Katha Ahura

?..රාත්‍රිය..? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

“ඒයී..මෝඩී..චුට්ටක් මෙහෙට එනවකෝ..”

“අනේ..මේ..මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා මැට්ටෝ..මම මේ සාරිය ගලවගන්න බැරුව දගලනවා..මෙයා පිස්සු කතාකරනවා..”

“පිස්සු හැදෙව්වේ කවුද දන්නෙ නෑ මට..හොඳට හිටිය මාව පිස්සෙක් කරලා..දැන් ඉතිං ගැලවෙන්න කියලයෑ..කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිව්වලු..”

“මොකක්ද අයියේ ඒ කිව්වේ?? ආයේ කියනවා ආයේ කියනවා..”

“ඊයා තමුසේ අඩනවද ඕයී?? ශික් ශික්..මෙන්න යකෝ මගෙ දුශ්ටි අඩනවා..හූ හූ..”

‘සනුද සේනානායක & මිනෝලි රත්නායක’
අවුරුදු හතරක ආදරේකින් පස්සේ ගෙවල් දෙකේම ආශිර්වාදය මැද අද මේ දෙන්නා මැරි කලා.හනිමූන් එකට ආවා කිව්වට ඉතිං ආපු වෙලේ ඉදලා කොල්ලා කලේ කෙල්ලව අවුස්සපු එක.ලෝකේ රන් වෙන විදිහ අනුව නම් කොල්ලා තමයි කෙල්ලගේ සාරිය ගලවන්න ඕනී.ඒත් කොහෙද කොල්ලට ඊට වඩා වටිනවනෙ කෙල්ලව අවුස්සන එක.

“යන්න යන්න බබා වොශ් දාගෙන එන්න..ඩිනර් එකත් ගෙනෙයි දැන්”

“පොඩ්ඩක් හෙල්ප් කරනවකො අයියේ ඒනම් මේ සාරිය ගලවගන්න..”

“කට නම් තියෙනවා ගමකට ගහන්න..ඒ උනාට මේක ගලවගන්න බෑ..”

සනූ ඔය කොච්චර කියෙව්වත් මිනෝට පන ඇරලා.

කෙල්ලව ඉක්මනට බාත් රූම් එකට යවපු සනූ ඇදේ ඇලවුනේ කෙල්ල එලියට ආවට පස්සේ බාත් රූම් එකට යනවා කියලා හිතාගෙන.

“අයියේ..අනේ මම ටවල් එක එලියෙ දාලා ගිහිල්ලනේ..අරන් දෙන්නකෝ මගෙ හොඳ කොල්ලා වගේ.”

“මලවදේ..මගෙ පිස්සු කෝලම..”

බාත් රූම් එකෙ දොරට තට්ටු කරපු සනූ දොර ඇරපු මිනෝට ටවල් එක දෙන්න හැදුවා විතරයි,
“මෙන්න මෙහෙට එනවා..”
එහෙම කියපු කෙල්ල කොල්ලාවත් ඇතුලට ඇදලා ගත්තා.

“යකෝ..මේකිට තියෙන විසයක්..කොල්ලා වෙච්ච මටවත් මෙච්චර විසයක් නෑ..”

“අනේ..ඇත්තද මගෙ මහත්තයෝ?? හාකෝ ඈ..ඇතුලට ගත්තේ ආදරේට නෙවෙයි එලියෙ හිටියොත් එහෙම වෙන ගෑනියෙක් එක්ක යයි කියලා බයට..”

කෙල්ලත් වැඩේ අතෑරියෙ නෑ.

ඒ පිස්සු කෙල්ල දිහා සනූ බලන් හිටියේ හරිම ආසාවෙන්.ඉණ ලගට දිග කොන්ඩෙ,ලස්සන තොල් දෙක,කෙල්ලගෙ නැවතීමක් නැති කියවිල්ල මේ හැමදේටම සනූ ඕනිවටත් වඩා ඇබ්බැහිවෙලා හිටියේ.දැක්ක පළවෙනි දවසේ ඉදලා අද වෙනකන්ම සනූ මිනෝට කරපු ආදරේ දවසින් දවස වැඩිවුනා මිසක් චුට්ටක්වත් අඩුවුනේ නම් නෑ.

“පාඩුවේ හිටපු මාව අවුස්සගත්තේ ඔයාම තමයි බබා..”

“ඇවිස්සෙනවා ඉතිං..මට මොකෝ..”

“මිනිහා නේද මම උබේ?? චුට්ටක් ආදරෙන් කතා කරනවකෝ..”

