Katha Ahura

?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් හතරවන දිගහැරුම//

ආ .. මේ .. මේ .. ඉන්නෙ එ … එයාද ආන්ටි …

???????????????

ටානියා ලොකු බේබිගෙ දිහා ඇහි පිය නොහෙලා බලන් ඉන්න ගමන් එහෙම ඇහුවා … මැණිකෙටත් ටානියාගෙ වෙනස ටිකක් තේරුනා …

ඔව් දුව … මේ ඉන්නෙ මගෙ ලොකු පුතා … දුව මීට කලින් පුතාව දැකලා තියෙනවද මේ බය වෙලා වගේ ඉන්නෙ …

ආ.. නෑ .. මේ .. ආන්ටි මේ ….මම .. මේ …

ආ … මන් මෙයාව අදුරනවනෙ අම්මා .. මට මීට කලින් මිට් වෙලා තියෙඅව කොහේදි හරි .. ඒත් ඉතින් තැනක් තම මට මතක නැත්තෙ….

ලොකු බේබිට ටානියාගෙ හිත වැටහුනා වගේ ටානියාව අම්මගෙන් බේර ගන්න බොරු කතා හදනවා.. හැබැයි එ වැඩෙන් මැනිකෙ වගේම ටානියත් පුදුම වෙනවා..මොකද ටානියා මීට කලින් ලොකු බේබිව දැකලා තිබුනෙ නෑ …

මැණිකෙට අනුව ලොකු බේබි කවදාවත් කෙල්ලෙක් ගැන වලවුවෙදි කතා කරන්නෙ නැ …. අනික කෙල්ලො කියන්නෙ ලොකු පුතණ්ඩියාට එක්තරා සෙල්ලම් බඩුවක් කියන්න් මැණිකෙ හොදින්ම දැනන් හිටියා … ඒත් මැණිකෙ බය වුනා කොල්ලගෙ මේ වෙනස් වීමට ….

ආ… ඇත්තද දුව මේ මගෙ පුතණ්ඩියා කියන්නෙ … ඔය දෙන්නා අදුරනවද …??

ආ.. ම්‍රෙ … මටත් මතකයක් නම් තියෙනවා පොඩියට … ඒත් ඉතින් හරියටම නම් කියන්න මතක නැ ආන්ටි …

අම්මෙ …මන් යනවා වොශ් එකක් දාන්න … කෑම හදාලා තියන්න එනකොට .. මට යකෙක් කන්න් බඩගිනී දැන් …..

කුස්සියේ හිටියොත් මැණිකෙගෙ ප්‍රශ්න වලට පිලිතුරු සපයලා ඉවරයක් නැති වෙනවා කියලා ඉවෙන් වගේ දැනුනු ලොකු බේබි හෙමින් සරේ කුස්සියෙන් මාරු වෙලා ගියේ තවත් මොහොතක් ටානියාගෙ දිහා බලන් ඉදලා …ටානියත් ඒ රුව නොපෙනී යනකන්ම බලන් හිටියෙ මැණිකෙ ලග ඉන්න බවත් අමතක කරලා ….

දුව ටානියා … ඇයි දුව සද්දයක් නැත්තෙ …

නෑ .. ආන්ටි .. මන් මේ බැලුවෙ .. ආහ් .. නැ ආන්ටි .. මට … මේ … මේ … වොශ් රූම් එකට යන්න …

ආ.. මේ ඔක කියන්නද් මෙච්චර වෙලා ඇබරුනෙ කෙල්ල .. ලැජ්ජ වෙන්න් එපා කෙල්ලෙ … මේක දුවගෙම ගෙයක් කියල හිත ගන්න …. හරිනෙ .. එන්න මන් පෙන්නන්නම්…

රෑට කෑමත් කාලා ටානියා එයාගෙ ඩැඩී එක්ක ගෙදරින් යනකොට ගොඩක් රෑ වෙලා තිබුනා .. ඒත් මේ කිසිම දෙයක් නොදන්න බේබියි මදුයි හිටියෙ සුව නින්දක .. දෙන්නට් කන්න තරම්වත් මතකයක් තිබ්බෙ නැ .. මොකද ඒ තරම්ම ඒ නින්ද සැරයි …

