Katha Ahura

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් හතරවන දිගහැරුම//

ඔයාටම පේනවනෙ මදූ .. බලන්නකො ඉතින් මන් කම්මැලි වෙලා තියෙන තරමක් …

බේබි හෙමින් සැරේ මදූටත් නෝක්කාඩු කිය කිය ඇදෙන් නැගිට්ටෙ ඇත්තටම මැණිකෙ ආවොත් මෙතන ඊලගට අල්ලන අඩව්ව මොන වගේද කියලා කියලා හිතා ගන්න බැරි නිසයි .. අනික මදූ උනත් කිව්ව විදියට වතුර කෝප්පයක් ගෙනත් හැලුවොත් බේබිට දවසෙම් ඉන්න වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ කියලා බේබිට මැවිලා පෙනුනා …. කෙල්ල උනහ් කියන දේ කරනව කියලා බේබි දන්න නිසාම් හෙමින් සැරේ ඇදෙන් නැගිට්ටා …

ආහ් … මේ බලහල්ලකො … අල්ල ගන්න වැඩේමයි මෙයාව … මන් යනවා …. මට කියලත් වැඩ නැතිවයැ මේ නාකි හුරතල් දිහා බලන් ඉන්න .

මදූ එහෙම කියාගෙන හැරෙනවත් එක්කම දොරගාව හිට ගෙන ඉන්න කෙනාව දැකලා ගල් ගැහිලා වගේ බලන් හිටියෙ ටිකක් විතර බයෙන් … මෙ මොකුත් දන්නෙ නැති බේබි මහත්තයා මදුගෙ ලගට ඇවිත් මදුගෙ කරට අතක් දා ගත්තෙ මදුගෙ කම්මුලක්ද සියුම් ලෙස සිප ගනිමින්.. ඇත්තටම ඒ වෙලාවෙ මදුගෙ බය දෙගුණ තෙගුණ වෙද්දි මදූ බේබිට ඇහෙන් වගේ පෙන්නුවේ කාමරයෙ දොර පැත්ත…. බේබිට මුලින් මුලින් නොතේරුණත් මදූ මොනවා හරි කියනවා කියලා තේරුණ නිසා හෙමින් සැරේ දොර දිහා බැලුවෙ ටිකක් විතා සැකෙන් … එතකොට නම් දොර ගාව හිටගෙන් ඉන්න කෙන දැකලා බේබිවත් ගල් ගැහිලා ගියා නොකිව්වොත් බොරු ….

අ.. අයියෝ … දැන් මොනවද කරන්නෙ .. දෙ .. දෙයියනේ … දැන් බේබි මොනවා කියයිද… ?? අනේ මට හිතා ගන්න බෑ … ඊර වඩා බේබිගෙ මේ විගඩම් දැකලා තිබ්බොත් මට මොනවා වෙයිද .. ?? අනේ මගෙ සුදු අයියෙ .. මට නම් මොකුත්ම හිතා ගන්න බෑ ….

මදූ ඇස් වල කදුලු පුරවගෙන හිමින් සැරේ බැලුවෙ බේබිගෙ මූණ දිහා .. බේබි උනත් හිටියෙ නිකන් අන්ද මන්ද වෙලා වගේ ..

යකෝ මූ කොහෙන්ද මෙතන්ට කඩන් පාත් උනේ ..ශික් අම්මට දැක්කට හපන් වෙයි ඉතින් දැන් අම්මගෙ ලොකු පුතන්ඩියා දැක්කා කියන්නෙ ඉතින් එසේ මෙසේ කෝස් එකක් නෙවෙයිනෙ .. ඕකා මුලු වලවුවම ගිනි තියයි … පුදුමයි ඒත් ඇත්තයි .. මගෙ කරුමෙටම වගේ මේ බූරු වහන්සෙ ඉන්නවා අද ගෙදර කවදාවත් නැතුව …අම්මා මුගෙ චරිත සහතික දුන්න විදියටනම් මූ මේ ටයිම් ගෙදර ඉන්න නෝ චාන්ස් … බලමුකො අයියා උනත් මේ මල උදේ පාන්දර මොකාටද එන්න හදන්නෙ කියලා ….

