Katha Ahura

?අප්සරාවී?|පනස් දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
// පනස් දෙවන දිගහැරුම //

එකපාරටම දොර ඇරෙද්දි මදූට නම් හිතුනෙ හුස්ම හිර වෙයි කියලමයි … ඒත් එතන හිටියෙ හීනෙකින්වත් හිතුව කෙනෙක් නෙවෙයි …

අප්පච්චි …..

හාමු මහත්තයා ….

බේබියි මදුයි එකසැරේම කත කරන්න ගත්තෙ පුදුම වෙලා .. ඒත් කාමරයෙ දොර ඇරියෙ හාමු මහත්තය උන එක ගැන නම් මදූට වගේම බේබිටත් තිබ්බෙ ලොකු සහනයක් …

අ… අප්පච්චි කොයි වෙලේද දොර ලොක් කලේ … අම්මෝ මන් බය වුන තරමක් අප්පච්චි …

මන් ලොක්කරේ නැ කොල්ලො දොර … පොඩි බේබිගෙ වැඩ දන්න හින්දම මන් කාමරෙන් යනවත් එක්කම පීටර ඇවිත් දොර ලොක් කරලා යතුර මට ගෙනත් දුන්න … කාමරේ ඇතුලෙ පුතා ඉන්නවා දැක්කොත් මැණිකෙ කේන්ති ගනී කියල පිටර් එහෙම් කරලා තිබ්බෙ .. ඒත් පුතාලගෙ වෙලාවට පීටර් ගත්ත තීරණය හොද අතට ගියා … ආ .. නැත්තන් එහෙම මෙතන එක ගිනි විජ්ජුම්බරයයි ….

හාමු මහත්තයා හිනා වෙවී කතා කරනවා මදූ නම් අහන් හිටියෙ ඇස් දෙක ලොකු කරනවා … කෙල්කට හිතුනෙ දෙන්නගෙ සම්බන්දෙ හාමු මහත්තයාට දැනිලා කියලමයි . ඒත් හාමු මහත්තයා ගානක් ගන්නැතුව කත කරන් එක ගැන් කෙල්ල හිටියෙ බයෙන් …

පීටර් මාම ඒනම් අපි ගැනත් හිතනවනෙ ..

හා .. හා… දැන් ඔය කතාවලින් වැඩක් නෑ … පොඩී ඔයත් පොඩ්ඩක් ඇල වෙලා විවේක ගන්න .. මන් කාමරේ දොර ලොක් කරන් යන්නම් .. ඒනම් මන් යනවා ..

හාමු මහත්තයා එහෙම කියලා එකපාරම දොර ලොක් කරලා දැම්මෙ බේබිටවත් මදූටවත් වචනයක්වත් කත කරන්න ඉඩක් නොදී …හැබැයි මෙ වෙලාවෙ කෙල්ල ඒකට ඔරවන්නෙ බේබිට ….

යකෝ මේක මාර වැඩක්නෙ .. මට ඔරවන්නෙ මන් මොන වරදක් කලාටද …??? අප්පච්චිනෙ දොර වැහුවෙ … මන් වහන්න කිව්වෙ නෑනෙ …

ඒක තමයි මාත් කියන්නෙ .. ඔයා වහන්න කිව්වෙ නැ තමයි .. ඒත් ඔයාට් තිබ්බා වහන්න එපා කියන්න සුදු අයියෙ … ඔයාටත්මේ කාමරේට වෙලා ඉන්න් ඕනි හින්දනෙ කට් පියන් හිටියෙ …

අනෙ අම්මෝහ් හරි වැඩේට … මන් මේ කාමරේට වෙලා ඉන්නෙ … හහ් .. මට කියනගමන් අනිත් කෙනාටත් කියන්න තිබ්බනෙ ….

ආ.. මට මොනාද කියන තිබ්බෙ කියනවා බලන්න …

ඇයි ඔයාට කියන්න තිබ්බනෙ අනේ හාමු මහත්තයා දොර වහන්න එපා .. බේබි මහත්තයා කාමරයට යයි කියන්න …

හහ්.. මහත්ත්‍යා කියන්නම වැඩේ මෙයාට ..

