Katha Ahura

?අප්සරාවී?|හතලිස් නවවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් නවවන දිගහැරුම//

ගොඩාක් වෙලාවට වලවුවට යන එන මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙ මරෝ මරෝ … ඒකත් වැඩි පුරම ගෑණු අයගෙන් … මිනිස්සුනම් කිව්වෙ මැණිකෙට ගෑණු අය එක්ක ලොකු තරහක් තියෙනවා කියලා … ඔය අතරෙ ඉතින් ඔයිට වඩා ලොකු ලොකු දේවල් උනා ගෑණු ලමිස්සියන්ටත් …

ඒ දේවල් නම් මට බේබි මහත්තයා එක්ක කියන්න අමාරුයි …. කොහොම උනත් ගමේ කට්ටිය වලවුවට යන් එන එක නතර වුන එක තමයි ඕකෙන් උනේ … හැබැයි මැණිකෙ පෝරු නගින්න කලින් වලවුවට එන කිසිම දවසක සමුද්‍රා බේබිවත් , සුමනාවත් වලවුවෙ හිටියෙ නෑ … හැබැයි මැණිකෙ දැනන් ඉදලා තිබ්බා සුමනගෙයි හාමු මහත්තයාගෙයි සම්බන්ධය …

මැණිකෙගෙ කට හින්දමයි වලවුව්වෙ ලොකු මැණිකෙලත් ඔය සිද්ධිය දැනගත්තෙ … ඒත් මැණිකෙ දැන ගන්නකොට සුමනගෙයි හාමු මහත්තයාගෙයි අතරෙ තිබ්බ ප්‍රේම සම්බන්ධය නතර වෙලා තිබුණෙ… මොකද හාමු මහත්තයා වගේම සුමනත් කැමති උනේ නෑ නොලැබෙන් දෙයක් වෙනුවෙන් බොරු හීන මවා ගෙන ජීවත් වෙන්න ..

ඒත් ඒ දේ වලවුවෙ අලුත් මැණිකෙට තේරුණේ නෑ … සුමනා වලවුවට නොඑන හැම දවසකම වගේ හාමු මහත්තයයි සමුද්‍රා බේබියි වලවුවෙ හිටියෙ නැති නිසා මැණිකෙ හාමු මහත්තයා ගැනත් හිතුවෙ වැරදියට .. වලවුවෙ මැණිකෙලාට බොරු කේලම් කියන්න පටන් ගත්තා … ඒකෙන් මේකෙන් උනේ හාමු මහත්තයාගෙ කසාදෙ ඉක්මන් වෙන එක ..

කොහොම හරි යෝජනාව කරලා තුන් මාසයක් යනකොට කසාදෙට දින දා ගත්තා …. හැබැයි වලවුවෙ වෙන කිසිම දෙයක් මේ වෙනකොට සමුද්‍රා බේබි දැනන් හිටියෙ නෑ …. සමුද්‍රා බේබි හිටියෙ වෙනමම ලෝකෙක … ඒත් අහම්බෙන් වගේ විවාහයට සතියකට විතර කලින් සමුද්‍රා බේබි යනවා සුමනව හම්බෙන්න ….

එතකොට තම සමුද්‍රා බේබි දැන ගන්නෙ හාමු මහත්තයගෙ කසාදෙ ගැන … එත් ඒක දැන ගන්නකොට සමුද්‍රා බේබි ගොඩාක් පරක්කු වැඩියි … කසාදෙ නවත්තන්න කියලා කරන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ …. තමන්ගෙ යාලුවාට මේ තරම් දුකක් දෙන්න සිද්ද වුන එක ගැන සමුද්‍රා බේබි හිටියෙ වලවුවෙ අලුත් මැණික එහෙමත් නැත්තනම් සමුද්‍රා බේබිගෙ නෑනා එක්ක ලොකුම ලොකු තරහකින් ….

කසාදෙට දවස් තුනකට විතර කලින් සමුද්‍රා බේබිට මැණිකෙව හම්බෙනවා වලවුවෙදි .. එතකොටයි මැණිකෙ දැක්කෙ ඇත්තටම සමුද්‍රා බේබිව හරියටම … සමුද්‍රා බේබිත් රූ සපුව අතින් මැණිකෙට වඩා ගොඩාක් ඉදිරියෙන් හිටියෙ … ඒත් එදා සමුද්‍රා බේබි තමන්ගෙ නෑනට ලොකු අනතුරු ඇගවීමක් කලා … සමුද්‍රා බේබි කිව්වා හාමු මහත්තයට ……….

