Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං? | පස්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

“එයා කොයි අහන්නේ උඹ බබානේ මුකුත් දන්නේ නැති . නාකි මිනිහා කීවේ උඹේ මහලොකු අත්තා .උඹ හොඳටම දැනන් හිටියේ ඒ උන්දෑ පපුවේ අමාරුකාරයා කියලා ..ඒ දැනදැනත් උඹ ඒ මනුස්සයාව අතෑරලා ගියේ.. දැන් ඕවා කියන්නේ මොකටද …”

“අනේ ලොකු අම්මා මොනාද මේ කියන්නේ …මගේ අත්තාට මොකද වුනේ ..කියන්නකො මට …කෝ මගේ අත්තා …”

“දැන් මං කීවේ .. ආයේ කියන්න දෙයක් නෑ මට .”

ඈ පවසත්ම ආශා අනෙක් තිදෙනා පිලිබද හෝ නොතකා එම නිවසට පසෙකින් වූ කුඩා අඩි පාරක් ඔස්සේ අපහසුවෙන් මෙන් දිව ගියෙන් ඔවුන්ද ඈ පසුපසම දිවගියහ.

“සුදු පුංචි….අනේ ඔහොම ඉන්නකෝ …”

කුඩා දරුවෙකුගේ කෑ ගැසීමෙන් සිව්දෙනාම නැවතී සිටියහ.

“රං පුතේ …..”
ආශා ඔහු වෙත දෑත් යොමු කලෙන් ඔහු දිවවිත් ඇයට තුරුළු වූයේය.

“සුදු පුංචි ඇයි මුත්තාවයි මාවයි දාලා ගියේ …අනේ මට දැන් කවුලුත් නෑ කතන්දල කියලා දෙන්න ….. ”

“අනේ නෑ මැණික..මේ ඉන්නේ පුතාගේ පුංචි.කෝ පුතේ මුත්තා…මට පෙන්නන්න පුතේ …”

ඈ කුඩා දරුවාගේ හිස අතගාමින් විමසු විට ඔහු ඇගේ සුලැඟිල්ලෙන් අල්වා කැඳවාගෙන ගියේ කැලෑබද පෙදෙසකටය.ඈ අනෙක් තිදෙනාටද පැමිණෙන ලෙස සන්කලාය.මද දුරක් ගමන්කළ දරුවා ළඟකදී සකස්කල සෙයක් දැක්වෙන ගොඩැල්ලක් වෙත ඇඟිල්ල දිගුකරමින් පෙන්වීය .

සිදුවූ දේ සියල්ලන්ටම ප්‍රත්‍යක්ෂ විණ.ගැහෙන දෙපාවලින් පියමන් කර ඒ අසල නැවතුනු ඈ හඬමින් එහිම දණින් ඇදවැටුණාය. කුඩා දරුවා දිවගොස් ඇගේ ගෙලෙහි එල්ලුනේ හඬමිනි.

“අනේ ඇයි සුදු පුංචි ඔයා අඬන්නේ …මං අම්මාගෙන් ඇව්වාම මුත්තා කෝ කියලා එයා කීවා මුත්තා මෙතන දොයිලු…..ආයි ඈලින්නේ නෑලූ …”

“අනේ පුතේ …මුත්තා පව්…පුංචි ගිය නිසා නේ මේම ඉන්නේ එයා …අනේ බලන්න වෙලා තියන දේ…”

“ඕ…..ඇමෝම පුංචිට බැන්නා පුංචි නිසා මුත්තා මාව දාලා යන්න ගියේ කියලා ..ඒත් මගේ පුංචි මොනාද කලේ..පුංචි මුත්තාට ආදලෙයි නේ…”

“ඔව් පුතේ …මේ ලෝකේ මට ආදරේ කලේ අත්තයි මගේ රං පුතයි විතරයි …අනේ දැන් අත්තත් නෑ …”

ඈ ඔහුව වැළඳ ගනිමින් නොනවත්වාම හැඬුවේ වේදනාව දරා ගත නොහැකි නිසාවෙනි .කෙසේ නමුත් දරුවා හා ඈ අතර ඇති බැඳීමත් මුත්තණුවන් වෙත දැක්වූ දැඩි සෙනෙහසත් අනෙක් අයගේද දෙනෙත් කඳුලින් තෙත් කලේ නිනැතිනි.

“රං පුතේ …මෙහෙ වරෙන් …කොහෙද ගියේ …”

යමෙකු දරුවා වෙත ඇමතුවෙන් හේ ඒ දෙසට දිවගියේය .මොහොතක් ගතවන තුරු බලා හිඳ කෞෂාල් සෙමෙන් ඈ වෙත පැමිණ අසලින් දණ තබා ඇගේ උරහිස මත් සියුම්ව අත තැබුවේය. ඇගෙන් ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහු ඈ ඇමතුවේය.

