Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං?| සිව්වැනි කොටස|කොටස් වශයෙන් පළවන කතා

කතාව කොහොමද?

“මං මේ කෞෂාල්ගෙ අම්මා … එතකොට මේ කවුද කියලා කියන්න පුළුවන්ද ? ”

“අම්මේ… ම්..මං මේ..මේ අර…”

“ආහ්.. දූ නේද අපේ පුතා උදව් කලා කියපු ගෑනු දරුවා ..”

“ඔව් අම්මේ … ඒත් අම්මා කොහොමද ඒ ගැන ..”

“බයවෙන්න එපා දුවේ… මට සීතා දූ ගැන කීවා.. කිව්වා වගේම අහිංසක දරුවෙක් කියලා කතාබහෙන් ම තේරුනා මට නම් .කොහොමද ඉතින් දූට ?.”

“මං ගොඩක් හොදින් අම්මේ ..අම්මට පින් මාව විශ්වාස කරනවාට .. ඒ වගේම අම්මා කතා කරපු එක ගොඩක් හොඳයි ..මං අම්මට කතා කරන්න තමයි හිටියේ …”

“ඒ ඇයි දුව..අපේ පුතා මොකක් හරි වැරැද්දක්වත් කලාද? මගේ දරුවා නම් එහෙම දෙයක් කරයි කියලා විශ්වාස කරන්න බෑ දූ මට නම් …”

“අනේ එහෙම දෙයක් නෙවෙයි අම්මේ … දෙවියෙක් වගේ මනුස්සයෙක් ගැන එහෙම හිතුවත් මට පව් පිරෙයි .. මං කතා කලේ අයියා ගැන කියන්න තමයි අම්මේ …”

ආශා මව් වෙත කෞෂාල්ගෙ තත්ත්වය පිලිබද පැහැදිලි කරදුන්නේ ඇගේ සිත සනසාලමිනි . ආශා කෙරෙහි සෙනෙහසක් උපදවා ගත් ඈ ඉක්මනින් ඔවුන් බැලීමට එන බව පොරොන්දු වෙමින් දුරකථනය විසන්ධි කලාය .

‘අයියා අම්මා වගේමයි.හරි ලස්සනට ජීවත් වෙන්න ඇති එයාලා ..කොහොම හරි ඉක්මනට එයාලාව එකතු කරන්න ඕනි ..’
ආශා තනිවම සිතුවාය.

*******************************************

“ගුඩ් මෝනින් අයියේ …. ”

“ආහ්…ගුඩ් මෝනින් ගුඩ් මෝනින් …කෙල්ල උදෙන් ම ඇහැරලා නේද …”

ආශා ඊට සිනහවකින් පිලිතුරු දුන්නාය . සියළු දිනයක් පාහේ උදෑසන අවදි වී නිවසේ වැඩ කටයුතුවලට සීතාට උපකාර කිරීම ඇගේ සිරිත විය .බොහෝ දුරට උදෑසන ආහාරය පිලියෙල වන්නේ ඇගේ අතිනි .

“අයියා මේ යන්නද යන්නේ …මං මේසෙට කෑම ඇරලා තියෙන්නේ ..කාලා යන්නෝනී හොදද ….”

“අනේ හරි ආශා අම්මේ …අම්මා කියන දෙයක් තමයි ඉතින් …”

“අනේ අයියේ මං මේ පැහිච්චකම් කියවනව නෙවෙයි ..සීතා අම්මා කීවා ඔයා උදේට කන්න හොරයි කියලා …”

“මං ඒක දන්නවා බන්…එනවා මාත් එක්ක කන්න ….”

“මං පස්සේ කන්නම්…අයියා කාලා ඉන්නකෝ ..”

“මේ….. පැහෙන්නෙ නැතුව එනවද ? මට ටිකක් කතා කරන්න ඕනි ….”

ඊට එකග වූ ඈ මේසය වෙත පැමිණ ඔහු වෙත කෑම බෙදා දුන්නාය .

“ම්ම්ම්ම්…. .ඇත්තටම ආශා ඔයා හදන කෑම ගොඩක් රසයී…පුදුම හැකියාවක් ආ කෙල්ලට තියෙන්නේ …”

“අනේ මන්දා අයියේ ..අත්තා නම් කියන්නේ මට තියෙන්නේ අම්මගේ අත්ගුණේ ලු…”

“එහෙමද..මං අහන්නමයි හිටියේ ..ඔයා ඔයාගෙ අම්මා තාත්තා ගැන මුකුත් ම දන්නේ නැද්ද? ”

“එහෙම නෙවෙයි අයියේ .. අම්මා මං ඉපදෙන කොට තමයි නැතිවෙලා තියෙන්නේ . තාත්තා එයින් මාසයක් යන්නත් කලින් වෙන ගෑනු කෙනෙක් ගෙදරට අරන් ඇවිත් .එයා කැමති වෙලා නෑ මාව තියාගන්න ..ඉතින් මගෙ නැන්දා ඒ කියන්නේ තාත්තාගේ නංගි තමයි මාව බලාගෙන තියෙන්නේ පොඩි කාලේ . ඒත් එයා කසාද බැන්දට පස්සේ මං දිගටම හිටියේ අත්තා ළඟ ..”

ඈ පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.

