Katha Ahura

?අප්සරාවී?|හතලිස් හයවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් හයවන දිගහැරුම //

මගෙ සුදු නංගී … අපි යමුකො ටක් ගාලා කාමරය ඇතුලට … අන් ඇවිත් තියෙන තැන පෙන්නන්න මන් ඔයාට … මැට්ටි …

අප්පෝ සුදු අයියෙ ඔවා නම් .. ලැජ්ජාව කියලා ඩිංගක්වත් නෑනෙ අප්පා …

මන් නහයෙන් අඩ අඩම කාමරයෙ දොරත් ඇරගෙනම කාමරයට ඇතුලට ආවා … කාමරය නම් ඒ විදියටම තියෙනවා .. කිසිම වෙනසක් නැ ඉතින් .. වලවුවෙ ඇතුලෙ වුනත් මගෙ මේ දුප්පත් කාමරය ඇතුලට රිංගන්න කවුරුත් නෑ ඉතින් …

ම්ම්… කෝමද මගෙ කාමරය ..
මන් කාමරය වටේම බලලා හොද හුස්මකුත් අරන් ඇහුවා.. ඒත් බේබිගෙන් කිසිම සද්දයක් නෑ ..
මන් ටක් ගාලා බැලුවෙ බේබිගෙ මූණ දිහා … ඒ ඇස් තිබ්බෙ වෙන් පැත්තකට යොමු වෙලා ….

සුදු අයියේ … මොකෝ මේ … ඔයා ඉන්නෙ නිකන් බය වෙලා වගේ …??

මන් හෙමින් සැරේ බැලුවෙ බේබි බලන් දිහා … බේබි බලන් හිටියෙ බිත්තියේ ගහලා තිබුන මගෙ අම්මගෙ පින්තුරය දිහා .. ඒත් බේබි ඇයි ඔය විදියට මගෙ අම්මගෙ ෆොටෝ එක දිහා බලන් ඉන්නෙ …

මන් බලන් ඉද්දිම බේබිගෙ ඇස් කදුලින් පිරිලා ගියා … ඒත් ඒකට මන් හේතුවක් දැන ගෙන හිටියෙ නෑ … ඒ ඇස් වල කදුලු දකින්න බැරිම තැන මන් බේබිට කතා කරන්න පටන් ගත්තා …

සු…. දු … අයි … යේ …
ඇයි මේ …. කියන්නකො මට …. ඇයි ඔයාගෙ ඇස් වල කදුලු … කත කරන්න අයියේ … ඔයා ඔහොම ඉන්නවා බලන්න මට බෑ මගෙ අයියේ ….

මදූ අඩ අඩම කතා කරනවා බේබි අහන් ඉන්නෙ හීනෙන් වගේ … ඇත්තටම මොනවා කියනද කියලා බේබිටත් හිතා ගන බෑ … බේබි බලන් ඉන්නෙ බේබිව පුංචි කාලෙ ඉදන්ම නාවලා කවලා පොවලා කැත කුණු අතගාලා තමන්ගෙම ලමයෙක් වගේ ගොඩාක් ආදරයෙන් තමන්ව රැක බලා ගත්ත බයියම්මා දිහා …

ටොක් … ටොක් … …. ටොක් .. ටොක් …

එකපාරටම ඇහුන දොරට තට්ටු කරන සද්දය හින්දා බේබියි මදුයි දෙන්නම ගැස්සිලා ගියා .. මදූ නම් හිටියෙ බය වෙලා … මොකද මැනිකෙ ඇවිත් හිටියොත් මෙතන මොනවැයින් මොනවා වෙයිද කියලා කෙල්ලට හිතා ගන්න බෑ … අනික කාමරේ දොරත් වහලා තියෙන හින්දා මැනිකෙ ආවොත් තත්වය බරපතලයි කියලා කෙල්ල දන්නවා .. ඒත් බේබි කිසිම ගානක් නැතුව ගිහින් දොර අරින්නෙ ඇස් දිගේ රූටලා තිබ්බ කදුලු බිදු ගැනවත් තැකීමක් කරන්නැතුව ….

