Katha Ahura

? ගිනි කිරිල්ලී | විසිහයවෙනි කොටස | නවකතා

4.7/5 - (9 votes)

විසිහයවෙනි පියාපත…

———————————————————————————————————————————————

මං ඇස් දෙක තද කරලා පියාගත්තා..

දැං මේ නර්ස් ඇන්ටි කට්ට ගහලා මාව මරාවී..

ශේශ්… ඔයා නපුරු මිනිහා.. දුශ්ඨ මිනිහා.. මැරුනම එන්නේ ඔයාගේ බෙල්ල මිරිකන්න තමයි…

එකපාරටම බඩු පෙරළන සද්දයක් ඇහුණා..

මං ඇස් දෙක අරිද්දි දැක්කේ හිකනලා පුටුවත් පෙරළගෙන බිම වැටිලා ඉන්නවා..

ශේශ්.. ඔව්… එයා හිටියේ හිකනලාගේ බෙල්ල මිරිකගෙන..

මාව අල්ලන් හිටපු මස්සිනා මාව අත ඇරියේ ඊළඟ තප්පරේ..

දැං තමයි ගිනීගේ වාරේ…

මං මේසේ උඩ තිබ්බ මල් පෝච්චියෙන් අර යකාට දීගෙන දීගෙන ගියා ආයේ මල් පෝච්චියම කුඩු වෙනකම්..

ඒ යකා හූ තියන් දුවද්දී අර හිටපු නර්ස් හොඳටම බය වෙලා පස්සටත් ගිහින්..

ඒත් එක්කම මාව ඇදිලා ගියේ ශේශ් ගාවට.. නපුරු මිනිහා මාව ඇදලා ගත්තේ එයාගේ පපුවටමයි..

ආව්ව්ව්ව්ව්.. මගේ නහයත් වැදුණා…

ශේශ් මාව බදා ගත්තා එයාගේ පපුවට තද කරලා.. මගේ හුස්මත් හිර වෙයි වගේ…

“ඔයා හොඳින් නේද කෙල්ලේ…???”

කෙල්ලේ…!!! ඉන්නවා. ඊළඟට ඔයාව තමයි අල්ල ගන්නේ…

මස්සිනා කාරයට ගහපු මල් පෝච්චියෙන් වැටිච්ච මල් පොකුර අරන් මං ශේශ්ටයි, ශේශ්ගේ ලොකු පපුවටයි අත රිදෙනකම්ම ගැහුවා..

“ඔයා මාව දුන්නනේ මුන්ට. ඔයා නපුරුයි.. දුශ්ටයි… මං තරහයි.. තරහම තරහයි.. එපා කතා කරන්න මාත් එක්ක..”

ශේශ් ආයේම මාව ඇදලා අරන් තුරුල් කර ගත්තා පපුවට..

“ඔව්. ඔයා හොඳින්.. ”

ශේශ් මගේ නළලට උම්මියක් දීලා මාව අත ඇරියා..

“මොකක්ද මූ ගිනීට කරන්න හැදුවේ.. කියනවා.. නැත්නම් තමුසෙට වෙන්නෙත් තමුසෙගේ ඩොකාට වෙච්ච දේමයි..”

ශේශ් නර්ස්ට කියද්දි එයා මහ ගොඩක් බය වුණා..

“අනේ… සර්.. ඩොක්ටර් තමයි කිව්වේ මේ ඉන්ජෙක්ශන් එක දෙන්න කිව්වේ..”

“මොකක්ද ඉන්ජෙක්ශන් එක..?”

“පිස්සු අඩු කරන එකක්ද..?? වැඩි කරන එකක්ද..?? කියනවා..”

“පිස්සු වැඩි කරන එකක්..”

ශේශ් හයියෙන් පාරක් මේසෙට ගැහුවා.. මේසේ උඩ තිබ්බ බඩුත් විසිරිලා බිමට වැටුණා..

“දීපක් මූව දාගනින්..”

ශේශ් හිකනලාගේ බෙල්ලෙන් අල්ලලා දොර ගාව හිටපු දීපක් ගාවට තල්ලු කරා.

“යමු..”

ඔහොම කිව්වට මං එනවද..?? මාව මේ යක්කුන්ට දීලා දැන් එනවා යනවා කියන්න..

