Katha Ahura

?අප්සරාවී?|හතලිස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් හත්වන දිගහැරුම//

මදූ …. ඔයාවත් මට කියන්න … මේ .. මේ ක … මේ ඉන්න කෙනාව දන්නවද …?? එයා මේ වලවුවෙ ඉන්නවා නේද මදූ .. ආ… කියන්න මට … මගෙ බයියම්මා මේ වලවුවෙ ඉන්නවා නේද් මදූ … ඇයි එයා මාව බලන්න ආවෙ නැත්තෙ … කියන්න මදූ …

බේබි මාවත් ඇදගෙන ගියේ මගේ කාමරයෙ බිත්තියේ එල්ලලා තිබ්බ මගේ අම්මගෙ ෆොටෝ එක ගාවට … බේබි මාව අල්ලගෙන කෑ ගහලා ඇහුව ප්‍රශ්න වලට මාව ඇත්තටම ගල් ගැහුනා …බේබි මේ අහන්නෙ මගෙ අම්මා ගැනද … ??

අනික ඔය තරම් දුක් වෙන්නෙ මගෙ අම්මා බේබිව බලන්න ආවෙ නැති එකටද ….?? අනේ දෙයියනේ මේ මොනවද වෙන්නෙ .. බේබිගෙයි මගෙ අම්මගෙයි මේ තරම් ලොකු සම්බන්දතාවයක් … අනික මේ තරම් ආදරයක් වලවුවෙ වැඩ කරපු මයෙ අම්මා වෙනුවෙන් ….

මදු …. ඔයාවත් මට කියන්න රත්තරනේ ….. මගෙ බයියම්මා කොහෙද … ?? මන් එයාව හොයනකනෙයා හැංගිලා ඉන්නවද …??

බේබි පුන්චි ලමයෙක් වගේ මගේ පපුවට තුරු වෙලා අඩද්දි පීටර් මාමා උනත් ඒ දිහාවෙ බලන් හිටියෙ ඇස් වල කදුලු පුරවගෙන …. ඒත් බේබිගෙ ප්‍රශ්න වලට මන් දෙන්න් ඕනි උත්තරය මොන වගේ එකක් වෙන්න් ඕනිද කියලා මගේ පුංචි හිතට තාමත් හිතා ගන්න බෑ …

පොඩි බේබි මහත්තයෝ …. මන් මහත්තයාට ඇත්තම කියන්නම් … ඒත් මන් පොඩි බේබිගෙන් වැදලා ඉල්ලන්නම් මයෙ මහත්තයෝ , මන් මේ ගැන කිව්වයි කියලා කාටවත්ම දැන ගන්න නම් තියන්න එපා … එහෙම උනොත් මට වෙන්නෙ උන් හිටි තැනුත් නැති වෙන වැඩක් …

පීටර් මාමා ඊලගට මොකක්ද මේ කියන්නෙ යන්නෙ කියලා මන් බලාගෙන හිටියෙ පුදුමෙන් වගේ … පීටර් මාමා බිම දණගහල මගෙ අම්මා ගැන කිව්වයි කියලා කාටවත් කියන එපා කියලා බේබිගෙන් පිණ්සේන්ඩු වෙනවා …

බේබිත් ඇඩිල්ල පැත්තකට දාලා පීටර් මාමව නැගිට්ටෙව්වෙ බේබිගෙ හිතේ කැරකි කැරකි තියෙන ප්‍රශ්න දහසට උත්තර පීටර් මාමා දෙයි කියන විශ්වාසයෙන් කියලයි මට නම් දැනුනෙ …

අනේ පීටර් මාමෙ … මේ මොකක්ද කරන්නෙ … ඇයි පීටර් මාමා මට වදින්නෙ …. හරි … පීටර් මාම ඇත්ත කිව්වයි කියලා කාටවත්ම කියන්න් එපා කියනවනම් මන් කාටවත්ම කියන්නෙ නෑ ….

හැබැයි ඒකට හේතුවක් ඇතියි කියලා මන් හිතනවා පීටර් මාමෙ .. මාමා කැමති නම් මට ඒකටත් හේතුව කියන්න … මට තවත් ඉවසන් ඉන්න බෑ … මට කියන්න කෝ මගෙ බයියම්මා කියලා ….

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ….

