Katha Ahura

? බිඳුනු බැමි ? – 10 වෙනි බැම්ම

5/5 - (1 vote)

10 වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

එදත් හරිම ලස්සන දවසක්. ඒත් වැහි මන්දාරමක් උදේම තිබ්බ නිසා මට වැඩට යන්න නම් දැනුනෙ පොඩි කම්මැලිකමක්. මොනවා කරන්නද ඉතින් දැන් ඉස්සර වගේ ඕනෙ ඕනෙ වෙලාවට ගෙදරින් යන්න බෑනෙ රමිත අයියා එනවනෙ මාව ගන්න. ඒ නිසා කම්මැලිකම පැත්තකට දාලා මං වොශ් දාන්න ගියෙ රමිත අයියා එන්න කලින්. කොහොම හරි මම වොශ් දාගෙන සාලෙට එද්දිත් අයියා ඇවිත්.

 

” මෙයා දැන් උදේම එන්න පටන්  අරන් ”

 

” එහෙම තමා චූටි ළමයෙක් ඉන්නවනෙ ස්කූල් දාන්න ”

 

” අහ් ඇත්තද මහත්තයො ”

 

” ඇත්ත තමයි… මේ කමුද අපි අද ඉක්මනින් යන්න ඕනෙ මැණික උදේ මීටින් ”

 

” හා හා කමුකො ”

 

මං එහෙම කියලා අයියත් එක්ක කෑම මේසෙන් වාඩි උනේ අම්මා කෑමමේසෙ ලෑස්ති කරන අතරෙ.

 

” අම්මා දන්නවද  දැන් අපේ අම්මා වලි මං එක්ක ”

 

” ආ ඒ ඇයි පුතේ ”

 

” උදේම එයාගෙ කෑම එක මිස් කරගෙන මෙහෙ එනවා කියලා ”

 

” අම්මලනෙ ඉතින් හැමදේම හිතනවා ඕනෙවට වඩා ”

 

කතාව මැද්දෙන් පැනපු මං ඒ ටික කිව්වෙ අම්මගෙ මූණ දිහා බලාගෙන.

 

” එහෙම තමයි. අම්මෙක් උනාට වයසින් වැඩිමල් උනාට තාම මේ හිත් ලාමකයි සමහර තැන් වලදි. ”

 

” ඔය ඔය ඉතින් ඒකත් සීරියස් ගත්තා ”

 

” ඔයාලට තේරෙයි ඔයත්  අම්මා කෙනෙක් උන දවසට ”

 

අම්මා කිව්වෙ එච්චරයි මට. තවත් දුරට කතාව ඇදුනොත් ඒක කෙලවර වෙන්නෙ දුකකින් කියලා දන්න නිසාම ඒ කතාව මං එතනින් නවත්තලා කෑම කන්න පටන් ගත්තා.

 

” අපි යමු මැණික ”

 

කෑම කාලා ඉවර වෙනකන් තිබ්බ නිහඬතාවය බිඳලා දැම්මෙ අයියා. මාත් ඒ එක්කම කෑම මේසෙන් නැගිට්ටෙ අයියා ඉක්මනින්ම යන්න ඕනෙ කිව්ව නිසා.

 

” බුදු සරණයි දෙන්නටම ”

 

යන්න පිටත් වෙන්න කලින් අම්මා අපි දෙන්නගෙම ඔලුව අත ගෑවෙ ආදරෙන්.

 

” අම්මෙ චූටි ”

 

” එයා කොහොමත් යන්නෙ ඔයා ගියාට පස්සෙ නෙ පුතේ ”

 

” හ්ම් අපි යනවා අම්මෙ ”

 

” යනවා අම්මෙ නෙමේ ගිහින් එන්නම් කියන්න. එතකොටයි ලස්සන ”

 

” ම්ම් අපි ගිහින් එන්නම් අම්මෙ. ”

 

එහෙම කිව්වෙ අයියා. එයත් එක්කම ඇවිත් වාහනේට නැග්ගා මම. ඔෆිස් එක ළඟට එනකම් උනත් අපි අතරෙ ලොකු කතාබහක් උනේ නෑ.

 

” මැණික අපි ආවා ”

 

” හ්ම්ම් එහෙනම් මං යනෝ හවසට ඔයා එනවනෙ ”

 

” නැත්තන් මේ බටකොළ ආච්චිව කව්ද  ගෙදර එක්කන් යන්නෙ ”

 

අයියා එහෙම කිව්වෙ හිනාවෙලා.

