Katha Ahura

?ඒන්ජල්? | 57කොටස | නවකතාව

5/5 - (1 vote)

*85 කොටස*

විනාඩි දහයකට විතර පස්සෙ අවිරු කාර් එක නැවැත්තුවෙ ” Green Resort ” කියල ගහලා තිබුනු ලොකූ හොටෙල් එකක් ඉස්සරහා.අපි පාකින් එකට දාන්න හැදුවත් වාහන පිරිල තිබුනු නිසා අපේ කාර් එක දාන්න තරම් ඉඩ තිබුනෙ නෑ.අවිරු කාර් එක පාරෙ එහාපැත්තෙන් නවත්තලා බැහැලා ඇවිත් මගේ පැත්තෙ දොර ඇරලා මාවත් එලියට බැස්සුවා.

පාර මාරුවෙලා අපි හොටෙල් එක ඇතුලට ආවම අපි දැක්කෙ ගොඩාක් ලයිට් දාලා ගොඩක් ලස්සනට සරසලා තිබුනු හොටෙල් එක.අවිරු මාවත් එක්කගෙන ගියේ උඩ තට්ටුවට.ටේබල් එකක අපි දෙන්නම වාඩිවෙලා මම වටපිට බල බල ඉන්නකොට අවිරුගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.අවිරු කෝල් එක ආන්ස්වර් කරද්දි වේටර් කෙනෙක් ඇවිත් මෙනූ එක ටේබල් එකෙන් තියලා ගියා.

” මොනාද ඒන්ජල් ගන්නෙ ? ”

” ම්ම්ම්..අනේ මන්දා…”

” ඔයා කැමති සී ෆූඩ් රයිස්නෙ.අපි ඒවා ඕඩර් කරමු.හරිද ? ”

” හරි..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

ඩිනර් අරගෙන අපි ටිකක් එලියට ඇවිත් හුලං වැදෙන්නත් එක්ක එලියෙ ඇවිද්දා.

” අවිරු ”

” ම්ම්ම්…”

” අයියට වැඩේ හරිද දන්නෑ..කෝල් එකක් දීලා බලන්නකෝ..”

” අපි එයාලට ඩිස්ටර්බ් නොකර ඉම්මු අනේ..අපිත් කැමති නෑනෙ අපිටත් කවුරුවත් ඩිස්ටර්බ් කරනවට..”

” දෙයියනේ..ඩිස්ටර්බ් කරන්න කලින් සෙට්වෙලාද කියලා දැනගන්න එපැයි..”

” ආ…ඔව්නෙ..”

” මැට්ටෙක් ඔයානම්..”

” එන්න වැඩක් පෙන්නන්න..”

අවිරු මාව එක්කගෙන ගියේ අපි හිටපු තැනින් තිබුනු පඩිපෙළක් ලගට.ඊටපස්සෙ මාත් එක්ක පඩිපෙළ නැගලා එයා මාව එක්කගෙන ගියේ චූටි චූටි ලයිට් වැල් ගොඩාක් එකදිගටම එල්ලලා තිබුනු තැනකට.

” අර…”

අවිරු අත දික්කරලා පෙන්නුවම මම දැකපු දෙයින් මට තව ටිකෙන් කෑගැහෙනවා සතුට වැඩිකමට.මගේ ඇරෙන්න ගිය කට අවිරු පැනලා එයාගෙ අත් දෙකෙන්ම වැහුවා.මම දැක්කෙ අපි හිටපු තැනට ටිකක් ඈතින් තිබුනු ටේබල් එකක් ලග ඉන්න අයියයි සෙනූවයි.එතන වෙන කවුරුවත් හිටියෙ නෑ.ඒත් සෙනූනම් හිටියෙ අයියගෙ තුරුලට වෙලා.

මම එතෙන්ට දුවන්න හදනකොට අවිරු මාවත් ඇදගෙන එතන තිබුනු ලොකු මල් පෝච්චියක් පිටිපස්සට දිව්වා.

” කෑගහන්න එපා යෝදියේ..අරුන්ට ඇහෙයි.”

” ඔයා හරි නරකයි අවිරු .මට කිව්වෙත් නෑ අයියලත් ආවෙ මෙහෙට කියලා.”

” ෂ්…කෑගහන්න එපා..ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා මෙතෙන්ට පැනලා එයාලටත් ඉන්න දෙන්නෙ නැති නිසා.මට කෝල් එකක් දීලා අයියා කිව්වා වැඩේ හරි කියලා.ඊටපස්සෙ තමයි මම ඔයාව එක්කන් ආවෙ..”

” මම තමුසෙ ගැන පස්සෙ බලාගන්නම්කො..දැන් මට අර දෙන්නා ලගට යන්න ඕනෙ.මගේ අලුත් නෑනව පිලිගන්න..අනිත් එක අපි මොකටද ඒ දෙන්නා කරන ඒවා හැංගිලා බලන් ඉන්නෙ..ඒක හරි නෑනෙ.මෙන්න මෙහෙ එනවා..”