“අනේ ඒත් ….සොරී නංගා…මං ඒ දේවල් අහන්නේ නැතුව ඉන්න තිබුණේ ..ඔයාගෙ හිත රිදුනා නේද …”

“එහෙම නෙවෙයි අයියේ ..මට අත්තාව මතක් වුනා ..අනේ එයා කොහොම ඉන්නවද දන්නේ නෑ …”

“ඉතින් ළමයෝ….අපි යමු අත්තා බලන්න …”

“මං කොහොමද යන්නේ අයියේ ඒ ගමට..ගමේ හැමෝම දන්නේ මං අර මනුස්සයා කසාද බැන්දා කියලා ..ඒත් මං අයියා එක්ක යනකොට මොනවා කියයිද එයාලා…”

“අපිට කාගෙවත් කට වහන්න බෑ…..ම්ම්ම්…අපි එහෙනම් මෙහෙම කරමු.මං මගේ යාළුවන්ට කතා කරන්නම් .එයාලගේ ගර්ල්ස්ලාත් එක්ක එන්න කියලා ..එතකොට හරිනේ…”

“ඒත් ඒ අය කැමති වෙයිද …”

“ඔයා හා කියන්නකෝ අනේ මං එයාලා ගැන බලාගන්නම් …ඔයා කැමති නම් අපි හෙට අනිද්දාම යමු”

“ඒත් අයියේ …”

“ඒත් මේත් නෙවෙයි … මට පරක්කු වෙනවා … පරිස්සමෙන් ඉන්නවා හොදද…”

“හරි එහෙනම් …තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ගිහින් එන්න …”

*************************************************
කෞෂාල් පොරොන්දු වූ ලෙසම දෙදිනකට පසු ආශාගේ උපන් ගම වෙත යාමට කටයුතු සූදානම් කලේය.

එදින අලුයම අවදි වූ ආශා සූදානම් වී මුළුතැන් ගෙයට පිවිසියේ ගමන යාමට අවශ්‍ය ආහාර පිලියෙල කිරිමට ය.කෞෂාල් ඒ වනවිට සිටියේ සූදානම් වෙමිනි .

“කෞෂාල්….කෞෂාල් …..තාම නිදිද බන්.දොර ඇරපන්කෝ .ආශා නංගි …..”

“ඔහොම හිටු දොර කඩන්නේ නැතුව ..මෙයාලා උදෙන් ම ඇවිල්ලානේ…ශානු එන්න ඇතුලට …”

“අපි වෙලාවට වැඩ නේද අෂාන් . ..ඒක නෙවෙයි ..කෝ එයා . මං දැක්කෙත් නෑනේ …”

“එයා කිචන් එකේ… කැමති නම් ගිහින් එන්න …”
ඈ පිටව ගොස් මොහොතකට පසු කෞෂාල් සිය මිතුරා ඇමතුවේය.

“ඇත්තටම මචන් අරුන් මොනවද කීවේ ..මං ඊයේ ගන්නකොට ෆෝන් ආන්ස්වර් කරේ නෑ ..”

“දෙනුවන්ටයි මලීෂ්ටයි නම් නිවාඩු දාන්න බැරි වෙයි කීවා .ඒත් අනිත් එකා දවල් හා කීවා ..මහ රෑ කෝල් අරන් කියනවා අරකී කිව්වා කියලා ඔය වගේ පැතිවලට යන්න ඕනි නෑ කියලා …”

“හ්ම්ම්ම්….එහෙමත් එකක්ද…කමක් නෑ බන් එහෙනම් ..”

“අවුල් ගන්න එපා ඌරෝ…මේ මං ඉන්නේ…බලපන්කෝ ඒ රට උඩැක්කි වගේ ද කියලා මගේ එකී…මං කතා කලොත් අපායකට යන්න හරි ඒවී…”

“ඒකනම් ඇත්ත බන්…ඒ අතින් උඹ මාර ලකී….”

ඔවුන් කතා කරමින් සිටියදී ආශා සහ ශනීෂා ඇසිරූ ආහාර බඳුන් ද රැගෙන එතැනට පැමිණියහ.

“ම්ම්ම්ම්…..කොල්ලෝ දෙන්නා මං ගැන නේද කතා වුනේ …මට ඇහුනා හොදද …”
ශනීෂා විමසීය .

“අනේ නෑ නේද කෞෂාල් …අපි කතා වුනේ අර සලිතගේ කෙල්ල එහෙම ගැන ..”

“අනේ කොච්චර හොද කෙල්ලෙක්ද නේද ..අපිත් ඒ වගේ බාගෙට ඇඳගෙන අඩි දෙක තුනක් උඩින් ගියානම් තේරෙයි අපේ අගේ …..”
ඈ නෝක්කාඩු කීවේ මුහුණ අඳුරු කරගනිමිනි .

“අනේ තරහ ගන්න එපා සුදු මැණික …මං දන්නවා මගේ කෙල්ල මොනවගේ කෙනෙක්ද කියලා …ඒකනේ මං මෙච්චර ආදරේ ඔයාට …”
අෂාන් සිය පෙම්වතියගේ උරහිස වටා අතක් යොමමින් ඈ සැනසීය.