මැනිකෙටත් එහෙම්මම පොඩි බේබිව අමතක වෙලා ගියා .. මැණිකෙත් නිදා ගන්න ගියේ ඇගේ තෙහෙට්ටුවටමයි … ඒත් කවදාවත් නැතුව ලොකු බේබි අද අවදියෙන් .. මොකද ලොකු බෙබිගෙ හිතේ ටානියා හොල්මන් කරනවා ….හාමු මහත්තය නින්දෙන්වගේ හිටියත් මැනිකෙ ගැන හොද අවදානයෙන් හිටියෙ .. මොකද දැන් මදූගෙ කාමරය එලියෙන් ලොක් කරලා නැතිනිසා …

………………………………………………………………………………………………

උදේ පාන්දර හිරු කුමරා අවදි වෙනකොටම වගේ මදූ බේබිටත් නොදැනෙන්න නැගිටලා හිමින් සැරේ කුස්සියට ගියේ උදේට කන්න් හදන්න … කුස්සියට යද්දි කුස්සියේ එකම යුද්දයක් .. කුස්සිය හැමතැනම පිගන් බාජන .. කෙල්ල ඔක්කොම ටික අස් කරලා උදේට කන්න් හදලා ඉවර වෙනකනුත් වලවුවෙ කවුරුත්ම නැගිටලා හිටියෙ නැ .. කෙල්ල තේ වතුරත් හදාලා මේසෙට ඇරලා හිටන් ආයිමත් සැරයක් කාමරයට ගියේ බේබිව නැගිට්ටවන්න .. කෙල්ල යනකොටත් බේබි හොදට නිදි ….

අම්මෝහ් මෙයාට තියෙන සැප … නිදන් ඉන්න ලස්සන චූටි ලමයෙක් වගේ … මෙයාව නැගිට්ටවන එක නම් පොඩි එකෙක් නැගිට්ටවනවට වඩා අමාරු වැඩක් වෙයි වගේ බලන් යද්දි …කමක් නෑ ඉතින් ට්‍රයි එකක් දීලා බලමුකෝ ….

මදූ එහෙම හිත හිතා ඇද උඩින් ඉදගත්තෙ බේබිගෙ ඔලුවට අත තියන ගමන් .. කෙල්ල බේබිගෙ ඔලුව අත ගාන ගමන්ම කල්පනා කලේ බේබිව නැගිට්ටවන්නෙ කොහොමද කියලා ….

බැරිම තැන් කෙල්ල කතා කරන්න පටන්ගත්තා…

සුදු අයියේ ….. සුදු අයියේ … අනේ නැගිටින්නකො අප්පා දැන් .. හොදටෝම එලිය වැටිලා දැන් …

ම්ම් .. අයියෝ මට නම් බෑ නැගිටින්න … සී….. තලයි ….
බේබි එහෙම කියාගෙන ඇදේ තවත් ගුලි උනා … කෙල්ලට දැන් නම් හිනාත් එක්ක..

ආ … මල විකාර …..කොල්ලො කියලා ඇයි ඔයාලට විතරක් අලුත් හීතලක් තියෙනවද ?? අපිටත් හීතලයි තමයි .. ඒත් ඉතින් අපිට කොහෙන්ද ඔය වගේ සැපක් ….

කෙල්ල එහෙම කියන්නෙ බේබි කෙල්ලගේ අතින් ඇදලා කෙල්ලවත් තුරුලු කර ගෙන නිදා ගත්තා …

හැබැයි ඉතින් කෙල්ලටනම් ඔය වැඩේට තද උනා …

අයියො බේබි .. මේ මොකද් කරන්නෙ ඉතින් …නැගිටින්නකෝ ….අයියෝ තඩියො … නැගිටිනවකෝ ….

ඇයි අනේ … ඔයානෙ කිව්වෙ ඔයාටත් හීතලයි කියලා … දැන් මගෙන් අහන්නෙ ඇයි කියලා .. කෑ ගහන්නැතුව ඔයත් නිදාගන්න මන් වගේ …

බේබි එහෙම කියලා ආයිමත් සැරයක් ඇස් දෙකත් වහගෙන නින්දට වැටුනා …

මල සමයම් …. ඔහොම නිදා ගන්න ගියොත් හොදට තියෙයි …

ඇයි .. කෙල්ලොන්ට නිදා ගන්න බැරිද මයෙ මැණික … ම්ම්ම් … ආ… හ් එයාලට පුලුවන් ඉතින්…..

