Katha Ahura

? සමනල පියාපත් ?| 01 වෙනි පියාපත්| නව කතා

3.6/5 - (7 votes)

01 කොටස

මං හිටියේ ගේ ඉස්සරහා ඉස්තෝප්පුවෙ තිබ්බ පුටුව උඩ වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ.මට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ.ඒත් නැත්තෙත් නෑ.මොකද මට එක්සෑම් එකක් එනවා තව මාස දෙකකින් … ඒත් කිසි ගානක් නැතුව මම පුටුව උඩට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.

මොකද මම හැමදේටම වඩා කවි ,නිසදැස් ලියන්න පුදුම විදිහට ඇබ්බැහි වෙලා හිටියේ.ඒකට තවත් උදව්වක් උනේ ගූගල් ප්ලස් කියන ඇප් එක.ඒක සෝශල් මීඩියා එකක් උනත් අනිත් සෝශල් මීඩියා වලට වඩා හුගාක් වෙනස්.

ඉතිං මම ගූගල් ප්ලස් එකේ කමියුනිටි වලට මගේ නිසදැස් ,කතා දැම්මා.ඒවා කියවලා අනිත් අය දාන ලස්සන ලස්සන කමෙන්ට්ස් වලින් තමයි මං හුගාක් සතුටු උනේ.මගේ දවසින් වැඩි කාලයක් ගෙවුනේ ගූගල් ප්ලස් එකේ නිසදැස් කතා දාන්න.කොච්චර මගේ නිසදැස් වලට ආස අය ඒකෙ හිටියත් මට ඒකෙ ළගම යාලුවො නම් හිටියේ නෑ.
මොකද මං කමෙන්ට් එකකට එහා කාත් එක්කවත් වැඩි කතාවට ගියේ නෑ.
ඒක මගේ ලොකු කම නම් නෙවෙයි.ඒ ඉතිං මගේ හැටි.

මං සෂානි පැහැසරණි.ඒත් ඉතිං යාලුවො නම් මට කතා කලේ ෂානි කියලා.මං ඉන්නෙ බොලොස්සගම කියන ලස්සන ගමේ.දොල පාරවල් … රබර් වතු , වෙල් යායවල් හුගාක් තිබ්බ අපේ ගම හරි ලස්සනයි… ඇවිදින්න නම් හුගාක් තැන් තියෙනවා.ඒත් දැන් එහෙම ඇවිදින්න වෙලාවක් තමයි නැත්තේ.
මට තාම වයස අවුරුදු විස්සයි.පවුලෙ එකම ළමයා නිසා තාම ගෙදරට වෙලා හුරතල් වෙවී ඉන්නවා.මං තාම ඉගෙන ගන්නවා.මං ආස උනේ නීතිය ඉගෙන ගන්න උනත් තාත්තා ඒකට වැඩිය කැමති උනේ නෑ.ඒත් දවසක මගෙ ආසාව ලෝයර් කෙනෙක් වෙන්න.ඒත් මං චාටඩ් අකවුන්ටන්සි කරන ගමන් ඉන්නෙ මේ වෙද්දි.මොකද මම ඒ සයිඩ් එකටත් ආස නිසා.

ඇත්තම කිව්වොත් මගේ ජීවිතෙත් නිකන් චිකන් හොදියි ලොසින්ජරයි වගේ… කිසිම ගැලපීමක් නැති දේවල් වලට තමයි මං ආස.හරියට බටර් කේක් පරිප්පු හොද්දක ඔබාගෙන කනවා වගේ.

කොච්චර පන්ඩිතකම් කියෙව්වත් මගේ කට විතරයි කටර් එක වගේ තිබ්බේ.කච කච ගාලා කියෙව්වට මං අඩි පහක්වත් උස නෑ.මහ ලොකු ඇගකුත් නෑ.එක පාරක් දැක්කම දෙපාරක් හැරිලා බලන්න තරන් ලස්සනක් නැති උනත් මං ඉතිං කැතත් නෑ.
මොනවා උනත් මට ඕනි උනේ නිසදැසක් ලියාගෙන සතුටින් විනෝදෙන් ආතල් එකේ ජීවිතේ ගෙවන්න.හැබැයි මං එහෙම කිව්වට අනාගත බලාපොරොත්තු ගොඩක් තිබ්බා මට.මං හැමතිස්සෙම මහන්සි උනේ හැමදේම බැලන්ස් කරගෙන මගේ ඉලක්ක වලට යන්න.

” මොකද්ද ඕයි ඔය ඉන්න හැටි .. කෙල්ලෙක් නේද … ”

මගෙ කල්පනාව බිදිලා ගියේ වත්ත දිහාවෙන් ඇහුන මල්ලිගේ කටහඩින්.මල්ලි කිව්වට එයා මගෙම මල්ලි නෙවෙයි.මගෙ බාප්පගෙ පුතා.
මල්ලි උනාට ඌ හිතාගෙන ඉන්නෙ ඌ මගෙ අයියා කියලා.

” දැන් ඉතිං ඉදලා ඉවරයි .. ෆෝන් එක නිදහසේ ඔබන්නවත් නෑ මේ යකා ආවම .. ”
මං මටම ඇහෙන්න කියාගත්තා.

” එනවා එනවා … මාත් කම්මැලිකමේ හිටියේ .. පුටුවක් ඇදන් ඔහෙන් වාඩි වෙනවා …. ”
මං මල්ලිට කිව්වෙ ඒ ළග තිබ්බ පුටුවක් පෙන්නන ගමන්.

” මේ මාව දැක්කමවත් කකුල් දෙක පල්ලෙහා දාලා කෙල්ලෙක් වගේ ඉන්නවකෝ හලෝ …….. ”
මල්ලි කිව්වෙ පුටුවක් ඇදගෙන මගෙ ළගට එනගමන්.

