Katha Ahura

?ඒන්ජල්? | 56 කොටස | නවකතාව

5/5 - (1 vote)

*84 කොටස*

” මට කියන්න දෙයක් තියෙනවා..”

” ඕ..කියන්න අයියා..මොකක්ද අවුල ? ”

” අවුලක් නෑ..”

” එහෙනම්…? ”

” මේකයි…”

” මොකක්ද අනේ කෙකර ගාන්නෙ නැතුව කියන්නකො ”

මම ඉතුරුවෙලා තිබුනු ත්‍රිපෝෂ ගුලියත් කාලා අයියා දිහා බැලුවා.

” හොදයි එහෙනම් මං කෙලින්ම කියන්නම්කො..මං කෙනෙක්ට කැමතියි ආශි..”

” හම්මේ ඇති යන්තම් මොලේ පෑදුනා..ඔයා කියනකන් තමයි මම බලන් හිටියෙ ”
” මොකක්…! ඒ කියන්නෙ ඔයා මේක දැනන් හිටියා..? ”

” ඔව්..මොකද අපිත් ඇස් කන් තියන මනුස්සයො..ඔයා සෙනූට කැමතියි..දැන් ඒක කියාගන්න බැරුව ඉන්නෙ..ඒකනෙ ඔය කියන්න තටමන්නෙ.? ”

ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු කරන් මං දිහා බලාගෙන හිටපු අයියා දැක්කම මට බකස් ගාලා හිනා ගියා.

” මමයි අවිරුයි ට්‍රිප් එකේදි ප්ලෑන් කලේ ඔය දෙන්නව කොහොමද සෙට් කරන්නෙ කියලා..”

” ආශී..ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවනෙ..මට කියන්නකො..”

” මෙයා බලන්නකො..අයියා නංගිගෙන් ඇඩ්වයිස් ගන්නවා…හයියෝ..ලැජ්ජාවෙ බෑ..”

” මොකක්ද හලෝ…මං සීරියස් ඇහුවෙ.”

” හරි හරි…හොදම දේ තමයි කොන්ද පන තියෙන කොල්ලෙක් විදිහට එයාගෙන් කෙලින්ම ගිහින් අහන එක තමයි හොදම දේ..”

” අකමැති වුනොත් ? ”

” මං හිතන්නෙ නෑ..එයත් ඔයා ලග හිටියෙ ඇඹරි ඇඹරිනෙ..මෙහෙමයි..මට වඩා ඔය වගේ දේවල් ප්ලෑන් කරන්න දන්න කෙනෙක් ඉන්නවා..අන්න එයාගෙන් ඇඩ්වයිස් ගන්න..”

” ඒ කවුද ? ”

” ඔයාගෙ මස්සිනා පොඩ්ඩ..”

” අවිරු ? ”

” ඔව්..එයා ඔය වගේ දේවල් ගැන හොදට දන්නවා..”

මම ලැජ්ජාවෙන් කියද්දි අයියා මගේ කම්මුල මිරිකුවා.

” අප්පේ..තියෙන ලැජ්ජාව..හොදයි මං එයාගෙන්ම අහන්නම්කො..”

” හැබැයි අයියේ..හෙට යන්න කලින් අහලා කෙල්ලව කැමති කරවගන්න වෙයි හොදේ..”

**********************************************

” ඉතින් ? ”

” මම දුන්නා පට්ට අයිඩියා ටිකක්..”

” ඒ කියන්නෙ අද එයාලා ඒ රෙස්ටුරන්ට් එකේ ඩිනර් ගනීවි.එතකොට අයියා සෙනූට ප්‍රපෝස් කරාවි..එහෙම නේද අවිරු ? ”

” ඔව් ඒන්ජල්..”

” ෂාහ්..මරූ…අපිත් මේක සෙලිබ්‍රේට් කරන්න ඕන හොදේ..”

” අපි ? ”

” ඔව්…අන්තිමට අපි හිතපු දේ හරි ගියානෙ..ඔයත් කුරු කුරු ගගානෙ හිටියෙ හුග කාලෙකින් ඔයාව ඩිනර් එකකට එක්කන් ගියේ නෑ කියලා..”

