Katha Ahura

?අප්සරාවී?|හතලිස් පස්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් පස්වන දිගහැරුම //

ඔයාට අමාරුයිද රත්තරනේ … ආ .. ඇත්ත කියන මට .. ඔයාට අමාරුයිද ..?? මන් අර වේ@# ගෑනිව ඉතුරු කරන්නෑ .. කියන්න මගෙ මැණික ….

?????????????????????????????

අනේ සුදු අයියේ .. මන් මේ ඇත්තමෛ කියන්නෙ .. මට දැන් චුට්ටක්වත් අමාරු නෑ … අපි අද යමු වලවුවට හලිද …??

ම්ම් … ඔයා මට බොරු කරන්නෙ නෑ නේද වස්තුවේ ….

අනේ නැ සුදු අයියේ …මන් ඇත්තමයි කියන්නෙ … අද මාව වලව්වට එක්ක යනවා නේද ඔයා …
මන් හිනාවී ගෙනම කතා කරන්න ගත්තෙ මොනවා උනත් සුදු අයියගෙ හිත මන් වෙනුවෙන් පෑරිලා තියෙනවා දකින්න මන් අකමැති උන හින්දා ..

මේ කෙල්ලගෙ කපටි කම බලන්න එපැයි .. කොහොම හරි චාටුව දාලා වලවුවටමයි යන්න බලන්නෙ … ඔහේ ගිහින් උබට නැහි නැහී වැඩ කරන්න වෙනවනෙ බන් … මන් කැමති නැ ඒකට …

ආ … මේන් බලහල්ලකො මෙයා කියන් කතාව … මන් එහෙම හරි වලවුවෙ වැටිලා ඉන්නෙ මට යන්න වෙන තැනක් නැති හින්දා … වලවුවට ගිහින් කකුලක් පිට කකුලක් දාගෙන නෝන හාමු වගේ ඉන්නද කියන්නෙ මට … හොදට තියෙයි .. අම්මෝහ්….

පැහිලා ඉවරයි මේක … හරි තව කොහොමත් මාස දෙකක් වගේනෙ තියෙන්නෙ රිසල්ට් එන්න … රිසල්ට් ආවම අපි යමු කොහේ හරි .. එතකොට ප්‍රශ්නයක් නෑනෙ …

බේ ….. බි ….

මොකක්ද කිව්වෙ .. ආයි කියනවා බලන්න …

ආ… නෑ … මේ සුදු අයියේ … සුදු අයියට එකපාරටම මොකෝ උනේ … රිසල්ට් ආවා කියලා මගෙ සුදු අයියා කොහෙවත් යන්නෙ නෑ … මගෙ සුදු අයියා කැම්පස් ගිහින් හොද ලොක්කෙක් වෙලා මේ කෙල්ලව බලලා යන්න එන්න … මන් හැමදාම ඔයාගෙ දිහා බලන් සතුටු වෙන්නම් … සුදු අයියට හරියනවනම් මට ඉතින් ලෝකෙම හම්බුන වගේ තමයි ..

මැට්ටි … ඇයිමන් විතරක් කැම්පස් යන්නෙ … ඇයි ඔයා යන්නෙ නැද්ද …. ම්ම්ම්…. මන් කැමපස් යන්නෙ ඔයා ගියොත් විතරයි .. ආයි එතනින් එහ කතාවක් නෑ … මන් යනවා අප්පච්ක්ජිව හම්බෙන්න … කට වහගෙන ඇස් දෙක වහගෙන චුට්ටක් දොයියන්න ….

ඒ… ත් සු…. දු .. අ…..

ස්ස්ස්ස්ස්ස්ස්ස් …..

මන් කතා කරන්න හදද්දිම බේබි මගේ තොලට ඇගිල්ල තියලා කතා කරන් එක නැවැත්තුවා … මොනවා උනත් මට බේබිගෙ හිත නම් රිද්දවන්න බෑ …

මන් කිව්වෙ කතා කරන්න එපා කියලා .. කත කලොත් ඉතින් වලවුවට නෙවෙයි එක්කන් යන්නෙ හරිද …

බේබි ඇහැක් ඉගිමරන ගමන් මහා නෝන්ඩි හිනාවකුත් දා ගෙන් කාමරෙන් එලියට ගියා …

ඒ හිනාවට නම් ඇත්තටම මගෙ සර්වාන්ගයම හිරි වැටුන්නෑ කිව්වොත් නම් බොරු ..

