Katha Ahura

සිහින සිත්තරාවී| දහනවවන කොටස| නවකතා කතා අහුර රචක

1/5 - (1 vote)

මං කලේ වැරැද්දක් ද කියලා වෙලාවකට මටම හිතෙනවා..සති දෙකක් ගත වුණත් දේශිත අයියා අපේ ගෙදරවත් ක්ලාස් එක ළගටවත් ආවේ නෑ..හැබැයි ක්ලාස් එකට ඕනේ සල්ලි නම් වෙලාවට ගෙවලා තිබුණා..අන්තිමට ආපු දවසේ අම්මගේ අතටත් සල්ලි වගයක් දීලා ගිහිල්ලා..සමහරවිට මාත් එක්ක තරහෙන් ඇත්තේ..ඒත් මට වෙන කරන්න දෙයක් නෑ..දවසක එයා මාව තේරුම් ගනී..කොච්චර හොද කොල්ලෙක් වුණත් අපිට ළං වෙන්න බෑ කවදාවත්ම..අපි වටේට බාදක ගොඩක් තියනවා..අපේ සමාජ මට්ටම් වුණත් එකිනෙකාට වෙනස්..එයාලගේ තත්වෙට අපිට ළං වෙන්නවත් බෑ..

දෙනෙත්ව මුලු හිතින්ම අමතක කරලා දාන්න පුලුවන්කමක් මට තාමත් නෑ..ඒ මගේ පළවෙනි ආදරේ..හැබැයි ආයෙත් මං එයාට ලංවෙන්න හිතන්නෙවත් නෑ..මං කොච්චර එයාට ආදරේ කලත් මං ඉද්දී වෙන කෙල්ලෙක්ට ළං වුණ දෙනෙත් ආයෙත් එහෙම නොකර ඉදී කියලා මට හිතන්න බෑ..දවස් ගාණක්ම දෙනෙත්ගෙන් කෝල් ආවත් ඒ එක කෝල් එකක්වත් ආන්සර් නොකර හිටියේ ඒ නිසා..අවසානෙට ෆෝන් එකෙනුත් බ්ලොක් කරලා දැම්මා..

“දෝණී..පන්ති සල්ලි කීයක් විතර යනවද පුතේ..”

“මට පන්ති සල්ලි එපා තාත්තේ..අර අයියා ඒවා ගෙවලා තිබුණා..”

“නෑ..නෑ..දරුවෝ..ඔයාට නෙවෙයි..නංගිට..”

“ඇයි මේ මාසේ සල්ලි දුන්නේ නැද්ද..දැන් මේ තුන්වෙනි සතියනේ තාත්තේ..අඩුම තරමේ දෙවනි සතියෙවත් සල්ලි දෙන්න එපැයි..”

දෙවනි සතිය වෙනකොට සල්ලි දුන්නේ නැත්තම් සර්ට වඩා කාඩ් මාර්ක් කරන අයගේ තමයි ලොකුකම් බලන්න ඕනේ..සර්ලා එක්ක නම් කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන්..ඒ වුණාට කාඩ් මාර්ක් කරන අය ළමයි ඉස්සරහ කෑගහද්දී තමයි ඉවසන්න බැරි..

“මාසේ මුල සල්ලි දුන්නා පුතේ..ආයෙත් මොකද්දෝ එකකට සල්ලි ඉල්ලනවලු..ඇහුවට හරියට කිව්වෙත් නෑ..”

“අපෙන් නම් එහෙම ගන්නේ නෑ තාත්තේ..නංගිටත් එහෙම නම් මං යන ඒවටම එන්න කිව්ව නම් හරි..එකම සබ්ජෙක්ට්නේ..මාත් එක්කම යන්නත් පුලුවන්..”

නංගී ලගකදී ඉදන් ටිකක් වෙනස් තමයි..ඉස්සර වගේ නෙවෙයි..මං ක්ලාස් යනවටත් එයා එච්චර කැමැත්තක් නෑ..මට ඒක මේ ටිකේ හොදටම දැණුනා..හිතා ගන්න බෑ මගේම නංගී වගේ හිටපු නෙතූෂා කොහොම වෙනස් වුණාද කියලා..වෙනදා වගේ අපි එක්ක වැඩි කතාවක් වුණත් නෑ..අම්මා නම් කියන්න පාඩම් කරන්න තියන නිසා එයා වැඩි කතාවක් නෑ කියලා..ඒත් මොකක්දෝ වෙනසක් නංගිගේ තියනවා..

