Katha Ahura

?ඒන්ජල්? | අවසාන කොටස | නවකතාව

4.8/5 - (71 votes)

*90 කොටස* *( අවසාන කොටස )*

ලොකු ජනෙල්වලින් ආපු සීතල හුලගකුත් එක්ක උදේ මට ඇහැරෙද්දි මම කල්පනා කලේ මම මේ ඉන්නෙ කොහෙද කියලා.ටිකවෙලාවකින් තමයි මට මතක්වුනේ මම ඉන්නෙ අපේ අලුත් ගෙදර නේද කියලා.ඇග උඩ තිබුනු ලොකූ බෙඩ් ශීට් අයින්කරලා ඇද විට්ටමට හේත්තු වෙද්දි තමයි දැක්කෙ මගේ ඇගේ කිසිම ඇදුමක් නෑ නේද කියලා..

මම ඉක්මන්ට ආයෙත් බෙඩ් ශීට් එක අරගෙන ඇගට දාගද්දි මට මතක්වුනේ අවිරුව.එයා කාමරේ කොහෙවත් හිටියෙ නැති නිසා මම හිතුවා එයා වොශ්රූම් එකේ ඇති කියලා.මම ශීට් එක ඇදගෙන ඇරලා තියෙන ලොකූ ජනේලෙ ලගට ගිහින් ඝන තිර රෙද්ද මෙහාට ඇද්දා.එතකොට මම දැක්කෙ ඈතින් ලස්සනට පෙනුනු ගොවිපළ.ඒත් එක්කම මට මතක්වුනේ ඊයෙ රෑ වුනු සිදුවීම් ටික.

මම එයාගෙම වුනු ඊයෙ දවසෙ රෑ එයා මගේ ඇග පුරාම සටහන් කරපු රතු පාට සීරිම් සලකුණු ටික දැක්කම මට ලැජ්ජ හිතුනා.ජීවිතේ පලවෙනි පාරට විදපු ඒ ආදරණීය අත්දැකීම මතක්වෙද්දි මට දැනුනෙ මගේ ඉන වටේට යන කාගෙහරි අත් දෙකක්..

” ගුඩ් මෝනිං මිසිස් දිසාසේකර…”

කන ලගින්ම රහසින් වගේ ඇහුනු ඒ කටහඩත් එක්කම අවිරු මාව බදාගෙන මගේ කන් පෙත්ත සිනිදුවට හපන්න ගත්තා.දැනුනු හැගීමත් එක්කම මම එයාව තල්ලුකරන්න හැදුවත් එයා ආයෙත් මාව ඒ අත් දෙක අතරට හිරකරගත්තා.

” අතාරින්න අනේ…”

මම හෙමීට කොදුරද්දි එයා තවත් මාව බදාගෙන බෙල්ලට වැටිලා තිබුනු මගෙ කොන්ඩෙ පැත්තකට දාලා බෙල්ල පුරාම එයාගෙ තොල් යැව්වා.

” හරි නරකයි…”

මම එයාව තල්ලුකරලා දුවද්දි අවිරු ආයෙත් මාව අල්ලගෙන බිත්තියකට තියලා තද කරලා මගේ බෙල්ලයි උරහිසයි අතරෙ එයාගෙ ඔලුව හිරකරගත්තා.එයත් ඇගේ පටලගෙන හිටියෙ ශීට් එකක් විතරක් නිසා එයාගෙ නිරුවත් වෙලා තිබුනු ඇගේ උඩ ටික මගේ ඇගේ ගෑවෙද්දි මට දැනුනෙ කිතියක්.

” එපා අනේ….”

මම කියන දේ ලොවෙත් අහන්නෙ නෑ වගේ එයා පැනලා මාව හරහට වඩාගනිද්දි මම දැගලුවෙ පැනල දුවන්න.ඒත් එයා මාව වඩාගෙනම ගිහින් තිබ්බෙ ඇද උඩින්.මම පටලගෙන හිටපු ශීට් එක පපුවෙන් පහලටම කරලා එයාගෙ තොල් මගේ පපුව පුරාම යවද්දි මට ඇස් පියවුනා.ඒත් එක්කම ඇහුනු ෆෝන් එක රින්ග්වෙන සද්දෙ නිසා අපි දෙන්නම උඩ ගියා.ඒත් අවිරු එයාගෙ වැඩේනම් නැවැත්තුවෙ නෑ..

