෙයක් කරන්න පුලුවන්. හැමදේම ඉවසන්න පුරුදු වෙන්න ඕන.

      ?තාත්තා ?එයාව මතක් කලාට සතුටුයි ලොකු . ඇත්ත තාත්තා තරම් කෙල්ලෙක්ව රකින, ආදරේ කරන කෙනෙක් නෑ. ඒක ගොඩක් අයට අමතකයි.
      ගෑනු ලමයි ලෝකෙට වාසනාවයි නේද. ???
      තෑන්ක්ස් හොදේ.

      රටේ පවතින් තත්වය නිසා අපි වෙනුවෙන් කැප වෙන වීරෝධාර රණවිරුවන් , සෞඛ්‍ය සේවයේ නියුතුවූවන්, සියලූම දෙනාව මතක් කරනවා ආදරෙන්. ඒ අයව මේ කාලෙට ව්තරක් නෙමේ ඉදිරියටත් අමතක නොකර ඉමු. ඒ වගේම ලොකු ඔයාටත් තෑන්ක්ස් මෙහෙම වටින කාතවක් දුන්නට.

      ඉතින් ලොකු ඔයාගේ කතාව ඔයාගේ වචනෙන් කියනවා නම් සුප්පා. මට නම් අඩුපාඩුවක් පේන් නෑ. ඔයා ගොඩක් දක්ෂයි . ඒ දක්ෂතා ඉදිරියට තව තවත් වර්ධනය කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මුලු හදවතින්ම සුභ පතනවා මං. ටිකක් දිග කමෙන්ට් එකක් දුන්නා හොදේ. පරිස්සමින් ඉන්න.
      බුදු සරණයි දෙවි පිහිටයි ලොකු .

      1. උක්කූං පුතා(SuMi )

        බුදු සන්තෝ දිගම කමෙන්ට් එකක් දාලා ඒකට නං එකක් දෙන්න ඕන ? ඇත්තටම ඔයාලා මගේ නංගිලා වගේම මට ලොකු ශක්තියක් වෙලා කියලා.. ඇත්තටම ආසයි නංගි මේ වගේ ආදරෙන් සතුටින් දිග කොමෙන්ට් කරනවට ඉතින් දිල් නංගි හදවතින්ම සතුටු වෙනවා මේ වගේ කොමෙන්ට් දැක්කම ේ කොමෙන්ට් තමයි මගේ සතුට මගේ වත්කම ඉතින් ඒකට බොහොමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සමනල පියාපත් ඉක්මනටම බලන්න පුළුවන් තෙරුවන් සරණයි සුභ රාත්‍රියක් මට දැන් ගොඩක් හොඳයි කල්පනා කරනකොට ටිකක් වැඩි වෙනවා නංගී ඒකයි මං සතුටින් ඉන්න ආස කරන්නේ

        1. ලොකු කල්පනා කරන්න එපා. ඉක්මනින් සනීප වෙන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න

  2. Thanu.thennakoon

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?

    1. උක්කූං පුතා(SuMi )

      ❤️❤️❤️❤️????????? බොහොමත්ම ස්තූතියි ඔයාට මේ වගේ කොමෙන්ට් එකක් දාලා මගේ කතාවට වටිනාකමක් දුන්නට මගේම මට ශක්තියක් සතුටක් වුණාට තෙරුවන් සරණයි ඔයාට thanu nangia

    1. උක්කූං පුතා(SuMi )

      Sandashen නංගියේ කෝමද ඉතින් ඔයාට බොහොමත්ම ස්තූතියි මේ වගේ මල් පොකුරක් දාල ඇයි ඒ කතාවට සතුටක් ශක්තියක් වුණා තෙරුවන් සරණයි හැමදාමත් ඉන්න කතාත් එක්ක

      1. ..Sandashen..

        ලොකු ඔයාගේ සමනල පියාපත් මෙ මාසේ දෙනවා කිවුවා නෙද කවදා ඉදන්ද අපිට ඒක දෙන්නේ ඉක්මනට දෙන්නකෝ ලොකු අපිට කතව …?????