ඉබේම මං අයියලගේ කාමරේ පැත්තට හැරුණේ නංගිත් ගෙදර නැති නිසා..කාමරේ අපාය වගේ..අම්මා අස් කලොත් ඇරෙන්න නංගි නම් වුවමනාවෙන් ඒ දේවල් කරන්නේ නෑ..පොත් මේසෙත් කිසිම පිළිවෙලක් නෑ..මං නම් ඉස්සර මොනවා නැතත් පොත් ටික පිළිවෙලට තියා ගන්නවා..නිකමට වගේ මං නංගිගේ පොත් අරන් බැලුවා..ක්ලාස් වලින් කරලා තිබුණ පේපර්ස් දැක්කේ එතකොට..දෙවියනේ..මේ කෙල්ලා පාඩම් කරනවා කිව්වට හැම පේපර් එකටම ලකුණු 30-40..මොනවද මේ ළමයා මේ කරන්නේ..හොදට ඉගෙන ගන්න පුලුවන් කිව්වට මේවා දැක්කම නම් හිතෙන්නේ වෙනම දෙයක්..ගෙදර ආවම අහන්න ඕනේ..මෙහෙම පුලුවන්ද එක්සෑම් පාස් වෙන්න..

“අනේ අක්කේ මේ..මං පාඩම් කරනවා..නිකං කරන පේපර් වලින් පුලුවන්ද මං පාඩම් කරන්නේ නෑ කියන්න..”

“මං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ නංගී..ඔයා පාඩම් කරනව නම් හොදට ලකුණු තියෙන්න ඕනේ නේද..”

“ඔව් මට තේරෙනව..ඔයා කැමති නෑ මං ආයෙත් ඉගෙන ගන්නවට..ඒකයි මට ඔහොම කතා කරන්නේ..”

නෙතූෂා එක්ක කතා කරපු එකෙන් වුණේ මගේ හිත රිදුණ එක විතරයි..කවදාවත් මගේම නංගී වගේ මං හිතන් හිටිය නෙතූෂාගෙන් මං එහෙම කතාවක් බලාපොරොත්තු වුණේ නෑ..මං මොකටද එහෙම ඉරිසියා කරන්නේ..මං කලේ එයා ගැන හොයලා බලපු එක විතරයි..මට ඒකට අයිතියක් නැද්ද..මට නංගී ගැන ඇති වුණේ තරහක්..එයාට මේ හැමදේටම උදව් කලේ මම..ගාමන්ට් යන කාලේ මං ගන්න හැමදේම ඒ විදියටම එයාටත් අරන් දුන්නා..ක්ලාස් වලට පවා සල්ලි දුන්නා.එහෙම කරපු මං එයාට ඉරිසියා කරයිද..

———————————————————————-
තාත්තා නංගිටත් මං යන ක්ලාස් වලටම යන්න කිව්වේ තාත්තට මොනවම හරි දෙයක් දැනිලද කොහෙද..වැඩි කැමැත්තක් නැති වුණත් නංගි මාත් එක්ක ක්ලාස් යන්න ආවා..හැබැයි මං වාඩිවෙන තැනකවත් එයාට වාඩි වුණේ නෑ..නිතරම මාව මගහැරලා ක්ලාස් එකේ අනිත් ළමයි එක්ක එකතු වෙලා හිටියා..

උදෙන්ම සිංහල ක්ලාස් එකට ගියපු අපි දෙන්නා සුපුරුදු විදියට දෙපැත්තට වෙලා හිටියා..දවසෙම ක්ලාස් තිබුණ නිසා පහට ක්ලාස් එකෙන් එළියට ආවේ මැරිලා වගේ..

එළියට එද්දී නම් නංගි මගේ ලගින්ම ආවේ ගෙදර යන්න ඕනේ එකට නිසා වෙන්න ඇති..ඒත් ඈතින් නතර කරලා තියන කාර් එක නම් මං අදුර ගත්තා..දේශිත අයියා..එයාගේ මූණ බලන්න බෑ වගේ දැණුනත් මෙච්චර උදව් කරන මනුස්සයව නොදැක්කා වගේ යන්නත් බෑනේ..නංගි ඉන්න නිසා මුකුත් කර ගන්නත් බෑ..නැත්නම් ළමයින්ට මුවා වෙවී හරි යන්න තිබුණා..

“හානේ..දේශිත අයියා..කොහොමද ඉතින්..ඒ පැත්තේ ආවේවත් නැත්තේ අපිත් එක්ක තරහ වෙලාද..”

දැන් ඉතින් ඉවරයිනේ..නංගී පැන්න ගමන් කතාව..මගහැරලා යන්නේ කොහොමද දැන්..

“විමූ..මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ..”

“කියන්න අයි..යේ..”

“මෙතන බෑ..”

දේශිත අයියා එහෙම කිව්වේ නංගි දිහාත් බලන ගමන්..

“නගින්න කාර් එකට..”

“අම්මෝ..ලොකු දෙයක්..බස් එකේ යන්න ගියාම එපා වෙනවා අයියේ..”

“ඔයා බස් එකේ යන්න නෙතූෂා..මට අක්කා එක්ක කතා කරන්න ඕනේ..මං මගින් එයාව බස් එකට දාන්නම්..”

නංගිගේ මූණ බලාගෙන ඉද්දී අදුරු වුණා..මං මොනවා කරන්නද ඉතින්..එයාමයි පැනලා කතා කලේ..සද්ද නැතුව ගියා නම් ඉවරයි නේ..

“විමූ..නගින්න කාර් එකට..”

