?️ උන්මන්තකයා ?️
“හේයි වේඩ්… මට මේ පාඩම ටිකක් කියලා දෙන්නකෝ… ප්ලීස්… මේක තේරෙන්නෑ අනේ…”
පීරියඩ් එකක් ඉවර වෙලා හෙමින් හෙමින් කොරිඩෝව දිගේ ලොකර් රූම් එකට යමින් හිටපු වේඩ්ගෙ පිටිපස්සෙන් ආපු ජූලියානා ඔහුට ඇවිටිලි කලා. පිටුපස හැරුණු වේඩ් දැක්කෙ තමන් දිහා ආයාචනාත්මක බැල්මකින් බලන් ඉන්න ජූලියානව. ඇයව දැක්කා විතරයි ඔහුගෙ මුවේ ඇඳුනෙ ලස්සන හිනාවක්.
“කෝ මොකක්ද ජූලි…?” වේඩ් ඇහුවෙ ජූලියානගෙ රෝස පාට තොල්පෙති දිහා බලාගෙන.
“ඒයි එතන නෙමෙයි මේ පොතේ තියෙන්නෙ පාඩම…” වේඩ් බලන්නෙ තමන්ගෙ තොල් දිහා කියලා දැකපු ජූලියානා හිනාවෙමින් කියද්දි වේඩ්ට ඇතිවුනේ සියුම් ලැජ්ජාවක්.
“සොරි ජූලී… අපි එහෙනම් යමුද ලයිබ්‍රි එකට…? මටත් ෆ්‍රී පීරියඩ් එකක් දැන්…”
“හා යමු එහෙනම් මටත් ෆ්‍රී…” ජූලියානා ඔහුගෙ යෝජනාවට එකඟ උනා.
ඉන්පසු ඔවුන් දෙදෙනාම ගියේ කොලේජ් එකේ විශාල පුස්තකාලෙට. ඒකෙ කොණේම මේසෙක කාටවත් කරදරයක් නැති විදිහට වාඩිවුන දෙන්නා ලෑස්ති උනේ පාඩමට. වේඩ් ඩේවිඩ්සන් කියන්නෙ මැන්චෙස්ටර් නගරයේ තිබ්බ මැන්චෙස්ටර් උසස් පාසලේ ඉගෙනුම ලබන කීර්තිමත් දක්ශ ශිෂ්‍යයෙක්. සමහර ගුරුවරුන්ටත් වඩා ඔහු කියාදෙන පාඩම් තේරුම් ගන්න හරිම ලේසියි. මොකද ඔහු එතරම්ම දක්ශ නිසා. ජූලියානා ඇන්ඩර්සන් කියන්නෙත් ඔහු වගේම ඉගෙනගන්න දක්ශ වංශවත් පවුලක තරුණියක්. ඒ වගේම මේ දෙන්නා හොඳම යහලුවෝ.
“අද හවසට මොකද කරන්නෙ වේඩ්…?” ජූලියානා එකපාරම ඇහුවෙ පාඩම තේරුම් කරමින් හිටපු වේඩ්ගෙන්. තමන්ගෙ උපැස් යුවල යටින් ජූලියානා දිහා බලපු වේඩ් මොනව කියන්නද කියලා කල්පනා කලා.
“එහෙම… මේ… විශේෂයක් නම් නෑ ජූලී… පාඩම් කරන්න ඕනෙ එක්සෑම් ලඟ නිසා… තව… තව.. අම්මට උදව් කරන්න ඕනෙ…”
ගොත ගහමින් වගේ වේඩ් කියන දේවල් අහගෙන ඔහුගෙ දෑස් දිහාම ජූලියානා බලන් හිටියෙ හරිම ආදරෙන්. ඔව් ජූලියානා කටින් නොකිව්වට වෙඩ්ට හරිම ආදරෙයි. වේඩ් තමන්ටත් ආදරෙයි කියලා ඇය දැනන් හිටියත් කිසිමදාක ඒක දෙන්නගෙන් කවුරුත් එලිපිට පෙන්නුවෙ නෑ.
“හ්ම්ම්ම් ඔයාට ඉතින් මං ඇහුවොත් හැමදාම මොනාහරි තියෙනවා වේඩ්… හරි නරකයි… එක්කො මං මෙහෙම කරන්නම් මං එන්නම් අද හවසට ඔයාලගෙ ගෙදර…” ජූලියානා එහෙම කිව්වෙ දඟකාර විදිහට.
“එ..එපා ජුලි ඒක හරි නෑනෙ…” බලන් ඉද්දිම ජූලියානගෙ මූණ වෙනස් උන නිසා වේඩ් කියන්න ගිය දේ නැවැත්තුවා. ජූලියානගෙ ඇස් වල කඳුලු.