“ආශා.. දෝණි මේ අහන්න..අයියත් එක්ක මොනාහරි කියන්නකෝ..”

“බලන්නකෝ අයියේ …මං නැති මාසෙට වෙලා තියන දේ…අනේ මගෙ අත්තාට වෙච්චි දේ…මං මහ පව්කාරියක් අයියේ ..කන්න බොන්න දීලා හදාගත්ත මගේ අත්තා මං නිසාම මේ ලෝකේ දාලා ගියානෙ..”

“නෑ ආශා …ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි .ඔයා කොයිතරම් ආදරෙයිද අත්තාට .අනිත් එක අත්තාගේ කැමැත්තෙන් නේද ඔයා මෙහෙන් ගියේ . අත්තා ගොඩක් පින්වන්තයි ඔයා වගේ මිණිබිරියක් ලබන්න ..කවදාවත් තමන් ගැන අහිතක් හිතන්න එපා..මගේ හොඳ දෝණිනේ ”

ඔහු පැවසුවේ ඇගේ හිස පිරිමදිමිනි . ඈ ඔහුගේ පපුවට හිස තබා ගත්තේ ඔහුගෙන් දැනුනු සැනසීම නිසාමය.

“දැන් කවුද අයියේ මට ඉන්නේ ..අම්මා මරාගත්ත මූසල කෙල්ල කියලා මුළු පවුලම මාව කොන් කරද්දී අත්තා විතරයි මාව බාරගත්තේ ..මට කියලා හිටියේ එයා විතරයි ..මං තනිවෙලා අයියේ ..මට දැන් කවුරුවත් නෑ ..”

“එහෙම කියන්න එපා දෝණි ..මං ඉන්නවා ඔයා එක්ක..මට අත්තා තරම් ඔයාට ළං වෙන්න බැරි වුනත් මං ඔයාව බලාගන්නම්..කවදාවත් හිතන්න එපා ඔයා තනි වෙලා කියලා ..මං ඔයාට තනි වෙන්න දෙන්නේ නෑ ..”

‘දෝණි’ යන වදනින් මින්පෙර ඔහු ඇමතුවේ දිල්කිට පමණි. අෂාන් වෙත තම මිතුරාගේ මෙම හැසිරීම පිළිබඳ වෙනසක් හැඟී ගියද ඒ බව නොපෙන්වූ ඔහු ආහාරයට ගැනීම සඳහා යමක් රැගෙන එන බව කෞෂාල් වෙත කොඳුරා ශනීෂා සමඟ පිටව ගියේය. එනිසාවෙන් දෙදෙනා දෙහෝරාවකට ආසන්න කාලයක් එහිම රැඳී උන්හ.

“ආශා…අපි ටිකක් පහලට ගිහින් එමුද…ගොඩක් වෙලා මෙතන හිටියානේ..”

“අනේ අයියේ මට අත්තා දාලා යන්න බෑ…මට අත්තා ළඟින් ඉන්න ඕනි …”

“හරි කෙල්ල …එන්නකෝ …අපි ඔය චූටි බණ්ඩියට මොනාහරි ටිකක් දාගෙන ඉමු ..ඔයා මං කියන දේ අහනවා නේ..”

“ඒත් අයියේ ….”

“කෝ ඉතින් …මගේ හොද නංගි වගේ යමු මාත් එක්ක …එන්න ..අනික මං දන්නෙත් නෑනේ ඔයාගෙ ගෙදර කොහෙද කියලා …”

හේ ඇයව වාරු කරගනිමින් පියවර තැබූ අතර ඈ ඔහුට මඟ පෙන්වූවාය.
*************************

“ආශා….මුරණ්ඩු නොවී කන්නකෝ ළමයෝ …”

කෞෂාල් ඇයට ආහාර දීමට කොතෙක් පරිශ්‍රම දැරුවද ඈ එය ප්‍රතික්ෂේප කලාය.

“සුදු පුංචි …බාප්පා පුංචිට බනිනෝ ද?..”

“ආ…මේ..ර්..රං පුතේ ….”
ආශා ගොත ගැසුවේ දරුවා කෞෂාල්ට බාප්පා යනුවෙන් ඇමතූ නිසාවෙනි .එයින් වික්ෂිප්ත වූ අෂාන් හා ශනීෂා ද මුහුණින් මුහුණ බලාගත්හ.

