Katha Ahura

?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක

5/5 - (1 vote)

නිවාඩු දින කීපයත් ගෙවිලා දෙවනි වාරෙට ස්කෝලේ පටන් ගන්න දවසත් ආවා.

————————–

නිකිණි ස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට සෙනේශා මෙතූව බලන්න ගිහින් නිකිණි ලඟට ආවා..

එයත් අපි වගෙමයි..”

“එහෙම වෙන්නේ කොහොමද.. එයාගෙ කකුල් අපේ වගේ නෑ.”

“දැනට නෑ..ඒත් ලගදිම වෙයි..”

“ඒකොහොමද..?”

“බලන්නකො..”

සෙනේශා කීව දේ නිකිණිට තේරුනෙත් නෑ..ඒ ගැන කල්පනා කලෙත් නෑ..එයා ඉක්මනින් ලෑස්ති වෙලා නුවන් එක්ක ඉස්කෝලේ ගියේ සතුටින්..එයාගෙ බෑග් එකේ ඉන්න මිලී බෝනික්කා ඇතුලේ සෙනේශාගෙ ආත්මයත් ස්කෝලෙ ගියා. ගේට් එකෙන් ඇතුලට ගියපු නිකිණි ඔලුව කෙලින් කරන් ඉස්සරහම බලා ගෙන වීරයා වගේ පන්තියට ගියා.ළමයි කියන කිසි දෙයක් ඇහුන් නෑ වගේ.

“අක්කා ඔයාට ඇහුනනෙ මට කියන ඒවා.”

“හ්ම්..අපි ඉක්මනටම පාඩමක් උගන්නමු.” සෙනේශා මිමිණුවා.

නිවාඩුකාලේ අත්දැකීම් යාලුවො එක්ක බෙදාගන්න ළමයි හැම තැනකම රංචු ගැහිලා හිටියා..ඒත් නිකිණි ගේ පන්තියේ ළමයි විතරක් ඔහේ බලාගෙන හිටියා.එක එක අය එක එක වැඩ. නිකිණිත් එයාගෙ අක්කයි මිලී එක්ක ජනෙල් වල එල්ලිලා එළිය බලන් හිටියා. ස්කෝලේ පටන් ගන්න බෙල් එකත් ගහලා ගාථාත් කීවාම නිකිණි ඩෙස් එකට වෙලා මලක් පාට කරා. දවල් වෙනකං ටීච පන්තියේ නිසා නිකිණි එලියට පැනගන්න අවස්ථාවක් එනකන් බලන් හිටියේ..

ඉවසන් ඉන්න බැරිම තැන නිකිණි බෝනික්කව අරන් එලියට ගියා.ටීච බෝඩ් එකේ ලොකු චිත්‍රයක් අදින නිසා කෙල්ල යනව දැක්කෙත් නෑ.
නිකිණි දොරෙන් එහා පැත්තේ වතුර කරාමේ ලඟට යද්දී දැක්කා එයාට හැමදාම විහිලු කරන කෙල්ලො දෙන්නා පිට්ටනිය පැත්තට යනවා. නිකිණි හෙමින් හෙමින් එහාට යන්න හදද්දීම ටීච එයාව දැක්කා..

“දූ නිකිණි ..කොහෙද පුතා යන්නෙ ඔය..”

“ම්..මේ..මේ ටීච.. මං .. මේ.. මේ..”

“ඕ ඕ කියන්න පුතේ..ඇයි.. ?”

” මට ටොයිලට් යන්න ඕනි..”

“ආ හරි හරි.. ඉතින් මට කියලා යන්න එපැයි.. ගිහින් ඉක්මනට එන්න..”

ටොයිලට් එක තිබුණේ ඒ ගොඩනැගිල්ලෙම එහා පැත්තේ.. ඒක නිකිණි වගේ දරුවො වෙනුවෙන් වෙන් කරපු එකක්.නිකිණි ටොයිලට් යන්න අවසර ඉල්ලුවත් ගියේ අර ළමයි දෙන්නගෙ පිටිපස්සෙන්. ග්‍රවුන්ඩ් එකේ ළමයි කීප දෙනෙක් විතරයි හිටියේ.

“පාරි.. අර බලන්නකො අර නිකිණි එනවා..” හිරුනි කීව්වා.

“එයා එන්නේ අපේ දිහාට.”

“අ අර බලන්න පාරි නිකිණි එන්නේ ඇවිදන් නෙවේ.. පාවෙනවා..” හිරුනි බයෙන් කිව්වා.