“කමක් නෑ වේඩ්… අදට මේ පාඩම ඇති… මට පීරියඩ් එකක් තියෙනවා මං යනවා ඒකට ලෑස්ති වෙන්න…” ටිශූ එකකින් කඳුලු පිහාගත්තු ජූලියානා එතනින් පිටත් උනේ තමන්ගෙ බෑග් එකට වේගෙන් පොත් ටිකත් ඔබාගෙන. වේඩ් කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා තත්පර ගාණක්. ඒ තත්පර ගාණ ඇතුලත තමන් මොනතරම් මෝඩයෙක්ද කියලා ඔහුටම ශාප කරගත්තා.
“ජූලී ප්ලීස් නවතින්න… ජූලී….” වේඩ් ජූලියානගෙ පස්සෙන් ඇයට ඇවිටිලි කර කර කොරිඩෝව දිගේ ගියා. ඒත් ජූලියානා වේගවත් ගමනින් ඔහුව ගණන් නොගෙන ඇවිද්දා.
“ආහ්…” එක්වරම කිසිවක පැටලී වේඩ් බිම ඇද වැටුණා. ඔහුගේ කණ්නාඩිය ගැලවී ඉස්සරහට විසි උනා. බොඳවූ දෑසින් හිස ඔසවා බැලූ ඔහු දැක්කෙ ජූලියානා කාගේ හෝ ග්‍රහණයකට හසුවී ඇති බවයි.
“ඒයි සෙක්සි… වාව්… මේ ස්කර්ට් එකට තමුසෙගෙ ටයිට් පුක කොච්චර කැපිලා පේනවද ම්ම්ම්…”
ජූලියානව අල්ලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි ඔවුන්ගෙ වයසෙම ඉගෙනගන්න කොලේජ් එකේ නම දරාගෙන හිටපු මැරයෙක් වෙන ජේ.ඩී. ඒ කිව්වෙ ජොනතන් ඩ්‍රේක්. කොලේජයේ ෆුට්බෝල් ටීම් එකේ කැප්ටන් ඔහු. ඒ වගේම කඩවසම් තරුණයෙක්. ඔවුන්ගෙ කොලේජ් එකේ වගේම වෙනත් කොලේජ් වලත් තරුණියො හිටියෙ ඔහුට වශී වෙලා. හැබැයි ඔහු හිටියෙ මුළු කොලේජ් එකේම සුරූපිනිය වූ ජූලියානට වශී වෙලා.
“ඒයි අතාරිනවා මාව… යන්න දෙනවා මට… ආව්….!” ජූලියානා වේදනාවෙන් කෑගැහුවෙ ජේ.ඩි විසින් ඇයගෙ නිතඹ වේගයෙන් මිරිකූ නිසා. ඒ වගේම ඇයගේ අත දඬු අඬුවකට මෙන් හසුවී තිබුණා.
“හහ්… අතාරින්න…? මට ආඩම්බරකම් පෙන්නලා වෙන එවුන් එක්ක මුකුලු කරන්න උඹට පුළුවන් එහෙනම් නේද…? මූත් එක්කද උඹ මුකුළු කරන්නෙ හිටපන් ඌට අද හොඳ පාඩමක් උගන්නන්නම්…” කෝපයෙන් එහෙම කියපු ජේ.ඩී ඊලඟට ආවෙ බිම වැටිලා නැගිටින්න හදපු වේඩ් ගාවට. ජේ.ඩී ගෙ හෙංචයියෙක් විසින් ජූලියානව අල්ලගෙන ඉද්දි ඔහු වේගවත් පහරක් වේඩ්ගෙ ඔලුවට එල්ල කලේ හරියට පාපන්දුවට පහර දෙනවා වගේ.
“ආ…හ්” පහර කාගෙන වේඩ් ආයෙමත් බිම ඇද වැටුණෙ වේදනාවෙන් ඇඹරිලා. ඊටත් වඩා ඔහුට වේදනාවක් උනේ ජූලියානා කෑගහනකොට.
සුලු මොහොතකින් එතනට වටේ පිටේ හිටපු ශිෂ්‍යයන් වගේම ගුරුවරුත් එකතු උනේ වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න. ඒත් කිසිම ගුරුවරයෙක් පවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බය උනේ ජේ.ඩීගෙ පියා නගරයේ විශාලම ධනවතෙක් වගේම බලවතෙක් උන නිසා.
“උඹ අද මට මේ සෙනඟ ඉස්සරහා ආදරෙයි කියලා මාව උඹේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා පිලිගන්නකල්ම මං මූට ගහනවා… ඉඳාහ්…” ජූලියානට තර්ජනය කරපු ජේ.ඩී තව පහරවල් කීපයක්ම වේඩ් වෙත එල්ල කලා. වේඩ්ගේ මුහුණ මේ වන විටත් ලෙයින් නැහැවිලා තිබුණා. ඔහුගේ ඇඳුමේ පවා ලේ ගෑවී තිබුණා.
“එ..ප්…පා….. ජූ…ලී…..” වේදනාවෙන් උනත් වේඩ් කෙඳිරි ගෑවා. ඒක දැකපු ජූලියානා හයියෙන් අඬන්න ගත්තෙ කරකියාගන්න දෙයක් නැති නිසාමයි.
