Katha Ahura

?බඹර ඉසව්ව ? | 64 කොටස | නවකතාව

5/5 - (1 vote)

පපුවේ කීරි ගැහෙන වේදනාව මං පුළුවන් විදිහට තනියම දරාගත්තා..සෙව් මාත් එක්කම ඇහැරිලා මගෙ හුස්ම වලට තනි මැකුවා…

එකපාරම මං ගැස්සුනේ මොකක්දෝ මන්දා සද්දෙයක් ඇහුන නිසා

”විභූ”

මන් කලබලේට හෙව්වේ විභූ ..
මේ ඩිංගට මට නින්ද ගියාද …
හිතේ සංකාවට ඇහෙන දේවල් වෙන්නැති කියලා හිතලා මන් ආයෙම කොට්ටෙට ඔලුව තියාගත්තා …

එකපාරම ආයෙම මට ඇහුනේ දොරට තට්ටු කරනවා..

මගේ හිත කිව්වේ විභූ ඇවිත් කියලා…
” දෙයියනේ විභූ ඇවිත් … මෙච්චර වෙල දොරට තට්ටු කලාද ”

මාව ඇඳෙන් නැගිට්ටුනා…

එහෙම කඩාගෙන හිටපු කොන්ඩෙත් උඩට කරලා බැඳගෙන මං කාමරෙන් එලියට ආවේ දොර අරින්න් හිතාගෙන

”විභූ….”

මේසෙ උඩ තිබ්බ යතුරු අරගෙන දොරට දාලා තිබූ ට කතා කරේ දොරට තට්ටු කරත් කිසි සද්දයක් නැති නිසා …

මං එහෙමම නතර වුනා.දොරට තට්ටු කලාට විභූ ද කියලා හිතාගන්න බැරිඋනා මට , දෙපාරක් කල්පනා කරේ දොර අරිනවාද නැද්ද කියලා….සෙව් කිව්ව දේවල් ආයේ මතක් උනා පපුව ගැහෙන්න ගත්තා
මෙච්චර වෙලා ඇහුණා දුරට ගහපු සද්දෙ නතර වෙච්ච නිසා මං ආයෙමත් දොරෙන් යතුර අරගෙන පිටිපස්ස වුණා.
දෙයියනේ මේ කවුද …
විභූ වෙන්න බෑ …
මේ මේ සෙව් කියපු මිනිස්සුද ….

මගේ ඇගෙන් දාඩිය පෙරෙන්න ගත්තේ මට සේනකගේ මූන මතක් කරලා … මාව විනාස කරන්න හදපු මනුස්සයා මතක් වෙලා … මේ ඒ අයද …

එකපාරම මාව උරහිසින් පිටි පස්සට ඇදලා අරගෙන මගෙ මුවපුරා ඇහුනේ හිතා ගන්නවත් වෙලාවක් නොදී…

මගේ පපුව ගැස්සුනා එහෙමම මූනට ඇඟිල්ලක් තියාගෙන මගේ මූන දිහා එබිලා බැලුවේ නාරා අයියා…

මට එයා අතින් සන් කලේ කෑ ගහන්න එපා කියලා මගේ පපුව හොඳටම ගැහෙන්න ගත්තා එහෙමම මාව ලිහිල් කරලා නාරා අයියා මට කිව්වේ කාමරේට යන්න කියලා…

නාරා අයියා ඇදගෙන හිටපු සරම නමලා ඇදගත්තා එහෙමම එහා පැත්තේ මේසේ කෙලවරේ තිබ්බ පිහිය අතකින් අමෝරා ගත්තේ මන් බලන් ඉද්දීමයී …
මගේ පපුවේ ගැස්ම මාව වෙවුලන්න ගත්තා

මං කාමරේට ගිහින් ඇඳේ වාඩි වුණා…. සෙවූ හොඳටම නිදි …

ආයෙ මමහ හයියෙන් දොරට තඩි බාන කොට මාව ගැස්සිලා උඩ ගියේ…

”දේදුනු”

සෙව් සද්දෙට ඇහැරුණා…
”අනේ සෙව්”

