Katha Ahura

?අප්සරාවී?|පනස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් හත්වන දිගහැරුම//

ලොකු බේබි හිටියෙ කාමරයෙ ජනේලයෙන් පිටත් බලාගෙන … වලව්වුවට ඇතුලු වෙන දිහා බලන් කල්පනාලෝකෙ හිටපු ලොකු බේබිගෙ ඇසට අසු වෙන්නෙ වලවුව දිහාටඑන නවීන පන්නයේ කාර් රථයක් ..

ඒත් වැඩි වේලාවක් යන්න කලින් ඒ කාර් රථයෙ අයිතිකරු ලොකු බේබි අදුනග්ත්තෙ පෙරදිනයේ එම කාර් රථයම වලවු මිදුලෙ නවතා තිබුන නිසාවෙනි … එසේ වුවද බේබිගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න පටන් ගත්තෙ අමුතු හැගීම් රශියක් ඉස්මතු කරමිනි .

මදූගේ මතකයන් හිත තුලින් කෙමෙන් දුරස් වෙද්දී ටානියා පිලිබද හැගීම් රාශියක් හිත තුල පොපියන්න පටන් ගත්තේ හිතා ගන්නත් බැරි විදියටය ..
වලවුවට අමුත්තෙක් පැමිණියට් කිසිදු වෙනසක් නොකර කාමරය ඇතුලට වෙලා ඉන්න ලොකු බේබි කාමරයෙන් එලියට දුවවිත් වලවුව අභියසට ගියේ ටානියාව බලාපොරොත්තුවෙනි ..

කාර් එකෙන් බැස ගත් ටානියාද හුන් තැනම නතර වුනේ තමන් දෙස බලා සිටින ඒ ඇස් දෙස බලාගෙනමය … නමුත් ඒ ඇස්වල තිබුනෙ රාගයක් නොව පිරී උතුරායන ආදරයක් කියලා ටානියාගෙ හිතට දැනෙන්න නම් ලොකු වෙලාවක් ගියෙ නෑ …. ටානියාගෙ හිත ඇතුලෙත් අමුතුම් හැගීම් ගොන්නක් උද්දීපනය වෙන්න පටන් ගත්තෙ තත්පරයටත් වඩ අඩු වේගයකින් …

දෙන්නගෙම් ඇස් වල තියෙන්නෙ පිරී උතුරා යන ආදරයක් කියලා දකින ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් ..ඒ ඇස් එකිනකාගෙ ආදරෙයෙන් අන්ධ වෙලා යද්දි ලොකු බේබි සෙමින් පා තබමින් ටානියා හිටගෙන සිටිය දෙසටත් , ටානියා ලොකු බේබි දිහාවටත් එන්නෙ ඒ ඇස්වලින් ගොඩාක් දේවල් කතා කරමින් .. එකිනෙකාගෙ හුස්ම පොදවල් මුහුණ සිප ගන්නා තුරු සමීප වූ ටානියාත් ,ලොකු බේබිත් ඔවුනොවුන්ගේ ලෝක වලට අවතීර්ණ වෙන්න පටන් ගත්තෙ ඉන්නෙ කොහෙද කියන දෙයත් මොහොතකට අමතක කරමින් …

ලොකු බේබි මෙතෙක් වෙලා දහම් ගැට දමා පාලනය කර තිබූ පිරිමි හැගීම් ටානියාගේ සුන්දර රුව හමුවේ දිගැහැරෙන්න පටන් ගත්තෙ ලොකු බේබිට වුනථිතා ගන්න බැරි විදියට .
මෙච්ව්ර වෙලාවක් පාලනය වෙලා තිබූ තමන්ගේ හිත ටානියා ඉදිරියේ නොසන්සුන් වෙනවා දැනුන ලොකු බේබිගෙ හිත්ටත් හැගුනෙ ලොකු පුදුමයක් ….

එහෙත් ඒ සියල්ල මොහොතකට සිතින් අමතක කර ටානියාගේ දෙතොල් වල පහසට නතු වීමට ලොකු බේබි ඇගේ දෙතොලට බර වුයෙත් ටානියා ඔහුට අවනත වූවාක් මෙන් ඇයගේ දෑස් පියාගත්තෙත් නිරායාසයෙන්මයි …

ලොකූ බේබි තම දැත් ටානියාගෙ බදවටා යවා ඇයව ඔහුගේ තුරුලට ගත්තෙත් ටානියා වුවද ඔහුගේ උණුසුමට නතුවූයෙත් සංසාරයේ පතා ගෙන ආ හුරු පුරුද්දකට මෙනි …එහෙත් මේ අන්දමින් මොවුන් දෙපලට වැඩි වෙලාවක් පෙම් සුව විදීමට නොලැබේවි යැයි කිසිවෙකුට හෝ සිතෙන්නට නම් නොමැත ….