“නෑ අනේ.. ඒ පේන හැටි ඔයාට.”

“නෑ නෑ..එයා පාවෙනවා.. අර අර..”

“ඔ ඔ ඔව්.. ක ක වු ද.. කො හො මද ඒ..”පාරිත් බයෙන් කීවේ වටපිට බලලා..

“මට බයයි පාරි..අපි යමු පන්තියට..”
එහෙම කියලා දෙන්නම අත් අල්ලන් දුවන්න පටන් ගත්තේ පන්තිය තියෙන දිහාට.. ගොඩනැගිල්ලෙ මුදුන් බිත්තිය පිට්ටනියට තිබුන නිසා වැඩිය කාටවත් පේන්නේ නෑ පිට්ටනිය.

ළමයි දෙන්නා කොච්චර දිව්වත් පිට්ටනියෙ කෙලවර හම්බුනේ නැ එයාලට. මහන්සියට හති අරින්න දෙන්නම නැවතුනා..ඒත් එක්කම එයාලා වටේම පරිසරය එකපාරටම දූවිලි වලින් වැහුනා.. කෙල්ලො දෙන්නට පෙනුනේ දූවිලි සුලියක් වගේ එයාලා වටේ කැරකෙනවා.නිකිණි ඈත ඉදන් අත දික් කරලා පාරිගෙ බෙල්ලෙන් ඇදලා ගත්තා වගේ හිරුනිට පෙනුනා.. බයට යටිගිරියෙන් හිරුනි කෑ ගැහුවත් කාටවත් ඒ හඬ ඇහුනේ නෑ..

පාරිව ගොඩක් උඩට අරන් ගියපු නිකිණි එයාව බිමට අත ඇරියා.. කෙල්ල බිමට වැටුනේ බෙල්ල මැදින් කැඩිලා ඔලුව එක පැත්තකටත් හිරුනි ලඟට ඇඟත් විසි වෙලා..

ලේ ගලන සිරුරු කොටස් දැකපු හිරුනි සිහිය නැතිව ඇදගෙන වැටුනා. එයාලා ලඟට දුවගෙන ආව පිට්ටනියේ හිටපු කෙල්ලෙක් ආපහු හැරිලා බයේ ප්‍රින්සිපල් ලඟට දිව්වා..

“ස සර්.. ඉක්මනට එන්න.නංගි කෙනෙක් ග්‍රවුන්ඩ් එකේ මැරිලා.”

“මොකක්..? මට පැහැදිලිව කියන්න පුතේ මොකක්ද ඔයා මේ කියන්නේ..” සර් පුටුවත් පෙරලන් නැගිට්ටා.

” සර්.. නංගි කෙනෙක් උඩ ඉදන් එකපාරටම වැටුනා.එයා මැරිලා සර්.. ලේ හැම තැනම.”

සර් ඔලුවේ අත ගහගෙන පිට්ටනියට දිව්වා..විනාඩියක් යන්න කලින් මුලු ස්කෝලෙම එතන. හැමෝම බය වෙලා. හිරුනිට සිහිය නෑ තවම.එයාව හොස්පිටල් යවලා සර් පොලිසියට කතා කරා.

කිසි කෙනෙක්ට හිතා ගන්න බෑ වෙලා තියෙන දේ.මොකද උඩකින් වැටෙන්න නම් එතන ගහක් වත් තියෙන්න ඕනී..සිද්දිය ඇහින් දැකපු ගෑනු ළමයි පස් දෙනාම කිව්වේ ලොකු වැලි සුලියක් ආවා කියලා එයාල ලඟට.කිසි දෙයක් පෙනුනේ නැහැ එයාලට. අන්තිමට පාරි බිම වැටෙනවා දකිද්දී සුලිය අතුරුදන් වෙලා.

එක ළමයෙක් කීවේ ‘හිරුනියි පාරියි දෙන්නම එකතැනම ගොඩක් වෙලා දුවනව දැක්කා. ඊට පස්සෙ එක පාරටමයි සුලිය ආවේ.. ඒකත් ආවෙ පොලවෙන්’ කියලා.

ලංකාව පුරාම නිවුස් වලින් මේක ප්‍රචාරය වෙන්න මොහොතයි ගියේ.ළමයිගෙ කම්පනය, බය, ලෝකෙන් එන ප්‍රශ්න නිසා ස්කෝලේ සතියක් වැහුවා.

