Katha Ahura

? බිඳුනු බැමි ? – 11 වෙනි බැම්ම

5/5 - (1 vote)

එකොළොස්වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

අයියගෙ මරණෙත් එක්ක මං ගොඩාක්ම නිහඬ කෙනෙක් උනා. ගොඩාක් වෙලාවට ඕනෙ කරන දේකදි විතරක්ම කතා කරපු මං අනිත් හැමවෙලේම කරේ මගෙ පාඩුවේ උන්න එක.

 

” ලොකු දෝනි ”

 

” අම්මෙ ”

 

” ඔහොම ඉන්න එපා දරුවො. රමිත පුතා නැති එක අපි හැමෝටම දැනෙන ලොකු අඩුවක් , ලොකු දුකක් ඒත් පුතේ අපිට පුතා වෙනුවෙන් කරන්න තියන එකම දේ ඔහොම හූල්ල හූල්ල ඉන්න එකම නෙමේ නෙ නේද ? ”

 

” නෑ අම්මෙ එහෙම නෙමෙයි ඒත් මට ලොකු හිස්බවක් දැනෙනවා හැමදේකම. පොඩ්ඩක් මෙහෙම උන්නම හිත හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුනා අම්මෙ. මට බොරුවට මිනිස්සු එක්ක හිනාවෙලා ඉන්න බෑනෙ. ”

 

” හ්ම් ඔයාගෙ කැමැත්තක් පුතේ ”

 

ගොඩාක් වෙලාවට අම්මයි මායි කතා කරේ එච්චරයි. ඉස්සර හැම වීක් එන්ඩ් එකකම අයියත් එක්ක ඇවිදපු මං එයා නැති උනාට පස්සෙ  සොහොනට යන්න පුරුදු උනා. එයා උන්න කාලෙ වගේම එයා නැති කාලෙත් එයා එක්කම කාලෙ ගත කරන්න පුරුදු උනා මං.  ජීවිතේ හිස්කම , තනිකම තේරෙන්න අපි හදවතින්ම ළං උන කෙනෙක් නැති වෙන්නම ඕනෙද ……. ඒ තරමටම අපේ හිත් කොච්චර අන්ධ වෙනවද අපි කැමති දේවල් අපිට ලැබෙන්න ගත්තම. මගෙ මුළු  ජීවිතේටම තිබ්බෙ එකම සැනසීම තමයි අයියා , ඇක්සිඩන්ට් වෙන්න කලිනුත් , මාව දාලා යන්න කලිනුත් මං එක්ක ආදරෙන් උන්නා කියන ඒ හැඟීම.  එයා එක්ක උන්න හැම දවසක්ම ලස්සනයි. මතක් කර කර ඉන්න ආස හිතෙන තරමටම ඒ දවස් ඇතුළෙ තිබ්බෙ සැහැල්ලුවක්. ඒ මතක හැම එකක්ම ආයෙ ආයෙ මගෙ ජීවිතේ අළුත් කරද්දි මං ටික ටික පරණ ජීවිතේට හුරු උනා. ඒත් හිත ඇතුළෙ තිබ්බ පරාජිත ගතිය , හැමදේම බොරුවක් කියලා දැනෙන ගතිය නම් මගෙ හිතින් වෙනස් උනේම නෑ.

 

…………………………………………………………………………………………………………….

 

කාලෙ ගෙවිලා ගියෙ අපි හිතනවටත් වඩා ඉක්මනින්. දවසක් මායි අම්මයි නංගියි තුන්දෙනාම ගෙදර  උන්න වෙලාවක මං ආයෙත් නංගිගෙ පොත් අනම් මනම් ඔක්කොම මගෙ ඒ කියන්නෙ මායි නංගියි කලින් උන්න කාමරේට ගෙනාවෙ රමිත අයියගෙ මරණෙත් එක්ක ආයෙ නංගි ටික ටික මං එක්ක කතා කරන්න ගත්ත නිසා.