“එපා අයි..යේ..මං නංගි එක්ක බස් එකේ යන්නම්..”

“මගේ යකා අවුස්සන්නේ නැතුව නගිනවා මේකට..”

මේ යකාට පිස්සුද මන්දා..මෙච්චර සෙනගක් පාරේ ඉද්දී කෑගහන්නේ..ලැජ්ජාවේ බෑ..නංගි ගස්සගෙන අනිත් ළමයි එක්කම යනවා මං බලාගෙන..ඒ එක්කම දේශිත අයියා මාවත් ඇදන් ගිහින් කාර් එකේ දොර ඇරලා මාව ඒක ඇතුළට තල්ලු කලා..ටික දුරක් යනකම් මමවත් අයියවත් කිසිම කතාවක් නෑ..වැඩි සෙනගක් නැති තැනක කාර් එක නතර කරපු දේශිත අයියා මගේ පැත්තට හැරුණා..

“මොකද විමූ වෙලා තියෙන්නේ..එදා වෙච්ච දේට තාමත් මාත් එක්ක තරහෙන්ද..”

“මෙච්චර මට උදව් කරන ඔයාලා එක්ක මං කොහොමද අයියේ තරහ වෙන්නේ..”

“එහෙනම් කෝල් එකක්වත් දුන්නේ නැත්තේ..මාව අමතක වුණා නේද..”

“අමතක වුණා නෙවෙයි..ඒත්..”

“මොකද්ද ඒත්..හුම්ම්..”

මං මොනවා කියලා කියන්නද..කිසිම දෙයක් නොකියා ඉන්නවා ඇරෙන්න මේ වෙලාවේ මට කරන්න  දෙයක් නෑ..එයාගෙන් ඈත් වෙන්න ඕනේ නිසා,එයාගේ හිතේ මං ගැන තියන අදහස වෙනස් කරන්න ඕනේ නිසා මං එහෙම කලා කියන්නද..ජනේලෙන් එළිය බලාගෙන හිටිය මං ගැස්සුනේ ඒ හැඩිදැඩි අතකට මගේ අතක් හිර වුණ නිසා..

“අ..යියේ..”

දේශිත අයියගෙන් මගේ අත ගලව ගන්න උත්සහ ගත්තත් කිසිම වැඩක් වුණේ නෑ..මොකද එයා මට වැඩිය ශක්තිමත්..

“මේ අත මං අල්ල ගත්තේ කවදාවත්ම අතාරින්න හිතාගෙන නෙවෙයි විමූ..ඔයා මගෙන් ඈත් වෙන්න උත්සහ කරන්නත් එපා..ඒක කවදාවත්ම වෙන්න නෑ..හරිද..”

මං බයවෙලා වගේ බලාගෙන ඉද්දිම දේශිත අයියා එයාගේ අතට හිර වෙලා තිබුණ අත අරන් ඒ තොල් වලින් තියාගත්තා..අමුතු මිහිරියාවක් හිත පුරාම පැතිරිලා ගියත් ඒ හැගීමට මං බය වුණා..ඉක්මනින් අත මුදා ගත්ත මං ලැජ්ජාව නිසාම ජනේලෙන් එළිය බලා ගත්තා..

“දැන් ඔහොම වුණාට දවසක් එයි ඔයා මට ආදරේ කරන..අන්න ඒ දවස වෙනකම් මං බලන් ඉන්නවා මැණික..”

ගෑණු අපේ හිත් පිරිමින්ගේ වචන ඉස්සරහ හෙල්ලෙනවා තමයි..ඒත් දෙනෙත්වත් මං විශ්වාස කලේ එයත් ඔය විදියටම මට බලාපොරොත්තු කන්දක් දුන්න නිසා..ඒත් ඒ හැමදෙයින්ම මට ලැබුණේ දුකක් විතරයි…දේශිත අයියට ආදරේ කරන්න ගියත් මට අන්තිමේ දුකක් විතරක් වෙයිද..

මං කල්පනා ලෝකේ ඉද්දි දන්නෙම නැතුව කාර් එක ගේ ලගටත් ඇවිල්ලා..නංගි ගෙදර ඇවිල්ලත් ඇති..අම්මලා මොනවා හිතයිද මන්දා..මං විතරක් දේශිත අයියා එක්ක එද්දී..

“පුතේ..අපි ඒත් බැලුවා පහුගිය ටිකේ මේ පැත්තේ ආවේ නැත්තේ මොකෝ කියලා..”

“නෑ ආන්ටි අම්මා අසනීප් වෙලා හිටියා..ඒ නිසා ගෙදරමයි හිටියේ..”

මෙච්චර දුරක් මාත් එක්ක ආවා නිකමට කිව්වද සේමිණී ආන්ටි අසනීප වෙලා කියලා..වෙන වෙන ඒවනේ ඔලුවේ තියෙන්නේ..මෝඩයා..සේමිණී ආන්ටිට කොහොමද කියලා අහන්න ඕනේ වුණත් කතාවට නොයා මගේ පාඩුවේ ඉන්න එක තමයි හොද..