” යන්න අනේ…බලන්න කවුද කියලා..අම්මා වෙන්න ඇති…”

” ශිට්…වැඩේ කෑවා…කවුරු වුනත්..”

අවිරු මූන ඇඹුල් කරගෙන බාගෙට ගැලවිලා තිබුනු එයාගෙ ශීට් එක ඇදගෙන ෆෝන් එක ලගට යද්දි මමත් නැගිටලා ඉක්මන්ට ශීට් එක ඇදගත්තා.

” හෙලෝ…කවුද මේ…ආහ්…අයියේ…ඔව්..ඉන්න මං ස්පීකර් ඔන් කරන්නම්..”

අවිරු එහෙම කියලා ෆෝන් එක මං ලගට අරගෙන ආවා.

” හෙලෝ…ආශියෝ…”

” අයියේ…ඔයාලා ගියාද ? ”

” මේ එයාර්පෝට් එකේ ඉදලා ගෙදරට යන ගමන් නංගි…”

” කෝ සෙනූ ඉන්නවද ? ”

” ඔව් මේ කාර් එකේම නිදි..”

” පව් අයියෙ…එයාට මහන්සි ඇති..ඔන්න ගෙදර ගිහින් එයාට වද දෙන්නෙ එහෙම නෑ හරිද ? ”

මම අහද්දි එහාපැත්තෙන් ඇහුනෙ අයියා හිනාවෙන සද්දෙ..

” කෝ අවිරුට දෙන්නකො…”

” ආ..ඇයි අයියෙ..? ”

” මස්සිනා…මම ඩිස්ටර්බ් කලාද දන්නෑ නේහ් ? ”

” න්..නෑ නෑ අයියෙ..”

අවිරු කියද්දි මම අතින් කටවහගෙන හිනාවුනා.

” මොකෝ බන් වුනේ ? වැඩේ ගොඩද ? ”

” ආ..ඔ..ඔව්…”

අවිරු මගේ දිහා හොරෙන් බලන ගමන් උත්තර දුන්නා.

” ඒකට මට බන්…කරන දෙයක් අද රෑට තමයි…”

” ඒයි අයියේ…මේ මෙතන පොඩි ළමයි ඉන්නවා හරිද ? ”

” හෑ…යකෝ…අවිරු …උඹ ස්පීකර් ඕෆ් කලේ නැද්ද බූරුවෝ ? ”

” මේ ඕෆ් කරනවා…”

අවිරු හිනාවෙවී කියලා ස්පීකර් ඕෆ් කලා.ටිකක්වෙලා එයත් එක්ක අවිරු කතාකර කර ඉන්නකොට මම හෙමින් හෙමින් අඩිය තිබ්බෙ කාමරෙන් එලියට.ඒත් එක්කම මගේ ලගට දුවගෙන ආපු අවිරු ෆෝන් එක කනේ තියන්ම මගේ අතකින් හයියෙන් අල්ලගත්තා.

” හරි අයියේ…එහෙනම් පරිස්සමින්..බුදු සරණයි ”

අවිරු එහෙම කියලා ෆෝන් එක ඇදට විසිකරලා මාව අල්ලගත්තා.

” හොරාට යන්න නේද හැදුවෙ ? ඒව කොහෙද..අදනම් අතාරින්නෙ නෑ..”

අවිරු එහෙම කියලා බලෙන්ම මාව වඩාගෙන ගිහින් ඇදට දාද්දි මම පෙරලිලා ගිහින් බිමට පැනලා වොශ්රූම් එකට දුවලා දොර වහගත්තා.

මම ෂවර් එක ඇරලා නාගද්දි ටිකවෙලාවකින් මට ඇහුනෙ අවිරු දොරට තඩිබාන සද්දෙ..

” ඒයි මේ දොර අරිනවා…”

” ඇයි අනේ ? ”

” ඇයි අනේ නෙවෙයි…මට ඉන්න බෑ මේ දොර අරින්න..”

” ඇයි ඉන්න බැරි ? ”

” මේකි මගුලක් කතා කරනවා..යකෝ මට අවශ්‍යතාවයක් තියෙනවා..”

” ආ…ඉන්න ඉන්න..”

මම බාගෙට නාගෙන ෂවර් එකත් වහලා ටවල් එක ඇගේ පටලගෙන දොර අරිද්දිම අවිරු මගේ ඇගට පැනලා ඉක්මන්ට දොර වැහුවා.