“ආ……… එපා …………….. අනේ … එපා ………………”

පීටර් කියන්න ගිය දේ ගිල ගත්තේ එක පාරටම වලවුවෙන් ඇහුන කෑ ගහන් සද්දයක් නිසා …. මෙච්චර වෙලා පිඋටර්ගෙ කතාවට අවධානයදීලාහිටියබේබි උනත් ඒ සද්දෙට ගැස්සිලා ගියා කිව්වොත් හරි ….

ඒත් ඒ හඩ හරිම වේදනාතමකයි කියලා දැනෙද්දි බේබිට මතක් උනේ මදූව …
ඒ දේ ඒ විදියටම පීටර්ටත් හිතුන හින්දද මන්ද එ වෙලෙම වගේ පීටරුත් බැලුවෙ බේබිගෙ දිහා …. බේබි එකපාරටම වලවුව දිහාවට දුවන්න පටන් ගත්තෙත් පිටර් ඒ පස්සෙන් දිව්වෙත් ඇත්තටම මොනවා වෙනවද කියල හිත ගන්න බැරිවයි ….

*****************

ආ …. බැ@## උබ ඔහොම නිදා ගත්තම වල්වුවෙ වැඩ ටික කරන්න ඕනි මමද කියහන් … ආ …. ඇයි මෙච්චර දවසක් උබ නිවාඩු ගත්ත මදිද … තවත් මෙතන ඇවිත් බුදියන් ඉන්නෙ … උබට මේ වලවුවෙ පිනට කන්න බොන්න දෙනවා කියලා හිතුවද ප@#$&@…. පලයන් ගිහින් මේ බේබිලාට රෑට කන්න හදහන් … අනික මතක තියා ගනින් උබ මීට පස්සෙ මේ පුංචි නෝනෙ කියන් දේ අහන්න ඕනි … මොහොකට හරි බැ කිව්වොත් උබව මන් ඉතුරු කරන්නෑ ….

හහ් … අන්න හරි ආන්ටි … නැත්නම් මේ ගොඩේ බයියන්ව හදන්න බැ ආන්ටි … මුන් ඊට පස්සෙ අපේ කරෙත් නගියි … දැක්කනෙ මගෙ ස්විටිගෙ ඇගෙ එල්ලිලා හිටියහැටි …

කෝ ඉන්න ආන්ටි මන් කියලා දෙන්න මේකිට …….

ආ … එපා නෝනා රි …. දෙනවා … අනේ .. හ් මැ.. ණිකෙ මන් වැ … ඩ ටික කරන්නම් මාව අතාරින්න කියන්න මැණි … කෙ ….

අතෑරහන් ඔය කෙල්ලව ප@%#& ..

බේබි වලවුව්ට එනකොට දැක්කෙ කුස්සිය ඇතුලෙ ඉන්න බිම ඉදන් ඉන්න මදූව … කෙල්ලගෙ කොණ්ඩෙ අබරවලා අල්ල ගෙන හිටියෙ අලුත් උඩැක්කිය .. බේබිගෙ අම්මත් ඒ අසලම ඉදෆෙන උල්පන්දම් දෙනවා …

මේ වෙන සිදුවීම ඈත තියාම් දැක්ක බේබිගෙ කේන්තිය හාර අසූවට නැග්ගෙ කාටවත්ම හිතාගන්න බැරි විදියට … බේබි කේන්තියෙන් පිට කරපු වචන වල හඩ කාමරයට වෙලා සාකච්චාවක යෙදිලා හිටිය හාමු මහත්තයට වගේම උඩැක්කියගෙ තාත්තටත් ඇහුණ … ඒ දෙන්නත් දුවගෙන ආවෙ මේ මොකක්ද වෙන්නෙ කියලා බලන්න ….

අයියෝ ආන්ටි … මේ බලන්නකෝ … මේ ගොඩේ කෙල්ලෙක්ට ගහනවාට මෙයාට යන කේන්තියක් .. මගෙ ස්වීටි ඔහොම තරහ ගන්න එපා අනේ … මට කේන්ති ගියා ඔයාගෙ ඇගේ මේ නැට්ටිච්චි එල්ලිලා ඉන්නවා දැක්කම ඉතින් …
මන් කැමති නෑ මට අයිති වස්තුවකට වෙන කවුරුවත්ම අතක් තියනවට ….

