Katha Ahura

?ඒන්ජල්? | 61 කොටස | නවකතා

5/5 - (1 vote)

89 කොටස*

” හොදයි…දැන් එහෙනම් මුදු මාරු කරගන්න..”

විවාහ රෙජිස්ට්‍රාර් විදිහට හිටපු ගෑනු කෙනා එහෙම කියද්දි අවිරු මගේ දිහා බලලා එයාගෙ අතේ තිබුනු මගුල් මුද්ද මගේ ඇගිල්ලට දැම්මා.ඒත් එක්කම මගේ එහාපැත්තෙන් හිටපු අයියත් එයාගෙ අතේ තිබුනු මගුල් මුද්ද සෙනූගෙ අතට දැම්මා.ඊටපස්සෙ මම අම්මා අතේ තිබුනු මුද්ද අරගෙන අවිරුගෙ ඇගිල්ලට දැම්මා.ඊටපස්සෙ සෙනූත් එයාගෙ අතේ තිබුනු මුද්ද අයියගෙ ඇගිල්ලට දැම්මා.

ගොඩාක් චාම් විදිහට තියපු අපේ වෙඩින් එකට සහභාගී වුනේ ටික දෙනෙක් විතරයි.අයියා වගේම මම කැමති වුනේ වෙඩින් එක ගොඩාක් චාම් විදිහට කරන්න.මගේ වෙඩින් එක මම අයියට පස්සෙ කරන්න හිටියත් අයියට ඕන වුනා එයා සෙනූව බදින දවසටම මට අවිරුවත් බන්දවලා දෙන්න.

ගොඩාක් අයගෙ සතුටු කදුලු මැද්දෙ අයියයි මමයි අපි දෙන්නට ගොඩක් ගැලපෙන අපේ සහකරුවො එක්ක විවාහ ගිවිස ගත්තා.

අයියයි සෙනූයි හනිමූන් එකට එදා රෑම USA යන්න තීරණය කලත් අවිරුට ඕන වුනේ එදා හවසම අපේ අලුත් ගෙදරට යන්න.ඊට කලින් දවසෙම අවිරු අපේ අලුත් ගෙදරට ඕන කරන හැම දෙයක්ම අරගෙන ගෙදරින් තියලයි තිබුනෙ.

හැමෝගෙන්ම ආශිර්වාද අරගෙන අයියලාටත් කදුලු මැද්දෙන් සමුදීලා අවිරු අලුතින්ම ගත්ත කලු පාට BMW කාර් එකට නැගලා අපි දෙන්නා පිටත්වුනේ අපේ අලුත් ගෙදරට යන්න..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

අතේ තිබුනු ෆෝන් එක ඉස්සරහින් තියලා මම ඩ්‍රයිවින් කරන අවිරුගෙ උරහිසට බරවුනා.

” ඇයි ඒන්ජල් ? ”

” මට අම්මව දාලා එන්න බෑ අවිරු ”

” ඉතින් අනේ අපි අම්මව අපේ ගෙදරට එක්කන් එනවනේ..”

” ඔව්…ඒත් ඒ ඊලඟ මාසෙනෙ..”

” අම්මයි සුමනම්මයි ඊලඟ මාසෙ එන්නම් කිව්වෙ ඇයි කියලා ඔයා දන්නවනෙ..”

” ඇයි ඒ ? ”

මම අවිරුගෙ උරහිසින් ඔලුව අරගෙන ඇහුවම එයාට හිනා ගියා.

” ඔයාට තේරෙයි ඒක සතියක් විතර ගියාට පස්සෙ ”

” බෑ …දැන් කියන්න…”

” අහගන්නවකො මගෙ මැට්ටි…අලුත බැදපු ඩබලකට කිසිකෙනෙක් කරදර කරන්න කැමති නෑ..”

” ඇයි ඒ ? ”

” ඒක මම අද රෑට කියල දෙන්නම්..”

” මොකක්…එතකොට…ඔයා කිව්වෙ ඒ හේතුව නිසාද ? ”

” හ්ම්ම්.. හ්ම්ම්…”

” ආපෝ ඔයා…”

” ඉතින් අනේ මම කිව්වෙ ඇත්ත…ඔන්න ඩාලිං අපි ගෙදරට ආවා…”

දන්නෙත් නැතුවම අපි ගෙදරටත් ඇවිත් තිබුනා.අවිරු කාර් එක මිදුලට දාලා බැස්සම මාත් බැහැලා ආවා.

” කෝ අර ගේ බලාගන්න අංකල් ? ”

” ආ..එයාගෙ වැඩ ඉතින් ඉවරයිනෙ..එයා ගියා…”

” ඉතින් අනේ මට පුලුවන්ද මෙච්චර ලොකු වත්තක් බලාගන්න ? ”

” කවුද ඔයාට තනියම බලාගන්න කිව්වෙ..? ඇයි මේ මාත් ඉන්නෙ…අපි දෙන්නම වැඩ කරමු..”

අවිරු එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා.

” එන්න…ඔයාට වැඩක් පෙන්නන්න තියෙනවා…”

අවිරු එහෙම කියලා සාක්කුවෙන් යතුරු අරගෙන දොර ඇරලා මාව ඇතුලට එක්කගෙන ගියා.