එයාගෙ බඩු හැම එකක්ම තියන තැන් වලින් තියලා අස් කරාට පස්සෙ ආයෙත් අස් කරන්න ඉතුරු වෙලා තිබ්බෙ අපේ මේසෙ විතරයි. ජොබ් කරන නිසා අපේ මේසවල් වලත් කට කපලම පිරිලා තිබ්බෙ ෆයිල්ස්ම විතරයි. මං ෆයිල් එක එක මගෙ මේසෙ උඩින් අස් කරද්දි එක පාරටම ඒ ෆයිල් එකක් අස්සෙ තිබ්බ පොඩි පොතක් මගෙ කකුල උඩට වැටුනෙ මට දෙයියොත් සිහි කරවලා.

 

“මෙමෝ ඔෆ් මයි ලයිෆ් ”

 

චූටිගෙ අත් අකුරෙන් එයා එහෙම ලියලා තියනවා දැක්කම මට ඒක කියවන්න තරම් ආසාවක් හිතට දැනුනා. ඒ නිසාමයි මං ඒ පොත අරන් කියවන්න ගත්තෙ. ඒ පොත පුරාවටම තිබ්බෙ අපි දෙන්නා පුංචි කාලෙ ඉඳලා කරපු කියපු දේවල්. හැම එකක්ම වගේ එයා ඒකෙ ලියලා තියනවා දකිද්දි මට දැනුනෙ ලොකු ආසාවක්. ඒත් ඒ පොතේ එක තැනක ලියලා තිබ්බ දෙයක් නිසා මට දැනුන සතුට කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා යනවා වගේ දැනුනා මට. ඒකෙ ලියලා තිබ්බෙ මෙහෙම….

 

” අද අම්මා කිව්වා අක්කට මනමාලයෙක් බලන්න ඕන කියලා. අපි දෙන්නම එක වයසෙ එයාට ලොකු අක්කව විතරයි. මට හරි දුකයි ”

 

” හෙටලු අක්කගෙ මනමාලයා එන්නෙ. බලමුකො මං ගෙදර ඉද්දි  වෙඩින්ග් ගන්න හැටි ”

 

” අක්කගෙ මනමාලයා අද උදේ ආවා. හැන්ඩි පොරක්. මට ආදරේ හිතුනා එයාට. ඒක මං සැරෙන් වගේ අක්කට ඇඟෙව්වා ඒත් එයා ඒක තේරුම්  ගනියිද දන්නෙ නෑ ”

 

” අද ඒ මනුස්සයා අපේ ගෙදර ආවා අක්කට කැමතියි කියන්න. අපේ එක්කෙනත් පැනලා හා කිව්වා ”

 

” ඒ දෙන්නා දවසින් දවස ළං වෙනවා. මට දුකයි ඊරිසියයි. මට රමිත අයියව ඕනෙ. ”

 

” ඒ දෙන්නා අතරෙ පළවෙනි ප්‍රශ්නෙ ඇති කරන්නයි හැදුවෙ. මං යාළුවෙක්ගෙ සිම් එකක් ඉල්ලන් ඒකෙන් රමිත අයියා වගේ අක්කට මැසේජ් කරා. ම්ම් එයාට නම් මාව විශ්වාසයි ”

 

” අක්කව කලින්ම යවලා මං නතර උනා රමිත අයියා එනකන්. එයා එක්ක ගියා තමයි. අපෝ හරි බෝරිං. එයාට මේ ලෝකෙ ඉන්න හොඳම කෙල්ල අක්කා. ”

 

” දවස් දෙක තුනක් යද්දි මේ දෙන්නම සිද්ධිය අමතක කරා. ඒකත් හොඳයි. මං නිදහස් ”

 

” දෙවෙනි පාරටත් මං ප්‍රශ්නයක් දැම්මා. මගෙ ෆොටෝ ටිකක් අරන් ඒක රමිත යැව්වා. කොහෙද මේ ලපේ එයාට ෆෝකස් වෙලානෙ.  ඒකෙනුත් වැඩක් උනේ නෑ ”