  3. Aiyee attatama katwa gdaaaaaariyak lassanaii ❤ aiye oyge katawen attatama adare gana wagema dn rate tiyena tatwe ganath apita hodata kiyla dila tiynva e wagema hoda adarshayak me katawa e wagema hamoma mitarayak durin idan adare krnna asalwasiyo gana vimasilimath wenna durin idan hadawathin badenna gathin duras wenna
    Budusaranai aiya parissamata inna ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

    1. උක්කූං පුතා(SuMi )

      කවි නංගියා කොහොමද ඉතින් ඔයාට ඔව් නං ගියා මං මේ කතාවෙන් දුන්නේ ආදර්ශයක් ඒ වගේම ආදරේ කියන්නේ මොකද්ද කියලා පෙන්නුවා..ලස්සන කොමෙන්ට් එකක් දාලා අයියාගේ කතාව ලස්සන කරාට අයියට වටිනාකමක් දුන්නට බොහොමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  4. Rasikala Erandi

    සුමි අයියේ කතාව ලස්සනයි වගේම ගොඩාක් ආදර්ශම.ඇත්තටම මගෙ ඇස් වලටනම් කදුලු ආවා කතාව කියවලා.ආදරේ ගැන දැන් පවතින තත්වයත් එක්ක ගොඩාක් ආදර්ශමත්ව ලියලා තියෙන්වා.අද කාලෙනම් ආදරෙ කරන්න සල්ලි ලස්සන මේ දේවල් විතරයි බලන්නේ.ඒත් මන් නම් හිතන විදියට මන් දකින විදියට ආදරෙ කරන්න ඕනා අවංකකමයි විශ්වාසයයි තෙරුම් ගැනීමයි විතරයි.සල්ලි අපට හොයාගන්න පුලුවන්නේ.අවංකවම ආදරේ කරන අය අඩුයිනේ.ආදරේ කරන කෙනෙක් නිරොධායනයට යන්නේ එයාගෙම හොඳට තමයි ඒත් ඒ යන කෙනා වෙනුවෙන් හැම තත්පරේම හිත පිච්චෙන විදිය දන්නේ ඒ දේ විදපු කෙනෙක් විතරමයි.ඒ බය පපුවට දැනෙන හැගීම ඒක කියන්න වචන නෑ.එක මොහොතක් ඈත් වෙලා ඉදලා නැති නිතරම දකින්න ආසා කරපු නිතරම දැකපු මූණ මාසෙකින් විතර දකින්න බැරි උනාම හිත රිදෙනවා ගොඩාක්.ඒ නිසා හැමෝම තමන් වෙනුවෙන් බැරිනම් තමන් ආදරේ කරන අය වෙනුවෙන්වත් පරිස්සම් වෙන්න.
    ඉතින් සුමි අයියේ කතාව ලස්සනයි මන් ආසවෙන් කියවනවා ඔයාගේ කතා.හැම කතාවකට වගේ ආසයි.සමනළ පියාපත් ඉක්මනටම අරගෙන එන්න හොඳද ?

    බුදු සරණයි දග පවුලේ හැමෝටම …..

    1. උක්කූං පුතා(SuMi )

      Erandi නංගී ඔයාගේ කොමෙන්ට් එකට මං අද වෙතින් ම එකඟයි.. මොකද ආදරේ කියන්න සල්ලිවත් ලස්සන වත් නෙවෙයි ආදරේ කරන විදියට තමයි ඒ දේවල් සිද්ධවෙන්නේ.. අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන අයට මිසක් අපි ආදරය කරන අයට නෙවෙයි… ලස්සන කොමෙන්ට් එකෙන් අයියාගේ කතාවට ශක්තියක් වුණාට ලස්සන කරාට. දිග කමෙන්ට් එකක් දැම්මට මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    1. උක්කූං පුතා(SuMi )