————————————————————————–

රෑට කෑමත් කාලා අම්මයි මමයි දේශිත අයියයි තාත්තයි එළියට වෙලා කතා කර කර හිටියේ රෑ වෙලා අයියට ගෙදර යන්නත් බැරි නිසා..තාත්තගේ අදහස නම් වුණේ අද ඉදලා හෙට යන්න කියලා..අයියත් ඒ අදහසට කැමති වුණ නිසා මං කාමරේ එයාට ලෑස්ති කරලා දුන්නා..

අම්මලගේ කාමරේට කොට්ටෙකුත් අරන් නිදා ගන්න ආවට පුරුදු තැන නැතුව නින්ද යන්නෙත් නෑ වගේ..යාන්තමට නින්ද යාගෙන ආවත් වතුර තිබහක් ආපු නිසා මං ආයෙත් නැගිට්ටා..වෙනදා නම් වතුර බෝතලයක් ලග තියාගන්නවා..අද ඒකත් අමතක වුණා..කුස්සියට යන්න ආවම තමයි දැක්කේ ඉස්සරහ දොර ඇරලා දාලා තියනවා..අම්මට දොර වහන්න අමතක වෙලාද..මේ වෙලාවේ හැමෝම නිදිනේ..දොර අරින්නේ කවුද..

එහෙම හිත හිත දොර වහන්න ගියාම තමයි දැක්කේ එළියේ බංකුවේ වාඩිවෙලා පාර දිහා බලන් ඉන්න දේශිත අයියව..

“අයි..යේ..මොකද මේ එළියේ..අනික මේ මහ රෑ..”

“දන්නව නම් මං මෙහේ නතර වෙන්නේ නෑ නංගී..අපරාදේ..මට ගෙදර යන්න තිබුණේ..රෑ වුණත් කමක් නෑ කියලා..”

“මොකද්ද වුණේ කියන්නකෝ..කාමරේ හොද නැද්ද..”

“කාමරයක් නෙවෙයි විමූ..කෙල්ලෙක් වුණාම හැසිරෙන්න දැන ගන්න ඕනේ..ශික්..”

මුකුත්ම තේරෙන්න කියන්නෙත් නෑ..මොනවා වෙලාද මන්දා..ඔහේ කියනවනවා..

“දැන් ඇතුළට යමුකෝ..එලියේ ඉන්න බෑනේ අයියේ..සීතලයිනේ..”

“ඔයා ගිහින් නිදාගන්න මැණික..මං පස්සේ එන්නම්..”

මගේ ඔලුවත් අතගාලා දේශිත අයියා එහෙම කිව්වේ ආදරෙන් මං දිහා බලන ගමන්..ඒත් ඉතින් එයා එහෙම කිව්වට එළියේ ඉන්න දෙන්න පුලුවන්ද..

180 thoughts on “සිහින සිත්තරාවී| දහනවවන කොටස| නවකතා කතා අහුර රචක”

    1. සුභ පැතුම් මගේ සින්ඩි බෝලේ ….
      ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් සින්ඩරෙල්ලා …????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ සින්ඩි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. අම්බෝ අර නෙතූශා නම් මොකෙක්ද මන්ඩා මන් නම් හිතන් හිටියේ හරී අහිංසකයි කියලා දෙශිත කැමති නෙද විමූට එතකොට චෙතිය ට මොනාද වෙන්නෙ ?????
    ලස්සනයි අද කතව
    ම්.. ඇයි දන්නෙ න්හ් දෙශීත අර එලියෙ ඉද්දී එහෙම කිව්වෙ
    හෙට බලමුකෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  2. Sandali nithya

    අනේ මේ නෙතූෂාට මොකද වෙලා තියෙන්නේ… දේශිත එලියට එන්න ඇත්තේ නෙතූෂා මොකක් හරි කරන්න ඇති… නෙතූෂා හොද ලමයෙක් නෙමෙයි වගේ… මට නම් ඇත්තමයි තරහයි අප්පා නෙතූෂා එක්ක… ???????

    අනේ මම හිතන් හිටියේ විමූ චේතිය එක්ක යාලු වෙයි කියලා… මගේ අනුමානෙ වැරදියිනේ… ??? දේශිතත් හොද කොල්ලෙක් කියලා මට හිතෙනවා… අනේ විමංශා කැමති උනොත් හොදයි… ???

    තේජා අක්කි…❤️❤️❤️❤️අදත් කතාව හරිම ලස්සනයි… අද කොටස නම් හරිම ආසාවෙන් කියෙව්වෙ… ??? පරිස්සමින් ඉන්න අක්කි.. බුදුසරණයි… ❤️❤️❤️????

  3. ?Tharushi? Jayawardhana

    කෝ අද කවුරුවත් නැද්ද..? අවි අක්කි නිශු අක්කි, සිතූ,නිතූ,දගයා……….. කෝ නැද්ද කවුරුවත් (okkogem nam n aulk gnn epoo)

    1. Sandu (kandy girl)

      තරූ මං ඉන්නෝ..ඒත් දැන් බියුගෙ කතාවට කමෙන්ට් එකක් දාන්න යනෝ..