” ඇස් පියාගන්න…”

” බෑ…අදනම් මට ඔයාව සත පහකට ෂුවර් නෑ..”

” ඒවා දැන්ම නෙවෙයි..රෑට…”

අවිරු හිනාවෙවී එහෙම කියලා මගේ ඇස් වැහුවා.ඊටපස්සෙ මාව පරිස්සමින් ටික දුරක් එක්කගෙන ගිහින් එකපාරම ඇස්වල තිබුනු අත් අයින්කලා.මම වටපිට බලද්දි දැක්කෙ මගේ ඉස්සරහින් තියෙන පූල් එක..

” අවිරූ…මේ…පූල් එක…ඉස්සෙල්ලා මෙතන තිබ්බෙ පොකුණක් නේද ? ”

” ආ..ඔව්…මම ඒක අයින් කරලා මෙතන පූල් එකක් හැදෙව්වා..”

” ගේ ඇතුලෙම….? ”

” ඇයි ඔයා කැමති නැද්ද ? එහෙනම් අපි ඒක අයින් කරවමු…”

” නෑ අවිරු…මට අපේ නුවර ගෙදර මතක්වුනා..මේ පූල් එක එහේ තිබුනු එක වගේමයි…”

මතක්වුනු අතීතයත් එක්කම මගේ ඇස්වලට ආපු කදුලු දැකපු අවිරු මාව තදින් බදාගත්තා..

” අවිරු…අද තාත්තා හිටියනම් කොච්චර සතුටු වෙයිද ? එයා සතුට වැඩිකමට අඩාවි…”

මම කදුලු පිහදාලා කියද්දි අවිරු මගේ අතින් අල්ලගත්තා..

” ඔයාගෙ තාත්තව මම ගෙනාවා…”

” මො..මොකක්ද අවිරු ? ”

” එන්න…”

එයා මාව සාලෙට එක්කන් ගිහින් ඒ බිත්තියක එල්ලලා තිබුනු තාත්තගෙ ලොකූ ෆොටෝ එකක් පෙන්නද්දි මම මුකුත් හිතාගන්න බැරුව ගිහින් ඒ ෆොටෝ එක බදාගත්තා.

” අවිරු…අනේ….”

” අද වගේ දවසක ඔයාව අඩවන්න හිතුවෙ නෑ මැණික…කෝ එන්න…අපි මේ මල් මාලය ෆොටෝ එකට දාමු ”

අවිරු මේසයක් උඩ තිබුනු මල් මාලයක් අරගෙන මගේ අතිනුත් අල්ලගෙනම ඒක තාත්තගෙ ෆොටෝ එකට දැම්මා.

” ඔයාගෙ තාත්තා..එයා දැන් මගෙත් තාත්තා…මම මේ ලෝකෙ වැඩිපුරම ගරු කරපු කෙනා..අද කොහේ හිටියත් අපිට ආශිර්වාද කරනවා ඇති…”

අවිරු එහෙම කියලා මාව හයියෙන් බදාගත්තා..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

” ඔයා තාම කටු ගලවනවද ? ”

අවිරු වොශ්රූම් එකෙන් එලියට ඇවිත් ඔලුව පිහදදා අහද්දි මම එයා දිහා බැලුවෙ මූන ඇඹුල් කරගෙන..

” කොන්ඩ කටු ගොඩක් ගහලා..ඉවරයක් නෑ තාම…”

” එන්න මම ගලවන්නම්…”

අවිරු එහෙම කියලා ටවල් එක පුටුවකින් දාලා මගේ පිටිපස්සෙන් වාඩිවුනා.පැය බාගයකට විතර පස්සෙ තමයි තිබුනු ඔක්කොම කොන්ඩ කටු ටික ගලවගන්න පුලුවන් වුනේ.

ඇදගෙන හිටපු ලා දම් පාට සාරියෙ පොටට ගහපු කටුවත් අවිරු ගලවලා ඇදෙන් හාන්සිවුනේ ෆෝන් එකත් අතට අරගෙන.මම ගෙනාපු ඇදුම් බෑග් එකෙන් රෑට අදින ගවුම එක්ක ටවල් එක අරගෙන වොශ්රූම් එක ඇතුලට ගිහින් දොරෙන් ඔලුව දැම්මා.

” අවිරු…අම්මලට කෝල් කරලා කියන්න අපි පරිස්සමින් ආවා කියලා.අයියලගෙ විස්තරත් අහන්න..”

” හරි පැටියෝ..ඔයා යන්න..මම රෑ කෑමත් ඕඩර් කරන්නම්..”

අවිරු එහෙම කියද්දි මම ගිහින් දොර වහගත්තා.නුහුරු සාරියත් ගලවලා දාලා මූනෙ තිබුනු මේකප් ටික මේකප් රිමූ එකකින් යවලා මම උනු වතුරින්ම නාගත්තට පස්සෙ ඇගට දැනුනෙ පුදුමාකාර සනීපයක්.