“මේ මේ….දෙන්නා වාහනේට ගිහින් ඕනි දෙයක් කරගන්නවද ..දැන්වත් යමන්කෝ ….”

කෞෂාල් එසේ පවසමින් බෑගයද ගෙන පෙරමුණ ගත්තේය .අනෙක් තිදෙනා ද ඔහු පසුපසම පැමිණ රථයට නැගුණාහ.

**************************************************
නගරයේම දිවිගෙවා ගම්මානය වෙත ඇතුලුවන විට සියල්ලන්ම වින්දේ මහත් නිදහසකි.හෝරා පහකට ආසන්න කාලයක් ඊට ගතවූවද ඔවුනට විඩා නොදැනී ගියේ එබැවිනි .

“ආශා තව ගොඩක් යන්න තියෙනවාද ?”

කෞෂාල් විමසීය.

“නෑ නෑ අයියේ ..තව ටිකයි.හැබැයි ඉස්සරහින් වාහනේ දාලා තමයි යන්න වෙන්නේ …මොකද දොලෙන් එහාට වාහනේ අරන් යන්න බෑ .”

ඈ පැවසූ පරිද්දෙන් හේ මදක් ඉදිරියෙන් රථය නවතා සිව් දෙනා ඉන් බටහ.

“අපි යමු අයියේ …මං අක්කා එක්ක ඉස්සර වෙන්නම්..කමක් නෑ නේද අයියේ …දැනටමත් මේ අය මං දිහා අමුතුවට බලන්නේ ..”

“ඔයා වාහනේකින් ආව එක එයාලට අමුතු නිසා වෙන්න ඇති . අපි යමුකෝ ළමයෝ ….”

ආශා පැවසුවේ සැබෑවකි . ඇතැම් ගම්වැසියන් ඇයව මඟහැරිය අතර සමහරුන් ඈ දකින විට කුමක් හෝ රහසක් ඔවුනොවුන් හා කෙඳිරූ සෙයක් ඔවුනට හැඟී ගියේය.

කැලෑබද පෙදෙසක් ඔස්සේ ගමන් කල ඔවුන් දිය පහරක් හරහා වැටි තිබුණු පාළමක් දිගේ ගමන් කලේ ඈව අනුගමනය කරමිනි .එය අවසානයේ දී එකවරම ආශාගේ අතද අතහැර ශනීෂා නැවතුනේ අනෙක් අය කලබලයට පත්කරමිනි.

“ශානූ …මොකද නැවතුනේ …මොකක් හරි ප්‍රශ්නයක් ද ….”

අෂාන් විමසද්දී ඈ මුව මත සිය දබරඟිල්ල තබා නිශ්ශබ්ද වන ලෙස දන්වමින් නුදුරේ ඇති චලනය වන යමක් වෙත දෙනෙත් මගින් ඔවුන්ගේ අවධානය යොමු කලාය. එහි වූයේ කුඩා හිවලුන් දෙදෙනෙකි.

‘අනේ දෙවියනේ…අසුබ දෙයක් නම් වෙන්න එපා…’

ආශා මොහොතක් තැතිගැන්මෙන් ඒ දෙස බලා හුන් අතර
එවිටම ශනීෂාගේ ජංගම දුරකථනය නද දුන්නෙන් බිය වූ සතුන් දෙදෙනා පැනදිවූහ.

“අයියෝ ෂිට් ….මේ මෝඩ අයියටත් දැන්ම මාව මතක් වුනානේ ..ලස්සන පැටව් දෙන්නා .”

“ඒකට කමක් නෑ අක්කේ…වෙන සත්තු මුණගැහෙයි ඉස්සරහට ..අපි යමුකෝ බලන්න …”

සෙමෙන් ඉදිරියට ඇවිද ආ ඔවුන්ගේ ගමනාන්තය වූයේ එක් කුඩා නිවසකි.එහි ඉදිරිපිට කාන්තාවක් සිටිනු ඔවුනට දර්ශනය විය .

“ලොකු අම්මේ …..”

“ආ….නෝනා මහත්තයා ආවද? උඹ එනකල් තමයි මං බලාගෙන හිටියේ .මූසල කෙල්ල .නාකි මිනිහා විහින් අවාසනාව ගෙන්න ගත්තේ ..”

“ඒත් ලොකු අම්මේ …. ඇයි එහෙම කියන්නේ ?…කෝ මගේ අත්තා ….”

161 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං?| සිව්වැනි කොටස|කොටස් වශයෙන් පළවන කතා”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ නිතු මැණික ?? ?????????????????????????????????????????????????????????????????????????????

          1. Sandali nithya

            තැන්කූ මගේ අවී අක්කියෝ… ❤️❤️❤️

  1. මේ මම යන්නම් ඈ…. Bye
    බුදුසරණයි සතුටින්, පරිස්සමින් ඉන්න
    Good night මගේ දඟයිනි ❤❤❤❤
    ලොකු අයියේ good night ❤❤❤

    1. යනෝද අනේ …
      හරි එහෙනම් …
      සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    2. Avi 1999 (kandy)?

      යනවද මැණික ?? ගුඩ් නයිට් මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික හැමදාම තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  2. Sandali nithya

    අනේ අත්තා නැති වෙලාද… ? පව් අනේ අත්තා ගැන නම් දුකයි… ? ආශා ආයෙ කෞශාල් එක්ක යයි නේද අක්කි… ? කෞශාල්ගෙ අම්මත් ආශාට කැමතියි වගේ… ?

