Katha Ahura

?ඒන්ජල්? | 58 කොටස | නවකතාව

5/5 - (1 vote)

86 කොටස*

” මෙතන මොකද වෙන්නෙ…? ”

අපේ පිටිපස්සෙන් ඇහුනු ඒ සද්දෙට අපි හැමෝම හැරිල බලද්දි දැකපු දේ නිසා මම විතරක් නෙවෙයි අනිත් තුන්දෙනත් වාඩිවෙලා හිටපු පුටුවලින් නැගිට්ටා.එතන හිටියෙ අම්මයි , මංගලා ආන්ටියි , අරවින්ද අංකලුයි..

” ම..ම..මමී…ඔයාලා මෙහේ ? ”

අයියා ගොත ගහද්දි මංගලා ආන්ටි එයාට රැව්වා.

” ආශූ..ඔයා ජිම් යනවා කිව්වෙ මේකට වෙන්න ඇති නේද ? ”

” න්..නෑ ම..මමී..මං එ..එහෙම කිව්වද ?”

” එතකොට ආශි ඔයා..ඔයා කිව්වෙ අවිරු එක්ක ඩිනර් යනව කියල නේද ? ඇයි මට කිව්වෙ නැත්තෙ අයියලත් එක්ක යන්නෙ කියලා ? ”

මම ශේප් එකේ අවිරු දිහා බලද්දි එයා මං දිහා බැලුවෙ මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බැරුව වගේ.

” එතකොට සෙනූ මොකද මෙහෙ කරන්නෙ ? ”

මුහුණට මුහුණ සංග්‍රාමයක් වගේ අපි හතරදෙනා ඒ තුන්දෙනා දිහා බලාගෙන ඉන්නකොට ඒ තුන්දෙනා අපි හතරදෙනා දිහා බලාගෙන හිටියා.මේ වෙලාව තමයි අයියලා ගැන එයාලට කියන්න තියෙන හොදම වෙලාව.තව බොරු කිව්වොත් අපි කවදහරි ඇත්තම කියන දවසට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

මම එහෙම හිත හිත අඩියක් ඉස්සරහට ආවා.

” අම්මා..ආන්ටි , අංකල්..වුනේ මේකයි..ඇත්තටම..අපි දෙගොල්ලො මුනගැහුනෙ අහම්බෙන්..ඇත්තටම වුනේ මේකයි..අයියා…”

” ආශි…”

” නෑ අයියා..අද මම කියනවා..ඔයාලගෙම හොදට..”

” ඒත් ආශි…”

” ආශු..එයාට කියන්න දෙන්න..”

මංගලා ආන්ටි එහෙම කියද්දි මම ලොකූ හුස්මක් අරගෙන ඒ හැමෝගෙම මූනු දිහා මාරුවෙන් මාරුවට බැලුවා..

” ඇත්තම කිව්වොත් අම්මා..අද අයියා එයාගෙ ජීවිතේ වැදගත්ම තීරණයක් අරගෙන..එයාගෙ අනාගතය ගැන..”

” මොකක්ද ආශි ඒ ? ”

” අයියා එයාගෙ ලයිෆ් පාර්ට්නර්ව අද තෝරගෙන..ඔයාලා හොදටම දන්න කෙනෙක්..ඒ වෙන කවුරුවත් නෙවෙයි..සෙනූ..”

මම එහෙම කියද්දි අපි අතරෙ ගොඩක්වෙලා තිබුනෙ ලොකූ නිශ්ශබ්දතාවයක්.අපි හතරදෙනාගෙ දිහා ඒ තුන්දෙනා බලාගෙන හිටියෙ ගොඩක් පුදුමෙන් වගේ..

” ආශු..ඔයා..”

” අනේ මමී…මම මේ ඔයාලගෙන් අහන්නෙ නැතුව ගත්තු පළවෙනි තීරණය..මේක වැරදියි කියල නම් කියන්න එපා.ප්ලීස්..”

අයියා එහෙම කියාගෙන මංගලා ආන්ටි ළගට යද්දි අපෙ අම්මා අයියවත් තල්ලුකරගෙන ගියේ සෙනූ ළගට.මමයි අවිරුයි බාගෙට ඇරුනු කටවල් එක්ක බලාගෙන ඉන්නකොට අම්මා සෙනූව එකපාරටම බදාගත්තා.

” අපේ පවුලට සාදරයෙන් පිළිගන්නවා..මගේ ලේලි පොඩ්ඩ…”

” ඔයාගෙ විතරක් නෙවෙයි අනූ..මේ අපෙත් ලේලි තමයි..”

මංගලා ආන්ටි එහෙම කියද්දි තමයි අපේ ඇගවල්වලට ලේ ඉනුවෙ.මම දුවලා ගිහින් අයියව බදාගනිද්දි එයා රහසින් වගේ මට තැන්ක් යූ කිව්වා..