  4. Sandu (kandy girl)

    තේජෝ…

    අර නෙතූශා මාර එක්කෙනෙක් නේ..ඇත්තටම ලැජ්ජාවක් නැද්ද ගෙදරට එන කෙනෙක්ව එයාට නම්මවාගන්න දඟලන්න. එතනින් එහාට ගෙදර අය දැනගත්තොත් මොනා වෙයිද එයාට.. අනේ මන්දා …

    දිග කමෙන්ට් එකක් අද දෙන්න වෙන් නෑ කෙල්ලේ..බියූගෙ කතාවෙ අන්තිම කොටස නිසා එයාට දිග කමෙන්ට් එකක් හිතන්න ඕනී…ඔයාටත් අනිවාරෙන් දිග….කමෙන්ට් එකක් මං අන්තිම එපියට දෙන්නම්..

    මේ වගේ කතා දිගටම ලියන්න සුදූ…අපි ආසාවෙන් කියවනෝ නේ…

    ලස්සන කතා ලියන්න ගොඩක් අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …

    පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි ..

  5. ?Tharushi? Jayawardhana

    කවුරුත් නැති එකේ මන් තනියම සින්දුවක් වත් කියන්නද?????

  6. .හි කොහොමද කස්ටිය මන්නම් හිරුස්ටර් බලනවා අෆ්ෆා…
    දැන් නිවුස්නේ….
    අෆේ බයිලා බ්‍රෝ තමයි දිනන්නේ.
    75%ෂුවර්…
    මන් කැමතිම දෙන්න තාමයි ෆයිනල් තේරුනේ

  7. නෙතුෂා ඒ පාර දේශිතගේ ඇගේ එල්ලෙන්න හදනවා වගේ. එහෙම එකක් වෙලා වගේ. එයාගේ හැසිරීම දැන් හොඳ නැති වීගෙන එන්නේ. විමංශාට කතා කරන විදිහට නම් කන පැලෙන්න දෙන්න ඕන. සේරම කරන්නේ දැන් ඒ මිනිස්සුනේ. මඟුල් විසේ ගහලා පැනලා ආවා මදිවට තව ලොකුකම් පෙන්නනවා. මොක වුණත් විමුට කියන එක තමයි හොඳ දේශිත නෙතුෂා විකාර වැඩක් කරා නම්. නැත්නම් දේශිත ගැන වැරදි වැටහීමක් ඇති වෙන්නත් පුළුවන්. දේශිත හැබැයි විමුට ඇත්තට ආදරෙයිනේ. ඒක නම් ඇත්ත ආදරයක් වගේ. හරිම ලස්සනයි. ⁣විමංශාට වරදින එකක් නෑ.
    තෙරුවන් සරණයි..

  8. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    ආදරෙයි ඔයාලා හැමෝටම …..

    ක්ලාස් ගිහින් එන්නම් මගේ යාළුවනේ ….
    අද නම් උදෙත් ක්ලාස් … ගෙදර ආවත් ආයේ ඔන්ලයින් ක්ලාස් ….?????

    1. Avi 1999 (kandy)?

      ගුඩ් මොර්නින් මගෙ නිෂු මැණික ?? පරිස්සමින් ගිහින් එන්න බෝලෙ ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    2. ගුඩ් මෝනින් මගේ නිශු අක්කියෝ …????
      පරිස්සමෙන් ගිහින් එන්න අක්කියෝ ….දලදා සමිදු පිහිටයි ????

  9. හරි හිතා ගන්න පුළුවන් මොකද වුනේ කියලා…. අර නෙතුෂා නිසා තමයි දේශිත එලියට ආවේ…. මට නම් ඔය නෙතුෂව පේන්න බෑ ???චික් මහ මොන කෙල්ලෙක්ද මන්ද… හැබැයි හොඳ වැඩේ නෙතුෂට අද class එකේදී වුන වැඩේට…මේ නෙතුෂනම් දැන් ගානට වැඩියි…. අනේ ඇත්තමයි දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න
    මම නම් දේශිත වගේ කොල්ලෙක්ට ආසයි ???එයා හොඳ කෙනෙක් වගේ…. නැත්තම් ඉතින් විමූ ගැන මේ විදිහට හොයල බලන්නේ නෑනේ… එයා ෂෝයි අනේ… ❤❤❤
    විමූ එක පාරක් ආදරෙන් පැරදිලා නේ ඉන්නේ… ඒ නිසා එයා බය ඇති තව කෙනෙක්ට ලං වෙන්න… අනේ අක්කි දේශිතවයි, විමූවයි එකතු කරන්න කෝ
    එතකොට මගේ සූටි හිත සතුටු වෙනවනේ ???
    ඔයාගේ කතාව හරිම ලස්සනයි අක්කි
    ඔයාගේ මේ හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  10. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ටිකට ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ගුඩ් මෝනින් මගේ අවී අක්කියෝ …???
      ඔයාටත් ආදරෙයි අක්කියෝ …ඔයාටත් තෙරුවන් සරනයි …

