Katha Ahura

?අප්සරාවී?|හතලිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

4.4/5 - (5 votes)

?????අප්සරාවී?????
//හතලිස් තුන්වන දිගහැරුම //

කියන්නෙද කියන්නෙ මෙන්න මේකයි…

එහෙම කියලා බේබි මාව ගත්තෙ බේබිගෙ ඇග උඩට … ඒ මූණට ලන් වෙලා ඒ ඇස් දිහා බලන් ඉන්න ඇත්තටම මට එවෙලෙ නම් ගොඩක් ලැජ්ජා හිතුනා …

මොකෝ දැන් ලැජ්ජද මගෙ දිහා බලන්න දැන් … ම්ම්…. මගෙ කෙල්ල මන් හින්දා ඇඩුව එකටනම් මට දුකයි රත්තරනේ … මන් ඉතින් ඔයාට රිටර්න් එකනෙ දුන්නෙ … ඔයා සීරියස් හිතුවට මොනවා කරන්නද …හිකිස්…

මෙතන කරන්න ඕනි ඔක්කොම වැඩ ටික කරලා හිනා වෙන ලස්සන මොකුත් නොවුන ගානට …

ආ… මොකෝ දැන් ඔරවන්නේ ආ… ඔහොම ඔරවන්න එපා මැණික ඔයා ඉක්මනටම වයසට යයි … හැබැයි ඉතින් ඔන්න කෙල්ල ඔරවනකොටත් ලස්සනයි …

ඉරිසියාවෙ බෑ මට .. ඒත් කෙල්ලෙ ඔයා ඔහොම පූස් පැටියා වගේ මන් දිහා බලන් ඉන්නකොට නම් මට මොනවනම් කරන්න හිතෙයිද දන්නෙ නෑ … ඉන්නෙත් ඉතින් ඔක්කොම පෙන්නන්නෙ … අපිත් ඉතින් කොල්ලොනෙ .. ඕවා පේනකොට ඉන්න බෑ බන් ….

බේබිගෙ වචන් ටික ඇහෙද්දි මගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා ගියා ….ඒත් ඉතින් මේ කරුවලේ මෙයාට මාව කොහොම පේනවද දන්නෑ .. මට හරියට එයාගෙ මූණවත් පේන්නෑ ..

ආ… මේන් වැඩක් … මන් කාටවත් පෙන්නන් හිටිය එකක නෑ … එයාම මෙතන කරන්න ඕනි ඔක්කොම කරලා දැන් එනවා මට එක එක දේවල් කියන්න…ඕවට නම් එන්න එපා බේබි … මන් ඔය වෙලාවට නම් සැරයි….

බේබි ගැන මගෙ හිතේ මොන තරහක් තිබ්බත් බේබිට වචනයකින්වත් බනින්න මගෙ හිත මට ඉඩ දෙන්නෙ නෑ … සමහර විට මන් බේබිට ඇථ්තටම ආදරය කරන් හින්දා මගේ හිත බේබිට වැරැද්දක් කියන්න කැමති නැතුව ඇති …

ම්ම්.. මන් දන්නවා මගෙ නෝටි මැණික සැරයි කියලා .. හැබැයි ඉතින් ඔය සැර මට පෙන්නන්න ගියොත් කෙල්ලට වැඩ වරදියි හොදේ … මේ ඔයා හරි බරයි .. මගේ ඇග උඩින් දැන්වත් බහිනවද ..?? දැන් ඉතින් මගෙ මැණික ශේප් නෙ නේද…??

අනික මට දැන් හීතලයි … තාම මන් ඉන්නෙත් ටවල් එක පිටින්නෙ … කොණ්ඩෙත් වතුර … තව වෙලා මෙහෙම හොටියොත් මොන මොනවා වෙයිද දන්නෑ … මෙච්චර වෙලා බඩගිනියි කියලා මැරෙන්න හදපු කෙනා දැන් යස අගේට මග ඇග උඩ නැගලා ඉන්න ලස්සන ඇත්තමයි ….

මන් නම් ඔය කාගෙවත් ඇගවල් උඩ බලෙන් නැගන් හිටියෙ නෑ… හහ් … බලන්න එපැයි මේ බේබි කිටන් බොරු ලැජ්ජ නැතුව …. මාව බලෙන්ම ලගට අරගෙන බාල අපරාද කරලා දැන් එනවා මෙතන චෝදනාවෙන් නිදහස් වෙන්න ….

මන් අකමැත්තෙන් උනත් බේබිගෙ ඇගෙන් එහාට උනේ ඇත්තටම මාව ඇග උඩ තියන් ඉන්න බර ඇති කියලා හිතුන නිසයි … ඒත් ඉතින් එහෙම කියලා නිකන් අතෑරලා දාන්නත් බෑනෙ මට …. ඒක හින්දා වචනෙන් පයිට් එක දෙන්න පටන් ගත්තා ….

