Katha Ahura

?ඒන්ජල්? | 60 කොටස | නවකතා

5/5 - (1 vote)

88 කොටස*

මාස පහකට පසු …..

ඇගට දැනුනු පට්ට හීතලත් එක්ක මම අවදිවෙලා ඇස් පිහදදා වටපිට බැලුවා.මම මේ ඉන්නෙ නුවරඑළියෙවත්ද..මේ හීතලේ ඉතින් මට ඇදෙන් බිමට පැනලා ඇවිදින්නනම් හිතුනෙ නෑ.ඉතින් මම ආයෙත් ශීට් එක අස්සෙ ගුලිවෙලා සැප නින්දක් දාන්න හැදුවෙ වෙනදට මගේ කාමරේට ඇවිත් මාව ඇහැරවන අම්මා අද ඇයි නැත්තෙ කියලා හිත හිත.මම ශීට් එක අස්සෙ ගුලිවුනාම එකපාරටම මගේ ඇගට වැටුනු දෙයක් නිසා මම උඩගිහින් ශීට් එක විසිකරලා බැලුවා.

වෙන කවුද ඉතින්.ඒ හිටියෙ මගේ බලු කුක්කා.එයානම් දැන් ඉස්සර වගේ පොඩි පැට්ටෙක් නෙවෙයි.දැන් එයා ටිකක් ලොකුයි.ඒ වගේම බරයි.ඒත් ඉතින් අර කලින් තිබුනු දාංගලේ නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුනෙ නෑ.

” මොකක්ද ඩෙවිල්..මේ හීතල දවසෙවත් මට නිදියගන්න දෙන්නෙ නැද්ද ? ම්ම්…මේ මොකක්ද මේ…? ”

ඩෙවිල්ගෙ කටේ තිබුනු කොළයක් මම දැක්කෙ එතකොට.මම ඒක අරගෙන දිගඇරලා බලද්දි දැක්කෙ ඒකෙ ලියලා තියෙන දේ..

*පහලට එන්න ආශි…හදිස්සියක්..!*

අම්මා කවද්ද ඩෙවිල්ගෙ අතේ මට පණිවිඩ එව්වෙ.ඒත් ඉතින් මම ඉක්මන්ටම ඇදෙන් පැනලා එහෙ මෙහෙ වෙලා තිබුනු පිජාමා එකත් ඇදගෙන ඇදෙන් බිමට පැන්නා.කොන්ඩෙත් ගෙඩියක් ගහගෙන මම වේගෙන් පඩිපෙළ බැස්සා.

ඒත් එක්කම කොහෙන්දෝ ඉදලා ආපු ස්ප්‍රේ පාරවල්වලින් මාව නෑවිලා යද්දි මට ඇහුනෙ කට්ටියකගෙ හිනාවෙන හඩවල් ටිකක්..

” හැපි බර්ත්ඩේ ආශී….! ”

හැමෝම එහෙම කෑගහද්දියි මට මතක්වුනේ අද මගේ උපන්දිනය නේද කියලා.අනුන්ගෙ උපන්දින මතක තියාගෙන ඉන්න මට මගේම උපන්දිනය අමතක වුනානෙ.ඔලුව පුරා තියෙන ස්ප්‍රේ ටික අතින් පිහදදා මම බැලුවෙ මගේ වටේ ඉදපු කට්ටිය..

අම්මා , අවිරු , සෙනූ , සුමනම්මා , කඩේ ඇන්ටියි අංකලුයි , හැමෝම වටවෙලා මට විශ් කර කර හිටියා.සාලෙ පුරාම පුදුමතරම් ලස්සන විදිහට ඩෙකරේට් කරලා තිබුනා.බිම පුරාම තිබුනෙ රෝසපාට බැලුම් බෝල යායක්..

” හැපි බර්ත්ඩේ මැණික ”

අම්මා එහෙම කියලා ඉස්සරහට ඇවිත් මාව බදාගනිද්දි අනිත් හැමෝමත් මං ලගට ආවා.

” මේ ප්ලෑන්ස් ඔක්කොම ඉතින් අවිරුගෙම තමයි..”

අම්මා එහෙම කියද්දි මම අම්මගෙ පපුවෙන් ඔලුව උස්සලා බැලුවෙ අවිරුගෙ දිහා.එයත් හිනාවෙවී මං දිහා බලාගෙන හිටියා.

