Katha Ahura

?ඒන්ජල්? | 55 කොටස | නවකතාව

5/5 - (1 vote)

*83 කොටස*

කරකියාගන්න දෙයක් නැතුව මමයි අවිරුයි එකතැන ගල්වෙලා ඉන්නකොට නැන්දා තුවක්කුවත් දිගටම අපේ පැත්තට දික්කරගෙනම පස්සෙන් පස්සට ගිහින් දොර ඇරියා.

” ඔය තුවක්කුව දානවා බිමට..! ”

අපි නොහිතපු විදිහට ඇහුනු නන්නාඳුනන කටහඩට මමයි අවිරුයි දෙන්නම දොර දිහා බලද්දි දැක්කෙ නැන්දගෙ ඔලුවට පිටිපස්සෙන් එල්ලවෙලා තිබුනු තුවක්කු දෙක..

” අපි පොලිස්සියෙන්..ඉක්මන්ට දානවා ඔය තුවක්කුව බිමට..”

නැන්දා අතේ තිබුනු තුවක්කුව බිමට දැම්මට පස්සෙ පොලිස් කාන්‍තාවක් ඉක්මන්ට ඇවිත් නැන්දගෙ අත්වලට මාංචු දැම්මා.

” අපි පරක්කු නෑ නේද අවිරු ? ”

අත් දෙකේම තිබුනු තුවක්කු දෙක පහතට දාපු ඒ කෙනා ඇවිත් හිනාවෙවී එහෙම අහලා බිම ඉදපු අවිරුට අත දීලා නැගිට්ටවද්දි මම ආවෙ අවිරු ලගට..

” නෑ ජෙහාන්..ඔයා වෙලාවටම ආවා..ආශි මේ ඉන්නෙ අපේ OIC මහත්තයා..ජෙහාන්..මගේ යාලුවෙක්…”

අවිරු මට එයාව අදුන්වලා දෙද්දි පොලිස් කාන්තාවො දෙන්නෙක් අල්ලගෙන හිටපු නැන්දා බෙරිහන් දෙන්න පටන්ගත්තා.

” හහ්..කෝ උඹලට සාක්ෂි..? ”

” මේ තියෙන්නෙ…”

හිනාවෙවී ඉස්සරහට ආපු අවිරු එයා ඇදගෙන හිටපු ෂර්ට් එකේ බොත්තමක් උඩින් අලවලා වගේ තිබුනු මොකක්ද එකක් ගලවලා අරගෙන නැන්දට පෙන්නද්දි එයාට තවත් තරහ ගියා.

” ඇයි නැන්දා …ඔයාට විතරයිද මිනි කැම් වලින් වැඩ දාන්න හොද..අපිට හොද නැද්ද..මෙන්න ජෙහාන්..මේකෙ තියෙනවා ඔක්කොම රෙකෝඩ් වෙලා.”

අවිරු ඒ මිනි කැම් එක ජෙහාන්ට දෙනකොට මට මතක්වුනේ ඇයි මෙච්චර ලගින් ඉදලත් මම මේක දැක්කෙ නැත්තෙ කියලා..

” ජෙහාන්..ඔන්න ඉන්නවා මිස්ටර් දිසානායකගෙ මිනීමරුවා.ඒ වගේම තව අහිංසක මිනිහෙක්ව මරපු මිනීමරුවා..”

අවිරු ඉස්සරහට ඇවිත් ෂර්ලොක් හෝම්ස් වගේ කියද්දි පොලිස් කාන්තාවො දෙන්නා නැන්දව ජිප් එකට අරන් ගියා.

” තෑන්ක්ස් අවිරු..ඔයා නැත්නම් තව අපරාධකාරියක් අපෙන් බේරිලා රටෙන් පනිනවා..”

ස්කොට්ලන්ඩ්යාඩ් එකේ ලෙස්ට්‍රේඩ් හෝම්ස්ට ස්තූති කරනවා වගේ ජෙහාන් අවිරුට ස්තූති කරද්දි මට අවිරු ගැන ලොකූ ආඩම්බරයක් දැනුනා..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” මට තියෙන තරහ ඇයි ඔය දෙන්නා තනියම මෙච්චර අවධානමක් ගත්තෙ කියලා..ඔයාට අපි හැමෝටම බැරිනම් මේ මට කෝල් එකක් දෙන්න තිබ්බා.”