“තමුසෙවත් අරු වගේ කුදලන් යන්න ඕනද..??”

අපොයි… මෙයාට කේන්ති ගිහින්.. මටනේ හරි නම් යකා නගින්න ඕනි..

මේක අසාදාරණයි…!!!

“මෙහේ එනවා..”

ශේශ් ආයෙම ඇවිත් මගේ අතින් අල්ලන් එක්කන් ගියා..

හොස්පිටල් එකේ ගොඩක් දෙනා හැරි හැරි අපි දිහා බැලුවා.. මං තවත් ශේශ්ගේ අතේ එල්ලුනා..

දීපක් මස්සිනා කාරයාවත් අල්ලගෙන..

බලන් ගියාම ශේශ්ගේ කල්ලියම මෙහේ..

මං ශේශ්ගේ වෑන් එකට නැගලා සීට් එකේ කොණටම ගිහින් වාඩි වුණා..

හිතේ කොණක නම් පුංචි තරහක් ඉතුරු වෙලා තියේ.. ඒ හින්දා මං අහක බලා ගත්තා..

හැබැයි ශේශුත් මාත් එක්ක කතා කරේ නෑ..

අපරාදේ.. මට තිබ්බේ පැන්න ගමන් උරහිස් වලින් අල්ලන් හොලවන්න කොණ්ඩේ ගැලවිලා වැටෙන්නම..

අපි ගෙදර එනකම්ම කිසිම කතාවක් වුණේ නෑ..

මං නම් ආපු ගමන් ගියේ බාත් රූම් එකට.. හොඳට නාගන්න..

මං නාලා කාමරේට එද්දිත් ශේශ් කාමරේ..

මං දිහා නොබලාම එයා ගියේ බාත් රූම් එකට..

එදා රෑ මං නිදා ගන්න ගියේ ශේශ්ගේ ඇඳට.. ශේශ් කන්න ආවෙත් නෑ..

ලැප් ටොප්ට් එකේ ලොකූ වැඩක්.. ලයිට් එකත් දාන්..

මං කොහොමද නිදා ගන්නේ..?? මෙයා කොහොමත් මං එක්ක තරහින් වගේ.. මං එපයි තරහා වෙන්න..

මං කොට්ටේ අරන් බිමට ගිහින් හාන්සි වුණා..

මට නින්ද යාගෙන එද්දි මට දැනුණා කවුරුහරි මං ගාවට ආවා කියලා..

අපොයි…!!

ශේශුත් කොට්ටේ අරන් මගේ ළඟින් හාන්සි වෙලා..

මං අනිත් පැත්තට වකුටු වෙලා ඇස් පියා ගත්තා..

සමහරවිට මං මල් පොකුරෙන් ගැහුව හින්දද දන්නේ නෑ මෙයා තරහා..

ඇයි අනේ.. මං ගල් පොකුරකින් ගැහුවේ නෑනේ..

“ගිනි…..”

ශේශ් මගේ බඩ උඩින් අතක් දාලා මාව එයාගේ පැත්තට හරවා ගත්තා..

“ගිනී…”

“ම්ම්ම්ම්ම්”

“මේ බලන්න..”

මං ඇස් ඇරලා ශේශ් දිහා බැලුවා..

එයා කියා ගන්න නොතේරෙන හැඟීමකින් මං දිහා බලන් ඉන්නවා..

“අද වුණේ ගොඩක් ලොකූ වැරැද්දක් මගේ අතින්.. තව පොඩ්ඩෙන් ඔයා මට නැති වෙනවා..”

“ආයේ නම් ඔයාගේ මහත්තයා නෙවෙයි අම්මා ඇවිල්ලා ඉල්ලුවත් ගිනීව නම් දෙන්නේ නෑ..”

“මට ඔයාගේ අත්සන මතක නොතිබුණානම්… ශික්… එහෙම වුණා නම් මට කවදාවත් මගෙන් සමාවක් ලැබෙන එකක් නෑ..”

ශේශ් කියපු හැමදෙයක්ම මං අහන් හිටියේ එයාගේ මූණේ වෙනස් වෙන ඉරියව් දිහා බලන්..

මං එකපාරටම ශේශ් ගාවට ගිහින් තුරුල් වුණා..

