Katha Ahura

?අප්සරාවී?|හතලිස් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

3.9/5 - (9 votes)

?????අප්සරාවී?????
//හතලිස් වන දිගහැරුම //

ම.. මන් කො… කොහොමද බේබි… බේ බි…ට….

ඇයි …ඇයි කොහොමද අහන්නෙ …

ඔයාට වෙන කොල්ලෙක් ඉන්නවාද රත්තරනේ …

නැ .. නැත්නම් මට කැමති නැද්ද …

ඇ.. ඇයි මගේ තියෙන අඩුව මොකක්ද ??

අරකිත් මාව දාලා ගියා ..

මාව බාගෙට මරලා අතෑරලා ගියා …

උබත් මට ආදරේ නැද්ද …

මට කියහන් ඇත්ත …..

කවුද උබේ හිතේ ඉන්නෙ ….

ඒ අහින්සක තරහෙන් වෙව්ලන ඇස් වල තියෙන කදුලු දැක්කම ගල් කරගෙන හිටිය මගේ හදවත උණු උනේ මටත් නොදැනිමයි …

බේබි අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි මාත් අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ වෙන්නෙ මොනාද කරන්නෙ මොනාද කියලා හරියට හිතා ගන්න බැරුව …

ඒත් තව දුරටත් මට යන්න දිහාවක් නෑ කියලා මට තේරුනේ මගේ ඇගේ ගෑවුනු සීතල බිත්ති පහස නිසයි …

බේබි මගෙ දිහා බලන් ඉන්නෙ තවමත් තරහෙන් …

මං ඒ ඇස් මග හැරලා බිම බලා ගත්තෙ මට ඒ වෙදනාව දරා ගන බැරි නිසාමයි …

බේබිගෙ වගේම මගේ ඇස් කෙවෙනි අතරත් කදුලු දෝරෙ ගලමින් තිබ්බා …

ඒත් ඊටත් වඩා මන් හිතුවෙ බේබි ගැන …

මොනවා උනත් ඒ හිතට මන් ආදරේ කලා ..

ඒ ආදරේ බේබිගෙ කටින්ම දැනුනම මට දැනුනෙ නිම්හිම් නැති සතුටක් ..

ඒත් මගේ බොලද ආදරය රැක ගන්න බැරි උනොත් කියන බය මගේ හදවතේ ගොඩක් ඉහලින් රජ කලා …

හරියට මගෙ අම්මා වගේ …

බිම බලා ගෙන හිටිය මට එකපාරටම හීල්ලුනෙ බේබිගෙ හැඩි දැඩි දෑත් බිත්තියට තියනවාත් එක්කමයි …

බේබි එන්න එන්නම මගේ ඇගට තද උනෙත් මන් ඒ පහසෙ හිර උනෙත් එකම මොහෙතෙමයි ..

ඒත් ඒ ඇස් උවමනාවෙම මගාරින්න මන් වග බලාගත්තා ….

ඒත් මන් ඒ නිරුවත් පපුවෙ උනුහුමට ගොඩක් ඇලුම් කලා …

ඒ නිරුවත් පපුව මගෙ දුරස් වෙයි කියලා මගෙ හිතට බයක් නොදැනුනාම නෙවෙයි …

එන්න එන්නම බේබි මගේ ඇගට බර වෙද්දි ඇත්තටම මට දැනුනෙ වේදනාවක් …

අමාරුවෙන් උනත් මන් ඒ අපහසුතාවය විදගෙන හිටියා ..

බේබිගෙ සුසුම් මගෙ උරෙහි ගැටෙන කොට මට දැනුනෙ අමුතු හැගීමක් …

මන් ඒ පහසත් විදගෙනම දැනෙන වේදනාවත් එක්කම බේබිගෙ මූණ දිහා බැලුවෙ ටිකක් විතර බයෙන් …

ඒත් ඒ මූනෙ තිබ්බෙ හරි මනමාල හිනාවක් …

මේ මොහොතකට කලින් තිබ්බ තරහව ඒ ඇස් මායිමකවත් ගෑවිලා තිබ්බෙ නෑ …

මන් ඒ ඇස් දිහා බලන් හිටියෙ දහසකුත් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ….

හැබැයි ඒ ඇස් බලන් හිටියෙ වෙනත් දිහාවක …

මන් බලද්දි ඒ මනමාල හිනාව තවත් වැඩි උනා කියලයි මට නම් හිතෙන්නෙ …

මන් ඔලුව ඉස්සුවාට වඩා වේගෙන් ආය බිම බලාගත්තෙ ඒ ඇස් නතර වෙලා තිබ්බෙ මගෙ දෙතොල් වල කියලා මට දැනුන නිසා …

නං….ගී ..