මොකක්ද උබ කිව්වෙ .. කවුද කිව්වෙ මන් උබට අයිති වස්තුවක් කියලා …

බේබි ගිනි පිට වෙන ඇස් වලින් බැලුවෙ මැණිකෙ දිහා …මැණිකෙත් ඒ බැල්මට නම් ටිකක් ගැස්සුනා .. මොකද කොල්ලා මේ තරම් දරුණු විදියට ඉන්නවා මැණිකෙ දැකලා නෑ ….

මන් කවමදාකවත් උබට අයිති වෙන දෙයක් නෙවෙයි .. ඇයි උබ හිතුවද අපි සෙල්ලම් බඩු කියලා එකඑකවෙආවල් වලට උබලට අයිති වෙන්න … එහෙම හිතුවනම් ඉතින් උබට ලොකුවටම වැරදිලා … උබ දැනගනින් උබ ආයිමත් සැරයක්මට හිමිකම් කියාගෙන ආවොත් උබට විතරක් නෙවෙයිඔය හිමික්ම් දෙනවයිකියන උන්ටත් වෙන්නෙ ඉක්මනටම වහා කන්න … අනිත් එක ඔය එක එකාලට කරපු දේවල් වුන දේවල් මන් මට වෙනකන් බලා ගෙන ඉන්න් පුත්තරයෙක් නෙවෙයි … අන්න ඒක හොදට මතක තිය් ගනින් …

බේබිගෙ සද්දෙට කුස්සියට ආව හාමු මහත්තයා බේබි කියන් දේවල් අහන් හිටියෙ පුදුමයෙන් වගේ … එතකොටයි දැක්කෙ කුස්සියේ බිම ඉන්න මදුව …. බේබිගෙ කේන්තිය සාදාරණයි කියල හාමු මහත්තයට හිතුනත් අන්තිම පාර බේබි කිව්ව වචන ටික හාමු මහත්තයාගෙ හිතට ගෙනාවෙ ලොකු බරක් …. ඒත් හාමු මහත්තයා තාම දන්නෙ නැ පොඩි බේබි තමන්ගෙ අතීතය පිටිපස්සෙන් දැනටමත් පන්නනවා කියලා ….

පලයන් යන්න් එහාට …

බේබි මදූ ගාවට ගිහින් මහ ලොකු කම් කත අකරපු උඩැක්කියව තල්ලු කරපු පාර ඒ කෙල්ල ගිහින් බිම් වැටුනෙ හරිම් අසංවර විදියට … ඒත් බේබි ඒ දිහා නොඅලම මදුය්වහ් වත්තන් කරගෙන කුස්සියෙන් පිට වුනේ තවත් සැරයක් මැණිකෙගෙ දිහා තරවටු බැල්මකින් බලන් ගමන් ….

මදූ නම් හිටියෙ උන දෙයක් හිතා ගන්න් බැරිව … ඒත් කෙල්ලගෙ හිතනම් ගොඩාක් පෑරිලා තිබුනෙ .. මොනව වුනත් කෙල්ල කැමති නෑ කෙල්ල හින්ද බේබි වලවුවෙ කට්ටිය එක්ක රණ්ඩුවට යනවට ..

**************

ඕහ් … මයි ඩෝටර් … ටානියා ආ යූ ඕකේ මයි ඩාර්ලින්ග් ..

නෝ ප්‍රොබ්ලම් ඩැඩී … අයිම් ඕකෙ …
ටානියා නැගිටින ගමන් එයාගෙ ඩැඩීට එහෙම කිව්වත් ටානියා හිටියෙ කේන්තියෙන් … තමන්ට උන් ලැජ්ජාවගැන ටානියා ඕනවටත් වැඩිය හිතුවා ….

මිස්ටර් මුදලි …. ඇයි ඔයාලගෙ සන් මගෙ ඩෝටර්ටමේ විදියට සලකන්නෙ …. අනික මේ වලවුවෙ වැඩට ඉන්න චීප් කෙල්ලක් නිස … වයි …. මේ උන සිදුවීමට නම් මන් ඇත්තටම සමාව ගන්නවා මිස්ටර් එඩ්වින් … මන් හිතුවෙ නෑ පුතා මේතරම් කේන්ති ගනීවි කියලා .. කොහොම උනත් පුතාව දැන්ම බන්දවලා දෙන්න මගේ කිසිම් අදහසක් නෑ …