” ඉත්තීන්න්න්..? ”

” ඉතීන්..ඔයත් රෑට ලෑස්තිවෙලා ඉන්න ඩිනර් අවුට් එකකට…”

” හුරේ…එහෙනම් මං තියනවා අවිරු ..”

” ඇයි අනේ..තාම හරියට කතා කලේවත් නෑනෙ..”

” කතා කරන්න පුලුවන් පස්සෙ..දැන් මට රෑට අදින ඒවා ප්ලෑන් කරන්න තියෙනවා..”

” ගෑනු ඔහොම්මමයි..”

” මොකක්ද කිව්වෙ ? ”

” න්..නෑ මම මේ කිව්වෙ ඔයානම් හරි ෂෝක් කියලා…”

” ඉන්නවකො..මම ආවම අල්ලගන්නම්…”

කෝල් එක කට් කරපු මම දුවලා ගියේ කබඩ් එක ලගට..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” හෙලෝ…ඔව් කියන්න අම්මා..”

” මං එද්දි පරක්කුවෙයි මැණික..මම මංගලා එක්ක බඩු වගයක් ගන්න යනවා..”

” අම්මා..මේ…”

” ඇයි මැණික ? ”

” මම රෑට අවිරු එක්ක ඩිනර් අවුට් එකකට යන්නද ? ”

” ගියාට කමක් නෑ..පරිස්සමින් දෙන්නම..එහෙනම් මමත් මංගලා එක්ක ඩිනර් අරන් එන්නම්.අරවින්ද අංකලුත් ඒවි.ආශුනම් කොහෙද යනවා කියලා තිබුනා රෑ ..”

අයියා යන ගමන ගැන මතක්වෙලා මට බකස්ගාලා හිනාගියා.

” ඇයි හිනාවෙන්නෙ ? ”

” නෑ අම්මා..මට කැස්සක් ආවා..”

මම අමාරුවෙන් ඒ හිනාව කැස්සකට පරිවර්තනය කරගත්තා.

” හරි..එහෙනම් පරිස්සමින්..බුදු සරණයි ”
” බුදු සරණයි අම්මා..”

මම කෝල් එක කට්කරලා ආයෙත් කබඩ් එක ලගට ආවා.ඒත් එක්කම ඩෙවිල් කොහෙදෝ ඉදලා ඇවිත් මගේ ඇගේ දැවටෙන්න ගත්තා.

” ඩෙවිල්…ඔයාව රෑට ගෙදර දාලා තමයි මට යන්න වෙන්නෙ..හොදද පැටියෝ..ඔයාට කන්න මම ගොඩාක් කෑම දාලා යන්නම්..අපි එනකන් ගෙදර බලාගන්නවා නේද ? ”

මම ඩෙවිල්ව වඩාගෙන අහද්දි එයා ඒක තේරුනා වගේ බව් ගෑවා.මම ඊටපස්සෙ එයාව ඇදෙන් තියලා ෆෝන් එකෙන් වෙලාව බැලුවා.

හප්පේ…හය හමාරයි..දැන් අවිරු එනවත් ඇති..ඉක්මන්ට ඇදුමක් තෝරගන්න ඕනෙ..

එහෙම හිත හිත මම ඇදුම් ටික පීර පීර බැලුවෙ මොකක්ද මං අදින්නෙ කියලා.ටිකවෙලාවක් තෝර තෝර ඉන්නකොට මම දැක්කෙ ලා දුඹුරු පාට දිග ගවුමක්.ඇත්තම කිව්වොත් ඒක මගේ ඇගේම පාට වගේ.වැලමිට ලගට එනකන් අත් දිග ඒ ගවුමෙ බෙල්ල ලගින් ටිකක් නිරාවරණය වෙලයි තිබුනෙ.ඒ වගේම පැත්තකින් දිලිසෙන පබලු වැලක්ම තිබුනා.ඒ ඇරෙන්න ඒ ගවුමෙ වෙන වල්පල් මුකුත්ම තිබුනෙ නෑ.