 

” අද මං දෙයක් හිතාගත්තා. ඒ තමයි රමිත අයියා මට ලැබෙන්නෙ නැත්තන් කාටවත් ලැබෙන්නෙ නෑ කියන එක. මං ඒකට ප්ලෑනක් ගැහුවා. හෙට තමයි ඒ වැඩේ වෙන්නෙ ”

 

” මං උදේ අක්කලා කෑම කනකොට රමිත අයියගෙ වතුර බෝතලේට නිදි  පෙති දිය කරලා දැම්මා. වෙලාවට එයා අපේ ගෙදර ආවම වාහනේ ලොක් කරන්නෙ නෑ. ඒක බිව්වම අයියට සිහි නැතිවෙයි. ඊට පස්සෙ මං ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට කන්ට්‍රෑක්ට් එකක් දුන්නා අයියගෙ සයිඩ් එක ඇක්සිඩන්ට් කරවන්න කියලා. ඒ වැඩේ හරියටම වෙලා තිබ්බා වැරැද්ද පැටවුනෙත් රමිත අයියට නිසා අවුලක් උනේම නෑ  ”

 

” දවසක්ම දුක් වින්ඳ රමිත අයියා අද මැරුනා. දුකයි තමයි ඒත් මට නැති එයාව අක්කට දෙන්නෙත් නෑ මං. ”

 

එක හුස්මට මං ඒ ඩයරි එක කියවන් යද්දි මට දැනුනෙ හැඟීම් විරහිත බවක්. තමන්ගෙම අක්කා බඳින්න උන්න කෙනාට ඇයි නංගි මෙහෙම කරේ. නෑ නංගි මං ඔයාව අත අරින්නෙ නෑ. එහෙම හිතපු මං නංගිට ලියුමක් ලියන්න ගත්තෙ හිතේ තිබ්බ ආවේගයත් එක්කමයි. ඒක ලියලා ඉවර වෙනවත් එක්කම මං ඇඳුම් දෙක තුනක් විතරක් බෑග් එකට දාගෙන ගෙදරින් එළියට ආවෙ අම්මටයි නංගිටයි දෙන්නටම හොරෙන්.

 

…………………………………………………………………………………………………………….

 

 

*චූටිගේ පැතිකඩින්* ………………..

 

” අම්මේ අක්කා කෝ ”

 

” ඇයි චූටි අක්කා ඔයාලගෙ කාමරේ අස් කර කර උන්නෙ ”

 

” ම්.. මොකක් ? ”

 

අම්මා එහෙම කියද්දි මාව ගැස්සිලා ගියා. තාමත් අක්කා කාමරේ ඇති කියලා හිතාගෙන මං කුස්සියේ ඉඳලා එකම පිම්මට අපේ කාමරේට දිව්වා. ඒත් මං හිතුවා වගේ අක්කා නම් කාමරේ උන්නෙ නෑ ඒත් මගෙ ඩයරිය මේසෙ උඩ තියනවා දකිද්දි නම් පොඩි තිගැස්මක් ඇති උනා මට. මං ඒ ගමන්ම ඩයරි එක පෙරලලා බැලුවෙ අක්කා ඒක කියවලද කියලා දැනගන්න. මං ඩයරි එක අතට ගනිද්දිම ඒක යට හතරට නමපු කොළයක් තිබ්බා. මං ඒකත් අරන් ඇඳෙන් ඉඳගත්තේ හිතේ තිබ්බ කුතුහලය නිසා.

 

” චූටි……..