මොකද පුතා තව ඉහලට ඉගෙන ගන්න ඕනි කියලා මට කියලයි තියෙන්නෙ … තාම කොල්ලට 19ක් වුනා විතරයි … මන් හිතන්නෙ එඩ්වින්ගෙ ඩෝටර්ටත් ඒ වයසමයි මයෙ හිතේ …..
තාම් මේ ලමයි පවුල් ජීවිතේ කරට ගන්න පොඩි වැඩියි කියලයි මගෙ තීරණය .. මොකද මට අයිතියක් තියෙනවා මගෙ පුතා ගැන තීරණයක් ගන්න … මන් කැමති නෑ මගෙ තීරණයක් හින්ද පුතාගෙ ජීවිත කාලයම් විනාශ වෙලා යනවා දකින්න …

පිස්සුද ඔයාට … ආ …

හම්මු මහත්තයාගෙ කතාව අහන් හිටිය මැණිකෙ එකපාරටම මැද්දට පැන්නා ….

මේ මිස්ටර් එඩ්වින් … ඔය ඕව ගනන් ගන්න එපා .. මන්මගෙ සන්ව ඔයාගෙ දුවට බන්දලා දෙනවා .. කොහොමත් ටානියා දූත් කැමතියිනෙ ඒකට ….

ඕකේ මිසිස් මුදලිගේ … ටානියා මයි ඩෝටර් .. ඔයා කියන් දේ මන් අහනව කියලා ඔයා දන්නවනෙ දූ … ඔයාගෙ තීරණයකට කොහොමවත් මන් අකමැති නම් වෙන්නෙ නෑ ….

ඕ… ඩැඩී … මන් දන්නවා ඔය ගැන … කොහොමත් ඉතින් නිසල් තාම් මාව හරියටම් දන්නෙ නෑනෙ … එයාව පොඩ්ඩක් ආශ්‍රය කලාම හරියයි ඕවා….
ඕකේ ඩැඩී …..

ඕකේ මයි ඩෝටර් ….

යමු දූ අරහෙට .. මන් දූටයි ඩැඩීටයි කෑම ටිකක් හදන්නම් රෑට කාලම යන්න … අදමනෙ ආවෙ .. හිස් බඩින් යවන්න බෑනෙ ….

ම්ම් .. මන් එන්නම් ආන්ටි එක්ක කිචන් එකට … ඩැඩී අන්කල් එක්ක ටෝක් කරගෙන ඉදියිනෙ ….

හරි ම්… දූ ඉන්නකෝ මාත් එක්ක ….

***************

මදූ … මගෙ නංගි …
ඔයාට රිදුනෙ නැ නේද රත්තරනේ … ශික් මට තිබ්බා ඔයා ගාවටම වෙලා ඉන්න … මට සමා… වෙන්න් රත්තරන් …

අ.. අනේ බේබි .. ඇයි මේ … මට මොකුත් උනේ නෑනෙ .. ඔය .. බේබිගෙ ඇස් වල කදුලු .. මන් කැමති නැ මගෙ සුදු අයියා දුකින් ඉන්නවා බලන්න .. කෝ පොඩ්ඩක් හින වෙන්න …

බෑ .. මට හින වෙන්න් බැ .. ඔයාට රිදුනා නේද වස්තූ …

හ්ම්… මන් කිව්වනෙ අනේ නැ කියලා .. කෝ පොඩ්ඩක් හින වෙන්නකෝ … නැත්නම් මන් තරහයි …

නෑ .. නෑ .. මන් හිනා වෙන්නම් .. හැබැයි පොඩ්ඩයි … මට ඔයා තරහ වෙආ ඉන්නව බලන්න බැ කෙල්ලෙ ….

එහෙම් කියලා බේබි ලාවට වගේ මූණට හිනාවක් මව ගත්තෙ හිතේ දහසකුත් ප්‍රශ්න එක මොහොතකට අමතක කරලා .. ඒ පුංචි හිනාව මදූටනම් මහමෙරක් තරම් …

මන් අද හිනාවුනේ උබේ හිත රිද්දන්න බැරි කමට කෙල්ලෙ … අඩන්න ඕනි වෙලාවෙ උබ හිනා වෙන්නෙ මගෙ හිත රිද්දන්න බැරි කමට කියලා මන් දන්නවා බන් … ඒත් එහෙමයි කිය්ලා මගෙ වස්තුවට අත තිබ්බ කෙනෙක්ට මන් යහතින් නම් ඉන්න් දෙන්නෙ නෑ …. මට උබ වටිනව බන් ..