අයියා තරහින් වගේ කිව්වෙ මේ දේවල් ආරංචි වෙලා අපේ ගෙදරට දුවගෙන ආපු අනිත් හැමෝමත් අපේ සාලෙ වාඩිවෙලා ඉන්නකොට..

” වැඩිවෙලාවක් තිබ්බෙ නෑ අයියා..මම ආශිවත් ඇදගෙන ගියේ ඒ නිසා..”

” මට හිතාගන්න බැරි අපේම කෙනෙක් වෙලත් ඇයි එයා මෙහෙම කලේ කියලා..”

අම්මා අඩන්න ඔන්න මෙන්න වගේ කියද්දි මම එයාගෙ එහාපැත්තෙන් වාඩිවෙලා එයාගෙ අත අල්ලගත්තා.

” ඔයා දුක්වෙන්න එපා අම්මා..එයාට දැන් දඩුවම් ලැබෙයි..”

” ඔව් අයියා..”

” කොහොමවුනත් මේ දේවල් අපිවත් දැනගෙන හිටියෙ නෑ..මේ හැමදේටම ස්තුති කරන්න ඕනෙ අවිරුට..”

මංගලා ආන්ටි එහෙම කියද්දි අරවින්ද අංකලුත් ඔලුව වැනුවා.

” ඒකතමයි..තෑන්ක්ස් පුතා..”

” ඒක මගේ යුතුකමක් අංකල්..දිසානායක සර් නිසා තමයි මම අද මෙතන ඉන්නෙ..සර් වෙනුවෙනුයි මම මේ දේවල් කලේ..”

අවිරු එහෙම කියද්දි මම එයා දිහා බැලුවෙ ගොඩක් ආදරෙන්..

” හරි..දැන් ප්‍රශ්න ඔක්කොම විසදුනානෙ…මම හැමෝටම තේ ගේන්නම්..”

අම්මා එහෙම කියලා නැගිටිද්දි මංගලා ආන්ටි ,

” මම දවල් පෑන් කේක් හැදුවා..මම ඉක්මන්ට අරගෙන එන්නම්..”

මංගලා ආන්ටි එහෙම කියලා ගෙයින් එලියට දිව්වා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” පැටියො…”

” ම්ම්ම්…? ”

” ඇයි සද්දයක් නැත්තෙ ? ”

ඊලඟ දවසෙ රෑ අවිරු ගත්තු කෝල් එකෙන් අපි පැයක් විතර කතාකර කර ඉදලා මගෙන් සද්දයක් නැතිවුනාම එයා ඇහුවා.

” ප්‍රශ්න සේරම දැන් විසදුනානෙ..ඒත් කවද්ද අවිරු ඔයා අපි ගැන අම්මට කියන්නෙ ? ”

” ඉවසලා ඉන්නකො මගෙ පැට්ටෝ..මේ ටිකේ මට සෑහෙන්න වැඩ වැඩියි.මේවා නිදහසේ අම්මා එක්ක කතා කරන්න ඕනෙ..”

” හ්ම්ම්…”

” මේ..දැන් ඔහොම මූන එල්ලන් ඉන්න එපා ඉතින්..”

” ඔයා නරකයි අවිරු..මේ ටිකේ මාව ඩිනර් එකකටවත් එක්කන් ගියේ නෑ..”

” අනේ පැටියෝ..මේ ටිකේ මට සෑහෙන්න වැඩනෙ..මේ ටික ඉවරවුනාම ඔයාව අනිවා කොහේහරි එක්කන් යන්නම් ”

” එක්කන් යන්නම් කියන්නෙ..මුකුත් බැරිනම් මෙහේ ඇවිත් මාව ගේ වටේ හරි එක්කන් යනවකො..”

” පිස්සි…හරි හරි ඉතින්..ඔහොම තරහ ගන්න එපා..”