දවස් ගානක් කරපු පරීක්ෂණ වලින් කිසි දෙයක් හොයාගන්න බැරි උනා. ස්වාභාවික අනතුරු මරණ වලට පාරිගේ මරණය ඇතුලත් උනා.දෙයක් දැනගන්න වෙන්නේ හිරුනිට සිහිය ආවොත් විතරයි. ඒත් තාම එයාට සිහිය ඇවිත් නෑ.

ඉස්කෝලෙ ආයෙම පටන් ගත්තා.ඒත් ළමයි ගොඩක් අඩුයි..ආව අයත් කල්ලි ගැහිලා හිටියා. වැඩිය එලියට ගියෙත් නෑ.මිනිය දැකපු නිසා ළමයි බය වෙලා.නිකිණිටයි සෙනේශටයි තව දවස් කීපයක් බලන් ඉන්න උනා ඊලඟ ඉලක්කයට කාලය එනකන්.හැබෙයි නිකිණි ලොකු සතුටකින් ගෙදර ඉන්න බව එයාගෙ දෙමාපියෝ තේරුන් ගත්තේ නෑ..කොටින්ම නිකිණි කවදාවත් නැතිව ගෙදර හැම වැඩකටම අම්මට උදව් උනා. නංගිවත් බලාගත්තා.
………………………..

ඊලඟ දවසේ ස්කෝලේ පටන් ගත්තම නිකිණි ආසාවෙන් ස්කෝලෙ ගියා. දවසම බලන් හිටියත් එයාට අවස්තාවක් ලැබුනේ නෑ මොකකටවත්. අන්තිමේ එයා තීරණය කරා ස්කෝලේ ඇරලා සාවින්දි අම්මා එනකන් ඉන්න නිසා ටිකක් නැවතිලා බලන්න.එයා පහ වසරේ ළමයෙක්.

සාවින්දි ඉන්න කිට්ටුවම ගේට් එක ළඟ නිකිණි බලන් හිටියා. ගොඩක් වෙලා ඉන්නත් බෑ..ඒම හිටියොත් නුවන් ඇවිත් නිකිණි ව එක්කන් යනවා.ටික වෙලාවකින් සාවින්දි ගෙ අම්මා ඇවිත් එයාව එක්කන් ගියා. ඒ එක්කන් ගියේ ටව්මේ එක කොනක වෙන්න තිබුන පාරක. යාලුවෙක්ගෙ ගෙදර යමුයි කියලා.. නිකිණි ත් පිටිපස්සෙන් ගියා.

ටික දුරක් යද්දී සාවින්දිගෙ අත සීතලට දැනුණා. ඒ හරිය පාරත් පාලුයි. සාවින්දි පුදුමෙන් අම්මා දිහා බැලුවා.. බලද්දී ඒ අම්මා නෙවේ හිටියේ.. නිකන් විනිවිද යන කලු ගව්මක් ඇදපු කෙල්ලෙක්.. සාවින්දි හුඟක් බය වෙලා කෑ ගැහුවා.ඒත් වැඩක් නෑ.එයාගෙ සද්දේ කටින් පිට උනේ නැහැ…අතත් අර කෙල්ල තදින් අල්ලන්..

එයා එයාගෙ මූන තත්පරෙන් තත්පරේ වෙනස් කරේ එක එක මූණු වලට.එහෙම මාරු කරලා එක පාරම ඇස් වලින් ලේ ගලන යක්ශණියක් වගේ මූනක් ගත්තා..සාවින්දි බයටම ගල් වෙලා. ඊට පස්සෙ ආත්මය නිකිණි ගෙ ඇඟට ගියා.නිකිණි සාවින්දිගෙ බෙල්ල මිරිකලා එයාව කානුවක බෝක්කුවක් ඇතුලට විසි කරා.
ඒකර්ලා ඉක්මනට පාවෙලා ගියේ ස්කෝලෙට.. ඒත් එක්කම වගේ නුවන් ඇවිත් නිකිණි ව එක්කන් ගියා ගෙදර.

සාවින්දිගෙ ගෙදරින් එයා නෑ කියලා හැම තැනම හෙව්වේ එයාගෙ අම්මා එද්දී එයා ගේට් එක ළඟ හිටියෙ නැති නිසා.. ලමයි කීප දෙනෙක් කීවා එයා සාවින්දිගෙ අම්මා එක්ක ම යනවා දැක්ක කියලා. ඒ අයට ගොඩක් පුදුමයි වගේම බයයි. හිතුවේ කවුරුහරි වෙස් වලන් ඇවිත් දරුවව පැහැරගෙන කියලා. පොලිසියෙත් පැමිණිල්ලක් දාලා හැමෝම කෙල්ලව හෙව්වා.