පීටර් මාමා බර සුසුමක් පිට කලේ ලොකු කතාවකට මුල පුරන්න් කියලා මට ඉවෙන් වගේ තේරුම් ගියා .. මමත් බේබි ඉන්න් තැනටම හිමීට හිමීට ලං වුනේ මේ හංගන් ඉන්න රහස මොකක්ද් කියලා දැන ගන්න මටත් අයිතියක් තියනවනෙ කියලා මගෙ හිත මට තරවටු කරපු නිසාමයි ….

බේබි … මන් මේ කියන කතාව අහලා බේබි කලබල වෙන්න එපා …. මීට මාස තුනකට විතර උඩදි අපෙ සුමනා නංගි ..

එ කියන්නෙ ඔය බේබි කියනවා වගේ බේබිට මේ වලවුවෙන් වැඩි පුරම ආදරය කල ශ්‍රියා කාන්තාව අපි හැමෝව තනිකරලා අපෙන් සදහටම වෙන් වෙලා ගියා බේබි ….

පීටර් මාමා කැඩුනු කටහඩින් කියන දේවල් අහන්හිටිය මගේ දෑස් වල ජදුලු පිරෙන්න එක තත්පරයක් වත් ගත වුනේ නෑ … මගෙ අම්මගෙ වියොඉව මගේ ජීවිතය මොන තරම් වෙනස් කලාද කියලා මන් හොදාකාරවම දැන් හිටියත් මගෙ අම්මා මට මොන තරම් ආදරය්ක් දුන්නද කියලා මේ වල්වුවෙ ඉන්න හැමෝම දැනන් හිටියා ..

මාව ඉස්කෝලෙකට යවන්න එපා කියලා මැණිකෙ අම්මට මොන තරම් දේවල් කිව්වත් උබත් දවසක වලවුවෙ ඉදුල් හෝදන් තැනට වැටෙන් නැතුව හොදට ඉගෙන ගනින් කියලා අම්මා මාව පුලු පුලුවන් විදිය්ට ඉස්කෝලෙ යැව්වා …

නෑ … නෑ … පීටර් මාමෙ ඒක වෙ … න් … න … බෑ කො… හොම … වත්ම …. මගෙ බයියම්මා මා… ව දා ..ලා … ගියා .. නම් මන් නොදැ … න ඉන්න වි .. දි .. යක් තියෙනවද ?? අ .. අනික එහෙම් දෙයක් වුනානම් ඔයාලා මට කියනවනෙ … ඔයාලා ඔක්කොම් කියන්නෙ බොරු … කෝ මගෙ බයියම්මා ….

නෑ …. බේබි … පී … ට … ර් මාමා කියන්නෙ ඇත්ත … මගෙ අම්මා මාවත් දාලා මේ ලෝකෙන් යන්නම ගිහින් ඉවරයි දැන් …

ඇත්තටම ඒ වෙලාවෙ මගෙ කටින් පිට උන වචන ටික පීටර් මාමා වගේම බේබිත් අහගෙන හිටියෙ ඇස් දෙකත් ටොම්බ සයිස් කරගෙන …

බේබි මගේ වචන් අහලා පුදුම් වෙනඑක මට අලුත් දෙයක් නෙවෙයි .. ඒත් පීටර් මාමා ඒ දේ අහලා පුදුම වෙන්න හේතුව මට හරියටම් තේරුම් ගන්න බැරි උනා …
පීටර් මාමගෙ මූණෙ තිබ්බෙ කලකිරීමත් එක්කම ලොකු බයක් එක්කාසු උන් ස්වරූපයක් කියලා මට හොදටම තේරුනා …

මො .. මොනවද මදූ ඔයා කිව්වෙ … බයියම්මා ඔයාගෙ අම්මා … ?? ඒ කොහොමද … එහෙම වෙන්න විදියක් නෑ …

බේබි කලබලෙන් වගේ අනිත් අතට ඒ ප්‍රශ්නෙ ඇහුවම මාත් පෙරලා පිලිතුරු දුන්නෙ මගෙ අම්මා ගැන මන් හොදාකාරවම දන්න නිසයි …

ඔව් බේබි … අර ෆොටෝ එකේ ඉන්නෙ මයෙ රත්තරන් අම්මා … මාව උස්මහත් කරන්න් මයෙ අම්මා විදපු දුක මන් දන්නව බේබි .. තාත්තෙක් නැතුව අම්මා මාව බලා ගත්තෙ මේ වලවුවෙ වැඩ ටික කරලා ..