??????????????

…………………………………………………………………………

ශෙරී ඔයා මොනවද හොටෙල් එකේ කරන්නෙ … ආ … ඔයා මගෙ ඩැඩීට කිව්වනෙ මගෙන් සදහටම් වෙන් වෙනවා කියලා …

ශෙරී කම්මුලත් අල්ලගෙන් වෙච්ච සිදුවීම් පෙල එකක් එකක් ගානෙ ආයි කල්පනා කරන අතරේ දුලංගගෙ හඩට ගැස්සිලා පියවි සිහියට ආවා .. මොකද ශෙරී අද දවසෙදි දුලංගව මේ හොටෙල් එකේදි බලාපොරොත්තු උනේ නැ .. ශෙරීගෙ හිතේ ඊටත් වඩ ලොකු ප්ලෑන් එකක් තිබ්බා …

දු…. දුලංග ඔයා … ඔයා මොකද මෙහේ කරන්නෙ .. අද .. අද ඔයාව බලන්න එනවා කිව්වා නේද කවුද කට්ටියක් …

ආ… ඔව් .. එයාලා එන්න ටිකක් පරක්කු වෙයි කිව්ව හින්දා මන් හොටෙල් එක පැත්තෙ රවුමක් දාලා යන ආවා .. ඒත් තමුන් මෙතන මොකද කරන්නෙ .. අනික මගෙ හොටෙල් එක ඇතුලෙ …

හ්හ්… මේ මිනිහගෙ තියෙන වෙනස් වීම ක තරම .. මූ කත කරන්බෙ කටින්ද දන්නෑ .. ඔහොම් යන් ඔහොම යන් … ඔයාට ඔහොම තව වැඩි වෙලාවක් නටන්න් වෙන්නෑ දුලංග …

ආ .. මන් මේ මගෙ බඩු වගයක් තිබ්බා ඒ ටික අරන් යන්න් ආවා … කොහොමත් ඉතින් මන් ආයෙ මේ අනුන්ගෙ හෝටල් වල තැග් ගැහෙන්න එන්නෙ නෑ .. මොකද ඉතින් අපිට කියලටත් නම්බුවක් කියලා එකක් තියනවා නෙ …

දැන් උබ එහෙමද කියන්නෙ ශෙරී .. පොඩ්ඩක් ඉදහන්කො මන් ඩැඩීගෙ හිත මගේ පැත්තට නම ගන්නකම් .. උබව මන් නිකන් අතාරියි කියලා හිතන් ඉන්නවානම් උබට වැරදිලා … උබව මන් අඩට ඇතෑරියෑ කියලා හිතා ගනින්කො …

දුලංග ශෙරීගෙ දිහා කන්න වගේ බලන් ඉන්න අතරෙ ශෙරී දුලංගටත් ගස්ස ගෙන එතනින් යන්න ගියේ සමච්චල් හිනාවකුත් දා ගෙන …

හහ් … දුලංග හිතනවා ඇති මන් මේ එඋආට බයේ යනවා කියලා .. එහෙම හිතනවා අම් ඉතින් දුලංග දන්නෙ නැ මේ ශෙරී කියන්නෙ කවුද කියලා .. නිසල් ගැන බලා ගනා කලින් මට දුලංග ගැන බලා ගන්න වෙනවා … මොනවා උනත් දුලංගයා ඉයන්නෙ දිව දෙකේ මිනිහනෙ … බලන් යද්දි මූ මහා ගම් කබරයෙක් …. පුල්ලි විතරයි අඩු ඇගේ ..

**********
මයෙ කොල්ලගෙ මූණෙ තියෙන හිනාව දැක්කද පීටර් .. අපි මොනවා කලත් වෙන්න තියෙන දේවල් වෙනවා බන් …
කොහොම හරි කමක් නෑ මගෙ කෙල්ලයි කොල්ලයි සතුටින් හිටියොත් …

අපොයි ඔව් අපෙ හාමු මහත්තයෝ … බේබි මහත්තයා වුනත් දැන් ඉස්සල්ලට වැඩිය ගොඩාක් වෙනස් වෙලා … ඒත් ඉතින් මැණිකෙ ඇහැ ගැටුනොත් එහෙම එදාට නම් මැණිකෙගෙන් විසුමක් වෙන් එකක් නෑ ….

