Katha Ahura

?නත්තල් කුමරිය?|කෙටිකතා|කතා අහුර රචක|

කතාව කොහොමද?

??නත්තල් කුමරිය??

එදා අහසෙ තිබ්බෙ අමුතුම වෙනසක්… මට නම් හිතුනෙ මේ අහස මන් වෙනුවෙන්ම වෙනස් වෙලා කියලා…..

මේ අවුරුදු 23ක ජීවිතෙ මට ඇත්තටම ජීවිතයක් හම්බුනේ එදා…

ඒ එයා හින්දයි …මට සතුටක් ලැබුනේ එයා දුන්න ආදරේ හින්දයි …

අවුරුදු ගානක් මට අහිමි වෙලා තිබ්බ සෙනෙහස මට ලැබුනෙ එයාගෙනුයි…

එයා සහිල් ….

මං එයාව අදුන ගත්තෙ හරියටම අවුරුද්දකට කලින් අද වගේම දවසක…

එදා නත්තල් දවස…

මන් ජේසු සමිදුන් ඉදිරියේ හැමදාම රෑට හඩා වැලපුනේ මගේ දුක කියලා….

මට යන්තම් හරි සහනයක් ලැබුනේ ජේසු සමිදුන් මගේ සගයා උන නිසා…

එදා ඉදන් මන් දන්න එකම එක්කෙනා උනේ ජේසු…

ජේසුගෙ පිහිටෙන් මන් කන්‍යාරාමයේ දිවියට සමුදීලා එතනින් පැනගත්තෙ තවත් මට ඒ දුක් කන්දරාව විද දරාගන්න ශක්තියක් ඉතුරු වෙලා නැති නිසා….

මන් ඇදන් හිටපු ඇදුමෙන් පාරට බැස්සෙ මට අරන් යන තරම් දෙයක් එහේ තිබ්බෙ නැති නිසා…

මන් එදා හති වැටෙනකම් දිව්වා…

දුවලා දුවලා මන් නතර උනේ කාගෙම හරි ඇගක හැප්පිලා ඒ කෙනාවත් පෙරලගෙන බිම වැටිලා…

මන් බලනකොට හිටියෙ කාගෙද මන්දා ඇගක් උඩ……

මන් නැගිටින්න හැදුවත් මට නැගිටින්න බැරි උනා… ආයිමත් සැරයක් මගේ ඇසපිය උනා විතරයි මට මතක…..

? ?????????????
දේව වචනයේ සවිය ඔබම වේ…
දේව සමිදුනේ අපගෙ හදට කතා කල මැනේ…..

දේව වචනයේ දිරිය ඔබම වේ…..
දෙවි සමිදුනේ අප දිවියට ඇතුලු වුව මැනේ…..

දේව වචනයේ බලය ඔබම වේ……
දෙවි සමිදුනේ අපට සවිය ලබා දෙනු මැනේ……….
? ?????????????

මගේ සවන් වැදුනේ මිහිරි සංගීත නාදයක් …. ටික වෙලාවකින් මිහිරි හඩකින් ගයන දේව ආරාධනාවක් මට ඇහුනා… මන් මගේ දෑස් ඇර බැලුවෙ එවිටයි….

මන් ඉන්නෙ කොහෙද කියලා මට හිතා ගන්න බැරි උනා…
ගෙයි බිත්ති වල තිබ්බෙ මගේ සගයගෙ රූප රාමු විතරයි…

ජේසු ……..මන් මේ කොහෙද ඉන්නෙ ……

මන් මගේ සගයගෙන් ඒ ගැන ඇහුවත් එදා වගේම අදත් එයා මට නිහඩවම පිලිතුරු දුන්නා…

මන් හෙමිහිට ඇදෙන් බැහැලා කාමරයෙන් එලියට ගියා… මට හිතුනෙ මන් ඉන්නෙ සුරංගනා ලෝකෙක කියලයි……

ඇත්තටම ඒ තරම් ලස්සනයි …. හැම තැනම තිබ්බෙ නත්තල් සැරසිලි…

මන් තව ටිකක් ඉස්සරහට යනකොට මට ඇහුනේ ආයිමත් අර මිහිරි සංගීත නාදය…
???????????????

මන් ඒ සංගීත ඇහෙන පැත්තට ගියා නෙමෙයි… ඒ පැත්තට මගෙ කකුල් ඇදිලා ගියා….

මන් ගිහින් නතර වුනේ විශාල කාමරයක් ඉදිරියේ..

