Katha Ahura

? බිඳුනු බැමි ? | 05 වෙනි බැම්ම | නවකතාව

5/5 - (1 vote)

පස්වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

 

” නෙතුනි ආකාශ්වි ”

 

ඒකෙ පෙන්නුවෙ එහෙම.

 

” ම්ම්ම් නෑ අයියෙ මං දන්නෙ නෑ ”

 

” ඉතින් කෙල්ලෙක්ගෙ නමට රෙජිස්ටර් උන සිම් එකක් ඔයාගෙ ෆෝන් එකේ රමිත අයියා උනේ කොහොමද ? ”

 

” අනේ මාත් පැටලෙන තැන තමයි අයියෙ ඒ ”

 

” ඔයා කෝල් කරාද ඕකට ? ”

 

” ඔව් දිගටම ගත්තා ඒත් ඕෆ් ”

 

” හරි හරි ආයෙත් පාරක් එහෙම උනොත් ඒ මම නෙමේ කියන්න ඔයා දන්නවනෙ. ඒ නිසා මිස්ටේක් වෙන්න දෙන්න එපා අද වගේ. ”

 

එහෙම කිව්ව රමිත අයියා වාහනේට නැග්ගෙ මටත් නඟින්න දොර ඇරලා දීලා. ගෙදරට එනකන්ම මං උන්නෙ බර කල්පනාවක. ඒ නිසා වෙන්න ඇති රමිත අයියාත් එයාගෙ පාඩුවේම වාහනේ අරගෙන ආවෙ.

 

” අපි ආවා තිසූ ”

 

” හ්ම්ම්ම් දැනුනෙවත් නෑ ”

 

” දැනෙන්නෙ කොහොමද වෙන කල්පනාවකනෙ ආවෙ ”

 

” ඔළුවත් එක්ක අවුල් අප්පා ”

 

” ඔයා ඔළුව අවුල් කරගන්න එපා. මොකද ඇඟෙන් කෑල්ලක් ගැලවුනේ නෑනෙ. හරිද ? ”

 

” හ්ම් හරි අයියෙ. ඔයා ඇතුළට එනවද ? ”

 

” නැතුව. නෑවිත් කොහොමද ? ”

 

” පිස්සු හොල්මන යමු ”

 

එහෙම කියලා මං අයියට කලින් වාහනෙන් එළියට පැන්නෙ චූටිට විස්තරේ කියන්න.

 

” කොහෙද ලොකු දෝනි මේ දුවන්නෙ  ? ”

 

” අම්මෙ චූටි කෝ ? ”

 

” කාමරේ. ඇයි අහන්නෙ ? ”

 

” චූටී ”

 

” චූටියෝ ”

 

” ඇයි ලොකූ ”

 

” එළියට එනවකො ඕයි ”

 

” ම්ම්ම්ම් ඉන්න එන්නම් ”

 

එහෙම කියලා විනාඩි පහක් දහයක් විතර ගියාට පස්සෙයි චූටියා සාලෙට ආවෙ. අම්මවයි චූටිවයි වට කරගෙන මං විස්තරේ කියද්දි දෙන්නම හරි ඕනෙකමින් අහන් උන්නා.

 

” නෙතුනි ආකාශ්වි ? ඒ කව්ද පුතේ ඒ ? ”

 

” දන්නෙ නෑ අම්මෙ ”

 

” අයියෝ මේ පිස්සි මං වාහනේ පාක් කරන්න ගිය ටිකට ඒ කතාව ඔයාලා ඉස්සරහත් දිග ඇරියද ? ”

 

” ඒකනෙ පුතේ අනේ බලන්නකො ”

 

” හිතන්න දේවල් නෙමේ අම්මෙ ඕවා. අපි බලමුකො මෙයාගෙ මේ හිත ටිකක් හරි ගියාම. මේ කලබලකාරිත් එක්ක කොහෙද වැඩක් කරන්නෙ ”

 

රමිත අයියා එහෙම කිව්වෙ මගෙ ඔළුව හරි ආදරෙන් අතගාලා.

 

” දූ මේ පුතාට බොන්න මොනවා හරි හදන්නකො පුතේ ”

 

” එපා අම්මෙ තිසූ පොඩ්ඩක් උන්නාවෙ දැන් අපි මොනවා කිව්වත් මෙයා ඉන්නෙ හතර වරං වෙලා ”

 

මොනවා උනත් ඒ කිව්වෙ නම් ඇත්ත. ගොනාට වගේ මේකට මොලේ සුට්ටක් විතර තියනවනෙ බලන් ගියාම. එහෙම හිත හිත ඉද්දි මට තනියම හිනා ගියෙ මං සාලෙ ඉන්නෙ කියල මටම අමතක වෙද්දි.