මායි අවිරුයි එතෙන්ට දුවගෙන ගිහින් දෙන්නගෙ වටේ කැරකි කැරකි බාහුංසහස්ස කියද්දි ඒ දෙන්නා තුෂ්නිම්භූතවෙලා අපි දෙන්නා දිහා බලන් හිටියා..

” අවිරු , නංගි..උඹලා දෙන්නත් මෙහෙට ආවද ? ”

” නැතුව බෑනෙ..නේද අවිරු ? ”

” ඒකනෙ ඒකනෙ..එහෙනම් මස්සිනා මගෙන් හොට් හොට් සුභපැතුම් වේවා..”

” එහෙම බෑ අවිරු..මේ දෙන්නගෙන් පාටි ඉල්ලගන්න ඕන..”

” හරි හරි දෙන්නම්..අවිරු..එන්න මාත් එක්ක පහලට යන්න..අපි කෑම ඕඩර් කරලා එමු..”

” ඔව් අයියා..මටත් බඩගිනියි ”

” හෑ..ඔයා දැන් නේද කෑවෙ ආශි ? ”

අවිරු මගේ දිහා කන්න වගේ බලාගෙන අහද්දි මම සෙනූගෙ පිටිපස්සෙ හැංගුනා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” ඉතීන්..මගෙ නෑනා පොඩ්ඩ…මොකද කතා නැත්තෙ ? ලැජ්ජ හිතිලද ? ”

මම එතන තිබුනු බැල්කනි එකට ගිහින් සෙනූ දිහා බලාගෙන අහද්දි එයා මං දිහා බලලා හිනාවුනා.

” ඇත්තටම අක්කා..ඔයාගෙ අම්මා මට කැමති වෙයිද ? එතකොට මංගලා ආන්ටි ? අරවින්ද අංකල් ? ”

” ඒවා ඔක්කොම හරියයි..එයාලා ඔයාව නොදන්නවා නෙවෙයිනෙ..ඒ ගැන හිතන්න එපා.එයාලා අනිවා ඔයාට කැමති වෙනවා..”

” හ්ම්ම්…”

” සෙනූ…”

” ඇයි අක්කා..? ”

” මගේ අයියා එයා ගැන සම්පූර්ණයෙන්ම දැන් ඔයාට කියලා ඇති නේද ? ”

” ඔව් අක්කා..”

” සම්පූර්ණයෙන්ම ? ”

” ඔව් අක්කා..එයා මට එයාගෙ ලෙඩේ ගැන කිව්වා..”

” දැන් එයාව බලාගන්න එක ඔයාටත් අයිතියි සෙනූ..මගෙ අයියව පරිස්සමින් බලාගන්න..එයාට දුකක් දෙන්න එපා සෙනූ..එහෙම වුනොත් එයා ඉක්මන්ට අසනීපවෙයි..”

” අක්කා හිතන්නෙ මං ඒ වගේ කෙනෙක්..”

” නෑ නෑ සෙනූ..මම දන්නවා ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා.මම කිව්වෙ පොඩී දුකක්වත් දෙන්න එපා කියලා..”

” මට තේරෙනවා අක්කා..මම දන්නවා ආදරේක වටිනාකම..”

” මට ඔයාව විශ්වාසයි සෙනූ..ඔය දෙන්නව හැමදාම දෙවියෝ එකට තියන්න ඕන..”

” අපි විතරක් නෙවේ අක්කා..ඔයාලගෙ ආදරේ මේ හැමදේටම වඩා ලස්සනයි..ඔය දෙන්නට කවදාවත් දුකක් වෙන්න එපා..ඒක මගෙත් ප්‍රාර්ථනාවක් අක්කා..”

” ලේඩීස්..! කෑම රෙඩීස්..! ”

අයියයි අවිරුයි කෑම අරගෙන එද්දි මමත් සෙනූ එක්ක ටේබල් එක ලගට ආවා.

” ඇයි අවිරු ඔය දෙන්නම මේවා අරන් ආවෙ ? ”

” දැන් ඉතින් මට වගේම අයියටත් ජීවණ බර කරට ගන්න එපැයි.එයාටත් මේවා ටික ටික පුරුදු කරන්න ඕන නිසයි මම මෙයාවත් එක්ක මේවා අරගෙන ආවෙ..”

” එතකොට ඔයගොල්ලො කලින් ඩිනර් ගත්තෙ නැද්ද ? ”

” ගත්තා ආශි..ඒත් අපි හතරම එකට ගත්තෙ නෑනෙ..ඒකයි මේවා අරගෙන ආවෙ..”

අයියා එහෙම කියලා සෙනූ ලගින් වාඩිවෙද්දි අවිරු ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩිවුනා..