බේබි හිනා වීගෙන ලොකු කල්පනාවක … මදුත් ඒ හිනාවෙම ගිලිලා ලොකු ප්‍රාර්තනාවක ….

ඔයා හැමදාම ඔහොම හිනා වෙලා ඉන්නවනම් මට ඒ ඇති මගෙ සුදු අයියේ …

???????????????

මහමෙරක් දුක දරා ඉන්නම්
නුබේ පෙම් හිමිකාරි මම නම්••••••••

නුබෙන් බොහෝ දුර නොයා ඉන්නම්
නුබ මටම හිමි වේවි නම්••••••••••

දිවිය ඇති තුරු නුබේම වෙන්නම්
නුබ මගේ පෙම් සිහිනෙ නම් ••••••••

අපි අපේ වෙන්නට පතන්නම්
නුබ මටම ආදරේ නම් •••••••••••

??????????????

……………………………………………………………………………………………

°°°ජීවිතය °°°

ලැබීම් නොලැබීම් අතරින් ගලාගෙන යන අපූර්වතම වස්තුවක් කියලයි මට ජීවිතය ගැන හිතෙන්නෙ .. මට මගේ ජීවිතා ඇතුලෙ නොලැබුනු දෙවල් ගොඩාරියක් තියෙනවා .. කාට හරි හිතෙන්න පුකුවන් මේකිගෙ වයසට නෙවෙයිනෙ කතාව කියලා …එත් ඇත්ත කියන්න මේ ලෝකෙ බය වෙන්න ඕනි නෑනෙ …

මට තාම අවුරුදු 20ක් වෙන්නෑ … ඒත් නොලැබුනු දේවල් ගොඩායි ..හැබැයි ඒ නොලැබුණු දේවල් පස්සෙ ගිහින් ජීවිතේ නන්නත්තාර කරගෙන අනාගතාම් විනාශ කරගන්න මගෙ හිතට එකගව මන් කැමති නෑ .. හැබැයි ඒ නොලැබුනු දේ අතෑරලා ලැබුණු දෙයින් උපරිමයටම් සතුටු වෙන්න් මට පුලුවන් .. ඒ දේ හැමකෙනාටම් කරන්න බැරිව ඇති ඒත් මන් අද ඒ දේ කරනව…. ඒ දේ නොකෙරුව නම් අද ආන් ගැන කහ කරන්න මන් මෙතන නෑ… මන් ගැන් කවුරුවත් කතා කරන්න් නැතුව ඇති …ඒත් මට ඒ ගැන දුකක් නෑ .. මොකද මන් ගැන මන්ම කතා කරනවා …

කතා ලියනවා කියන්නෙ මගෙ ජීවිතයම නෙවෙයි .. හැබැයි මගෙ ජීවිතයෙන් පුංචි කොටසක් කතා ලියන්න වෙන් කරලා තියෙනව … ඒක මගේ ආත්ම තෘප්තිය .. එහෙම නැතිව කාගෙවත් උවමනාවක්වත් බලකිරීමක්වත් නෙවෙයි ….

මගේ කතාවට ඔයාලගෙන් ලැබෙන පුංචි කමෙන්ට් එක මට මහමෙරක් … ඔයාල මගෙ කතාවට දාන රේට් එක.. ඇත්තටම ඒකත් ලොකු වස්තුවක් … මන් ඒ දෙයින් ඇත්තටම සතුටු වෙනවා …

ඒත් ඒක මගේ ජිවිතේ එක පුංචි කඩයිමක් විතරයි … මට නගින්න තව පඩි දහස් ගානක් තියෙනවා .. මන් පඩියක් පඩියක් ගානෙ වැටි වැටී නැගිටිනකොට මට අත දුන්නෙ මගෙ අම්මා තාත්තා අයියා වගේම ඔයාලා …ඒ ගැන මට ඇත්තටම සතුටුයි …

අද වගේම හෙටත් මාත් එක්ක ඔයාලා දිගටම රැදෙවී … ඒත් තව කට්ටියක් අතර මගින් මාව අතරමන් කරලා යාවී … ඒත් මගෙ හිතට දුක නැ ඔයාලගෙන් එක්කෙනෙක් හරි මාත් එක්ක ඉතුරු වුනානෙ කියලා මන් එදාටත් සතුටු වෙනවා …

ජීවිතය කියන්නෙ හැමදේම ලැබෙන එකවත් හැමදේම නොලැබෙන එකවත් නෙවෙයි කියලා මට තේරෙනවා …

අවසන් ඉල්ලීම මගේ කතාව වෙනුවෙන් ඔයාලට කරන්න් පුලුවන් දේ කරලා පෙන්වන්න …මාත් එක්ක ඉන්න කට්ටිය මට අතදෙන්න ඉස්සරහට යන්න … මාව අතරමන් කරලා යන කට්ටිය මට ආයිමත් ඇවිත් හෙට අත දුන්නත් මන් ඔයාලව පිලිගන්නවා ..