මගෙ කනගාවින්ම වගේ ඇහුනෙ බේබිගෙ ඒ ආදරණීය හඩින් මගෙ ඇග හිරිවැටිලා ගියා …

මොකෝ මේ බය වෙලා …

හිතුවද මන් අල්ල ගනී කියලා …

චන්ඩි රැජින බලන් යද්දි මටත් බයයිනෙ නේද ….??

න්.. නෑ … එහෙම දෙයක් නෑ… ම.. මන් මොකටද බය වෙන්නෙ …

මන් එහෙම පොඩි පාට් එහෙකුත් දාලා බේබිව අත්දෙකෙන්ම් තල්ලු කරත් බෙබිනෙමෙයි හෙල වුනේ …

මොනව උනත් ඒ හැඩි දැඩි ඇග එක්ක හැප්පෙන්න මට හයියක් තිබ්බෙ නෑ …

නංගි…

ඔයබිම බලන් හිටියා ඇති නේද දැන් …

කෝ පොඩ්ඩක් මගෙ දිහා බලන්න …

නැත්නම් ඉතින් මට මොන යකෙක් වැහෙයිද දන්නෑ …

මන් කලින් කිව්ව දේවල් වැඩිය හිතන්න එපා …

ඒත් ඉතින් මන් කිව්වෙ මගෙ හිතේ තියෙන දේ …

මට ඉතින් කාටවත් බල කරන්න බෑනෙ …… හ්හ්..

මගෙ හිත යන්නෙ කොහොමත් ආඩම්බරකාර කෙල්ලන්ටමනෙ …

බේබි කියවගෙන කියවගෙන ගියත් මගේ ලගින් නම් ඩිංගක් එහා මෙහා උනේ නෑ …

ඒත් ඉතින් එහෙම කියලා මෙතනට වෙලා එලිවෙනකම් හිට ගෙන ඉන්න කියලද ??

අනික මෙයාවත් මේම තියන් …

දැන් නම් බඩගින්නත් දැනෙනවා එහෙන් මෙහෙන්…

මොකද කියන්නෙ ඔයා ඔලුව උස්සනවද …

එහෙමත් නැත්නම් එලි වෙනකන් මෙහෙමම ඉන්නවද දෙන්නා එක්ක …

තීරණය ඔයාගෙ අතේ මදූ ….

ම්ම්ම් .. හරි හරි මන් ඔලුව උස්සන්නම් ..

හැබැයි දැන්නම් කන්න් යන්න ඕනි පොඩි බේබි …

මට බඩගිනියි …
???????????????

ඉස්සෙල්ලාම ඔලුව උස්සනවා ..

ඊට පස්සෙ කන්න යමු ..

මටත් බඩගිනි ..

පරක්කු උනොත් ඒවටත් රිටර්න් හම්බවෙයි නංගි …

මේ බේබි මහ වසවර්තියෙක් …

ඒක ඔයාට දැනටමත් තේරිලා ඇති මන් හිතන්නෙ නම්…

අයියෝ මේ බේබි නම් …

පිස්සෙක්ද මන්දා ..

මගෙ ඔලුව උස්සලා මූනෙ පෙරහැරක්වත් යනවා බලන්නද දන්නෑ…

මන් බේබිට හිතින් බැන බැන ඔලුව ඉස්සුවේ අහක බලා ගෙනමයි …

ඒත් නොසිතූ මොහොතක බෙබිගෙ දෙඅත් මැද මගෙ කොපුල් හිර වෙද්දි මට ඇත්තටම දැනුනෙ බයක් …

මන් ඇස් දෙකත් ටොම්බාසයිස් කරන් බැලුවෙ බේබිගෙ ඇස් දිහා …

මගෙ දිහා බලාගෙනම ඒ ඇස් ඉගිමැරුවෙ ඉස්සෙල්ලට වඩා මනමාල හිනාවක් මූනෙ තියෙද්දිම යි…

බේබි ගෙමින් සැරේ මගෙ නොඉදුල් තොලට බර වෙද්දි මන් කොච්චර බේරෙන්න හැදුවත් මං මේ තරම් කාලෙකට නොවිදපු මගේ කුලුදුල් හාදුවේ පහස මගෙ හිත ඇතුලටම දැනිලයි තිබ්බෙ ….

ඒ හැඩි දැඩි සිරුරත් එක්ක ඔට්ටු වෙන්න බැරිම තැනමන් සන්සුන් වුනේ බේබිට අවනත වෙලා වගේ ..

මන් දෑස් වසාගෙන ඒ පහස දරාගත්තෙ ගොඩාක් ආදරයෙ න්…

ඒත් මගෙ මුලු හදවතම හඩා වැටෙන්න පටන් ගත්තෙ මගෙ නොයිදුල් තොල් පෙති මත තිබ්බ ඒ කුලුදුල් හාදුවෙ පහස සදහටම මතකයක් පමණක්ම වේවීදෝ කියන බයටමයි …

බේබි අතොරක් නැතුව මගේ තොල් සිප ගනිද්දි මගේ කොපුල් තෙමා ගියේ උණුසුම් කදුලු බිදු වලිනි …

මගේ දෑත් මගේ ඇස් අගට ගියත් මගේ දෑසින් කදුලු නික්මුනේ නෑ …

ඒත් මේ කදුලු කොහෙන්ද..