      Uthpala ඔයාට බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකක් දාලා කතාවට වටිනාකමක් දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  5. ගොඩක් ලස්සනයි අයියෙ…මේ දවස් වල දෙන්න පුලුවන් වටිනාම පණිවිඩය කතාවෙන් දීල තියනවා ???….සුජී කියන්නෙත් භොද අසල්වැසියෙක් නේද…මේ කාලෙ හැටියට අපි පුලුවන් විදිහට ලග ගෙදර ඉන්න අය කාලද බීලද කියලවත් හොයල බලලා ඒ අයට උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් ???….සල්ලි නැති වුන ගමන් පැනල දුවන ආදරෙක්න් නම් වැඩක් නෑ ….අන්තිමට හරි අමාට ඒක තේරුම් ගිය නිසා හොදයි ???….කතාව මේ සතියෙ හොදම කතාව වෙයි අයියෙ…Good luck & all the best ????????????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      හිම බොලේ කොහොමද නංගියෝ.. ඔයාට
      ඉතින් කතාවේ වැදගත් තැනක් ඔයා අල්ලගෙන තියෙනවා..ඒ තමයි අසල්වැසියෝ අසල්වැසි ඔය වගේ ඉන්නවා නම් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට හරි යනවා…මේ වගේ ආදරණීය කොමෙන්ට් එකක් දාලා අයියට ශක්තියක් වුණාට අයියේ කතාව ලස්සන කරාට වටිනාකමක් දුන්නට බොහොම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන තෙරුවන් සරණයි ඔයාට

  6. නිෂා සශී ?

    අනේ ලොකු අයියේ ආදර්ශමත් ලස්සනම ලස්සන හැඟීම්බර කතාවක් ගොඩාක් ආදරණීයයි. ඔයා දක්ෂයි මගෙ ලොකු අයියේ. ඒ ගැන කියන්න දෙයක් නෑ මේ වගේ කතා මේ වෙනකොට ලොකෙ කොයිතරන්නන් වෙනදා ඇද්ද. මේක එක්කෙනෙග්ගෙ වරදක් කියලා ඇඟිල්ල දික් කරන්න බෑ අපි හැමෝම පරිස්සන් වෙන්න දැනගන්න ඕනි. තත්ව්ව් ගැන දැන දැනත් ගානක්ව්වවත් නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා ඒත් එහෙම කලේ නැත්තන් අපේ රටත් මේතරන් කොරෝනට ගොදුරක් වෙන්න්නනෑ කල්පනාවෙන් වැඩකරන්න පුරුදු වෙන්න ඕනි. මගෙ ලොකු අයියේ ඔයා දුන්නෙ අපිට ලොකූ ආදර්ශයක් ඒකට ඔයාට ගොඩාක් පිං. පරිස්සමින් ඉන්න ලොකු අයියේ. අනිත් හැමෝමත් පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි. ????????????

    1. උක්කූං පුතා(SuMi )

      නිෂා නංගියෝ කොහොමද ඔයාට වෙලා ලෙඩ වෙලා කිව්වා දැන් හොඳයි නේද..ඔව් නම් ගියා මං මේ කතාවෙන් දෙන්නෑ හැදුවේ ආදර්ශයක් විතරමයි ඒ වගේම ආදරේ කියන්නෙ මොකක්ද කියලා පෙන්නුවා.. මමයි පින් දෙන්න ඕනේ මේ වගේ කොමෙන්ට් දාල අයියාගේ කතාවට ශක්තියක් වෙනවා වගේම අයියයි කතාව ලස්සන කරනවාට සෑම දෙයකටම බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  7. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි…
    මේ වගේ තව කොච්චර අය අසරණයිද?

    මේ වගේ තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඕනියෙ..
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න…

    1. උක්කූං පුතා(SuMi )

      Chamodaya නං ගියා ඔයාට බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකක් දාලා කතාව ලස්සන කරාට වගේම මට ශක්තියක් වුණාට.. ඔහු තව කොච්චර අසරණ අය ඉන්නවද.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  8. Dulanjali piumika

    Ammoo aiye kathawa godaak digaine… marama asawen kiyewwa aiya… me wage katha kiyak me samaje me wenakotath athida… rate mona thathwe thibbath… e thaththwe kochchra barapathala unath… adareta e hamadema yatai… adare kiyna de kochchra balawathdakiyl me kathawe thiyenwa…. lassana kathawakin me dawas wala rate loke thathwe gana kiyla demin… maranthika virus eken berena hatith kiyl demin hari apuruwata aiya me katawa liyla thiyenwa… thawath me wage lassan katha liynn aiyta shakthiya dhahiriya labenna kiyla mn hadawathinma prarthana karana… all the best aiya…
    ???