” මේ මොන විකාරයක්ද මේ …. ”
මං එහෙම කියලා කකුල් දෙක බිමට ගත්තා.මල්ලිගෙත් වෙලාවකට තියෙන්නෙ මාර කෝලන් තමයි.

මල්ලි ඇවිල්ලා හිටියත් මගෙ සිහිය තිබ්බෙ මං ටයිප් කර කර හිටිය කතාවට.ඒ නිසා මල්ලි කියන ඒවට මං වැඩි අවදානයක් දුන්නෙ නෑ.

” මොනවද අනේ ඔච්චර කොටන්නේ … ඇත්ත කියපන් කොල්ලට නේද .මැසේජ් කරන්නේ……”
මල්ලි කියන දේවල් වලට මං ඇහුන්කන් දෙන්නෙ නෑ කියලා එයාට තේරුන නිසා මල්ලි ඇහුවෙ මගෙ ෆෝන් එකට එබෙන ගමන්.

අපේ මල්ලිත් වෙලාවකට පුදුම වදයක්.වදකාර යක්ශ පැටියෙක්.ඕනෙ එකයි එපා එකයි හැමදේම හොයනවා.

” මට ඇති කොල්ලෙක් නෑ ඕයි …මේ බලනවා .. මං මොකද්ද කරන්නෙ කියලා … ”
මං ටයිප් කර කර හිටිය කතාව මල්ලිට පෙන්නන ගමන් කිව්වා.

” මේවා ලියන්නේ ඇයි .. මොනවද ඔයාට ලැබෙන්නෙ මේවා ලියලා…. ”

” මෝඩයා … මට මේවා ලියලා ලැබෙන්නෙ හිතේ සතුට.. ආත්ම තෘප්තිය … අනිත් අය මගේ කවි, නිසදැස්, කතා කියවලා සතුටු වෙනවා නම් ඒක මට ලොකූ සතුටක් .. අනිත් අය සතුටු කරන්න තමයි මං මේවා ලියන්නේ .. ”
මං කිව්වෙ මල්ලි දිහා බලලා හිනා වෙලා.

” අනේ මන්දා .. මට නම් තේරෙන්නෙ නෑ .. මං මේ ආවෙ ඔයාවත් එක්කන් පොඩි රවුමක් යන්න …”

දැන් මේ ගමන මල්ලි එක්ක ගියොත් මට කතාව ටයිප් කරන්න වෙන්නෙ නෑ.ඒත් ඉතිං කාලෙකින් ගම වටේ රවුමක් ගියෙත් නෑ.

” පයින් නම් බෑ හොදේ …. ”
මං ලිය ලිය හිටිය කතාව එහෙම්මම තියලා මල්ලිට කිව්වා.

” කවුද අක්කේ පයින් යන්නේ … ස්කූටියේ යන්නේ … ”

මල්ලිත් එක්ක ස්කූටියේ යන්න මටත් ඉතිං ආස හිතුනා.මොකද කාලෙකින් ගියෙත් නෑනේ.කතාව රෑට හරි ලියන්න පුලුවන් නේ.හුගාක් හවස් වෙලත් නැති නිසා මටත් හිතුනා මල්ලි එක්ක යන්න.

” මේ .. අම්මගෙන් අහන්නකෝ ඔයා .. මං ඇදුමක් දාන් එන්නම් …. ”
මං මල්ලිගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට යන ගමන් කිව්වා.

” ඔය ඇදුම හොදයි අනේ ….. ”
මල්ලි ගේ ඇතුලට යන ගමන් කිව්වා.

මං ඇදගෙන හිටියේ ශෝටයි ටී ශර්ට් එකයි .. මේක ඇදන් පාරෙ ගියොත් මොනවා කියයිද දන්නෑ මිනිස්සු.

” පිස්සුද..ඔයා ගිහින් අම්මගෙන් අහන්න .. මං ඉක්මනට ඇදුමක් දාන් එන්නම් .”
මං එහෙම කියලා කාමරේට දිව්වා.

මං දඩ බඩ ගාලා ඇදන් හිටිය ඇදුම අයින් කරලා ගවුමක් ඇදගත්තා.ෆෝන් එක දාගන්න සාක්කුවක් නැති නිසා මං ඒක ගෙදර තියලා යන්න හිතුවා.අරන් ගිහිල්ලා කරන්න දේකුත් නෑනේ.ස්කූටියෙ යන ගමන් කතා ලියන්න බෑනේ…මගෙ අම්මෝ .. ෆෝන් එක වැටුනොත් ඒම.ඒක නිකන් මගේ ජීවිතේ වගේ.

” ඉක්මනට එනවකෝ ………”
මල්ලි දොර ගාව ඉදන් කෑගහනවා මට ඇහුනා.

” මහ ලොකු වෙලාවක් ගියා වගේනේ කෑගහන්නේ … ”
මං කිව්වෙ දොරත් ඇරගෙන එලියට යන ගමන්.

මං හෙමීට ඇවිදන් ගිහින් කුස්සියට ඔලුව දැම්මෙ අම්මා ඉන්නවද බලන්න…. ඒත් අම්මා පේන්න හිටියේ නෑ.

” අම්මේ මං මල්ලි එක්ක ගිහින් එන්නන්…”
මං ටිකක් සද්දෙට එහෙම කියලා කෑගැහුවා.

” හා හා .. පරිස්සමින් හැබැයි දෙන්නම ..”
අම්මා පිලිකන්න පැත්තේ ඉදන් කියනවා මට යාන්තමට වගේ ඇහුනා.අම්මගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මනට යන්න ඕනි .

” හරී .. මං යනවෝ ….. ”
මං එහෙම කියාගෙන ආපහු හැරිලා සාලෙ දිගේ දුවගෙන ගියා.ඒ වෙද්දිත් මල්ලි මිදුලට ගිහින්.

මල්ලියි මමයි පල්ලම බැහැලා පහල නවත්තල තිබ්බ ස්කූටියට නැග්ගා.

