Katha Ahura

?අප්සරාවී?|හතලිස් දෙවන දිගහැරුම|නව කතාව |කතා අහුර රචක|

4.9/5 - (21 votes)

?????අප්සරාවී?????
// හතලිස් දෙවන දිගහැරුම //

ආයෙත් දාලා යයි කියන බයටම මදූ බේබිගෙ තුරුලටම වෙලා හිටියා….

නංගී….

මොකෝ මේ …

ඔයා හිතුවද මන් ඔයාව මේ කාමරය ඇතුලෙ තනියම දාලා එලියට ගියා කියලා ….
ම්ම්ම්..

හිතාගෙන ඇති මන් මේ කාමරය ඇතුලෙ තනියම තියලා යයි කියලා ….

කූඩැල්ලා ඉතින් මෙට්ටෙ උඩ තියන්න බැරි කතාව මන් දන්නවනේ …
ඉතින් මන් යයිද ඔයාව තනියම දාලා මගෙ මැණික….

බලාගෙන් යනකොට මගෙ චණ්ඩි රැජින හෙන බය ගුල්ලියක්නෙ … මැට්ටි…

මාව මෙතන බය කරලා හිටන් දැන් එනවා සනසන්න …

මන් රැවටෙන්නැ ඕවට …

දැන් ඉතින් මගෙ හිතේ තියෙන දේත් දැන ගත්තනෙ …

මැට්ටා … බලන් යද්දි මාව ගොනාට අන්දලා මේ බේබි … හිතුවද දන්නෑ මට අන් ඇවිත් කියලා … හහ් ….

මේ කෙල්ලගෙ කටේ පිට්ටුද මන්ද මන් කතා කරනකොට …

යකෝ හ්ම්ම් කියලවත් වචනයක් කතා කරන්නෑනෙ …

ඒකට මන් නැති වෙලාවට බලන්න එපැයි …. කටර් එක වගේ කියවිල්ල …

දැන් ඉන්නවා හරියට පූස් පැටියා වගේ.. බලන් යද්දි පූසො හොදයි….

මදුයි බේබියි දෙන්නම හිත් වලින් ලොකු සංවාදයක …

දෙන්නා ඉන්නෙ තම තමන්ගෙ ලෝක වල …

ඔය අතරෙ ආයිමත් සැරයක් බේබිගෙ දගකාරකම් එලියට පනින්නයි හදන්නෙ දැන් …

දඩබ්බරකමේ ආරම්භය ගන්න ගමන් බේබි හෙමින් සැරේ මදූව තුරුලෙන් එහාට කලේ මදූවත් පුදුමයට පත් කරන් ගමන් …

මෙච්චර වෙලා හාවක් හූවක් නැතුව හිටිය කාමරය ඇතුලෙන් එක පාරටම ඇහුනෙ හයියෙන් හිනා වෙන හඩක් ….

අ.. අනේ බේබි ඒ කවුද …

මදූ බයෙන් බයෙන් බේබිගෙන් ඇහුවත් බේබිගෙන් හ්ම්ම්ම් සද්දයක්වත් නෑ ….

මදූගෙ හිත සන්සුන් වෙලා තිබ්බට මොකද සන්සුන් උනාට වැඩිවේගයකින් ඒ හිත නොසන්සුන් වෙන්න පටන් ගත්තා …

බේ… බි … ඔයා මාව ආයිමත් සැරයක් බය කරන්න ද හදන්නෙ ඔය …..

මන් බයයි කියලා කිව්වනෙ සැරයක් …

ඇයි උබ බයයි කියලා මන් මොනව කරන්නද ….??

හහ්… හහ්…හහ්.. හා….

ඇයි උබට අමතක උනාද මන් වලවුවෙ පොඩි බේබි කියලා….

දැන් ඉතින් උබ මට ආදරෙයි කිව්ව එකේ අදම මේක සමරමු …

ආයි ඉතින් කල් දදා ඉදලා වැඩක් නෑනෙ …

අපෙ අප්පච්චිලත් කැමති වෙයි ඉක්මනින්ම මුණුබුරෙක් දැක ගන්න ….

දෙ.. දෙයියනේ …

බේ…බි මේ මොනව… ද කියවන්නෙ….

