Katha Ahura

?උන්මන්තකයා?| 05 කොටස | හොල්මන් කතා

4/5 - (3 votes)

?උන්මන්තකයා?

05 කොටස

අත්භූත කළු කබාකරු… ඔහු සිටියේ වේඩ් ගැන අවධානයෙන් නොවේ. මුවහත් උල් පිහිය දකුණතින් ගෙන ඔහු ජූලියානා දෙසට පියවරක් තිබ්බා. අඳුරු මුල්ලට වී සිටි ජූලියානා භීතියට පත්ව කෑගසන්නට හැදුවා පමණි. ඇය ඉදිරියට පීනූ කළු කබාකරු ඇගේ පපුව පසාරු කරගෙන යන්නට උල් පිහිය බැස්සුවේ අනිත් අතින් ඇගේ කට මිරිකාගනිමින්. ජූලියානා දඟලන්නට වූවත් උමතු මිනීමරුවා ඇයව අතහැරියේ නෑ. නමුත් මේ අවස්ථාවේම වේඩ් කළු කබාකරුගේ ගෙල වටා තම දෑත් යවමින් ඔහුව තමා වෙත ඇදගත්තේ දෙදෙනාවම බිම පෙරළමින්.

“ජූලී දුවන්න මෙතනින් යන්න…! මං මූ ගැන බලාගන්නම් ඔයා ගිහින් උදව් ඉල්ලන්න… දුවන්න…!!” ජූලියානාට කෑගසමින් වේඩ් මිනිමරුවා සමඟ පොරබදන්නට පටන් ගත්තා.

නමුත් වේඩ්ට වැඩි වෙලාවක් මිනීමරුවා ග්‍රහණය කරගන්නට හැකි වුනේ නෑ. තම අත තිබුණු උල් පිහියෙන් වේඩ්ගේ ඉණ පෙදෙසට ඇන්න මිනීමරුවා වේඩ්ගේ ග්‍රහණය ලිහිල් වූ සැණින් ඉවතට පැනගත්තා.

“දෙයියනේ වේ…ඩ්…!!!” ජූලියානා විලාප දුන්නේ වේඩ්ගේ ලේ ගලන ශරීරය දැකලා. නමුත් ඊලඟට නැවතත් ඉදිරියට පීනූ මිනීමරුවා ජූලියානාගේ උදරයට පිහියෙන් ඇන්නේ ඇය වේදනාවෙන් බෙරිහන් දෙන විටය.

ජූලියානාගේ වේදනාවට වඩා ඇයට වෙන්නට යන දේ දුටු වේඩ්ගේ වේදනාව වැඩි උනා. තම තුවාලයෙන් ලේ ගලමින් තිබියදී ඔහු අසළ තිබූ පුටුවක් රැගෙනූමතු කළු කබාකරුගේ පිට මැදටම වේගවත් පහරක් එල්ල කලා. එය යකඩ පුටුවක් වීම නිසා පහර කෑ කළු කබාකරු ජූලියානා සමඟින්ම ඇද වැටුනු අතර වේදනාව නොතකා වහා ඉදිරියට පීනූ වේඩ් කළු කබාකරුවා ඉහළට ඔසවා පසෙක තිබූ වීදුරු කබඩ් එකට වේගයෙන් තල්ලු කලා. වීදුරුව කුඩුවීගෙන කළු කබාකරු එය තුලට විසිවෙද්දී වේඩ් කබඩය කළු කබාකරුත් සමගම පෙරළා දැමුවේ මිනීමරුවාව එය තුල සිරවෙන ලෙසය.

“ජූලී… මයි ගෝඩ්…! අනේ අපි යමු… ඔයාගෙන් ලේ යනවා ගොඩාක්… උදාව්… උදව් කරන්න…!!” වේඩ් මහ හඬින් කෑගසා උදව් ඉල්ලන්නට වුනේ ජූලියානාව තම දෑතට මැදි කරගනිමින්. දෙදෙනාගේම දෑස් වලින් කඳුලු ගලා හැලෙන්නට වූයේ තුවාල වල වේදනාවටද සිත් වල වේදනාවටද කියා දන්නේ දෙදෙනාම පමණි.

“මගෙ දෙයියනේ… ළමයි මෙතන මොකද උනේ…? හෝලි ෂිට්…!!” වේඩ්ගේ කෑගැසීම මෙන්ම කලින් ජූලියානාගේ විලාපය නිසා ඒ අසළ සිටි සියළුම දෙනා එතැනට දුවගෙන විත් රැස්ව සිටිය අතර ඔවුන් දෙදෙනා දුටු ආචාර්‍යවරයෙක් හිසෙහි අත ගසාගත්තා.