 

” මැණික පරිස්සමින් ඉන්න මං ගිහින් එන්නම්. ආදරෙයි මං ගොඩාක් ඔයාට. ඒක විතරක් මතක තියාගන්න. කවුරු කොහොම ඔය හිත රිද්දුවත් මට පුලුවන් හැමවෙලාවෙම මං ඔයා එක්ක ඉන්නවා ”

 

කවදාවත් නැතුව අයියා එහෙම කියද්දි නම් ටිකක් දුක හිතුනා ඒත් දුකකට වඩා මට ටිකක් පුදුම හිතුනා එයා එහෙම කියද්දි. හ්ම් මොකක් හරි හැමදේම ඕනෙවට වඩා හිතුවම තමයි නපුරක් වෙන්නෙ මට  හිතුනෙ එහෙම.

 

” ආදරෙයි ගොඩාක් මං ”

 

එහෙම කියපු මම ගේට් එකෙන් ඇතුළට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් එක තියනකන්මත් අයියා බලාගෙන උන්නා මං දැක්කා. මාත් ඉතින් අතින් ටටා පාරක් දාලා ටුක් ගාලා ඇතුළට දුවගෙන ගියෙ මෙයා එක්ක රොමෑන්ටික් උනොත් එහෙම රස්සාවෙන් දොට්ට දායි කියලා බයට.

 

…………………………………………………………………………………………………………….

 

මගේ දවසේ වැඩ ටික කෙරිලා ගියෙ හරිම සාමාන්‍ය විදියට.

 

” අහ් තිසූ ”

 

” කියන්න අසලි ”

 

” කියන්න තමයි මේකිට දැන් අපි එක්ක ඉන්න වෙලාවක් නෑනෙ ”

 

”  අනේ එහෙම නෑ බන් ”

 

” පලයන් යන්ඩ වෙලාවට වැඩට එනවා ටක් ටික් ටුක් ගාද්දි වැඩ ඉවරයි ඕෆ් වෙනවා යනවා. ලන්ච් එකටවත් සෙට් වෙන්නෑ දැන්. එක අතකට කොහෙ සෙට් වෙන්නද නිදහස් වෙලාවක් හම්බුනාම මලේනෙ”

 

” ඔන්න ඔන්න අද මාව අල්ලගෙන බයිට් එකට. ”

 

” බයිට් උනත් කතාව ඇත්තනෙ බන් ”

 

” නෑ අයියා මේ දවස් වල කෙයා කරනවා වැඩියි මාව ගෙදර පොඩි අවුලක් ”

 

” කාගෙද චූටිගෙද ? ”

 

” උඹ කොහොමද හරියට ගෙස් කරේ ”

 

” මේකනෙ හරි ලේසියි අම්මගෙ රෝස මල උඹ , රමී බෝයිගෙ පණ ටිකත් උඹ ,  නංගිට වහ කදුරුත් උඹ ”

 

අසලි ඒ ටික කිව්ව විදියට නම් මට හිනාගියා. ඒ එක්කම වගේ තමයි මගෙ ෆෝන් එක රිං උනේ.

 

” හෙලෝ මේ කව්ද කතා කරන්නෙ ? ”

 

” මට කෝල් අරන් මං කවුද කියලා අහන්නෙ පිස්සුද ? ”

 

” නෑ නෝනා සමාවෙන්න මං මේ නොම්බරේ  ගත්තෙ කෙනෙක්ගෙ ප(ර්)ස්  එකකින් ඒකයි ”

 

” කාගෙද ? ”

 

” නෝනා කලබල වෙන්න එපා මේ කියන දේ අහලා ”

 

” හ්ම් හරි කියන්නකො ”

 

හේතුවක් කියන්න දන්නෙ නෑ ඒත් මගෙ හිත ඇතුලෙන් පොඩි ගැස්මක් වගේ දැනුනා මට. මේ කව්ද මොනවද කියන්න හදන්නෙ කියලා පුලුවන් තරම් ඉක්මනින් දැනගන්නයි ඕන උනේ මට.

 

” නෝනා මේකයි  මේ නම්බර් එක මට දුන්නෙ හොස්පිටල් එකෙන්. මහත්තයෙක්ගෙ ප(ර්)ස් එකක තිබිලා.  ඒ මහත්තයා ඇක්සිඩන්ට් උනා පාරෙ ගිය වාහනේකින්. මං දැකලා හොස්පිටල් එක්කන් ආවෙ. පුලුවන් ඉක්මනින් මේ නොම්බරේට කියන්න කිව්වා දොස්තර මහත්තුරු. ”

 

ඒ ආරංචියෙන් මාව අන්දුන් කුන්දුන් උනා.  දෙවියනේ මගෙ රමිත අයියා.