මැණිකෙට ඕවා තේරුම් කරලා වැඩක් නැ පීටර් … එයා අල්ලන්න හදන්නෙ ලොකු ලොකු අතු .. එයාට තියෙන්නෙ ලොකු උද්දච්ච කමක් .. වලවෙ මැණිකෙ කියලා එයාට තියෙන්නෙ ලොජු උනක් කියලා මටත් තේරෙනවා නෙව … ලොකු කොලුත් ඒකටම තකට තක … හම්බෙන පඩිය නැති නාස්ති කරගන්න එක විතරයි … පිඩී කොහොම හරි ජීවිතේ ගොඩ දා ගනියි .. මදූ කෙල්ලත් උත්සහාවන්තයි නෙව … අබික ඉතින් මයෙ කොල්ලො වගේම කෙල්ලත් අපිට වඩා හොදින් ජීවිතය ගොඩ දා ගනියි ….

ඒකනම් ඇත්ත හාමු මහත්තයෝ … මොනවා උනත් කෙල්ල වලවුවෙ වැඩ ටික කරද්දි මට වාවන්නෙ නෑ නෙව … කෙල්ල කුස්සියේ මුල්ලකට වෙලා නිදා ගෙන ඉද්දි මෙහෙම දුක්විදින්න ඕනි කෙල්ලෙක්ද කියලා හිතෙන වාර අනන්තයි නෙව …

හරි .. හරි .. පීටර් …. අපි දැන් ඔය කතාව නවත්තමු …පොඩි බේබි එන්න හදන්නෙ මේ පැත්තට .. උබ් කාර් එකට පකයන් .. මදුව අද එක්ක යන්න පුලුවන් කිව්වා නෙව … මන් පොඩිත් එක්ක ගිහින් කෙල්කවත් අරන් එන්නම් .. අද නම් කෙල්ලව වලවුවට අරන් යන්න් ඕනි …

එතකොට හාමු කෙල්ල ආයිමත් සැරයක් වලවුවෙ වැඩ කරන්න ඕනි නෙව .. කෙල්ලට ආයි මොකුත් ….

නෑ…. නෑ … පීටර් … මන් සීලවතීට එන්න කිව්වා පහල මණ්ඩියේ .. ඒ ගෑනිත් ගෙදරට වෙලා තනියම නෙව ඉන්නෙ … මාසෙ අන්තිමට කීයක් හරි ලැබෙන දෙයක් කරන්න ඕකුන් කැමතියි .. අනික ඉතින් වලවුවෙම ඉන්න පුලුවන්නෙ .. ඒ ගෑනි නම් කිව්වෙ කන්න අදින්න දීලා ඉන්න් තැනක් තියෙනවනම් පඩියක් එපා කියලා … එහෙම කියල බෑනෙ කීයක් හරි දෙන්න ඕනි .. හැබැයි ඉතින් මැණිකෙගෙන් වහන් කරලා ….

************

අප්පච්චි .. ඩොක්ටර් මොකද කිව්වෙ … මදූව වලවුවට එක්ක යන්න පුලුවන් කියලා කිව්වද ….

අම්මෝ පොඩි පුතා .. ඔයාට තියෙන ප්‍රශ්න ගොඩක් .. මේ වයසක මා කොහොමද ඔච්චර ප්‍රශ්න ගොඩක් එකපාර මතක තියන් උත්තර දෙන්නෙ .. උබ නම් පුතෙ පොඩි කාලෙ වගේම තමා … ඇගින් පතින් වෙනස් උනාට ගති ගුණ වලින් නම් පුන්චිම වෙනසක් හරි වෙලා නෑ ….
???????????????