ෂවර් එකෙන් වැටෙන වතුර බිංදු සනූව තෙමාගෙන බිමට වැටෙනවා.බාත් ටබ් එක තිබ්බත් මිනෝට ඕනි උනේ සනූට තුරුල්වෙලා ෂවර් එක යට ඉන්න.සිපගැනීම් ගොන්නක් මැද්දෙන් ඒ ගෙවුනු පැය කීපය මිනෝත් සනූත් වින්දෙ හරිම ආසාවෙන්.සනූමයි මිනෝව වඩාගෙන ගිහින් ඇදෙන් තිබ්බේ.කෙල්ල ලැජ්ජාවට අහකබලන් හිටියත් සනූ දන්නවා කෙල්ල තමන්ට ලංවෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා.

රූම් එකේ දොරට තට්ටු කරපු සද්දෙටයි දෙන්නගෙම දැහැන බිදුනේ.

“එක්ම්කියුස්මී සර්..මේ අයි කමින්ග්??”

“යස්..කමින්ග්..”

“සර්..ඩිනර් එක රෙඩී..”

“හරි..ඔහොම තියලා යන්න..තෑන්ක්ස්..”

කෑම එක තියලා සර්වන්ට් ඉක්මනට ගියා.

“බබා..කෝ එන්න කන්න..”

“ඉන්න ටිකක්..”

එහෙම කියපු මිනෝ බාත් රූම් එකට ගියා.ගිහින් විනාඩි පහකට විතර පස්සේ එලියට ආවා.

“වාව්..මගෙ කෙල්ලගේ ලස්සන..”

“යනවා යන්න..පිස්සා..නයිට් ඩ්‍රෙස් එකක් ඇන්දාම තමයි නේද මගෙ ලස්සන පේන්නේ??”

කන්න හැදුවා විතරයි සනූට අම්මගෙන් කෝල් එකක් ආවා.

“ආ..කියන්න අම්මේ..ඔව් ඔව් මිනෝලි හොදින්..ඈ?? මොකක්ද?? කොයි වෙලේද?? දැන් කොහෙද ඉන්නේ?? හරි අම්මේ..මම මේ දැන්මම එනවා..නෑ නෑ අම්මේ මට එන්න පුලුවන්..නෑ නෑ එයා මුකුත් කියන්නේ නෑ..”

“ඇයි මගෙ අයියේ?? මොකක්ද වෙලා තියෙන්නේ??”

“තාත්තට හාට්ඇටෑක් එකක් ඇවිල්ලා මිනෝ..මම බලලා එන්නම්..ඔයාට ඉන්න පුලුවන් නේද?? මේ රෑ එක්කන් යන්න බෑ බබා මට ඔයාව..පරිස්සමින් දොර වහගෙන ඉන්න..”

“හරි මගෙ අයියෙ..ඔයත් පරිස්සමින් ගිහින් එන්නකො..”

මිනෝව තනිකරලා දාලා යන්න සනූට හිත දුන්නේ නෑ.ඒත් මොනාකරන්නද නොගිහින්ම බැරි ගමනක් මේක.ඒ නිසා සනූ ඉක්මනට ගියා.සාමාන්‍ය වේගෙන් ගියොත් පැය තුනක් යන ගමන සනූට යන්න ගියේ පැයයි විනාඩි හතලිස් පහයි.හොස්පිට්ල් එකට ගිය සනූ තාත්තාවත් බලලා අම්මවත් ගෙදරට ඇරලවලා ආයෙත් හොටෙල් එකට එද්දී පාන්දර දෙකට විතර ඇති.තාත්තටත් එච්චර ලොකු අමාරුවක් තිබ්බේ නැති නිසා සනූ හිටියේ සතුටින්.

“මිනෝ..බබා..දොර අරින්න..මම ආවා..”

ඒත් ඇතුලෙන් කිසිම සද්දයක් නෑ.කෙල්ලගෙ ෆෝන් එකට කෝල් ගත්තත් ඒක ඕෆ් කරලා කියලා කියනවා.කොල්ලා මහ හයියෙන් දොරට ගැහුවත් කෙල්ලගෙන් නෙවෙයි කිසිම ආන්සර් එකක් ලැබුනේ.සනූ මේ වෙද්දී හිටියේ හොඳටම බයවෙලා.

‘අනේ මගෙ පැටියෝ.මාව බය නොකර දොර අරින්න රත්තරනේ.’

කොල්ලා තනියම හිතින් හිත හිත දොරට ගැහුවා.බැරිම තැන සනූ හොටෙල් එකේ රිසෙප්ශන් එකෙන් රූම් එකේ අනිත් යතුර ඉල්ලගෙන දොර ඇරියා.