    අදත් කතාව ලස්සනයි නිෂූ අක්කියෝ… ??? මන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට… ❤️❤️

    පරිස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි අක්කියෝ… ❤️❤️❤️???

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා ….???

      අත්තාට මොකද වුනේ කියලා දැනගන්න වෙන්නේ ඊළඟ කොටසින් තමයි නංගා …
      මොනා වුනත් අත්තා පව් තමයි …ආශා ත් පව්…

      බලමු නේද ආශා කෞෂාල් එක්ක යාවිද ඉදීවී ද කියලා …

      අම්මත් හරි හොදයි තමයි …

      ගොඩ ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …???
      මට ගොඩක් සතුටුයි ඔයා ආසාවෙන් කියවනවා කියද්දී …??

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  3. අම්මූ… දැන් තමයි මගේ හිතට සැනසීමක් දැනෙන්නේ…
    ඊයේ ඉදලා මේක ශෙඩූල් වෙලා පෙන්නන්නේ…
    මට ඩෑෂ් බෝර්ඩ් එකෙන් දකින දකින ගානට මොකක්දෝ වගේ ….

  4. මේ සඳලි අක්කි ඇත්තටම ඔයා අක්කෙක් නේ.. අක්කි අක්කි කිව්වට හරියටම දන්නේ නෑ… මම 2003

          1. මම බියුටි අක්කිගෙන් ඔයාගේ e mail adress එක ඉල්ල ගත්තට කමක් නැද්ද?

          2. මාත් අහන්නමයි හිටියේ අක්කී ඕක නම් …
            ???

          1. ඕඕඕඕඕඕඔ හෙට Comment එකක් දන්නම් හරිද අක්කියෝ ????

      1. ජෙසීයෝ දැන් දොයියන්න කියලා ගියා නේද …මොකෝ හීනෙන් සේයා හරි නිකිනි හරි දැක්කද ..????

          1. අනේ ඉතින් ඉතින් …
            මොනාද කීවේ එයා …

          2. එයා කිව්වා නිශූ කියන ඇටකිච්චිව රෑ දොළහට උස්සගෙන යන්න එනවා කියල ???

          3. බය වෙන්න එපා මැණික …
            මං ඇටිකිච්චියක් නෙවෙයි …
            එහෙම් පිටින් ම අල බෝලයක් … බොරු නම් අපේ නංගි ගෙන් අහන්න බලන්න ….???

          4. අපේ චූටියා විතරයි එහෙම උස්සන් යන්න පුළුවන් … ???

          5. එහෙමද මේ සිතූ ඔයාව අල්ලන් යන්න කළු කුමාරයා එනවා කිව්වා… නිශූ අක්කි අමතක වුණා ඔයාව අරන් යන්න මෝහිනී එනවා කිව්වේ ????‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♂️?‍♂️?‍♂️?????

          6. අනා ඉතින් … එයා නම් කමක් නෑ …
            මං චූටි බබාලට ආසයි නේ. එතකොට මට පුළුවන් එයාගේ බබාව බලාගන්න …☺️☺️

          7. ඔයා බබාව බලාගන්න… මහසෝන ඔයාව බලගයි ????????

          8. මන් නම් කලු කුමාරයට බය නෑ අනේ ජෙසීයෝ ……එයා මගේ බොක්කනේ…???

      2. හම්බෝ මාත් දොයියන් වෙන්න යනවෝ
        සියලු දෙනාට සුබම සුබ good night ekk වෙවා!!!!
        ක්ව්ද එ

  5. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?
    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ගුඩ් නයිට් මගේ අවී අක්කි මැණික ❤️❤️❤️ මාත් ආදරෙයි අක්කියෝ ඔයාට ?????

          1. මෙයාට ? ගොඩක් දෙන්න පුළුවන් … මං දුන්නම ඇද කියනවා …
            නපුරී…????

    2. යනවද මගේ අක්කී …??

      හරි එහෙනම් …
      සුභ රාත්‍රියක් මගේ අක්කී ….
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      මාත් ආදරෙයි මගේ අක්කිට ….????

      1. Avi 1999 (kandy)?

        ඔව් මැණික පොඩි වැඩක් තියෙනවා කරන්ට.. පුළුවන් වුනොත් තව ටිකකින් කතාවට කමෙන්ට් එකක් දාන්නම් හොදද ??? මාත් හෙන ගොඩක් ආදරෙයි ඔයාට ??

        1. හරි මගේ අක්කියෝ …
          කරන හැමදෙයක් ම පරිස්සමෙන් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …
          ????

  6. හම්බෝ මාත් දොයියන් වෙන්න යනවෝ
    සියලු දෙනාට සුබම සුබ good night ekk වෙවා!!!!

    1. අනා මේ කෙල්ල නම්…
      සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  7. මාත් ගිහින් එන්නම් හොදද ….
    ගුඩ් නයිට් ලොකු අයියේ ❤️❤️❤️❤️
    ගුඩ් නයිට් දගයිනේ ❤️❤️❤️❤️

    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ …
    හැමෝටම දලදා සමිදු පිහිටයි ???? ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

    1. සුභ රාත්‍රියක් සිතූ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි ඔයාටත් මගේ බෝලේ …??