ඒම තමයි අප්පච්චි .. මන් ඉතින් අප්පච්චිගෙම පුතණ්ඩියානෙ .. හරි … හරි .. අප්පච්ච් ප්‍රශ්නෙන් පිට පනින් නැතුව මන් අහපු දේට උත්තර දෙන්න …

හ්ම්.. හ්ම් .. මගේ පුත ඉතින් නීතියටමනෙ වැඩ … කෙලීව වලවුවට එක්ක යන පුලුවන් දැන් … බය වෙන්න් දෙයක්නැ කිව්වා … පොඩි කම්පනයක් ලු තියෙන්නෙ … දැන් හරිනෙ මයෙ පුතණ්ඩියාට සතුටු ඇතිනෙ .. පුතාගෙ සිහින කුමාරිව අරන් යන්න පුලුවන් හින්දා ….

ආ .. අප්පච්චි .. අප්පච්චි මොකක්ද කිව්වෙ .. මගෙ සිහින කුමාරි …

අ.. අප්පච්චි කොහොමද ඒ ගැන් ඩැන් ගත්තෙ … අම්මා දැන ගත්තොත් මගෙ මැනිකව ඉතුරු කරන් එකක් නෑ… අනික මදූ ඒම දැන ගත්තොත් … අයියෝ …

මොකෝ පුතා කල්පනාව … පුතා හිතුවද ඔයාගෙ අප්පච්චිට පුතා හැරෙන කොට තේරෙන්නෑ කියලා … මුලදි නම් තිබ්බෙ ඉතින් පුංචි සැකයක් විතරයි පුතේ …

ඈ… ඒනම් කොහොමද අප්පච්චි ඒක හරියටම දැන ගත්තෙ …

හහ්… හහ් … හා …
ඇයි ඉතින් මයෙ කොල්ලා අඩ අඩා හිටියෙ මගෙ මදූ …අගෙ මැනික කිය කියා … එතකොට ඉතින් මට ඔක්කොම ටික සහා සුද්දෙන් තේරුණා …

හහ් … හහ් … හහ් …

අම්මපා මටත් ඉන්න බැරි වෙලානෙ කටයි දෙක වහා ගෙන … දැන් කොහොමද අප්පච්චිට කියන්නෙ මෙ ගැන මදූට දැන් ගන්න තියන එපා කියලා … ම්ම් .. මගෙ මොලේට නෑනෙ කිසිම අයිඩියාවක් අප්පා …

???????????????

පුතණ්ඩියා බය වුනාද අප්පච්චි පුතාගෙ රහස් දැන ගත්ත කියලා … ම්ම්ම්…

අ.. අනේ නෑ අප්පච්චි … ඒත් අප්පච්චි …

ඇයි පුතා දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය ….

නෑ අප්පච්චි … මේ … මේ … ගැන අප්පච්චි දන්නවා කියලා මදූට නම් දැන් ගන්න තියන්න එපා … එහෙම උනොත් මගෙ ඔලුවත් කයි .. මගෙ හොද අප්පච්චිනෙ .. හා නේද අප්පච්චි …

අම්මපා මගෙ කොල්ලො .. හරි .. හරි මන් කියන්නෑ …. දැන් අපි යමු නේද … අම්මත් බලන් ඇති දුම්මල වරම අතට අරන් වගේ … මොකද ඉතින් වකවුවෙන් එකියට බැස්සෙ කුකුලත් අතින් අරගෙනමනෙ … දැන් එයාට උත්තර බදින එක තමා ඊලගට තියෙන ලොකුම පුරශ්නෙ …..

හහ් .. හහ්… හා….

බේබි අප්පච්චිත් එක්කම මදූවත් අරගෙන වලවුවට යන රෝහලෙන් පිටත් වුනා … වැඩි වේලාවක් යන්නට මත්තෙන් වලවුවට යන්න කට්ටියටම පුලුවන් උනා … ඒත් වලවුවෙ මිදුලට කාර් එක දාන කොටම වගේ මිදුලෙ තියෙන අනිත කාර් එක දැකල හාමු මහත්තයා ටිකක් කලබල වුනා .. බේබිත් මදුත් පීටරුත් මේ ඇවිත් ඉන්න අමුත්තා කවුද කියලා දැන් ගන්න හාමු මහත්තයා දිහා බැලුවත් කිසිම වචනයක් නොකියා හාමු මහත්තයා වලවුවට ගොඩ වුනේ ලොකු කලපනාවකට වැටිලා ..