 

” ක්.. කොහෙද හොස්පිටල් එක ”

 

” මේ රජයේ රෝහල නෝනා. ”

 

” හරි අංකල් ඔයා ඉන්න මං එන්නම් ”

 

මං එහෙම කියලා ලයින් එක කට් කරලා කෙලින්ම බැලුවෙ අසලි දිහා.

 

” ඇයි තිසූ මොකෝ අවුල ”

 

” අයියව ඇක්සිඩන්ට් වෙලා බන් ”

 

” දෙයියනේ ”

 

” අනේ මං යන්න ඕනෙ අසලි ”

 

” හරි උඹ යමන් මං මෙහෙ වැඩ ටික බලාගන්නම්. උඹට තනියම යන්න පුලුවන්ද ? ”

 

” පුලුවන් බන් කොහොමත් වීල් එකකනෙ යන්නෙ ”

 

එහෙම කිව්ව මං බෑග් එකත් අරන් පාරට ආවෙ අවසිහියෙන් වගේ.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

හොස්පිටල් එකට යනකන්ම මං උන්නෙ අවසිහියෙන්. ගෙදරට කියනවද නැද්ද කියන ප්‍රශ්නෙ මැද්දෙ මාව දෝලනය උනත් අන්තිමේදි මං තීරණය කරා අයියගෙ තත්වෙ බලලම ගෙදරට කියනවා කියලා.

එයාට මොකද කියලා හරියටම නොදැන ගෙවල් වලට කියන්න හිත දුන්නෙ නෑ මට.

 

” මිස් අපි ආවා ”

 

” අහ් ස්තූතියි අයියෙ. මේක තියාගන්න ”

 

අතේ තිබ්බ පන්සීයම ඒ මනුස්සයගෙ අතින් තිබ්බ මං හොස්පිටල් එක ඇතුළට දුවගෙන ගියෙ තිබ්බ හදිස්සියටමයි.

 

” මිස් ”

 

මං ඇතුළට එන්න හදද්දිම මාව ඒ විදියට නතර කරේ වයස අවුරුදු පනහක් විතර පෙනුම තියෙන වැදගත් පාටට පේන මනුස්සයෙක්.

 

” අංකල්ද මට කෝල් කරේ ? ”

 

” අහ් ඒ දුවද ? දුවව මඟ ඇරෙයි කියලමයි මං මෙතන හිටියෙ. මහත්තයා අයි. සී. යූ එකේ පුතේ ”

 

” දෙවියනේ එච්චර අමාරුද  මගෙ මහත්තයට ? ”

 

” ඔව් පුතේ. මහත්තයා බොනවා වගේ නේද ? ”

 

” මහත්තයා ?  නෑ එයා බොන්නෙ නෑ ”

 

” ඒත් පුතේ එයා ඇක්සිඩන්ට් උනේ තනිකරම එයාගෙ වැරැද්දෙන් ”

 

” අනේ අපි ඕවා පස්සෙ කතා කරමු අංකල් ”

 

මං කෑගැහුවෙ හිතේ තිබ්බ තරහට. ඇයි දෙයියනේ මගෙ කොල්ලා අයි. සී. යූ ඉද්දි මේ මනුස්සයා මොන මඟුලක් කියනවද මන්දා.

 

” සමාවෙන්න පුතේ ”

 

අංකල් එහෙම කියනවා ඇහුනත් පිස්සියෙක් වගේ හොස්පිටල් එක ඇතුලට දුවගෙන යනවා ඇරුනම එයාට රිඇක්ට් කරන්න තරම් කල්පනාවක් මට තිබුනෙ නෑ. අයි. සී. යූ එක ළඟ නතර උන මං දොරෙන් ඇතුල දිහා බලන් උන්නෙ පිස්සුවෙන් වගේ. දැන් පැයකට විතර කලින් මං එක්ක හිනාවෙලා උන්න මගෙ මහත්තයා මැශින් ගොඩක් එක්ක ජීවිතේ ගැට ගහගන්න පොරකන හැටි දැක්කම මටම වාවන්නෙ නැතුව ගියා. දොර ගාවම බිම මං ඉඳගත්තෙ මගෙ මුළු ඇඟම පණ නැතුව යනවා වගේ දැනුන නිසා. ඒ එක්කම

 

” මිස් පරිස්සමින් ”

 

” මිස් එන්නකො අපි ඉඳගමු ”

 

” මිස් මේ වතුර ටික බොන්න ”

 

කිය කිය මගෙ වයසෙ වගේ උන්න න(ර්)ස්ලා ටිකක් මගේ ළඟට වට උනා. ඒත් මං ඒ කිසි කතා බහකට රිඇක්ට් කරේ නෑ. මගෙ හිතේ තිබුනෙ රමිත අයියා අර මැශින් එක්ක ඔට්ටු වෙන එකම විතරයි.