පැය කීපයකට පස්සේ පාරෙ ගියපු කෙනෙක් බෝක්කුවකින් කකුලක් වගේ දෙයක් එලියට ඇවිත් තියනවා දැක්කා..

ඒ මනුස්සයා ටිකක් හොඳට බලද්දී..

43 thoughts on “?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක”

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ සදු අක්කි ?? ?????????????????????????????????????????????????????????????????????????????????

  1. Sandu (kandy girl)

    ??????????????????????????????????සුබ උදෑසනක් වේවා දඟයෝ ඔක්කෝටම …??????????????????????

  2. Sleeping beauty

    කිසි දිනක නොදැක්කත්
    ඔය සොදුරු රුව නුබේ
    හදවතින් හැදින්නෙමි
    නුබේ සිත සැම වෙලේ
    සදාදරනීය නුබෙ
    ආදරය හැම දිනේ
    වැඩිවුනා මිසක නැත
    කිසිදිනක අඩු වුනේ
    අහිංසක කමින් පිරි
    නුබේ ඔය ජීවිතේ
    හැමදාම ඉනු තුටින්
    සොයුරියයි නුබ මගේ
    ????????

    දග පවුලෙ හැමෝටම
    එක වගේ ආදරේ
    හදවතින් දුන්න නුබ
    සැමට නිති හැම වෙලේ
    සෙනෙහසින් රැදෙනු මැන
    අපි ගාව හැම දිනේ
    කොට බතලෙ හැමදාම
    නිදුකින්ම ඉනු මැනේ
    අද වගේ දිනක නුබෙ
    ජන්මයයි සිදු වුනේ
    සුබපැතුම් පතමි මම
    මගෙ අක්කි මේ ලෙසේ

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Happy birth day to you මගෙ රශී අක්කී..?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    සතුට සැනසුම වාසනාව උදා වෙන සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට…අසනීපයක් තියනවා නම් ඒ හැම දේම ඉක්මනටම සුව වෙලා නිදුක් නීරෝගිමත් ජීවිතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරනයි මගෙ කොට බතලේ..??????හැමදාමත් සතුටින් හිනා වෙලා පරිස්සමට ඉන්න රශී අක්කී..❤️❤️???

    ?????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    ඔයා චොකලට් වලට ආසා නෑනෙ..??

    1. ?රශී ?

      අනේ මගෙ නන්ගා ඒක ලස්සනයි….නිසදැස් දෙකම…ස්තූතියි මැණික …..ප්‍රාර්ථනා වලට පින්…සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්…ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …? බුදු සරණයි ඔයාට …..????
      චොකෝ නැතිව ආසා සේරම දීලා.තැන්කූ හොදේ ….??????

  3. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකූ❤️❤️
    ගුඩ් මෝනින් දග බබාලා❤️❤️

    හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ..තෙරුවන් සරනයි ❤️❤️❤️

    අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …❤️❤️❤️

  4. Avi 1999 (kandy)?

    මගෙ රශී අක්කි අද බර්ත්ඩෙ එක නේද ?? .. අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන ,නිදුක් නිරෝගීමත් , ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ???
    පරිස්සමින් සතුටින් ඉන්න අක්කි මැණික හැමදාම . තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
    පාර්ටි ඕනි හොදෙ ??

    1. ස්තූතියි මගෙ අවී බෝලේ….ප්‍රාර්ථනා වලට පින් මැණික …..???? ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න ….බුදු සරණයි ….???
      අම්මෝ පාර්ටිත් ඕනාද…අද බෝධී පූජාවක් තියේ…ඇවිත් රෑ වෙලා දාමුකෝ….හොඳද ….???

      1. Avi 1999 (kandy)?

        ඒක ගොඩක් හොදයි අක්කි .. පන්සල් ගිහින් ආශිර්වාද අරන් එන්ට ?????

  5. Avi 1999 (kandy)?

    කොහොමද මගෙ දග පැංචො ටිකට ?? පරිස්සමින් සතුටින් ඉන්නවා නේද … ඊයේ මට් එන්ට බැරි වුනානෙ මම් දැක්ක ලොකු අයියා, රශී අක්කි එහෙම මාව හොයලා තියෙනවා ??ආදරෙයි මම් ❤️❤️

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම

    තෙරුවන් සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  6. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා රශී නංගි.
    ?????
    තෙරුවන් සරණයි

    1. ස්තූතියි මගෙ අක්කි…???
      සතුටින් පරිස්සමින් ඉන්න ඔයාත්…බුදු සරණයි …??