 

” අහ් මේ මොකෝ ලොකු දෝනි ”

 

” ඒකනෙ තිසූ මේ මොකෝ ? ”

 

” නෑ අම්මේ මේ නිකන් ”

 

කටට ආවට මුකුත් කියන්න බැරි හින්දම මං තත්වෙ නෝමල් එකේම ශේප් වෙන්න ඇරියා. අහක යන බාල්දිත් පෙරලෙන එකේ ආයෙ මං අමුතුවෙන් බාල්දි පෙරලගන්න ඕනෙ නෑනෙ පින්වතුනී…නෙහ්..

 

” තිසූ මං යන්නද  ? ”

 

” යන්නද  ? ”

 

මං ඒ ටිකම ආයෙම කිව්වෙ පොඩි තරහා මූණක් මවාගෙන.

 

” සොරී.. ගිහින් එන්නම් ”

 

” අන්න එහෙම. යනකොට බලාපොරොත්තුවක් දීලා යන්න අයියෙ. ම්ම් ගිහින් එන්න ”

 

” හරි පිස්සි මං ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න මුකුත්ම ඕනෙවට වඩා හිතන්න එපා ”

 

” ඔයත් පරිස්සමින්. මීට පස්සෙ කියන්න තියන ඕනෙම දෙයක් කෝල් කරලම කියන්න අයියෙ ”

 

මං එහෙම කියලා අයියත් එක්කම එළියට ආවා..

ගෙවිලා ගියෙ අර ෆෝන් නම්බර් එකේ ප්‍රශ්නෙ මට ටිකක් අමතක වෙලා යද්දි.  හැමදාම එකම දේ ඔලුවෙ තියාගෙන ඉන්නත් බෑනෙ. එහෙම හිතලා හිත හදාගත්තත් ඒ කව්ද කියලා කවදම හරි දවසක එළිවෙයිනෙ කියන චූටි බලාපොරොත්තුවක් ඇත්තටම මට තිබ්බා.  

 

 

” ගුඩ් මෝනින් තිසූ ”

 

” ගුඩ් මෝනින් අයියා ”

 

” අද මොකද කරන්නෙ  ? ”

 

” ම්ම්ම් මුකුත් නෑ වීක් එන්ඩ් කියන්නෙ මං ගෙදරට වෙලා ඉන්න දවස් නෙ ඉතින් ”

 

” ම්ම්ම් එහෙනම් අපි ගමනක් යමුද ? ”

 

” කොහෙද ? ”

 

” අහ් ඇයි මං එක්ක යන්න එන්න ඔය තරම් බයද මේ කෙල්ල ? ”

 

” හි හී ඇයි අවුල්ද ? ගැහැණු ළමයෙක් තනියම පිරිමි ළමයෙක් එක්ක කොහෙ හරි යනවා නම් පරිස්සම් වෙන්න ඕනෙ ”

 

” ඒත් මාත් එක්ක යද්දි බය වෙන්න එපා. මොකද ”

 

” ඇයි ? ඇයි ආ මොකද කියලා නැවැත්තුවෙ ? ”

 

” මං ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගෙන ගත්තෙ ඔයාගෙන් තිසූ ”

 

” අම්මෝ බොරු කියන්න එපා. මට කලින් කී දෙනෙක්ට ඔය කතාව කියලා ඇතිද ? ”

 

” ඔව් ඔව් අනේ මොකට කියනවද මං ”

 

” හ්ම් හ්ම් දැන් කොහෙද යන්නෙ ? ”

 

” ලෑස්ති වෙන්නකො මං එන්නම් ඔයාව ගන්න ”

 

අයියා එහෙම කියලා ලයින් එක කට් කරනවත් එක්කම මං ආයෙත් පාරක් බෙඩ්ශීට් එක අස්සට ගුලි උනේ ඇඟේ තිබ්බ කම්මැලිකමටත් එක්ක.

 

” ලොකූ ”

 

” ම්ම්ම් ඇයි චූටි ? දොර ඇරලා තියෙන්නෙ ඔයා එන්න ”

 

ඇඳට වෙලා ගුලි වෙලා උන්න මගෙ නින්ද ඒ විදියට දෙවෙනි පාරට කැඩුවෙ චූටි. අනේ මං දන්නෑ අප්පා මෙයාලට මගෙ නින්ද කඩන්න තියන ඕනෙකම මොකක්ද දන්නෑ මෙච්චර.