“ඔව් පුතේ …බලන්නකෝ පුතාගේ පුංචි කෑම කන්න බෑ කියනවානේ…නරකයි නේද පුතේ පුංචි …”

කෞෂාල් පිලිතුරු දුන්නේය .

“මගෙ හොද පුංචි වගේ කන්නකෝ…පුංචි ලං පුතාට ආදලෙයි නේ..ඒනම් කයි…කෝ ආ කියන්න ..”

දරුවා කෞෂාල් අත තිබූ කෙටි ආහාරය ගෙන කුඩා කැබලි ලෙස ඇයට කැවූයෙන් අකැමැත්තෙන් වුව ඈ ආහාර ගත්තාය .

“මේ ඉන්නේ අර ලොකු අම්මගේ මුණුපුරා..අපේ ලොකු අක්කගේ එකම දරුවා දිනෙත්..අවුරුදු හතරයි තාම වයස .. ගෙදර අය කතාබහ නොකලට මේ කොල්ලා පොඩි කාලේ ඉඳලම මාත් එක්ක එකතුයි..අම්මලාට හොරෙන් දුවගෙන එන්නේ මාව බලන්න ..”

ආශා ඔහුව වැළඳ ගැනීමට සූදානම් වනවිටත් ඉක්මන් වූ කෞෂාල් ඔහුව සියතට ගෙන සුරතල් කලේ හුරුපුරුදු ලෙසිනි .

“නංගා…රෑ වෙන්නත් ළඟ නිසා අපි යමු නේද …ඔයා මාත් එක්ක ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ ..ඒත් ශානුගේ ගෙදරින් බය වෙයිනේ …මාත් කැමතියි තව ටිකක් ඉන්න තිබුණනම්…”

“අනේ අයියේ මං නවතින්නම්…මට අත්තා ළඟ ඉන්න ඕනි ..”

“පිස්සු කෙල්ල …තනියම ඉන්න පුළුවන්ද..අත්තා කැමති ඔයා සතුටින් ඉන්නවානම් ..ඒකනේ එයා ඔයාව බන්දලා දෙන්න හැදුවේ ..ඉතින් එයාට සැනසීම තීරණය වෙන්නේ ඔයා ජීවත් වෙන විදියෙන්..ඔයාගෙ සතුට මෙහෙ නෑ කියලා ඔයාට තේරෙනවානේ ඔයාට .ඔයා අත්තා වෙනුවෙන් හරි එනවා නේද අපි එක්ක ..”

කඳුළු පිරි දෙනෙතින් යුතුව ඈ ඔහුට එකඟ වූයේ අන් කලහැක්කක් නොමැති නිසාවෙනි .

කෞෂාල් දරුවාට සමුදුන්නේ ඔහුව සෙනෙහසින් වැළඳ ගනිමිනි . ඉන්පසු ඔහු සෙමෙන් ආශා වෙතට ළං වූයේය .

“මගේ පුංචි මාව බලන්න ආයි එනවා නේද..පුංචිට නම් බාප්පි ඉන්නවා. පුතා තනියෙන්…”

” මං මගේ රං පුතාව බලන්න එන්නම් හොදද.. මගේ පුතාට ගෙදර අය ගොඩක් ආදරෙයිනේ මං වගේම. අම්මිටයි අත්තම්මිටයි වද නොදී හොදින් ඉන්නෝනි හරිද.. මගේ මැණිකට මං ගොඩක් ආදරෙයි.. ”

දරුවා සුරතල් ලෙස පවසද්දී ආශා ඔහුව සිපගනිමින් ඔහුට සමුදුන්නාය.

කෞෂාල් ඇයව වත්තම් කරගනිමින් රථය වෙත කැඳවාගෙන ගියේය .නමුදු ඔහුගේ නිවස වෙත ගමන් කරන තුරුම ඈ කිසිවෙකු හා කතාබහ නොකලේ ඇතිවූ කම්පනය නිසාමය .

“අපි ගිහින් එන්නම් මචන් …කෙල්ලව පරිස්සමෙන් බලාගනින්..උඹේ අතේ තමයි දැන් ඒකිගේ වගකීම තියෙන්නේ ….”

අෂාන් ශනීෂා සමඟ පිටව ගියේ කෞෂාල් වෙත උපදෙසක් ද ලබා දෙමිනි .

*********************************************

සතියක් පමණ ගතවන විට ඇගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පැවතිණ. නිතරම ඈ තනිවම සිටීමට උත්සාහ කලද කෞෂාල් කිසිදු මොහොතක ඇයට තනි වීමට ඉඩ නුදුන්නේය. දවසෙ වැඩිකාලයක් ඈ සමඟම ගෙවා දැමූ හේ සවස් කාලවල ඇයව ඇවිදීමට නිවසින් පිටතට රැගෙන ගියේය. සත්‍ය වශයෙන්ම ඇගේ සතුටට එකම හේතුව ඔහුම විය.