බේබිට හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද බේබි …

එ… එතකොට මෙච්ච්‍ර වෙලාබේබි මට කලේ බොරුවක්ද…

චිහ්ඃ ….
මන් කවදාවත් හිතුවෙ නෑ බේබි ඔය වගේ ජරා තිරිසන් මිනිහෙක් කියලා …

බේබිලාට අපි වගේ කෙල්ලො සෙල්ලම් බඩු වෙන්න ඇති …

ඒත් අපිට අපේ නම්බුව වටිනවා …

ආහ් .. ඇත්තද කුමාරිහාමි …

බලමුකො කුමාරිහාමි කොහොමද නම්බුව රැක ගන්නෙ කියලා …

කුමාරිහාමි ම හිතලා බලන්න නම්බුව ද ජීවිතය ද වැදගත් වෙන්නෙ කියලා එහෙනම් ….

ඉහ්හි…. ඉහි ….
මදූ කරේ අඩන එක විතරයි …

වෙන්නෙ මොනවද කරන්න ඕනි මොනවද කියලා හිතා ගන්න බැරිව කෙල්ල ඉන්නෙ ගොඩාරියක් අසරණ වෙලා …

ඒත් කෙල්ල දිහා බලාගෙන සතුටු වෙන කෙනෙක් ඉන්නවා තවත් ..

ඒ තමයි බේබි …

මේ තරම් උතුම් කෙල්ලෙක් තමන්ගෙ ප්‍රේමවන්තිය වගේම අනාගතයේ බිරිද කරගන්න පුලුවන් වෙන හින්දා බේබි හිටියෙ ගොඩාක් සතුටින් …

ඒත් ඒ සතුටට මොන තරම් බාදා වෙයිද කියලා බේබිට මේ වෙලාවෙ නම් හිතුනෙම නෑ…

බේබිගෙ හිතේ දැන් තියෙන්නෙ කෙල්ලව බය කරලා ඇඩෙව්වා වගේම කෙල්ලගෙ හිත හදලා බය නැති කරන්න විදියක් විතරයි …

*************

ඇයි දැන් තමුසෙ අඩන්නෙ …

ආ … මොනවද උනෙ තමුන්ට …

මෙච්චර වෙලා යසට හිටියෙ …

මදූගෙ ඇඩිල්ල ඉවර වෙනකන් බලන් ඉදලා බලන් ඉදලා ඉවරයක් වෙන්නෙ නැතිම තැන් බේබි ටිකක් සද්දෙ දාලා මදූට කතා කලා …

ඒත් ඉතින් කෙල්ලගෙ ඉකි ගැහිල්ලෙන් අඩුවක් උනේ නෑ …

මන් දැන් ප්‍රශ්නයක් ඇහුවා …

මගෙ යකා අවුස්සන්නෙ නැතුව මන් අහපු දේට උත්තර දෙනවා ….

බේබි හිනහව හංගගෙනම කතා කරනවා …

ඒත් මදූට දැනෙන්නෙ පණ පිටින්ම වල දැම්මා වගේ හැගීමක් ..

ම.. මන් මොනා.. ද තව කියන්න ඕනි ..

මොනවා උනත් මන් බේබිව විශ්වාස කලා ….

මමයි මෝඩ උනේ ….

දවසක් දැක්ක මිනිහෙක්ට ආදරය කරන්න කලින් මටත් හිතන්න තිබ්බා ..

මොනවා උනත් වලවුකාරයෙක්නෙ ..

ඔය වලවුකාරයන්ට දකින දකින් කෙල්ලව ඕනි කියනවානෙ ඇබලයන්ට වගේ …

කොහොමත් දැන් මට බේබිගෙන් බේරෙන්න බෑ කියලා මන් දන්නවා …

මොකද මන් දැන් බේරුනා කියලා ආයිමත් යන්න තියෙන්නෙ ඔය වලවුවටමනෙ …

වලවුවට ගියත් මේ මන් ගැන බලන්න ඉන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි ..

බේබිගෙ ඔය පහත් ආශාවට මන් බිලි වෙනවා …

මගේ ජීවිතේ කොහොමත් කාටවත්ම වැඩක් නැති එකක් ..

එහෙව් මට ඕක ඒ තරම් දෙයක් වෙන එකක් නෑ…..