    1. උක්කූං පුතා(SuMi )

      Piumika නංගියා කොහොමද ඉතින් ඔයාට ඇත්තටම සතුටුයි මේ වගේ කොමෙන්ට් දකිද්දී.. ඔහු නංගියෝ ආදරේට කරන්න බැරි දෙයක් නෑ.. හැබැයි අවංක වෙන්න ඕන ආදරේ අවංක නම් සල්ලි ඕනෑ ජීවත් වෙන්න සල්ලි හොයාගන්න පුළුවන්.. අයියගේ කතාවට ශක්තියක් වුණාට පෝන් එකක් දැම්මට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  9. සෙසඳි

    ඇත්තමයි හරිම ලස්සනයි ලොකූ… මං දන්නවා අපෙ ලොකූ කොහොමත් දක්ෂයි කියලා.. හදවතින්ම සුභ පතනවා තව ලස්සන මේ වගෙ ආදර්ශමත් කතා ලියන්න කියලා… ජය සිරි මහා බෝ සමිඳු පිහිටයි ලොකූ… ඉක්මණට සනීප වෙන්න ?????????

    මං මහිංසා

    1. උක්කූං පුතා(SuMi )

      ?????? කොහොමද mahinsa නංගියා. ඔයාට තාම ලොග් වෙන්න බැරිද.. අපි chandima සර්ට කියලා මොනවා හරි කරන්න බලමු.. ඔයාගේ නංගිත් ඇවිල්ල තිබ්බ දවසක් ආයෙත් කෝ එයා ඊට පස්සේ දැක්කේ නැහැ කොමෙන්ට් එකක් දාලා කතාව ලස්සන කරාට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  10. Sadamali nuwanthika

    Soduru dawasaka muna gesi…… yali nubata thurulu vi…??? idhinnam kedhinaka ho…… wasanthaya yali peminenathuru… hithin lan vi imu……. ??? adhura dhuru vi…. dhurata yana thuru…… muna nogesunath tika kaalekata…. hithe nam adare………….. mahamerak etha nube namata…… adarei man mage panata…. ???

    1. උක්කූං පුතා(SuMi )

      Sadamali අලුත් නංගියෙක් ද කොහෙද අක්කා කෙනෙක් ද දන්නෙත් නෑ ඉතින්.. මේ කොමෙන්ට් එක බලල මගේ පොජ්ජ කූරු කූරු ගෑවුනා..ඇත්තටම ලස්සනයි මේ වගේ ලස්සන කොමෙන්ට් එකක් දාලා කතාව ලස්සන කරාට ඔයාට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි

  11. හරි ආදරයෙන් මා ලග ඉන්න
    මට බැරි නෑ හිරිහැර විඳගන්න
    මට හිනාවෙන්න වීරිය දෙන්න
    අර ඉස්සර වාගෙම මට ඉන්න

    නුඹ නිතර සිඹින මේ ඉහ මතට
    ඇයි මහ මෙරක් තැබුවේ මෙහෙම
    දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
    ආදරේ කීවේ ඇත්තට නොවෙද

    දෙවිවරුන් පවා මියැදෙන වනක
    මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
    නුඹ සුලඟ ඉතින් මා හැර යන්න
    ආදරයක දුක් මට උහුලන්න…

    අයියෝ ඉතින් සිංදුවක් හරියටම මතක් උනේ දැන් අප්පා.??

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ ඇන්ට් අදමයි මං ඒ සින්දුව ඇහුවෙ එක නම් පට්ටයි වගේ.. නැගලා යමු එහෙනම්

      1. ඒකනේ උක්කුං කොළුවෝ.අහන්න විදියක් නෑ මයෙ පුතා.මොකද ඕක ළමා සිංදුවක් නෙවේනේ දරුවෝ.? ???????????

  12. Gdk lassana adarshamath kathawk maharaja. Komath maharaja katha liyanna dakshayine.maharaja kemathi diga comment ekk denna beri wenwt samaw bhajanay krnw. E vgem comment ek english valin type karanwtath. Hemadama sathutin parissamin inna maharaja theruvan saranayi .

    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ සෙකට්‍රි ගොඩක් දවසකට පස්සේ ඔයාගේ කොමෙන්ට් එකක් අයියගේ කතාවට ලැබුණා…කෝම හරි ටයිප් කරපු එක අයියට සතුටක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  13. නයෝ මධූ

    සුමී අයියේ… ඔයා අපිට ලොකුම ලොකු පණිවිඩයක් දීලා තියනවා. මටනම් පිස්සු හැදුනා වගේ ඒක කියවලා. ඒ තරම් දැනෙන්න ඇඬෙන්න ඔයා ලියලා තියනවා අයියේ. එක හුස්මට කියෙව්වා කතාව.