 

උඹ මගේ නංගිද කියලත් මට සැකයි වෙලාවකට. ඇත්ත පොඩි කාලෙ ඉඳලම නිමුන්නු උනාට උඹයි මායි අහසයි පොළවයි වගේ කියලා කියපු කතාව ඇත්ත. මං කවදාවත් ඔයා වගේ වෙන්න හිතුවෙ නෑ ඒකෙන් මට රමිතව නැති උනා තමයි ඒත් මං ඊට වඩා ලොකු දෙයක් ලබාගන්නවා. ඒත් කවදාවත් ඔයා මං වගේ වෙන්න හිතුවෙත් නෑ ඒ නිසා ඔයාට නැති වෙන්නෙ ඔයාගෙ මුළු ජීවිතේම. ඒ ඇයි කියලා කාලෙත් එක්ක ඔයාට තේරෙයි. හැබැයි එකක්. මං ඔයා කරපු මේ වැරැද්දට සමාව දෙන්නෙ නෑ. රමිත ඔයාට ආදරේ කරා නම් මං ඔයාට එයාව දෙනවා අනික ඔයා හැමදේම තනියම ප්ලෑන් නොකර මං එක්ක කතා කරා නම් මේවා මෙහෙම වෙන්නෙ නෑ. හැබැයි ඔයාට ඕන කරේ ඒක නෙමෙයි. මේ වගේ වැරදි ආයෙ වෙන්න බෑ. මං යනවා ඔයාවත් අම්මවත් වද වෙන්න එපා මං ගැන.  අම්මට මං ගියා කියලා විතරක් කියන්න.

 

ලොකූ…….. ”

 

අක්කා මේ මොනවද කරන්න හදන්නෙ මගෙ හිතේ ඇති උනේ ප්‍රශ්නාර්ථයක් විතරයි. ඒ ගමන්ම තමයි අම්මා කාමරේට ආවෙ.

 

” චූටි කෝ අක්කා ”

 

” දන්නෙ නෑ අම්මෙ ”

 

” දන්නෙ නැත්තෙ කොහොමද මේ කාමරේනෙ අක්කා අස් කරේ ”

 

” දන්නෙ නෑ අම්මෙ ”

 

” චූටි ”

 

” අක්කා ගිහින්. අපිව දාලා ගිහින්. ඇඳුම් ටිකත් අරන්ම ගිහින් ”

 

” චූටි ”

 

” ඔයා මොකද චූටි චූටි ගාන්නෙ ඇත්ත කියන්නෙ මං ”

 

” දෙයියනේ මගෙ කෙල්ල. පුතා නැති උන සාංකාවෙන් උන්නෙ කොහෙ ගිහින්ද දන්නෑ. අනේ අපි පොලීසි යමුද පුතේ ”

 

” ප්.. පොලීසි අම්මට පිස්සුද ? එයා ලියුමක් තියලා ගිහින් තියෙන්නෙ. කවුරුත් පැහැරගෙන ගියා නෙමේනෙ ”

 

” ඒ ඔයාගෙ අක්කා පුතේ ”

 

” අක්කා තමයි ඒත් එයා කැමැත්තෙන් නෙ ගිහින් තියෙන්නෙ. ඔහෙ ගියාවෙ. අම්මත් කාමරෙන් යන්න මට තනියම ඉන්න දීලා ”

 

මං එහෙම කියලා අම්මව එළියට දාලා කාමරේ දොර වහගත්තෙ තරහටවත් දුකටවත් නෙමෙයි. ඊළඟ තත්පරේ මොනවා වෙයිද කියන සැකය තදින්ම හිතට දැනිලා තිබ්බ නිසා.

 

 

…………………………………………………………………………………………………………….

 

ඇත්තටම ඊළඟ තත්පරේ මොනවා වෙයිද ? රමිතගෙ ඉරණම විසඳුන අවාසනාවන්ත විදියටම ට්වින් තිසූලගෙ ඉරණමත් විසඳෙයිද…….?

 

හිටපු ගමන් කතාව කනපිට ගැහුවා වගේ උනාද බබාලා ?

 

කතාව ගැන අදහසක් කියලා ලයික් එකක් දාගෙන යන්න..

 

දුල් ආයෙම එන්නම් ?

බුදු සරණයි චූටි පැටීලා පරිසමින් සතුටින් ඉන්න.

 

ආදරෙයි ගොඩාක් මං.. ❤️

 

හෙට අවසන් කොටස බබාලා… ??