කෙල්ලට බේබි කිව්ව දෙයින් කට උත්තර නැති වෙලා ගියා … කෙල්ල කොල්ලා එක්ක කත කරලා දිනන්නම් බැරි තැන් ඇද උඩින් ගිහින් වාඩි උනේ බේබි එක්ක මේ කාමරය ඇතුලෙ ඉන්නෙ කොහොමද කියලා හිත හිත …
කොල්ලත් හිටියෙ ටිකක් විතර නොසන්සුන් වෙලා .. මොකද අප්පච්චි කැමැත්තෙන්ම කොල්ලව මේක ඇතුලෙ දාලා ගිය නිසා … කොල්ලා අප්පච්චි ගැන කල්පනාවෙන් ඇදේ අනිත් පැත්තෙන් ඇවිත් වාඩි උනා … දෙන්නා දැන් ලෝක දෙකක සැරි සරනවා …..

කෙල්ල හෙමින් සැරේ ඇදෙන් ඇල වුනේ කල්පනාවෙනමයි… බේබිත් ඒ කල්පනාවෙන්ම ඇදේ ඇල වුනා … ඒත් දෙන්නටම අමතකයි දෙන්නා ඉන්නෙ එකම ඇදේ කියලා .. කල්පනාවෙන් කල්පනාව මදූට බේබිව මතක් වෙන්නා … කෙල්ලගෙ මූනෙ ඇදිලා යන්නෙ සිහින් හිනාවක් .. බේබිගෙ ආදරය මතක් වෙලා … ඒත් එක්කම කෙල්ල අනිත් පැත්තට හැරෙන්නෙ ඇස් දෙකත් පියා ගෙනම … එතකොටයි කෙල්ලට මතක් වුනේ ඇද වුන ඉන්න බේබිව ..

කෙල්ල ටක් ගාලා ඇදෙන් නැගිට්ටෙ කඩියෙක් කෑවා වගෙර් සැරට … කෙල්ල ගාවම එහා පැත්තෙන් කොල්ලට සැපට නින්ද ගිහින් … කොල්ලා කොල්ලගෙ පාඩුවේ නිදන් ඉන්නවා දැකලා කෙල්ලට ද්ණ්නුනෙ ලොකු ආදරයක් .. කෙල්ලත් හෙමින් සැරේ කොල්ලගෙ නිරුවත් පපුව මතින් ඔලුව තියා ගත්තෙ උගුරට හොරා බෙහෙත ගන්න වගේ කොල්ලට හොරා ඒ පහස විදින්න … ඒත් කෙල්ල ඔලුව තිටෙනවත් එක්කම කොල්ලට ඇහැරුනා .. ඒත් බේබි නිදි විදියටම් රග පෑවා …

ම්ම් .. මේ පපුවෙ උනුහුම විදගෙන් මේ තුරලට වෙලා මට හැමදාමත් ඉන්න පුලුවන්නම් කොච්චර වාසනාවක්ද … මට මේ ආදරේ හැමදාටම මගේ වෙනවනම් මන් ඕනි දුකක් විදගන්නවා දෙවියනේ … මගේ ජිඋවිතයට මේ ආදරය ලොකු මග පෙන්වීමක් .. ඒ වගේම ලොකු හයියක් … මට හිතෙනවා මට නැතුවුනු ආදරය ආයිමත් මගෙ සුදු අයියගෙන ලැබුනා කියලා … ඒත් … ඒ මොන තරම් කාලෙකටද … ඒ දේ නොදන්නවා වුනත් මේ ලැබෙන කාලෙදි මන් ඔයාටගොඩාක් ගොඩාක් ආදරය කරනවා රත්තරන් .. මන් මේ කියන්නෙ ඇත්තමයි ….

