Katha Ahura

? බිඳුනු බැමි ? – 09 වෙනි බැම්ම

5/5 - (1 vote)

09වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

” ඇයි තමුසෙට මට ගහන්න බැරිද ? ”

 

කාමරේට ආවත් එක්කම චූටි කෑ ගහපු සද්දෙ ඇහුනට මං නෑහුන ගාණට දොර වහගත්තෙ ටිකක් තනියම ඉන්න. තරහාකාරයෙක් වගේ තරහා පිරිමහන්න හදනකොට තමන්ගෙම ලේ තමන්ගෙම නිවුන් සහෝදරී තමන්ටම මෙහෙම කරද්දි කාටද ඉවසන්න පුලුවන්.

ඒත් මට ඉවසන්න සිද්ධ උනා. කා එක්කවත් ප්‍රශ්න දාගන්න ආස නැති මං හැමදාම කරේ පාඩුවේ පැත්තකට උන එක. දවස් ගෙවිලා ගියෙ ඉගිලිලා යනවා වගේ වේගෙකින්. වෙනසක් කියලා උනේ නැති එකම දේ තමයි චූටිගෙ තරහා. ඒක දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ. එක දවසක් රමිත අයියා අපේ ගෙදර ආවෙ පුරුදු විදියටම ඇවිදින්න යන්න.

 

” මැණික ”

 

” ම්ම්  අපි යමු අයියෙ ”

 

” ඔය කාලද එළියට බහින්නෙ ආ ”

 

” අපි එළියෙන් කන්නම් අම්මේ ”

 

” ලොකූ ? ”

 

” ඇයි අම්මෙ  ? ”

 

” මේ ගෙදර කලින් නොවුන දේවල් දැන් වෙනවා කියලා මං දන්නවා ඒත් හොඳම දේ තමයි අපිට පුලුවන් විදියට කලින් උන්න හැටියට ඉන්න එක. ”

 

” මට තේරෙනවා අම්මා ”

 

” මොනවද පුතේ තේරෙන්නෙ ? දවස් කීයක් ඔයා මෙහෙම කරාද ? චූටි පොඩිකාලෙ ඉඳන් එහෙමයි. ඒත් ඔයා එහෙම නෑ. දැන් ඔයත් ඔහොම කරාම හරිද ? ”

 

” මැණික අපි කමු. අම්මා කියන්නෙත් ඇත්තනෙ ”

 

” ඇයි ඔයාලා මට මෙහෙම කියන්නෙ? වැරැද්ද කරපු කෙනාට කියන්නකො ඔහොම ”

 

” පුතේ අපි දෙයක් තේරුම් කරන්න ඕනෙ වැරැද්දක් කරපු කෙනාට නෙමෙයි. දෙයක් තේරුම් ගන්න තරම් ඔලුවක් තියන කෙනාට. වැරැද්දක් කරත් නොකලත් දෙයක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට තේරුම් කරාම තමයි අපිට තත්වය පාලනය කරගන්න පුලුවන්. තේරුනාද මගෙ පුතාට ”

 

” හ්ම්ම් හරි අම්මෙ ”

 

හැමදාම වගේ අදත් මං අම්මා නිසා හිත හදාගත්තා කිව්වොත් හරි. පොඩිකාලෙ ඉඳලම අම්මගෙ හැඟීම්බර කතාබහට මං අහු උනා. එයා එහෙම බැගෑපත් වෙනවට මං ටිකක්වත් කැමති උනේ නෑ. ඒ නිසාම මං සති තුනකට පස්සෙ අද ආයෙම ගෙදරින් එළියට බහින්න කලින් බත් කටක් කන්න ඉඳගත්තා අම්මයි අයියයි එක්කම. කාලා ඉවර වෙනකන්ම අපි අතර තිබ්බෙ නිහඬතාවයක් විතරයි. හරියට හැමෝගෙම හිත්වල ලොකු බරක් හිරවෙලා වගේ. වගේ නෙමෙයි හැමෝගෙම හිත් වල බරක් තිබ්බා තමයි. මොනවා කරන්නද මිනිස් හැඟීම් කොච්චර නපුරුයිද වෙලාවකට. එකිනෙකා තේරුම් ගන්න බැරි තරමට පහළ තත්වෙකට වැටෙන්න තරම්. හ්ම්ම් ජීවිතේ හරි පුදුමයි සමහරුන්ට එක දෙයක් ඇති මුළු ජීවිත කාලෙටම එයාලා වෙනුවෙන් කරපු කැපකිරීම් අමතක කරලා දාන්න. ඒත් සමහරුන්ට එක දෙයක් ඇති මේ මුලු ජීවිතේ ගැනම පොඩි හරි අවබෝධයක් ලබාගන්න. එකම හැඟීම එකිනෙකාට දැනෙන විදිය කොච්චර වෙනස්ද.. සමහරු හිත් වල තරහා පැසව පැසව තියාගනිද්දි තවත් අයට පුලුවන් ඒක එක සිද්ධියක් විදියට අමතක කරන්න. ගොඩාක් වෙලාවට මාත් එහෙමයි. ඒකට තිබ්බෙ එක හේතුවයි. මං ආස කරේ නිදහස් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඒ නිසාම ප්‍රශ්න කියන දේවල් වලින් මං උන්නෙ ගොඩාක් දුරට ඈත් වෙලා. ප්‍රශ්නයක් ආවත් ඒක අනිත් අතට අමතක කරන්න තරම් නිදහස් හිතක් මට තිබ්බෙ. අන්න ඒ හදවත  තමයි මගෙ අම්මා මට කියලා දීපු වටිනම දේ.