  11. කතාව ලස්සනයි.❤❤❤❤
    නෙතූශ නම් තාමත් මට්ටුවෙලා නෑ.අනිත් එක තමන්ගෙම සහෝදරියක්ට වගේනෙ විමූ නෙතූශට සැලකුවෙ.එහෙම සලකපු විමූට දැන් නෙතූශ සලකන විදිහ නම් අන්තිම නරකයි.නෙතූශ මොනා හරි විකාරයක් කරන්න ඇති,ඒකයි දේශිත එලියට එන්න ඇත්තෙ.
    දේශිත නම් ගොඩක් හොද කොල්ලෙක් ❤

  12. තේජා අක්කියෝ …??
    ඔයත් සමා වෙන්න comment එක පරක්කු උනාට ???? …

    තමන්ගෙම අක්ක කෙනෙක් වගේ තමන්ට උදව් කරපු විමූට මෙහෙම කරනකොට එයා තමන්ගෙ අම්මට තාත්තට සලකපු හැටි හිතා ගන්න පුළුවන් ….නෙතූශා..නම් …අනේ මන්දා ….එයා තමයි දේශිතගේ කාමරේට ගිහින් මොනවා හරි නොහොබිනා වැඩක් කරන්න ඇත්තේ….මොනවා උනත් දේශිත නම් හොදට කියලා දෙන්න ඇති නෙතුශට….එයා clz යනවා කියලත් කොහෙ කොහෙ ගිහින්ද දන්නේ නෑ ….අපරදේ අර විමූගේ අම්මගෙයි තාත්තගෙයි සල්ලි….මේ වගේ වැඩකට නැති කෙනෙක්ට සල්ලි වියදම් කරලා මොනවා කරන්නදා….

    ඔයාගේ කතාව නම් වෙනදා වගේම ලස්සනයි අක්කියෝ ….ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා …???
    ඔයාගේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලාත් මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …???❤️❤️❤️❤️

  13. ගුඩ් මෝනින් හැමෝටම …සතුට සිනහව පිරුණු වාසනාවන්ත සුබ දවසක් වේවා …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ…තෙරුවන් සරනයි ඔයාලට …?

  14. .gm සුබපැතුම් සින්ඩරෙල්ල මචී… ???
    තව කතා දෙකක් විතර තියෙනවා කියවන්න ඒවත් කියවල මේක කියවන්නම් ok..
    තව මගේ බියුටි අක්කි, සද අක්කි සමාවෙන්න මන් බියුටි නැන්දිගෙ අන්තිම කතාවට කමෙන්ට් එකයි, සද අක්කිට රිප්ලයි 2කුයි දැම්ම එත් ඒවා වැටෙන්න ඕනි තැනට නෙමෙයි වැටුනේ….
    Ok දග බබාලා මන් කතා ටිකත් කියවල, පුළුවන් වෙලාවක අනිවාර්යෙන් එන්නම් හොදේ.

    තව ඔයාලට මතකද දාන්නේ නෑ මගේ අක්කිට මල්ලි බබෙක් හම්බ වුණා. මන් මාමා කෙනෙක් වුණා.. මන් හිතන්නේ මන් ඒ දේ දවසක් කාගේ හරි කමෙන්ට් එකකට කිව්වේ. එයත් නැන්ද කෙනෙක් හරි පුංච් කෙනෙක් හරි වුණා කිව්වා. එයාට එදා ලොකු සතුටක් දැනුන කිව්ව.
    ඉතින් කොහොම මගේ චූටි මල්ලි බබාගේ උපන්දිනේ මේ 28 මුලිම්මනම් පාටියක් තියනවා කිව්වා තාමත් තියෙනවා කියලා තමයි කියන්නේ අපි බලමුකෝ.
    මගේ අක්කි ඉපදිච්ච දවසෙම ඒ මල්ලිවත් ගත්තා…
    අනේ ඒ මල්ලි නම් මරු අෆ්ෆා රෝස බෝලයක් වගේ දැන් නම් ටිකක් ලොකු වෙලා ඇති මන් මාස 6කින් විතර එයාව දැක්කේ නෑ…
    එකත් කියන්න හිතුන. ඔන්න ඔක්කොම වගේ ඒවා මන් කිව්ව තව ඇති කියන්න දේවල් එත් මතක් වෙන්නේ නෑ. එහෙනම් gb

    1. අපේ දගයා මාමෙක් නේද බොලේ …ශෝයි ශෝයි …මාත් ආසයි අනේ චූටි බබාලට ..??

    2. Sleeping beauty

      ඒ අපේ මාශා බෝලේ…එයගෙ අක්කිට තමයි බබා හම්බුනේ..ඉතින් පැංඩා බබා පුංචි කෙනෙක් වුනා..❤️❤️

      මගෙ දග මල්ලා??..කෝමද ඉතින්..අනේ මං තවම මගෙ කතාවෙ කමෙන්ට් වලට රිප්ලයි කරන ගමන් ඉන්නේ..වැඩ නිසා සැරින් සැරේ ඇවිත් රිප්ලයි කරන්නෙ..