කෙල්ලෙ මේ …..

දොර අරිනවත් එක්කම දොර ගාවට වෙලා හිටගෙන හිටපු පීටර් මාමා කතා කරන්න පටන් ගත්තත් බේබිව දැක්ක ගමන් ඒ මූන් වෙනස් වෙලා යනවා බේබි වගේම මදූත් හොදා කාරවම දැක්කා ….

බේ … බි … බේබි මොනවද් මේ කාමරයට වෙලා කරන්නෙ… මැණිකෙ එහෙම ආවොත් විසුමක් වෙන එකක් නෑ … කෝ .. කෝ… බේබි යන කාමරයට බේබිගෙ …. බේබිව බලන්න නෝනෙ කෙනෙකුත් ඇවිල්ලලුනෙ ..

පීටර් ආයාසයකින් මවා ගත්ත හිනාවකුත් එක්ක ඒ වචන ටික හරි අමාරුවෙන් කියලා දැම්මා …

නෑ …. මන් යන්නෑ …. මට පීටර් මාමගෙන් දැන් ගන්න දෙයක් තියෙනවා … එර්ක හින්ද පීටර් මාමත් එන්න් කාමරය ඇතුලට … නැත්නම් මන් මෙතන ඉදන්ම ඒ ප්‍රශ්නෙ අහනවා .. අම්මා නෙවෙයි වෙන් කාට කාට ඇහුනත් මට කමක් නැ … ඒක මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ …

බේබි දැඩි ස්තීර හඩකින් කිව්ව ඒ වචන ටික ඇහිලා මදූ වගේම පීටරුත් බලන් හිටියෙ ගල් ගිල්ලා වගේ …

???????????????

බේබිට මොකක්ද උනේ එකපාරටම .. අනේ අන්දා මෙයාට මොනවා නම් වෙනවද කියලා එක එක වෙලාවට … ඒ මදිවට දැන් මොනවද අහන්න් ඕනිලු .. මෙයාට මේ තියනවයි කියන ප්‍රශ්නෙ මොකක්ද … ?? අනික පීටර් මාමගෙන් අහන්න තියෙන … කාමරේ ඇතුලට එන්නලු .. කාට ඇහුනත් ප්‍රශ්නයක් නෑලු .. අයියෝ මන් දන්නෑ .. මොන යකෙක් වැහුනද කියලා එකපාරටම …

ම්ම් .. මන් ප්‍රශ්නෙ අහම්නත් කලින් පීටර් මාමා මෙච්චර බය වෙන්නෙ ඇයි ..?? ම්.. පීටර් මාමා මගෙන් මොනවද හංගන්න හදන්නෙ මේ … එදත් මගෙ බයියම්මා ගැන් අහනකොට කට්ටියම් ප්‍රශ්නෙ මගෑරියා .. ඒත් අද එහෙම වෙන්න දෙන්නෙ නෑ මන් … කොහොම හරි මන් මේ ප්‍රශ්නය විසද ගන්නවා … ඔව් … කොහොම හරි …..

බේබි හිත හිතාම පීටර් කාමරයෙන් ඇතුලට එනවත් එක්කම කාමරයෙ දොර ලොක් කරලා දැම්මා …
දොර වැහුන සද්දෙටපිඋටරුත් පොඩ්ඩක් විතර බය වුනා… හැබැයි ඉතින් මදූ නම් හිටියෙ වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුව ….

පොඩි බේබි මහත්තයෝ …., ඇයි මේ දොරත් ලොක කලේ … හාමු මහත්තයත් හොයන්න පටන් ගනී තව ටිකකින් මාව… බේබි මහත්තයා අහන ෆ්හෙයක් ඉක්මන් කරලා ඇහුවනම් තමා හොද .. තව වැඩ කන්දක් තියෙයි නෙව මට කරන්න … එහෙම් නොවුනොත් මැණිකෙගෙන් විසුමක් වෙන්නෑ …