මදූ ආවේගයෙන් කියාගෙන කියාගෙන ගියදේවල් බේබි අහන් හිටියෙ හඩා වැටෙන හදවතින් …

බේබිගෙ මෙ දගකාර වැඩ නිසා මදූගෙ හිත මොන තරම් පෑරිලාද තියෙන්නෙ කියලා බේබිට ගොඩාක් හොදට තේරෙනවා …

එත් ඉතින් බේබි පරදින්න නම් සූදානමක් නෑ …

ම්ම්… ඒ කියන්නෙ ඉතින් කුමාරිහාමි මගෙ වැඩේට කැමතියි කියලනෙ …

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද .. ??

කැමැත්ත දුන්න් වෙලේ කරගත්තෙ නැත්තන් පසුවට තීරණ වෙනස්වෙන්න ඉඩ තියෙනවනේ ….

මගෙ රත්තරන් කෙල්ල මන් කියන කතා විශ්වාස කරන හැටි ඇත්තටම ..

මාව දැක්කම පේන්නේ මොකෙක් වගේද දන්නෑ ඇත්තමයි …

***********

අනේ මේ වගේ තිරිසන් හිතක් …

මගෙ හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා….

ඒත් එක්කම බේබි මගේ අතකින් ඇදලා ඒ හැඩි දැඩි ඇගට යට කර ගත්තෙ මට හිතන්නවත් මොහොතක් නොදී …

ඒ උනුසුමට මන් ඇලුම් කලත් දැන් මට දැනුනෙ මහම මහා අප්පිරියාවක් …

ඒත් ඉවසීම ඇරෙන්න මේ වෙලාවෙ මට වෙන විකල්පයක් දෙවියො මවලා නැතුව ඇති ….

මගෙ දෙතොල් බේබිගෙ දෙතොල් වල නැවත් සැරයක් ගැටෙද්දි මට දැනුනෙ පිලිකුලක් ..

ඒ දෙතොල් මගෙ සියුමැලි තොලෙන් පටන් ගෙන මගෙ සිරුර පුරා දිව යද්දි මගෙ ඇස් වලින් කදුලු බිදු වාන් දැම්මෙ මාව තව තවත් අසරණ කරලා ….

අතොරක් නැතුව සිප ගැනීම අවසන් වූයෙ ඒ හැඩි දැඩි අත් මගෙ ලමැද මතට ඒමත් සමගයි …

ගවුමේ බොත්තම් එකින් එක ගැලවෙද්දි මගේ ඇග හිරි වැටී ගියේ තව මොහොතකින් මන් මේ කාමරයෙන් එලියට යන්නෙ කන්‍යාවියක් විදිහට නොව ගැහැණික් ලෙසට කියලා මතක් වෙද්දි ය …

ඒත් බොත්තම් සියල්ල ගැලවී අවසානයේ සිදුවූයේ මා කිසිසේත් අපේක්ශා කලේ නැති දෙයක් …

මගේ ලමැදට මැදිව බේබි හිස තබාගත්තේ මගේ බද වටා ඔහුගේ දෑත් යවන ගමන්මය …

මගේ වාන් දමන කදුලු මදකට නතර වුනේ මොකක් මටත් සිතා ගන්නට නොහැකි ලෙසිනි …

තත්පර , විනාඩි ගෙවී ගියත් බේබිගෙ ඉරියව්වේ කිසිම වෙනසක් උනේ නෑ …

බ්… බේ … බි … ඇ… ඇයි මෙ ….
බේ…..බි ….

ම්ම්ම්… මොකද දැන් ….

බේබිගෙ ප්‍රශ්නයට මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ…

ඇත්තටම මන් බේබිට කතා කලා කියලා මොනවා කියන්නද ..

ඇයි සද්දයක් නැතුව ඉන්නෙ කියලා අහන්නද …

මන් එහෙම හිතලා නිශ්ශබ්ද වුනා …

ඒ ගමන මොකද කට වහ ගත්තෙ …

ඇයි .. දැන් මට බැනලා ඉවර ද නංගි ….

ඔයාට මාව තිරිසනෙකුත් උනා එහෙනම් නේද …. ??

ඔයා මට ඔයාගෙ පණට වඩ ආදරය කරලත් කොහොමද මන් ගැන ඔය තරම් පහත් විදියට හිතුවෙ …

ම්ම් …. මන් කොහොමද දෙයියනේ මගෙ රත්තරන් කෙල්ලට ඒ වගේ ජරා වැඩක් කරන්නෙ ….

මන් උබට ආදරෙයි කිව්වෙ හදවතින් බන් ….