කවුද පීටර් මාමෙ ඇවිත් ඉන්නෙ …

හාමු මහත්තයා යන දිහ බලන් හිටිය බේබි පීටර් ගෙන හිතේ තිබ්බ ප්‍රශ්නය ඇහුවෙත් මදූ දිහාත් බලලා … කෙල්ලත් හිටියෙ ඇවිත් ඉන්න කෙනා දැන ගන්න ලොකු වුවමනාවකින් …

අනෙ පොඩි බේබි මහත්තයෝ … මටත් එහෙමටයි කියලා නිච්චියක් නෑ නෙව .
මාත් බලන් හිටියෙ හාමු මහත්තයාවත් කියයි කියලා .. හාමු මහත්තයත් මොකුත් ම නොකියා ගියා නෙව ඇතුලට … බේබි මදූ කෙලිත් එක්ක පරිස්සමින් ඇතුලට ගියානම් හරි නෙව දැන් … කෙලීටත් දැන් විවේකයක් ගන්න තිබ්බ නම් හොදයි මයෙ හිතේ …

හරි පීටර් මාමෙ අපි යන්නම් .. මදූ ඔයා ඔහොම ඉන්න … මන් බැහැලා ඔයාව ගන්නම් …

අ .. නේ බේබි …

මේ මගෙ යකා අවුස්ස ගන්න් එපා … ඔහොම් ඉන්නවා ….

බේබි කාර එකෙන් බැහැලා මදූවත් වත්තන් කරගෙන වලවුව ඇතුලට ගියා …

එතකොටම වගේ ඇතුලෙ ඉදන් එලියට ආවෙ දනිස්සෙන් ටික්ක උඩට කොට තද සායක් ඇද ගෙන් නාභිය පේන තරමට අත් නැති මහා අමුතුම විදියෙ හැට්ටයකුත් ඇදගත් දගකාර කෙල්ලෙක් … කොණ්ඩය රත් පැහැයට වර්ණ ගැනිවී තිබුනා .. බැලූ බැල්මට මල කෝලම් උඩැක්කියක් කියලයි මදූ නම් හිතුවෙ … බේබි ඒ දෙස බලන් නැතුවම වලවුව ඇතුලට ගියේ මේ උඩැක්කිය කවුද කියලා හිත හිතාමයි ….
???????????????

ම්ම්…මොනවද් හොරෙන් බලන්නෙ ආ… ඇස් දෙක ගලෝනව හරිද ….

උඩැක්කිය පාස් කරන් ඇතුලට යනවත් එක්කම මදූ සිහින් හඩින් කිව්ව දේ ඇහිලා බේබි කට කොනකින් හිනා වුනා..

ඇයි දැන් ඉරිසියයිද කෙල්ලට … ම්ම් .
බය වෙන්න එපා .. ඔය රට උඩැක්කි මට හරියන්නෑ … අනික මන් උන්ට කැමතිත් නෑ … මන් කැමති පොශ් විදියට ඉන්න මේ වගේ අහිංසක සුදු මැනිකෙ කෙනෙක්ට විතරයි … මැණිකෙ කෙනෙක්ට කිව්වට ඉතින් ඒකට ගැලපෙන්නෙත් ඔයා විතරයි නංගි ….
???????????????

ඕහ් .. ආන්ටි ….
හූස් දිස් චීප් ගර්ල් …. ආ….
ඊටත් වඩා මගෙ හබීගෙ ඇගේ එල්ලිලා ඉන්නෙ … ශීස් ලයික් අ මන්කි ….

???????????????

අනේ .. දූ කේන්ති අරන් ඇයි මේ … පොඩ්ඩක් ඉන්න් මන් පුත එක්ක කත කරන්න …

එකපාරටම නන්නාදුනන තරුණියගේ කෑ ගැහිල්ලට දුවගෙන ආව මැණිකෙ මදූ වෙත එල්ල කලේ දවා අලු කරන් තරම් බැල්මක් … තරුණියව සැනසවූ මැණිකෙ ඊලගට හැරුනෙ බේබියි මදුයි ඉන්න පැත්තට …

පොඩී උබට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද … ?? මොනාද ඔය කරන්නෙ … වලවුවෙ වලන් හෝදන ගෑනියෙක්ව වාත්තු කරන් කොහෙද් යන්නෙ .. ආ … කත කරහන් මට .. අනික මේ ඉන්නෙ තමුන්ගෙ අනාගත බිරිද … මේ රත්තරන් කෙල්ක ඉස්සරහා උබ ඔය කරන වැඩෙන් වෙන්නෙ අපෙ මුලු පරම්පරාවටම ලැජ්ජාවක් ….