  7. Avi 1999 (kandy)?

    පාරේ යන මනුස්සයා දැක්කෙ සාවින්දිව වෙන්ටැති නෙ ??.. අම්මො සෙනේශා දරුණුවටම පලි ගන්නවනෙ අක්කි .. එහෙනම් සෙනේශාටයි, නිකිණිටයි විහිලු කරපු හැමෝවම දැන් මරළ දායි.. ඊළගට හිරුණිව වෙන්ට පුළුවන් … වෙලාවට මේ කොටස දැන් කියවැව්වෙ ? …අක්කි හරි ලස්සනට කතාව ලියලා තියෙනවා …

    අනෙ සෙනේශා නිකිණිගෙ නංගිගෙනුත් පළිගයි වගෙ එයාටත් සෙනේශා මොකක් හරි කරලා මෙතූගෙ කකුල කොර කරයිද දන්නැ . අනෙ එහෙමනම් කරන්ට එපා අක්කියො පව් නෙ එ ළමයා ??… මේ ඔක්කොටම මුල නිකිණිගෙ අම්මල නිකිණි ගැන හරියට හොයන්නෙ බලන්නෙ නැති එක..එහෙම වුනානම් දැනටමත් එයාලා මිලී බොනික්කා ගැන දැන ගන්නවා නෙ ?

    කතාව ගොඩක් ලස්සනයි අක්කි ?? තව කතා ලියන්ට අක්කිට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?? පරිස්සමින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. Sandu (kandy girl)

      අවී නංගා..

      මේකට හොල්මන් කතා කියන කැටගරි එක ගැලපෙන් නෑ නේහ්.. පලිගැනීම් කතා කියලා කැටගරි එකක් හදන්න කියන්න ඕනි සර්ට මේ කතාව දාන්න..????

      හෙට සාවින්දිව හොයාගනීද නැත්තන් වෙන කෙනෙක්ව හම්බෙයිද දන් නැ නේද ඒ මනුස්සයට..?

      හිරුනිව ඊලගට මරයිද නම් දන් නෑ කෙල්ල.. හෙටින් මෙ කරදරකාර කතාව ඉවරයි.. හෙටම බලමුකෝ ඒ නිසා ඒ ගැන හොඳද කෙල්ලේ.

      සෙනේශා එයාගෙ මෙතූ නංගිගෙන් පලිගනීද..ඒත් එයා සෙනේශා ට විහිළු කරේ නෑ නේ.. එයා සෙනේශා ඉද්දී හිටියෙත් නෑ නේ..???

      ඔයාට ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් කරාට…

      බුදු සරණයි …

      සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම …

      ????

  8. Sleeping beauty

    කාලයක් තිබුනා මට
    කෙලිදෙලෙන් දිවි ගෙවපු
    ඒ කාලෙ නිමා වී
    මගෙ කකුල කොට කරපු
    දිනේ සිට හිත යටින්
    දැවි දැවී විදවාපු
    කාලෙ දැන් අහවරයි
    සිතින් මං ඉකි බිදපු

    මගෙ අක්කා මා සොයා
    පැමින ඇත සෙනෙහසින්
    නෑ යලිත් කදුලු නම්
    ගලන්නේ මේ නෙතින්
    මගේ අඩුපාඩු දැක
    සිනාසුනු හැම එවුන්
    එකින් එක නැතිකරයි
    මගේ ශක්තිය ලෙසින්
    කිසිදිනක නෑ යලිත්
    පසුබහින්නේ ඉතින්
    හැමගෙන්ම පලි ගනිමි
    අක්කි සමගින් නිතින්..

    ???????

    අම්මෝ පාරි මරපු විදිය නම් ගොඩාක් බය හිතුනා මට????..ඊලග ඉලක්කෙ හිරුනිද..එයාට සිහිය ඇවිත් ඉස්කෝලෙ ආවම එයාවත් මරයිද..නැත්තම් හොස්පිටල් එකටම ගිහින් එයාව මරයිද කියලත් සැකයි මට??..සාවින්දිවත් මැරුවා නේද..අනේ චූටි බබා මෙතූ..එයාව මරන්න එපා අක්කී..මට හිතෙනවා මෙතූට කරදරයක් කරන්න සෙනේශට බැරි වෙයි කියලා..නිකිනි මෙතූට ආදරේ කරයි කියලා හිතෙනවා..ඒ නිසා සෙනේශට මෙතූට ලං වෙන්න නිකිනි ඉඩ දෙන එකක් නෑ..මෙතූට කරදරයක් කරන්න හදද්දි හොල්මන ගැන නිකිනිගෙ අම්මලා දැන ගනී කියලා හිතෙනවා ..සමහරවිට නිකිනිම අම්මලට විස්තරේ කියයි..??