 

” මේ පේශන්ගෙ අයිතිකාරයෙක් ආවද ? ”

 

එහෙම කියාගෙන තමයි අයි. සී . යූ එකෙන් ඩොක්ට එළියට ආවෙ. හැමෝම මං දිහා බැලුවෙ අසරණයෙක් දිහා බලනවා වගේ. වගේ නෙමෙයි ඇත්තටම මං අසරණයෙක් වෙලා උන්නෙ කරකියා ගන්න දෙයක් නැතුව.

 

” මිස් ඔයා මේ වෙලාවෙ මේ වගේ දෙයක් අහන්න සුදුසු තත්වයක නෙමෙයි ඉන්නෙ. ඒත් අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි මට මේක කියන්නම වෙනවා. මිස්ටර්… ”

 

” රමිත ”

 

” ඕහ් මිස්ටර් රමිතගෙ සයිඩ් එකට කෙලින්මයි ඇටෑක් එක වෙලා තියෙන්නෙ ඉතින් එයාගෙ ජීවිතේ ගැන අපිට වගකියන්න අමාරුයි ඔපරේශන් එකක්වත් කරන්න සුදුසු තත්වයක එයා නෑ. ඇන්ඩ් අගේන් සොරි මිස් අපිට පැය හතලිස් අටක්වත් බලන්න වෙනවා මොකද ඔපරේශන් එකක් දරාගන්න එයාට බෑ එයා ගොඩාක් වීක් ”

 

” එතකොට ඩොක්ටර් ”

 

” මේකයි රමිත තමයි වැරදි විදියට ඩ්‍රයිව් කරලා තියෙන්නෙ. අනවශ්‍ය විදියට පාර ක්‍රොස් කරලා තියනවා එයා.  එතකොට ඉස්සරහින් ආව ලොරිය එයාට බේරන්න හැදුවත් ඒක කරන්න බැරි වෙලා තියනවා මිස්. ඩිරෙක්ට්ලි රමිතගෙ සයිඩ් එකයි වැදිලා තියෙන්නෙ. ”

 

ඩොක්ටර් ඒ සිද්ධිය කියද්දි මං අහන් ඉන්න ඕනෙ නිසා අහන් හිටියා මිසක් කිසිම ඕනෙකමකින් අහගෙන හිටියෙ නෑ මං.

 

” මිස් ගෙදරට ඉන්ෆෝම් කරන්න ”

 

ඩොක්ටර් එච්චරක් විතරක්ම කිව්වෙ තවත් මේ දේවල් ගැන මට තේරුම් කරවලා වැඩක් නෑ කියලා හිතුන නිසා වෙන්න ඇති. මං ඒ ගමන්ම අපේ අම්මට ගත්තෙ අයියා ගැන කියන්න. අම්මගෙ කටහඬ ඇහෙද්දිම මට දැනුනෙ මාව දියවෙලා යනවා වගේ.

 

” ලොකූ ඇයි පුතේ අඬන්නෙ ”

 

” අ.. අම්මෙ අම්මෙ අයියා ”

 

” ඇයි දෙයියනේ මේ අඬන්නෙ ? ඔයාලා කොහෙද ඉන්නෙ ? ”

 

” අම්මෙ අයියා ”

 

” දෙයියනේ දරුවො කියනවකො උන දේ ”

 

” අම්මෙ එයා හැප්පිලා. මගෙ මැණිකට අමාරුයිලු අම්මෙ. ජීවිතේ විශ්වාස නෑලු ”

 

” අනේ මගෙ මැණික අඬන්න එපා ඉන්නකො මං එන්නම් මැණික ”

 

” අම්මෙ අයියලගෙ අම්මට කියනවද ? ”

 

” ම්ම්ම් මං කියන්නම් මැණික. අනේ පරිස්සමින් ඉන්න. පිස්සු වැඩ මුකුත්ම කරන්න එපා ”

 