“අනේ දෙයියනේ මගෙ පැටියෝ..”

සනූට කිව්වා කියලා මතක එච්චරයි.ෆෑන් එකේ වෙඩින් සාරියෙන්ම බෙල්ලේවැල දාගෙන හිටපු මිනෝගේ අහිංසක මූන දිහා බලාගෙන සනූ ඇස් දෙක පියාගත්තා.

* * * * * * * * * * *
“මිනූ බබා..කොහෙද අනේ දුවන්නේ ඔය?? මගෙ දූ පැටියා කෝ එන්න අම්මි ලගට..මේ බත් කට කෑවොත් අම්මි දූට රසම රස චොකෝ එකක් අරංදෙනවා..”

‘ සනුද සේනානායක & පවනි අනුත්තරා කුලසේකර’
මේ දෙන්නගෙ පළවෙනි දූ පොඩ්ඩි තමයි මිනුලි සේනානායක.පවුලේ සතුට වගේම සනුදගෙ සතුට උනෙත් මේ කෙලි පොඩ්ඩි.අම්මලගෙන් බේරෙන්න බැරිකමට සනූ ආයෙත් මැරි කලා උනාට සනූගෙ හිත තිබ්බේ තාමත් මිනෝලි ලග.පවනි කියන මේ කෙල්ලට පුලුවන්වුනා කොල්ලගෙ හිත තේරුම්ගන්න.බබෙක් හදනවා තියා පවනිට ලංවෙන්නවත් කොල්ලා කැමතිවුනේ නෑ.මැරි කරලා අවුරුදු හතරකට විතර පස්සේ ඒත් එක දවසක තත්වේ වෙනස්වුනා.හොඳටම බීලා වෙරිමරගාතේ ආපු කොල්ලා පවනිට ලංවුනේ මගෙ මිනෝ කිය කිය.කොහොමින් කොහොමින් හරි කොල්ලට සතුට ගේන්න පවනිට පුලුවන්වුනා.දූ පොඩ්ඩිට මිනුලි කියලා නම තිබ්බෙත් පවනිමයි.

දවසක් කොල්ලා යාලුවෝ සෙට් එකත් එක්ක ගෙදර ආවේ ඔෆිස් එකේ වැඩ වගයක් ගැන කතාකරන්න.

“අම්මී..අනේ මට බයයි අම්මී..අර මාමිලා ටික මාව මරයි කියලා..”

“අනේ..එහෙම කරන්නේ නෑ මගෙ පැටියෝ..ඒ තත්තිගේ යාලුවෝනේ..”

යාලුවෝටික ගෙදරින් යනකන් දූ එලියටවත් බැස්සේ නෑ.පවනි මේ ගැන වැඩිය ගනන් ගත්තේ නෑ.ඒ නිසා සනූට කියන්න ගියෙත් නෑ.

“අම්මී..තත්තිගේ යාලුවෝ තමයි මාව මැරුවේ..”

“මොකක්ද මිනූ??”

“මුකුත් නෑ අම්මී..මම සනූට කියන්නම්..”

“ඔයා ඕකට නම් අම්මිගෙන් හොඳටම ගුටිකනවා චූටී..තාත්තිට තාත්ති නොකියා නම කියලා කතාකරන්න හොඳ නෑ මිනූ..”

“තාත්තී..සනූ..”

“සනූ?? මගෙ කෙල්ල දැන් පැහිලනේ..තාත්තිට දැන් නම කියලත් කතාකරනවද මගෙ පන්ඩිත කෙල්ල??”

“තත්තී..ඔයාගේ යාලුවෝ ටික එකතුවෙලා මාව මැරුවා තාත්තී..”

“මොකක්ද මගෙ පැටියෝ??”

“තාත්තී මාව තනියම දාලා ගිය වෙලාවේ එයලා මගෙ රූම් එකට ඇවිත් මාව මැරුවා තාත්තී..”

සනූට හිතාගන්න බැරිවුනා මිනූ මේ කියන්නේ මොකක්ද කියලා.මිනෝත් එක්ක මේ කියන දේ සම්බන්ධයි කියලා සනූට දැනුනා.ඒ කියන්නේ මිනූ පෙර භවය ගැන කියනවද? ඒ කියන්නේ මේ ඉන්නේ මගෙ මිනෝද? සනූට මුකුත්ම හිතාගන්න බැරිවුනා.අන්තිමට සනූ කලේ පවනිත් එක්ක මිනූව ඩොක්ටර් කෙනෙක් ලගට අරන්ගිය එක.එයා මෝහන විද්‍යාව ගැන පර්යේෂණ කරන ඩොක්ටර් කෙනෙක්.