ඔයා දැන් මගෙන් ගුටි කන්න හදන්නෙ කෙල්ලේ … දැන් ඔය කතාව නවත්තලා කන්න් යමුද … නැත්තන් ඉතින් ඔයා ඉන්න මෙතනට වෙලා මන් යනවා … කරුවලට බයයි අරවා මේවා නම් කියන්න් එපා ඊට පස්සෙ ….

අ.. අනේ බේබි … මන් ආයි මොකුත් කියන්නෑ බේබි … මාවත් එක්කන් යන්න …. කරුවලට නම් බයයි මන් …

ම්ම්ම්… මේ… මේ මේ…. මන් එක්කන් යන්නන් … හැබැයි ඊට කලින් තව වැඩක් කරන්න ඕනි .. කරනවද ….??

ම්ම් .. ඒ ගමන මොකක්ද බේබි … දැන් කන්න යමු කිව්වා නේද … ?? මගෙ බඩ ඇතුලෙ කට්ටිය පිනුම් ගහනවා වගේ දැන්නම් … අපි යමුකෝ බේබි …

හරි … එහෙනම් ඉතින් ඔය කියන්නෙ බෑ කියලනෙ … ඔයා එහෙනම් මේ කරුවලේ ඔතනටම් වෙලා ඉන්න මම යනවා එලියට .. මටත් බඩගිනී …
මෙතනට වෙලා හුරතල් වෙන්න වෙලාවක් නෑ …..හහ් …

අප්පෝ මෙයා නම් මහම මහා අලි නපුරු තඩියෙක් … මේ තරම් අහින්සක සුකුමාල කෙල්ලෙක්ව කලුවර කාමරයකට තනියම දාලා යන සිරිතක් තියෙනවද ඇත්තටම ….

අ… නෑ නෑ … බේබි … බේබි කියන්නකෝ මොකක්ද කරන්න ඕනි කියලා … මන් කරන්නම් … මට මේ කලුවර කාමරයෙ තනියම නම් ඉන්න බෑ ….

ඕක කලින්ම කිව්වනම් දැන් ගිහින් කනවනෙ සැපට … කියන්න තියෙන්නෙ මෙන්න මේක මට … අදින් පස්සෙ මට බේබි බේබි කියන්න එන්න එපා හරිද … අම්මලා ඉස්සරහා එහෙන කිව්වට කමක් නෑ හැබැයි අනිත් වෙලාවක එහෙම කිව්වොත් කට තලනවා මන් …

ඈ…… ඒ ගමන මොකාටද එන්න හදන්නෙ .. බේබි කියලා කියන්නැතුව මන් මොකක්ද කියන්න ඕනි… තඩියො කියලද දන්නෑ …. බඩගින්න වැඩි වෙලා පිස්සුවත් හැදුනද මෙයාට … නැත්නම් ඉතින් මේ රෑ නාලා මොලේ පෙගිලා ඇති …

???????????????

ඇයි දැන් මොනවද කටේ ඇගිල්ලකුත් ගහගෙන කල්පනා කරන්නෙ .. මන් ඔයාට කල්පන කරන දෙයක් කිව්වද ..
මන් කිව්ව විදියට ඉන්න් එකග නම් කන්න යන්න පුලුවන් දැන් …

ඒඑ..ඒත් බේබි මන් බේබිට බේබි කියන්නැතුව වෙන් මොකක්ද කියන්නෙ … ත.. තඩියා කියන්නද …??

නංගී .. ගුටි කන්න නම් හදන්න එපා … ඔයා මට අයියා කියන්න .. අයියා කියන්න බැරි නම් ඉතින් සුදු අයියා කියන්න …

හම්මේ … වැඩේටමයි … සුදු අයියා නෙවෙයි තඩි අයියා …

???????????????

ආ… එහෙනම් ඔයාට බෑනෙ .. මන් යනවා ..

ආ. ආඅනේ බේබි .. නැ.. නෑහ්.. සුදු අයියේ මාවත් අරන් යන්නකෝ ..

මන් එහෙම කියනවත් එක්කම කාමරයෙ ටෙබල් ලෑම්ප් එක පත්තු වුනේ මාව ගොඩාක් අපහසුතාවයට පත කරන ගමන් …

හැබැයි ඉතින් බේබි නම් හිටියා මල් පහේ හිනාවකුත් දාගෙන මගෙ දිහා බලාගෙනම … මන් හිමින් සැරේ ඇදෙන් බැහැලා ගවුමෙ බොත්තම් ටිකත් දාගෙන දොර ගාවට ගියේ ලැබුන අවසරයෙන් කාමරයෙන් එලියට පැන ගන්න …

කොහෙද දන්නෑ මගෙ මැණික ඔය දුවලා යන හදන්නෙ නේද ?? මයෙ කෙල්ලට අමතක වෙන්න ඇති දොර ලොක් කරලා මන් යතුර ගත්තා කියලා …

අයියෝ …. ඇයි අප්පා මට මේ වගේ ලැජ්ජ වෙන වැඩ වෙන්නෙ ….