    සදූ අක්කිටත් මොකද ඉතින්..මරන්න ගත්‍තම එකදිගට මරා ගෙන යනවා ..අනේ මංදා මෙයාට කොච්චර කාලයක් හිරකූඩුවෙ කූරු ගනන් කරන්න වෙයිද කියලා..කරලා තියන මර්ඩර් වලට..??

    සදූ අක්කී..කතාව ගොඩාරියක් ලස්සනයි ..කියවන්න ආසා හිතෙන විදියට ඔයා කතාව ලියලා..නියමයි අක්කී..? ?

    අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි මගෙ අක්කී..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ??

    1. Sandu (kandy girl)

      ..මගේ බියූ..

      ලස්සනයි ඒ නිසදැස .. ඇත්තටම චූටි නිකිණි එයාගෙ අක්කව විශ්වාස කරනවා ඇති ඕම නේද..

      හෙට හිරුනිව මරයිද.. නැත්තන් වෙන කෙනෙක්ව..? ස්කෝලෙම කෙනෙක් මරයිද..? ඔන්න මගෙන් නම් අහන්න එපා හොඳේ..හෙටම බලන්නකො..☺️☺️☺️☺️

      අහ් සාවින්දි මැරුණ ද කියලා නම් මං කියන් නෑ ඕං..? මෙතූට කරන දෙයක් වත් මං දන් නෑ ඉතිම්..☺️☺️☺️

      ම්… නිකිණි නංගිට ආදරේ කරයිද කියලා හෙට බලමු.. එකපාරට ම මොනා වෙයිද දන්නේ නෑ නේ නේද..?

      ඔයාගෙ අන්තිම අනාවැකියත් හරි යයිද බලමුකො හෙට බියූවෝ..

      හේ…මේ කාටවත් කියන්න එපා.. මං මේම හිටියට හෙන දරුණුයි ඇහ්. මිනිස්සු කීයක් නම් මරලා ඇද්ද කතා වලම…ම්… මටවත් මතක නෑ ඒයි.. මං හිතන්නේ දහයක් විතර ..?? ආ තව එක්කෙනෙක් මරන්න ප්ලෑන් කරා ඊලඟ කතාවෙ..

      පේනවනෙ මගේ හැටි.පරිස්සමෙන් ඉන්න වෙයි ඔයාලට දඟයිනේ..????

      (මේ ඇත්තටම මං මේම කියලා මාව හිරේට දායිද දන් නෑ නේද බියූ..???)

      ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් කරාට..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම …

      බුදු සරණයි ..
      ????

  9. .අම්මට සිරි යකෝ….
    කතාවනම් මාරයි ඈ….
    ආයේ ඉතින් සුම්මා
    පිස්සුවෙන් වගේ කතාව කියෙව්වේ… ඒ තරම් කතාව මරු
    කෘතුහලය නම් ඕනෑවටත් වඩා තිබුනා.
    මේ කතාව මාව මානසික රෝගියෙක් කරා ඕයි.
    ඇත්තටම නියමය් හොදේ කතාව සුබපැතුම්. කිව්වා ඕන්…
    Ummaa

    1. Sandu (kandy girl)

      මගෙ දඟ මල්ලී.. කොහොම හරි එන්නකො ඔයා..

      පාළුයි කච කචේ නැතිව..

      ඔයාට ගොඩක් ස්තූතියි කමෙන්ට් කරාට..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම මල්ලීටත්..

      බුදු සරණයි

      ????

  10. ?_?_?_??_? ?(නිම්?..)