අපි ටික එකතුවෙලා ඩිනර් ගන්නකොට මට දැනුනෙ මගේ කකුල කවුරුහරි සනීපෙට පාගනවා කියලා.මම අවිරු දිහා රවලා බලද්දි එයා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා.

” එපා අවිරු..අයියා දකීවි..”

මම එයාගෙ කනට කරලා රහසින් කියද්දි එයා තේරුනේ නෑ වගේ මූන නස්පුට් කරගත්තා.මම එයාට රවලා ආයෙ කෑම කන්න පටන්ගත්තා.ඒත් ටිකවෙලාවකින් ආයෙ මට දැනුනෙ මගේ කකුලෙ කාගෙහරි කකුලක් ඇතිල්ලෙනවා වගේ.

මම ටේබල් එක යටින් අතදාලා අවිරුට හයියෙන් එකක් ගැහුවා.එතකොට එයා බිබී ඉදපු වයින් එක හිරවුනා.ග්ලාස් එක පැත්තකින් තියලා එයා මං දිහා රවල බැලුවා.

” මොකද යෝදියේ ? ”

එයා මගේ කනට කරලා රහසින් වගේ අහද්දි මම බොරුවට හිනාවක් මූනට ගත්තා.

” ආයෙ කලොත් මං නරකයි කියන්න එපා..කාර් එකට නගිනකන් ඉන්න බැරිද..”

මම එහෙම කියද්දි එයා ආයෙත් මූනට අරගත්තෙ අර නස්පුට් ලුක් එකමයි.

ටිකවෙලාවකින් ආයෙත් මගේ කකුල දිගේ කකුලක් යනවා දැනිලා මම රවලා අවිරුගෙ දිහා බැලුවා.මේකනම් හරියන්නෙ නෑ.කරන්නම්කො හොද වැඩක්..

මම එහෙම හිතලා දාගෙන හිටපු හයිහීල් එකෙන් මගේ කකුල උඩ තිබුනු කකුල හයියෙන් පෑගුවා.අවිරුගෙ විලාපයක් බලාපොරොත්තුවෙන් මම එයාගෙ දිහා බලද්දි මට ඇහුනෙ හෙන විලාපයක්.ඒත් ඒ අවිරුගෙන්නම් නෙවෙයි.අයියගෙන්..

” අයියා…! ඔයාද මගේ කකුල පෑගුවෙ ? ”

මං එහෙම අහද්දි අයියා පුදුමෙන් මගේ දිහා බැලුවා.

” එතකොට මං මෙච්චරවෙලා පෑගුවෙ ඔයාගෙ කකුලද ? අනේ සොරි ආශි..මං හිතුවෙ ඒ සෙනූගෙ කකුල කියලා..”

අයියා එහෙම කියද්දි සෙනූ අතින් කට වහගෙන හිනාවුනා.මම තරහින් බැලුවෙ හිනාවෙවී ඉන්න අවිරුගෙ දිහා.

” ඇයි මගේ දිහා ඔහොම බලන්නෙ ? මමනම් නෙවෙයි අයියට ඕව කියල දුන්නෙ..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” මේ අයිස්ක්‍රීම් එකට තව චොක්ලට් සෝස් ආවනම් හරි..”

මම අවිරුගෙන් අහද්දි එයා එයාගෙ අතේ තිබුනු අයිස්ක්‍රීම් කප් එක මට දුන්නා.

” මේකෙ සෝස් වැඩියෙන් තියෙනවා.මේක කන්න..”

” අනේ..උම්මා..ඔයා හලි ෂෝයි..”

මම ඒක අරගෙන කද්දි අවිරු මගේ දිහා බලාගෙන හිටියා.

” කෝ එතකොට මට ? ”

” ඔයාට මොකටද ? ”

” එතකොට ඔයාගෙ කප් එක මට නෙවෙයිද ? ”

” මම කිව්වෙ නෑනෙ ඒක ඔයාට කියලා..ඒකත් මට..”

” ඔන්න අයියේ ඔයාටත් මේවා පුරුදු වෙන්න වෙයි..”

අවිරු අයියගෙ දිහා බලාගෙන කියද්දි එයාට හිනාගියා..

” මෙතන මොනාද වෙන්නෙ ? ”

අපේ පිටිපස්සෙන් ඇහුනු සද්දෙට අපි හැමෝම හැරිලා බලද්දි අපි දැක්කෙ

2 thoughts on “?ඒන්ජල්? | 57කොටස | නවකතාව”

  1. Ruwanthi Lakshani

    Ashige ammala neda anne. Ane dennatama kemeththa dunnoth hodai. Kathawa gena nam kiyanna wachana ne a tharamma lassanai. ☺☺☺☺☺ a wagema godak thathwikai. Hemadama asawen balan inne ilaga kotasak anakan. Oyata subapathanawa. Thawa lassana kotasak heta aran anna….????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.