ම්ම් … පීටර් මාමා මොකද මේ කවදාවත් නැතුව මෙච්චර කියවන්නෙ … මට නම් පේන්නෙ පීටර් මාමා ඉන්නෙ බේබිට බය වෙලා … ඒකනෙ ඉතින් ඔය මරන්න දක්කන ගොනා වගේ සට පට ගාලා කියවන්නෙ …

අනේ බේබි මහත්තයෝ … මන් කියන දේ ……

ඇති ඇති පීටර් මාමෙ … ඔය හොදටම ඇති කියෙව්වා … දැන් මන් අහන හැමදේටම පීටර් මාමා බොරු නොකර ඇත්ත කිව්වොත් පීටර් මාමට මන් යන්න දෙන්නම් … හැබැයි මට ඇත්තම කියන ඕනි … පිටර් මාමා බොරු කිව්වොත් මන් මේ දැම්ම මේ වලවුවෙන් යනවා … ඒකත් දැන් ගෙනම ක්තා කරන එක පීටර් මාමා ලේසි වෙයි ..

අනේ බේබි මහත්තයෝ … බේබි මහත්තයා මොනවද මේ කියන්නෙ … මන් බේබි මහත්තයාට කවමදාකවත් බොරුවක් කියලවත් බොරුවක් කරලවත් තියෙනවද …?? බේබි මහත්තයා තියෙන පුරශ්නෙ අහන්නකෝ .. බේබි මහත්තයා ඔහොම් හැසිරෙනවා මන් දැක්කමයි මේ … ම්ම්ම් ….

හරි .. මට කියන්න පීටර් මාමෙ මගෙ බයියම්මා කෝ ….??

මන් තියෙන් සරලම විදියට මගෙ ප්‍රශ්නෙ දමලා අතෑරියෑ … හැබැයි පීටර් මාමට කෙල ගිලුනෙත් නැ කියල මට තේරුනා … මොනවා උනත් මන් සුමනා නැන්දට පුංචි කාලෙ ඉදන්ම් කිව්වෙ බයියම්මා කියලා … ඒ නම් අපේ වලවුවෙ හැමෝටම අලුත් දෙයක් වෙයි කියලා මන් නම් හිතන්නෙ නෑ ….

ක… කවුරු … බයියම්මා … ඒ කවුද බේබි මහත්තයෝ .. මට එහෙම මතකයක් නෑ නෙව ….

හහ් … ඕන් ඉතින් පීටර් මාමා මටත් කොලේ වහන්න හදනවා …මන් මුලින්ම කිව්වා පීටර් මාමෙ .. මට තව තවත් බොරු අහන්න ඕන්නෑ .. මට කියන්නකෝ මගෙ බයියම්මා … මන් වලවුවෙන් ගියාට පස්සෙ එයා එක්ක එක වචනයක් කතා කලේ නෑ … අනික මන් අවුරුදු ගානකට පස්සෙ වලවුවට පය තිබ්බ දවසෙ එයා මාව බලන්න දුවගෙන් ආවෙ නෑ .. කෝ මාව හුරතල් කරපු මගෙ අම්මටත් වඩා මට ආදරය කරපු බයියම්මා …

අනේ දෙයියනේ … ඇයි බේබි මේ අඩන්නෙ .. බේබි කාවද මේ හොයන්නෙ … අනික පීටර් මාමා ඇත්ත නොකියන්න තරම් මෙතන හංගන් ඉන්න රහස මොකක්ද … ?? අනේ පවු බේබි ….

බේ …. බි ……මේ ….

මගේ සද්දෙටද මන්ද බේබි මගෙ දිහා හැරිලා බැලුවෙ ලොකු තරහකින් … ඇත්තටම ඒ වෙලාවෙනම් මටත් බය හිතුනා … ඒත් ඒ තරහට හේතුවනම් මගේ කට කියලා තේරුනේ ටික්ක් වෙල ගිහින් .. මන් ඒක හින්දා කට වහගෙන් පීටර් මාමා මොනවා කියයිද කියලා බලන් හිටියා … ඒත් පීටර් මාමා නම් කතා කරන පාටක් නෑ …..