      1. ඔයාත් සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ??????????
        ඔන්න ඔඔයාටත් උම්මා ගොඩාරියක්

    2. Avi 1999 (kandy)?

      ගුඩ් නයිට් මගෙ සිතු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ඔයත්… තෙරුවන් සරණයි මැණික ?? ආදරෙයි මාත් ??

  8. කවුරුවත් නෑ වගේ නේද ….

    මාත් ගිහින් එන්නම් එහෙනම් …
    ක්ලාස් එකේ වැඩත් තියනවා එහෙමම… කරන්න බැරි වුනා නේ…

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ….

      1. Avi 1999 (kandy)?

        ගුඩ් නයිට් මගෙ නිෂු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම …තෙරුවන් සරණයි මැණික ?? ආදරෙයි මාත් ??

  9. Avi 1999 (kandy)?

    මගෙ සුද්දි මැණික ?? ඔන්න අදත් කතාව සුපිරියටම තියෙනවා බෝලෙ .. ඔයා දෙබස් ලියලා තියෙන විදිය මරු මැණික .. හිතට දැනෙන්ට ලියලා තියෙනවා ඔයා ???

    ඔන්න මම් ඊයේ කියපු අනුමානෙ හරි ගිහින්ලු ඇ ??… කෞෂාල්ගෙ අම්මා කෝල් කරෙ කියලා මම් කිවානෙ ?..
    මට ඉතින් ගොඩක් සතුටුයිලු ඇ ?? කෞෂාල්ගෙ අම්මත් අහිංසක හොද ගති පැවතුම් තියෙන කෙනෙක් වගෙ නෙද .. නැත්නම් මෙලහකට වෙන කෙනෙක් නම් ආශාට හොදටම බැනලානෙ තමන්ගෙ පුතාගෙ ගෙදර ඉන්නවා කියලා …ඒ අතින් කෞෂාල්ගෙ අම්මා උතුම් කෙනෙක් .. කෞෂාලුත් එහෙම තමා ඉතින් ????

    ආශා ගෙදර යද්දි ඇයි දන්නැ නෙ ආශාගෙ ලොකු අම්මා බැන්නෙ එයාට ..
    රෝහිතකාරයා මොනවා හරි කරාද දන්නැ එයාගෙ පව්ලෙ අයට ආශා පැනලා ආව නිසා… එතකොට එයාගෙ අත්තට මොකද වෙලා තියෙන්නේ .. එයා නැති වෙලාද දන්නැ ?? එහෙම වුනොත් ආශාට කව්රුත්ම නැති වෙයි නෙද ?

    කතාව ගොඩක් ලස්සනයි මගෙ බෝලෙ … ඇත්තටම හරි ලස්සනට ලියලා තියෙනවා ඔයා කතාව .. මට නම් අඩුපාඩු කියන්ට තේරෙන්නැ බෝලෙ ??… කතාවේ අනිත් කොටස් ටිකත් කියවන්ට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මම් … ඔයාගෙ ඉගෙනීම් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් තව මේ වගෙ ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …????

      මට හිතුණා ඒත් අක්කී ඊයේ රෑ කියද්දි පුළුවන් වුනොත් ඊයේ රෑ ම කමෙන්ට් එකක් දානවා කියලා අනිවාර්යයෙන් දායි කියලා … ඇත්තටම අක්කී මං බලාගෙන හිටියේ … අක්කී කමෙන්ට් එක දාපු ගමන් මං බැලුවා.. ඒත් නංගිගේ අකවුන්ට් එකෙන්.. ඒ නිසා රිප්ලයි එකක් දාන්න බැරි වුනා මට ….

      ගොඩක් සතුටුයි මගේ අක්කී .. කතාවට ආසා හිතෙනවා කියද්දි …

      හී… අනේ ඉතින් … අක්කි කියපු දේ හරි ගියාට මටත් ගොඩක් සතුටුයි …කෞෂාල්ගෙ අම්මා ගොඩක් හොදයි තමයි …ඒකනේ ඉතින් කෞෂාල් ඒ වගේ හොද වෙන්න ඇත්තේ ….

      ආශා ට බැන්නේ ඇයි කියලා දැනගන්න ඊළඟ කොටස කියවන්න ම වෙනෝ ඉතින් .. බලමු අක්කි අද කියන දේත් හරි යාවිද කියලා …

      ඉතින් මගේ අක්කී ගොඩක් පින් කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …???
      ඒ වවගේම මගේ අක්කීගේ ප්‍රාර්ථනා වලට …???

      අක්කිගෙත් කරන කියන කටයුතු ඔක්කෝම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …???
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  10. කතාව ලස්සනම ලස්සනයි Nishu මැණික❤.උදේ ඉදන්ම කතාව දානකන් බලන් හිටියෙ.ඒත් අන්තිමට කතාව දාල පැයකට විතර පස්සෙ හොයාගත්තෙ.?
    මේ ආශා කෙල්ලගෙ අත්තා නැතිවෙලාද අනේ.පවු ආශ.?කෙල්ල ගොඩක් දුක් විදපු කෙල්ලෙක් වගේ.
    පරිස්සමෙන් ඉන්න Nishu මැණික.❤
    බුදුසරණයි?