” ඒයි…මට යන්න දෙනවා..ලැජ්ජ නැද්ද මං ඉස්සරහ ඒ වැඩේ කරන්න ? ”

මම එයාට ගහ ගහ කියද්දි අවිරු මගේ අත් දෙකෙන් අල්ලගෙන බිත්තියකට හේත්තු කලා.

” මට ඇති අවශ්‍යතාවයක් නෑ…මං බොරු කිව්වෙ ”

” ඔයා…හරි නරකයි අනේ…”

” මම ඔයා ඉස්සරහ ගොඩාක් නරකයි..”

අවිරු එහෙම කියලා මගේ තොල් හපලා මාව ආයෙත් ඒ තොල්වලට හිරකරගත්තා.ඒත් එක්කම එයා අපි දෙන්නම ඇදන් හිටපු ටවල් දෙක ගලවලා බිමට දාලා මගේ තොල් හපාගෙනම මාවත් ඇදගෙනම වතුර පිරුනු බාත් ටබ් එකේ හාන්සි වුනා…

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

ඒ විදිහට පටන්ගත්තු අපේ අලුත් ජීවිතය ගොඩාක් ලස්සනට ගෙවිලා ගියා.මාසයකට පස්සෙ අම්මයි සුමනම්මයි ඇවිත් අපේ ගෙදරම නතරවුනා.අම්මා අපි නැවතිලා ඉදපු ගෙදර විකුණුවා.මංගලා ආන්ටියි අරවින්ද අංකලුයි ආයෙ USA ගියා..

මාස කීපයකට පස්සෙ අවිරුට පුලුවන් වුනා තව ප්‍රසිද්ධ නගර කීපයකම අලුත් ශොප්ස් විස්සකට වඩා දාන්න.ඒ වගේම එයා මේ පාරත් හොදම ව්‍යාපාරිකයාට හිමි සම්මානය දිනාගත්තා.ලැබුනු සල්ලිවලින් අවිරු ළමා නිවාසයක් පටන්ගත්තා.මගේ තාත්තා වගේම එයත් සමාජ සේවා කරන්න පටන්ගත්තෙ ලැබුනු ප්‍රසිද්ධියට නම් නෙවෙයි.රට පුරාම එයාව ප්‍රසිද්ධ වෙන්න ගියේ පොඩි කාලයයි..

අවුරුදු එකහමාරකට පස්සෙ අපේ පවුලට තව අලුත් සාමාජිකයෙක් එකතුවෙන්නයි හදන්නෙ කියලා ලැබුනු නිව්ස් එකත් එක්කම අවිරු ගොඩාක් සතුටුවුනා.බිස්නස් වැඩ ඔක්කොම එයා සේවකයින්ට පවරලා මාත් එක්කම දවස ගතකලා.මට කන්න හිතුනු දේවල් අම්මයි සුමනම්මයි පෝලිමට හදාගෙන එද්දි අවිරු මට ඕන කරන දේවල් ගෙනල්ලා ගෙදර පිරෙව්වා.

ඒත් අපිට ලැබෙන්න ඉන්නෙ පුතෙක්ද දුවෙක්ද කියලා කලින්ම දැනගන්නවට අවිරු කැමති වුනේ නැති නිසා අපි ඒ දවස එනකන්ම මග බලාගෙන හිටියා.අවිරුගෙ උපන්දිනය දවසෙම මම එයාට තෑග්ගක් දුන්නා.ඒ තමයි එයාගෙ වගේම රෝස තොල් තිබුනු එයාගෙම ඇස් තිබුනු චූටි පුතෙක්ව..

අවිරු එදා සතුටුවුනේ මටවත් හිතාගන්න බැරි තරමට.එයා ඒ වෙලාවෙම හොස්පිට්ල් එකේ එදාම ඉපදුණු අනිත් පැටවුන්ටත් තෑගි අරන්දෙද්දි අම්මයි සුමනම්මයි සතුටු කදුලුවලින්ම මාව නෑව්වා.

අවිරු එයාට නම දුන්නෙ අපි දෙන්නගෙම නම් එකතු කරලා.*අශ්රු සෙහෙමිත් දිසාසේකර* වුනු එයා තමයි මගෙයි අවිරුගෙයි මුලු ලෝකයම වුනේ.අපේ පැටියා ඉපදිලා මාස දෙකකට පස්සෙ අයියටයි සෙනූටයි නිවුන් දුවලා දෙන්නෙක් ලැබුනා..