එකපාරටම බේබි බිත්තියේ ඔලුව හප්පගෙන හප්පගෙන් ගියේ ලොකු වේදනාවකින් වගේම තරහකින් .. මන් බේබි ගාවට දුවලා ගිහින් බේබිව අල්ල ගත්තෙ ඊලග මොනවා කරයිද කියලා හිතන්න වත් වෙලාවක් නොතිබුන තැන …

සු… දු .. අ .. යියෙ … ඔයා මොනවද් මේ කරන්නෙ .. මට කියන්න … ඔයා මේ අහන්බෙ කවුරු ගැනද .. ආ … අනික මේ මෙයාලා ඔයාගෙන් ඒක හංගන්නත් හේතුවක් ඇතිනෙ ….අපි ඒක් කලබල වෙන්නැතුව හොයා ගමු ..ඔය ඔහොම මුරණ්ඩු වැඩ කරන්න එපා … මට ඉන්නෙ ඔය විතරයි කියලා ඔයා දන්නවනෙ අයියෙ ….

මන් බේබිට කියන දේවල් පීටර් මාම අහන් හිටියෙ ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරගෙන … මොන්වා උනත් බේබි වෙනුවෙන් ඒ වෙලාවෙ මට කරන්න පුලුවන් දේකට තිබ්බෙ බේබිගෙ හිත හැදෙන්න කතා කරන එක විතරයි …

………………………………………………………………………………………

කතාවට තියෙන රේට් එක්ක දැන් නම් සෑහෙන්න අඩුයි .. කතාව ලියන්නත් එපා වෙනවා එතකොට .. ???

පාඩ්ම් වැඩත් කරගෙන මන් කතාව ලියන්නෙ යාලුවනෙ … අද මන් පොඩ්ඩයි දැම්මෙ .. හැමදාම එක වගේ දිගකොටස් දෙන්නත් අමාරුයි .. ඒත් මන් පුලුවන් තරම් උත්සාහ ගන්නවා …

ආදරෙයි හැමෝටම .. හෙට හමුවෙමු …

?සිහින සිත්තරාවී ?

16 thoughts on “?අප්සරාවී?|හතලිස් හයවන දිගහැරුම |නවකතාව|කතා අහුර රචක|”

  1. Danna tharamin app eka godaak aya use karanawa… eth e use krana tharam ayagena bagayak tharamwath rates watenne na ned?? Thiyena irissiyawatad mokk nisasd mnd rate nokaranne… nikn denn thiyena rate ekawath denn bari aid mnd… owa ganan gnn epa nanga… minissu kiyana jathiyage hati thama ithin…

    Kathawa lassanai nangi… pdm wada hodat karagen ynn.. puluwan widihata kathawa dann.. podi kotasak hari kmk na… pdm wadath ekk diga kotasak dann amaru athi… mehem hari dana ek loku deyak…

    ALL THE BEST!!!
    ❤️❤️❤️❤️❤️❤️

  2. Buddhika subhashini

    මම නම් හැමදාම කියවනවා කතාව ..නතර කරන්න එපා නංගා ..?? ලස්සනයි අදත් කතාව❤️❤️ ..good luck

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      Nathara karanne dr .. kathawa kiyawana oyalata අසාධාරණයක් karanne mn … thank you akkiyooo…??

  3. Priyadarshani

    මෙච්චර ලස්සන කතාවක් අතර මග නවත්වන්න නම් එප දිගටම ලියන්න ඔයා ප්ලෑන් කරපු විදිහටම…
    Good luck ??????????

  4. SURANGANAWI

    Ane kathawanm athara maga nawaththanna epa.plzzzzzzzzzzzzz??????????? kathawa godaaaaaaaaaaaak lassanai.padam wadath karagena kathawath digatama dann.rate adui kiyl kathawa ikmanata iwara krnn epa hodeee.???????????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      ම්ම් … හිත ගන්න බැරි දුරක් අරන් යන ට්‍රයි එකක් දෙන්නම්කො ඒනම් … ආයි කියනා එපා ඉක්ම්නට ඉවර කරන්න ඒම .. හලිද …
      ??thank you dr …??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.