ඒත් මයෙ රත්තරන් අම්මා කවමදාකවත් මට අඩුවක් කලේ නැ … මාව ඉස්කෝලෙ යවලා හොදට ඉගැන්නුවා .. ඒත් මන් උසස් පෙල ලියලා ඒවැයි ප්‍රතිපල එන දවසට මගෙ අම්මා මන් ලග නැ …. අම්මගෙ හීන මට අද ඉශ්ට කරන්න බෑ … මයෙ අම්මා මාව මේ වලවුවෙ තනිකරලා දාලා මාව දාලා ගියා බෙබි …
ඉහි … ඉහි …

මගෙ දුක් බර කට හඩ ඉකියකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියෙ බෑ … ඒත් එක්කම බේබි පීටර් මාමවත් ඇදගෙන කාමරෙන් එලියට ගියේ මගෙ මූණ දිහාවක් බලන් නැතුව …

ඒත් එක්කම් වාගෙ මන් ඇදට වැටිලා කොට්ටෙත් බදන් අඩන්න පටන් ගත්තෙ පෑරිලා වේලිලා ගිය මගේ හිත ආයි සැරයක් පෑරුන හින්ද දැනුන වේදනාව අඩු කර ගන්න ..

***********

පොඩි බේබි … නවතින්න …. අනේ මහත්තයෝ … කො … හෙද මාව මේ ඇදගෙන යන්නෙ … බේබි මහත්තයෝ ඔහොම් නැවතුනානම් ….

මදූගෙ කාමරෙන් එලියට ආව බේබි මහත්තයා පීටර්වථ් ඇදගෙන ගියෙ වලවු වත්තෙ කෙලවරකට … වලවුව පිටිපස්සට වෙන්න තිබුන නිසා ඒ පැත්තට වෙන්න කාගෙවත් වැඩි අවදානයක් යොමු වෙන්නෙ නෑ …. ඊටත් වඩා දැන් කෙමෙන් කෙමෙන් අවටින් අදුර පැතිරෙමින් තිබුන නිසා ගස් වලින් වැසී ගිය වටපිටාවට මද අදුරක් එක් වෙලා තිබුනා ….

හ්හ්හ් …. ඕන් නැවතුනා … ඇයි නැවතෙන්න කිව්වෙ … දැන් පීටර් මාමා බය නැතුව ඇතිනෙ ඔය හංගන් ඉන්න් දේ මට කියන්න .. මොකද මෙතන් කවුරුත් නෑනෙ .. මෙත ඉන්නෙ ඔයයි මායි විතරයිනෙ පීටර් මාමේ .. නේද ….???

බේ … බෙ මහත්තයෝ….

අනේ පීටර් මාමෙ …. දෙයියන්ගෙ නාමෙන් මන් මේ කියන්නෙ …. තාත් මට බොරු නම් කරන්න ලෑස්ති වෙන්න එපා … එහෙම උනොත් මන් ඊලගට ගන්න තීරණය පිටර් මාමට විතරක් නෙවෙයි කාටවත්ම හිතා ගන්න බැරි වෙයි …

අ… අනේ බේබි මහත්තයෝ … මොනවද මේ කියන්නෙ … මන් මගෙ බේබි මහත්තයාට ඇත්තම කියන්නම් … ඔව් අවුරුදු ගාණක් මන් මගෙ හදවතේ හිර කරගෙන් දුක් විදපු ඒ ඇත්ත් මන් අද බේබි මහත්තයාට කියන්නම් … මට බෑ බේබි මහත්තයට් විදවනවා බලන්න .
මෙච්චර කාලයක් හාමු මහත්තයයි මදූ කෙලියි විදෝනවා මන් දැක්කා … ඒත් මට මොකුත්ම කරන්න් බැරි උනා .. මන් නිකන්ම් නිකන් මේ වලවුවට වැඩ කාරයෙක් විතරයි … මන් මේ හැමදේටම වඩා වේබිව විශ්වාස කරනවා … මන් බේබිට මේ හැමදෙයක්ම කියනවා බේබි මහත්තයො …

පීටර් කට හඩේ සැරබාල කරලා උනත් දැඩි විශ්වාසයකින් ඒ වචන ටික කියනවා කියලා බේබිට දැනුනා .. බේබි උනත් එතන හිටියෙ ඔලුව ගිනි අරන් වගේ ….