අයියෝ ආන්ටි … මෙයාට කියන්නකො .. ඔය චීප් ගර්ල්ව අතාරින්න කියලා … ආපෝ …. චිඃ …. මොන මොන ලෙඩ හැදෙයිද දන්නැ ඔහොම ගිහින් …

මේ දෙන්නගෙ කතාව දිහා බේබි නම් බලන් හිටියෙ ගිනි පිටවෙන ඇස් වලින් .. හැබැයි මදූ හිටියෙ ගොඩාක්ම අසරණ වෙලා … මොනව උනත් කෙල්ල වලවුවෙ ඉදුල් හෝදන කෙනා කියලා මණිකෙ ආයිමත් සැරයක් මතක් කරලා දුන්නෙ තමන්ගෙ තත්වෙ පැහැදිලු කරලා දෙන්න කියලා කෙල්ල දැන ගෙන හිටියා .. මැනිකෙ වලවුවට එන හැම පිටස්තරයෙක් ඉස්සරහම ඒ දේ කරනවා කියලා මදූ අත්දැකීමෙන දැන ගෙන හිටියා … ඒත් මදූ කැමති උනේ නැ තමන්ගෙ කුලුදුල් පෙම කොහෙවත් ඉන්න උඩැක්කියකට පූජා කරන්න….
???????????????

අම්මෙ … ඔයාට පිස්සුද ඇත්තටම … අම්මා ඔය කොහෙවත් ඉන්න එක එක වේ@# ගෑනු ගෙනල්ලා මගෙ කරේ එල්ලන හැදුවට මන් ඕවට රැවටෙන්නෑ … අනික මන් කවද හරි කසාද බදින්නෙ මන් කැමති කෙනාව … මට දැන්ම කසාදයක් බැද ගන්න කිසිම උවමනාවකුත් නෑ …

අම්මට ඕනිම නම් මේ බාගෙට ඇදුම් ඇදන් ඉන්න කෙල්ලව ගිහින් අම්මගෙ ලොකු පුතාට බන්දලා දෙන්න .. මොකද් අයියා තනිකඩව ඉද්දි මේ වලවුවට කෙල්ලෙක්ව ගෙනත් වැඩක් නෑනෙ … අම්මම දන්නවනෙ ඒ ගැන …. ඒ හින්ද මීට පස්සෙ ඔය විකාර ගැන මට ඇහෙන්න කියන්න එපා .. මන් වලවුවට ආවෙ හැමදාම මෙහෙට වෙලා පැලබදියම් වෙන්න නෙවෙයි … හැබැයි ඕනවට වඩ කරන්න ආවොත් මන් අදම යනවා කොලබ ….
???????????????

බේබි මැණිකෙගෙ දිහා බලන් කිව්ව දේවල් මැනිකෙ අහන් හිටියෙ තරහෙන් පිපිරි පිපිරි … ඒත් ඒ තරහව ගානකට නොගත් බේබි මදූවත් අරන් මදූගෙ කාමරය තියෙන පැත්තට යන්න ගියා …

පොඩී ඔහොම නැවතියන් … ඔය කාලකන්නි ගෑනුන්ට මේ වලව්වෙ ඉන්න ඉඩ නෑ … බහින්න කියහන් ඕකිට මේ වලවුවෙන් දොට්ට .. ආයි මන් නොකිව්වා කියන්න එපා … ඕකි මේ වලවුවෙ ඉන්න ඕනි නම් උබ මේ මගුලට කැමති වෙයන් …

මැණිකෙ කොල්ලගෙ පපුවටම වැදෙන්න අවසානයෙ වචනය දුන්නා … ඒත් කෙල්ල මේ කිසිම දෙයක් ඇහුන්නැති ගානට බේබිත් එක්ක යන්න් ගත්තෙ තව තවත් මැණිකෙගෙ කේන්තිය වැඩි කරමින් …

ඔයා බය වෙන්න එපා දුව … මන් ඔය කොල්ලව දුවට හෙට වුනත් කසාද බන්දලා දෙනවා .. දුව කැමති නම් කියන්න මට … උන්ට ඕන විදියට නටන්න දීලා හරියන්නෑ … එහෙම උනොත් මුන් දවසක අපිවත් මරාගෙන සල්ලි හම්බ කරයි …..

