Katha Ahura

? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

4.8/5 - (19 votes)

?ඔහුත් නපුරෙක් ?

………………හතරවෙනි කොටස………………….

හදිස්සියේම ඔලුවට ආව අදහසකුත් එක්ක මම ෆෝන් එකේ තිබ්බ නම්බර් එකක් ඩයල් කරේ මෙ වෙලාවේ උදවු ගන්න හොදම කෙනා එයා නිසා….

??????අද එතැන් සිට ???????

“හෑ….ඒ කියන්නෙ උඹ හදන්නෙ උඹ වෙනුවට අර ගයනිව යවන්නද..අර මේ උඹලගෙ ගෙවල් පාරෙ ඉන්න සක්කරවට්ටම නේද? “

පහුවදා උදෙන්ම මම තාත්තිටයි අම්මිටයි විනූ අසනීපෙන් කියලා  ලොකු බොරුවක් කියලා ගෙදරින් පැන්නෙ එයාලා එපා කියද්දිමයි…ඒත් ඉතින් මේ තමීරා නතරවෙයිද එහෙම…..ආව ගමන් විනූගෙ කාමරේට රිංගගෙන මම ගහපු ප්ලෑන කියාගෙන යනකොට තමා ඔය විනූ හෑ හූ ගාගෙන මැද්දට පැන්නෙ..

“අනේ මේ විනූ…තැනේ හැටියටනෙ ඇනේ ගහන්නෙ..ගයනි මේ වගේ වැඩ වලට දක්ෂ නිසයි මං ඒකිට කිව්වෙ මං වගෙ අහස් එක්ක ඩිනර් එකට යන්න කියලා..ගානක් දෙන්නම් කියපු නිසා කෙල්ල කැමති උනා…” මං ඔහෙ කියලා දැම්මෙ විනූ කටත් ඇරන් බලාගෙන ඉද්දි..

“ඒ උනාට ගයනි කියන්නෙ හෙන නැට්ටුක්කාරි…ඕකිට හතර අතේ කොල්ලො…එහෙම එකේ ඕකි සල්ලිත් අරගෙන අන්තිමට අහස්වත් දපනෙ දා ගත්තොත් එහෙම උඹට හුලං තමා…” 

“යකෝ එහෙම වෙනවනම් කොච්චර හොදද..මේ වැඩේ කවදා හරි මාට්ටු වෙනවනෙ..එතකොට පොරට මාව එපා වෙයි මං ඌ රැවැට්ටුවා කියලා…මට වෙන්නත්  ඕනේ ඒකමනෙ..කොහොමහරි ඌට මාව එපා වෙන විදිහට වැඩ කරොත් කොල්ලා ඇමතිතුමාට කියයි මාව එපා කියලා..කොහොමත් කොල්ලො උන්ට ඕන දේනෙ කරන්නෙ…එතකොට මේ මගුල කැන්සල්..මට තව කාලයක් නිදහසේ ඉන්න පුලුවන්..” මම හිනා වෙවී එහෙම කිව්වෙ ඇත්තටම ඒ දේ සිද්ද වෙයං කියලා හිතින් හිතන ගමන්..

“හරි හරි ඉතුරු ටික කියපන්කො ” විනූ තව ටිකක් හරි බරි ගැහිලා වාඩි උනේ හරියට සුරංගනා කතාවක් අහන්න  යනවා වගේ..මේකියි අපේ චූටියි දෙන්නම එකයි..මට අහු උනොත් ඉතින් මේ වගේ උන් තමා..නොකීවට මාත් උන් දෙන්නා වගේ තමා ..හී..හී..