බේබි හිත ඇතුලෙන් වාද කරලා වාද කරලා අන්තිමට තමන්ගෙ අයියා ගාවට කිට්ටු කලේ අයියා එක්ක කතා කරනවා කියලා හිතාගෙන … ඒත් බේබි දොර ගාවට කිට්ටු වෙනවත් එක්කම ලොකු බේබි කතාව පටන් ගත්තෙ මදූව වගේම බේබිවත් පුදුමයට පත් කරමින් … ලොකු බේබිගෙ කටහඩේ තිබ්බෙ ටිකක් විතර කලබලකාරී ගතියක් … ඒක කතා කරන විලාසයෙන්ම ඕනිම කෙනෙක්ට තෙරෙනවා ….

ආ … මේ ..මෙ … මල්ලි … මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනි … මන් උබව හොයාගෙන කාමරයටත් ගියා … ඒත් ඒක ඇතුලෙ හිටිය නැති නිසා මන් මෙහාට එන කොටයි මෙහෙ ඉන්නවා දැක්කෙ .. මල්ලි උබට පුලුවන්නම් තව ටිකකින් ඇදුමක් දාගෙන වරෙන් මාත් එක්ක එලියට යන්න …

ලොකු බේබි එහෙම කියලා ඔලුවත් කස කස මදූගෙ කාමරය ගාවින් යන්න ගියා … මදුයි බේබියි මූණට මූණ බලා ගත්තෙ ඇත්තටම ලොකු බේබිගෙ වෙනස අදහා ගන්න බැරුව …

ඈ බන් ඒ මොක්ක්ද අපෙ අයියට වෙලා තියෙන්නෙ … ගෙදරට ආව දවසෙම මාව කන්න් තරම් කේන්තියකින් පිලිඅරගෙන ආව නම් දැන් පලයන් කියලා කිව්ව එකා මෙන්න යකෝ දැන් එනවා මෙතන සාම සාකච්චාවට .. ඒ ගමන මූ මොකාටද එන්න හදන්නෙ …

බේබි මදූගෙ දිහා බලාගෙන තමන්ගෙ අයියගෙ වෙනසට හේතු හොයනවා .. ඔය අතරෙ මදුත් ලොකු බේබිගෙ වෙනස ගැනයි කල්පනාව .. ලොකු බේබි කවදාවත් නැතුව මොකද මගේ කාමරය ගාව කරන්නෙ …වෙනදට කියන්නෙ කොහොමද මෙයා .. වලවුවෙ ඉදුල් හෝදන එක එකා ඉන්න තැන හිටියම අපිත් ගොඩේ බයියො වෙනවා කියලනේ …

එහෙම කියන මිනිහා මගේ කාමරයට ආවා කියන්නෙ ඉතින් ඒකට එසේ මෙසේ හේතුවක් නම් තියෙන්න බෑ වගේ …අනික ඉතින් උදෙ හවා වෙනසක් නැතුවම කටගොන්නක් බීගෙන් ඉන්න ලොකු බේබි අද බීලත් නෑ … මාර පෙරලියනෙ බලන් යද්දි වෙලා තියෙන්නෙ .. පුහ් .. යකෝ ඒක … ලොව නොවෙනස්ව පවතින එකම දේ වෙනස් වීම පමණයි කියනවනෙ ඉතින් … ඒකට තියෙන හොදම උදාහරණය මේක වෙන්නැති….

මේ … මදූ ..

ම්ම්ම්ම්ම්ම්ම්ම්..