ඔතනට වෙලා හිටගෙන මන් දිහා බලන් ඉන්නැතුව මගෙ කලිසමයි ටී ෂර්ට් එකයි අරන් දෙන්න මැණික … ඊට පස්සෙ ඔයාට මාත් එක්කම එලියට යන්න පුලුවන් …

හයියෝ සන්සාරෙ රෙදි අරන් දුන්නට පස්සෙ අදිනවත් බලන් ඉන්බ කිව්වොත් තමයි වැඩේ … මේ පිස්සට නම්….

මන් හිතින් බැන බැනම ඇද් කෙකවරට වෙන්න තිබ්බ කලිසමයි ටී ෂර්ට් එකයි අරන් බේබිට දුන්නා …

ආ .. දැන් ඉතින් මගෙ දිහා බලන් ඉන්නෙ මැනර්ස් දන්නැද්ද … ?? කෝ… කෝ … අහක බලා ගන මට ලැජ්ජයි…

අම්මලා ඔය වෙලාවටනම් පොලව පලා ගෙන යන හිතෙනව මට … බලන් යද්දි මෙයාට ලැජ්ජව කියලා එහෙකුත් තියෙනවා …
මන් ඇස් දෙකත් වහගෙන අනිත් පැත්ත හැරිලා හිට ගත්තෙ ඊලගට වෙන මොනවා කියයිද කියලා දන්නැති නිසා …

අනේ මගෙ කෙල්ල … මන් කියන කියන දේ කරනවා .. මාටත් ඕනි උනේ ඔය වගේ ආදරයක් නෙ දෙවියනේ …

හරි … හරි .. යන් …

බේබි මගේ අතිනුත් අල්ලගෙන කාමරෙ දොරත් ඇරගෙන එලියට ගියා … ඒත් ඉතින් මන් නම් වචනයක්වත් කත කරන්න් ගියේ නෑ .. ඊලගට මොන මොන බාල්දි පෙරලෙයිද දන්නෙ නෑනෙ ….

?????????????????
සිඳ දමා තටු යුවල
නිල් අහසෙ තතු කියන
උගුල්ලා නෙතු සඟල
පුන් සඳේ රුව ගයන
බැඳ දමා තොල් යුගල
ගයන්නට තනු වයන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන….

අඩන්නට කඳුළු දී
සිනාසෙන්නට කියන
තැවෙන්නට හේතු දී
සැනසෙන්න මග කියන
අරුමයකි මගේ සද
දෑ ගිලෙහි වෙලී සිටින
ආදරෙයි මගෙ පණට
ලග සිටිමි සැමදිනක…
??????????????????

බේබි මදූත් එක්ක කාමරයට ගිහින් රෑට කෑමත් කාලා දෙන්නා එක්කම එකම ඇදේ දෙපැත්තකට වෙලා නිදා ගත්තා .. මොනව උනත් කොල්ලා දැනගෙන හිටියා කෙල්ල ලග හිටියොත් ඒ හුරතලේට කොල්ලගෙ තියෙන පුරුෂ හැගීම් ඉස්මතු වෙනවා කියලා ….

……………………………………………………………………………………

කාලය ගෙවී ගියේ ඉතාමත් වේගයෙන් … වටින් පිටින් හොදටම එලිය වැටිලා තිබුනාත් බේබියි මදුයි නම් හොදට තුරුල් වෙකා නිදී … රෑ නිදා ගනිද්දි තිබ්බ ආදර පවුරු නම් දැන් නෑ හැබැයි …. දෙන්නා ඉන්නවා අලුත් බැදපු ජෝඩුව වගේ …

ටින් … ටොං… ටිං… ටොං….

හොදට නින්ද ගිහින් හිටිය දෙන්නම උඩ ගිහින් ඇහැරෙන්නෙ කාමරේ බෙල් එක උඩ නැගලා ඉන්න එකාගෙ පිහිටෙන් .. කෙල්ල ඇස් දෙක කටේ දාගෙන බේබිගෙ දිහා බලන් ඉන්නවා … මොකද ඉතින් රෑ හිටිය විදියට මෙතන කොහොමද මෙතන ඉන්නෙ කියල හිතා ගන්න බැරි වෙන්න ඇති කෙල්ලට..