” මේ අපි දැන් කොහෙද යන්නේ ……. ”
මං ඇහුවේ මල්ලි ස්කූටිය ස්ටාට් කරන්න කලින්.

” බන්ට් එක දිහාවට යන් … මේ අපි සුදු අක්කවත් එක්කගෙන යන්ද … ”
මල්ලි මගෙන් ඇහුවම මාත් ඒකට කැමති උනා.

අපේ තාත්තගෙ පවුලේ හතර දෙනාගෙ ගෙවල් තිබ්බෙ එක ළග.ඒක නිසා අපේ පවුලෙ ළමයින්ට ඕනෙ විදිහට එකතු වෙලා සෙල්ලම් කරන්න ගමේ ඇවිදින්න යන්න කරදරයක් තිබ්බෙ නෑ.

සුදු අක්කා කියලා මල්ලි කිව්වට මට නම් එයා නංගි.මට වඩා අවුරුද්දක් බාලයි.එයාලගෙ ගෙවල් තිබ්බෙත් අපේ ගෙවල් කිට්ටුවම නිසා බන්ට් එකට යන්න එයාවත් එක්කගෙන යන්න අපි කල්පනා කලා.

මල්ලි ස්කූටිය ස්ටාට් කරලා පාරට දාලා එයාට යන්න පුලුවන් උපරිම වේගෙන් බයික් එක අරගෙන ගියා.මේ පොඩි දුරට මෙයා ඉගිලෙන්න හදන හැටි.
අපේ අම්මා හැමදාම කියනවා මාව දාගෙන යද්දි අක්කට නම් මුකුත් කරදරයක් කරන්න එපා කියලා.

අපිට විනාඩි පහක්වත් ගියේ නෑ නංගිලගෙ ගෙදරට යන්න.අපි දෙන්නා ස්කූටිය පාර අයිනෙන් නවත්තලා නංගිලගෙ ගේ දිහාවට ඇවිදගෙන ගියා.

ඒත් ගේ දිහාවෙ කවුරුත් පේන්න හිටියේ නෑ..

” ලොකු නැන්දේ ….. ලොකු නැන්දේ …… ”
කවුරුත් පේන්න හිටියේ නැති නිසා මං ටිකක් සද්දෙට කතා කලා.
ටික වෙලාවකින් කොණ්ඩෙත් ගැට ගගහා කාමරෙන් එලියට ආවෙ ලොකු නැන්දා.එයා නම් හොදට නිදාගෙන වගේ ඉදලා තියෙන්නේ.

” ආ …. චූටි මැනිකේ .. එන්න එන්න … ”

අපි දෙන්නව දැක්කම ලොකු නැන්දා හිනා වෙලා කිව්වා.මට හැමෝම ආදරේට කතා කලේ චූටි මැනිකේ කියලා.මාත් ඉතිං ආසයි මට එහෙම කතා කරනවට.

මමයි මල්ලියි ගිහින් ඉස්සරහා සෙටියෙන් වාඩි උනා.

” කොහේ යනගමන්ද මේ දෙන්නා ”
නැන්දත් අපිට ඉස්සරහින් තිබ්බ පුටුවකින් ඉදගන්න ගමන් ඇහුවා.

” කම්මැලි නිසා බන්ට් එක පැත්තට යන්න ආවෙ ලොකු නැන්දේ .. කෝ සුදු අක්කා … එයාවත් එක්කගෙන යන්න ආවේ … ”
මල්ලි කිව්වා.

” ගියාට නම් කමක් නෑ .හවස් නොවී එන්න ඕනි .. හැබැයි සුදු අක්කා නම් තාම නානවා ….”
නැන්දා කියද්දි මල්ලි ඔලුවෙ අත් දෙක ගහගත්තා.

” හපෝ … එයා නානවා නම් හෙට තමා ගමන යන්න වෙන්නේ …… ”
මල්ලි කියද්දි මටයි නැන්දටයි හොදටම හිනා.

” ඉන්න මං ඔයාලා දෙන්නට තේ හදන්නම්… රෝස් පානුත් තියෙනවා කරවල බැදුමකුත් එක්ක .. ”
නැන්දා එහෙම කියාගෙන පුටුවෙන් නැගිටලා කුස්සිය දිහාවට ගියා.
මමයි මල්ලියිත් රෝස් පාන් මතක් කලාම එක පිම්මට පුටුවෙන් නැගිටලා කුස්සිය දිහාවට දිව්වා.

නැන්දා අපිට කරවල බැදුම් පීරිසියකට බෙදලා දීලා රෝස් පාන් දෙකකුත් අතට දුන්නා.
මමයි මල්ලියි කුස්සියේ උලුවස්ස ළගම පඩිය උඩින් වාඩි වෙලා තරගෙට වගේ කරවල බැදුම් එක්ක රෝස් පාන් කෑවා.

කොහොම හරි නංගි නාගෙන එද්දි මායි මල්ලියි රෝස් පාන් කාලා හොදට ඉගුරු දාලා තේ දෙකකුත් බීලා හිටියේ.

” දැන්වත් ඉක්මනට ලෑස්‍ති වෙන්න …. ”
මල්ලි සැරින් සැරේට නංගිගේ කාමරේ දොර ළගට ගිහින් එයා ලෑස්ති වෙලා ඉවර වෙනකන්ම තට්ටු කර කර කිව්වා.

කොහොමින් කොහොම හරි නංගිවත් ලෑස්ති කරගෙන අපි ගෙදරින් එලියට බහිද්දි සෑහෙන්න වෙලා ගිහින්.

” ඔන්න බලාන් … දැන් ඉතිං අල ගෝනිය පැටෙව්වා වගේ තියෙයි ඈ ……. අද්දයිද දන්නෙත් නෑ බයික් එක … ”

ස්කූටියට මමයි මල්ලියි නැගලා නංගි නගින්න හදනකොට මල්ලි කිව්වෙ නංගිව ටිකක් කේන්ති ගස්සන්න.
නංගි කොහොමත් මට වඩා මහතයි.