 

” අද මොකෝ කරන්නෙ ? ”

 

” අද අයියත් එක්ක ගමනක් යනෝ චූටි ඇයි … ”

 

” අහ් එහෙමද ?  හ්ම් හ්ම් ගිහින් එන්නකො ”

 

” ඇයි ඔයා ආවෙ වැඩකටද ?”

 

” නෑ නෑ ඔයා යන්න ”

 

එහෙම කිව්ව චූටි කාමරෙන් එළියට ගියෙ මට හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරලා. ඒත් එක්කම තමයි රමිත අයියා මට මැසේජ් එකක් දාලා තිබ්බෙ  ඒක දැක්ක ගමන් මං වොශ් දාන්න දිව්වෙ හිතීම පසුවට කල් දාලා.

 

” ලොකු දෝනී ”

 

” ම්ම්ම් අම්මා ඇයි ? ”

 

” ඇයි කියන්නෙ මේ රමිත පුතා ඇවිත් ”

 

” අහ් ඉන්න අම්මා විනාඩි දහයයි ”

 

එහෙම කිව්ව මං ඇඳගෙන උන්න ගවුමට මැච් වෙන්න සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන කොණ්ඩෙ පෝනිටේල් එකක් දාගෙන සාලෙට දුවගෙන ආවා.

 

” බලන්නකො පුතේ මේ ළමයා ”

 

” ඇයි මොකෝ අවුල ? ”

 

මං අපේ අම්මගෙන් එහෙම ඇහුවෙ රමිත අයියා දිහාත් බලන ගමන්.

 

” මොකෝ කියන්නෙ?  කසාඳ බඳින්න ඉන්න ළමයා එක්ක එළියට යනකොට  ඔයිට වඩා පිළිවෙලට යන්න දෝනි ”

 

” දැන් මං අපිළිවෙලයිද රමිත අයියා ? ”

 

” අපිළිවෙල නෙමෙයි. බාට දෙකක් දාගෙන මොකද ඔය ? ”

 

” අනේ අම්මෙ බකින්හැම් පැලස් එකට ගියත් මේ තමයි මං ආස විදිය. අනික ශූස් දාගෙන යන කෙල්ලො  ප්ලාස්ටර් ගහගෙන විඳින දුක මං දැකලා තියනවනෙ. ඉතින් මට මේ විදිය හොඳයි. සරලයි සැහැල්ලුයි. ”

 

” කමක් නෑ අම්මෙ. මගෙ කෙල්ල කොහොම උන්නත් ලස්සනයි ”

 

අයියා එහෙම කිව්වෙ මගෙ ඔළුව අතගාලා. අම්මෝ ඇති යන්තම් එයා බර බරේ දැම්මෙ නෑ. එහෙම බරබරේ දැම්මා නම් මේක මාරු කරන්නම වෙනවනෙ. හෙහ් තන්කූ දෙයියෝ… එහෙම හිත හිත මං කෑම මේසෙන් වාඩි උනේ මැරෙන්ඩ ගියත් අනිවාර්‍යෙන්ම කෑම කාලා ගෙදරින් එළියට බහින එක අපේ ගෙදර නිල නොලත් නීතියක් වෙලා තිබ්බ නිසා.

 

” කෝ අම්මෙ චූටි ? ”

 

” එයා කාමරේ මං හිතන්නෙ. එයා හිමීට කයි. ඔයා කන්න. ගිහින් එන්න එපායැ ”

 

” හ්ම්ම් හා අම්මෙ ”

 

එහෙම කිව්ව මං චුට්ටක් කාලා අතහෝදගෙන නැගිට්ටෙ චූටි කන්නෙ නැත්තන් මං කන්නෙත් නෑ කියලා ලෙඩක් ඉස්සර ඉඳලම මට තිබ්බ නිසා.