      ඔයාගෙ කමෙන්ට් එකත් මං දැක්කා පැටියෝ ..රිප්ලයි කරන්නම්කො මං හොදද …පාටියට මාත් එනෝ හොදේ ..සතුටින් පරිස්සමට ඉන්න දග බබෝ..තෙරුවන් සරනයි ..උම්ම්ම්ම්ම්මා..??

  15. ස්තූතිය දග මචී ??
    අනේ ශෝයි නෙහ් චූටි මල්ලි බබෙක්
    ????
    ශෝයි අෆ්ෆා

  16. Sleeping beauty

    මගෙ නිෂූ මැණික ,මගෙ තේජා අක්කී??..මං ඔයාලට කමෙන්ට් කරනවා අනිවාර්යයෙන්ම ..අනේ මට ටික වෙලාවක් දෙන්න හොදද ..තරහා වෙන්න එපා..??

    1. අනේ මගේ අක්කී ….
      එහෙම කියන්නේ මොකටද ….

      මං දන්නවනෙ අක්කී ඉන්නේ වැඩ ගොඩක කියලා …. අක්කී පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද ….මං චුට්ටක් වත් තරහ වෙන්නේ නෑ …
      ඔයා මගේ අක්කී නෙ…??

      මටත් අද ආයේ හවසත් පන්ති …. මෙලෝ හසරක් දන්නේ නැති පාඩම් අලුතින් ඉගෙන ගද්දී පිස්සු වගේ …???

      තේජා අක්කී …මටත් අක්කිගේ මේ කොටසට කමෙන්ට් එක දාන්න තියනවා … සමාවෙන්න හොදද මගේ අක්කී …???

  17. Avi 1999 (kandy)?

    අම්මො තේජා අක්කි දේශිත විමුට ආදරෙයි කියලා කීවා නේද ..මරේ මරු අනෙ… දේශිත හොද කොල්ලෙක් ඒ නිසා විමුට ලස්සන ආදරයක් ලැබෙයි එයාගෙන් නෙද ??.. හැබැයි ඉතින් නෙතුෂා තමා දැන් තියෙන ප්‍රශ්නෙ .. එයා දේශිතගෙ ඇගෙ එල්ලෙන්ට හදනවා වගෙ ඒ වුනාට දේශිත ඒවාට අහුවෙන්නැති වෙයි නෙ ….එයා දන්නවා වගෙ නෙතුෂාගෙ වැඩ ගැන ??

    විමු පව් කියලා හිතෙනවා අනෙ එයා හොද වැඩි නෙතුෂාට.. බැදපු කෙල්ලෙක් වෙලත් හැසිරීම අන්තිමයි..විමුට ඊර්ෂ්‍යා කරලා එයාට ලැබෙන්නෙ මොනවාද දන්නැ .. මට හිතෙන්නෙ නෙතුෂා එයා එක්ස්සැම් පාස් වෙන්නැති වෙයි කියලා ..

    කතාව ගොඩක් ලස්සනයි අක්කි දැන්නම් .. ආසාවෙන් කියවන්නෙ… අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. අනේ අද තාම කවුරුත් නෑනේ …???????????????????????????????????????????????????????????????????????????????????????

      1. මොක්කද අක්කියෝ කියන්නෙ
        අපිව ගහලා පන්නයිද දන්නෙ න්හ් ??

      1. දන්නෑ මැණික ….හැබැයි ගිහින් නම් මේ වෙනකොට අපිට අආරන්චි වෙලානේ ….ඇයි news වලට කියනවනේ…..????

          1. කට්ටිය ආවොත් අපි දෙන්න ඉවරයි …????

  18. ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ නිමේශය කල්පයක් වාගේ…//
    තුනින අහසේ නුරා ගී නෙත් තුල තනිවී…

  19. හැමදාම ඔය දෑස අතරමන් උන
    නොසන්සුන් හිත තාම වාරු නැ මට……..

    1. නුබ ගැන හිත හිතා මිය යනවාහැර
      නිසොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

      1. මන් එක්ක යන් කිව්ව ගමන එනවද
        සොදුරු මාවත ලගට ඇවිත් ඉන්නද

        1. අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
          හිතේ තවරා පෙමක ඔයත් නිහඩව ඉදී

          1. මටත් නොකියා ඔහොම ඉතින් දගකාර වී
            හිතේ නවතින තුරුම ආදරය නොදැනුනී

          2. නුබ ගැන හිත හිතා මිය යනවාහැර නිසොදුරු මිනිසෙක් වෙන්න හිත්ක් නෑ මට

  20. හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා…
    ඔබ නැති ජීවිතයක් හීනෙන්වත් නෑ දැකලා….