දිනක් උදෑසන ඔහු ක්‍රීඩා වැඩසටහනක් නරඹමින් සිටියේ වෙනදාට වඩා වේලාසන අවදි වූ නිසාවෙනි . ආශා තවමත් නින්දෙහි පසුවූ අතර සීතා ද පැමිණ සිටියේ නැත.

“ට්‍රීං…ට්‍රීං………ට්‍රීං..ට්‍රීං……..”
එකවරම නිවසේ විදුලි සීනුව හැඬවිණ.

“කවුද යකෝ මේ උදේ පාන්දර …සීතා අම්මා අතේ යතුරක් තියන් නිසා එයා වෙන්න බෑ..එහෙනම් කවුද ආවේ….”

නැවත නැවතත් සීනුව හැඬවුනෙන් ඔහු සෙමෙන් නැගිට ගොස් දොරටුව විවෘත කලේය .

“අ…න්…නේ…..අ…”

72 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං? | පස්වැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. ? Imasha Shehani ?

      කස්ටියට මට සුබ පතලම ,කෑම බීම අරගෙන දීලම බංකොලොත් වෙයිද දන්නෙ නෑ ?

    2. අප්පෝ මේ කෙල්ල නම් …
      උදේ ඉදන් හූ තියනවා …????

      සුභ පැතුම් මගේ නංගා…
      ??????????????????????????????????????

      නරිච්චියොන්ට ඕවා තමයි හොද …???

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ පැංචී මැණික ?? ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
        ????
        ඔන්න තිබ්බ සල්ලි වලින් මම් ඔයා වෙනුවෙන් ශොපින් ගියා බෝලෙ ??

  1. ? Imasha Shehani ?

    නිශූ අක්කියා ?

    කව්ද අෆ්ෆේ ඒ ගෙදරට ආවේ? ?
    කෞෂාල්ගෙ කලින් ගෑනු ළමයා නෙවෙයි නෙහ් ??

    මොනා උනත් ආශා හරි පව්… කාත් කවුරුත් නැතුව තනි උන වෙලාවෙ කෞෂාල් වගේ අහම්බෙන් හමුවුණු මනුස්සයෙක් එයාගෙ තනියට ළගින් ඉන්න හැටි ….
    ආශා ඒ අතින් නම් හරි වාසනාවන්තයි ?

    අපි දෙන්නගෙ වෙඩිම ඉක්මනින්මම ගමුද අක්කො ?
    ඔන්න එහෙනම් මට කලින් කියන්න ඕන හොදේ . ඇදුම් ලෑස්ති කරගන්නත් එපැයි ??

    නිශූ අක්කියා හරිම ලස්සනට කතාව ලියලා තියෙනවා ?
    නියමයි හොදේ ?

    තව තවත් මේ වගෙ ලස්සන කතා ලියන්න අක්කිට ශක්තිය ,ධෛර්යය ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.

    හැමදාම සතුටින් ,පරිස්සමෙන් ඉන්න.
    ජය වේවා ✌

    1. ගොඩක් ස්තූති මගේ නංගා …???

      ගෙදරට ආවේ කවුද කියලා නම් දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි ඉතින් …
      හී…. ඔයා කියපු දේ හරි වෙන්නත් පුළුවන් ….

      කෞෂාල් වගේ කෙනෙක් මුණගැහුනේ ආශාගේ වාසනාවකට තමයි නංගා … වෙන කෙනෙක් එහෙම නම් එයාව වැරදියට පාවිච්චි කරලානේ

      අම්මේ … ඔයා ඒ දෙන්නව ජෝඩු කරලාත් ඉවරයි … මං තාම එහෙම හිතුවෙ වත් නෑ …????

      වෙඩින් එක ගන්න තව කල් තියනවා ඉතින් …???

      ඉතින් නංගා ගොඩක් පින් මගේ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ..

      ඒවගේම නංගගේ ප්‍රාර්ථනා වලට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  2. සුවර් එකට කොල්ලාගෙ අම්මා වෙන්න ඇති නෙ ආවේ පව් නෙ ද ආශා මාර නෑදෑයී තමා ඉන්නේ හෙට මොනා වෙයිද දන්නෙ න්හ් ???

    1. ගොඩක් ස්තූති මගේ නංගා …???

      බලමු කවුද ආවේ කියලා ගෙදරට ….