“මේකයි වෙන්නෙ…මම ගයනිවත් අරන් හවස උඹලගෙ ගෙදර එනවා..මොකද මම අම්මලට කියනවා උඹට සුප් එකක් අරන් මෙහෙ එනවා කියලා..  ඊට පස්සෙ අහස් ට මාව ගන්න මෙහෙට  එන්න කියන්න කියලා..ඒ ආවම ගයනි මම වගෙ අහස් එක්ක යයි..මං කැබ් එකක් දාගෙන කෙලින්ම හොටෙල් එකට එනවා…එයාලා ඩිනර් අරන් ඉවර  වෙන්න ලං වුනාම ගයනි ට මම කිව්වා කියන්න කියලා..ඒ වෙලාවෙම මාත් හොටෙල් එකේ ඉදන් පිටත් වෙනවා අර අයට කලින්….ගෙවල් හරියටම ගියාම ගයනි අපෙ ගේ ලගින් බැහැගයි..ඊටපස්සෙ අහස් ගියාම මම කැබ් එකෙන් ගයනිව ගෙදර යවලා මම හොඳ ලමයා වගෙ ගේ ඇතුලට යනවා…” 

එහෙම කියලා මේසෙ උඩ තිබ්බ විනූගෙ ජූස් එකත් මං බිව්වේ ඒකි කටත් ඇරන් බලන් ඉද්දි…මේ වගේ වෙලාවල ඕකිට කන බොන දේවල් ගැන සිහියක්  නෑ කොහොමටත්..මගෙ ජූස් එකත් බීලා ඉවර එකේ මේ මැට්ටිගෙ එකටත් වග කිව්වම මක් වෙනවද..

“යකෝ උඹේ මොලේ තමා මොලේ ඈ…මරු  මරු .” විනූ හිනා වෙවී එහෙම කිව්වෙ මං ටීශට් එකේ කර උස් කරද්දි.

“ආයෙ දන්නවනේ මේ තමීරගෙ හැටී…..” 

“දන්නවා දන්නවා…මේ…කොල්ලා උඹව දැකලා තියනවද දන්නෙ නෑ නේ..එහෙම උනොත් වැඩේ දෙල් ආ…”

“පිස්සුද බං…මට හොදටම ශුවර් අහස් මාව දැකලා නෑ…අනික ඊයෙ තාත්ති යසිත් එක්කත් කිව්වා අපි දෙන්නට දෙන්නා මුලින්ම දකින්නෙ අද හවස කියලා…ඒකෙන්ම කන්ෆර්ම් වෙනවා කොල්ලා මාව දැකලත් නෑ දන්නෙත් නෑ කියලා..”

“එහෙනම් කමක් නෑ…මේ…උඹ ගයනිට කිව්වද අඳින්න පළඳින්න ඕනෙ විදිහ…” 

“ඒ අහවල් එකටද බං අඳින්න පළඳින්න කියා දෙන්නෙ..ඇයි ඒකි මෙච්චර කල් උපන් විදිහටද හිටියෙ..ඩිනර් එහෙකට යද්දි යන විදිහ මම කියන්න ඕනද…ඒකි යන විදිහකට යයි.”

“එහෙම එකක් නෙවෙයි බං මං කියන්නෙ..ඒකි අඳින විදිහ දන්නවනෙ…අරහෙන් මෙහෙන් පලලා…ඇඟේ ඔක්කොම එලියෙ…ඇන්දට වඩා හොඳයි නොඇන්ඳම…ඒ තරමට සංවර එකීනේ…අනික මේකප් දාන විදිහ…හොල්මන් පරාදයි…” විනූ කිව්වෙ හිනා වෙවී..

“ඒක දන්න නිසාම තමයි මම එයාවම තෝරගත්තෙ..එයා වෙනදට අඳින විදිහට ඇඳගෙන  අහස් එක්ක යයි..මම දන්න විදිහට ඇමතිතුමාගෙ පවුලම හෙන සාම්ප්‍රදායික  මිනිස්සු..මම උඹට කිව්වනේ මට වෙන්න ඕන දේ..එහෙම  එකේ අර විදිහට ගියාම අහස්   අප්සට් වෙයි..මොකද එයාලා බලාපොරොත්තු වෙන්නෙ සංවර කෙල්ලෙක්..ඒක ශුවර්..ඊට පස්සෙ බොරු තමීරෙක් එයා එක්ක ඩිනර් ගත්තා කියලා මාට්ටු උනාම  මාව තවත් එපා වෙනවා…ඉතින් මටත් ඕකනෙ වෙන්න ඕනෙ…”