අම්මා එහෙම කිව්වෙ අඬ අඬ. පිරිමියෙක් උන්නෙ නැති අපේ ගෙදරට වැටුනු එකම පිරිමි හෙවනැල්ල අද මෙහෙම ඉද්දි කාටද දරාගන්න පුළුවන්. එයාව දැක්කත් පුදුම හයියක් හිතට දැනුනෙ ඒත් ඒ හයිය අද  මේ විදියට ඇස් ඉස්සරහම දිය වෙලා යන්න හදනකොට කොහොම ඉවසන්නද… අම්මට කතා කරලා පැය දෙකක් යන්නත් කලින් අම්මයි චූටියි අයියලගෙ අම්මයි තාත්තයි හතර දෙනාම ආවා. ඒ ආවෙත් ඇවිදින මළ කඳන් වගේ. ඒ හැමෝගෙම මූණු දැකපු මගෙ හැඬුම් ආයෙත් පාරක් අළුත් උනා. අම්මව බදාගෙන අඬපු මගෙ වගේම අපි හැමෝම සුසුම් හඬවල්ම විතරයි අයි. සී. යූ එකේ දොරෙන් එළියෙදි ඇහුනෙ.

 

” ඩොක්ටර් අපේ පුතාට මොකද ? ”

 

” එයා මොනවා හරි දෙයක් ඕව ඩෝස් අරන් තියනවා. රමිත ඩ්‍රග්ස් වලට හුරු වෙලා උන්නද තාත්තෙ ? ”

 

”  න්.. නෑ  ඩොක්ට එයා එහෙම දේවල් කරේ නෑ ”

 

“.රමිත වාහනේ අරන් ගිහින් තියන විදියට සිහිය තියන මනුස්සයෙක්  වාහනයක් අරන් යන්නෙ නෑ. ”

 

” හරි ඩොක්ටර් මගෙ දරුවට මොකද ? ”

 

” එන්න එන්නම වික් වෙනවා. කිසිම බේතකට රිඇක්ට් කරන්න තරම් එයාට හයියක් නෑ. එයාගෙ සෙල්ස් මැරෙනවා ”

 

” දෙයියනේ මගෙ දරුවා ”

 

තාත්තා විතරක් නෙමෙයි ඒ කතාව අහන් උන්න අපි හැමෝම තිබ්බෙ එකම විලාපයක්. අපි හැමෝගෙම ජීවිත වල හයිය උනේ රමිත අයියා.  ඒ බොන්ඩ් එක බිඳිලා යන්න හදද්දි , අපිට වෙන කරන්න දෙයක් නෑ කියලා මතක් වෙද්දි අපි හැමෝගෙම යන්තමින් කියලා තිබ්බ සිහියත් ටික ටික නැති වෙනවා වගෙයි දැනුනෙ. පහුවදා දවසත්  ගෙවිලා ගියෙ රමිත අයියා එන්න එන්නම දුර්වල වෙද්දි. ගහක් ගලක් වගෙ උන්න කෙනා අද වැටිලා ඉද්දි මං උන්නෙ පිච්චි පිච්චි.

 

” කව්ද මිස් තිසූ ”

 

” මිස් තිසූ ”

 

දෙපාරක් විතර ඩොක්ට එහෙම ඇහුවමයි මට ඒක ඇහුනෙ.

 

” ම්.. මං ඩොක්ට ”

 

” පුලුවන් ඉක්මනින් යන්න එයා අහනවා ඔයාව. එයාගෙ බී.පී අඩු වෙනවා එන්න එන්නම ”

 

ඩොක්ටර් එහෙම කිව්ව ගමන් මං අවසිහියෙන් වගේ දුවන් ගියාට මාව එතන උන්න නර්ස්ලා දෙන්නෙක් නවත්තගත්තා.

 

” ඇයි මේ ?  මට යන්න දෙන්න ”

 

” පුලුවන් මිස් මේ කෝට් එකයි මාස් එකයි නෙට් කැප් එකයි දාගෙන යන්න. ඔයාගෙ ලෙඩාටත් එෆෙක්ට් එකක් වෙයි නැත්‍තන් ”

 

” හ්ම්ම් ”

 

එහෙම කිව්ව මං එයාලා ඒවා මට අන්දනකන්ම මළ මිනියක් වගේ උන්නෙ රමිත අයියා දිහා බලාගෙන. මට එයා ඇරුනම ඇත්තටම වෙන කිසිම දෙයක වැදගත්කමක් දැනුනෙ නෑ.