මගේ කොපුල දිගේ ගංගාවක් වගේ ගලා යන ඒ කදුලු වල අයිතිකාරයා බේබි කියලා දැනෙද්දි මන් වසාගෙන හිටිය දෑස් හැර බැලුවෙ බේබිගෙ කදුලු වල අර්තය මොකක්ද කියලා තේරුම් ගන්න…

බේබිගෙ ඇස් වලින් කදුලු දෝරෙ ගලනවා..

ඇත්තටම ඒ ඇස් ඇතුලෙ කදුලු එක්ක හිර වුනු ලොකු වේදනාවක් මන් දැක්කා ..

මන් ඒ දෑස් වලට එබෙද්දි මෙච්ච්‍ර වෙලා බිත්තියට ත්ද වෙලා තිබුන දෑත් මගෙ බද වටා එතිලා ගියෙ බේබිගෙ නිරුවත් පපුවට මාව තව තවත් තුරුලු කර ගන්න ගමන් …

මගේ හිත මටත් අකීකරුව ඒ පපුවට හිස තියා ගත්තෙ බේබිගෙ දෙතොල් මාව අතහැර ගත් මොහොතෙමයි …..

ආයිමත් සැරයක් මගෙ ගෙල පුරා ඒ දෙතොල් දගකාරකම් කරද්දි බේබිට තව තවත් තුරුලු උනේ ලැජ්ජාව ඉවස ගැනීමට බැරිම තැනමයි …

……………………………………………………………………………………………………………………………

සිනහවට වඩා
කදුල විශ්වාස කල හැකිය….
මන් ද ඕනෑම අයෙකු සමග
සිනහවීම හරි ලෙහෙසි යි…
නමුත් සැබෑ හැගීම්ක් නොමැතිව
කිසි විටක හැඩිය නොහැක ……

?කාංචනා?

17 thoughts on “?අප්සරාවී?|හතලිස් වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Buddhika subhashini

    Wow මරූ..දැන් නම් පට්ටයි ..බේබියි මදූයි යාලු වෙලානේ..❤️❤️❤️❤️ good luck ??????

  2. Chathu indeewaree

    දැන්නම් මාරම romantic වෙලා පොඩි බේබි & මදූ.. දැන්නම් කතාව ගොඩාක් ලස්සනයි නංගෝ..

    අනේ ඒක නෙවේ මැණික. ඔයාට කොහොමද දැන්? අසනීප තත්ත්වය කොහොමද? අඩුද? පරිස්සම් වෙන්න කෙල්ලේ. පුළුවන් වෙලාවට කතාව අප්ලෝඩ් කරන්න. හැමදේටම කලින් ඔයා සනීප වෙලා ඉන්න. සතුටින් ඉන්න නංගි. බුදුසරණයි! ආ මම ආයෙමත් කියනවා කතාව දැන්නම් ගොඩාක් ලස්සනයි.

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      තැන්ක් යූ අක්කියෝ… මන් මේල් එකක් දාලා ඇති ඔයාට හොදේ ….අප්පච්චිට දැන් සනීපයි නෙද ඉස්සෙල්ලට වඩා … අප්පච්චිව ඉක්මනින්ම සනීප වෙනවා අක්කියෝ .. මට විශ්වාසයි ඒක …??

  3. Thakshi Deepali Jayasuriya

    ඔන්න මේ නරක අක්කා කාලෙකට පස්සේ කමෙන්ට් එකක් දානවා…???? කතාව නම් නියමයි නංගා…අෑ බං කෙල්ලේ කොහොමද ඔය පොඩි වයසට මේවගේ කතා ලියන්නේ අාා… ??? මාරම රොමෑන්ටික්…ඉස්සරහට මොනා වෙයිද….කමෙන්ට් කරේ නෑ කියලා තරහ නෑ නේද නංගා….ඔයාට සුබ පතනවා මං හදවතින්ම

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අනේ තරහා නෑ අක්කියෝ … මන් දනවනෙ ඔයා කතාව කියවනවා කියලා .. දැන් ඉතින් අක්කිත් ගොඩාක් බිසීනෙ නේද ….??
      රොමෑන්ටික් ද කතාව …?? ඒකනෙ අප්පා මන් මෙච්ච්‍ර අමාරුවේ වැටිලා ඉන්නෙ .. මට කතාව ලියා ගන බෑ .. රොමෑන්ටික් වැඩි උනොත් අවුල් වෙයි කියලා හිතෙනවා….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.