නංගි මල්ලිගෙ පිටට පාරක් ගහලා ස්කූටියට නැග්ගා.ඇත්තම කිව්වොත් එයා නගිනකොට ස්කූටිය ටිකක් පැත්තට ඇලවෙලා හෙල්ලුනා.

” මං කිව්වෙ නැද්ද … ලොකු අක්කා නගිනවා තේරෙන්නෙ නෑ..එයා ඉන්නවද කියලවත් තේරෙන්නෙ නෑ.. මෙන්න ඒකට … නැග්ග ගමන් බයික් එක ඔරුව වගේ පැද්දෙනවා .. ”
මල්ලි කිව්වෙ හිනා වෙවී.
මං අමාරුවෙන් මගෙ හිනාව තද කරගත්තා.මොනවා උනත් හරි නෑනෙ නංගිට එහෙම හිනා වෙන එක.

” කට වහන් යමන් … ගෙම්බා …. ”
නංගි එහෙම කියලා ආයෙමත් මල්ලිගෙ පිටට පාරක් ගැහුවා.

මල්ලි හිනා වෙවීම ස්කූටිය ස්ටාට් කරලා පාරට දැම්මා.තුන් දෙනෙක් හිටිය නිසා මල්ලි කලින් තරන් වේගෙන් බයික් එක අරගෙන ගියේ නෑ.

අපි ටික දුරක් ඉස්සරහට යද්දි දැක්කෙ දුර ඉදන් අපේ දිහාවට එන බයික් එකක්..

” ආව්ව්………. අන්න එනවා පට්ට එන්එස් එකක් .. බලනවා ඒකෙ ලයිට් ගහලා තියෙන හැටි … ”
මල්ලි එහෙම කියද්දි මමත් හොදට බැලුවා ඉස්සරහින් එන බයික් එක දිහා.

” මොකද්ද බං ඒකෙ ලස්සන … තොරණ වගේ… ඔයිට වඩා ලස්සන බයික් දැකලා නැද්ද … ”
මං කිව්වෙ හිනා වෙවී.

” ඒ …. ඒ අර ශාන් අයියගෙ බයික් එක ඕයි …. ”
මල්ලි කියද්දියි මම බයික් එක පැදන් ආව කෙනා දිහා හොදට බැලුවේ.

” හාපෝ … මේ ඒ හාල් ගැරඩිය නේ…මට නම් පේන්න බෑ ඔය මනුස්සයාව …..”
මං කිව්වා.

” මොකා කිව්වා .. හාල් ගැරඩියා .. හම්මෝ ඒක .. පව් අක්කේ එහෙම කියන්න එපා ”
මල්ලි කිව්වෙත් හිනා වෙවී.

” අනේ මේ … තමුසෙ දැන් ස්කූටිය නවත්තනවා එහෙම නෙවෙයි හොදද …. දැක්කෙ නෑ වගේ යන් … ”

” මොකද්ද ඔයාට එයා එක්ක තියෙන අවුල … ”

මල්ලි මගෙන් අහද්දි මං මුකුත් කිව්වෙ නෑ.ඇත්තටම ශාන් අයියා මට කිසි වැරැද්දක් කරලා නෑ.ඒත් එයා හරිම විකාරයක්.දැක්ක තැන නංගියා ගගා ඇගේ එල්ලෙන්න එනවා.එහෙම අයට මං පොඩ්ඩක්වත් ආස නෑ.

ගමේ අනිත් කෙල්ලන්ට නම් ශාන් අයියා හෙන ලොකු පොරක්.මොකද එයා කීප සැරයක්ම ටීවී එකේ ඩාන්සින් කම්පිටිශන් එකකට ගියා.හැබැයි දින්නෙ නම් නෑ.දැන් එයා ටවුන් එකේ ඩාන්සින් ක්ලාස් කරනවා.

” මේ …මට එයා එක්ක ලොකු අවුලක් නෑ.. එයා මහ ඇනයක් අපි යන් ..”
මං එහෙම කිව්වත් වැඩක් උනේ නෑ.ඒ වෙද්දිත් ශාන් අයියගෙ බයික් එක අපේ ස්කූටිය හරස් කරලා නවත්තලා ඉවරයි.

” අහ් … කවීන් මල්ලියා … කොහෙද මේ අක්කලා දෙන්නවත් දාගෙන යන්නේ … ”
ශාන් අයියා ඇස් නටව නටව අහද්දි මං අහක බලාගත්තා.

” අපි බන්ට් එක දිහාවට යනවා අයියේ … ”
මල්ලි එහෙම කියද්දි මං එයාගෙ පිට කෙනිත්තුවා ..ඒත් ඉතිං කියලා ඉවරයි නේ අපේ හරක් පැටියා.

” ම්ම්ම්ම්… … අක්කලවත් එක්කගෙන මේ වෙලාවෙ යන්න එපා .. උදේ වරුවක යන්න … ”
ශාන් අයියා කිව්වා.

” මල්ලි අපි යන්ද .. මෙතන හිටියොත් තවත් පරක්කු වෙනවා නේ ….”
මං කිව්වෙ ශාන් අයියටත් ඇහෙන්න.

” ඇයි නංගි හදිස්සි … ඔයා මාව දැක්ක තැන පැනලා දුවනවා නේ මගෙ ස්වීට් හාට් ..”

” මොකක් කිව්වා .. ශාන් අයියේ මේ …මගෙන් මුකුත් අහගන්න එපා ….”
මං කිව්වෙ මගේ කේන්තිය හිතේ තද කරගෙන.

” මේ ඔයාලගෙ පරිස්සමට මමත් එන්නද ”
ශාන් අයියා ආයෙමත් මගෙ දිහා බලලා ඇහුවා.