“අනේ ප්ලීස් ජූලිට අමාරුයි මෙයාව ඉක්මණට හොස්පිටල් ගෙනියමු… අපිට වැඩි වෙලාවක් නෑ…!!” වේඩ් කෑගසන්නට වූයේ ජූලියානාව ඔසවාගෙන දොර දෙසට යමින්. “කබඩ් එක ලඟට යන්නෙ පරිස්සමෙන්… කවුරුහරි පොලීසියට කතා කරන්න ඉක්මණටම… අර මිනීමරුවා ඔය කබඩ් එක ඇතුලෙ ඉන්නවා…!”

වහා කළබල වූ පිරිස අතරින් සමහරු කෑගසාගෙන එතනින් පිටතට දුවන්නට වූ අතර වේඩ් අසළට ආවේ ඒඩ්න් හා තවත් ශක්තිමත් තරුණයන් දෙදෙනෙක්. ඔවුන් වේඩ්ව වත්තම් කරගෙන හනිකවම ජූලීයානාව ඔසවාගනිමින් එතනින් වහාම පිටවුනේ මෝටර් රථයක් සොයාගෙනය. මේ අතර කළබල වූ සිසුන් පසෙකට කරමින් එතැන සිටි ගුරුවරුන්ගෙන් කෙනෙකු වහාම පොලිසිය අමතන්නට වුනා. සැවොම ඊලඟට බලා සිටියේ පෙරළා දමා තිබූ කබඩය දෙසය. කොයි වෙලාවක හෝ උමතු මිනීමරුවා එතුලින් පිටතට් පැමිණේවි යැයි බියකින් ඔවුන් පසුවුනා.

විනාඩි පහළොවක් යන්නට මත්තෙන් සිද්ධිය වූ තැනට පොලිසිය පැමිණි අතර රැස්ව සිටි සියළුම සිසුන් එතනින් වහාම ඉවත් කරන්නට අණ කලා. නමුත් සිසුන් නොවේ එතනින් පිටවුනේ. සැමටම උවමනා වූයේ මිනීමරුවා දැකගැනීමට.

“බලාගෙන ශෙරීෆ්… මූ තවත් බිල්ලක් ගන්න බලන් ඉන්නවා වෙන්න පුලුවන් ඇතුලටම වෙලා… අපි කබඩ් එක උස්සද්දිම ආයුදේකින් පහර දෙන්නත් බැරි නෑ…” රහසින් මෙන් ශෙරිෆ්වරයා ඇමතූ උප පොලිස් පරිකශකවරයා පැවසුවා.

“අපි බලමු… එකපාරටම ලඟට යන්නෙපා… වට කරන්න… පිස්තෝල ලෑස්ති කරගන්න…” ශෙරීෆ්වරයා උපදෙස් දුන්නා.

පොලිස් නිළධාරීන් දහයක් පමණ පෙරළී තිබුණු කබඩය වට කලේ තම පිස්තෝල සූදානම් කරගනිමින්. නිළදාරීන් දෙදෙනෙකු කබඩය දෙපසින් සිටගෙන එය එකවරම ඉහළට එසෙව්වා.

“ආ…හ්….!!”

බියවී සිටි සිසුන් එක්වරම කෑගැසුවා.
*****************************************************************

“සර් ප්ලීස් මට කියන්න ඒ යකා කොහොමද එතනින් පැනගත්තෙ කියලා… අනික කිසිම සළකුණක් නෑ… අර ළමයි දෙන්නගෙ අඩි සටහන් විතරයි එතන තියෙන්නෙ… පොර බැදීමක ලකුණු තිබ්බත් එතන තවත් කෙනෙක් හිටියා කියලා කිසිම සාක්ශියක් එතන නෑ… මේක මහ විහිළුවක්…” කෝපයට පත් ශෙරීෆ්වරයාගේ හඬ විදුහල්පති කාමරයෙන් පිටත සිටි අයටත් ඇහුනා.

“ප්ලීස් ශෙරීෆ් කෑගහන්නෙපා… මං ඒක දන්නෙ කොහොමද මං එතන හිටියෙ නෑනෙ වෙච්ච දේ දකින්න… සාක්ශි හොයාගන්න එක ඔහේලගෙ රාජකාරිය… මගෙ කොලේජ් එකේ අහිංසක ළමයි දෙන්නෙක් මේ වෙද්දි නැතිවෙලා… තව අහිංසකයො දෙන්නෙකුට බරපතළ තුවාල… මෙහෙම ගියොත් මේ කොලේජ් එක වහන්නයි වෙන්නෙ… එහෙම උනොත් මේ නගරෙට අත්වෙන්නෙ මහා ලැජ්ජාවක්…” විදුහල්පති සෙමින් එහෙත් කෝපවත් හඬකින් කිව්වෙ.