මදූ හිතින් බේබිගෙ ආදරය ස්දාකාලික ආදරයක් වෙන්න , ඒ තුරුලෙ හැමදාම ප්‍රාර්තනා කරන් අතරෙ කොල්ලා කෙල්ලගෙ බදවටා අතක් දා ගන්නෙන් නින්දෙන් වගේ රගපාන ගමන්මයි … කෙල්ල හෙමින් සැරේ ඔලුව උස්සල බැලුවත් කොල්ලා නිදි කියලා තේරුන නිසාම කෙල්ලත් සද්ද නැතුව හිටියා ..මදූ තව තවත් ඒ පපුවට තුරුල් වෙද්දි බද වටා තිබූ අත් තව ටිකක් තද කලේ කෙල්ලටත් නොදැනෙන විදියට …

කෙල්ලත් හෙමින් සැරේ දෑස් පියා ගන්නවත් එක්කම කෙල්ලට දැනුනෙ සියුම් ස්පර්ශයක් … ඒ ස්පර්ශයෙන් කෙල්ලගෙ මුලු ඇගම හිරි වැටිලා ගියා .. කෙල්ල බේබිගෙ නිරුවත් පපුවෙන් ඈත් වෙන්න හැදුවත් තද වෙලා තියෙන අත් වලින් කෙල්ලට ඈත් වෙන්න බැරි උනා …

නංගී … මොකෝ මේ බය වුනාද …

අනේ … අතාරින්නකෝ මාව …

ආ… මන් ඔයාව අල්ලගත්තෙ නෑ හරිද .. ඔයානෙ මාව බදගෙන හිටියෙ …

නැ.. නෑ .. මන් එහෙම් කලේ නෑ … බේබිට පිස්සු …

ඔව් .. ඔව් ඉතින් ඔයාගෙ සුදු අයියට දැන් ඔයා හින්දා පිස්සුත් හැදිලනෙ නංගි . ලග හිටියෙ නැති උනාට ලග හිටියා වගේ දැනෙනවා .. ඇයි ඒ විතරක් යෑ අනිත් අයට ඇහැරිලා ඉද්දිත් නිදි වගේ පේනවනේ …..

මේ බේබි නම් ඇත්ත්මයි හරි කපටියි ..නින්ද ගිහිල්ලා වගේ මට පේන්න රගපැව ලස්සන …

ම්න් ලස්සනට රගපාන්න දන්නවා නේද මැනිකෙ …. බලන්න ඕනි හොදම නලුවට හිමි සම්මානෙවත් ගන්න …

රගපානවා කියලා හැමදාමත් මන් ඉස්සරහා රගපායිද කියලා තමා බය .. ඔච්චර ලස්සනට රගපාන විදිය දැක්කම ඒවත් නිකන්ම හිතෙනවා …

මදු වැඩිය දුර දිග හිතන්නැතුව කිව්ව වචන ටික බේබිගෙ හදවතටම කිදා බැස්සා … ඇත්තටම ඒ වෙලාවෙ ඒ පිරිමි ඇස් කදුලෙන් බොද වුනා … කෙල්ලට්ත් ඒ වෙලාවෙ කිව්ව වචනෙ බරපතල කම තේරුනත් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්ද ගන්න බෑ කියනවා වගේ කරගන්න කිසිම් දෙයක් තිබ්බෙ නැ …

අ.. අනේ මගෙ සුදු අයියෙ … මන් හිතලා නෙවෙයි අයියෙ ඒක කිව්වෙ .. මට සමාවෙන්න අයියෙ ..

නෑ නංගි ඔයා හරි .. මන් ඔයාට මොන තරම් ආදාය දුන්නත් ඔයාට ඒ ආදරය විශ්වාස නැතුව ඇති … ඔයා බය ඇති සල්ලිකාර ආදරයකට …. ඒත් මන් ඔයාට ආදර කරන්නෙ අවන්කවමයි මගෙ නංගි … මන් මේ තරම් ඔඩව ආරක්ශා කරන්නෙ වෙනෙ එකෙක්ට උබෙ ලස්සන බලන්න දෙන්න නෙවෙයි නංගි .. ඔයා මාව විශ්වාස කරනකන් මන් මගෙ හුස්ම පොදක්වත් නොවැදෙන තරමට ඔයාගෙන් ඈත් වෙලා ඉන්නම් .. ඔයා මාව විශාස කරන දවසට ඔයාට මගෙ ආදරය විශ්වාස දවසට මන් ඔයාව මගෙ හුස්ම පොද විදියට මේ පපුව උඩ තියා ගන්නම් ..