යැයි පැවසූ බේබි මදූගෙ පැත්තට හැරිලා ඇහැකුත් ඉගිමරන ගමන් මනමාල හිනාවක් දැම්මා ….

අපෝ සුදු අයියේ ඔයා නම් … කෙල්ලනටත් නිදා ගන්න් පුලුවන් ඔය විදියට .. මොකද බැරි .. ඒත් ඉතින් එතකොට කෙල්ලොත් ඔයාලා වගේ තඩි කම්මැලියො වෙනවනෙ … ඒකනෙ ප්‍රශ්නෙ …. අනික ඉතින් මන්මෙහෙම මගෙ සුදු අයියා එක්ක ඉන්නවා දැක්කොත් මට දැන්මම යන්න තැනකුත් හොයා ගන්න වෙනවා … මොකද ඉතින් ඔයා ඉන්නෙ මගේ කාමරෙනේ … කාමරේ දොරත් ඇරලා තියෙන්නෙ .. මැණිකෙවත් ආවොත් මෙතනට …

ආ…. ම්ම්ම් …. මයෙ මැණික ඔය තරම් බයයිද අනේ …. අයියෝ ලැජ්ජාවෙ බෑ .. මට දාන පාට් බලන්න එපැයි මේ චණ්ඩි රැජින …

බය නැද්ද අනේ …. ඔයා නම් කියයි සුදු අයියේ … කෝ .. කෝ … නැගිටින්න …නැත්නම් මන් ඔයාව නැගිට්ටවන්න අරන් එන්නෙ හොද සීතල වතුර එකක් …. කැමතියිනෙ ඉතින් ඔයා ඒකට .. නේද මගෙ සුදු අයියේ …..

අප්පෝ මේ මැට්ටි මොනවා කරයිද දන්නෑ .. පුදුම බයක් බලන් යද්දි තියෙන්නෙ අපෙ අම්මට .. බය වෙන එක එක අතකින් අහන්නත් දෙයකද … මදූව කන්නමනෙ අපෙ අම්මත් බලන් ඉන්නෙ ….

මොකෝ කල්පනා කරන්නෙ .. ආ … මන් යනවා .. වතුර ගේන්න ….

අයියෝ මැට්ටියේ උදේ පාන්දර මාව මරන්නද හදන්නෙ සීතල වතුරෙන් නාවලා .. ආ …. මන් මෙතන ඉන්නෙත් බාගෙට මැරිලා ..දුවපිය යන්න එහාට මට නැගිටින්න ….ඔයා තමයි මැණික මාව මෙ විදියට කම්මැලි කරන්නෙ තුරුල් කරන් ඉදලා ….

……………………………………………………………………………………………………………………

කතාව ඉක්මනට දානවා … ඊයෙ දැම්මෙ නෑ අමාරු හින්දා … Im suffering from fever … sorry …??

මන් ඔයාලගෙ ?සිහින සිත්තරාවී?

8 thoughts on “?අප්සරාවී?|පනස් හතර වන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|”

  1. Loku bebita ara kella set wei wage…. ehem unoth okkom shape ithin…

    Kathawa lassanai dr.. mn suba pathanawa oyata.. e wagem ikmnt sanipawenna kiyalath prarthana krnw…

  2. Nirosha Lakmali

    Kathawa danakan balan hitiye. Hemama hari demmane godak sathutui. Ikmanata sanipa wenna kiyala prarthana karanawa. E wagema oyata suba pathanawa. Wish your all the best…. ????

  3. Buddhika subhashini

    කතාව ලස්සනයි නංගා ❤️❤️❤️❤️❤️❤️ .ඉක්මනින් සනීප වෙන්න ????? best ot luck ❤️❤️?

  4. කතාව ඊයෙ තිබුනෙ නැති වුනාම නම් ගොඩක් දුක හිතුන…. අද කතාව ලස්සනයි. ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ….?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.