” තරහ යනවනෙ ඉතින් ඔයා එක්ක..”

” දැන් ගොඩක් රෑ වෙලානෙ ඒන්ජල්..දැන් නිදියන්න..හෙට උදේ මට ෂොප් එකට බඩු ගන්නත් යන්න තියෙනවා..”

” හ්ම්..එහෙනම් ගුඩ් නයිට්..”

” බෑ..කිස් එකක් ඕන..”

” කිස් ඕන්නම් මෙහෙ එනවා..ඇයි වදේ…”

” නපුරි..ගුඩ් නයිට්..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” ආශූ..! උදේම මෙහේ ? ගුඩ් මෝනිං ”

හද්ද පාන්දර දොර ඇරපු අම්මා එහෙම කියනවා වගේ මට ඇහුනෙ මම නිදිමරගාතෙ කබ කඩ කඩ පඩිපෙළ බහිද්දි..

” ආ..ගුඩ් මෝනිං නිදි කුමාරි..”

” හාහ්..ගුඩ් ඊවිනින්ග් අයියා..”

මම කට ඇර ඇරම නිදි මරගාතෙම එහෙම කියාගෙන කුස්සියට යද්දි තව පොඩ්ඩෙන් මට ඩෙවිල්වත් පෑගෙනවා..

මම කුස්සියට ගිහින් වතුර වීදුරුවක් බීලා මූනෙ වතුර ටිකක් ගාගත්තට පස්සෙ තමයි මම මේ ලෝකෙට ටොයිං වුනේ.ඊටපස්සෙ ෆ්‍රිජ් එකෙන් කිරි එකක් අරගෙන වීදුරුවකට හලාගෙන ඒකත් අරගෙනම ආයෙත් නැමිලා ෆ්‍රිජ් එකෙන් තියද්දි මම දැක්කෙ උදේ පාන්දරම දකින්න තියෙන සුභ දසුනක්..

ත්‍රිපෝෂ…!

අම්මා අලුතින්ම හදපු ත්‍රිපෝෂ ටිකත් එක අතකට අරගෙන අනිත් අතින් කිරි වීදුරුවත් අරගෙන මම වැනි වැනී සාලෙට ආවෙ බීපු කෙනෙක් වගේ..

ඊටපස්සෙ අයියගෙ එහාපැත්තෙන් වාඩිවෙලා එයාගෙ උකුලෙන් මගේ කකුල් දෙකත් තියාගෙන මම ත්‍රිපෝෂ ගුලියක් කෑවා.

” අපෙ අම්මා චේන්ජ් වෙලා..අයියේ ඕනද ? ඒක නෙවේ මේක…”

මම නිදිමරගාතෙම කෑගහද්දි අයියා ඇසුත් ලොකුකරන් මං දිහා බැලුවා.

” තව ටිකක් නිදියගෙන එනවා ගිහින්..තාම නිදිමතේ ඉන්නෙ..”

” පුතා ඇයි මේ උදේ පාන්දරම මෙහේ ආවෙ ? ”

එතකොට තමයි මම දැක්කෙ අම්මා ඉන්නෙ ඉස්සරහ පුටුවෙ කියලා.කිරි එකත් බොන ගමන් මම ඒ දෙන්නගෙ සංවාදෙ දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ උදේම නැගිටලා නිදිමතේම සිරසෙ ළමා චිත්‍රපටි බලනවා වගේ…

” අපි හෙට හවස ඇමරිකා යනවා අම්මා…”

” මොකක්..! ”

ඒක අහලා මගේ නිදිමත සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුනා.කිරි වීදුරුවත් මහ සද්දෙන් ටේබල් එක උඩින් තියපු මම අයියගෙ උකුලට පැන්නා..

” මොකක්ද කිව්වෙ ? මට ඇහුනෙ නෑ..”

මම එක ඇගිල්ලකින් කන හාරලා අයියගෙ කට ලගට තිබ්බට පස්සෙ එයා මගේ කන ලගට ඇවිත් හයියෙන් කෑගැහුවා.

” මම හෙට යනවා මෝඩියේ..”