    1. ආදරෙයි මන් ආදරෙයි
      මෙ ලොවේ කාටත් වඩා
      සත්තමයි බොරුවක් නොවේ
      ඔබේ ඇස් පල්ලා
      ❤️❤️❤️❤️

  21. සිරි සඝ බොදි මලිගාවෙදි මන්
    දැක හනෙ ප්‍රානෙ වෙන බැට දෙන් //

          1. බල්ලොන්ගේ ඉමෝජ් හොයාගන්න තිබුණේ නෑ මැණික ….???

          2. අනේ මන් ඇත්ත කියන්නේ..මට නිකන් කොටු කොටු ටිකක්නේ පෙන්නන්නේ .. ???

          1. අපි දෙන්නට hospital එකෙ කාමරය ක් වෙන් කර ගන්න වෙයි යන්න කලින්

          2. ඔව්ව් hospital එකෙ ත් කට්ටිය පොලු අරන් එදිවී

  22. ගිනි නැගෙනා අකුණු පහරේ සැර
    පපු ගැබුරේ තියෙනවා
    මද්දහනේ දැනෙන අව් රශ්මේ සැර
    පිනි පොද වදිනවා….

    1. මෙ ගෙවනා අරුම දිවිය තුල
      මොනවද සොයනවා
      මෙ අප්ගේ හිමල නැගුම්
      දුක පැනි රස කරනවා

          1. උම්මාමාමාමාමාමාමාමාමා…………………..??????

          2. ඔයාටත් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ??????

  23. දිනක වරදින්නම ඕනේ
    දැන ගන්න මිනිසුන් ලෝකේ
    කවුද හැබැහින් නැතිදා මෙන් ආදරේ කියා…

          1. අනේ මන්දා නන්ගියෝ…එයාලව සේයා හරි නිකිනි හරි අරන් ගිහින් ද කොහෙද ..????

          2. අක්කියෝ මන් ටාර් ගාලා එන්නම් ඩේටා එවර වෙන්න ලගයි අනී ටක් ටික් ටුක් ගල එන්නම්

  24. රෑ සිහිනයක් වාගේ
    ජීවිතේ මාගේ
    වේදනා පාවෙලා මාගෙන් මිදුනේ
    අන්තයක් නුදුටු නිල් අහසේ පාවි
    කඩදාසියක් සේ යන්නම්
    සීමා මායිම් කෝ….

  25. පැටියෝ අපිත් දැන් ගිහින් තව ටිකකින් එමුද….කට්ටිය ඉන්න වෙලාවට ….තලා වෙන්න එපා හරිද ..අක්කි දැන් යන්න ඕනෙ ….

    1. සුදු තලා වෙන්න එපා …අක්කි දැන් යනවා එහෙනම් ….පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ නන්ගියා….බුදු සරනයි ඔයාට …

      1. හා අක්කියෝ මාත් දැන් යන්න ඔනී අම්මී අඩ ගහනවා යන්නම් අක්කිතත් බුදු සරණයි

  26. Sandu (kandy girl)

    දඟයිනේ .. මං අද රස්තියාදුවක් ගහන්න ගියා..එහෙ සිග්නල් නෑ අෆ්ෆා.. හවස ආවෙ ඉතින්.. මං බියූට කමෙන්ට් එක දාලා එන්නම්.

  27. Sandali nithya

    කොහොමද කස්ටිය… ??? අද දවසෙම මට ඇප් එකට එන්න බැරි උනා… ? දවසම cls අප්පා… ? කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ??

  28. අද ඇප් එක ගොඩක් පාළු වෙලා නේද …??
    මටත් අද එඑන්න බැරි වුනා හරියට …
    මං ගිහින් එන්නම් …

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ..

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …..

  29. තේජා අක්කියෝ ….

    අනේ මට සමාවෙන්න හොදද අදත් කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට ….

    ????????????????

    මේ නෙතූෂා නම් …. මට කියන්න වචන නෑ එයා ගැන …

    මහ මොන ජාතියේ කෙල්ලෙක් ද මන්දා … කන්න දීපු අත හපාකන ජාතියේ කෙල්ලෙක් …????
    තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ඇත්තේ වෙන මොකක් හරි එකකට තමයි … පන්ති පිට දාලා ..

    තමන්ගේ ජීවිතේ අමාරුවේ වැටුනට පස්සේ එක කුස උපන් සහෝදරියක් වගේ එයාට සැලකුවේ විමංශා … එහෙව් කෙල්ලට ඔහොම සලකන්නේ ….

    අනේ ඉතින් දේශිත කොලුවා නම් අපේ කෙල්ලට ඇත්තටම ආදරෙයි වගේ නේද … එහෙනම් අපි ඒ දෙන්නව ජෝඩු කරමු…හා නේද අක්කියෝ …????

    මට නම් හිතන්නේ අර කෙල්ල මොකක් හරි ජරා වැඩක් කරලා … දේශිත ගොඩක් හොද කොල්ලෙක් නේ ඒ අතින් ..

    ඉතින් අක්කී මේ වගේ කතා දිගටම ලියන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.