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී …

      මට ගොඩක් සතුටුයි අක්කී කතාව දානකම් , කතාව කියවන්න බලාගෙන හිටියේ කියද්දි … ටිකක් පරක්කු වුනා නේද කතාව දාන්න …??

      අත්තාට මොකද වුනේ කියලා දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි ඉතින් …
      චුට්ටක් ඉවසන්න වේවී හොදද ….

      ම්ම්.. ආශා ගොඩක් දුක් විදපු කෙනෙක් තමයි … ඒක ඉස්සරහට දැනගන්න ලැබේවි අක්කිට …

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද …

  11. .අඩේ අද මොකක්ද බොල ඒ වුනේ. ඉවර කරපු විදිහෙන්නම් රට පටලවල ඉවර කරේ….
    ඊලග කොටස එනකම් බලන් ඉන්නවා. සුබපැතුම් අක්කි

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ මල්ලියෝ ….???

      ඒක තමයි .. මොකක්ද බොල එඒ වුනේ …
      ඒක දැනගන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි ඉතින් … රට පැටලුනු අවුල ඊළඟ කොටසෙදි විසදෙයි හොදද ..

      ගොඩක් පින් මගේ මල්ලියෝ කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  12. Good morning මගේ දඟ පව්ලේ
    දඟයෝ හැමෝටම ❤❤❤❤

    Good morning මගේ ලොකු අයියේ❤❤
    අසනීපෙන් ඉන්න හැමෝටම

    ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරනවා!??
    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි!???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

    අද මට ඉස්කෝලේ තියෙනවා, හවස 06.00වෙනකම් class… ඉතින් මම ගිහින් එන්නම්…. Bye…. පුළුවන් වුනොත් රෑ එන්නම්….

  13. ගුඩ් මෝනින් මගේ ලොකු අයියේ ❤️❤️??

    ගුඩ් මෝනින් මගේ දගයිනේ ❤️❤️??

    අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනටම හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ????
    හැමෝටම දලදා සමිදු පිහිටයි ????

    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  14. නිශු අක්කියෝ ???

    කෞශාල් ගේ අම්මත් එඑයා වගේම හොඳ කෙනෙක් නේද අක්කියෝ ..නැත්තන් වෙන කොයි අම්මද තමන්ගෙ පුතාගෙ ගෙදර කෙල්ලෙක් ඉන්නවා කිව්වහම ඒ කෙල්ලත් එක්ක හොදින් කතා කරන්නේ ….

    අනෙ අක්කියෝ ඔයා මොකක්ද මේ කරන්න හදන්නේ…..ඇයි අර ලොකු අම්මා ආශා ගෙදර ගියපු ගමන් කෑ ගහන්න පටන් ගත්තේ… රොහාන් කාරයා මොකක් හරි ගින්නක්වත් දීලද…???

    ඒ හින්දා අත්තා එයාගේ ජීවිතේ නැති කරගෙනද….අනේ එහෙමනම් කරන්න එපා හරිද අක්කියෝ ….එතකොට ආශා තනි වෙනවනේ …කෞශාල් න්ම් එයා ලග ඉදී …..ඒත් ඒ කෙල්ල පොඩි කාලේ ඉදන් හැදුනේ අත්තා ලගනේ …..ඉතින් කෙල්ලට ගොඩක් දුක හිතෙයි…..

    අක්කියෝ වෙනදා වගේම කතාව නම් පට්ට ලස්සනයි මගේ අක්කියෝ …ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ …????????

    1. අක්කියෝ මේක කලින් කොටසට ගැලපෙන එකක් ඒත් ඒක මට මතක් උනේ පස්සේ …ඉතින් මන් මේක මෙතෙන්ට දාන්නම්…

      තේරුමක් නැති මේ ආදරේ තරම්
      ඉවසලා ඉමු අපි වෙන් වෙලා දුරින්
      තුන් හිතේ ඇවිලෙනා ගින්දරින් පිච්චිලා
      මියදිලා යන්න බෑ ඔබෙ නමින් දිව්රලා

      අම්මා කියපු දේ ඇහුවනම්
      වරදින්නේ නෑ අනේ මගේ රත්තරන්

      ඇස් දෙක වාගේ රකින්න හිතලයි පෙම් කලේ
      හැමදේකින් මන් ඔයාගේ නාමෙන් කැප කලේ
      ඇයි මේ තරම් ආදරේ වැඩි උනේ
      ජීවිතේ මගේ අනේ ඒ තැනමයි පැරදුනේ

      අම්මා කියපු දේ ඇහුවනම් වරදින්නේ නෑ අනේ මගේ රත්තරන්

      යාලුවෝ හැමදේම තේරුම් කරන්න හැදුවාට
      තේරුම් ගත්තේ නෑ ආලෙන් අන්ධ වී මම
      අම්මට තමයි පිටුපා වැඩ කලේ
      ඒ හින්දමයි මට අදත් වැරදුනේ

      අම්මා කියපු දේ ඇහුවනම්
      වරදින්නේ නෑ අනේ මගේ රත්තරන්

      ❤️❤️❤️කෞශාල්❤️❤️❤️
      (උපුටා ගැනීමකි )

      1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා …???