    සඳූ අක්කියෝ කතාවනම් ටොපේ ටොප් ඉතිම්☺️☺️??.අම්මොහ් මට මැවිල ෆේනව සෙනේශ එයාලගෙන් පළි ගත්ත හැටි??.
    ඔන්න කොල්ලට නූල් බඳින්න උනොත් අක්කිය වග කියන්න ඕනි හරිද??.
    අම්මොහ් නිකිණිගෙ පළි ගැනීමනම් අක්කිය දීල තියෙනව ඇඬෙන්නම.හැබැයි ඔය වගේ ළමයිනට අපහස කරන උන්ටනම් ඕම වෙන්න ඕනි අනිවාරෙම්ම??
    සෙනේශා මෙතු නංඟියටත් කරදර කරන්නද දන්නි නෑ හදන්නෙ නේද?.අනේ ඒනමනම් කරන්න එෆා අක්කියෝ මොනව උනත් ඒ පොඩි කෙල්ල පවිනි ඉතිම්.අනික එයා නිකිණිටවත් සෙනේශාටවත් මොකුත් කරල නෑනි නේද??
    අනී මන්ද නිකිණි සෙනේශාව විශ්වාස කරල කරගත්තෙ වැරැද්දක්ද මන්ද.නිකිණිට විහිළු කරපු අයගෙන් පළි අරම් එයාගෙ ඊළඟ ටාගට් එක ගෙදර අයවත්ද??.
    ඔන්න ඒව්නම් ඔට්ටු නෑ හරී නිකිණිගෙ ෆවුලෙ අරය මොකුත්ම කරන්න එෆා අක්කියෝ හොදද??
    අෆි බලමුකො ඉතිම් කතාව ඉස්සරහට මොකෝ වෙන්නි කියලා☺️☺️.
    ……………………………
    සොයා යමි සැමතැනම
    මට හිනා උන් සැවොම
    මාගේ අක්කා සිටියි
    අද මගේ සවියට
    නොදෙන්නෙමි සමාවක්
    කිසිවෙකුට කිසිදිනක
    ගැලූ දුක් කඳුළු දැන්
    සිනහවෙයි සතුටටම….
    පාද කොර වී අසරණව
    සිටි කෙල්ල
    යලිත් නෑ පතන්නේ
    කිසිවෙකුගෙ පිළිසරණ
    දැවෙයි හද ගිනි දැල්
    කෝපයෙන් උමතුවුන
    පළිගනිමි සැමගෙන්
    එ ගිනි දැල් සැම
    නිවී යන තුරුම….?
    ……..නිකිණී….☠️?
    දිගටම කතාව ලියන්න අක්කිට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව මන්??.
    හැමදාම හිනා වෙලා ෆරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ??.
    බුදු සරණයි අක්කිට??

    1. Sandu (kandy girl)

      අනා චූටි රස්තා මාලු බබෝ..

      අර කීවා වගේ මේකෙ හොල්මන් නෑ නේහ්. පලිගැනීම විතරයි නේ.. ඔයා පරිස්සමෙන් ඉන්න හරිද.. නිකිණි ඔහෙත් එන්න බැරි නෑ ..

      ම්.. මෙතූට නිකිණි අතින් මොනා හරි වෙය්ද කියලා අන්තිම ට බලමු නේද මලෝ.. මේ කතාව අදින් ඉවරනේ ..

      අම්මෝ මේ චූටි බබෙක් ගැන හිතන තරම් මේ කොල්ලා.. හරි හරි මෙතූ ව බලාගන්නකො ඔයා හොඳට …මං මොකුත් කරන් නෑ එයාට.. පොමිස්…???

      නිකිණි චූටි ලමයෙක් නේ..එයාට ඕනි ආදරේ ලැබෙන තැනට එයා නතු වෙනවා ඉක්මනට.. කවුරු උනත් ඒමයි..

      නිකිණි යි සෙනේශා යි ලේසියෙන් වැඩේ අත් හරින් නෑ.. මොනා වෙයිද මන්දා ඉස්සරහට නම් ඕං.

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට රස්තා බ්‍රෝ.. සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම …
      ????

  11. මගේ සඳූ අක්කියෝ ….

    මට සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න මේ තරම් පරක්කු වුනාට … අද පාන්දර ටයිප් කරපු කමෙන්ට් එක අතරමඟ දාලා යන්න වුනා මං වෙනුවෙන් බලාගෙන හිටිය කෙනෙක් නිසා … ඒත් මට කතා දෙකටම කමෙන්ට් එකක් විතරක් දාන්න හිතුනේ නෑ ….