……………………………………………………………………………

පීටර් බේබිට ඇත්ත කියයිද …??ඇත්ත කිව්වොත් ඉස්සරහට මොන වගේ දෙයක් සිද්ද වෙයිද … ??

ඕන් අනුමාන කරන්නකෝ ..

ආදරෙයි හැමෝටම ..

හෙට හමුවෙමු …????

?සිහින සිත්තරාවී?

18 thoughts on “?අප්සරාවී?|හතලිස් හත්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Aththanam hithagnn ba… eth aththa kiyai bebita… bebi maduge ammata godak ekathuinm bebi ai maduwa dnne naththe.. ammoh.. mekanm loku prashnayak wage… e denna sahodara sahodariyo wenawad kiyalath welawakt hithenooo… blmuko me rahasa mokdd kiyl.. ekatath heta wenkn iwasanna oni ned… ???

    Kathawanm marui… kuthuhalayath uparimai dannam…
    ❤️❤️❤️❤️❤️❤️

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      Thank you akkiyoo…??
      ඔයලට විතරක් නෙවෙයි ලියන මටත් මේ කතාව ලොකු ප්‍රශ්නයක් අනේ …??

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      බලමු මදූද බේබිද වෙනස් පැත්තකට යන්නෙකියලා.?? දිගටම කතා අහුර එක්ක ඉන්නකෝ ????

      Thank you dr…

  2. Chathu indeewaree

    කොහොමද නංගෝ ඉතින්? මගෙ අප්පච්චි නම් තාම hospital එකේ. ඒත් මම කාලෙකට පස්සේ ආවා ඔන්න මම ඔයාලා හැමෝම බලලා යන්න. ලස්සනයි නංගෝ අදත් කතාව. මම හිතන්නේ පොඩි බේබිගේ අම්මා තමයි සුමනා(බයියම්මා).තාත්තා වලව්වේ හාමු. ඒ නිසා තමයි මැණිකේ පොඩි බේබි එක්ක තරහා.මදූ ගැනනම් හිතාගන්න බෑ. කොහොම වුණත් ලස්සනට කතාව ගලාගෙන යනවා. බුදු සරණයි ! මැණික. සතුටින් ඉන්න..

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      මම නම් හොදින් ඉන්නවා අක්කියෝ … වැඩ අතරෙ පොඩ්ඩක් හිර වෙලා ඉන්නක තමා ප්‍රශ්නය .. ෆෝන් එක රෑට විතරක් සීමා කරල තියෙන්නෙ දැන් ??
      අප්පච්චිගෙ සිටුවේශන් එක හොදයි නේද දැන් …. ඔයාගෙ අප්පච්චිට ඉක්මන් සුව ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනය කරනවා අක්කියෝ ….

      ම්ම් .. කතාව ගැන නම් කතා කරන්න අමාරුයි … මොකද මුලින්ම ප්ලෑන් කරපු විදියට තමා කතා අරන් යන්නෙ … පෙලක් අය නම් ලගින් යන් අනුමාන් දෙනවා … ඒඑත් තාම කවුරුත් හරියටම් අනුමාන කලේ නෑ ??…

      Thank you akkiyoo …..???

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      හිතලා හිතලා අන්තිමට කොහේ ඔය හිත නතර වේවිද දන්නෙ නැතේ මන් නම්..
      ??

      බලමුකො ඉස්සරහට …??

  3. Priyadarshani

    බේබිගෙ අම්මා තමයි බයියම්ම…. මදූ වෙන කාගෙ හරි ලමයෙක් වෙන්න ඇති හදගන්න ගත්ත කෙනෙක් ..
    ?????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අනේ මගේ ප්‍රියෝ… ඉස්සරහටම බලමු වෙන දේ ….???

      තැන්ක් යූ අක්කියෝ…??

  4. ?හසිතා?

    Oya hamadama apita hitanna deyak ithuru karala yanwane nanga……..??????

    Katawa supiri ……dan tamai hodama….all the best

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      මන් ආසයි ඔයාලව පොඩ්ඩක් අවුස්සලා තියන්න අනී … ඒකයි එහෙම කලේ…??

      තැන්ක් යූ අක්කියෝ…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.