        මං රිප්ලයි කමෙන්ට් එක දාන්න හදනකොට වගේ දැක්කෙ එකපාරටම මෙයා මෙහෙම එකක් දාලා තියනවා …උපුටා ගැනීමක් වුනත් ඒක හොදටම ගැලපිලා කතාවට .. හරි ලස්සනයි බෝලේ ඒක ..???

        කෞෂාල්ගෙ අම්මා ගොඩක් හොද කෙනෙක් තමයි ….

        ලොකු අම්මා කෑගහන්නේ ඇයි කියලා නංගා ඊළඟ කොටසෙදි තමයි දැනගන්න වෙන්නේ …

        අත්තාට මොකද වුනේ කියලා ඉක්මනට දැනගන්න ලැබේවි ඔයාට …

        ඔයා හරි තමයි ඉතින් … කවුරු ජීවිතේට ආවා ගියත් පොඩි කාලේ ඉඳලා හිටියේ අත්තා නේ එයා ළඟ …

        ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
        ඒ වගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

          1. ටිකක් අසනීපෙන් ඉන්නෙ නංග.ඔයාට කොහොමද?clz නැද්ද අද?

          2. අද හවස අක්කියෝ clz තියෙන්නේ ..ඔයාට ඉක්මනට හොඳ වෙන්න ඕනේ කියලා මන් ප්‍රාර්ථනා කරනවා ????

  15. Sleeping beauty

    මගේ තනියට හිටපු
    කවුරුවත් දැන් නැතී
    නොයෙක් වූ වේදනා
    මගෙ සිතට දුක් දිදී
    රැවටෙන්න කාරනා
    එක පෙලට පෙලගැසී
    ඒ නිසා ඔහු සමග
    මට යන්න සිදුවුනී

    කාලයක් ගත වෙද්දි
    ඔහු කවුද වැටහුනී
    පැනලා ආ මට පිහිට
    වුන ඔයා දෙවියෙකී
    ජීවිතේ නැවතුමක්
    පෙනෙන තෙක් යලි යලී
    නුබෙ නමට සෙනෙහෙ වෙමි
    මා මගේ කුමරුනේ

    ❤️❤️❤️❤️❤️

    මගෙ නිෂූ බෝලේ.??.කෞෂාල් කියන්නෙ ගොඩක් හොද ගුනයහපත් කොල්ලෙක් නේද ..ආශා කියන්නෙ අහිංසක කෙල්ලක්..ආශාගෙ අත්තා මැරිලා නේද..අනේ කෙල්ලට ආදරෙන් හිටපු එකම කෙනා…තමන්ට ආදරේ යාලුවො කවුද කියලත් මේ සිදුවීමෙන් පස්සෙ කොල්ලා අදුනා ගන්න ඇති. .??

    ආශගෙ ලොකු අම්මා නම් මොන විදියෙ මනුස්සයෙක් ද මංදා..තව කට්ටිය ඉන්නවා දැකලා වත් පොඩ්ඩක් සංවරව කතා කරන්න තිබුනා..??

    ආශගෙ ගම..??අනේ ඒ ගම ගොඩාක් ලස්සන ඇති..දොල පාර ගැන කියද්දි අනේ මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා..චූටි හිවල් පැටවුන්ව වඩා ගන්න තිබුනා නම් කියලත් හිතුනාලොකු හිවල්ලු නපුරු උනාට චූටි පැටව් එහෙම නෑනෙ..??

    ඉතින් මගෙ බෝලේ..කතාව ගොඩාරියක් ලස්සනයි ..ඇත්තමයි..හිතට දැනෙන්න ලියලා ඔයා..එක දෙයක් කියන්නම්..තුන් දෙනෙක් විතර එක පාර කතා කරද්දි ඒ පිලිබදව දෙබසට කලින් දැනුවත් කරන්න ..අර අශාන්ලා ගෙදරට ආපු වෙලාවෙ දෙබස මට ටිකක් අපහැදිලි වුනා. .ශානු කියන්නෙ කවුද කියලා හිතා ගන්න බැරි වුනා එතන..වැරැද්දක් කීවා නෙමේ හොදද මගෙ බෝලේ..මට එතන ටිකක් අපහැදිලි වුනු නිසයි කීවෙ..සමහර විට මට වයර් ශෝට් නිසා ඇති වුනු කාර්මික දෝශයක් වෙන්නත් පුලුවන් ඒක..??

    කතාව හරිම තාත්වික විවිදියට ලියලා ඔයා .කියවද්දි අපිට මැවිලා පේනවා..තව තව කතා ගොඩාක් ලියන්න ඔයාට අදහස් ගලාගෙන එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..????..තෙරුවන් සරනයි මගෙ බෝලේ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් …හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..??

    1. අහඹුවක් ලෙසම අප
      එදා රෑ හමුවුනේ
      නුඹව තනි කරන්නට
      මගේ සිත නැත දුනේ
      පෙර දිනේ වැරදුනත්
      නැවත එය නොවන්නේ
      හිදිනු අසලින් මගේ
      අහිත නැතුවා ලදේ

      සිත් පිත් නැති ඔහුට
      එදා නුඹ රැවටුනේ
      හැර නොආ නම් එලෙස
      තව තවත් දුක් දැනේ
      ළඟ හිදින තුරු මගේ
      බියක් නොව නැගණියේ
      මගේ ඇස් ලෙසම නුඹ
      අද සිටන් රකින්නේ

      ????????