ටවල් එකත් අරගෙන ආයෙත් කාමරේට ආපු මම අවිරු පේන්න හිටියෙ නැති නිසා එයාව හොයන්න කුස්සියට යද්දි එයා ඕඩර් කරපු කෑම ටික ප්ලේට් වලට දානවා.

” ආ..පැටියො ආවද ? මෙන්න අපේ ඩිනර් එක රෙඩී..දැන් මෙතනට අඩු එක දෙයයි..”

එයා එහෙම කියලා ඉටිපන්දම් කිහිපයක් අරගෙන පත්තු කලා..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

රෑ කෑමෙන් පස්සෙ අපි සාලෙට ගිහින් සෝෆා එකෙන් වාඩිවුනා.අවිරු ටීවි එක ඔන් කරලා මගේ උකුලෙන් හාන්සිවෙලා ටීවි එක බලනවා වෙනුවට මගේ දිහා බලාගෙන හිටියෙ ලිහාගෙන හිටපු මගේ කොන්ඩෙ එක්ක විකාර කර කර..

” බලන්නැත්නම් ඇයි අනේ ටීවි එක දැම්මෙ ? ”

” මට බලන්න ටීවි ඕන්නෑ..ඔයා ඉන්නෙ…”

එයා එහෙම කියලා නැගිටලා මගේ මූනට ලංවෙද්දි මම එයාවත් තල්ලුකරලා දාලා සෝෆා එකෙන් නැගිට්ටා.ඒත් එක්කම එයා මගේ ලගට ඇවිත් මාව හරහට වඩාගෙන යද්දි මම කෑගැහුවෙ අතාරින්න කියලා.මගේ කට වහන්න ඕන නිසාම එයා එයාගෙ තොල්වලින් මගේ තොල් ඇදලා ගනිද්දිනම් මගේ කට ඉබේටම වැහුනා.

මාව එහෙමම වඩාගෙන ඇවිත් එයා මාව එකපාරටම අතෑරියෙ පූල් එකට.වතුර බේරි බේරි ඉන්න මගේ ලගට එයා පීනගෙන ආවෙ ඇදගෙන හිටපු ෂර්ට් එක ගලවලා.මම ඇදගෙන හිටපු ගවුමෙ උඩ කෝට් එක ගලවලා එයා මාව ආයෙත් ඒ තොල් අතරෙ හිරකරගත්තා.

හීනි උරපටි එක්ක තිබුනු අනිත් ගවුමත් එයා මගේ උරහිස්වලින් ගලවලා පහතට දාද්දි කලුවරේම මම දැක්කෙ පූල් එකේ පාවෙලා යන මගේ ගවුම.උරහිස්වලින් උඩ ටික විතරක් වතුරින් උඩට මතුවෙලා ඉන්න මාව අවිරු ඇවිත් තදින් බදාගනිද්දි සීතල වෙලා තිබුනු මගේ ඇගට දැනුනෙ ඒ ඇගේ රස්නය.

එයා එහෙමම ඇලවිලා වගේ තිබුනු තොල්වලින් ඈත්වෙලා එයාගෙ රස්නෙ තොල් මගේ බෙල්ල වටේටම යවද්දි මම ඇස් පියාගෙන වතුරේම එයාව බදාගත්තා.මගේ නිරුවත් ඇග පුරාම යන එයාගෙ අත්වලින් දැනුනු නුහුරු ස්පර්ශය මම විදගත්තෙ අමාරුවෙන්..

එයාගෙන් ඈත්වෙලා මම වතුර යටින් පීනලා ගිහින් අයිනටම හේත්තුවෙද්දි අවිරු ඇවිත් මගේ පිට පුරාම විසිරුණු කොන්ඩෙ ටික පැත්තකට කරලා එයාගෙ සීතල ඇගිලි තුඩු පිට පුරාම යැව්වා.

එතනම තිබුනු ලොකු ටවල් එකක් අරගෙන මගේ ඇග වටේම දවටලා එයා මාව ආයෙත් හරහට වඩාගත්තෙ නලලින් තොල් තියලා.අමුතු හැගීමකින් වගේ දැවි දැවී තිබුනු මගේ ඇග ඒ ඇගට තදවෙලා තෙත පිටින්ම තියෙද්දි එයා මාව පරිස්සමින් ඇදෙන් තිබ්බා.

එයාගෙ මූනෙන් බේරෙන වතුර බිංදු මගේ මූනට වැටෙද්දි අවිරු මං දිහාම බලාගෙන පපුවෙ තිබුනු ටවල් එකේ ගැටය ලිහද්දි මම තදින් ඇස් පියාගත්තා…

7 thoughts on “?ඒන්ජල්? | 61 කොටස | නවකතා”

  1. Hashini Navanjana.

    හපුයී… කොටු කොටු… ????
    අනේ හරීම ලස්සනයී චොකෝ ෆෙයරි ? සතුටින්ම පිරිලා ගිය ලස්සනම ලස්සන ආදරනීය කතාවක්ක්… ගොඩාක්ක්ක් ආසාවෙන් කියෙවුවේ… ??? ඉවර වෙන එක ගැන නම් ගොඩාක් දුකයි ? ? ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.