“හරි…ඔය ඔක්කොම උනයි කියමුකෝ..එතකොට මේ දේවල්වලින් පස්සෙ උඹලගෙ තාත්ති නිකන් ඉදියි කියලා ශුවර්ද…”

“අපෝ නෑ..එයා මට බනියි..මම දන්නවනෙ…හොඳට හොඳයි වගේම නරකට නරකයි….ගහන්න උනත් බැරි කමක් නෑ…ඒවට මම රෙඩී..”

“හරි හරී..දැන් කියපන් මට උඹ එච්චරටම මේ මගුලට අකමැති වෙන්න හේතුව මොකද්ද කියලා…” විනූ එහෙම ඇහුවෙ සිරා මූඩ් එහෙකින්. 

“.. තාත්තිලා වැරදියි බං..අඩුම චූටිටයි යසිත්ටයි  අඳුරගෙන කතා බහ කරන්න කාලෙ දුන්නා.දැන් උන් දෙන්නා ආදරෙන් ඉන්නවනෙ…මට එහෙමද…එයාලා මේ ගැන කතා බහ කරලත් ගොඩක් කල්..ඒ කාලෙම මට එයාව ආශ්‍රය කරන්න කතා කරන්න චාන්ස් එකක් දුන්නෙ නෑනෙ…ඇයි බං එහෙම වෙනසක්…චූටි ට එක විදිහක් මට තව විදිහක්..අනික කසාදයක් කියන්නෙ නිකම්ම දෙයක් නෙවෙයිනෙ බං..එයාලා කියනවා කොල්ලත් රට හිටිය නිසාලු මේ ගැන කතා බහ නොකරේ…අනික එයාට වයසත් යන නිසාලු ඉක්මනට මේක කරන්නෙ…මට බෑ බං ඉක්මනට බඳින්න.අනික එයා මාවත් අරන් ලන්ඩන් යයි..මට තව කාලයක් නිදහසේ ඉන්න ඕන විනූ..උඹ දන්නවා මම ඔය රට රටවල් වල යන එකට කැමති නෑ කියලා..මට මෙහෙ හොඳයි….”   එක හුස්මට හැම එකක්ම විනූට කිව්වෙ ඒකිත් දුක් මූඩ් එකකින් මං දිහා බලන් ඉද්දි..

“ඒත් උබට පුලුවන්නෙ තමී තාත්තිට කියන්න…උඹ කියපන් දැන්ම මැරි කරන්න බෑ කියලා…යුනිවර්සිටි එකෙන් අයින් උනා විතරයිනෙ තව…අනික අන්කල් සැර උනාට උඹට ගොඩක් ආදරෙයි බං ..චූටිටත් වඩා..”

“මම කතා කරාට වැඩක් නෑ බං…එයාට මම කිව්වට එයා කියන්නෙ ඇමතිතුමාගෙ කීමට පිටින් යන්න බෑ කියලා..ඒ හන්දා මම මෙ ට්‍රයි කරන්නෙ කොල්ලට එපා වෙන විදිහට හැසිරිලා කොහොම හරි මේක නතර කරන්න..මට තාත්තිට පිටින් යන්න බැරි උනාට ඌ කොල්ලෙක්නෙ..ඌට මාව එපා උනා කියන්නෙ ආයෙ දෙකක් නෑ මගුල කැන්සල්..

” ම් හරි එහෙනම්…වැඩේ සක්සස් වෙන්න කියලා මම විෂ් කරනවා..හවස උඹ එද්දි අපි ගෙදර නැතිවෙයි…ඒ උනාට සිකුරුටි අන්කල් ඉන්නවා..මම එයාට කියන්නම් උඹ එනවා කියලා..ඕකේ…”

” ඕකේ මචන් ..මම යනවා දැන්…” මම එහෙම කියලා නැගිට්ටෙ ගෙදර යන්න හිතාගෙන..