කාලය ගතවෙලා අපේ අටවෙනි විවාහ සංවත්සරය එද්දි අපි අශ්රු වගේම තව පුතෙක් එක්ක දූ පැටියෙක්ගෙ දෙමව්පියෝ වෙලා හිටියා.අශ්රු , අශිරු , ආශිංසා එක්ක අපේ ජීවිතය ලස්සනට ගලාගෙන ගියා..

*වසර විසි පහකට පසු….*

” අම්මා…අපි යන්න ඕන වෙලාව හරියෝ…පරක්කු වෙන්න බැරියෝ…”

ආශිංසා කාමරේ දොරට එහාපැත්තෙ ඉදලා කෑගහද්දි මම හිටියෙ සාරියෙ රැලි හද හද.අද තමයි ලොකු පුතු අශ්රුගෙ වෙඩින් එක.ඒ වෙද්දි අපි හෝල් එකට පිටත්වෙන්න ඕන වෙලාව ලංවෙලයි තිබුනෙ..

” හරි දෝණී…මම එනවා…”

එහෙම කියලා මම හැරුනෙ මල් මාලයක් දාපු තාත්තගෙ ෆොටෝ එක එහාපැත්තෙන් එල්ලලා තිබුනු තවත් මල් මාලයක් දාලා තිබුනු අම්මගෙ ෆොටෝ එක පැත්තට..

” අම්මා…අද ඔයාගෙ අශ්රු කසාද බදිනවා..ඔයා හිටියනම් කොච්චර සතුටුවෙයිද..”

අම්මා වගේම සුමනම්මා මීට අවුරුදු කීපයකට කලින් අපෙන් ඈත්වෙලා ගියා…අරවින්ද අංකල් හදිසි හෘදයාබාධයක් නිසා අපිව දාලායද්දි මංගලා ආන්ටි විතරක් දැනට අපි එක්ක ජීවත්වෙනවා..

අද දවසෙ ඒ හැමෝම අපේ ගෙදරට එකතුවෙලා ඉන්නවා.අයියයි සෙනූයි දුවලා දෙන්නා එක්කත් ඇවිත් ඉන්නවා..

” ඇයි මේ මගේ ඒන්ජල්ගෙ ඇස්වල කදුලු ? ”

මගේ පිටිපස්සෙන් ඇහුනු ඒ කටහඩට මම හැරිලා බලද්දි දැක්කෙ දැනට අවුරුදු විසි පහකට කලින් තිබුනු කඩවසම් රූපය පොඩ්ඩක් විතර වියැකිලා තිබුනු ඒත් ඉස්සර වගේම ලොකූ ආදරයක් ඇස්වල තවමත් පුරවගෙන ඉන්න අවිරුව..

එයා ලගට ඇවිත් මාව තුරුල්කරගනිද්දි මට මතක්වුනේ එයා ඉස්සෙල්ලාම මාව එයාගෙ තුරුලට ගත්තු ඒ දවස.කොච්චර කාලය ගතවෙලා තිබුනත් අවිරුගෙ ආදරය පොඩ්ඩක්වත් වෙනස්වෙලා තිබුනෙ නෑ.අපේ දරුවො ඉස්සරහා අවිරු තාමත් මාව තුරුල් කරගත්තෙ කිසිම පැකිලීමක් නැතුව..

” ඇයි මේ මගේ ආච්චි අම්මා අඩන්නෙ ?”

” ආච්චි අම්මා ? ”

” ඔව්…දැන් අපි වයසයි…”

” ආ..මම මේ අද නැන්දම්මා කෙනෙක් වෙනවා විතරයි හරිද ? ඔයා තමයි දැන් නාකි ”

” මේ බලන්නකො මෙයා…මගේ කොන්ඩෙ ගහක් දෙකක් සුදුවුනා කියලා මම එහෙම නාකිවුනේ නෑ හරිද ? ”

එයා එහෙම කියද්දි මම ආයෙත් තුරුල්වුනේ කොච්චර කල් ගතවුනත් තවම මම හොයන ඒ උනුසුම රැදිලා තියෙන ඒ පපුවට…

” මට මැරෙන්න ඕනෙ මේ පපුව උඩ විතරයි රත්තරනේ…”

” ෂ්…මුකුත් කියන්න එපා…ඔයා එහෙම යන දවසට තමයි මගේ හුස්මත් නතරවෙන්නෙ…එතකන්…මගේ හුස්ම ඔයා…”

” ගොඩක් ආදරෙයි අවිරු..”