බේබි පියවි සිහියට ඇවිත් මදූට කත කරද්දිත් කෙල්ල හිටියෙ තාමත් කල්පනා ලෝකෙමයි …. කොල්ලට නම් හිනා …. කොල්ලට වගේම කෙල්ලටත් ලොකු බේබිගෙ වෙනස තෙරිලා කියලා බේබි දන්නව …

මදූ මොකද මැණික නිකන් බය වෙලා වෙලා වගේ කල්පනා කරන්නෙ … ඇයි මගෙ අයියට යකෙක් වැහිලා කියලා හිතුවද …?? ම්ම්ම්ම්ම්ම් …

නෑ මන් හිතන්නෙ යකෙක්නෙවෙයි පාට මාරු කරන කටුස්සෙක් වගේ වෙස් මාරු කරන හොලමනක් වැහිලා තියෙන්නෙ … නැත්නම් ඔහොම .. බලන් යද්දි පොඩි බේබිට හපන් වෙලානෙ ලොකු බේබි … අනේ මන්දා … ඕවා බලන් ඉදලා මට පිස්සු නොහැදුනොත් තමා ප්‍රශ්නෙ …..

අනේ මැට්ටි … මටත් අයියගෙ හැසිරීම නම් ප්‍රශ්නයක් තමයි … ඒත් මට හිතෙන විදියට මිනිහා ඉන්නෙ මොකක්ම හරි ලොකු අවුලක කියලනම් මට ශුවර් …චුට්ටක් ඉන්නකෝ මන් අයියා එක්ක ගිහින් විස්තරේ බලන් එන්නම්කෝ ….

ඔව් ඉතින් … අයියා ගැන දැනෙන්නත් මල්ලිත් අයියා වගේම වෙන්න ඕනි කියනවනෙ ….. නේද බේබි …

මදූ බේබිට හින්ට් එකක් පාස් කරන ගමන්ම හිමීට මාරු වෙලා කාමරෙන් එලියට ගියේ තවත් වෙලා කාමරේ හිටියොත් බේබිගෙන් ගැලවීමක් නෑ කියලා හොදින්ම දන්න නිසයි …

ඇත්තමයි මේ කෙල්ල නම් …. කොහොම හරි අන්තිමටමට හින්ට් එකක් වදින තැනට කතාවක් කියලමනෙ නතර වෙන්නෙ …. මට වගේ ම මගෙ කෙල්ලටත් මාව අවුස්ස ගන්නෙ නැතුව ඉන්නම බැරිද කොහෙද …?? බලන් යද්දි ඉතින් අපි දෙන්නටම පිස්සුනේ ….

***********

බේබි කාමරයට ගිහින් වොශ් එකක් එහෙම දාගෙන එනකොට මදූ උදේ කෑම මේසයට ඇරලා තිබ්බා … හාමු මහත්තයයි මැණිකෙයි කෑම මේසෙට ඇවිත් වාඩි උනේ ටිකක් පුදුමෙන් වගේ … මොකද මැණිකෙ හිතුවෙ අද උදේටත් කෑම් හදන්න වෙන්නෙ මැණිකෙට කියලයි…. ඒකයි මැණිකෙත් අද උවමනාවෙන්ම නැගිටින්න් පරක්කු වුනේ … හාමුමහත්තයාට පුදුම බේබි එක්ක නිදා ගත්ත කෙල්ල මෙච්ච්‍ර උදෙන්ම නැගිට්ටද කියන එක …..

ඔය කල්පනා මැද්දෙ ඉන්නකොට ලොකු බේබියි , පොඩි බේබියි කෑම මේසෙ ලගට ආවෙ ජැන්ඩියට හැද පැලදගෙන … වලවුව පුරාම විලවුන් සුවද … මදූට නම් සුවද වැඩි කමට කිවිසුනුත් යනවා…. හැබැයිඅර ඩබල නම් ගානක් වත් නැතිව කෑම කන්න පටන් ගත්තා … මැණිකෙ පොඩි බේබිට කතා කරන්න හදලත් ආයිමත් සැරයක් කට වහගත්තෙ ඊයෙ රෑ වුනු සිදු වීම මතක් වෙලා …. හැබැයි ලොකු බේබි කෑම මේසෙට වාඩි වෙලා ඉන්න් එක ගැනනම් මැණිකෙ දෙපාරක් නොහිතම ඇහුවා …