මන් සෙව් ව හයියෙන් අල්ල ගත්තා…

සෙව් එකපාරම ඇහැරිලා ඇදේ වාඩි උනේ මාවත් හයියෙන් අල්ලගෙන

සෙව් දෙපාරක් හිතන් නැතිව එහෙම නැගිටලා යන්න හදද්දී මන් කෙල්ලව අල්ලගත්තා …

අනේ යන්න එපා …

මන් ඇත්ත්ටම කෙල්ලගේ අතින් ඇද්දේ මට බයක් දැනුන නිසා .. මට මොනා උනත් කුසේ ඉන්න දරු පැටියට මුකුත් වෙන්න දෙන්න බෑ …. මගේ හිත බරෙන් තිබ්බේ ඒ නිසා …

සෙව් මට අතින් සන් කරලා සාලේ පැත්තට ගියේ කිසිම බයක් නැති ගානට

මාත් කෙල්ල පස්සෙන් දොරකඩට ලගට ගියා මොකද වෙන්නේ කියල බලන්න

දොර ඇරපන්

හයියෙන්ම මේ පාර දොරට ගහද්දි දොර ලොක් එක කැඩිලා වේගෙන් ඇරෙද්දී මට කැ ගැස්සුනා …

”අ…යි…යා”

සෙව් හයියෙන් කෑ ගහන ගමන් මාව අල්ලගත්තා …
ආයුධ කීපයක් අමෝරාගෙන තුන්දෙනෙක් ඇහිපිය ගහන වේගෙට ගෙතුළට ඉද්දි නාරා අයියා මාවයි සෙව් වයී කාමරේට තල්ලු කරා මගේ ඇඟේ නොමැති කෙල්ල කාමරේ ඇතුළට ආවේ අනූ නමයෙන් … සෙව් අඩ අඩම දොර වැහුවේ වෙන කරන්න දෙයක් නැතී කමට …

අනේ දේදූ …කෙල්ල

සාලෙන් ඇහෙන කෑගහන හඩ … මට දරාගන්න බැරි උනා සෙව් මාව බාදාගෙන් අඩද්ද්ඩී මට ඉවසගන්න බැරි උනා ….

”උබලට ඕන දේ ලැබෙන්නේ නෑ …”

නාරා අයියා කෑගහලා කාටදෝ ගැහුවා …

”’අ….හ්… වල්….. ප ර….යා…

නාරා අයියාගේ කෑගැහිල්ලට සෙව් මාවත් අතෑරලා දොර අරිද්දීම දොර ලග හිටපු එකෙක් කාමරේට පැන්නේ හිතන්නවත් වෙලාවක් නොදී එහෙමම නාරා අයියා ගහන්න හැදුවත් … නාරා අයියා ානිත් මිනිස්සු දෙන්නා එක්ක පොර බදිද්දී කාමරේට ආපු මනුස්සයා මගේ කෙස් වැටියෙන් ඇදලා ගද්දීම මාව බිම වැටුනා ….

..ආ….හ් …… සෙ….ව් … මගේ… දරුවා …අනේහ් …

මට දැනුන වේදනව මට කියාගන්න වත් බැරුව පපුව හිර උනේ ඇදුම් කන කොන්ද මාව අඩපන කරලා …
මන් හයියෙන් කුස පිරිමැද්දේ මට දැනෙන වේදන්නාව කුසේ ඉන්න දෞවට දැනෙන්න එපා කියලා හිතලා

”අ…හ් …. සෙව්…. …

මන් කෑගැහුවා … කොහෙන්ද ආව ශක්තියක් එක්ක මන් ලග හිටන් හිටපු ඒ මනුස්සයාගේ කකුලක් මන් හැපුවේ වෙන කරන්නම දෙයක් නැති නිසා …

”වල් ….බ…ල්…ලා …

තෝ මගේ ගෑනිට අතක් තිබ්බද යකෝ ….

එකපාරම කොහෙද ඉදන් ආව ව්භූ මන් ලග හිටපු මනුස්සයාව අතින් ඇදලා අරගෙන බෙල්ලට තියලා තද කරලා …. ඉනේ පිටිපස්සේ තිබ්බ පිස්ටල් එක අරගෙන …. එහෙමම ඔලුවට තියද්දී මට ඇහුනේ වෙඩි සද්දේ එක්ක … විභූ මට බොද වෙලා යනවා පෙනුනා …

”ම…හ….ත්…ත…..ය….”

****************************************

දින දෙකකට පසු ….

වි…භූ ….

මගේ අතට දැනුන රස්නය … නිසා මන් උත්සහ කලේ ලග ඉන්න විභූට කතාකරන්න ….

