Katha Ahura

බඹර ඉසව්ව | 62 කොටස | නවකතාව

4/5 - (2 votes)

”කලින් පාර උබට වෙච්ච දේ මන් මතක් කරන්න කැමති නෑ ….
ඒත් ඌ ඒකෙන් නිදහස් උනා
ඇප පිට ඉන්නේ … ඒත් හිතනවාට වඩා ඌ අමුම අමු තිරිසනෙක් ….”

සෙව් එහෙම කියලා පිට කලා …

”මතකද උබ ඉස්සර හදිස්සියට දුවන් එන ලැයිම පාර .. මන් උබට හැමදාම බනින්නේ …. ”

කෙල්ල කිව්වම මට සෙව් ට පිස්සුද කියලත් අහන්න හිතුනා …
මට අමතක නොවෙන පාරක් ඒක

මන් ඉස්සරහට ආපු පිහියක් ඇනගෙන වේදනාවේන් ආපු මනුස්සයා …විභූ මට හම්බුනේ ඒ පාරෙදිනේ ….

”හ්ම්ම් ඒ පාරෙන් තමයී මේ හැමදේම උබේ පැත්තට හැරුනේ …. ”

සෙව් එහෙම කිව්වම මට අගක් මුලක් හිතාගන්න බැරි උනා …

”මතකද උබට ඒදවස්වල ගැණිකා නිවාසයක් අල්ලපු කතාවක් …”

”අර මන් හොස්පිටල් උන්නු දවස් වල ”

”හ්ම් ඔව් ඒ සේනකගේ වැඩක් ”

”ඒ කිව්වේ …”

”ඒ මනුස්සයා ඒක කරන්නේ …”

”මොකක් ….”

මට ඉබේටම අතේ තිබ්බ තේ එක අතෑරෙන්න ගිහින් මන් අල්ලගත්තේ …

”සෙව් මොකද්ද උබ කියන්නේ ….”

”උබට දැන් කලින් කිව්වේ ඒක තමයී …

මන් විශ්වාස නැති නිසාමයී ආයෙම එහෙම ඇහුවේ …

”එතකොට ඒ මනුස්සයා …… කොහොමද ඔෆිස් එකේ ඉදගෙන එහෙම බොරුවක් කලේ … ”

”මිනිස්සුන්ට මොනාද කරන්න බැරි දේදූ … හැම මනුස්සයාම අපි වගේ අවන්ක නෑ බන් උනට ඕනේ … කොහොම හරි ඉන්ට ඕන දේවල් කරන්න …. ”

සෙව් කියන කතාව ඇත්ත …
සේනක කියන්නේ අමුම අමු තිරිසනෙක් ….

”විභූ සර් … දවස් ගානක් තිස්සේ බලලා ෆලෝ කරලා ඔය නිවාසේ ගැන තොරතුරු හොයන්න … ඒත් උබේ සිද්දියත් එක්ක … එතන තව රණ්ඩුවක් වෙලා … රන්ඩුවක් කිව්වට ඒක මිනි මැරුමක් … ”

සෙව් එහෙම කිව්වම මට එකපාරම මතක් උනේ අර මනුස්සයාව … එතකොට ඒ මනුස්සය මැරුනද … නැත්නම් වෙන මනුස්සයෙක් ද ….

”එදායින් පස්සේ තමයී එතන හිටපු එකෙක් සි අයි ඩි එකෙන් අල්ලගෙන ඒ මනුස්සයා කිව්ව දේවල් හින්දා තමයී … මේ විදියට හරී මේ ප්‍රශ්න කෙලවර උනේ … ඒත් තවම ඉවර නෑ …. ”

ඒක මතක තියාගෙන පරිස්සමට හිටපන් ….

”විභූ සර් උබව ඇස් දෙක වගේ පරිස්සම් කරයී ‘
අනිවාර්‍යෙන් උබව පරිස්සම් කරනවා මයී … තේජ් සර් ,….”

දේදු මගේ අත හයියෙන් අල්ලගත්තේ එහෙම කියලා ……..