“හරී..චූටි දූ දැන් දොයියන්න හදන්නේ..ඔන්න දැන් දොයි..හරි දැන් දෝණි කියන්නකෝ ඔය කියන දවසේ මොකක්ද වුනේ කියලා..”

“සනූ මාව තනියම රූම් එකෙ තියලා ගියේ තාත්තට සනිප නැතිවෙලා කියලා අම්මා කියපු නිසා එයාව බලලා එන්න..ටික වෙලාවක් යද්දී දොරට කවුද මන්දා තට්ටුකලා..මම ඇහුවා කවුද කියලා..අපි මේ සනූගේ යාලුවෝ..එයාලා කිව්වේ එහෙමයි..මම බයවුනා සනූට කරදරයක්ද දන්නේ නෑ කියලා..ඒ නිසා මම දොර ඇරියා..සනූ නැද්ද නංගි?? එයාලා මගෙන් එහෙම ඇහුවා..නෑ අයියේ..තාත්තව බලන්න ගිහිල්ලා..එයාලා යන්න හැරුනේ..ඒත් ආයෙත් උන් මම හිටපු පැත්තට හැරුනා..බලපන් ඉතිං මූ..මේ වගේ වැදගත් දවසකත් මේ කෙල්ලව තනියම දාලා ගිහිල්ලනේ..එයාලා එහෙම කිව්වා..මමත් හිනාවුනේ එයාලා මගෙත් යාලුවෝනේ දැන් කියලා හිතලා..ඒත් එකපාරටම උනේ මම හිතපුවත් නැති දෙයක්..උන් මාව රූම් එකට දාලා දොරවහගත්තා මගෙ අයියේ..ඔයාගේ වෙන්න පෙරුම් පුර පුර හිටපු මාව උන් විනාසකලා මගෙ අයියේ.මම වැදලා ඉල්ලුවා මාව මරන්න එපා කියලා..ඒත් උන් මාව විනාස කරලා කරලා ඇති උනාම ඔයා මට අරන්දීපු ලස්සන මගුල් සාරියෙන් මාව බෙල්ලෙවැල දාලා මැරෙව්වා මගෙ අයියේ..”

සනූට කියාගන්න දෙයක් නැතිවුනා.මගේ ලගම හිටපු උන්ද ඒ කියන්නේ මගේ පන ටික මගෙන් උදුරගත්තේ?පවනිව බදාගෙන හිතේ තිබ්බ දුක තුනී වෙනකන් අඩපු සනූ පොලීසියට කෝල් කලේ දෙපාරක් නොහිතමයි.පොලීසියෙන් දෙක තුන වදිද්දි උන් ටික ඇත්ත කිව්වා.ජිවීතාන්තය තෙක් සිරඩුවම් නියමවුන උන් ටික දිහා සනුද බැලුවේ පිළිකුලෙන්.හැමෝම ඒ දවස් වල බැන්නේ මගෙ මිනෝට.ඒත් අද හැමෝම දැනගත්‍තා මේකට හේතුව.සනූ හිත හදාගත්තේ මිනෝගෙ ආත්මයට ශාන්තිය හිමිවූවා යැයි හැගීමෙනි.

ඒ රාත්‍රිය ඒ විදිහට අවසන් වෙද්දී සනූ,පවනි,මිනූ මේ තුන්දෙනා අලුතෙන් රාත්‍රියක් ආරම්භ කරලා තිබ්බා.අම්මිගෙයි තාත්තිගෙයි මැද උනුහුමේ ගුලිවෙලා හිටපු මිනූව සනූ ආදරෙන් තුරුල් කරගත්තේ වාවගන්න බැරි දුකකින්.

“මගෙ චූටි දෝණි..”

“ඕඕ..තාත්තී??”

“අනේ..මගෙ පැටියා තාම දොයිනැද්ද?”

ආයෙත් මිනූ පැටියා හොඳට දොයි.උබලා දෙන්නා තමයි මගෙ ජීවිතේ.මට උබේ මහත්තයා වෙලා උබේ ආදරේ ලබන්න පින තිබ්බේ නෑ මිනෝ.ඒත් මම පොරොන්දු වෙනවා මගෙ දූ පැටියා වගේ මගෙ ලගට ඇවිත් ඉන්න උබව මම ආයේ නැතිවෙන්න දෙන්නේ නෑ කියලා.මට මේ සතුට දීපු පවනි උබටත් ගොඩාක් පින් කෙල්ලෙ.සනූ එහෙම කිව්වේ පවනිගෙ නළල සිපගනිමිනි.