ඒත් මගේ හිස අතගෑවා විනා වචනයක් වත් මට ඇහුනේ නෑ ….

මගේ දරුවා හොදින්ද ….

අනේ ,,…. මට හීනයක් වගේ සිද්ද වෙච්ච හැමදේම …

මගේ අත කුසට ගියේ ඉබේටමයී ….

”දෙයියනේ අනේ මගේ දරුවා කෝ .. පපුව ඇතුලෙන් රිදුම්ක් දැනුනේ …

”” වි…භූ ….. අපේ… ද…රු…වා …

මන් කෑගැහුවේ හිතට දැනුන අමුත්තට ….

”දෝනි…”

මගේ ලගින්ම ඇහුන ඒ වචන ටික … මාව සැනසුවා …

මන් පියවුන ඇස් හිමීට ඇරියේ ලග ඉන්න රූපේ දකින්න ….

”දෝනී …අනේ මගේ කෙල්ලට රිදෙනවාද ….”

ඇස්වල කදුලු පුරෝගෙන බලන් ඉන්න අම්මා ….
මගේ නලලත අත ගන්නේ කලබලේට වගේ …

වැටෙන කදුලු එහෙන් මෙහෙන් පිහ පිහ අඩද්දී ….

මන් බැලුවේ මගේ හිස් උන කුස දිහා ….

”අනේඑ …අම්මා …. මට හැමදේම නැති උනාද අම්මා …. ”

මට කිසිම දෙයක් ඉතුරු නැද්ද අම්මා ….”

මන් පුලුවන් උපරිම දරාගෙන එහෙම ඇහුවේ … මන් දන්නවා මීට වඩා මට ඉවසන්න බෑ කියලා … මගේ පපුව පැලෙනවා කියලා මට හිතුනා ….

එතකොටම දොර ඇරගෙන ඇතුලට ආවේ නර්ස් කෙනෙක්

”අම්මා දැන් කොහොමද …”

නර්ස් මගේ අතේ ගහපු කැනියුලාවට තව බේතක් විදින ගමන් ඇහුවේ …

”කෝ මිස් මගේ දරුවා …”
මගේ කොල්ලා කෝ….

ඊලග කොටසට ….

15 thoughts on “?බඹර ඉසව්ව ? | 64 කොටස | නවකතාව”

  1. Akki katawa gdaaaak lassanai
    Ane patiyata nm karadarayak krnna epa akki ?? dn ati akki dedutai vibutai buket danma ???? parissamta inna budu saranaii akki hetat enna ???????????????? ???????????????????????????????????????

  2. Dulanjali piumika

    අනේ ඇති අක්කි ⁣දේදුට දුක් දුන්නා… ?? අනේ බබාට කරදරයක් නැ නේද… අනේ අක්කි බබා හොදින් නේද… සෙනකයව මරලා දාමු අක්කි… දේදු ගොඩක් දුක් විදිනවානේ….

    කතාව ගොඩාාාරියක් ලස්සනයි අක්කි… ඒත් දුකයිනේ මෙහෙම කරදර එද්දි… අක්කිට බුදුසරණයි… ❤️❤️❤️

  3. නයෝ මධූ

    මේ තරම් කරදර දෙන්න එපා අනේ එයාලට….. ඇති නේද මේ විඳෙව්වා කට්ටියම…….. දරුවට මුකුත් කරන්න එපා හොඳේ දේදු පව්.

  4. Chamodya Madusanki

    අනේ පැටියට කරදරයක් නෑ නේද..???
    කතාව ගොඩාක් ලස්සනයි…
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න..

  5. අනේ ඒ ආදරේට මෙච්චරටම දුක් දෙන්න එපා අප්පාහ්… මොනාද අක්කියෝ… තවත් කරදර කලොත් ඒම නම් අක්කියව හොයාගෙන ඇවිත් සම්බෝල හදනව හොදේ…. කතාව ලස්සනයී……. හැබැයි දුක හොදටෝම වැඩී…. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි…බුදුසරණයි

  6. අනේ අපොයි ඒ මොකක්ද උනේ.කොහොමහරි විභූ ආව එක නම් හොදයි .චූටි පැටියට මොකද උනේ බලන්න වෙන්නේ ඉතින් හෙටම තමා.?

    කතාව ගොඩක් ලස්සනයි .එකෙන්ම එලකිරි සුපිරි පට්ටම හරිද
    .??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.