*********

වලවු වත්තට වාහනයක් ඇතුලු වන හඩ තම කාමරයට වී නිදි සුව විදිමින් සිටි ලොකු මැණිකෙගෙ සවනටද දැනී තිබුණි .. ඇය නිදි යහනෙන් අවදිවී ඉක්මනින් ලක ලෑස්ති වූයේ පැමිණ සිටින අමුත්තා කවුරුන් වුවද ඇයට ඉදිරියට යෑමට සිදුවන නිසාවෙනි …

නමුත් ලොකු මැණිකෙ මේ මගෙ හොතෙ ටානියාව නම් අපේක්ශා කලේ නෑ … මොකද ටානියා වලවුවට පැමිනෙන්නේ නම් මැණිකෙට දන්වා සිටින් බැවිනි .. එහෙත් අවාසනාවකට වගේ ටානියා අද වලවුවට ආවේ විශේශ කාරණයකට .. ඒ හින්දා වලවුවට එන බවක් මැණිකෙට කියන්න ටානියාට අමතක වෙල තිබුනා …

මැණිකෙ ඉක්මනින් ලක් ලෑඩ්ති වී වලවුව ඉදිරිපසට යන විට තමන් ඉදිරිපස පැවතුනු දසුන් පෙල දැකීමෙන් ඇගේ හදවත් නැවතී ගියාක් මෙන් දැනෙන්නට විණි …

තමන්ගෙ ලොකු පුතා ටානියා සමග පෙම් සුව විදිනු දුටු මැණිකෙගෙ උගුර කට වියලී ගිය .. ඇගේ දෙපා වාරු නැති විය ..ඇය ඒ අසලම තිබූ පුටු ඇන්දක් අල්ලා ගත්තේ සිදුවන්නේ කුමක්දැයි සිත ගැනීමට නොහැකිවයි …

මැණිකෙට යාන්තමින් කත කරගැනීමට හැකි වූ විගස ඇය බොහොම අමාරුවෙන් වචන ගලපාගෙන කතා කරන්න පටන් ගත්තෙ එසේ නොවුනහොත් ඊලග මොහොතේ මෙහි කුමකින් කුමක් වේවිදයි සිත ගැනීමට නොහැකිවයි …

ලො ……. කූ ……… ඔ… ය මොක ..ද කරන්නෙ ……..

ටා … නියා … එහාට ප…ල …

මැණිකෙගෙ හඩේ කේන්තියත් බයත් මුසු වෙලා .. කඩහඩ වෙව්ලනවා …

තමන්ගේ ලෝක වල තනිවෙලා හොටිය ලොකු බේබිත් ,ටානියාත් පියවි සිහියට ආවේ ඔවුන්ට පිටුපසින් ඇසුණ හඩක් නිසාවෙන් .. හැබැයි ඒ හඩ කාගෙද කියලා ඔවුන්ට ඉවෙන් මෙන් අදුරගන්න් පුලුවන් වුනා ..ටානියාගේ ගෙල දිගේ සිහින් දාඩිය බිදු බේරෙන්න් පටන් ගත්තේ ඊලගට උද්ගතවන තත්ත්වය මොන වගේ දෙයක් වේවිදැයි සිතා ගත නොහැකි නිසාවෙනි …

එහෙත් වෙනදාටත් වඩා පියවි සිහියෙන් හිටිය ලොකු බේබිගෙ මුවේ නම් ඇදී ගියේ දගකාර හිනාවකි… ඒහිනාව දැකපු ටානියා ඔහු දෙස බලාගෙන හිටියෙ පුදුමයෙන් … ඒ ඇස් මනමාලකමින් දගකාරකම් කරනවා ටානියා බලන් හිටියෙ නම් ටිකක් බයෙන් …

………………………………………………………………………………………

බනින කට්ටිය බැනගෙන යන්න … තරහා වුන කට්ටිය ඔරවලා යන්න .. හැබැයි අදට් කතාව නම් චුට්ටයි ..
ගොඩාක් දවසකින් දුන්නෙ කතාව ..ඒත් චුට්ටයි කියලා ඔයාලා මට බනී .. ඒට් සොරි යාලුවනෙ …

?සිහින සිත්තරාවී?

7 thoughts on “?අප්සරාවී?|පනස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. අම්මෝ කාංචියෝ හුග කාලෙකින්.
    කතාව හෙටත් දාන්න .
    අපි බලන් ඉන්නවා.
    All the best.
    ???????

  2. Chathu indeewaree

    පොඩි කොටසක් වුණාට කමක්නෑ අනේ. මෙහෙම හරි කොටසක් දැම්මට ගොඩාක් තෑන්ක්ස් සුදූ මැණිකේ. කාන්තාරෙකට වතුර පොදක් වැටුණා වගේ ෆීලිං එකක් ආවා මට අනේ අද කතාව දාලා කියලා දකිනකොට. අසනීප හොඳ කරගෙන, ඉගෙන ගන්න වැඩ හොඳින් කරගන්න අතර ඔයාට විවේකයක් ලැබෙන විදියට කතාව ලියලා ඇප් එකට දාන්න නංගෝ. February වල top rated ආවා කියන්නේ මේ කතාවට හුඟාක් ආස අය ඇප් එකේ ඉන්නවා කියන එකනේ. ඒ නිසා අතරමඟ නතර නොකර කතාව ලියන්න නංගා ඔයා ටයිම් එක මැනේජ් කරගෙන..

    බුදු සරණයි! මැණික. සතුටින් පරිස්සමින් ඉන්න..ඉක්මණින්ම සුව වෙන්න කියලා හදවතින්ම පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.