      ආශාගේ නෑදෑයෝ හරිම නරකයි තමයි …

      ඊළඟ කොටසෙදි දැනගන්න පුළුවන් වේවී මොනා වෙයිද කියලා …

      ගොඩ ගොඩක් පින් නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  3. අදත් කතාව ලස්සනයි Nishu මැණික❤
    ❤❤❤❤❤❤
    කෞෂාල් නම් ගොඩක් හොද කොල්ලෙක්,ඒකනෙ ආශාව එදා බේරගෙන ,ඔහොම උදවු කරන්නෙ.ආශා කෙල්ල පව්.?
    උදේම කෞෂාල්ගෙ ගෙදරට එන්නෙ කෞෂාල්ගෙ අම්ම නේද?
    කතාවෙ අනිත් කොටස දානකන් බලන් ඉන්නව මැණික.❤

    1. ගොඩක් ස්තූති මගේ රූ අක්කී …
      ????

      කෞෂාල් ගොඩක් නෙවෙයි ගොඩාක් හොද කොල්ලෙක් මගේ අක්කියෝ ….
      ඒකනේ එයා එහෙම ඉන්නේ …

      ආශා වෙනුවෙන් ගොඩක් කැප වෙනවානේ…

      ආශා ගොඩක් පව් තමයි … දුක් විදින තරම් ..

      කවුද එන්නේ ගෙදරට කියලා හෙට දැනගන්න ලැබේවි අක්කිට …

      ගොඩක් පින් මගේ අක්කී ..
      හැමදාම කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒවගේම ගොඩක් සතුටුයි කතාව කියවන්න ආසාවෙන් ඉන්නේ කියනකොට.

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ..

    1. ගොඩක් ස්තූති මගේ නංගා ….???

      ගොඩක් පින් මගේ නංගට කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  4. මචියේ…
    හම්මෝ කතාව දාලා …අදත් හරි ලස්සනයි කතාව …ඔයා ලස්සනට ලියනෝ කතාව…පවු අනේ ආශා…ගමේ අය එයාට සලකන විදියනම් හරිම නරකයි …ඒ ඇවිත් ඉන්නෙ කෞශාල්ගෙ අම්මලද…අනේ මන්දා…බලමුකො…ඔයාට සුබ පතනවා මගෙ මචියේ…පරිස්සමෙන් සතුටින් ඉන්න …තෙරුවන් සරනයි ඔයාට …?

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ මචීයෝ ..
      ???

      ආශා කෙල්ල ගොඩක් පව්… එයාට කොච්චර වේදනාවක් ඇත්ද … ගමේ අය ඒම කරද්දී කොච්චර එයාව පිච්චෙනවා ඇත්ද …

      ගෙදරට ආවේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙවෙන්නේ හෙට තමයි මචීයෝ …

      ගොඩක් පින් මගේ මචියේ හැමදාම කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  5. Sandu (kandy girl)

    අහ් ඒ ආවෙ දිල්කිද නිශූ..මං වැඩ ටිකක් තියේ කරලා එන්නම් ..

    1. ඒක නම් දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි අක්කියෝ …

      කෝ මේ එනව කිව්ව සදවතී ….??

  6. Sandali nithya

    කෞශාල්ගෙ ගෙදරට ආවෙ කෞශාල්ගෙ අම්මා නේද… ? අනේ පව් ආශා… එයාගෙ සීයත් නැති උනා… ? හොද වෙලාවට ආශාට කෞශාල් වගේ කෙනෙක් උදව්වට ලැබුනේ… නැත්තම් ආශා තනි වෙනවනේ…

    අදත් කතාව හරිම ලස්සනයි නිශූ අක්කියෝ… ❤️❤️❤️ මට නම් මේ කතාව නිසා පිස්සු හැදිලද කොහෙදෝ… ඒ තරම්ම ආසාවෙන් කියවන්නේ… ???

    පරිස්සමින් ඉන්න අක්කියෝ… අක්කිගෙ මේ හැකියාව තව තවත් දියුනු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… බුදුසරණයි අක්කියෝ… ❤️❤️❤️❤️❤️????

    1. ගොඩක් ස්තූති මගේ නිතූ නංගා …???

      බලමුකෝ නේද කවුද ආවේ කියලා ගෙදරට ..