” මමත් ආදරෙයි ආශි…මගෙ *ඒන්ජල්*…”

” අම්මා..තාත්තා..ඔයාලා මොනවද අනේ කරන්නෙ…අන්න අයියා කතා…ඕහ්…අපි මුකුත් දැක්කෙ නැතෝ…”

දොර ඇරගෙන කාමරේට ආපු අශිරු ඇස් වහගෙන එහෙම කියලා දුවද්දි මම හිනාවෙවී බැලුවෙ අවිරුගෙ දිහා..

” ඇත්තමයි..මගෙ ළමයි මට අම්මා එක්ක හුරතල් වෙන්න කවදාවත් ඉඩදෙන්නෙ නෑනෙ..මුන් ටිකනම් මං වගේමයි…”

අවිරු එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා..

” යමු ආශි….”

අවිරු මගේ අතින් අල්ලගෙන පහලට බැහැලා මාව කාර් එක ලගට එක්කගෙන ගියා.එතකොට මම දැක්කෙ ඩෙවිල්ගෙ සොහොනෙ හිටවපු සුදු රෝස ගහේ මල් ගොඩාක් පිපිලා තියෙනවා කියලා.හරියට ඩෙවිලුත් අද හුගාක් සතුටුවෙනවා කියන්න වගේ..

ඇහැට ආපු කදුලුත් එක්කම මම තව පාරක් ඩෙවිල්ගෙ සොහොන දිහා බලලා කාර් එකට නැග්ගා.මගේ හිත තේරුම්ගත්තා වගේ අවිරු මගේ කම්මුලක් දිගේ ගලාගෙන යන කදුලු බිංදුව පිහදාලා මගේ නලලෙ තොල් තියද්දි මම ප්‍රාර්ථනා කලේ මේ ආත්මෙදි වගේම #ඒන්ජල් හැම ආත්මෙකම අවිරුගෙම වෙන්න කියලා…

*සමාප්තයි*
හෙට සිට හැමදාම උදේ 10යට. ආශ්කා රශ්මි ලියන ” ක්‍රොස් මයි හාට්” ආදරණීය නවකතාව කියවන්න පුළුවන්

16 thoughts on “?ඒන්ජල්? | අවසාන කොටස | නවකතාව”

  1. අනේ කතාව ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ලස්සනයි❤️❤️❤️❤️
    කතාව ඉවර වුනාට නම් දුකයි ????
    අපිට ඔයාගෙන් මේ වගේ තව ලස්සන කතා ගොඩාක් ඕනා.
    ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    All the best ??????

  2. Dulmini madushani

    Godak asawen kiyawapu kathawak. Awasana kotasa nisa tikak dukai. Kathawa lassanata awasan karala oya. Samannayen kauruwath hithanne nathi paththak gana hithala oya. Eyalage sadasamaya unath godak adaraniya widihata pennuwe. Godak welawata wenne adare karana kale thina adare kasada bandata passe adu wenawa naththan nathima wenawa. Godak kellanta wenne e tika. Eth eka therum gannakota parakku wadi. Eth engal godak lucky mokada eyage awiru wenas nowi hamdama eya laga inna nisa. Thawath me wage godak lassana kathawak ikkamana denna. All the w best. Budusaranai.??????

  3. ලස්සන ලස්සන අවසානයක් . ගොඩක් හොද පවුලක් තුළ තියෙන්න ඕනේ ආදරය, බැදීම්, සෙනෙහස වගේම යුතුකම් වගකීම් හරි ලස්සන ට ලියවුනු හරිම ආදරණීය ලස්සන කතාවක්….
    …….. තවත් මෙම වගේම ලස්සන කතාවක් අරන් ඉක්මනටම එන්නම් නංගියේ.තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    …….. කතාව ඉවර වුනාට චුටි දුකක් ආවා.ඒත් රශ්මි නංගිගෙ කතාවක් දානවා කියලා නිසා ගොඩක් සතුටුයි.