 

” මිස් ඔයා යන්න ”

 

මං හරියට උන්නෙ කටහඬින් පාලනය වෙන රොබෝ කෙනෙක් වගේ.  ඒ අවසරෙන් මං කෙලින්ම ගියෙ මගෙ රමිත අයියා ගාවට.

 

” මැණික ”

 

මට කතා කරනවා කියලා කියාගන්න පුලුවන් උනේ එච්චරයි මගෙ වචන වලට වඩා කඳුලු ඉස්සර උනා නිසාම මං  කට වහන් උන්නෙ එතනින් එහාට මුකුත් කියන්න තරම්වත් සිහියක් තිබ්බෙ නැති නිසා.

 

” ම්… මැණික තිසු ම්..මං අ..ආදරෙයි ”

 

අයියාගෙන් හඬක් පිටවුනේ නැති උනාට එයාගෙ තොල් හෙලවුනේ එහෙම. ඔයාට කියන්න ගොඩාක් දේවල් ඇති මැණික. ඔයා ඒ හැමදේම කෙටි කරලා කියන්න ඇත්තෙ එච්චරයි. ඔයා මෙහෙම ඉද්දි මට වාවන්නෙ නෑ මැණික. ඒත් මගෙ දුක දිග අරින්න මේක වෙලාව නෙමෙයි. ඒක මං දන්නවා. මම එහෙම හිත හිත අයියගෙ ඔළුව  අත ගෑවෙ ඇස් වලින් වැටෙන කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා. ඒත් එකපාරටම අයියගෙ ඔළුව එක පැත්තකට කඩා වැටෙනවා වගේ මට දැනුනත් එක්කම මං පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ ඉන්නෙ කොහෙද කියලවත් ගාණක් නැතුව. ඒ එක්කම ඇතුලට දුවගෙන ආව ඩොක්ටර්

 

” මිස් ඔයා එළියට යන්න අනිත් ලෙඩ්ඩු බය වෙනවා ”

 

කියලා මාව එතනින් එළියට එව්වා. එළියට ආවත් මං දොරේ තිබ්බ පුංචි වීදුරුවෙන් අයියා දිහා බලන් උන්නා. කලබල උන ඩොක්ටර්ස්ලා කරන්ට් එක ඇල්ලුවා මගෙ මැණිකට තුන් පාරක් විතර. ඒත් අවසානයේ ඩොක්‍ට(ර්)ස්ලා එකිනෙකාගෙ මූණවල් දිහා බැලුවෙ  බලාපොරොත්තු සුන්වෙලා ගිය ගතියකින්. ඒ එක්කම වගේ මගෙ වටේටම  නිලංකාර වෙලා යනවා වගේ විතරයි මතක මට.

 

අහඹුවෙන් නුඹ මගේ ජීවිතය සමවෙලා

උන්න ඒ කාලයේ මතක අමතක වෙලා

ගතින් නුඹ පියඹද්දි ඈත දුර පාවෙලා

අනේ මගෙ මැණික මං නුඹ නමින් තනිවෙලා

 

තාත්තා නැති කළට ඒ අඩුව පුරවලා

ළඟින් උන් නුඹම ඇයි මේ තරම් රුදු වෙලා

නුඹේ අවසන්  හුස්ම මා තුරුලෙ හැරදමා

යනු හැකිද මගෙ මැණික අනේ මට  රිදවලා

 

දෙව්ලියලු මං නුඹගෙ හීනයන් සරසනා

නුඹයි මා හිමි කුමරු හීන ඇස රන්දනා

නුඹ නැතිව ලොවක් නෑ හුස්ම මගෙ ගැස්සෙනා

නුඹේ ඇස් පියවෙද්දි හිතම මගෙ හෙල්ලුනා

 

 

( තිසූ )

 

 

 

…………………………………………………………………………………………………………….

 

ම්ම්ම් රෙදි උස්සන් එන්න එපා දැන්.. හාද හාද?????

 

පව්නෙ මං.. හෙහ්.. ඉතින් අදහසක් කියාගෙන යන්න මට හැමෝම like කරන්නත් අමතක කරන්න එපා.

 

බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම හැමදාම

 

ගොඩාක් ආදරෙයි මගෙ චූටි පැටීලා ඔක්කොටම ❤️❤️

32 thoughts on “? බිඳුනු බැමි ? – 10 වෙනි බැම්ම”

    1. ????? ඉක්මනින් සනීප වෙන්න අක්කී.පරෙස්සමින් ඉන්න. බුදු සරණයි .