 

” මැණික ”

 

” ම්ම්.. අයියෙ ”

 

බර කල්පනාවක උන්න මං ගැස්සුනේ අයියගෙ හඬට.

 

” මොනවද අප්පේ හිතුවෙ ? ”

 

” හිතුවෙද ? හිතුවෙ අපේ ජීවිතේ ගැන ”

 

” ඒ කිව්වෙ මැණික ”

 

” මුකුත් නෑ අයියෙ. අපි යමුද ? ”

 

” හ්ම්ම් කාලත් නෑ හරියට ඒ උනාට ”

 

” ගොඩ දවසකට පස්සෙ බඩපිරිලා වගේ දැනෙනවනෙ ඒ උනාට මට ”

 

මං එහෙම කිව්වෙ හිනාවෙලා. බඩ කෙසේ වෙතත් මගෙ හිත නම් පිරිලා තිබ්බෙ ඇයි කියන්න තරම් තේරුමක් නම් තිබ්බෙ නෑ මට. මායි අයියයි ගෙදරින් පිට උනේ අම්මට වැඳලා. ඒ අහිංසක ඇස් වල යන්තමින් අසරණකමක් එළියට ඇවිත් තිබ්බා. හ්ම් අපි ඉපදුන දා ඉඳලම අපි කරන දේවල් නිසා දෙමව්පියො කොච්චර තැලෙනවද තාත්තත් නැතුව අපේ අම්මට කොච්චර තනිකමක් දැනෙනවා ඇතිද ඒ අතින් අපි කොච්චර වැරදියිද කියලා මට නොහිතුනාම නෙමෙයි ඉතින්.

 

” පිස්සි ”

 

” ම්ම්ම්ම්ම් ”

 

” හපෝ මේකි බස්සියෙක් වෙලානෙ ”

 

” යේස් හැමදාම ගිරවි වගේ කියෙව්වනෙ දැන් බකුසු ටයිප් වෙලා ඉන්නෙ ”

 

” වැඩේ කියන්නෙ ගිරවියෙක් බස්සියෙක් උනාම ඒක අවුල් නෙ ”

 

” ඇයි ඒ ? ”

 

” මට පාළුයිනෙ ”

 

අයියා එහෙම කිව්වෙ හිනාවෙලා. ජීවිතේට තමන්ව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නම ඕනෙ. එහෙම කෙනෙක් උන්නම තමයි අමාරුම තැන් වලත් අපිට දරාගෙන ඉන්න තරම් හයියක් දැනෙන්නෙ.

 

” දන්නවද දෙයක් ”

 

” ම්ම්ම් කියන්න මැණික ”

 

” සතියෙ මං ආසම දවස සෙනසුරාදා ”

 

” ඇයි ඒ ? ”

 

” එදාට ඔයා මං එක්ක ඉන්නවනෙ ”

 

” අප්පේ මේකිගෙ පැණිපාට ”

 

” නෑ පැණි වැඩකට නෙමෙයි ඒයි ඇත්තටම එක දවසක් හරි මෙහෙම ඇවිදින්න යන එක මාර රිලැක්ස් මගෙ ඔලුවට. ”

 

” ඇත්තද මැණික… එහෙනම් අපි බැන්ඳට පස්සෙත් මැරෙනකන්ම මෙහෙම සතියට එක දවසක් තනියම ඇවිදින්න යමු ”

 

” හා හා නැගිටින්න නැගිටින්න ඔය දකින්නෙ ලස්සන හීනයක් ”

 

” පිස්සු කෝලම මේ අඬනවා මේ හිනාවෙනවා. අනේ මන්දා මටත් සෙට් උනානෙ මෙහෙම හොල්මනක් ”

 

” මේ පිස්සු හොල්මන් නිසාම හොඳයි ඉතින් ”

 

මං එහෙම කියලා අහක බලාගත්තෙ බොරු නෝක්කාඩුවකින්.