ඒ කාමරය ඇතුලේ ගොඩාක් කට්ටිය හිටියා.. හැමෝම හිටියේ ගොඩාක් සතුටින් කියලයිමට නම් හිතුනේ…

ඒ සෙනග මැද එක අපූරු රුවක් තිබුනා.. මන් බලාගෙන හිටියේ ඒ රුව දිහාමයි…..

ඔයාට ඇහැරුනාද……??
එන්න යන්න මාත් එක්ක… ඔයා වෙනුවෙන් දෙයක් ලෑස්ති කරලා තියෙන්නෙ…….

එක පාරටම මගේ අවදානය බිදිමින් කතා කලේ කවුදෝ මන්ද කාන්තාවක්… ඇගේ මුහුනෙ තිබ්බෙ පුදුමාකාර ප්‍රසන්න බවක්….

ඇය මගේ අතකින් අල්ලගෙන රැගෙන ගියේ පෙරටත් වඩා ලස්සනට සකසා තිබූ එක් අපූරු කාමරයකට…

එහි එක් තැනක තිබ්බෙ ලස්සනට එල්ලා තිබූ ඇදුම් ගොඩකි.. … ඒවා මිලෙන් අධික ඇදුම් කියලයි මට නම් හිතුනේ…..

කාමරය පුරා තිබ්බෙ මගේ රූප … ඒවා මටත් වඩා ලස්සනයි කියලයි මට හිතුනෙ….

දුව ඔයා වොශ් එකක් දාගෙන් ලෑස්ති වෙලා ඉන්න … පුතා එයි කාමරයට තව ටිකකින්… එයාට පොඩි ලමයින්ගෙන් බේරිල්ලක් නෑ…

කවුද ආ… ආන්ටි…

ඇයි දුව බයවෙලා… බය වෙන්න් එපා ලමයෝ… මට ආන්ටි කියන්න් එපා අම්මා කියන්න… අද ඉදන් ඔයා මගෙ ලේලි.. මන් ඔයාව හැමදාම හොදින් බලාගන්නවා …..

මොනවා…. ඒත් මම…

ඒ ගැන හිතන්න එපා දුව මන් ඔයා ගැන හැමදේම දන්නවා… ඒ ගැන දැනගෙන තමයි මන් ඔයාව මගේ ලේලි කරගත්තෙ….
හරි දැන් ඔයා ලෑස්ති වෙන්නකෝ…

අ.. …ම්…මා……
මගේ කටට නුහුරු ඒ අකුරු තුන මන් කිව්වෙ කදුලු කඩා පනින ඇස් වලින්….

අඩන්න එපා දුව.. මන් කැමති නෑ මගේදුවගෙ ඇස් වලින් කදුලු එනවට… මන් ඔයාව හැමදාමත් සතුටෙන් තියෙනවා…….

අම්මා.. ඔව් එයා සහිල්ගෙ අම්මා… එයා එහෙම කියලා එදා කාමරයෙන් එලියට ගියාම මට දැනුනෙ ලොකුම ලොකු සතුටක්…..

කවදාවත් මන් මගේ කටින් පිට කරලා නැති අකුරු තුනක් මට කියන්ම හම්බ උනේ සහිල් හින්දා…

මන් වොශ් එකක් දාගෙන අම්මා තෝරලා තියලා තිබ්බ ඇදුමත් ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියා…

ඇත්තටම මේ ඉන්නෙ මමද….

මට ඒ වෙලේ නම් හිතුනෙ මේ මම නෙවෙයි කියලා.. මන් ඒ තරම් ලස්සනට මට පෙනුනා…

ටික වෙලාවකින් කාමරයේ දොර ඇරගෙන කවුද මන්දා කෙනෙක් ඇතුලට ආවා… මන් ගැස්සිලා වගේ එයාගෙ දිහා බැලුවෙ…

අම්මෝ ඒ ඇස්…
මාව විනාඩි කිහිපයකට ගල් කරලා තියන්න ඒ ඇස් වලට පුලුවන් උනා…

ඔයා මාව මැරි කරන්න කැමතිද අහස්නා….
එයා මගේ ඉස්ස්‍රහා දනගහලා මගේ අත අල්ලන් එහෙම ඇහුවා…

ඒ අත් හරිම සීතලයි… ඊටත් වඩා මගේ අත් සීතල වෙලා ගියා කියලයි මට නම් හිතුනේ….

ම්ම්ම්ම්ම්ම්… මන්……..

මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි….

ඔයා දන්නවාද අහස්නා … මන් ඔයාට ආදරය කරන්නෙ අවුරුදු ගානක ඉදන් ..

මන් ඔයාව ඉස්සෙල්ලාම දැක්කෙ මගෙ අම්මා එක්ක කන්‍යාරාමයට ගිය දවසෙ..

එදා ඔයා මගේ හිත හොරකම් කරා… එදා ඉදන් හැමදාම රෑට මන් ඔයාව බලන්න ආවා…

ඔයා හැමදාම රෑට කන්‍යාරාමය පිටිපස්සෙ තිබ්බ පුංචි බංකුවේ වාඩි වෙලා කල්පනාකරනවා මන් දැකලා තියෙනවා…

මගෙ අම්මත් ඔයාට ගොඩාක් කැමතියි.. ඔයාට ගොඩාක් තෑගි යැව්වා කන්‍යාරාමයට …..
ඒත් ඒ කිසිම දෙයක් ඔයාට දෙන්නෑ කියලා මන් දැනගත්තෙ ඔයාගෙ ඔය කතා කරන ඇස් වලින්…

ඔය ඇස් හැමදාම දුකින් පිරිලා තිබ්බෙ…

ඊයෙත් මන් ආවෙ ඔයාව බලන්න අහස්නා… එතකොටයි ඔයා මගේ ඇගේ හැප්පුනේ..

මන් ඔයාව අම්මට කියලා ගෙදරට අරන් ආවෙ මගේ දේවදූතිය නත්තල් දවසෙම මා ගාවට ආවා කුයලා මම් දන්න නිසා…

මේ නත්තල තමයි මට මගේ ජීවිතය දුන්නේ….

මට එකපාරටම එහෙම කිය උනා…..

එයා හිටියෙ මගේ ඇස් වලට එබිලා..
එයා එන්න එන්නම මගේ දෙතොල් වලට බර උනෙ මට අහිමි උන ජීවිතය හැමදාම ඔයාට දෙනවා රත්තරන් කියලාහිතාගෙන වෙන්න ඇති..

මගේ හදවත ගැහෙන වේගය එයාටත් ඇහෙනවා ඇති කියලයි මට නම් හිතුනේ… ඒ තර්ම් වේගයෙන් මගේ හදවත ගැහුනා…

එයාගෙ දෙතොල් මගේ දෙතොල් හා ගැටෙද්දි මට දැනුනෙ මට හැම දේම හම්බුනා කියලයි…

ඔව් එදා මට හිතුන දේ හරි…

එදා සහිල් මාව නීත්‍යානුකූලව එයාගෙ පතිනිය කරගත්තා…

මන් ඒ ගෙදර ලේලි උනේ සතුටින්…. ඒ එයාල මට දෙන සැපසම්පත් නිසා නෙවෙයි… එයාලගෙ තිබ්බ යහපත් ගතිගුණ නිසා…

එයාගෙ සෙනෙහස වගේම එයාගෙ ගෙදර හිටිය හැම කෙනාගෙම ආදරය මට තිබුනා..

මට නොලැබුන සතුට එයාලා මට දුන්නා… මට නොලැබුනු ආදර… එයාලයි දැන් මගෙ මුලු ජීවිතයම..

ජේසු අදහන මට හැමදේම ලැබුනා…

දැන් මම අම්මෙක් වෙන්න යන්නෙ…
ඒ උතුම් තෑග්ග මට හම්බුනේ මේ ලස්සන නත්තල් දවසේ…

මගේ සගයා ජේසු තාමත් මාත් එක්ක ඉන්නවා…

ජේසුගෙ පිහිට අපි හැමදෙනාටම තියෙනවා…

ආදරයට ආදරය කරන්න… තමන් තුල තියෙන මනුස්සකම රැක ගන්න…

කවම දාකවත් අනෙකුට දුකක් දෙන්න එපා.. ඒ දුක නිසා කෙනෙක්ගෙ ජීවිතයක් උනත් නැති වෙන්න ඉඩ තියෙනවා….

•••••••••••••••නිමි•••••••••••

6 thoughts on “?නත්තල් කුමරිය?|කෙටිකතා|කතා අහුර රචක|”

  1. Priyadarshani

    ශා??…ලස්සනම ලස්සනයි කතාව ….
    ඔයා කොහොමත් දස්සි නේ ..
    තව ලස්සන කතා ලියන්න අක්කියෝ …???
    ?????????????
    All the best!???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.