මගෙ අතින් ඔයාට පුංචිම හරි වරදක් වුනානම් මට සමාවෙන්න කෙල්ලෙ …. එත් මගෙ ආදරය මගේ දගකාරකම් වලින් මනින්න යන එපා බන් .. උබට මාව කරදරයක් වෙන්න ඇති මන් යන්නම්…. හැබැයි එකක් මතක තියා ගන්න මගෙ මැණික … රටක් ලෝකයක් විරුද්දව ආවත් මගෙ හිතේ ඔයාට තියෙන ආදරයට ..ඒ ආදරය වැඩි වෙනවා මිසක කවමදාකවත් අංශු මාත්‍රයක්වත් අඩුවෙන්නෙ නම් නෑ …..

බේබි කියන කතා මදු අහන් හිටියෙ ඇත්ත්ටම හීනෙන් වගේ ..මෙ ආදරය කෙල්ලට දරා ගන්න බැරි තරම් …

………………………………………………………………………………………………………………………

පුංචි ඉල්ලීමක් මේ පුංචි කෙල්ලගෙ කතාව කියවන් හැමෝම අදට විතරක් කතාව රේට් කරන්න … මන් මේ කියන්නෙ වෙනදට කතාව රේට් නොකරන කතාව විශේෂයෙන්ම … හෙට ස්පෙෂලි දිග කොටසක් දෙන්න ට්‍ර්‍යි කරනව මම … බලමු ඉතින් උත්සාහයක් අරන් ….

තව දෙයක් ඉස්සෙල්ලම 1ස්ටර් දැක්කම මන් ගොඩක් වැටුනා .. ඒත් දැන් එහෙම නෑ .. මොකද මටාත දෙන ගොඩාක් කට්ටිය ඉන්නවා .. දැන් වැටුනු කාලෙ ඉවරයි .. දැන් නැගිටින කාලෙ .. ඔයාලගෙ බෑඩ් රේට් මාව් තව තව්ත ශක්තිමත් කරනවා … පාඩම් කරන අස්සෙ ගෙදරින් බැනුම් අහගෙන ඔයාලා වෙනුවෙන් අද කෙටි කතා දැම්මෙත් ඒකමයි…..

හමු වෙමු ආයෙමත් …

මන් ඔයාලගෙ ?සිහින සිත්තරාවී?

12 thoughts on “?අප්සරාවී?|පනස් දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක|”

  1. Buddhika subhashini

    නංගි බබා කතාව ලස්සනයි ..❤️❤️❤️ අනා මේ වගේ ලස්සන කතාවකට bad rate කරන්නේ මොන හිතකින්ද මංදා. ??? good luck ❤️❤️❤️???

  2. කතාව ගොඩාක් ලස්සනයි .
    වැටෙන්න වැටෙන්න අපි නැගිටින්න ඕනා.
    එතකොට තමයි අපි ශක්තිමත් වෙන්නෙ .
    All the very best .
    ❤❤❤❤❤❤❤

  3. H.M.V.kalpani

    Oya hamadama kathawa liyala ape hitha adala gannawa apitath horenma nanga hodeeee….ehema eke kohomada aneeeeee bad rate karanne…..lassanai kathawa nango good luck ????????????

  4. Nirosha Lakmali

    අනේ මන්දා මට පිස්සු වගේ. බේබියි මදු එකතු වෙයි. මදුත් බේබිව විශ්වාස කරයි. ඒ විශ්වාසේ බේබි රැක ගනි නේද. හදවතින්ම සුබ පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.