නරක රාත්‍රියකින් ඇරඹුනු ජීවිතය හොඳ රාත්‍රියකින් අවසන් විය..

?සමාප්තයි?

 

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

24 thoughts on “?..රාත්‍රිය..? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

    1. හරිම වෙනස් කතාවක්.මුල් හරියෙදි හිතාගන්නවත් බැරි උනා අවසනේ ගැන

  1. Hrima lassanai akki katwa attatama ada kale laginma inna yaluwo wage aya tamai apita hathurukam krnne e wage ayva nm hire dalath madi ???
    Mnwa unat katwa nm patta itin
    Budusaranai parissamin inna akki

  2. Dulanjali piumika

    අනේ හරිම ලස්සනයි… ටිකක් වෙනස් විදිහේ කතාවක්… චූටි දූ සනුගේ යාළුවන්ට බය වෙද්දී නම් හිතුණා පෙර ආත්මෙ කියයි කියලා… මේ කතාවේ වෙයි කියලා හිතලා හරි ගිය එකම දේ ඒක විතරයි… අනිත් හිතපු හැම දෙයක්ම වෙනස් විදිහට ලියලා තිබ්බ්…ගොඩක් කාලෙකින් කියවපු වෙනස් ම විදිහේ කතාවක් මේක.. හරිම ලස්සනයි… තවත් මේ වගේ වෙනස් ම විදිහේ කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා… ඔයාට තෙරුවන් සරණයි…
    ???

    1. සෙසඳි

      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මාරයි අනේ ඔයා…. අමුතුම විදිහකට කතාව ලියලා තියෙන්නෙ… හිතාගන්න බැරි උනා මොකද්ද උනේ කියලා… ඔයා කිව්වා වගේ ඔහොම යාලුවෝ… මං කිව්වෙ පාප මිත්‍රයෝ කොච්චරක් නම් ඇද්ද? මහා ජරා යාලුවො ටිකක්… කොච්චර හීන කොච්චර බලාපොරොත්තු ගොඩක් එක්කද තමන් ආදරේ කරන කෙනාව මැරි කරලා එන්නෙ…? ඒ වගේ දවසක හිත හොයන උණුසුම නැතුව ඔය වගේ කාලක්ණ්ණි අතින් විනාශ වෙලා ජීවත් වෙනවට වඩා නම් මැරිලා යන 1 හොඳයි…

      ඔන්න ළමයි බලාගෙන… හනිමූන් ගියාම කොල්ලව කොහේවත් යවන්නත් එපා… එයා ගියත් එයාට ඇරෙන්න වෙන කෙනෙක්ට දොර අරින්නත් එපා…. ?????????????

  3. නයෝ මධූ

    ඒක මාරම කතාවක් අනේ. ඉවර වෙනකොට මොකද වුනේ කියල හිතාගන්න බැරිවුනා වගේ. මාරම අමුතුයි. ඒ වුනාට ලස්සනයි. තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  4. හරි ම ලස්සනයි කතාව .කියවද්දි ආස හිතුනා.අමුතු ලස්සන කතාවක්.සුබ පතනවා හදවතින්ම .තව කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .
    ජේසු පිහිටයි !!!!!

  5. ෂා කතාව හරිම ලස්සනයි ???….වෙනස්ම විදිහෙ කතාවක් …..??????????????????????????

  6. කතාව ගොඩක් ලස්සනයි. අනේ මංදා මෙහෙමත් යාලුවො. අද කාලේ ලගින්ම ඉන්න අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන. සමහර වෙලාවට අපි හීනෙකින්වත් නොහිතන වැඩ කරලා අපේ විශ්වාසය බිදලා දානවා. ඒ වගේ වෙලාවක් අත්විදලම බලන්න ඕන දැනෙන දේ කොයි වගේද කියලා. ඒත් කාටවත්ම එහෙම දේවල් වෙන්න එපා.
    කරන කියන සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා මං.
    පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි

    1. මා ලගින් ලංවෙලා – ඔබ එදා කී කතා.
      මගේ දිලිදු ලොකේ මාලිගාවක් කලා.
      ඒ තැනු මාලිගා – සුන් වෙලා ගිය දිනේ
      අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා.

      ආදරයේ පාවෙන හැගුමක් ජීවිතයක් සෙව්වා. //

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.