විනූලගෙ ගෙදර අයට කියලා මං වාහනෙත් අරන් ගෙදර එන්න පිටත් උනේ වැරදිලාවත් මේ වැඩේ දෙල් වෙන්න එපා කියලා හිතන ගමන්.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

තමීරට ප්ලෑන් එක සක්සස් කරගන්න පුලුවන් වෙයිද..??????

 

47 thoughts on “? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. රිතූ ?

    තමීරා ගේ මරු ප්ලෑන් නේ අප්පා තියෙන්නේ ???

    හැබැයි මං දැනුම් දෙන්න කැමතියි ඔය ප්ලෑන නම් හරි යන්නේ නෑ පුතෝ ???? කොච්චර මොනවා කරත් අන්තිමට ඇමති කොම්ලා ට සෙට් වෙන්න වෙනවාමයි ?????

    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා ????

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

    2
        1. මට ඔයාගේන් දැන ගන්න දේවල් ටිකක් තියෙනවා. අනේ උදව් කරන්නකො

          1. රිතූ ?

            ලකී… මම නත්තල් තෑග්ග කියලා කතාවක් දාලා තියෙන්නේ… අන්න ඒකට මොකක් හරි කමෙන්ට් එකක් දාන්න… ඉමෝජියක් වුණත් කමක් නෑ…. මට ඒකෙන් ඔයාගේ මේල් එක ගන්න පුලුවන් වෙයි

  2. රිතූ ?

    සුබ උපන්දිනයක් වේවා මාධි අක්කේ ??? අදින් පටන් ගන්න අවුරුද්ද නිදුක් නීරෝගි සුව ලැබෙන අලුත් අලූත් කතා වැඩි වැඩියෙන් ලියන්න වෙලාව ලැබෙන , අලුත් අදහස් ගලාගෙන එන, කරන හැම කටයුත්තක්‌ම සාර්තක වෙන්න අවුරුද්දක් වෙන්න ඕන ❤?? ජේසු පිහිටයි

  3. රිතූ ?

    ඒ වැඩේ හරිගියේ නෑ ලකී ???
    මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්නකෝ…. එහෙමවත් ට්‍රයි කරලා බලන්න ?

  4. රිතූ ?

    ඒ වැඩේ හරිගියේ නෑ ලකී ???
    මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්නකෝ…. එහෙමවත් ට්‍රයි කරලා බලන්න ?
    මෙන්න මේකට රිප්ලයි කරන්න ලකී උඩ එකට නැතුව

      1. රිතූ ?

        ඒකත් හරි ගියේ නෑ ලකී… මම කියන්නද? ඔයා කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. ඒකේ pending ලිස්ට් එකේ සමහර විට ඇති මගේ කමෙන්ට් එකක්. ඒකේ තියෙනවා ආශි ගේ මේල් එක. එයාට මැසේජ් එකක් දාලා මගේ එක ඉල්ල ගන්න

  5. කස්ටිය..??

    ආශි අක්කි කියන්න කිව්වා…

    ඇප් එකේ අවුල් තියන අයට ඒවා හෙට හදයි කියන්න කිව්වා…dadashboard එකත් දායි….

    ??????

  6. රිතූ ?

    හම්මෝ ලමයි ??? ඔන්න මං ආයේ ආවා???? හායි….

    ඇප් එකේ කමෙන්ට් කරන්න බැරුව දවසම කෑවේ නෑ වගේ හිටියේ ?

      1. රිතූ ?

        ආහ් සිඩ්…. මං ඔයාට මේල් එකක් දැම්මා…. ඒත් ඒක සෙන්ඩ් වුණේ නෑ ? මට මැසේජ් එකක් අවා එහෙම email address එකක් නෑ කියලා ????

  7. ආආ….කස්ටිය මොකො මේ ඇප් එකට වෙලා තියෙන්නේ අනේ ?? dashboard ekath නෑනේ ?

Leave a Comment