35 thoughts on “? බිඳුනු බැමි ? – 11 වෙනි බැම්ම”

  1. මදූ_දිල්ශා

    ඔබට ඉලක්කයට යා හැකියි.විශ්වාසය ඇති කර ගන්න.එවිට ඔබ අඩක්ම දුර ගෙවා අවසන්ය…

    තියඩෝර් රූස්වෙල්ට්

    ගුඩ් මෝනිම් බබාලා…නැගිටින්න ,නැගිටින්න මෙන්න කතාව දාලා.මට අද ඩාක් මූඩ් එකත් ලැබිලා.මගෙ ප්‍රො.පික්චර් එකේ භාගයයිනෙ පේන්නෙ.ඇප් එක අලුත් කරලද?

    නන්ගා කතාව නම් මරු.චූටි නම් මහා නපුරියක්.ඔය වගේ සහෝදරියක් නම් කවදාවත්ම ලැබෙන්න එපා….ඔයා එක පාරටම කතාව කනපිට පෙරලුව.මොනා උනත් රමිතව මරපු එක නම් අපරාදෙ සුදෝ…ඔයා ඉතින් මුලදිම අවසානෙ හිතලා නෙ තිබ්බෙ.මොනා කරන්නද.දුකයි හොඳේ…….

    1. Fire ball ? (බූබූ ?)

      මටත් ඩාක් මෝඩ් ලැබිලා .මං බලං හිටියේ ඒක ලැබෙනකල් ?????
      Pp එක අඩ සදක් වෙලා වගේ පේන්නේ මමට විතරද ???

      දුක තමා ඉතින් …..?????
      රමිතත් මැරුණා …
      කොහෙද ඒපාර මේ තිසූ ගියේ …??
      හෙට තමා දවස ….????
      Grand finale එක …????
      මොකක් සිද්ධ වෙයිද ???

      අයි ඩෝන්ට් නෝ….???
      බට් අයි වේටින් ෆෝර් ඉට්…???
      මදූ අක්කීස් ,වටිනාස් සේයින්ග් එකක් ටුඩේ ත් ගෙනාවස් නේද ???
      බායි ගයිස් …????
      ගුඩ් මෝර්නින්ග් එව්‍රිවන් …???

      1. Amesha Sonali

        බූබූ පැංචා ඔයාට අද දවසම පන්ති නේද..මටත් අනේ..gm ඔයාටත්…ටටා බායී මගේ බූවලු පැට්ටෝ..හොදට ඉගෙන ගන්න..?????

      2. මදූ_දිල්ශා

        යර්ස් මල්ලාස් …යූ ගෝ ක්ලාස්.ටේක් කෙයාර් ඇන්ඩ් ගුඩ් මෝනිම්?

    2. Amesha Sonali

      ම්ම්..ඩාක් මොඩ් මටත් ලැබිලා…ඒක හොදයි..නැත්තම් සල්ලි දීලා ඇස් ගන්න වේවි ..?

  2. Amesha Sonali

    Gm..?????????????????????