මොකද ලොකු බේබි කෑම මේසෙට ඇවිත් කෑම අරන්නෑ කාටවත් මත ඇති කාලෙක … ඊයෙ රෑ ඉදන් ලොකු බේබිගෙ ලොකු වෙනසක් මැණිකෙ දැකලා තිබ්බා …

ලොකූ … මොකද මේ කවදාවත් නැතුව කෑම මේසෙට ඇවිත් … අනික මෙතන කෑම කෑවට ඉන්නෙත් වෙනමම ලෝකෙක කියලයි මට නම් පේන්නෙ ….

ලොකු බේබිට මැණිකෙ කියන දේවල් ඇහුනත් නෑහුන ගානට කෑම කෑවා … මේ වෙනස හාමු මහත්තයාටත් එක් කලේ ලොකු පුදුමයක් … හැබැයි ඉතින් මේ වෙනස් මදූටයි පොඩි බේබිටයි නම් උදේම තේරුණු නිසා ඒ දෙන්නා ඒ දෙන්නගෙ පාඩුවේ හිටියා …

ලොකූ … ඇයි තමුන්ගෙ කන් ඇහෙන්නෙ නැද්ද ..

ලොකු බේබිගෙන් මැණිකෙගෙ ප්‍රශ්නෙට පිලිතුරක් නොවූ නොවුණු තැන මැනිකෙ බෙරිහන් දෙන්න පටන්ගත්තා …

මැණිකෙ … මොකද මේ කෑම කන කන ඔය විදියට බෙරිහන් දෙන්නෙ ….. ලොකූ කරන්නෙ ලොකූට හොදයි කියලා හිතුන දේ ..අනික මැණිකෙ සතුටු වෙන්න ඕනි පවුලෙ හැමෝටම එකට එකතු වෙලාකෑම වේලක් ගන්න් පුලුවන් වුනානෙ කියලා…. එහෙම නැතුව මෙතන කෑ ගහන් එක මොන් අසංවර කමක්ද ??

හාමු මහත්තයාගෙ කතාව අහන් හිටිය මැණිකෙ තරහින් වුනත් ඇයගේ කට වහගත්තේ කෑම කන්න ගන්න වෙලාවෙ මෙතන මොකුත්ම් කියවලා පලක් නැති බව තේරුම් ගිය නිසයි …

…………………………………………………………………………………………

අමාරුව නොසලකා අදනම් කතාව දැම්ම … හැමදාම නැත්තන් දවසක් ඇර දවස්ක හරි කතාව දෙන්නම් … නතර කරන්නෑ අතර මැද නම් … සොරි ඔයාලා පත් වෙන අපහසුවට ….

ඉල්ලීමක් කරන්නම් …සලකලා බලන්න ..
මන් හිතන්නෙ ඇප් එකේ කතා කියවන කට්ටියගෙන දැනට .ඒ කියන්නෙ මන්මේ කතාව දාන වෙකාව වෙද්දි 300ට වැඩි පිරිසක් ආදර කත කියවන්න කැමතියි .. මන්හිතන්නෙ ඔය පිරිස්සෙන් බාගයක්වත් ?අප්සරාවි? කියවන්නෙ නෑ කියලයි .. පුලුවන්හැමෝම කතාව රේට් කරන් යන්න … කතාව බෑඩ් රේට් කරන කට්ටිය හැමදාම් වරද්දන්නැතුව බෑඩ් රේට් කර්න්නෙ කතාව කියවලනෙ නේද …. ?? නැතුව් කතාව කියවන්නැතුව කතාව ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕන්නෑනෙ බෑඩ්ටේට් එක්ක දාම්ම ..
කමක් නෑ .. තැන්ක් යූ .. මගෙ කතාඅ ඔයාගෙ හිතට දැනිලා තියෙන විදියනෙ ඒකෙන් ඔයා මට කියන්නෙ …කතාව බෝරින් ඇති … ඉස්සරහට හොද කොටසක් දෙන්න …

ආදරෙයි හැමෝටම ..