 

” ඔය කෑවද  ? ”

 

” හ්ම්ම් ඔව් අයියෙ අපි යමු ”

 

” මෙයා හරියට කාලා නෑ පුතේ මඟින් මොනවාහරි අරන් දෙන්න ”

 

” තිසූ… ”

 

” අයියෝ අම්මා ඔයාටත්  ඕනෙ නැති එකක් නෑ. යමු අයියේ. ගිහින් එන්නම් අම්මා ”

 

” බුදු සරණයි ලොකු දෝනි ”

 

එහෙම කිව්ව අම්මා මගෙ ඔලුව අත ගාලා පුරුදු හාදුව නළලෙන් සටහන් කරේ අම්මගෙ ආදරණීයබව මගෙ මුළු සිරුර පුරාම පැතිරිලා යද්දි. මං එහෙමම අයියත් එක්ක ගෙදරින් එළියට ආවෙ තවත් පරක්කු වෙන නිසා.

 

” තිසූ ”

 

” ම්ම්ම්ම් ඇයි අයියෙ ? ”

 

” මොනවද අර කෑම මේසෙදි අම්මා කිව්වෙ ඔයා හරියට කෑවෙ නෑ කියලා ”

 

” අහ් ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි ”

 

” මට කියන්න බෑ..”

 

” නෑ මං චූටිම කාලෙත් නංගි කෑවෙ නැත්තන් කන්නෙ නෑලු. ඉතින් මං දන්න කාලෙ ඉඳලම මං එයා කෑවෙ නැත්තන් කන්නෙ නෑ. කන්නෙ නෑ නෙමේ මට කන්න බෑ. උගුර චුට්ටක් හිර වෙනවා ”

 

” අම්මෝ ”

 

” ඇයි මොකෝ අම්මෝ ගාන්නෙ ? ”

 

” එච්චර ආදරෙයිද නංගිට ? ”

 

” ඔව් නෙ එයා මගෙ නිවුන්නනෙ ”

 

” එයා ඔයාගෙ ඇවිලෙන්නා. අර අම්මා කියනවා වගේ ”

 

අයියා ඒක නම් කිව්වෙ හිනාවෙලා. පොඩිකාලෙත් එයා ඇවිලෙන්නා මං නිවුන්නා එහෙම තමයි ස්කෝලෙත් ප්‍රසිද්ධ උනේ. ඒ තරමටම නංගි වලිකෙක්ක. එයා වලිදාගන්න තරමටම මං තමයි හැමදේම ඉවසන්නෙ. ඉතින් නංගිට වඩා යාළුවො මට අදටත් ඉන්නවා. ඔය වගේ ගොඩාක් දේවල් නිසා ජීවිත වලින් ගතිගුණ වලින් අපි දෙන්නා අහසයි පොළවයි වගේ උනා.

 

” කොහෙද මේ කෙල්ල ගියෙ ? ”

 

” කොහෙද මේ කොල්ලා මාව එක්කන් යන්නෙ ? ”

 

” ප්‍රශ්නෙකට උත්තරේ තව ප්‍රශ්නයක් නම් නෙමෙයි සුදු නෝනා ”

 

” මං ගියෙ අතීතෙට ”

 

” අපි යන්නෙ වර්ථමානෙ ට ”

 

හරස්පද ප්‍රහේලිකාවක් වගේ කියලා හිතුනට මං  මුකුත් නොකියම හිනාවෙලා විතරක් අහක බලාගත්තා.

 

” මැඩම් අපි ආවා  ”

 

අයියා එහෙම කිව්වෙ වාහනේ නවත්තලා මගෙ පැත්තෙ දොරත් ඇරලා. මහ පිස්සෙක් එයා.

 

” ම්ම්ම්ම් මට බහින්න අවසරද ? ”

 

” අවසරයි අවසරයි යමුද එහෙනම් ”

 

” හ්ම්ම්ම් ”

 

අපි ආවේ කොෆි ශොප් එකකට. මං අයියගෙ අතින් අල්ලගෙන පොඩි එකෙක් වගේ එයාගෙ පිටිපස්සෙන්ම ගියෙ මට ඒ තැන එච්චර හුරු නැති නිසා.

 

 

………………………………………………………………………………..

 

හැමදාම ප්‍රශ්න දාලා අද ප්‍රශ්නයක් නැතුව කතාව අරන් ආවා ඔන්න.

 

මගෙ කතාවට ලෝබ නැතුව අදහසක් කියාගෙන යන්න කියලා ඔන්න අදත් ඉල්ලීමක් කරනවා මං… ❤️

 

බුදු සරණයි පැටව්… ආදරෙයි ගොඩාක් මං.. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම……??

28 thoughts on “? බිඳුනු බැමි ? | 05 වෙනි බැම්ම | නවකතාව”

  1. Sandu 1995 thanamalwila

    Ane babo prashnayk ethuru kale na kiwata mata tiyeno prashna paththrayakma…???