” කෝ දැන් කේක් කපමු…”

සෙනූ එහෙම කියද්දි තමයි මම සාලෙ පුරාම බැලුවෙ.හිස් ටීපෝවක් ඇරෙන්න එතන කේක් එකක් තිබ්බෙ නෑ.මම ප්‍රශ්නාර්ථයකින් අම්මගෙ දිහා බලද්දි එයත් මුකුත් දන්නෑ කියන්න වගේ අවිරු දිහා බැලුවා.

” මෙන්න කේක් එක….! ”

දොර ගාවින් ඇහුනු ඒ හුරුපුරුදු කටහඩට මම හැරිලා බැලුවා.

” අයියා….! ”

දොර ගාව ලොකූ කේක් එකකුත් උස්සගෙන හිටියෙ අයියා.

” අපිත් ඉන්නවා…”

අයියගෙ පිටිපස්සෙන් මංගලා ආන්ටියි අරවින්ද අංකලුයි උස්සන්න බැරි තරම් තෑගි උස්සගෙන හිටියා.අම්මා ගිහින් කේක් එක අයියගෙ අතින් ගත්තම මම පැනලා දිව්වෙ අයියව බදාගන්න.

” ඔයා හරි නරකයි අයියා..මට කිව්වෙත් නෑ එනවා කියලා..”

” සොරි ආශියෝ…අපිට එන්න තිබ්බෙ ඊලඟ සතියෙ.ඒත් සතියක් කලින් ඔන්න අපි ආවා ඔයාගෙ බර්ත්ඩේ එක වෙනුවෙන්ම..”

අයියා මගේ නලලට කිස් එකක් දීලා කියද්දි මංගලා ආන්ටිලා ඇවිත් සාලෙන් ගෙනාපු තෑගි ටික තිබ්බා.

අයිසින් රතුරෝසමල් පිරුනු කේක් එකට ගහපු ඉටිපන්දම් ටික එකපාරින්ම නිවලා මම කේක් එක කපද්දි එතන හිටපු හැමෝම අය මට විශ් කලා.ඊටපස්සෙ මම ලොකූ කේක් කෑල්ලක් කපලා ඒක මුලින්ම අම්මට කැව්වා.ඊටපස්සෙ අයියට.ඊටපස්සෙ කැව්වෙ අවිරුට.එයානම් කාටවත් නොපෙනෙන්න මගේ ඇගිල්ලකුත් ලාවට හැපුවා.මම එයාට රවලා අනිත් අයට කේක් කැව්වා.

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

හැමෝම අය සාලෙට වෙලා සතුටු සාමිචියේ ඉන්නකොට මම ගියේ කුස්සියට කූල් වතුර එකක් බොන්න.ඒත් එක්කම කොහෙන්දෝ ඉදලා පැනපු අවිරු මගේ අතිනුත් ඇදගෙන මගේ කාමරේට ආවා.

” මොකද මැට්ටො මේ ? ”

” ඔයාට වැඩක් දෙන්න ඕනෙ..”

” මොකක්ද ? ”

මම එහෙම අහද්දි එයා බිමට නැමිලා සාක්කුවෙන් ගත්තු පොඩි බොක්ස් එකක් ඇරියා.ඒකෙ තිබුනෙ වයිට් ගෝල්ඩ් පා සලඹක්.ඒකෙ පැත්තකින් තිබුනු හාර්ට් ශේප් එකක් මැද පුංචි රතුපාට ගලක් තිබුනා.

ඒක මගේ කකුලට දාලා එයා ආයෙත් හිටගත්තා.

” හැපි බර්ත්ඩේ පැටියෝ…”

අවිරු මාව බදාගෙන කියද්දි මම එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නා.ඒත් එක්කම එයා මගේ තොල්වලට පහත්වෙද්දි මට දැනුනේ සීතල ස්පර්ශයක්..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

” මොකද අනූ කරන්නෙ ? ආශුනම් කැමති නෑ ගොඩක් ලොකුවට ගන්න..”

” ආශිත් කැමති නෑ..අනික අපිට කියලා නෑයො මහගොඩක් නෑනෙ..”

” අපි එහෙනම් හෙටම හොද නැකතක් බලමු..”

පහලින් ඇහුනු සංවාදෙ නිසා මම අවිරුවත් ඇදගෙන පහලට ආවා.

” මොකටද අම්මා නැකැත් බලන්නෙ ? අයියට ඉදුල් කටගාන්නත්ද ? ”

මම හිනාවෙවී අහද්දි අවිරු මගේ අත කෙනිත්තුවා.

” මෝඩි..අපේ වෙඩින් එකට..”