 

” අහ් හරි හරි ඔහොමම ඉන්නකො හරිද.. හහ් බලන්න එන්න එපා මූණක්වත් මගෙ ”

 

අයියා ඒ කිව්ව විදියට නම් මං තද කරගෙන උන්න හිනාව එළියට පැන්නා. කවදාවත් එයාගෙ මූණ දිහා බලාගෙන එයා එක්ක බොරුවටවත් රණ්ඩු කරන්න බැරි ගතියක් තිබ්බා මට. ඒකෙත් ඉතින් අවාසිය මට තමයි හහ්.. හිත ඇවිලෙන හැමවෙලාවෙම මේ ආදරේ නිසා මං නිවුන වාර ගණන නම් අනන්තයි. ඒ නිසාම වෙන්න ඇති මං අයියා ඉස්සරහා සෑහෙන්න බොළඳ කෙල්ලෙක් උනා.

 

” ඔය ඉතින් ආයෙ කල්පනාව ”

 

” කල්පනාව තියන එකට සතුටු වෙන්න. නැත්තන් ඔයා වගේ මාත් අවසිහියෙන් වැඩ කරානම් එහෙම ජෝඩුවටම යන්න වෙන්නෙ අංගොඩ ”

 

” අහ් එහෙමද නංගි හිතන්නෙ  ”

 

” හිතන්න දෙයක් නෑ ඒ තමයි ඇත්ත. ඔයාලගෙ අම්මත් කියනවා මං නිසා කොල්ලා හැදුනලු හැදිල්ලක් ආයෙ නෑ අහල පහළ අයවත් හදාගෙනම ”

 

” අනේ යකෝ ”

 

එදා දවස හරිම ලස්සන විදියට ගෙවිලා ගියෙ මගෙ හිත සීයට සීයක්ම සැහැල්ලු වෙද්දි. ඉස්සරහට මොනවා වෙයිද කියලා පොඩි බයක් හිතට දැනුනට ඒ හැමදේම ටික වෙලාවකට හරි යටපත් වෙලා ගිය එකට මං සතුටු උනා.

 

 

………………………………………………………………………………….

 

 

අවසානයක් ගැන ඉඟියක්වත් නැති වෙලාවක මං ඔයාලට කියනවා මේ යන්නෙ අන්තිම කොටස් ටික කියලා.

 

ඉතින් එහෙනම් ගිහින් එන්නම් තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න චූටි පැටව්…..❤️❤️❤️

 

හැමෝටම ගොඩාක් ආදරෙයි like ,  comment දාන අයට ඊටත් වඩා ආදරෙයි.. එහෙනම් අදට දුල් යනෝ…….. ????

36 thoughts on “? බිඳුනු බැමි ? – 09 වෙනි බැම්ම”

  1. Sandu 1995 thanamalwila

    Ane sudoo ai ane me kassana kathawa mada hariyen නවත්තන්න hadanne kiyanne ara kiwwath wge.. mn nm aasa diiigaaaa kathawak kiyanawata… dukai dukai dukai…

          1. Heee chutima chutida koheda. Lajja wenne moko ane mn wihiluwata kiuwe hee????❤️

  2. දුශි අක්කේ ලස්සනයි අනේ කතාව. දිගම දිගගගගගගගගගගගග කොටසක් ඕනේ❤️❤️??????

    1. Fire ball ? (බූබූ ?)

      ඒ දෙන්න ට චොක්ලට් එපා .✋✋✋
      දෙන්න එයාලට සුදු ලූනු බීම ???එකකුයි,ගෝවා මල්??? කේක් දෙන්න
      ??????????????

    2. Sandu 1995 thanamalwila

      Samawenna oni samadiyo mata enna bari unata pilignna dora laga.. mn me app eke padi madi nisa niwaduwk dmma.. sir kiwa padi wadi krnnm kiyla dn..mn itin warjane ath harala dn awe..

      Sadaren pilignnwa babo.. ?????
      ko genaawa choko.. api hamotama oni. Gini babata nm dennama epa..

      1. Sandu 1995 thanamalwila

        A eka newe.. wisthra saha choko tika riseption ekata dila ynna aniwa.. naththn oyawath ara sigithi paathale set ekata ahu wei.(sandu and pramo and nuwi.)

          1. Sandu 1995 thanamalwila

            Thanku kelle.. hoda babek… choko tika mn thaniyren kawa.. anik ayata kiynna epa… ????????oya nngekda…????

  3. අනේ…. දුක හිතෙනඅවසානයක නම් දෙන්න එපා… හැමදාම වගේ අදත් කතාව.ගොඩාාාාක් ලස්සනයි අක්කි…???

  4. කතාව ගොඩාක් ලස්සනයි අක්කි… කතාව තව ටිකක් දිග් කරන්න බැරිද අක්කි…. ඉවර වෙනවා කිව්වම නිකන් දුකයි දුකයි වගේ… තවත් මෙ වගේ කතා ගොඩාක් ලියන්න අක්කි.. ජේසු පිහිටයි

  5. හරිම ලස්සනයි දුශි නංගා.
    කතාව සුපිරියට ලියලා තියනවා.
    ඉක්මනින් ඉවර වෙන එකට නම් දුකයි.
    අලුත් කතාවක් අරන් එන්න ඉක්මනින්.
    සතුටින් ඉන්න බුදු සරණයි
    ආදරෙයි ගොඩක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.