” වදයක් වෙන්න එපා ශාන් අයියේ ……. යනවද යන්න ඔයා යන්න ගිය ගමන … ”
මං එහෙම කියලා ශාන් අයියා දිහා බැලුවේ ඔරවලා.

” හරි හරි ස්වීට් හාට් …. මං යන්නම්කෝ … …පරිස්සම් වෙලා ගිහින් එන්නකෝ … ”
ශාන් අයියා එහෙම කියලා බයික් එකත් ස්ටාට් කරගෙන යන්න ගියා.

” මොකටද බූරුවෝ අපි බන්ට් එකට යනවා කියලා කියන්න ගියේ ……. ”
ශාන් අයියා ගියාට පස්සේ මං ඇහුවේ මල්ලිගේ එක අතක් කොනිත්තලා.

” ආව්ව්ව් …….. ඉතිං අනේ… මොකද වෙන්නෙ .. ඔයා එයාට බැන්නට ශාන් අයියා හරි හොදයි අනේ … ”
මල්ලි කියද්දි මට එයාව ආයෙ පාරක් කොනිත්තන්න හිතුනා.

” අනේ මේ මල්ලි …. කෙල්ලන්ට ස්වීට් හාට් කිය කිය කෝලමක් වෙන කොල්ලෙක්ගෙ මොකද්ද තියෙන හොද .. ”
නංගිත් පිටි පස්සෙ ඉදන් කිව්වා.

” අනේ මේ .. එයා හැමෝටම එහෙම කියන්නෙ නෑ .. බලන්නකෝ .. ශාන්, ෂානි කොච්චර ලස්සනට ගැලපෙනවද ..”
මල්ලි කිව්වෙ හිනා වෙවී.

” මේ බූරුවො .. මං සෂානි … හරිද .. ගුටි නොකා යන් .. .තමුසෙ ශාන් අයියටත් වඩා හාල් ගැරඩියෙක් නේ ..”
මං එහෙම කියලා මල්ලිගෙම පිටට හේත්තු වෙලා හිනා උනා.

මල්ලි මුකුත් නොකියා බයික් එක ආයෙම සැරයක් ස්ටාට් කරලා ඉස්සරහට අරගෙන ගියා.

අපි ඒ පාර දිගේ ටිකක් ඉස්සරහට ගිහින් බොරලු පාරකට හැරෙව්වා.ඒ බොරලු පාරෙන් ගියාම තමයි බන්ට් එකට යන්න පුලුවන්.
ඒ බොරලු පාර වැටිලා තිබ්බේ ලොකු රබර් වත්තක් මැද්දෙන්.රෑකට නම් මේ රබර් වත්ත මැද්දෙන් යනවා කියන්නෙ සෑහෙන්න ත්‍රාසජනක අත්දැකීමක් තමයි.හවස් වෙලාවට උනත් හුගක් ගුප්ත පාලු පෙනුමක් තමයි රබර් වත්ත දෙපැත්තේ තිබ්බේ.

” මේ .. ..මේකෙ නේද අර අයියා කෙනෙක් එල්ලිලා මැරුනේ …”
නංගි කිව්වෙ ඔලුව කරකව කරකව රබර් වත්ත දෙපැත්ත බලන ගමන්.

” සුදු අක්කේ මේ .. කට වහන් යන්ද … මේ වෙලාවට ඕවා මතක් කරනවද .. අපි එද්දි ටිකක් කලුවරත් වැටිලා තියෙයි ”
මල්ලි කිව්වා.

නංගි එතනින් එහාට මුකුත්ම කිව්වෙ නෑ.ඇත්තටම ඉතිං මේ වගේ වෙලාවක ඕවා මතක් කරනවද අනේ…අනික ඇත්තටම අපි ආයෙ එන්නත් ඕනි මේ පාරෙන්මයි..

තව ටික දුරක් යද්දි රබර් වත්ත පහු උනා.ඊට පස්සෙ බොරලු පාර එන්න එන්නම පටු උනා.ඒත් බයික් දෙකකට මාරු වෙන්න තරම් පාරේ ඉඩ තිබ්බා.

රබර් වත්ත පහු උනාට පස්සෙ පාර දෙපැත්තෙම තිබ්බේ වෙල..හුගාක් ඈතට යනකන් වෙල් යාය තිබ්බා.ඒත් ඒකේ හුගාක් තැන්වලට බහින්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.මොකද හුගක් තැන් වල මඩ වලවල් වතුර වලවල් තිබ්බේ.ඒ තැන් වල ඇවිදින්න තියා හිතන්නවත් බෑ මොකද එරෙන නිසා.

ඒත් හරි ලස්සනට සමහර තැන්වල චූටි ඕලු මල් පිපිලා තිබ්බා.ඒවා සුදු පාටට ලස්සනට හුගාක් පිපිලා තිබ්බා.

” මේ මේ ….. බයික් එක නවත්තන්නකෝ … ”
මං කිව්වෙ මල්ලිගෙ පිටට තට්ටුවක් දාන ගමන්.

” ඇයි මොකද හදිස්සි .. ටිකක් එහායින් නවත්තමු…. ”

” අනේ අර බලන්නකෝ මල්ලි ලස්සනට මල් පිපිලා … ”
නංගිත් කිව්වා.

” ආහ්… දැන් ඕකෙ බහින්නද හදන්නේ … එරෙයි යකෝ … මොලේ නැති එලදෙන්නු දෙන්නා … ”
මල්ලි කිව්වේ හිනා වෙවී.

” හැමතැනම එරෙන්නෙ නෑ නේ … ”
නංගි කිව්වා.

මල්ලි තව ටිකක් ඉස්සරහට ගිහින් ස්කූටිය අයිනට කරලා නැවැත්තුවා.
නංගියි මමයි ස්කූටියෙන් බැහැලා පාරෙ අයිනටම ගිහින් වෙලට එබිලා බැලුවේ එතන තිබ්බ දොල පාරෙ පිපිලා තිබ්බ මල් දිහා.