    01-කවුද නෙතුනි කියන්නේ..?
    02- රමිත තිසූව එක්කන් ආවේ වැදගත් දෙයක් කියන්නද ඒ ගැන…?
    03- ඔය සේරම කරන්නෙ? තිසූගෙ නංගි නෙවේ නේද..
    04- හැබැයි එයා ඒ ගැන දන්නවා නේද .?
    05- නැත්තං නංගි රමිතව අයිති කරගන්න ගහන ප්ලෑනක් ද ඔය…?
    06- තිසූගෙ අඅම්මා තිසූට පෙන්වන ආදරේ එයාගෙ නංගිටත් දෙනෝ නේද .. ඒ ගැන කියන් නෑනේ ඔයා මට..?
    07- රමිතට අතපසු වෙන තැන කිව්වේ මේ නම්බර් කේස් එකද..?
    08- හැමදේම පටන් ගන්නෙ නේහාගෙන්ද. ?
    09- තිසූ නංගි එක්ක වලි දාන්න පටන් ගන්නෙ රමිත නිසාද..(නැත්තන් එයා හොද බබෙක්නෙ)?
    10- ඔක්කොම හරි ඊලගට මොකෝ වෙන්නේ..?

    ඕන් මන් දැවෙන ප්‍රශ්න .. මේ ටිකේම මන් කල්පනා ලොව මල් නැති වනේ මෙ ප්‍රශ්න නිසා.. ඉතින් ඕවට උත්තර මට ලැබෙන්නේ අන්තිමටනෙ…???
    ශෝයි නංගා කතාව නම්..
    Digaaa kotas denna hodee..kotas 100k unth kamn naaa..

    Oyaatai lokuutai thanks godak…

  2. කතාව ගොඩාක් ලස්සනයි .
    ???
    ඔයාලා ඊයේ මගෙන් විස්තර කියන්න බැරි උනා ….
    වයස 18…..
    ඔයාලට කැමති නමකින් කතා කරන්න..
    ගොඩාක් අය මට කතා කරන්නේ මගේ හරි නමෙන් නෙමෙයි නේ.. …
    මම ඔයාලට සහෝ කියලා කතා කරන්නම්…
    ☺️☺️☺️☺️☺️

    1. කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ . ඔය චූටි කියන කෙනාව නම් මට සත පහකට විශ්වාස නෑ .චූටි චූටි කියන අය තමයි ලොකු ලොකු වැඩ කරන්නෙ ??
      අක්කට මොන බාල්දියක් දමාවිද දන්නෙ නෑ. වෙලාවකට මෙම රහිත වත් මට විශ්වාස නෑ.
      කතාව නම් එලකිරි අක්කියෝ
      ඔයාගෙ හැකියාව තවත් දියුණු වෙන්න කියල විෂ් කරනවා.සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. කතාව ⁣⁣ගොඩාාාාාක් ලස්සනයි අනේ…. ඉක්මන්ට කතාව දෙන්නකො අනේ… එක හුස්මට කියවන් යන්න තියනවනම් හොදයි මෙහෙම දවස් ගනන් බලන් ඉන්න බෑ අප්පා… ඉස්සරහට මොනාවෙයිද දන්නා…??? දැවෙන ප්‍රශ්න ගොඩාාාාායි….????

    1. සුභ උදෑසනක් දග පවුලේ අක්කිලා අයියලා නංගිලා ඔක්කෝටම….???????

      අද ඔක්කොම ගොඩාාාාක් බිසී වගේ…. සතුටින් පලිත්තමට ඉන්න ඔක්කොම…❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. නිරෝෂා ලක්මාලි

    හරිම ලස්සනයි කතාව. තිසූ හරිම හොඳයි. නංගි ගැන තමයි තේරුම් ගන්න බැරි. මොනවා ප්ලෑන් කරනවද දන්නේ නෑ රමිතව තමන්ගේ කරගන්න. ඒත් එහෙම මොකුත්ම වෙන්න දෙන්න එපා රමිත ආදරේ කරන්නෙත් තිසූටනේ. නංගිට ඇත්ත දවසක තේරෙයි. එදාට හැබැයි මොනවා වෙයිද දන්නේ නෑ. ඉවසලා බලමුකෝ නේද.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  5. ? මහිංසා ?

    කතාව කියෙව්වෙ අද මැණික ..තිසූට රමිත අහිමි වුණොත් දරාගන්න බැරි වේවි …..බලමුකෝ නේද ඉස්සරහට …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.