ඒත් මතක තියා ගන්න .. මන් අතරමන් වුනා වගේම ද්වසක ඔයත් අතරමන් වේවි .. හැබැයි එදාට ඔයාට මග පෙන්වන්න ඉන්නෙ මන් විතරක්ම වෙන්න පුලුවන් ….
එදාට මට ඔයා කරපුදේ ගැන මන් දෙපාරක් නොහිතා උදවු කරනවා අනිවාරෙන් …. එදාට ඔයා පසුතැවෙයි මනුෂ්‍යයෙක්නම් ……!!!

…………………………………………………………………………………………………………

හමු වෙමු ආයිමත් උණුසුම් කොටසක් සමගින් …????

?සිහින සිත්තරාවී?

30 thoughts on “?අප්සරාවී?|හතලිස් නවවන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Priyadarshani

    නියමයි නංගෝ කතාව ….
    බේබිට ඉතිරි රහස් ට්කත් ඉක්මනටම කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Good luck …

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම්ම් .. පස්සෙ කියමු අනේ …
      බේබිව ටානියාට දෙන්න විදියක් බලන්න ඕනි දැන් ..???

      1. Priyadarshani

        බේබි ටානියාට දීල අහුවෙන්න එපා ඔයා මට..???
        බේබි මදූට දෙන්න…එයාට දෙන්න බැරි නම් තනියම තියන්න ….???
        ❤️❤️❤️❤️❤️❤️❤️

        1. ?සිහින සිත්තරාවී°°KKD?

          ???අම්මෝ යන් කේන්තියක් … මන් බේබිව තියා ගන්නම්කො .. කෝමත් නපුරු දඩබ්බර ආඩම්බර ආදරය මගේනෙ ….???

  2. nayomi nadeera

    Ada shoi… diga kotasak… man nam ithin oya ekka hamadama innawa nangi .. nitara katha karanna wenne na.. ekata sorry .. kathawa liyana gaman padamuth karanna ❤?

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      මන් ඒක දන්නවා අක්කියෝ … ඔයා ඉතින් මාත් එක්ක හැම් වෙලේම කතා නොකලත් මගේම අක්කිනේ …. තැන්ක් යූ අක්කියෝ…????

  3. Chathu indeewaree

    අදත් කතාව ලස්සනයි නංගි ගොඩාක්. දිග episode එකක් දුන්නට තෑන්ක්ස්. කතාවට වඩා ඔයාගේ අදහස මාරම ලස්සනයි නංගි. ඔයාගෙ පුංචි වයසට ඔයා ඔයතරම් ලස්සනට කතා ලියනවා කියන්නේ ඒක ඔයාගේ හැකියාව. ඒ දේ අගය නොකරන තරම් සමහර අය කුහක ඇයි කියන්නනම් දන්නෑ නංගෝ. හැමෝම එක වගේ නෑ. නානාවිධ මිනිස්සු ඉන්න මේ ලෝකේ ඔයවගේ දේවල් සාමාන්‍යයි නංගි. ඔයාට අහිමිවුණ දේවල් ගැන දුක් නොවී ලැබුණ දේවල් ගැන සතුටින් ඉන්න. මොකද මේ ලෝකේ වෙනස් කළේ හැමදේම තිබුණු මිනිස්සු නෙවේ නංගා. බොහෝ දේ අහිමි වූ මිනිස්සු. ඔයා හැමදේටම කලින් හොඳට ඉගෙන ගන්න නංගි.ඒ වගේම තමන් අදහනාඅගමට අනුව ජීවත් වෙන්න. එදාට ඔයා ප්‍රාර්ථනා කළ ජීවිතය ඔයාව හොයාගෙන එයි. ඔයාව අතහැරිය අය ඔයාව හොයාගෙන එයි. අද ඔයාගේ ඇසෙන් කඳුළක් වැටුණොත් හෙට ඒවා තුටු කඳුළු වේවි…

    (මට හැමදාම එන්න වෙන්නෑ නංගෝ මේ පැත්තේ. ඒකට සමාවෙන්න. ඔයා මගෙ situation එක දන්න නිසා මම හිතනවා මාව තේරුම් ගනීවි කියලා. අප්පච්චිට හොඳ වුණාම මම හැමදාම එන්නම් මේ පැත්තේ.)

