Katha Ahura

?අප්සරාවී?|හතලිස් අටවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් අටවන දිගහැරුම //

හරි … පීටර් මාමෙ … මට පීටර් මාමව විශ්වාසයි … තවත් නම් ඉවසන්න නෑ පීටර් මාමෙ … මගෙ පපුව පැලිලා යයි …

හ්ම්ම්…
බේබි බේබිට දැන ගන්න ඕනි බේබිගෙ බයියම්මා ගැන විතරක් වුනාට ඔය කතාවට සම්බන්ධ යට ගිය කතා ගොඩාක් තියෙනවා …..

බේබි ඔය එක දේ දැන ගන්නකොට අතීතයෙ වුන හැම දෙයක්ම මට බේබිට කියන්න වෙනවා … හැබැයි බේබි මන් කියන දේවල් අහලා කලබල වෙලා මේ වලවුව දෙවනම් කරන්න ලෑස්ති වෙන්න එහෙම එපා … දැන ගත්තත් නොදන්න් විදිහට හරි දේ විතරක් කරන්න ….

පීටර් මාමෙ … ඔය ඇති කියෙව්වා … දැන්වත් මට කියන්න් මේ හැමදෙයක්ම කරුණාකරලා …..

***********

අපෙ හාමු මහත්තයාගෙ අම්මා අප්පොච්චි ඉන්න කාලෙ මේ වලවුව තරම් වලවුවක් මේ අහල ගම් හතකවත් තිබ්බෙ නෑ මහත්තයෝ ….
ඉස්සරහ මේ වලවුව හැම වෙලාවකව හිනාවෙන් පිරිලා ගිය එකක් …. ගමේ මිනිස්සු උනත් වලවුවට නිතර නිතර යන එනවා … අපෙ වලව්වෙ ලොකු හාමිනේගෙ එහෙම දුක සැප බලලා යන්න ….

ඔයා කාලෙ මන් හිතන්නෙ අපෙ හාමුත් බදින් වයසෙ හිටියෙ … හානුට හිටියා අයියෙකුයි නංගියෙකුයි .. අයියා කොලබ රටේ ලොකු මහත්තයෙක් .. හාමු මහත්තයාගෙ නංගිට පොඩි බේබිගෙ වයස විතර ඇති මයෙ හිතේ .. ඒ කාලෙ ඉතින් මන් උනත් හොද කොල්ලා …. ලොකු මැණිකෙගෙයි ලොකු හාමුගෙයි පණ තමා ඉතින් මේ තුන් දෙනා ….

හාමු මහත්තයාගෙ නංගි ඒ කිව්වෙ සමුද්‍රා බේබිගෙ හොදම යාලුවෙක් තමා සුමනා කියන්නෙ … ඒ දෙන්නා එකම පන්තියේ ඉගෙන ගත්තු ලමයි …හැබැයි සුමනගෙ අම්මයි තාත්තයි නෑ … කෙල්ක හැදුනෙ වැඩුනෙ කෙල්ලගෙ අත්තම්මා ගාව … ඒ හින්දා වලවුවෙ උදවිය උනත් සුමනට ගොඩාක් ආදරෙයි ..

සමුද්‍රා බේබි හින්දා සුමනා ඒ ද්වස් වල මේ වලවුවට ආවා ගියා ගොඩාක් වෙලාවට සමුද්‍රා බේබිත් ඒ දුප්පත් පැලට ගිහින් සුමන එක්ක කාලය ගත කලේ වලවුවෙ අයගෙත් අවසරයෙන් … ඔය අතර තුරේ තමයි අපෙ හාමු මහත්තයා සුමනාට බැල්ම දාන්න පටන් ගත්තෙ .. බලන්න එපැයි එ දවස් වල හාමු මහත්තයාගෙ වැඩේ සමුද්‍රා බේබිට කඩයප්පන් අරන් දෙන එකමයි .. මොකද් ඉතින් හාමු මහත්තයත් දන්නව නෙව සමුද්‍රා බේබි තනියම් ඕවා කන්නෑ සුමනා එක්ක කන්නෙ කියලා …

හැබැයි හාමු මහත්තයා හිතේ හංගන් ඉන්න රහස සමුද්‍රා බේබි වගේම සුමනට් දැනගෙන හිටියා … මොකද ඉතින් නංගිට පුලුවන් නෙව අයියා හැරෙන කොටම් මොකාටද එන්නෙ කියන්න … සමුද්‍රා බේබි උනත් සුමනව තමන්ගෙ නෑනා කරගන්න ගොඩාක් පෙරුම් පිරුවා … හාමු මහත්තයාගෙයි සුමනගෙයි සම්බන්දයත් ඇති වෙන්න ඒ තරම් කාලයක් ගියෙ නෑ … සමුද්‍රා බේබි ඒ දෙන්නට ගොඩාක් උදවු කලා ….