    කොරෝනා. ඇත්තටම ගොඩක් කල්පනාවෙන් පරිස්සම් වෙන්න ඕනේ දෙයක්. මුළු ලෝකෙටම මේක නිසා ගොඩක් ප්‍රශ්න තියනවා. ලංකාවේ මේ වගේ එදා වේල හොයාගන්න බැරි කී දෙනෙක්නම් ඇත්ද? ලංකාවෙනම් තරමක් දුරට ඒ අය ගැන හොයලා බලනවා. ඒත් ඒ දේ හරියටම වෙනවද කියලානම් දන්නේ නෑ. සුජී අයියා වගේ එහා ගෙදර අය ගැනවත් අඩුම ගානේ හිතන පිරිසක් ඉන්නවනම් මේ ලංකාව කොච්චර ලස්සන වෙයිද? හැමෝම අනිත් අය ගැන අතේ දුරින් ඉදගෙන හොයලා බලමු.

    අනිත් එක ආදරය. ආදරය කරන මුල් දවස්වල අපි කොහොමත් බොළඳයි තමා. ඒ කාලෙට අනිත් කිසිම දෙයක් ගැන හොයලා බලන්නෙවත් මතක් වෙන්නෙවත් නෑනේ. ඒත් මොන ප්‍රශ්න අපේ ජීවිතේට ආවත් ආදරේ නොවෙනස්ව තියාගන්න පුළුවන් නම් අපිට දිනන්න පුළුවන්.
    කතාවනම් මාරම ලස්සනයි අයියේ. ගොඩක් ආදර්ශ තියනවා. තව තවත් මේ වගේ කතා ලියන්න අපි වෙනුවෙන්. ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

    1. උක්කූං පුතා(SuMi )

      නයෝ නංගි ලොකුම ලොකු දිග කොමෙන්ට් එකක් දුන්නට ඉස්සරින්ම ? දෙන්න ඕනේ මං ඉතින් කොමෙන්ට් වලට පෙරේතයි නේ.. ඉතින් කොහොමද ඔයාට දැන් තාත්තට හොඳයි නේද..ඔව් අපි ආදරයේදී බොළඳ වෙනවා ඒත් අන්තිමට එකෙන් වෙන්නේ දුක් විඳින එක විතරයි.. ඒ වගේම coronel කාලෙ අලෙ ඔය වගේ තැන් ගොඩක් ඇති.. අපි ඒ ඔක්කොම විසඳාගෙන අපේ අපි ගමන යමු.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද..මේ වගේ ආදරේ දිග කමෙන්ට් එකක් දැම්මට ඔයාට බෝම ස්තූතියි ඉතාම සතුටින් පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාට

      1. නයෝ මධූ

        මගේ අයියත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉක්මනට සනීප වෙන්නත් ඕනේ වෙලාවට බෙහෙත් බීලා හොඳේ…….. ?????????????

  14. හරිම ලස්සනයි අය්යේ කතාව…
    ඒකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා… ආදරය ගැන වගේම මේ අවස්තාවේ අපි ඉන්න ඕන විදිය ගැනත්..

    1. උක්කූං පුතා(SuMi )

      Dewashi නංගියා ඇත්තටම සතුටුයි කොමෙන්ට් එකක් දාලා ශක්තියක් උනාට..ඔහු නංගියෝ මං කතාවක් ලියල දැම්මේ ආදර්ශයක් ගන්න වගේම ආදරේ කියන්නෙ මොකක්ද කියලා පෙන්වන්න.. කොමෙන්ට් එකක් දාලා ශක්තියක් වුණාට බොහොමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  15. උක්කූං පුතා(SuMi )