    3
  4. Aneee kathawa iwaraida…godaaaaaaaaaaakkk lassanai ?…katahwe hama charithayak gana wagema devil ganath anthimeta mathak karala thibuna ?..harima lassna awasanayak…thawath lassana katha liyanna hodee …good luck choco fairy ????

  5. ගොඩක් ලස්සන කතාවක්… හරිම ආසාවෙන් කියෙව්වෙ… ඉක්මනින් තවත් කතාවක් අරන් එන්න… මං ඔයාට සුභපතනවා…
    බුදු සරණයි…

  6. Ai deiyo kathava ivara kale.harima dukai kathava ivara kale.?????
    Aththatama kiyanne me kathavam superb.avasane lodak adaraeeyai vagema dukai,sanvedi
    Aye mevage katha godaaaak one apita

  7. Nirosha Lakmali

    අම්මො හිතුවටත් වඩා දුර ගිහින් ඔයා කතාව ඉවර කලේ. ඒ ගැන නම් හරිම සතුටුයි. හැමදාමත් වගේ අදත් කතාව හරිම ලස්සනයි. ඒ වගේම අදින් පස්සේ ඒන්ජල් කියවන්න නැනේ කියලා හිතෙනකොට ගොඩක් දුකයි. ඒත් කමක් නැ. ආයේත් මේ වගේම ලස්සන කතාවක් අරන් එන්න. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා…..
    All the best….

  8. Ruwanthi Lakshani

    Ane kathawa harima lassanai. ???? tikak dukai kathawa iwara unata.???? oyata suba pathanawa… ane me wage thawa lassana kathawak aran anakan balan innawa…..?????

  9. අනේ දුකයි….එක පාරටම කතාව ඉවර උන වගේ දැනුනෙ කිවේවාම….අවසානෙය ලස්සනයි…ඇත්තටම කදුලු ආවා කි⁣යවද්දි…සතුටයි දුකයි දෙකම තියෙයි…ගොඩක්ම ඩෙවිල් නැති දුක දැනුනා…සතෙක් උනත් මිනිස්සුන්ට වඩා ආදරේ දන්නවනෙ…ආශිගෙ අම්මයි සුමනම්මා තාම ඉන්න තිබුනෙ අනේ කතාවෙ… ඔයාට සුබ පතනවා හදවතින්ම ඉස්සරහටත් ලස්සනම කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා..තෙඑුවන් සරණයි…

  10. Nirosha Lakmali

    අප්සරාවී ඉතුරු ටිකත් දාන්නකෝ. දාලද කියලා හැමදාම බලනවා ඒත් නැ. ප්ලීස් හරිම ආසාවෙන් කියෙව්වා කතාව. ප්ලීස් ඉක්මනට දාන්න⁣කෝ. බලන් ඉන්නවා හොදද. තාමත් කතාව මැවිලා පේනවා. ඒකේ අවසානේ දකිනකන් සැනසීමක් නැ. ප්ලීස් දාන්න…

  11. kasuni chamalka

    ගොඩ කාලෙකින් කතා අහුර app එකට ලොග් උනේ.. එක දිගටම එන්ජල් ස්ටෝරි එක කියෙව්වා. ගොඩාක් ලස්සන ස්ටෝරි එකක්.. තව තවත් මේ වගේ ස්ටෝරි ලියන්න.. අන්තිමට එක දෙයක් ඉල්ලනවා පුළුවන් නම් අප්සරාවි ස්ටෝරි එක දාන්නකෝ ඉක්මනට.. ඒක දානකන් බලන් ඉන්නවා…..

    …..බුදුසරණයි…..

    °•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

  12. අකුරු, මන් හිතන්නේ ඒවා වචන වලට
    පෙරලුනාම ,කතාවක් බලනවට වඩා,film එකක් බලනවට වඩා ,මේ වගේ කියවද්දී දැනෙනෙ feeling එක
    කොහෙන්වත් ගන්න බෑ කියලා ,ඇත්තටම මේ කතාව කියවද්දී මට
    දැනුනේ මම මේ කතාව අතුලේ ජීවත් වුනා වගේ,හරිම ලස්සන කතවක්,වයසට ගිය එකටනම් ටිකක් දුක හිතුනා,ඒත් යතාර්ථයනම් අපි කාටත් ඒක පොදූයි.මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න පුලුවන් වෙන්න
    කියලා ඔයාට විශ් කරනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.