    අනේ…?උදේ පාන්දර මේක කියවල අඩන්න උනා.???.මොන ජාතියේ නංගි කෙනෙක්ද?…අක්කා ට ඕවා කිව්වනම් ඉවරයි නේ?..කෙනෙක්ගේ ජීවිතේ නැති කරා..?එයා රමිතට ආදරේ නම් ඇත්තටම එයා කවදාවත් රමිතව මරන්නෙ නෑ.?.ඇත්ත ආදරේ කියන්නේ ලබාගන්න එක නෙමෙයි පරිත්‍යාග කරන එක..චූටි ට ඇති උනේ ආදරේ නෙමෙයි…රමිතගෙ ලස්සන ට ආකර්ෂනය උන එක..මම නම් කියන්නේ ලොකූත් මැරුනනම් හරි☹️…එයාගෙ ජීවිතේ එයා වෙන කෙනෙක්ව බදින්නෙත් නෑ ..එයායි රමිතයි දෙන්නම මැරිලා ..චූටිගෙ වැඩේ අම්මා දැනගත්තනම් හරි..ලොකූට තමන්ගෙ ආදරේ නැති උනා..එතකොට තමන්ගෙ නංගි..අනේ එතකොට ඉදලා වැඩක් නෑ තමා??..ඒත් එයාවත් අයින් කලානම් හරි කතාවෙන්..මේ කතාව මුල ඉදලා කියවන කොට මට හිතුනා ලොකූට මොකක් හරි ලොකු මරාලයක් එනවා කියලා??..ඇත්තමයි සහෝදරයො සහෝදරියෝ නැතුව තනියම ඉන්න එක තමා හොද ??…හොද අයත් ඉන්නවා ..මම නෑ කියන්නෙ නෑ..හැබැයි ඊට වඩා නරක අය වැඩී.?.චූටි එච්චර දෙයක් වෙලත් අම්මාට කිව්වේ නෑ තාම…මහ ම මහ නපුරියක් .. ???ලොකූ පව්..???

    කතාව හොදයි..ලස්සනයි ..අනගිභවනීයයි..??හැබැයි දුකම දුකයි.???.මම ආසාවෙන් හිටියේ රමිතයි ලොකූයි එකතු වෙනවා බලන්න…?????????

    Good luck ???? ??❤️??❤️??❤️..

    1. Amesha Sonali

      හෙට අන්තිම කොටස..ඇත්තටම දුකක් නෑ…ඇයි වෙන්න තියන දුක් ඔක්කොම උනා..අන්තිම කොටසේ රමිත මිනී වලෙන් එනවනම් ..අන්න මම එතකොට කතාව ඉවර වෙන්න එපා කියලා අඩනවා..දැන් දුකයි අනේ..??????????

        1. Amesha Sonali

          ටටා බායී..අද හවස 5 ට විතර එන්නම් මේ පැත්තේ..දවසම පන්ති..ටටා..??හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ….

  3. Darshi dissanayake

    Ammoo…me chuti nam mara kellek..mata hithuna wena hama detama chutige sambandayak thiye kiyala..akkage sathuta uduraganna tharam napuru wela… napuru kellaaa…kathaw iwara wenna lagai nedaa..hmm ..dukai appa…ayeth kathawak aran ennaa

  4. ????????????? ඔයා ඉතිං ලොකූගෙම නංගිනෙ.. මේ උණු දේ ගැන් පුදුමයක් නෑ..

  5. Sandu 1995 thanamalwila

    එලකිරි මට දැන් නෙ කතාව පෙනුනෙ… එල එල අනිකට න්ම් මන් මැසේජ් කරා… ග්ම් ඔක්කෝටම … මටත් ඩාර්ක් ලැබුනා .. සර්ට ස්තූතී…

  6. Sandu 1995 thanamalwila

    ai mee rate box eke hart adu wela…?????????????

    Sir eye pereda ewatath ekka katha dala…

    Thnku ape sir..

    Madu akkiyo eye sakkarayata cl karada.. chndima sirta mge paniwide kiyalane .. sir එළිවෙන kotama kathawa dala… ???

    1. මදූ_දිල්ශා

      ඔව් මන් ගිහින් සක්‍ර දෙවියන්ට වැදලා කිව්ව සර්ට කියලා කතාවක් දාල දෙන්න කියලා මගෙ කඳුලු වලට පඬුපුල් ආසනේ උනුවෙන තරම් රත් වෙලා.ඒකයි ඔය කතා දාල තියෙන්නෙ ?

  7. ඔන්න සුවහසක් කතා අහුර ප්‍රේක්ෂකයොන්ගේ සිහින කුමාරයා ආවා ??

    1. මදූ_දිල්ශා

      ??? සිහින කුමාරයලු..පව් ඉතින් හිතන් ඉන්න විදිය තමා

  8. කතාව දැන් කියෙවුවේ අක්කේ. ලස්සනයි කතාව?❤️ දිගගගග කොටසක් ඕනේ.???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.