හුටා..ඒ කියන්නෙ මම කසාද බදින්නද හදන්නෙ ?

” ආශි…ආශුටයි සෙනූටයි මෙහෙට එන්න කියන්න..”

ෂික්..මටමනෙ මේවගේ වැඩ කියන්නෙත්.මුන්දෙන්නා කොහේ හැංගිලා මොනා කරනවද දන්නෑ..

” අවිරු මෙහෙ එනවකො…”

මම එයාගෙ ෂර්ට් එකෙන් ඇද්දම එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිටලා මාත් එක්ක යන්න ආවා.

” කොහේ කියලා මුන්දෙන්නව හොයන්නද ? අනික මොනා කරනවද දන්නෑ ”

” අනේ මේ…අපිට වගේ ඒ අයට ගායක් නෑ..”

අවිරු කියද්දි මම එයාට දිව ඇද්දා.

” අපිටත් ගායක් නෑ තමයි හලෝ..අපිට ගායක් තිබ්බනම් අපි එදා රෑ නිකන් ඉදීවිද ? ”

” ඔව් හැබැයි…ඒත් ඔයාමනේ මට කුක්කු පොවන්න හැදුවෙ..”

” ෂ්…කෑගහන්න එපා උලමෝ..මතක නැද්ද අපි ප්‍රොමිස් වුනා ? ”

” අම්මපා..දැන්නෙ මතක්වුනේ..සොලි හොදේ..”

අවිරු එහෙම කියද්දි මම ෂ් කියලා එයාගෙ තොල් උඩින් අත තිබ්බම එයා පුදුමෙන් වගේ බැලුවෙ මගෙ දිහා.මම අත දික්කරලා පෙන්නුවා අවිරුයි මායි වෙනදා මල් කඩන මිදුලෙ තියෙන බංකුවෙ ඉන්න අයියයි සෙනූවයි..

” එයාලට ඩිස්ටර්බ් කරන එක හරි නෑනෙ ආශි..”

” එයාලා මෙතන ඉන්නෙ වෙන මොනාහරි කර කර නෙවෙයිනෙ..”

” ඒත් ඉතින් අපි කොහොමද කතා කරන්නෙ ? ”

” මෙන්න මෙහෙම..”

මම අවිරුගෙ අතින් ඇදගෙන එයාලා හිටපු බංකුව වටේ දිව්වා.

” මල් කඩ කඩ බොරුවට දෙනවා..සෙනූ ගහ හොදහැටි අදුනනවා..”

මගේ කටේ සද්දෙට උඩ ගිහිපු ඒ දෙන්නා හැරිලා අපි දිහා බැලුවා.

” ආහ් අයියා…මල් කඩනවා වගේ…”

මම ඒ දෙන්නගෙ මැද්දෙන් වාඩිවෙලා අහද්දි සෙනූ ලැජ්ජාවෙන් රතුවෙලා බිම බලාගත්තා.

” අන්න තොපි දෙන්නට අම්මා එන්න කිව්වා..”

” ඒ මොකටද ? ”

” රෑට ඔය දෙන්නව බන්දවනවා කිව්වා.හොද නැකතක් තියෙනව කිව්වෙ..එන්ගේජ්මන්ට් එක විතරක් ගන්නවා කියනවා මට ඇහුනා…”

මම සීරියස් ලුක් එකක් මූනට අරන් කියද්දි අයියගෙ ඇස් ලොකුවුනා..

” මොකක්..! ”

” ඔව් අයියා..දැන්ම හනිමූන් එකට තැනක් හොයාගන්න වෙයි..අපි දන්නෑ ”

” මේ ඇත්තද අවිරු කියන්නෙ ? ”

අයියා අවිරුගෙ දිහා බලල අහද්දි මම ඉක්මන්ට අවිරු ඉස්සරහට පැන්නා.

” ඇත්ත කියල කියනවා..නැත්නම් මරනවා..”

අනිත් අයට ඇහෙන්නෙ නැතිවෙන්න මං අවිරුට කියද්දි එයා ඇස් ලොකුකරගෙන ඔලුව වැනුවා.

” ඒකනෙ..ගිහින් බලන්න..”

අයියා සෙනූවත් එක්කගෙන ඇතුලට යද්දි මම අතින් කටවහගෙන අවිරු එක්ක ජනේලයක් ලගට ආවා.දැන් තමයි හොදම සීන් එක.ඒත් ඒක බලන්න විදිහක් නෑ අපි හිටපු තැන ටිකක් පහත් නිසා.ජ්නේලෙ ටිකක් උසිනුයි තිබ්බෙ.