    දුක සතුට සමව පිරි
    කඳුළ මෙන්ම සිනහවද
    හොරෙන් සිතට එබිකම් කරන
    ජීවිතය නමැති මංතලාවේ
    බලාපොරොත්තු ඉටුකරගැනීම යනු
    කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි..
    යථාර්ථය කුමක් වුවත්
    අපිට නොලැබෙන දේ අපමණ වුවත්
    නොලැබෙන දෙයට වඩා
    ලැබෙන දෙය ඉතා අගනේය.
    මෙදියත දහම එය බැවින්
    දුක සතුට සමව විඳදරා
    තමා සතු දෙය ගැන
    සතුටට පත්වීම
    නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි..

    ඔයාට සුබම සුබ අනාගතයක් වේවා! මැණික. සතුටින් පරිස්සමින් ඉන්න.

    හිතුවට වඩා කමෙන්ට් එක දිගයි.. සොරි හොඳේ???

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ඔයාගෙ අප්පච්චි ඉක්මනටම් සනීප වෙලා ඔයාලා ගාවට එයි අක්කියෝ ……. මවකගෙ පහස දියණියකට වැදගත් තමයි … ඒත් ඒ මව් පිය පහස එක්කෙනෙක්ගෙන් ලැවෙනවා නම් ඒ කෙනා අපිට ගොඩාක් වැදගත් … ඕනිම දෙයක් ගැන අපිට ලැබෙන අන්තිම තත්පරය වෙනකන් බලාපොරොත්තු තියා ගන්න ඕනි කියනවනෙ …අප්පච්චි ඉක්මනාම සනීප වෙලා ඔය අවිවේකි ගතටයි සිතටයි ලොකු අස්වැසිල්ලක් ගෙනක් දෙයිඅක්කියෝ …. ඔයාටත් ඔයාගෙ අප්පච්චිටත් තුණුරුවන්ගෙ පිහිටත් සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාවක් ලැබේවා කියලා මන් මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනය කරනවා අක්කියෝ …. ??????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම්ම්….ඔයාලගෙ ශක්තිය නිසයි මන් මේ තරම් දුරක් අවෙ … තැන්ක් යූ අක්කියෝ ….

  4. අනේහ්………..ලෝකය පුදුමාකාරයි……………මිනිසා කෙසෙල් ගෙඩියක් වැනිය……???

    ලස්සනයි කෙල්ලේ කතාව

  5. Bebiwa taniyata denna ehema epa hode…kathawanm patta………….
    Supiri………….
    Kiyanna wachana na…………..??????????????????????????

    Hamadama comment karanna bri wenawa nangiyoooo.eth aniwa rate krnwa.oyage padam wada ekka api wenuwen kathawa liynn welawak wenkaranawata thnxxxxxxxx.me wage thawath katha liynn wagema oyage anagatheth sarthaka wenna SHAKTHIYA
    DAHIRYA labewa kiyl mn prarthana krnwa..bs.

  6. ?සිහින සිත්තරාවී°°KKD?

    අප්පෝ සචී අක්කියෝ ඔවා නම් .. පිස්සු මෝලක් බලන් යද්දි ….???

    තැන්ක් යූ සුදුඅක්කියෝ….

  7. නන්ගා, මම ඔයාගෙ කතා ඉස්සර ඉදලම කියෙව්වත් කමෙන්ට් කරලා නම් නෑ.ඒ ඔයා එක්ක තරහකට නම්නෙවෙයි පැටියෝ…