      1
  1. Sandu 1995 thanamalwila

    Ane ඇයි අනේ රමිතට එහෙම දෙයක් කලේ…. ?? පව්ව්ව්ව්…
    කතාව ලස්සනයි මැනික…??ඒත් දුකයී… ???තව තව කතා ගොඩක් ඔනීමයි ඔයාගෙන්… ?????
    දුන් නැත්තං අපි තරහ වෙනවද පින්වතුනේ… ඔව්නේ ඔව්නේ…?

    1
  2. Fire ball ? (බූබූ ?)

    හ්ම්ම් …
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි.????

    නිවන් සුව ලැබේවා …???
    සාමයේ සැතපේවා…???
    මෙවන් අකල් මරණ යලි සිදු නොවේවා…??????????????
    අපෙන් වෙන් වූ රමිත සොයුරාට…???

    මදෑ …..????????????තිසූ-රමී දෙන්නගෙ දරු සුරතලුත් බලලා හිත හදා ගන්න හිටියා …?????

    1
  3. මදූ_දිල්ශා

    දුකයි..දුකයි ..දුකායි.????
    අන්තිමට ශෝකාලාපයන් අහන්න මන් ආසම නෑ.එතකොට ටික දවසක් යනකම් මට ඒකම මතක් වෙනා.අනේ ඇයි මෙහෙම අවසානයක් දුන්නේ නන්ගා.කොහොම උනත් ඔයා සාර්තකයි ඒකනෙ මේ තරම් දුකක් දැනෙන්නෙ.තවත් ලස්සන කතාවක් අරන් එන්න ඕනී…..????

  4. ?Sleeping beauty ?

    සදට තනි නෑ
    තරු අහසෙ ඇති නිසා
    හිරුට තනි නෑ
    වලාකුලු දග වැඩ කලා
    මලට තනි නෑ
    සමනලුන් මල් හැඩ කලා
    මටද තනි නෑ
    නුබ මගේ ලෝකෙම නිසා ❤️❤️

    හිස්ව තිබු මගේ
    පාලු මකලා
    අහම්බෙන් මෙන්
    මගේ දිවියට
    ගොඩ වැදුනු මගෙ
    හුස්ම ටික නුබ
    හිටියා මතකද
    තුරුලු වී මම

    නුබේ පතිනිය
    වෙලා නුබ වෙත
    පිය මනින්නට
    හීන දැක්කා
    නමුත් නුබ මගෙ
    හුස්ම අරගෙන
    යලි නොඑන්නම
    දුරක ඇදුනා??

    පිරිමියෙක්ගේ පහස
    මෙය යැයි
    හදුන ගත්තේ නුබෙන්
    රන්කද
    පාලු කරලා මගේ
    දිවියම
    ගියේ කෙලෙසද කියන්
    හිමි සද ??
    හිත පිරෙන්නම ආදරේ
    මට
    දුන්නේ මේ ලෙස වෙන්ව
    යන්නද..??

    අනේ අක්කී…ඇයි රමිතව මැරුවේ…එයාට කොහොමද එහෙම දෙයක් උනේ..රමඉත drinks අරන් හිටියේ නැත්තම් කොහොමද ම්මේ විදියට එයා නොසැලකිලිමත් උනේ…එයාට තිසූට කියා ගන්න බැරි උනු ලොකූ කතාවක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා..ඒ වගේම රමිතගෙ මරනෙට චූටිගෙ පොඩිම හරි සම්බන්දයක් ඇති කියලා හිතෙනවා…??

    මට අද නම් ඇඩුනා…මොකද මේ වගේ දෙයක් මං බලාපොරොත්තු උනේම නෑ…??ඒත් කතාව ගොඩාක් ලස්සනයි දුශී අක්කී…ඔයා අපේ හිත් වලට කා වදින්නම කතාව ලියලා..රමිතව මැරුනු එකට නම් ගොඩාක් දුකයි අක්කී..ඒ කපල් එක ගොඩාක් සතුටෙන් තියන්න තිබුනේ…තිසූ ගොඩාක් අහිංසක නිසා එයාට මෙහෙම දුකක් නොදී ඉන්න තිබුනේ..??

    ඒ මොනා උනත් මේ වගේ දේවල් සිද්ද වෙනවනේ ඇත්ත ජීවිතෙත්…අපිට ඒව වෙනස් කරන්න බෑනේ..
    මගේ දුශී අක්කී…ඔයාගෙ කතාව ගොඩාක් ලස්සනයි …සුබ පැතුම් මගෙ අක්කී..තෙරුවන් සරනයි ..❤️❤️

  5. ?Broken Heart?