“මාව මරන්න නේද ගෙනිච්චේ..?? මාව මරන්න දෙන්න එපා ශේශ්.. මං ඔයා එක්කම ඉන්නම්.. ඔයාට කරදර නොකර….”

මගේ ඇස් වලට කඳුලු උනලා ඒ ඩිංගට…

“මං හැමදාම ඔයාව බලා ගන්නවා.. බය වෙන්න එපා ගිනී..”

“යමු ඇඳට..”

ශේශ් මාව උස්සලා ඇඳෙන් තියලා මං ළඟින්ම හාන්සි වුණා..

මං ආයේම ශේශ්ගේ බෙල්ලේ එල්ලුණා..

“මාව එලවන්න එපා…”

“පිස්සු කෙල්ල.. දැං නිදා ගන්න කෙල්ලේ.. පස්සේ කතා කරමූ…”

“කෝ ඇස් පියා ගන්න..”

මං ශේශ්ගේ උණුසුමේම ඇස් පියා ගත්තා.. අම්මා ගාවදි දැනෙන තරම් සනීපයක්, උණුසුමක් මට ශේශ් ගාවින් දැනුණා..

ශේශ් මාව බලා ගනී.. පළවෙනි වතාවට මට එහෙම හිතුණා..

ඇස් පියන් ඉද්දි මට නිකම්ම නින්ද යන්න ඇති..

මට මොකක්දෝ තනිකමක් දැනිලා ඇහැරුණා.. තාම කළුවරයි වගේ…

ඇඳ පුරාම අත ගාලා බැලුවා.. අනේ කෝ ශේශ්…???

ඇඳේ ශේශ් හිටියේ නෑ..

මේ කළුවරේ.. කොහෙද ශේශ් ගියේ…???

මං ඇඳ උඩ වාඩි වුණා…

ශේශ්…

—————————————————————————————–

ගිනී… ආදරේ හිතෙනවා මට… ඒත්…??

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

කෝ ලමයි ඔයාලගේ කතා.. ???????

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු
බුදු සරණයි…!!

31 thoughts on “? ගිනි කිරිල්ලී | විසිහයවෙනි කොටස | නවකතා”

        1. ගිනී ශෝයි අනේ . මේ අක්කියො තව ටිකක් දිගට දාන්නකො .කතාව ලස්සනයි අක්කියො .හෙටත් අරන් එන්න හරිද .

  1. Katawa nm maru ane kohoma hri shesh awane giniva bera gnna shesh nm ginita adarei wage kuda danna ara doctor? akki hetat enna digaaama digaaaa kotasak aran
    Budusaranai akkii parissamin inna

  2. ලස්සනයි අක්කියෝ කතාව. අනේ ගිනීව ශෙශ්ගෙන් ඈත් කරන්න නම් එපෝ.

    උණුසුමේ ගුලි වී ඔබේ
    ඉන්න ඉඩ දෙන්න මට
    රැකවරණයක් දැනේ මට
    ඔබේ සෙවණ තුළ
    සෙවණැල්ල වී මගේ
    රැදෙනු මැන
    හැමදාම…❤️❤️❤️

  3. සෙසඳි

    අම්බෝ… හොඳ වෙලාවට ශේශ් කොල්ලා ආවේ… මාර ටයිමින් නේද? ගිනී මොනා කරත් ආදරෙ හිතෙනවා අනේ… ශේශ් කොල්ලත් ගිනීටම ගැලපෙනවා… නපුරු කම් කර කර පරිස්සම් කරනවා ගොඩක්….
    මාධි පැටියෝ ඔයත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    1. සෙසඳි

      නපුරු කම නම් ඉස්තරම්
      ආදරේ නම් නැති තරම්
      පෙන්නන්න නුඹ මේ තරම්
      විඳින දුක නම් රත්තරං ….

      නපුරු කම මුල් කරන්
      හංගන්න ආදරෙ කොතරම්
      ගත්තත් වෙහෙස මෙතරම්
      කවුරුත් දන්නෑ එය මං තරම්…

  4. Chamodya Madusanki

    කතාව ගොඩ ගොඩ ගොඩාක් ලස්සනයි අක්කියෝ??
    ශේශ් ආවේ හොද වෙලාවට.. මම හැමදාම බලන් ඉන්නෙ මේ කතාව කියවන්න.
    බුදුසරණයි…. පරිස්සමින් ඉන්න

Leave a Comment