    ඔයාගෙ පුංචි වයසට ඔයා ගොඩාක් ලස්සනට කතා ලියනවා.ඔයා ගොඩාක් දක්ශයි නංගි.මටත් ඔයාගෙ වයසෙම නංගි කෙනෙක් ඉන්න නිසා ඔයාව කවදාවත් දැකලා නැති උනත් මට ඔයා මගෙ නංගියෙක් වගේ දැනෙනවා.
    ඒත් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.ඔයාගෙ වයසෙදි මම ආදරේ නිසා ගොඩාක් දුක් වින්දා.ජීවිතේ නැති කරගන්නත් හැදුවා.ඒත් මගේ වාසනාවකට මම ඒ හැම දෙයක්ම තේරුම් අරන් මගේ ජීවිතේ හදා ගත්තා.මට හිතෙන විදියට මට මේ වෙද්දි හැම දෙයක්ම ලැබිලා තියෙන්නෙ මම මොන ප්‍රශ්නයක් ආවත් ඉගෙනගත්ත නිසා.
    ඉතින් නංගි මට ඔයාටත් කියන්න තියෙන්නෙ මොනම දේ කරත් ඔයාගෙ ඉගෙනීම් වැඩ හරියටම කරන්න කියලා.ඔයා කරන දේවල් වලදි ඔයා එක්ක ඉන්න අය නිසා සතුටු වෙනවා වගේම ඔයා එක්ක නැති ගැන හිතල දුක් වෙන්න එපා.හැම දවසකම සතුටින් ඉන්න.
    Good luck oyaataaa.?????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      මට අක්කෙක්නම් නෑ අක්කියෝ …. ඒත් කතා අහුරෙ මට හම්බ වුනු අක්කලා හැමෝම මට මගේම අක්කලා වගේ කියලයි මට නම් හිතෙන්නෙ .. ගොඩාකක්කලා මාත් එක්ක කතා කරනව මැසේජ් කරනවා … ඒ හැමෝම් කතා අහුරෙන් මගෙ ජිඋවිතයට එකතු වුන අය … මගෙ ජීවිතේ රහසක්කියලා දෙයක් නැ මන් ගැන හැමදේම එයාලා දන්නවා …ඔයාවත් මට දැනෙන්නෙ ඒ විදියට … නුහුරු ආදරයට වඩා හුරු පුරුදුසහෝදරත්වය ඇත්තටම මට මහමෙරක් …..
      මොනවා කලත් ඉගෙනීම මතක කරන්න බැ මට ..
      එකපාරක් වැරදුනා .. ඒත් එහෙමයි කියලා දෙවෙනි සැරේටත්ජීවිතේ වරද්ද ගන්නෑ .. වැරදුනුපලවෙනි පාර මගේජීවිතේ හරි ගිය එකටනම් මට සතුටුයි …

      තැන්ක් යූ අක්කියෝ … ???
      බුදු සරණයි ඔයාට???

  8. Me bebiwa taniyata ehema dennena harida. Ehema kaloth denawa oyata hoda gutiyak. ????????????
    Katawa godaaaak lassanai nangiyo.
    Aththatama oya age eken podi unata oyage adahas godak watinawa.
    Kohomada ane ochchara loku adahas oyata enne. Aththatama nangiyo oyanam hariyata pahila. ???????
    Api wenuwen katawa liyanawa wagema hodata iganath ganna hodada.
    Good luck. ?????????

  9. ?සිහින සිත්තරාවී°°KKD?

    මන් එච්චරටම පැහිලද අනේ…. ?????

    තැන්ක් යූ අක්කියෝ ….????

  10. Vinola kalpani

    Ame hari lassanai nanga kathawa oyage oya attatama jiweethe gana godak ath dakim thiyenawa wage ane.thawath lassanata kathawa liyannna oyata puluwan wenna kiyala mn suba pathanawa nangi.hodata igena ganna

  11. කතාව අද එකදිගට කියෙව්වේ,Uni එකේ වැඩ තිබ්බ නිසා… ලස්සනයි කතාව…හොඳ end එකක් දෙයි කියලා හිතනවා… Good luck ??

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම් .. තැන්ක් යූ dr … ?? තව ටිකකින් දයි කතාව .. මන් දාලා තියෙන්නෙ …??

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අනේ මන් කතාව දැම්මා … ඒත් තාම ඒක ඔයාලට දාලා නැති එකට නම් ඇත්තටම දුකයි … ඉඋයෙත් ඔයාලට කතාව දෙන්න බැරි උන හින්ද මන් අද එක්සෑම තියාගෙනත් පාඩම් කරන අස්සෙ ඔයාලට කතාව ලිව්වෙ … but something went wrong … සොරි .. කතාව අතරමග නවත්තලා ඔයාලට දුකක් දෙන්න නම් මන් හිතුවෙ නෑ …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.