මම ඒකත් ඇදගෙනම කන්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරගත්තා.ඒත් එක්කම මට ඇහුනෙ අවිරුගෙ කාර් එක හෝන් කරන සද්දෙ.මම ඩෙවිල්ට කන්න ගොඩක් කෑම එයාගෙ පිගානටත් දාලා බොන්න කිරිත් තියලා දොර අරිද්දි මගේ ඉස්සරහ හිටියෙ අවිරු.ෆෝන් එක දිහා බලාගෙන හිටපු එයා මාව දැක්කම ෆෝන් එකත් අතින් අතෑරුනා.

මට ඒක දැකලා හිනාගියා.දැන් ඉතින් මට අහන්න ඕනෙ නෑ එයාගෙන් මම අද කොහොමද කියලා.එයාගෙ මූනෙන්ම මට ඒක හොදට පෙනුනා.

” ඒයි…හෙලෝව් මිස්ටර් අවිරු…”

මම එයාව හොලව හොලව කතාකරද්දි එයා ගැස්සිලා වගේ මං දිහා බැලුවා.

” පට්ට පට පට..මට මෙහෙමම ගෙදර උස්සන් යන්න හිතෙනවා..”

” උස්සන් ගිහින් ? ”

” කොටු කොටු…”

” හිතන් ඇති උලමා…අන්න ෆෝන් එක බිම..”

මම හිනාවෙවී කියද්දි එයා උඩගිහින් වගේ බිමට පාත්වෙලා ෆෝන් එක සාක්කුවෙ දාගත්තා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” මල් මදහාස පීදෙනා
නිල්නෙතු ඈගෙ වාසනා..”

අවිරු ඩ්‍රයිවින් කරන ගමන් මං දිහා බලලා කියද්දි මට හිනාගියා.ඒත් ඉතින් එතන හිටපු මට සම්මාන දෙන්න ඕන.මොකද එයාගෙ වොයිස් එක අමාරුවෙන් හරි අහන් ඉන්න නිසා..

” අවිරු ..”

” ම්ම්ම්..? ”

” අයියලා දැන් ගිහින් ඇති නේද ? ”

” ආ..ඔව්..දන්නෑ සෙනූ මොනා කියයිද කියලා ”

” ඕන ඔට්ටුවක් අවිරු ..කෙල්ල හා කියයි..”

” හරි එහෙනම් ඔට්ටුවක් දාමුද ? ”

” මොනාද..? ”

” ඔයා දිනුවොත් මට මං ඇති කියනකන් කිස් දෙන්න ඕන.මං දිනුවොත් මම ඒක කරන්නම්..”

” ඔයානම් මහ…”

” ඇයි ඒක හොද නැද්ද ? ”

” පිස්සා..”

මම එයාගෙ කම්මුලට ලංවෙලා කිස් එකක් දෙද්දි එයා ඇගිල්ලෙන් තොලත් පෙන්නුවා.

” අනේ යනවා…”

මම එහෙම කියලා ඉස්සරහ බලාගත්තා

5 thoughts on “?ඒන්ජල්? | 56 කොටස | නවකතාව”

  1. Chathu indeewaree

    අදත් ලස්සනම ලස්සනයි නංගෝ කතාව.ඔයා සුපිරියටම කතාව ලියනවා අනේ. සුපිරිම writer කෙනෙක්ගේ ලක්ෂණ ඔයාගෙන් ඉස්මතුවෙනවා මේ කතාව හරහා..ඔයාට තව තවත් ඒ හැකියාව වැඩිදියුණු කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා…

    …. සෙනූ ආශුට කැමැතිවෙයි.. ආශිගෙ අම්මා ආශිට ප්‍රොපෝස් කරන්න හිතාගෙන ඉන්නේ අවිරු වෙන්න ඇති….. කතාවනම් ඉක්මණින් ඉවරවෙයි වගේ නේද? ලස්සනම ලස්සන අවසානයක් තියේවි.. කතාව ඉක්මණින් ඉවර කළාට කමක්නෑ. තව ලස්සන කතාවක් අරන් එන්න අපි වෙනුවෙන් හොඳේ… බුදු සරණයි! නංගෝ..

  2. Nethmi Samarasekara

    Kathawanm supiriyatama liyala thiyenawa…thawa me wage katha liyanna api wenuwen oyata suba pathanawa..❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.