    මගේ දඟ සෙට් එකෙන් වගේම අලුතෙන් ආපු හැමෝගෙන්ම එකම එක ඉල්ලීමක් කරනවා මම..මගේ කතාවලට මේ වගේ කොමෙන්ට් දාන වගේම අනිත් කතා වලටත් මේ වගේ ලස්සන කොමෙන්ට් දාල අපි හැමෝම ඒ කතාවලට ශක්තියක් වෙමු මොකද ඕගොල්ලන්ගේ comments තමයි අපේ වත්කම කතාවක් ලියන්න කොච්චර මහන්සි වෙනවද කියලා දන්නේ කතා ලියන අය විතරයි රසවිඳින්න ඔයාලාට දෙන්න ඕන නිසා.. මේක මගේ ආදරණීය ඉල්ලීමක් විතරයි..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ආයෙත් සමනල පියාපත් එක්ක හමුවෙමු සුබ රාත්‍රියක් ඔක්කොටම

    1. නයෝ මධූ

      ගුඩ් නයිට් අයියේ. කාලෙකින් තමා මාත් මේ වගේ දිග කමෙන්ට් එකක් දැම්මේ. අනිත් ඒවටත් කමෙන්ට් දානවා පුළුවන් විදියට. හැමෝටම ගුඩ් නයිට් හොඳේ…..

      1. නයෝ මධූ

        100 වෙනි කමෙන්ට් එක මං ගානේ හොඳේ………………………… ???????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

        1. සෙසඳි

          සුපිරි සුපිරි නයෝ…. ඔයා කමෙන්ට් 100 කරා මං ඒක පාස් කරා… ???

  16. ? චූටි ?

    කතාව එකෙන් ම සුපිරි අයියා …කතාව කියවලා රේට් කරලා ගියා මට පාස්වර්ඩ් ⁣අමතක වෙලා…නෑ ඒක මතක නෑ වගේ…බය නිසා ගැහුවෙ නෑ . වැරැදි කියනව චුට්ටක් ඇත්නම් ..

    කතාව හරි ම කාලෝචිත ඒවගේම සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න හරි දක්ෂ විදිහට ලියලා තියෙනවා …කතාවක් ලියලා ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒක නේ..හරි නිහඬ සතුටක් ….අන්න ඒ නිසා ඔයා හරි උතුම් …සතුට සැනසුම තියෙන්නේ අපි ආදරේ කරන අය ලඟ ඉද්දී…කොච්චර සල්ලි තිබුණත් ආදරේ සෙනෙහස මුදලට ගන්න බෑ…ඒක ගන්න පුළුවන් රත්තරං හදවතකින් විතරයි …මේ දවස්වල රටේ ලොකයේ තත්ත්වය සුභදායී වෙන්නේ අපි හැසිරෙන විදියෙන්…මහත්තයාට බැන බැන ඉන්න නෝනලට හොඳ පාඩමක් කියලා දෙනවා …සමහර ගෑණු අය එහෙමයි ..කොරෝනා කෙසේ වෙතත් ගෑණු අපි පිරිමින් එක්ක හරි හරියට වාද කරන්න ගියොත් අපි කතාවෙන් දිණුවත් ජීවිතෙන් පරදිනවා…පිරිමින් සමහර වෙලාවට ගොඩක් ඉවසනවා..ඒක ⁣කොරෝනාවලට වඩා කතාව තුළින් කියලා දීලා තියෙනවා ලොකු අයියා …ඉතින් අයියේ ඔයාගේ හැම කතාවක් වගේම මේ කතාව ගොඩක් සාර්ථකයි….

    කතාව වැදුණාම
    හද පතුලටම
    නැත මට එහි
    අඩුපාඩු කියන්නට
    ගුරුහරුකම් මනාවට
    කියාදෙයි නුඹ
    අප සැමට
    විටෙක නුඹ
    ඉර හඳ සේ
    බබළන අර දුර අහසේ
    අැත නිතරම
    මේ ජීවන කතරේ
    අප තනියට
    සිත්මඩලේ
    ඔබ හයියට
    මගේ අයියේ
    බැදිමක අගය
    තේරුම් ගත්තා
    මං නම් හොඳින් ම
    දෛවයට පින්
    නුඹ මෙලෙසින්
    මුණගැස්සුවාට
    තාත්තා දෝණි
    එක්කලාට
    හරි සතුටුයි අද අයියේ
    දිරිය ගෙනෙමි
    තව ලියන්නට
    මුළු ලෝකය
    නුඹේ පන්හිදෙන්
    හැඩ කරන්නට
    පරිස්සමින් අයියා
    ඉන්නවා නේද ඉතින්
    තෙරුවන් සරණයි
    අපේ සුදු අයියාට

    මං අයියාගේ චූටි …..