සෙව් ගෙන් හැමදේම දැන ගන්න උවමන උනත් මගේ ඇගට හරි අපහසුවක් දැනුනේ …
සෙව් කිව්ව දේවල් එකක වත් බොරුවෙන්න බෑ … මන් දැක්ක දේව්ල් එක්ක සෙව් කිව්ව දේ හරී ….

විභූ මෙච්චර මට ඒ දේවල් හන්ගන්නේ මන් මේ විදියට හිතින් කරදර වෙයි කියලාද …

”අනේ …”
මට දැනුනේ දුකක් … මෙච්චර කාලයක් හිතේ නිදහසක් නැතුව දගලන විභූ මට වඩා පව් කියලා හිතුනා

”ඒපාර මොකද …. ”
දේදූ….”

”මුකුත් නෑ ඇගට හරි නෑ වගේ …. ”

”කෙල්ලේ …අනේ ඇයී උබට අමාරුද …”

නෑ සෙව් දැන් හරී … චුට්ටක් කලන්තේ වගේ ඇල්ලුවා .. තව ටිඅකකින් හරි යයී …

උබට මේ තත්වේ උඩ මේ දේවල් කියන්න බෑ … නැතන්ම් මෙච්චර කල්වත් කිසි දෙයක් හන්ගගෙන ඉන්නෙ නෑ බන් …

නාරා අයියත් නිතරම උබ ගැන කියනවා ….

සෙව් එහෙම කියද්දී නාරා අයියා ගැන දුකක් දැනුනේ මට …

විභූ සර් හැමදේම අපිට කරදර නෝවෙන්න අපි ගැන බැලලා බන් …

පුලුවන්නම් ඉවසපන් තව ටිකක් … තරහා අරගෙන හිතින් වේදනා විදලා උබ පව් පුරවගන්න එපා කෙල්ලේ ..
උබටම වාවගන්න බැරිවෙයී …

මන් කෙල්ල කියන දේ පිලි අරගෙන ඔලුව වැනුවා …

අහ් ….

එකපාරම කුසින් දැනුන රිදිල්ලට මට කෑගැස්සුනා …

කොල්ලා ගහනවා නේ උබට ….

සෙව් හිනාවෙලා මන් ලගෛන් වාඩිවෙලා එහෙම ඇහුවේ …

තාත්තා වගේම නපුරු තේජ් කෙනෙක් වෙන්නැතී ඒකනේ අම්මාට ගහන්නේ …

සෙව් එහෙම කිව්වම මට ඊරිසියා හිතුනා …
තේජ් මටම අයිති මගේම තේජ් … ඒක හිත් ආඩම්බරෙන් පිරෙව්වා …

ඒ පාර මොකෝ සද්ද නැත්තේ …

නෑ හ් ….

නෑ වෙන්න බෑ …. කියපන් ඉතින් ….

විභූ හරී ආසයී දරු පැටියෙක්ට ..ඒත් එයාට මාත් එක්ක හිත නිදහසේ ඒ දේවල් වත් කතා කරන්න විදියක් නැනේ මන් නිසා ,….

අනේ බන් ඔය ඉතින් ඔන්න මනස්ගාත දාගන්න එපා … උබ වෙනුවෙන් නැතුව අල්ලපු ගෙදර ගෑනි වෙනුවෙන් කරන්නද කෙල්ලේ .. උබ හිතින් වද නොවී හිටපන් …. විභූ සර් උබට දරුවට අඩුපාඩුවක් කරන්නේ නෑ … ඒ නිසා දැන් උබ දරුවාගේ තනි වගකීම අරන් වැඩ කරපන් විභූ සර් උබව බලාගනී … ඒ කියන්නේ උබෙ දරුවත් …

සෙව් මගේ හිත හදන්න එහෙම කිව්වම මට දැනුනේ සහනයක් .. ඇත්තටම මට සෙව් කියනවා වගේ විභූ වෙනුවෙන් කරන්න තියෙන දේ ඒක කියලා හිතුනා

සෙව්වෝ ….

ඒ පාර මොකද බන් …

මට ….ම….ට….