      1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී ..???

        අනේ මට සමාවෙන්න මගේ අක්කී … රිප්ලයි එකක් දාන්න පරක්කු වුනාට … ෆෝන් එක චාජ් වෙනකම් කියලා නිකමට ඇඳට ගියා දවාලේ … දැන් ඇහැරියේ … කමෙන්ට් එක කඩලා දැම්මේ බැරි වෙලාවත් ඒක අතුරුදන් වෙයි කියලා බය හිතුනු නිසා නිදිමතේ හින්දා…

        මුලින්ම කියන්න ඕනි අක්කී ඒ වචන ටිකනම් හරිම ලස්සනයි … හැමදාම මේ කවිකාරි ගේ කමෙන්ට් එක බලන්න මං ආසාවෙන් ඉන්නේ…

        කෞෂාල් ගොඩක් හොද කෙනෙක් තමයි … ආශා හරි අහිංසකයි.. ඒ නිසාම ජීවිතේ වරද්දගෙන එයා…අත්තා ගැන නම් මුකුත් කියන්නේ නෑ මගේ අක්කී … ඒ ගැන ඊළඟ කොටසෙදි අක්කිට දැනගන්න පුළුවන් වේවී …

        කෞෂාල් ළගින් ම ආශ්‍රය කරපු යාළුවෝ වුනත් හැමෝම හොද නෑ කියලා එයාට තේරුම් ගියා ඉතින් …

        ලොකු අම්මා ආශා එක්ක තිබ්බ තරහක් පිටකලේ.. හරියට තැන නොතැන වත් බලන්නේ නැතුව …

        ආශාගේ ගම ගැන තව ටිකක් දාන්න තිබුනා අක්කී …ඒත් මං කතාව සබ්මිට් කරාට පස්සේ තමයි ඒ ගැන දාන්න හිතුනේ මට…

        හැමදේටම වඩා අක්කී ගොඩක් පින් අක්කිට මගේ අඩුපාඩුවක් පෙන්නලා දුන්නට … ඇත්තටම අක්කී ඔයා හරි ..මං අක්කී ඒක කිව්වම ගිහින් බැලුවේ … එතන ටිකක් අපැහැදිලි තමයි අක්කියෝ … මටත් තේරුනා ඒක්..මං ඒත් එක්කම ගිහින් බැලුවේ ඊළඟ කොටසෙදි ඒ වැරැද්ද වෙලාද කියලා … එක පාරකට වඩා එකම වැරැද්ද කලොත් ඒක අක්කිගේ වචනේ සැලකුවේ නෑ වෙනවා මං …මට බැරි වෙලා එතන ශානු කවුද කියලා දාන්න …

        ඉතින් මගේ අක්කී ගොඩක් පින් අක්කිට කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට … ???
        මගේ වැරදි පෙන්නලා දුන්නට …???
        ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …???

        අක්කිටත් තව තවත් අර වගේ ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …
        ඒ වගේම අක්කිගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

        දළදා සමිදුන්ගේ පිහිටයි ????
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  16. අනේ සමාවෙන්න නිෂූ නංගි ඊයේ කතාව කියවන්න බැරි වුණා. ඔන්න අදත් දැනුයි පුළුවන් වුණේ. කතාව හරිම ලස්සනයි. ඒ කෝල් කරේ කෞෂාල්ගේ අම්මා නේද. එයා නම් හොඳයි වගේ ගොඩක්. කෞෂාල් කියන්නේත් ඉතින් බොහොම හොඳ කොල්ලෙක්නේ. ආශාට මේ තරම් උදව් කරයිද නැත්තම්. ⁣අෂාන් නම් එළකිරි යාළුවෙක් වගේ. එයාගේ ගර්ල් ශනීෂාත් හොඳයි වගේ. ඒත් මේ ලොකු අම්මා කියපු දේවල් නම් තරහාත් ආවා. අත්තාට කරදරයක් වෙලාද දන්නේ නෑනේ. කෞෂාල් අත්තාවත් එක්ක යයිද දන්නේ නෑ. බලමුකෝ නේද.
    තෙරුවන් සරණයි..

    1. ගොඩක් ස්තූති මගේ අක්කී …????

      අනේ සමාව ඉල්ලන්න එපා අක්කියෝ …මං දන්නවා මගේ අක්කී වැඩ ගොඩක ඉදලා එන්නේ කියලා … ඉතින් කිසිම තරහක් දුකක් නෑ මට …

      කෞෂාල්ගෙ අම්මාත් කෞෂාල් වගේම ගොඩක් හොද කෙනෙක් … ඒක ඉස්සරහදි තවත් හොදට තේරුම් යාවි අක්කිට …

      අෂාන් උනත් හොද යාළුවෙක් තමයි .. ඒ වගේම ශානුත්….

      අත්තාට මොකද වුනේ කියලා දැනගන්න පුළුවන් වේවී ඊළඟ කොටස කියෙව්වම අක්කියෝ ….

      ඉතින් මගේ අක්කී ගොඩක් පින් කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.