    1. උක්කූං පුතා(SuMi )

      කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න ටිකක් අසනීපෙන් ඉන්නේ නංගි ආයෙත් ඔලුව රිදෙන්න පටන් අරං .. ඔයාආයෙත් ආපු එක ලොකු සතුටක් ඔයාගේ කවිය ලස්සනයි comments බලන්න පුළුවන් .. අනිවාර්යෙන්ම නං කතාවෙන් දෙන්න බැලුවේ ලොකු ආදර්ශයක් අද කාලෙට ගැලපෙන ඒ වගේම ආදරය කියන්නේ මොකක්ද කියලා… කොමෙන්ට් එකක් දාලා අයියාගේ කතාවට ශක්තියක් සතුටක් වුණාට බොහෝමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න… මේ කොමෙන්ට් තමයි මගෙ වත්කම සුබ රාත්‍රියක් ඔයාට

      1. ? චූටි ?

        අයියා ඉක්මනින් ම සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා….මං දන්නේ නෑ ඔයා අසනීප වෙලා කියලා …දැන් Curfew අයින් කලාම බේත් ගන්න යන්න අයියා ..ඉක්මනින් ම සනීප වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා …බුදු සරණයි …තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් ඉක්මනින් ම සනීප වෙන්න කියලා පතනවා ….

  17. කතාව හරිම ලස්සනයි අයියේ.ඔයාගේ හැම කතාවම මං කියවලා තියෙවා.ඒ හැම කතවම කියවද්දී මැවීලා පේනවා.ඒතරම් හිතාට වදින වචන තියෙන්නෙ.මේ කාලේ ඔය වගේ සිද්දී ගොඩක් ඇත්තටම වෙනවා ඇති.මිනිස්සු අසරණ වෙලා මේ ඇහැටවත් පේන්නේ නැති දෙයක් නිසා.තාත්තා කෙනෙක්ගේ තැන කාතවත් ගන්න බෑ.ගෑනු ලමයි බඳින කෙනාව හොයන්නේ තමන්ගේ තාත්තා වගේ කෙනෙක්.එ මොකද කියනවා නම් තාත්තා ගාව විතරයි ආරක්ෂාව තියෙන්නෙ කියලා දන්න නිසා.එදිනෙදා ජිවිතේ ගැට ගහගන්න තාත්තාලා කීයක් අද මෙහෙම අසරණ වෙලාද? සමහර ලමයින්ට තාත්තා දකින්න නෑ මේ ලෙඩේ නිසා.ඒ වගේම අයියා ඔයා තව හොඳ පණිවිඩයක් දීලා තියෙනවා .මේකේ ඉන්න සුජී අයියා තමාට තියෙන සේරම තනියම පොදි ගහන් හිටියේ නෑ එහා ගෙදර මනුස්සයා ගැනත් බැලිවා.අපිත් එහෙම අසරණ මනුස්සයෙක් ඉන්නව කියලා දන්නවානම් පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕන.තවත් මෙහෙම ලස්සන කතා ගොඩාරීයක් දාන්නෝ.

    1
    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද නංගියෝ ඔයාට ඇත්තටම ඔයාගේ කොමෙන්ට් එකක් දැක්ක පළවෙනි වතාව මම.. ඇත්තටම සතුටුයි මේ වගේ කොමෙන්ට් එකක් දකිද්දි ඔව් nangiya අයියා කතාවක් ලියන්න ආදර්ශයක් ගන්න පුළුවන් විදිහට.. චුට්ටක් අසනීපෙන් නිසා දිග රිප්ලයි එකක් දාන්න වෙන්න ඕනේ..අයියගේ සමනල පියාපත් ඉක්මනටම ඕගොල්ලන්ට බලන්න පුළුවන් මං අප්ඩේට් කරලා තියෙන්නේ..මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  18. මං comment දැම්මේ.පලවෙනි පාරට තමා අයියගේ කතාවකට.එත් සේරම කතා කියවලා තියෙන්වා.ඇත්තටම හරිම ලස්සන කතා ඔයා ලියන්නේ.හැමෝම කියන්නේ ලොකූ කියලානේ.ලොකූ හැමදාම නංගිලාට මල්ලිලාට හොඳ දෙවල් කියලා දෙන්නේ.තවත් ලස්සන කතා ලියන්න.අසනීපෙන් නම් ඉන්නේ ඉක්මනට හොඳ වෙන්න.ජේසු පිහිටයි

  19. nayomi nadeera

    ලස්සනයි කතාව … අද තමා කියෙව්වේ … ඇත්තටම මෙහෙම දේවල් වෙනවා සමාජයේ..