“පරයා… තෝ කොහොමද ඒකිට එපා කියන්නෙ ආහ්…? තෝ වගේ හිඟන්නෙක් ඒකිට හරියන්නෑ තෝ ඉගෙනගත්තා කියලා වැඩක් නෑ පොන්නයා….!!” පරුශ වචනයෙන් වේඩ්ට බැනපු ජේ.ඩී යළිත් ඔහුගේ හිසට එල්ල කලේ වේගවත් පහරක්. එයින් වේඩ්ගේ සිහිය මඳ වෙන්න ගියේ තත්පර ගාණයි.
“එපා… අනේ එයා මැරෙයි…. හරි මං කියන්නම්…. මං ආදරෙයි ජේ.ඩී…. ඔයා තමා මගේ බෝයිෆ්‍රෙන්ඩ්… ප්ලීස් එයාව දැන්වත් අතාරින්න… ප්ලීස්…” ජූලියානා අඬ අඬාම හැමෝටම ඇහෙන්න කියද්දි අන්තිම වතාවට ජේ.ඩී, වේඩ්ගෙ කොණ්ඩෙන් අල්ලලා ඔලුව ඉස්සුවා.
“ඒයි දැක්කනෙ උඹේ බඩුව මං උස්සපු හැටි… දැන්වත් ඉගෙනගනින් කෑල්ලක් හරියට දාගන්න… ජූලියානා මගේ… තේරුණානේ…? ආයෙ උඹ ඒකි ඉස්සරහට ආවොත් අද ඉතුරු කරපු පණ කෙන්ද එදාට නැතිවෙයි…. තූහ්…!” වේඩ්ට තර්ජනය කරපු ජේ.ඩී ඔහුගෙ මුහුණට කෙළ පහරක්ද ගසමින් එතනින් යන්නට ගියේය.
“ජූ….ලී…..”
අවසන් වතාවට කෙඳිරි ගෑ වේඩ් ජූලියානාගේ ඉණ වටා අත දාගෙන බලෙන් මෙන් ඇයව රැගෙන යන ජේ.ඩී දෙස බලමින් දත්මිටි කෑවා. එහෙත් ඊලඟ තත්පරයේ ඔහුගේ සිහිය විසඥ උනේ රැස්ව සිටි අයගෙන් කෙනෙක් ඇවිත් ඔහුව ඔසවද්දියි.
*********************************************
ඊලඟ කොටසට….
වේඩ්ගෙයි, ජූලිගෙයි ඉරණම කොහොම විසඳෙයිද…?
බයවෙන්නෙපා ඉවර වෙනකල් දාන්නම්. ටිකක් වෙනස් විදිහක කතාවක් ගේන්නයි ඕන උනේ. දිගටම රැඳී ඉන්න මාත් එක්ක. කැත නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාන් යමව් ?
?Lone Wolf?
අද ඇප් එක පැත්තට ආවෙ .. ඔන්න ඉස්සෙල්ලම දැක්කෙ ඔයාගෙ කතාව ස@@@@@ අයියෙ … මරු ඈ … ග්‍ෲප් කියෙව්වෙ නෑ .. ඒ වුනාට මට දුන්නනෙ … දිගටම යමු ඔහොම … කතාව නම් පට්ට …. හිත ඇදිලා ගියා … බලන් යද්දි …..පවර් එක තම නේද අයියා … … තව කතා ලියමු දිගටම … ජයෙන් ජය ….?????
විශ් යූ ඕල් ද බෙසට් ….?????
Nnga oyt khmd dn? Oyge kthawa kywnna asawen bln inne mn. Oyt hondainm dn kthwa dnna. Plzzzz
Ane nango oya apita aya apsarawi genne nadda nango palui ane hamadama 6ta balanawa apsarawi dalada kiyala ane oyata sanipainam dannako nanga kathawa…..
Ai kathawa danne naththe .api paw nadda
Niymai kthwa. Ayeth niyma kthwk kywnna pluwn wei apit. Aththmai sathutui. Good Luck !!!!!
Kathawa lassanai godak ???????? ane issarahata monawa weida kiyala hitha ganna be good luck ????
අනේ අප්සරාවී දාන්නකො කතා.ඔයාද කතාව ලියන්නෙ අප්සරාවී….අනේ එහෙනං කතාව දාන්නකො…..
ලස්සනයි කතාව. වෙනස්ම විදියේ කතාවක් විදියට ලියවිලා තියෙන්නේ කියලා දැනෙනවා කියවද්දි. හැමදාමත් අපි වෙනෙවෙන් මේ වගේ කතා ලියන්න. අපි වෙනුවෙන් කතා ලියන ඔයාලත්, ඔයාලට කතා දාන්න වගේම අපිට ලස්සන කතා කියවන්න අවස්ථාව සලසා දෙන කතුවරයා ඇප් එකේ කාර්‍යමණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි…
Beautiful. All the best.
Excellent…..
GOODLUCK !