මන් ඔයාලගෙ ?සිහින සිත්තරාවී?

18 thoughts on “?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|”

  1. කතාව ගොඩාක් ලස්සනයි නංගා .
    ලොකු බේබිගෙ මේ වෙනසට හේතුව ටානියා කියලා මට නම් හිතන්නේ .
    All the best .
    ??????

  2. Godaak lassanai kathava???.hadama balagena innava kathava danakan.oyage vadath paadu nokara digatama kathava denna.issarahat mokada menne kiyala balgena innava.????
    Oyage hama deyakma sarthaka venna kiyala prarthana karanava
    ??BEST OF LUCK ??

  3. ?හසිතා?

    Apitanm katawa chuttakwat boring na….mula idanma mn godak asa katawak tamai apsarawi …….

    Dan komada patiyo….sanipa wenna ikmanata………..hamadama katawa danna puluwannm…..mn eyeth ki parakm app ekata awit baluwada…?twat lassanata liyanna..oyata hoda anagatayak tiyanawa….budu saranai nangiyooo……

  4. Oyage katawa godaaaak lassanai nangiyo. Mama eyeth kiparak app ekata awada katawa balanna. ???????
    Hamadama puluwannam chuti kotas hari dennakoooo. Oya ikmanata sanipawela digaaaaaaaaaa kotas danna hodada.
    Good luck. ?????????

  5. Buddhika subhashini

    කතාව මරු නංගා ❤️❤️❤️❤️❤️❤️ .ඔයා ලස්සනට ලියනවා ?? හැමදාම දාන්න නංගා .මම නම් හැමදාම කියවනවා .රේට් කරනවා .කමෙන්ට් කරනවා .❤️❤️❤️ bad rate නම් කරන්නේ නෑ මම .Best of luck ??❤️❤️

  6. Ara gani loku bebitama denn ane… e kellath loku bebita kmathiwei… manike thama ithin okata harasunoth haraswenne… eth kmk na.. kohom hari denn hode…

    Hamadamath wage kathawa lassanai sudu… mtnm boring na…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  7. Katahawa lassanai nanga wenada wagema iye apsarawi dai kiyala balan hitiya ane kauru nathath mn nam apsarawi hamadama dapu gaman kiyawanawa mn asai apsarawita.loku bebi taniya nisa wenas une…kamak ne loku bebita taniya dila podi bebita maduwa denna nango……kathawa dammata thanks nanga lassanai wenada wagema hodata liyanna

  8. Nirosha Lakmali

    අනේ කතාව ලස්සනයි. බෝර්න් නැ කතාව. හැමදාම දාන්න පුළුවන් නම් මං කතාව දානකම් බලන් ඉන්නවා. ඔයාට හදවතින්ම සුබ පතනවා …. මදුවයි බේබිවයි එකතු කරන්න ඉක්මනට ….

  9. Kathawa godaaak lassanai.aluth kotasa danne koi weleld kiyala man balan inne.oyage asanepaya Dan Tikak hoda athi kiyala hithenawa.hm.. oyage weda parissamin karaganna. budusaranai.?????????????????

  10. Nirosha Lakmali

    කෝ අනේ කතාව. කතාව දාලාද බලන්න හැමදාම එනවා. ඒත් කතාව නැ. ඔයත් එක්ක තරහම තරහයි.

  11. Ane koo kathawa ……………….. ai danne naththe kathawa .thama sanipa nadda oyata.hamadama balan innawa ada kathawa dai kiyl eth nane.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.