ඕන්න ඔය අතරෙ තමා අපෙ ලොකු මැණිකෙලා කොලඹ හිටිය අපෙ ලොකු බේබි මහත්තයාට මගුලක් පන්කරාදු කලේ … ඒ නෝනෙත් සීදේවි … බලන්න ආසාවෙ බෑ … මගුලත් ඉහලින්ම ගත්තා … වාසනාවකට අවාසනාවකටද මන්දා ඔය මගුල්ට සුමනටත් ආරාධන කලා … ඇදුම් පැලදුම් හැමදේම දුන්නෙ වලවුවෙ ඇත්තො ….

සුමනා උනත් එද මනමාලියට දෙවෙනි උනේ නෑ … හාමු මහත්තය වගේම සමුද්‍රා බේබිත් එද මගුලට ආව ගිය කට්ටියගෙ අවදානය ගන්න සමත් වුනා …. ඔය අතරෙ සමුද්‍රා බේබිටත් යෝජනාවක් එනවා … මේ හැමෝගෙම් ජීවිත කණපිට හැරලෙන්න ලොකුම හේතුව අන ඒ යෝජනාව … සමුද්‍රා බේබි කියන්නෙ ටිකක් දඩබ්බර මුරණ්ඩු කෙල්ලෙක් …

හැමදෙයක්ම භාර ගන්නෙ විහිලුවකට … මේ යෝජනාව ගැන වලවුවෙ ලොකු උදවිය දැනගෙන් හිටියා උනත් සමුද්‍රා බේබි ඒ වගේ දේකට කැමති වෙන එකක් නෑ කියලයි එයාලා හිතුවෙ …. හැබැයි හැමෝම හිතපු විදිය වැරදියි … සමුද්‍රා බේබි හැමෝටම හොරෙන් ඒ මිනිහා එක්ක යාලු වෙලා තිබ්බා .. හැබැයි ඒ ගැන එක වචනයක් සමුද්‍රා බේබි ලගින්ම් ආශ්‍රය කල සුමනවත් දැන ගෙන හිටියෙ නෑ ….

සමුද්‍රගෙ වෙනස සුමනට වගේම අපෙ හාමු මහත්තයටත් දැනිලා තිබ්බෙ … ඒත් ඒ ගැන කතා කරන්න වෙලාවක්වුනේ නෑ .. මොකද ඒ දවස් වලම වගේ හාමු මහත්තයට විවාහ යෝජනාවක් කරලා තිබ්බා අපෙ මැණිකෙලෑ අප්පොච්චිලා .. ලොකු මැනිකෙලත් ඒ යෝජනාවට කැමති උනේ හාමු මහත්තයගෙ කැමැත්තක් අහන්නෙත් නැතුව… ඒ තමයි දැන් වලවුවෙ මැණිකෙ… ඒ මැණිකෙත් හොද වලවු පැලැන්තියක මැනිකෙ කෙනෙක් …

ඒත් මේ යෝජනාවට හාමු මහත්තයා ඩිංගක්වත් කැමති උනේ නෑ … මොකද ඉතින් සුමනා එක්ක තිබ්බ සම්බන්දය නිසා .. සුමන තරමටම ලස්සන නොවුනත් මැණිකෙ ටිකක් ආඩම්බරයි … ටිකක් කිව්වට මොකෝ ඉතින් ඉහටත් උඩින් … වලවුවෙ උදවිය අපිට සැලකුවේ හරියට අම්මට තාත්තට වගේ …

ගමේ මිනිස්සුන්ටත් එහෙමයි … ඒත් මැණිකෙ පෝරු නගින්න කලින් වලවුවට ආව ගිය දවස් පහ හයෙන් ගමේ මිනිස්සුත් වලවුවෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා .. අපිට උනත් කතා කලේ බල්ලො බලල්ලු ගානට දාලා … ලොකු මැණිකෙලා ඉස්සරහා අහින්සක විදියට ඉදලා මැණිකෙලා නැති තැන කලේ තිරිසන්නුත් නොකරන වැඩ ….

……………………………………………………………………………………………………………

?????

?සිහින සිත්තරාවී?

14 thoughts on “?අප්සරාවී?|හතලිස් අටවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Priyadarshani

    වැඩ ගොඩක් තියාගෙන කතාව දැම්මට thanks නංගෝ… ලස්සනයි කතාව ….එත්කොට බේබි කියන්නේ හාමු මහත්තයගෙ නංගිගෙ පුතා නේද ….මදූගෙ අම්මයි බේබිගෙ අම්මයි යාලුවො නේද …බේබිගෙ තාත්තා කොහොමත් මදූටයි බේබි ටයි කැමති වෙයි එයා දන්නවනෙ ආදරෙ කියන්නේ මොකක්ද කියල…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Good luck …

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      බලමුකො ඉස්සරහට …??? තැන්ක් යූ dr … ඔයාගෙනෙත් කතාවක් ඕනි හලිද ….????

  2. Hemanthi ruwan kumari

    බෙබි කියන්නේ සුමනාගෙයි, හාමුගේ ළමයානෙ.මදු සමුදාගෙ වෙන්න පුළුවන්.ලස්සනයි කතාව ගොඩක්.good luck dear.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.