” ඔයාලා හරිම නරකයි..අපි තුන්දෙනාටත් කිව්වනම් අපිත් එනවනේ මොන වැඩේ තිබ්බත්..”

” ඒත් අම්මා…අපි හිතුවෙ ඔයාලට තදවෙයි කියලා..”

” නෑ ආශි..අහන්න පුතේ..අපි බයවෙන්නෙ ඔයාලා වැරදි තීරණයක් ගත්තොත් තමයි..එතකොට අපි බයවෙනවා ඔයාලා අනාගතේ ප්‍රශ්න ඇතිකරගනීවි කියලා..ඒත් ඒ වගේම ඔයාලා හරි තීරණයක් ගත්තොත් අපි ඔයාලා එක්ක ඉන්නවා..”

” තෑන්ක්ස් අම්මා…”

ඒත් එක්කම ඉස්සරහට ආපු අයියා මං දිහා බලලා අම්මා ලගට ගිහින් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා.

” ඔයා කිව්වනෙ අම්මා අපි හරි තීරණයක් ගත්තොත් ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා..ඉතින් ..මං විතරක් නෙවෙයි..නංගිත් හරි තීරණයක් අරගෙන තියෙනවා..අයියා විදිහට මමත් ඒක හරියි කියලා හිතනවා..”

” මොකක්ද ආශු ඔයා කියන්න හදන්නෙ ? ”

” ඇත්තටම අම්මා…නංගි එයාගෙ අනාගතය ගැන තීරණයක් අරගෙන.ඉතින්..”

මේ අයියනම් අද මාව මෙතනම වාෂ්ප කරලා මරයි වගේ.මම අවිරුගෙ දිහා බැලුවම එයත් අම්මගෙ ඉස්සරහට ගියේ මගේ බය දෙගුණ තෙගුණ කරලා.

” ආන්ටි…මම…”

” අවිරු..ඇත්තද මේ කියන්නෙ.? ඔයාගෙ යාලුවා කෙනෙක්ව තෝරගෙනද ? ”

” ඔව් ආන්ටි…ඒ…”

” නෑ අවිරු…මම කලින් කිව්වා වගේම ආශි බදින්න ඕනෙ මං කියන කෙනා.අනික ඔයා එයාගෙ හොදම යාලුවා විදිහට ඒක එයාට තේරුම් කරලා දෙන්න ඕන..තේරුනාද ? ”

” අම්මා..ඒ කෙනා තමයි ඔයාගෙ ඉස්සරහ ඉන්නෙ..නංගිව අපිට ඇරෙන්න හොදට බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මේ අවිරු විතරමයි.මම අවිරුව අදුනගත්තු ඉස්සෙල්ලම දවසෙ ඉදලා මෙයාගෙ මම එක වැරැද්දක්වත් තවම දැක්කෙ නෑ..මෙයා ඇරෙන්න නංගිට වෙන කෙනෙක් ගැලපෙන්නෙ නෑ අම්මා..ඒ වගේම අවිරුටත් මෙයා වගේ කෙනෙක් තවත් ලැබෙන්නෙ නෑ..මම මෙයාලගෙ ආදරේ ගැන දන්නවා අම්මා..”

” ආශු..ඔයා ඒ වෙනකන් මේ දේවල් දැනගෙන ඉදලත් ඇයි අපෙන් ඒ දේවල් හැංගුවෙ ? ”

” අනේ අම්මා..ඒ දේවල් කියන්න තරම් අපිට හයියක් තිබුනෙ නෑ..”

” ආශි..අනිත්කෙනා ඔයා..ඔයා ඇයි මට මේ දේ කිව්වෙ නැත්තෙ ? මම හිතුවෙ ඔයා හැමදේම මාත් එක්ක කියනවා කියලා.ඒත් ඔයත් මට හැංගුවා.”

” අනේ…අම්මා…සොරි…ඇත්තටම…”

” එපා..! මුකුත් කියන්න එපා..”

අම්මා එහෙම කියද්දි මගේ ඇස්වලට කදුලු පිරුනෙ මටත් නොදැනීම.අයියා ඇවිත් මාව එයාගෙ තුරුලට ගනිද්දි මම එයාගෙ අත හයියෙන් අල්ලගත්තා.

” මෙහෙ එනවා ආශි..වැරදි කරලා තව අඩන්නවත් එනවද ? අනික..අයියා දැන් ලොකුයි.එයා මේ වගේ තීරණ ගත්තට කමක් නෑ .ඒත් ඔයා ..ඔයා තවම පොඩි ළමයෙක්..”