      ආශා ගොඩක් පව් තමයි … ඒවගේම කෞෂාල් හරි හොද මනුස්සයෙක් …

      ගොඩක් පින් මගේ නංගා.ආසාවෙන් කතාව කියවනවට….????
      ඒවගේම කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….????
      එතකොට ඔයාගෙ ප්‍රාර්ථනා වලට ….???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  7. ?Tharushi? Jayawardhana

    ඇත්ත දැන දැනත්
    සමහරු කියන බොරු අපි
    අහන් ඉන්නේ
    බොරු කියන එකාගේ හිත
    රිදෙයි කියලා බයට බන්……

  8. ?Tharushi? Jayawardhana

    කටු පදුරු අගත්
    හැඩට මල් පිපෙනව නම්
    ඉරි තැලුනු ජීවිත වලටත්
    දවසක
    අනිවාර්යෙන් වසන්තය එනවා

  9. සුදු මැණිකෙලා …

    අපි අක්කිට කමෙන්ට් දාහ දාලා ඉමු නේද මේකට එන්න කලින් …
    කෝ කෝ මගේ චූටි නංගිලා එන්න යන්න මාත් එක්ක ….

  10. උක්කූං පුතා

    අයියා අන්තිම කොටසට අනිවාර්යෙන්ම එනවා හරිද කතාව කියවලා තියෙන්නේ කොටස් තුනක් .. ඉතුරු ඒවත් කියවලා ලස්සන කොමෙන්ට් එකක් දෙන්නම් කොටස් ඔක්කොටම ගැලපෙන්න… පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හරිද… තෙරුවන් සරණයි මගේ nishu නංගී පරිස්සමින් සතුටින් ඉන්න… ආදරේ අයියා සුභ රාත්‍රියක් ඔයාට

    1. හරි ලොකු අයියේ ….
      ඔයාගෙ කමෙන්ට් එකක් මේ කොටසේ වැටුනට මට කොයි තරම් සතුටුයි ද කියලා දන්නවද අයියේ ….

      අයියා දීපු පොරොන්දු කවදාවත් කඩන්නේ නෑ කියලා මං දන්නවා …

      ඉතින් තව දවස් හතරක් පහක් ඇතුලත අයියා ආයෙම අපි එක්ක ඉඉදලා යන්න ඒවී … මොකද අද කොටස තමයි කතාවේ මැද කොටස …

      අයියත් පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ලොකු අයියේ ඔයාට ….
      සුභ රාත්‍රියක් අයියටත් …
      අපිත් ගොඩක් ආදරෙයි ලොකු අයියට …

    1. Avi 1999 (kandy)?

      ඔන්න මැණික දැන් තමා කතාව කියවැව්වෙ බෝලෙ .. අද කොටසත් ගොඩක් ලස්සනයි මැණික ?? … ආශා පව් නේද එයාව බලාගත්ත එයාට ආදරෙ දීපු අත්තවත් එයාව අන්තිමට දාලා ගිහින් නෙ??… ආශාගෙ පව්ලෙ අයවත් එයාව නොසලකා හරිද්දි එයාට කොහොම දැනෙනවා ඇතිද .. අම්මා , තාත්තා තමන්ව මේ ලොකේ තනි කරලා දාලා යද්දි පොඩි කාලෙ ඉදන්ම තමන්ට තිබ්බ එකම සෙනෙහසත් නැති වෙලා යද්දි ඒ කෙනාට කාගෙ පිහිටක්ද නේද ??

      කෞෂාල් ආශාට තමන්ගෙම සහෝදරියකට වගෙ ආදරෙයි නේද .. හැබැයි ඒක වෙනම ආදරේකට පෙරලෙයිද දන්නැ ඉස්සරහට?? .. ඇත්තටම අහම්බෙන් හම්බෙච්ච කෙල්ලෙක්ව මේ තරම් ආදරෙන් පරිස්සමින් බලාගන්නවා කියන්නෙ ඇත්තටම එයා උතුම් කෙනෙක් .. මට හිතෙනවා කෞෂාල් ආශා ව මුලු ජිවිත කාලෙදිම බලාගයි කියලා ??

      කෞෂාල්ගෙ ගෙදර ආවේ අම්මාද දන්නැ නෙ .. මට හිතෙන්නෙ අම්මා වෙන්ටැති කියලා බෝලෙ .. හෙට කතාවෙදි බලමුකො කවුද ඇත්තටම ආවෙ කියලා ??

      කතාව සුපිරි මැණික .. ගොඩක් ලස්සන කතාවක්… ඔයාට තව මේ වගෙ ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා මම් මගෙ බෝලෙට ???❤️❤️❤️ පරිස්සමින් සතුටින් මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

      1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …???