  20. අයියා මචන්……. අද තමා කතාව දැක්කේ… අයියා ඉතින් දක්ෂයිනෙ… කතාව ලස්සනයී.. කතාවෙ තිබ්බ එක දේකට මන් හරිම ආසයි අයියේ.. ” දුවෙක් ඉපැදෙන්නෙ මුලු ලෝකෙම වාසනාවට” හ්ම්… ඒ කතාව නම් ඇත්ත සීයට ලක්ෂ වාරයක්… චූටි දූ මැව්ව්නෙ ඒක කියවද්දි… හැබැයි අගහිගකම් ලගදි මහත්තයව දාලා යන එක නම් වැරදී.. ඒහෙනම් එයා අශාන්ට ඇත්තටම ආදරේ කරලා නෑ… ආදරේ කරද්දි කියන්නෙ නම් මොන දේ උනත් දාල යන් නෑ කියලනේ ඉතින් කසාද බැන්දාමත් ඒ විදිහටම ඉන්න ඕනි.. කසාදයක් අතහරින්න ඕනි ආදරයක් නැත්තන් විතරයි… වෙන කිසිම හේතුවක් උඩදි ඇත්තටම ආදරේ කරපු කෙනෙක් වෙන් වෙන්නෙ නෑ…. සල්ලි වලට හැමදේම කරන්න බෑ.. හැබැයි ආදරේට හිතක් රිද්දන්න, වට්ටන්න, අඩවන්න, සතුටු කරන්න, මරන්න මේ හැමදේම කරන්න පුලුවන්… සුභ පතනවා කරන කියන හිතන පතන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා… ඉක්මනින්ම සනීප වෙන්න අයියේ… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…..!!!!

  21. කොරෝනා කාලෙ ආලේ,
    කතාව හරිම ලස්සනයි❤️,ඒ වගේම ගොඩක් ආදර්ශවත්.මේ ගෙවෙන කොරෝනා රෝගය තියෙන කාලෙට විතරක් නෙවේ,මුළු ජීවිතේටම ආදර්ශයක් මේ කතාව.
    වර්තමානෙ මුළු ලෝකයම මුහුණදීල තියෙන කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕන කියන එක මේ කතාවෙන් සමාජෙට කියල තියෙනව.

    ඒ වගේම අශාන්❤️අමා,ඒ දෙන්නගෙ ආදරය තුලින් අපි හැමෝගෙම ජීවිතවලට ආදර්ශයක් දීල තියෙනව.ආදරේ කියන්නෙ මිල මුදල් නෙවේ.මිලමුදල් හොයාගන්න පුළුවන්.ඒත් ආදරේ එහෙම බෑ.කතාවෙ එන අමා වගේ අය හිතන්නෙ සල්ලිවලට ගන්න බැරිදෙයක්,කරන්න බැරිදෙයක් නෑ කියල.ඒත් එහෙම බැරි දේවල් තියෙනව.ආදරෙත් ඒ වගේ❤️.

    කෙනෙක්ට ආදරේ කරනව නම් ඒ කෙනා ජීවිතේ මොන තත්ත්වෙක හිටියත්,අත්හරින්නෙ නැතුව ලඟින් ඉන්න ඕන.හැමදාම එකවගේ නොවෙනස් ආදරයක් දෙන්න ඕන.
    අමා අශාන් දෙන්න විවාහ වුණේ ආදරේ කරල,අමා අශාන් එක්ක ආවෙ තමන්ගෙම කැමැත්තෙන්.එහෙනම් ජීවිතේ මොන ප්‍රශ්න ආවත් අමාගෙ හිතේ ආශාන් ගැන ආදරයක් තියෙනව නම් අශාන් එක්ක ඉන්න ඕන.

    කොහොම වුණත් කතාව ගොඩක් ලස්සනයි අයියෙ❤️.
    අයියගෙ හැමවැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්
    තෙරුවන් සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.