    1. කමෙන්ට් එක අතුරුදන් වෙයි කියලා දෙකක් විදියට දාන්නේ අක්කියෝ හොදද …

      අනේ මන්දා සෙනේශා අර විහිළු කරපු ළමයින්ට දඬුවම් දෙනවා නේද … එයා ගොඩක් දරුණු විදියට නේද ඒ දේ කරන්නේ … අර ජරා මිනිස්සුන්ට නම් ඒ දඬුවම් සාධාරණයි … මොකද එයාලා දැනුම් තේරුම් තියන අය නේ… හරි වැරැද්ද මොකක්ද කියලා තේරෙද්දීම තමයි අර අඅහිංසකී විනාශ කරලා දැම්මේ …

      ඒත් මේ දරුවෝ… අනේ එයාලා වැරදි කලා තමයි . . ඒත් අර මිනිස්සු වගේ යමක් කමක් තේරෙන අය නෙවෙයි එයාලා … මං එයාලාගේ පැත්ත ගත්තා නෙවෙයි හොදද …

      එයාලා කලේ ලොකු වැරැද්දක් … විශේෂ අවශ්‍යතා තියන දරුවන් අපහසුතාවට පත් වෙන විදියට හැසිරෙන එක ගොඩක් නරකයි … මොකද එයාලාත් අනික් අය වගේම පොඩි දරුවෝ නිසා ….

      ඊළඟට තියන බය තමයි එයා මෙතූ පැටියාට කරදරයක් කරයි ද කියලා … හයක් හතරක් නොදන්නා මේ එක කුසම උපන් පැටව් අතරේ මේ වගේ වෛරයක් ඇඇතිවෙන්න ප්‍රධාන හේතුව අම්මලාගේ නොසැලකිල්ල …එහෙම නේද …

      1. Sandu (kandy girl)

        නිශූ නංගා.. ඒකට කමක් නෑ..

        ඔයා කෝම හරි කමෙන්ට් කරානේ.. ඒකට සතුටුයි මට..
        ඔයාගෙ සිතුවිල්ලට ගොඩක් ස්තූතියි ..

        නංගෝ.. සෙනේශා කියන්නේ ආත්මයක්.. මනුස්සයෙක් නෙවේ.. මැරෙද්දී කෙනෙක්ගේ හිතට පලිගැනීම කියන චේතනාව ආවම එයා පහත් ජීවියෙක් වෙනවා කියලා අපි බුදු දහමෙන් ඉගෙනගෙන තියෙනවා.

        මිනිස්සු කියන්නෙ මනසින් උසස් අයට.ඒ අයත් ඕම වැරදි කරනෝ හදවතක් මොලයක් නැති අරමුණක් වෙනුවෙන් විතරක් පහල වෙන ආත්මයක් ගැන කවර නම් කතාද…

        දඬුවම් ලැබුන අය ගැන භේදයක් දැනෙන්නේ ඔයා, මං වගේ ම මේ කතාව කියවන අනික් අයට විතරයි .. සෙනේශා ට ඒක දැනෙන්නේ තේරෙන්නේ නෑ..

        ලොකු උනත් පොඩි උනත් ඒ වගේ ලෙඩ මිනිස්සුන්ව විහිළුවට ගන්න අය ඕන තරම් සමාජේ ඉන්නවා.ඒ අයට ඊලඟ ආත්මෙක ඒවට රිටන් එක ලැබෙයි සෙනේශා කෙනෙක් නාවත්..

        ඔයා හරි නංගා.. අනිවාරෙන් ම අම්මෙක් හිතලාම කරන්න ඕං දේ තමා දරුවො සීයක් හිටියත් එකම හැන්දෙන් බෙදන එක.. ඒක හිතලා නොකර ඉන්නවාම නෙවේ..වැඩ එක්ක මග හැරෙනවා…ඒත් එයාල දැනගන්න ඕනි ඉඩ ලැබෙන සෑම මොහොතකම එයාගෙ ආදරේ ලොකු දරුවටත් පෙන්නන්න.. ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා නෙවේ.. ආදරෙන් තුරුලට අරගන්න එකයි අනික් දරුවා තරම්ම සිප ගන්න එකයි ආදරේ පෙන්නනවා කියන්නේ.. මොකද ලොකු කාලෙ ඔය හැඟීම් තදින් දැනෙන්නේ පොඩි කාලෙ ඒ ආදරේ නොලැබුන නිසයි..

        ගොඩක් ස්තූතියි නංගා මේම කමෙන්ට් කරාට.. ඔයා මේ කතාව මෙ තරම් ආසාවෙන් කියවපු එක ගැන වෙන වෙනම කමෙන්ට් දන්න හිතපු එක ගැන සතුටුයි ..

        සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..

        බුදු සරණයි …

        ????

    2. කතාව ගොඩක් ලස්සනයි මගේ අක්කියෝ ….

      අක්කී පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න …
      අක්කිටයි පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි …
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදද ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.