කන ඇතුලෙන් කීං ගානවා එක්කම මට එයා කියපු දේ ඩබල් ත්‍රිබල් වෙලා ඇහෙන්න පටන්ගත්තා.

” හරි හරි ඉතින්..ඕක ඔච්චර හයියෙන් කියන්න ඕනෙ නෑනෙ..”

” මම හෙට යනවා ආශි..”

” ඉතින් යනවා..අපිට වද නොදී ”

මම තව ත්‍රිපෝෂ ගුලියක් අතට අරන් එහෙම කියද්දි අම්මා මට සැරවුනා.

” ආශි…! ”

” මෙයාට ඕනෙ කොහොමත් අපිව දාලා යන්නනෙ..මෙච්චර ඉක්මන්ට යයි කියලා මමවත් හිතුවෙ නෑ..”

” අයියා ඉක්මන්ට එනවා ආශියෝ..”

එයා මාව බදාගෙන කියද්දි මම අතේ තිබුනු ත්‍රිපෝෂ ගුලිය එයාගෙ කටේ ඔබලා ඒ අත් දෙක අරගෙන ගසලා දැම්මා.

” අයියා ආයෙ ඉක්මන්ට එනවා..”

කටේ තිබුනු ත්‍රිපෝෂ ගුලිය කන ගමන් එයා කියද්දි මට ඒක ඇහුනේ බොල බොල ගගා..

” මෙච්චර ඉක්මන්ට යන්න ඕනෙද ආශු ? ”
අම්මා එයාගෙ සෑඩ් වොයිස් එක එලියට දාද්දි මම තව ත්‍රිපෝෂ ගුලියකට වැඩේ දුන්නා..

” යන්න කියන්න අම්මා..ඇයි වදේ..ඔච්චර තටමන්න ඕනෙද යනවා කියන්න..”

” ආශී..වහගන්නවා කට..මෙයා බීලද මන්දා..මේ කියවන්නෙ..”

” ඔව් අම්මා..මම මේ දැනුත් බොනවා..”

මම කිරි වීදුරුව අරගෙන ගුඩු ගුඩු ගාලා බොද්දි අයියට හිනා ගියා.

” තාම මෙයා පොඩියි අම්මා..මෙයාට මේවා තේරෙන්නෙ නෑ..”

අයියා මගේ කට වටේට තිබුනු කිරි රැවුල අතින් පිහදදා කියද්දි අම්මා නැගිට්ටා.

” මම ඔයාටත් කිරි එකක් ගේන්නම් ආශු..”

” මාත් ගිහින් මේ වීදුරුවට කිරි පුරවන් එන්නම්..”

මම එහෙම කියලා අයියගෙ උකුලෙන් නැගිට්ටම එයා ආයෙත් මාව එයාගෙ උකුලට ඇදලා ගත්තා.

” ආශි..මේ..”

” ඇයි ? ”

” මට කියන්න දෙයක් තියෙනවා..”

6 thoughts on “?ඒන්ජල්? | 55 කොටස | නවකතාව”

  1. කතා අහුරේ සියලුම රසික රසිකාවන්ටත් ඇඩ්මින් අයියාටත් සියලුම පාඨකයන්ටත් සුභම සුභ වෙසක් මංගල්ලයක් වේවා

  2. කතා අහුරෙ හැමෝටම සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා…❤️❤️❤️❤️❤️
    අයියා කියන්න හදන්නෙ සෙනූ ගැනවත්ද…අනේ මන්දා…හෙටම බලමුකො..ලස්සනයි කතාව.❤️❤️❤️❤️❤️

  3. ඇඩ්මින් අයියා ඇතුළු”කතා අහුර” කියවන ලියන සියලු දෙනාටම ත් නංගියේ ඔයාටත් ශ්‍රි සුබ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    …….. හරිම ලස්සනයි ආශාවෙන් කියෙව්වෙ අද කොටසත්.superb.well done

  4. හැමෝටම ගොඩාක් ස්තූතියි.ඒවගේම සුභ වෙසගක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා..!
    ප.ලි.- කතාව ලගදි ඉවරවෙයි හොදේ..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.