ඕහ් … ආන්ටි … ඔයා නම් මාරයි ….. මමීටයි ඩැඩීටයි කියලා මන් ඉක්මනටම වෙඩින්ග් එක ගන්න රෙඩි කරන්නම් … ලෙට්ස් ගෝ ආන්ටි ඇතුලට …. මමී බලනවා ඇති ඇයි මේ දෙන්නා පරක්කු කියලා ….

ඩැඩී නම් අන්කල් එක්ක ලොකු කතාවක් නෙ … ආන්ටි බය වෙන්න එපා … මන් ආන්ටිගෙ ඩෝටර් විදියට අනිවාරෙන් එනවා .. මගෙ ඩැඩී මන් කියන දෙයකට පිටින් යන්නෑ .. අනික ආන්ටිගෙ පුතා නිසල් ඕඕඕහ්හ් .. එයා මාර හැන්සම්නෙ … මගෙ හාර්ට් එක එයා දැක්ක ගමන් හෙල්ලිලා ගියා …

යමු දුව .. දැන් ඉතින් ආවා විතරනෙ … මන් තේ ටිකක් හදා ගෙන එන්නම් …

ඕහ් ආන්ටි ටී… ??☕☕☕

නෝ… නෝ … අයි ඩෝන්ට් ලයික් ටී …
ඔරේන්ජ් ජූස් එකක්වත් දෙන්නකො ආන්ටි … නැත්නම් ඉතින් කප් ඔෆ් මිල්ක්.. ඕකේ …

???????????????

හරි … හරි … මන් දුවට රස බීම එකක් හදලා දෙන්නම්කෝ …

………………………………………………………………………………

සුදු අයියේ .. මටමෙහෙන් යන්න වෙයිද අයියේ … අනේ මට බයයි අයියෙ … මොනවා උනත්මට මේ වලවුව ඇරෙන්න වෙන යන දිහාවක් නෑනෙ සුදු අයියේ ….

අනේ මගෙ මැණිකෙ අඩනවද මේ … අඩන්න එපා නංගි … ඔයා මෙහෙන් කොහේවත් යන්නෙ නෑ .. බය වෙන්නැතුව ඉන්නකෝ … මනින්නවනෙ ඔයාට … කෝ … දැන් වත් මට ඔයා ඉන්න කාමරය පෙන්නන්නකෝ ලමයෝ … මෙතනට වෙලා හිටගෙන ඉන්නෙ නැතුව …

ම්ම්… අප්පෝ නපුරා … මන් ඉන්න කාමරා දන්නැතුවද මෙච්චර වෙලා කියෙව්වෙ… මේක තමයි මන් ඉන්න කාමරය … ඒකනෙ මන් මෙතන නතර වුනේ … මේ පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න …

ඈඅ….. ඒ මොකටද් ඔලුව අතගාන්නෙ …

අන් ඇවිත්ද බලන්න මැට්ටො…..

………………………………………………………………………………

බලමු මේ අලුත් උඩැක්කිය කවුද කියලා …

පුලුුවන් කට්ටිය අනුමාන කරන බලන්න ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා …

ඔන්න අද නම් කතාව ගොඩක් දිගට දාලා තියෙනවා …. කතාව කියවලා එපා උනාද නම් දන්නෙ නෑ අද … කියවලා රේට් කරලා පුංචිම හරි කමෙන්ට් එකක් දාගෙන් යමු යාලුවනෙ …

?සිහින සිත්තරාවී?
2k20 a/l batch

9 thoughts on “?අප්සරාවී?|හතලිස් පස්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. අද කතාව දිගට දාලා තැන්ක්ස් නංගා .
    ඒ උඩැක්කියව එලවල දාන්න .
    කතාව ගොඩාක් ලස්සනයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ??????

  2. E udakkiyatanam bebiwa denna epa…
    Madu paw.maduwa walawwen elawa ganida dannaa.?‍❤️‍??‍❤️‍??‍❤️‍??‍❤️‍??‍❤️‍??‍❤️‍??‍❤️‍?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.