    අනේ ගොඩක් දුකයි අද නම් කතාව .. ?? මං හැමදාම ඔෆිස් ටයිම් කතාව කියවනවා.. ඒත් කමෙන්ට් දාන්න බැරි වෙනවා හැම කොටසටම.. ඒකට නම් සමාවෙන්න .. ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️❤️❤️❤️.. මට නම් හිතෙන්නේ නපුරු නංගි තමා ඩ්‍රග්ස් වැඩේ කරන්න ඇත්තේ..

    සිහිනයක් වගේ ජීවිතේ දැන් ….
    උන්නු නුඹ මා හැර ගිහින් …
    කෙලෙසදෝ මා යලිත් සිනහ වන්නේ….
    නුඹේ මතකේ සිත දරන්…

    සිතුනේ නෑ මගේ පණ මා හැරදමා යයි කියා..
    කියන්නට දහසක් දේ තිබුනේ මා සිත පුරා…
    වැටෙන කදුලැලි උණුසුමෙන් මා කොපුල් සිඹිනා විට මගේ…
    නුඹේ සුවදයි නිරන්තරවම දැනෙන්නේ මා හද පුරා..
    කෙලෙසදෝ මා සිතන්නේ හෙට දිනක් ගැන නුඹ නොසිටිනා..

  6. Sandu 1995 thanamalwila

    dushii nnga..මේ කතාවෙ අවසානය නෙවෙ නේද… ඔයා පෙරවදනෙන් කියපු සමහර දේවල් අපිට කියලා නෑ කෙලින්ම… සමහර විට ඒ දේවල් කතාවෙ අන්තිමට රමිත මරුනා කියලා කීවම අපි ඉතිරිය අනුමාන කරලා ඔප්පු කරගනී කියලා ඔය අදහස් කරාද දන් නෑ මන්..

    කොහොමහරි මන්හිතුවෙ මේමයි..රමිත හම්බුන පොටෝ,ආව කෝල් , යුවීනාගෙ කතා ..අහලා වරද්දගත්තා වෙන්න පුලුව්න්… තදටම මිස් උනා කියපු තැන මොකක්ද?? ඒකද..

    අවිශ්වාසය නිසා කෙනෙක් බොන්න පෙලෙබෙන්න පුලුව්න්.. ඒත් ඩ්‍රග්ස් ගන්න එකපාරටම කෙනෙක් පෙලබෙන් නෑ… එහෙම වෙන්න නම් රමිත ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනී කලින් ඉදන්ම…

    අනික යුවීනා මරනෙට සම්බන්ධ ද කිය්නන්න බෑ හරියටම..එයාගේ රිඇක්ශන් එක අපිට කීවෙ නෑනෙ නංගා..
    එතකොට හැමෝගෙම වැරදි අඩුපාඩු හිත් වල ඉතුරු උනාම වෙන විනාශය කීවේ..???

    මට නම් මේවා දැවෙන ප්‍රශ්න අනේ..

    තරහා නැතිව ලොකූගෙන් අහලා අපි හැමෝටම මේක පැහැදිලි කරන්නකො පැටියෝ..
    නැත්තන් අවසානය මේක නම් අපි ඉතිරිය හිතාගන්නම් අර විදියට … හා ද….

    1. ?Sleeping beauty ?

      අනේ අක්කී මටත් ඒ ප්‍රශ්නේම තියේ..මං නම් හිතුවේ කතාව ඉවර නෑ කියලා … තව එක කොටසක් හරි ඇති කියලා..??

        1. Sandu 1995 thanamalwila

          Ane ලොකූ අයියෙ ….

          ammapa ehenm ai ane me kastiya ape hadawathata mee tharan gindara denne… ?
          ඔන්න ගිනි බබා නම් කමක් නෑ.. ඒක ගින්දරෙ හැටිනෙ..?

          එත් මේ ඇඩ්මින් මඩුල්ල …???

          අද රෑ දහයට හරි කතාව ඔනීමයි සර්.. නැත්තන් මට පිස්සු හැදෙයි බලන් ඉදලා..?කල්පනා කරලම dipretion hadei ane..??
          apita
          අනුකම්පා කරන්න හොද සර්නෙ අපෙ..??

      1. Fire ball ? (බූබූ ?)

        මේ දෙන්න එඑකතු වෙලා ඉවර උනේ නැති කතාව ඉවර කරන්න හදනෝ…????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.