ම්ම්ම්… මගෙ මැණික මගේ දිහා ඔහොම බලන් ඉන්නෙ ඇයි ආ… ඇහෙන් නැද්ද අනේ බෙල් එක ගහනවා …පොඩ්ඩක් බලන්නකො ගිහින් මට නිදි මතයි අප්පා ….

මේ … ඒක නෙවෙයි ඔයා කොහොමද මන් නිදා ගත්ත තැන ඉන්නෙ .. ඔයා හිටියෙ එහානෙ ….

කවුද මමද … ආ… ඔව් .. ඔව් ඉතින් රෑ එතන් හිටියට උදේ වෙද්දි හීතලක් ආවනෙ… මන් ඉතින් පොඩ්ඩක් මෙහාට ආවා… එතකොට ඔයා මා ගාවට ආවා ….
මන් ඉතින් මොකුත් කියන්න ගියෙත් නෑ… ඔයත් ඉතින් ඕක ප්‍රශ්නයක් කරගන්නැතුව දොර ඇරලා බලන්නකො කවුද ඉන්නෙ කියලා …

තියෙන් කපටි කම විතරක් .. මා ගාවට ආවා මදිවට දැන් එනව මෙතන් බොරුත් කියන්න …

මදූ බොරුවට ගස්සගෙන ඇදෙන් බැහැලා දොර ගාවට ගියා … ඒත් එක්කම නිදා ගෙන හිටිය බේබි නැගිට්ටෙ වෙඩිල්ල වගේ …

ඒ… ඒ.. ඔහොම ඉන්න … දොර අරින්න එපා…

ඇයි … දැන් මැරෙන්න් හැදුවෙ ඩොර අරින්න් කියලා…

දොර අරින්න කිව්වනම් තමයි … ඒත් ඔය ඇවිල්ල ඉන්න කෙනා මගෙ සුරංගනාවිගෙ ඔය ඇරිලා තියෙන දේවල් දැකලා උස්සගෙන ගියොත් එහෙම මට වෙන්බෙ ගගට පනින්න .. ඒක හිනදා ඔය ටික වහගෙන පැත්තකට වෙලා ඉන්නකො මැණික ….

බේබි ඇහැක් ඉගි මරමින් මදූගෙ ගවුමෙ ඇරිලා තියෙන බොත්තම පෙන්නුවේ නෝන්ඩියට වගේ … කෙල්ල ඉතින් බේබිගෙ හැටි දන්න නිසාම කරබාගෙන ගිහින් ඇද උඩින් වාඩි වුනා…

……………………………………………………………………………

අද නම් ටිකක් දිගට දැම්මා.. ඕන්න අහක බලාගෙන එහෙම යන්න් බැ යාලුවනේ ..

අනිත් එක කතාවෙ අඩු පාඩුවක් තියෙනවානම් කියන්න… ඔය මොකුත් නොකියා වන් ස්ටාර් විතරක් එහෙම දාගෙන යන්න එපා යාලුවනේ….

?සිහින සිත්තරාවී?
2k20 a/l batch

21 thoughts on “?අප්සරාවී?|හතලිස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Buddhika subhashini

    අද මරු දිගගගගගග කොටසක් දාලා ??????? good girl ??? අදත් කතාව ලස්සනයි නංගා.good luck

  2. ?හසිතා?

    Katawa lassanai……..godaaaaaaaaakkk ……..suba pathum nagoooo….hetat digaaaaaaaaaaaaa kotasak oniii…..????????????????????????

  3. Priyadarshani

    නියමායි හලෝ දිග කොටසක් දාලා අද…?????
    තව දිගම දිග කොටසක් හෙටත් ඕන..
    කතාව ට මං දැන් පිස්සු වැටිලා ඉන්නෙ
    හැමදාම කතාව දාන්න හරිද..???
    Good luck ???

  4. කතාව ගොඩක් ලස්සනය නංගා.
    සුභ පතනවා ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා .

  5. Hm vinola kalpani

    ෂාාාා කතාව අදනම් ලස්සනයි අනේ ගොඩක් දිගට දාල තිබුනා එකට thanks අනේ .
    කතාව තව ලස්ස්නට ලියන්න මං සුබ පතනවා!!!!!!!!

  6. Lakmali lakmali

    ගොඩක් ලස්සනයි දැන් නම් මරු හලෝ අනේ පුලුවන්නම් හැමදාම දිග කොටස් දාන්න good lukc ???????????

  7. SURANGANAWI

    Hamadama me wage diga kotas dannaaaaaaa……………..
    Dulangai sherin ganai kiwwema nane.mokada une sherinta.
    Thawath lassana katha liyanna shakthiya labewa kiyl mn prarthana krnwa.bs.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.