” මේ බහින්න නම් එපා … එරිලා මැරුනොත් මටයි සාක්කි දෙන්න වෙන්නේ … ”
මල්ලි කිව්වෙ හිනා වෙවී.

” අක්කේ මෙතන නම් එරෙන එකක් නෑ… වතුර පාරක් නේ තියෙන්නේ .”.
නංගි එහෙම කියලා වතුර පාරට හෙමීට බැස්සා.

නංගි වතුර පාරෙ ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා.එයා කිසි අවුලක් නැතුව ඇවිදන් ගිය නිසා මමත් හෙමීට වතුර පාරට බැස්සා.

” කියන දේ අහන්න බැරි නම් ඕනෙ එකක් කරගන්න … ”
මල්ලි පාරට වෙලා කිව්වේ කේන්තියෙන්.එයා නම් නිකමටවත් බැස්සෙ නෑ පල්ලෙහාට.

නංගි ටිකක් ඉස්සරහට ඇවිදන් ගිහින් හෙමීට අත දික් කලේ ටිකක් එහායින් පිපිලා තිබ්බ ඕලු මලක් කඩාගන්න.ඒත් එයාගෙ අත දිග මදි උනා ඒ මල කඩාගන්න.

” ඉන්න මං කඩලා දෙන්නම් … ”
මං එහෙම කියලා තව ටිකක් එහාට කකුල තිබ්බා.වතුර පාරෙ ටිකක් ඉස්සරහින් පෙනුනෙ තණකොළ පිඩලි තියෙනවා වගේ.ඉතිං ඇත්තටම මමත් හිතුවෙ ඒ තියෙන්නෙ තණකොළ කියලා.

” හරකියේ …. යන්න එපා… එරේවි ඔයා …. ”
මල්ලි පාරෙ ඉදන් කෑගැහුවා.

ඒත් මං තණකොළ පිඩැල්ලට හෙමීට අඩිය තිබ්බා.ඒත් මට තේරුනා මගෙ කකුල ටිකක් යටට එරෙනවා වගේ කියලා.
මං අමාරුවෙන් ඒ කකුල උඩට ගන්න දැගලුවත් බැලන්ස් නැතුව ගිහින් මගේ අනිත් කකුලත් මඩේ එරුනා.

ටික ටික මට තේරුනේ මගෙ කකුල් දෙක යටට යනවා කියලා.

” ඒහ් …. මල්ලි ….. මල්ලි …. …”
මං අත් දෙක උඩට උස්සලා හයියෙන් කෑගැහුවා.

හෙට නැවත හමුවෙමු..

??????????????????????
ඉතිං ළමයි ෂානිට මොකක් වේවිද.. අනුමාන කරමු බලන්න

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ.. ආදරෙයි ඔයාලට පැලෙන්න තෙරුවන් සරණයි

මම ඩී.සුමිත්

144 thoughts on “? සමනල පියාපත් ?| 01 වෙනි පියාපත්| නව කතා”

    1. කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️ අයියේ.

      සහෝදර සහෝදරියො එක්ක ඉද්දි හරි ශෝයි නේද.ගම වටේම කරක්ගහලා පිස්සු නටලා හොදට විනෝද වුනහැකි.ඒ මතක හරිම සුන්දරයි.අනේ කෙල්ලව මඩේ එරුනා නේද.එහෙම දේවල් වෙනකොට තමයි ජොලිය වැඩි වෙන්නෙ.කතාවෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා නම් තාම හිතාගන්න බෑ අයියේ.

      සුභ පතනවා අයියේ ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
      ???????? All the best ? ? ? ? ? ? ? ? ?????????

      1
      1. සුභ උදෑසනක් නංගි එයා කොහොමද ඉතින් ඡන්දෙ දාන්න ගියාද.. අනිවාර්යෙන්ම නංගියා මේක වෙනස්ම කතාවක් බලන්නකො මේක ආදරේ අඩුයි වෙන දේවල් තමයි වැඩියෙන් තියෙන්නේ..මේක ගොඩක් වැදගත් වෙන්නේ ගෑනු ළමයින්ට ඒගොල්ලන් ජීවත් වෙන්නේ කොහොමද ලයිෆ් එක ගිනි යන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් ගොඩක් තියෙන්නේ..ඉතින් ඉෂූ නංගියේ හැමදාම අයියට කොමෙන්ට් එකක් දාල මේ වගේ ශක්තියක් වෙන්න වෙනදා වගේ අපි හොඳ ෆන් එකක් ගමු.. මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි.. තෙරුවන් සරණයි නංගී

    2. නිෂා සශී ?

      ගුඩ් මෝනින් ඉෂුවෝ …. අද ෆස්ට් වෙලානේ… උනුම උනු සුබ පැතුම් ඈ..??????????????

    1. නිෂා සශී ?

      ලොකු අයියේ කෝමද ඉතින් ….. කතාවක් දුන්නටනන් වැන්දත් මදි අප්පා මොකද අපි මේ දවස්වල හරියට කතාවක් නැතුව වේලි වේලි හියියෙ. ඒ නිසා මගෙන් අපේ අයියට ??????????????????????????

      අයියෙ කතාවනන් මරු වගේ ෂානිට මුකුත් වෙන්නෑ අනී….. ???? මොකද ඉතින් ෂානියා කතාව ඉවර වෙනකම්ම ඉන්න එපැයි නේද අයියා…. හලි හලි හෙටත් කතාව අරන් එන්නකෝ…. අපි බලාන් ඉන්නෝ… හැමදාම හිනාවෙලා පරිස්සමින් සතුටින් ඉන්න අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ???????????? ආය එහෙම අපිව දාල යන්න එපෝ අපේ නෑනවයි අපෙ අක්කිවයි මතක්කරා කීන්නෝ..??????