        ඕන් දැන් තමයි ඉඩක් ලැබුණේ රිප්ලයි එකක් දාන්න … තරහ නෑ නේද මාත් එක්ක …

        ආශා ගොඩක් පව් තමයි මගේ අක්කී … එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති තමන් නැති වෙච්චි දවසට අඅත්තාට සතුටින් ජීවිත් වෙන්න බෑ කියලා …ඒක දැනන් හිටියා නම් එයා කීයටවත් අත්තාව දාලා කොහෙවත් යන්නේ නෑ …

        තමන්ගේ කියලා ආදරේ දීලා බලාගත්ත අත්තා හිතුවෙ වත් නැති විදියට තමන්ව දාලා යාවි කියලා එයා කොහොම විශ්වාස කරන්නද…

        ආශාට කෞෂාල් දැනට සහෝදරයෙක් තමයි … ඒත් ඉතින් අක්කී කියනවා වගේ ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බෑ ඉතින් …????

        බලමුකෝ අක්කියෝ … ඒ දෙන්නා එකතු වේවී ද කියලා …

        ගෙදරට ආවේ කවුද කියලා නම් ඕන් අද කොටසෙදි ඔප්පු වෙලා ඉවරයි …

        ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
        ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  11. අනේ අත්තා නැති වෙලා නේද. එහෙම දෙයක් වෙයි කියලා නම් හිතුවේ නෑ. රං පුතා නම් ශෝක්. ආශාට හරි ආදරෙයි නේද. කොහොමින් හරි කෞෂාල්ට බාප්පා කියලත් කිව්වා. දෝණී කියන වචනයත් එක්ක බලපුවාම ඒක ඇත්තක් වෙයි කියලත් හිතෙනවා. මොනවා වුණත් කෞෂාල්ව ආශාට නම් හම්බ වුණේ වාසනාවකට. හිමීට දෙන්නා අතර ආදරයක් ඇතිවෙයි. එහෙම කරන්න හොඳද. ඒ ආවේ කෞෂාල්ගේ අම්මා වෙන්න ඇති. අනුමානයක් විතරයි ඉතින්. එයාලා ආශාට නම් කැමති වෙයි.
    තෙරුවන් සරණයි..

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ..????

      අත්තා නැති වෙන්නේ ආශා වත් හිතපු වත් නැති වෙලාවක … ඉතින් මට සමාවෙන්න එයා ආශාගෙන් වෙන් කලාට …

      රං පුතයි ආශායි අතරේ තියෙන්නේ හරි ආදරණීය බැදීමක් …

      අර නොදරුවා හිතන්නේ නැතුව කීව කතාව ඇත්තක් වේවී ද කියලා බලන්න කතාව එක්ක දිගටම එකතු වෙන්න ඕනි හොදද මගේ අක්කී …???

      අක්කී කියන විදියට හෙමින් සීරුවේ ආදරේ ඇති කරන්න පුළුවන් වෙයිද මන්දා මට …???

      අක්කිගේ අනුමානයක් නම් හරි ගිහින් වගේ අද කතාවේ …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  12. නිශු අක්කියෝ ???

    මුලින්ම comment එක පරක්කු උනාට සොරි වෙන්න ඕනේ හොදද අක්කියෝ …????
    කතාව ගැන ඉතින් මොනවා කියන්නද අක්කියෝ …..කතාව එලකිරි සුපිරි කිරි පට්ට?????? …(ඕක අයියගේ වචනයක් හාද …??)

    ආශා පව් නේද අක්කියෝ …එයාගේ අම්මයි තාත්තයි එයා පොඩි කාලෙම දාලා ගියාට පස්සේ එයාව බලා ගත්තේ එයාගේ අත්තනේ…..ඉතින් ඒ අත්තත් එයාව දාලා ගියාම ඒ කෙල්ලට කොච්චර දුකක දැනෙනවා ඇතිද ….

    කෞශාල් ගැන ඉතින් කියන්න වෙන්නේ වෙනදා කියන බනේම තමයි ….??එයා ඉතින් කොහොමත් හොඳ හදවතක් තියෙන කොල්ලෙක්නේ…. එයා ගැන ඉතින් තව මොනවා කියලා කියන්නද…එයා උතුම් කෙනෙක් කියලා ඇරෙන්න….

    කෞශාල් ගේ ගෙදරට මේ මල පාන්දර ආපු මල යකා කවුද …???
    අනේ අක්කියෝ …බාල්දියක් නම් සෙට් කරන්න එපා හොදද අක්කියෝ ….වැදලා ඉල්ලන්නේ …බාල්දි නම් එපා ඕන්….???

    ඉතින් අක්කියෝ ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා …ඔයාගේ හිතන් පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ කියලා මන් ප්‍රාර්ථනා කරනවා …????

    ආදරෙයි අක්කියෝ ගොඩාරියක් ????? ……

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා …????