කියපන් දේදූ

වෙරලු නැද්ද හොයාගන්න…

හිතට දැනිච්ච ආසාව මන් සෙව් ට කිව්වේ අමාරුවෙන් …
හ්ම් බැරි නෑ හිපන් ඔහොම මන් දුවලා ගිහින් රෝසී අක්කගේ කඩෙන් අරන් එන්න්ම්

එහෙම කියලා කෙල්ල එලියට බහින්න හැදුවා විතරයී …

අහ් අක්කේ …

අනේ අම්මෝ රෝසී අක්කේ අක්ක නම් මැරෙන්නෙ නෑ …මන් මේ ඒ පැත්තට එන්න හැදුවේ …
අනේ හිටින් නන්ගියේ … මේ කෙල්ලව දාලා උබ කොහේ යන්නද …

අහ්හ් … නාරද මල්ලී යමින් ගමන් දීලා යන්න කියලා වෙරලුයී අඹයී ටිකක් දීලා ගියා ,…. තකහනියක්ම ආවේ ඒකයී …

අනේ රෝසි අක්කා එහෙම කිව්වම නාරද අයියා ගැන දුකක් දැනුනේ මට ….

නන්ගී දැන් ඉතින් දිනත් ටික ටික ලං වෙනවා නේ ….

රෝසි අක්කා මගේ පැත්තට හැරිලා එහෙම ඇහුවා ම මන් හිනා උනා …

සුදු වෙලා ලස්සන වෙලා … මහත්තයා නම් සීදේවී පාටයී … නාරද මල්ලිත් එක්ක හදිස්සියෙම දිව්වේ මේ ටිකත් දීලා …

මොකක් හරි වැඩකට යන්නැති අක්කේ …

සෙව් රෝසි අක්කට එහෙම කිව්වා …

එහෙනම් නන්ගි මන් ගිහින් එන්නද කඩෙත් හායී ගාලා ඇරලා දාලා ආවේ …

හරි අක්කේ බොහොම පින් අක්කේ …

අනේ නන්ගියේ ඕවා මොනාද නාරද මල්ලී අපිට උදව් කලේ එහෙමද අනික උබලා මට පිට උන් නෙමේ න්හ් නන්ගියේ ….

රෝසි අක්කා එහෙම කියලා බුලත් කෙල පාරකුත් කානුවට ගහන ගමන් වේගෙන් වේගෙන් කඩේ පැත්තට ගියා …

අයියා පව් සෙව් …

අයියා නෙමේ විභූ සර් දෙන්නැතී අයියා කඩේ අක්කාව දන්න නිසා එහෙන් තියන්න ඇත්තේ….

සෙව් එහෙම කිව්වම මට විභූ ගැන දැනුනේ ලොකු ආදරයක්

ඊලග කොටසට …

17 thoughts on “බඹර ඉසව්ව | 62 කොටස | නවකතාව”

  1. Adath kathaawa lassanai.mata nam ara aenaka kiyana ekawa maranna tarama tarahai.aththatam ada samajee ohoma minissu innawane.hamadama katawa danno.?

  2. සෙසඳි

    දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි නාරදයි විභුයි මේ හදිසියේ කොහෙද ගියෙ? ???????? අර මෝඩ සේනකයව පාරේ හිටෝලා ගල් ගහන්න ඕනේ… ???????? කවුද එන්නෙ ගල් ගහන්න…??? ගල් මං ගානේ… ????????

  3. නයෝ මධූ

    සේනකනම් මාර මනුස්සයෙක් තමා. ??????? දැන්වත් පාඩුවේ ඉන්න බැරි හැටියක්. සෙව් පව් අනේ. හැමදේම දරාගෙන ඉන්නේ එයා වගේ දැන්.ඉක්මනට සේරම ප්‍රශ්න විසඳිලා යනවානම්……

  4. ? චූටි ?

    කතාව සුපිරියි…අනේ ඔය සේනක ගෝතයා ප්‍රසිද්ධියේ ගල් මුල් වලින් ගහලා චද දෙන්න ඕන…කතාව දිගටම දෙන්න …ගොඩක් ලස්සනට ගලපලා …????

  5. Chamodya Madusanki

    කතාවනම් ගොඩාක් ලස්සනයි….
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න….??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.