      1. සුභ උදෑසනක් නිශා මං ගියා ඔන්න අයියා ඔයාලත් එක්ක එකතු වෙන්න ආයෙත් කතාවකින්ම ආවා..ඉතින් ඇත්තටම සතුටුයි ආයෙත් ඔයාලත් එක්ක එකතු වෙන්න ලැබුණ එක ගැන වෙනදා වගේම අපේ ගොඩක් සතුටින් ෆන් එකේ ඉමු අපට පුළුවන් වේවි ආයෙත් එකතු වෙන්න අපේ දඟ පවුල හදාගන්න…මේක වෙනස්ම විදියේ කතාවක් නිසා ඔයා ආසාවෙන් බලනවා කියලා මට සීයට සීයක් ෂුවර් ඉතිං මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

    1. ❤️ විතරක් මදි හොඳේ ලස්සන ආදරණීය කොමෙන්ට් එකකුත් ඕනේ.. තෙරුවන් සරණයි නංගි ඔයාට බොහොමත්ම ස්තුතියි

    2. ?නෙතූ?

      මුලින්ම සොරි වේවා අයියේ කමෙන්ට් කරන්න බැරි උනා….චුට්ටක් බිසී උනා චන්දේ නිසා…..???????
      ඉතින් අයියේ කතාව ගැනනම් කියන්න දෙයක් නෑ…..ඒ තරම්ම ලස්සනයි….අයියගේ හැම කතාවක්ම කොහොමත් ලස්සනයිනේ ඉතින්….ගොඩාක් ආසාවෙන් කියවන්නේ….ශානිට මොනා වෙයිද….එයාව බේරගන්න මල්ලිට පුලුවන් වෙයිද..නැත්නම් අර හාල් ගැරඩියා එයිද….ඉතින් මගේ අයියේ….සතුටින් පරිස්සමින් ඉන්න…..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️K

    1. ?❤️ මදි හොඳේ ලස්සන කොමෙන්ට් එකකුත් ඕනි අයියට බෝම ස්තූතියි නංගි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි danu nangiya

    1. මදි මදි අයියට ලොකු දිග කොමෙන්ට් ඕනි කියල දන්නව නේද… වෙනදා වගේ අපි හැමෝම එකතු වෙන්න ඕනේ ආයෙත් හරිද.. බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි ඔයාට veenavi නංගී

      1. අයියා කොහොමද ඉතින්… ගොඩක කාලෙකින්. සතුටුයි ගොඩක් අයියා ආයේම ඇප් එක ට ආපු එකට..???? මගේ ටැබ් 1සෙත්ත පෝච්චි කලාට පස්සෙ මන් දස වීර්යයෙන් අලුත් 4 n 1 අරගෙන ආපහු ඇප් එක ට එනකොට අයියාත් නෑ.දඟ ෆැමිලි 1ත්ගොඩක් අය නෑ.
        ඉස්සර වගේ ආයෙමත් දඟ ෆැමිලි 1 හැමෝම එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙයි.
        තෙරුවන් සරණයි අයියේ. හොඳින් ඉන්න.හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
        ??????????????????????????????????????????????

        1. අනිවාර්යෙන්ම nangiya.. අපි ආයෙත් වෙනදා වගේ සතුටින් ෆන් එකෙන් එමු.. සුබ රාත්‍රියක් නංගි ඔයාට තෙරුවන් සරණයි

    2. කොයිතරම් අපහසු වුනත් අපි වෙනුවෙන් ආපහු කතාවක් අරගෙන ආවට අයියාට ගොඩක් පින් ??????

      කතාව නම් නියමයි…සශානි අක්කිටත් පාඩුවේ ඉන්න බෑනේ. දැන් ඉතින් මඩේ .මදෑ ඕලු කැඩුවා.හාල් ගැරඬියා…?????? නියමයි ඈ… ඒ නම නම් සුපිරි. හෙට කොම හරි අක්කිව ගොඩ ගන්න.හොල්මනුත් ඉන්නවා කිව්වා නේ…?????මොන වා වේවිද කියලා හෙට කෙටස එනකම් බලන් ඉන්නවා……

  1. හරි ලස්සනයි අයියේ කතාව. ඒත් මොකක්ද වෙන්නෙ කියලා නම් තාම හිතාගන්න බෑ. ඉස්සරහට ඒ දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි නේ. ඉතින් හෙට වෙනකන් බලන් ඉන්නම්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා..

    සතුටින් පරිස්සමින් ඉන්න..

    ? All the very best ?

    බුදු සරණයි !

    1. සුභ උදෑසනක් නිරෝෂා නංගී ඔන්න ආයෙත් අපට අපේ දඟ සෙට් එක හදාගන්න අවස්ථාවක් ඇවිල්ල තියෙනවා අපි ට්‍රයි එකක් දෙමු ආයෙත් අපේ දඟ සෙට් එක හදාගන්නව ඉතිං ඔයාට කොහොමද ඡන්දෙ දාන්න ගියාද.. ගෝඨාභයට දෙන්න හොඳේ..ඔහු මගේ නංගියා මේක අලුත්ම වෙනස්ම කතාවක් මේක ආදරේ කියන එක දැම්මම එන්නේ නැහැ බලන්නකෝ මොකක්ද කියලා… ගොඩක් දේවල් මේ කතාව ඇතුලත් වෙනවා ඕගොල්ලන්ට මාස දෙකක් විතර බලන්න පුළුවන්.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි මගෙ නංගි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

      1. ඔව් අයියේ උදේ අට වෙද්දි ගිහින් ගෝඨාභය සර්ගේ පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහලා ආවේ. අයියත් හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න.
        තෙරුවන් සරණයි !

        1. ♥️පුංචි සුරංගනාවි♥️

          අම්මෝ අක්කි ඒකට නම් උම්මි ගොඩක් දෙන්න හිතෙනෝ…????