” එයා පොඩි නෑ අම්මා…”

” ආශු..හැමතිස්සෙම නංගිගෙ පැත්ත ගන්න එක නවත්තන්න..අනිත්කෙනා ඔයා අවිරු..”

අම්මා එහෙම කියාගෙන අවිරු ළගට යද්දි එයාගෙ මූනත් මට පෙනුනෙ ගොඩක් අසරණවෙලා වගේ.

” මම ඔයාට සැළකුවේ මගේම දරුවෙක්ට වගේ.ඔයයි ආශියි ඉස්සර ඉදලම යාලුවො..මං හිතුවෙ නෑ මෙහෙම දෙයක් ඔයාලා දෙන්නා අතරෙ ඇතිවෙයි කියලා..අනිත් එක ඔයාලා කොහොමද මෙහෙම තීරණයක්..”

” අනේ අම්මා..එයාට බනින්න එපා..මමයි වැරදි…”

” කට වහනවා ආශි..මම තාම කියල ඉවර නෑ ..ඔයාලා කොහොමද මෙහෙම තීරණයක්…මං කිව්වෙ මෙහෙම හොද තීරණයක් ගත්තෙ ? ”

අම්මා එයාගෙ මූනෙ තිබ්බ තරහා නැතිකරගෙන හිනාවෙවී කියලා අවිරුව බදාගෙන එයාගෙ මූනෙ එක අතක් තියාගෙන කියද්දි සතුට වැඩිකමට මම අයියව බදාගෙන හොදටම ඇඩුවා.

” අවිරූ..ඔයා ඇරෙන්න ආශිට වෙන කෙනෙක් ඕන නෑ..ඔය දෙන්නා අතරෙ කවදහරි මෙහෙම දෙයක් ඇතිවෙයි කියලා මට හිතුනා.ඒ දවස වෙනකන් මම බලන් හිටියා.මම ඇරෙන්න අද වෙන කවුරුවත් මෙච්චර සතුටුවෙන්නෙ නෑ ..මගේ කෙල්ලව හොදට බලාගන්න පුතේ..එයයි මගේ පණ..”

අම්මා අඩ අඩ කියද්දි මම දුවලා ගිහින් අම්මව හයියෙන් බදාගත්තා.මංගලා ආන්ටිත් එයාගෙ ඇස් පිහදගනිද්දි අම්මා අයියවත් තුරුලට අරගෙන අපි දෙන්නවම බදාගත්තා..

” මගේ දරුවො දැන් ගොඩක් ලොකුයිනෙ..අපිට දැන් නිදහසේ ඇස් පියාගන්න පුලුවන්..නේද මංගලා ? ”

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

එදා අපි හැමෝටම ගොඩක් සතුටු දවසක් වුනා.පැය තුනකට විතර පස්සෙ අපි ආයෙම ගෙවල්වලට ආවා.අවිරුයි මමයි එක කාර් එකක එද්දි සෙනූයි අයියයි තව කාර් එකක ආවා.අම්මයි මංගලා ආන්ටියි අරවින්ද අංකලුයි එයාලගෙ කාර් එකේ ආවා..

ගෙදර ඇවිත් මම ඩෙවිල්ව බදාගෙන නැටුවා.ඒත් ඒ එක්කම මතක්වුනා අයියලා හෙට යනවා නේද කියලා.එතකොටනම් පොඩි දුකකුත් ආවා.අම්මා නිදියන්න කාමරේට ගියාට පස්සෙ මාත් උඩට ඇවිත් බැල්කනි එකට ගිහින් අවිරුට කෝල් එකක් ගත්තා.

” හෙලෝ පැටියෝ…”

” පරිස්සමින් ආවද අවිරු ? ”

” ආ..ඔව් ඒන්ජල්..මම මේ දැන් ආවා විතරයි..දොයියන්නැද්ද ? ”

” නින්ද යන්නෙත් නෑ අවිරු මේ සතුටට.”

” මටත් මැණික…මං කිව්වනෙ ඔයාට දවසකුත්..අපිව දෙවියෝ කවදාවත් වෙන් කරන්නෙ නෑ..”

” ගොඩක් ආදරෙයි අවිරු…”

5 thoughts on “?ඒන්ජල්? | 58 කොටස | නවකතාව”

  1. Hashini Navanjana.

    අම්මෝ… හාට් ❤ බීට් එක නැවතුනා මගෙ. ආශිගේ අම්මා තරහා අරන් කතා කරනකොට. ඉක්මනින්ම ඒක හරි ගැස්සුවට තෑන්ක්ස් හොදේ. නැත්නම් මං ආයෙ කතා කියවලත් ඉවරයි…. හී…… හී….. ?????
    හරිම ලස්සනයි අනේ… ??? හෙටත් ලස්සන දිග කොටසක් අරන් එන්නකෝ…. ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.