” අවිරු…මේ ඉක්මන්ට පහත්වෙන්න..”

” මොකටද..? ”

” කිව්වම අහලා පහත්වෙනවකො..”

එයා පහත්වුනාට පස්සෙ මම එයාගෙ පිටට නැගලා ජනේලෙන් එබුනා.

” අම්මෝ…බර…මගේ කොන්ද කැඩෙයි දෙයියනේ…”

” ෂ්…කෑගහන්න එපා..මට ඇහෙන්නෙ නෑ..”

” ඉතින් ඇතුලට ගිහින් අහගන්නවකො වදේ..”

” ඇතුලට ගියොත් අයියගෙන් ගුටි තමයි..”

ඒත් එක්කම අයියලා අම්මා ලගට යනවා මම දැක්කා.අවිරුගෙ පිට උඩට වෙලා මම ගානට ෆිල්ම් එක බලන් හිටියා.

” අම්මා..අද රෑටනම් බෑ..මෙච්චර හදිස්සියෙ කොහොමද එහෙම දෙයක් කරන්නෙ ? ”

” මොනාද ආශු රෑට ? ”

” රෑට අපිව බන්දවනවා කිව්වෙ..”

” කවුද කිව්වෙ ? ”

” අර ආශි…”

අම්මයි මංගලා ආන්ටියි අතින් කටවහන් හිනාවෙද්දි අයියගෙ මූන දෙකක් වුනා.

” මම අද ඕකිව…ආශි…කෝ මෙයා..”

අයියා මාව හොයන්න එලියට දුවනකොට මම අවිරුගෙ පිටෙන් පැනලා මිදුලෙ කෙලවරේ තිබුනු අඹ ගහක අත්තකට නැග්ගා.

” ඒයි..මම මෙතන කිව්වොත් ඔයා ගැන බලාගන්නම්..”

අවිරුට මම කියලා තව අතු දෙකක් උඩට නැගලා අත්තෙන් වාඩිවුනා.ඒත් එක්කම අයියා දුවගෙන ආවෙ අවිරු ලගට.

” කෝ අවිරු ආශි ? ”

අවිරු හිනාවෙවී ගහ දිහා බැලුවම අයියත් ගහ උඩ බැලුවා.

මලා..අයියා මාව දැකලා ගහ ලගටම ආවා.වෙලාවට එයාට ගස් නගින්න බැරිවෙලා තිබුනෙ.

” ආශි…බහිනවා බිමට…”

” බෑ…”

” බහින්නයි කිව්වෙ ”

” බෑ…”

” ගහන්නෙ නෑ..බහිනවා…”

” බෑ…”

” ගහන්නෙ නෑ දෙයියනේ…බහින්න..”

” ප්‍රොමිස් ? ඔන්න මගේ බර්ත්ඩේ එක දවසෙ බොරු කියන්න ඔට්ටු නෑ..”

” ප්‍රොමිස්…”

එයා එහෙම කිව්වම මම අතුවල එල්ලිලා ආයෙත් බිමට පැන්නා.ඒත් එක්කම මගේ ලගට ආපු අයියා මගේ කන මිරිකුවා.

” මොකක්ද අර කිව්වෙ ? ”

” බෑ ඔයා ගහන්නෙ නෑ කියලා ප්‍රොමිස් වුනා..”

” ගහන්නෙ නෑ කියලනෙ ප්‍රොමිස් වුනේ..කනෙන් අදින්නෙ නෑ කියලා නෙවෙයිනෙ..”

” අනෙ අම්මා…මෙන්න මිනී මරනවෝ…”

අයියගෙන් ගැලවිලා මම ගේ ඇතුලට දිව්වෙ එයා තාමත් මගේ පස්සෙන් එනවද කියලා බල බල…

7 thoughts on “?ඒන්ජල්? | 60 කොටස | නවකතා”

  1. අද චුටි කොටසක් දාලා තියෙන්නේ ඒත් ගොඩක් ලස්සනයි අද කතාව හරිම ලස්සන ආදරණීය පවුලක්.ආදරණීය දෙමාපියන්, ආදරණීය සහොදර පෙමක්, ඒවාගේම ආදරණීය පෙම්වතුන් . ගොඩක් ආශාවෙන් කියෙව්වෙ.ලොකු දෙබස් හරබර වචන නැති වුනත් ඒ ඒ බැදීම්,ඒ ඒ බැදීම් අතර ආදරය හරිම ලස්සනයි.
    ………. Super.all the best dear.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.