ඔය වලවු වල ඉන්න හාමුලා කියලා කියන උන්ගෙ මට්ටමින් මාව මනින්න එපා කෙල්ලෙ ..

මට ඕනි උබව විතරයි …

උබෙ ආදරය විතරයි …

පාරෙ ඉන්න කටු කන බල්ලන්ගෙන් උබව බේර ගත්තෙ මගෙ අතින් උබව නැති කරලා දාන්න නෙවෙයි බන් …

හැමදාම හදක් වගේ බලා ගන්න …

බ්.. බේබි … මො… මොනවද බේබි ඔය කියන්නෙ …

මට බේබි ඔය කියන දේවල් හිතා ගන්න බෑ….

මට තේරෙන්නෑ බේබි …

………………………………………………………………………………………………………………………………………

ම්ම්ම් … කතාව එහෙනම් මන් දිගටම අරන් යනවා යාලුවනේ… හැබැයි ඉතින් කතාව අරන් යනවා කියන්නෙ දිග කොටස් දැමත් දවස් ගානක් යනකන් කතාව ඉවර කරන්න බැරි වෙනවා …

ඒක හින්දා ඉතින් කතාව ඒ විදියටම කතාව ගෙනියන්න මට ඔයාලගෙන් ලොකු සහයෝගක ඕනි හලිද යාලුවනේ…

කතාව රේට් කරන කමෙන්ට් කරන මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි …

ඒ වගෙම තමා ඉතින් කතාව බලලා නොදැක්කා වගේ යන කට්ටියටත් ගොඩාක් ස්තූතියි .. ඔයාලා ඉතින් කතාව බලලා හරි යන එක ගැන මන් සතුටු වෙනවා …

සිතුවිල්ලෙන් – සිතුවිල්ල.,
අකුරු කර, කැටයම් කරන කොට.,
Current යනවත් එක්කම
UPS එකත් Off උනාම.,

දැනෙන සනීපය!!

ටිකකින් Current ආවට,
Save නොවුන සිතුවිලි ගොන්න
අයෙ එනවද?..

ආවත් හිතට හරි නෑනේ
උනු උනුවෙ ලියවුන එව්වා වගේම!!

මටමයි වෙන්නෙ…
සංසාරේ…..!!

?සිහින සිත්තරාවී?

23 thoughts on “?අප්සරාවී?|හතලිස් දෙවන දිගහැරුම|නව කතාව |කතා අහුර රචක|”

  1. Priyadarshani

    නියමායි සුදූ ඔයා හොදටම ලියනව කතාව ???????? ….පුලුවන් නම් විතරක් තව ටිකක් දිගට කතාව දාන්න ??…
    Good luck ?????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      හලි අක්කියෝ … තව ටිකක් දිගට දන්නම් මන් ….තැන්ක් යූ..??

  2. Buddhika subhashini

    අහ් මරු අනේ ඒ දෙන්නා .හරිම ආදරණීයයි ❤️❤️❤️❤️❤️??????අදත් ලස්සනයි කතාව ..good luck ???

  3. Hemanthi ruwan kumari

    ලස්සන කතාවක්.l like it. thanks. Good work.දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි චුටි නංගියේ ඔයාට.

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අනී … තැන්ක් යූ අක්කියෝ ඔයාට …??

      තෙරුවන් සරණයි අක්කියෝ…!!

  4. Thakshi Deepali Jayasuriya

    මේ කෙල්ල හොඳටම පැහිලා දැන්..අාච්චි.. කතාව නම් හරිම ලස්සනයි නංගා…දිගටම ගෙනියන්න…කියෝනවා අපි

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතූ … නේද අක්කියෝ….???

      තැන්ක් යූ සුදු අක්කියෝ…??

  5. Ane dannam kathawa harima shok aneeeeee…….thawa tikak digata dammanam maru eth ithin oyata kiyalath wada nathuwa ai neda ane…. thawa lassanata kathawa liyanna mn suba pathanawa hodeeeee?????????????

  6. ???? ඔන්න ඉතින් මේ කොටස් මං නම් කියෙව්වෙ තියා අප්සරාවි දිහා හැරිලා වත් බැලුවෙ නෑ……..???? අපේ අම්මා ඇහුවොත් මං ගැන එහෙම කියන්න කාංචියේ ????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      මන් නම් කියනව ඔය තමයි ඉස්සෙල්ලාම කියෙව්ව කෙනා කියලා..??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.