“සර් මේ මිනිහා අමු පිස්සෙක්… මානසික රෝගියෙක්… පේනවනෙ මිනිහගෙ වැඩ වලින්ම… ඒත් මට හිතාගන්න බැරි හොල්මනක් ඇවිත් කලා වගේ කිසිම සාක්ශියක් නැතුව මෙහෙම මිනීමරන්නෙ කොහොමද කියලා… හැම මිනීමැරුමකම මොකක් හරි හෝඩුවාවක් ඉතුරු වෙනවා… අඩුම තරමෙ බල්ලෙකුට ඉවක් හරි… ඒත් මේ වෙච්ච මිනීමැරුම් දෙකම එහෙම දෙයක්වත් නෑ අඩුමතරමෙ…”

“දැන් ශෙරීෆ් තමුන් මට කියන්නෙ මේවා හොල්මන් කලා කියලද මනුස්සයෝ…? විකාර කියවන්නෙපා… හෝඩුවාවල්, සාක්ශි හොයන එක තමුන්ලගෙ රාජකාරිය… අපි ඒකට උපරිම උදව් දෙනවනෙ… තවත් මිනීමැරුම් දෙකක් අද වෙන්න ගිහින් නැවතුණා… මෙහෙම ගියොත් මූ මේ කොලේජ් එකේ ඉන්න හැම ළමයෙක්වම මරලා දායි… මතක තියාගන්නවා ශෙරීෆ් තමුන්ගෙ දරුවත් මේ කොලේජ් එකේ ඉගෙනගන්නෙ කියලා… හෙට මේ දේ තමුන්ගෙ දරුවට වෙන්න පුලුවන්… එදාටත් හොල්මන් කලා කියලා සද්ද නැතුවම ඉන්නවා…” විදුහල්පතිගේ වේගවත් කතා බහෙන් පීඩනයෙන් සිටි ශෙරීෆ්වරයා දැඩි කෝපයට පත් වූ නමුත් ඒ බව නොපෙන්වා සිටීමට උත්සාහ කලා.

“හොඳයි සර් අපි හොයාගන්නම්… හැබැයි අපිට සිද්ධ වෙනවා අද ඉඳන් මේ කොලේජ් එකේ අපේ ඔෆිසර්ස්ලව රඳවන්න… ඔයාලගෙම ආරක්ශාවට ඒක හොඳයි… හැම කොරිඩෝවකම අපේ කෙනෙක් හෝ දෙන්නෙක් නිතරම ඉඳියි… නගරාපතිතුමා මේකට වෙනම යුනිට් එකක් ගෙන්නයි හෙටම… එහෙනම් මං ගිහින් එන්නම්… අපිට ආයෙමත් මෙහෙම එන්න නොලැබේවා කියලා මං පතනවා…” විදුහල්පතිවරයාට ආචාර කල ශෙරීෆ්වරයා ඔහුගේ කාර්‍යාලයෙන් පිටතට ආවේ කෝපයෙන් මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන්. ‘උඹව කොහොමහරි අල්ලගන්නවා පුතෝ මං… ඊලඟට උඹ ලවා මෙන්න මූවත් මරවනවා හිටපංකො…’ තනිවම සිතූ ඔහු තම මෝටර් රථය වෙත පියමැන්නේ වේගයෙන්.

*********************************************************************
ඊලඟ කොටසින් හමුවෙමු.

මිනීමරුවා තවමත් නිදැල්ලේ… ඒ කවුරුන් විය හැකිද…?

?Lone Wolf?

4 thoughts on “?උන්මන්තකයා?| 05 කොටස | හොල්මන් කතා”

  1. Ranmali subasinghe

    මට නම් හිතා ගන්න බෑ ?????

    වේඩ්ගෙ ඇගේ කවුරු හරි කෙනෙක් ඉන්නවා ද??? වේඩ්ට පාලනය කරන්න බැරි මොකක් හරි දෙයක් එයගේ ඇගේ ඇති ????

    නැත්නම් ඒ අලුතින් ආපු ලමයා වෙන්න ඕනා ?????

    කොහොම හරි වේඩ් ඒ කවුද කියලා දන්නවා…

    කතාව හුගක්ම ලස්සනයි? ගුඩ්..ලක්!!!

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.