      අනේ කෙල්ල … සමාව ඉල්ලන්න එපා ඔහොම … කමෙන්ට් එක පරක්කු වුනා කියලා මං තරහ වෙන්නේ නෑ අනේ …

      ආශා ගොඩක් පව් තමයි මගේ නංගා …ජීවිතේ තමන්ට හිටිය ළඟම නෑදෑයා… අත්තා දාලා ගියාම එයාට එයාගේ ලෝකෙම නැති වුනා වගේ දැනෙන්න ඇති …

      ඒකනේ ඒකනේ ඉතින් … කෞෂාල් ගැන කතා කරලා වැඩක් නෑ ඉතින් …

      ගෙදරට ආවේ කවුද කියලා ඕන් දැනටමත් ඔප්පු වෙලා ඉවරයි හොදද …. අද කතාවෙන් …බය වෙන්න එපා අනේ … කරදරයක් වෙන්නේ නෑ ඉතින් ….

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …

      මට සමාවෙන්න රිප්ලයි කරන්න පරක්කු වුනාට …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  13. ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමෝගෙම හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ කියලා මන් ප්‍රාර්ථනා කරනවා ..???

    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ….
    ආදරෙයි ගොඩාරියක් ????? ….

  14. Sleeping beauty

    දෙවියනේ ඇයි මෙසේ
    සරදමක් මට කලේ
    පාලු වී ජීවිතේ
    තව තවත් තනි කලේ
    මෙමට හයියක් වුනේ
    ඔහු පමනි ජීවිතේ
    ඔහුත් මා හැරදමා
    ගිහින් මේ ලෝකයෙන්
    ඇයි මෙලෙස කුරිරු වී
    තනි කලෙ මා යලී
    අදින් පසු ජීවිතේ
    කෙලෙස ගෙවනුද ඉතින්

    ???

    මගෙ නිෂූ බෝලේ???..අක්කිට සමා වෙන්න හොදද ..කමෙන්ට් එක පරක්කු වුනාට..

    කතාව නම් මාරම ලස්සනයි මගෙ බෝලේ..හරිම ආසාවෙන් කියවන්නේ සුපිරියි..? ??..මේකට පස්සෙත් කොටසක් දාලා නේද ..ඒකට කලින් ඔන්න මේක කියෙවුවා..??

    අනේ ආශගෙ අත්තා නැති වෙලා නේද..??මට හිතුනා එහෙම වෙන්න ඇති කියලා..ලොකු අම්මලා අත්තට සලකන්න නැතුව ඇති..ලෙඩ වෙලා මැරිලා යන්න ඇති..පව්..??

    කොල්ලා අදරෙයි නේද ආශට..ඒකනෙ රං පුතාට එයා බාප්පා කියලම දැනෙන්න දුන්නේ..??අනේ ඒ ආදරේ නම් නියමයි මැණික ??

    කවුද ගෙදරට ආවෙ..ඒක බලන්න ඊලග කොටස බලන්න වෙනවා..එහෙනම් එකත් කියවලා ඒකටත් කමෙන්ට් එකක් දාන්නම්කෝ මගෙ බෝලේ..තෙරුවන් සරනයි ..පරිස්සමට සතුටින් ඉන්න මැණික .????

    1. දෙවියන්ට රිසි ලෙසින්
      ඔහු වෙන් වුවද නුඹෙන්
      නොදෙමි මා පාළුවක්
      නොවේ නුඹ හට තනියක්
      ඔහු තරම් නොවුණත්
      රකිමි නුඹ නිනැතින්
      අදින් පසු නුඹ මගේ
      වගකීම ලෙස දැනේ…

      ගොඩක් ස්තූති මගේ අක්කී ….

      කමෙන්ට් එක පරක්කු වුනාට කමක් නෑ මගේ අක්කී …ඒ ඇයි කියලා මං දන්නවනෙ … අනේ මගේ අක්කී … කතා කොටස් දෙකට වෙනම කමෙන්ට් දෙකක් … මට දැනෙන සතුට …??

      අත්තා නැති වුනේ බලාගන්න කවුරුවත් නැති නිසා වුනාට ලොකු අම්මා වැරැද්ද පැටෙව්වේ ආශාට… පව් අත්තා … ඒ වගේ ම ආශා …

      කොල්ලට එහෙම දැනෙනවා වගේ නේද …???

      ගෙදරට ආපු කෙනා නම් දැන් ඔප්පු වෙලා ඉවරයි ඉතින් …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      හැම කොටසකම …
      මට ගොඩක් සතුටුයි …

      අක්කිටත් සුභ පතනවා තවත් කතාවක් අරන් එන්න .. ඒත් ඔක්කොටම කලින් කෝස් එකේ වැඩ …??

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.