          1. අම්මෝ මේ කෙල්ල. කොහොමද නංගියා. ඔයා ගොඩක් බිසී නේ මේ දවස්වල ඉතින් පරිස්සමින් වැඩ ටික කරගන්න.
            බුදු සරණයි !

      1. එහෙම කිසිම කෙනෙක් අමතක නෑ නංගියා. දඟ පවුලේ හැමෝවම මතකයි. ඔයා දන්නවනේ. ඔයාට කොහොමද. තාම ෆෝන් රාජයෙක් හම්බ වුනේ නැද්ද.

    1. Vidusahani Mahinsa

      ??? සෂානි මඩේ ගිල්ලවන්න එපා මගේ අයියේ…කතාව නම් ගොඩක් ලස්සන වෙයි. රවීන් කවදද කතාවට එන්නේ..හෙට වෙනකම් බලන් ඉන්න ඕන නේද …????

      කතාවක් අරන් ආවට ගොඩක් ස්තූතියි . පාළුවට ගිහින් තිබුණේ ඔයාගේ දඟ පවුල …දඟ පවුල එකතු කරගන්න ඔයා ආපු එකත් අයියාගේ කතාවත් ලොකු උදව්වක් වේවි කියලා හිතනවා …දැන් ඉස්සර වගේ සතුට ඇප් එකේ කමෙන්ට්වල නෑ …ඉන්නේ බොහොම ටික දෙනෙක් …ඉන්න අයත් දඟ පවුල දාලා යන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා …මං දන්න තරමින් අයියා ගොඩක් හොඳ කෙනෙක් …ඒ වගේම මගේ අයියා ගොඩක් දක්ෂයි ….අයියා වටා නංගිලා ගොඩක් හිටියා …ඒත් දැන් ගොඩක් අය දකින්නවත් නෑ …මගේ අයියා තනියෙන් හැමදේම දරාගෙන ඉන්නවා …එයාට ගොඩක් දුකයි කියලා දන්නවා…දැන් කතාවක් දැම්මා කියලා ඉස්සර වගේ රේට් කමෙන්ට් දාන්නේ නෑ …ඇයි ඒ…අයියා දවස පුරා වැඩ කරලා මහන්සි නොබලා අසනීප අස්සෙන් අපි වෙනුවෙන් ලස්සන ආදර්ශමත් කතාවක් දෙනවට ද අයියා ව දුකින් තියන්නේ…ඇයි එහෙම කරන්නේ …හදවතින් බැඳුණු දඟ පවුල කෝදැන්…error එනවා කියලා එන්නේ නැති අයත් ඉන්නවානේ…ඒත් ඒක ටිකකින් හරියනවා…බොරු කරන්න එපා…මට බැන්නත් කමක් නෑ .මං තරහා නෑ ..හිතලා බලන්න ඔයාලා හරිද කියලා …බලෙන් ගෙන්න ගන්න බෑ …ඒත් ඔහොම කරන්න එපා …අයියා ආවම ඉස්සර තියෙන කමෙන්ට් ⁣200, 300 පනිනවා …දැන් කෝ…අයියාගේ එකම සතුට ඔයාලගේ කමෙන්ට් එක …අපි හැමෝටම වැඩ තියෙනවා …අයියාටත් වැඩ තියෙනවා …ඒත් එයා කාටවත් ම වෙනසක් කරන්නේ නෑ …හැමෝටම එක වගේ ආදරෙයි …ප්ලීස් හැමෝම දැන්වත් එන්න …??????

      අයියා ඔයා වැඩ නේද …මං කවුරුත් රිද්දන්න නෙමෙයි මේවා කිවුවේ ..මට ඇත්තටම ගොඩක් දුකයි …සමාවෙන්න ඉතිම් වැරදි දෙයක් කියලා නම් …?????

      අයියා ඔයා කාලද…පරිස්සමින් වැඩ කරන්න …හැම බලාපොරොත්තුවක් ම සාර්ථක ව කරගන්න නිරතුරුව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ම පතනවා ….හෙටත් එන්න කතාව අරන් ..මගේ අයියාට නිදුක් නිරෝගී ලස්සන අනාගතයක් පතනවා …පරිස්සමින් හිනාවෙලා ඉන්න මගේ සුදු අයියා …රත්නත්තරේ පිහිටයි මගේ අයියාට …??????

      1. අම්මෝ කොමෙන්ට් එකේ දිග… ඔය දේවල් කියලා වැඩක් නෑ නංගී එන අය ඒවා අපට කවුරුවත්ම බලෙන් ගන්න බෑ වෙනස් වෙන්න හේතු අයින් වෙන්න හේතු හැම දෙයක්ම මම දන්නවා.. මාත් එක්ක ඉන්න අයත් එක්ක මං අනිවාරෙන්ම ඉන්නවා.. මගේ කතාවට කොමෙන්ට් දාන අයට මං අනිවාර්යෙන්ම රිප්ලයි දානවා..

        ඇත්තටම සතුටුයි මුල් කොටසට මේ වගේ කොමෙන්ට් එකක් දැකීමෙන් හැමදාමත් අයියත් එක්ක ඉන්න නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ සැන්දෑවක්

    1. මදි මදි අයියට කොමෙන්ට් එකක් ඕනි දිග එකක්.. බොහොම ස්තූතියි සන්ධි නංගී.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

    1. Good morning අයියේ…කතාව නම් ගොඩාක් ලස්සන එකක් වගේ….එයාලා රෝස් පාන් කද්දි මට කෙලත් ගිලුනා ????මන් පෙරවදන කියෙව්වා…commnt එක දාන්න යද්දි error එකක් ඇවිත් එක ගිල්ලා ??හැමදාම මේ වගේ දිග කොටසක් අරන් එන්න…good luck aiya ????????????

      1. සුභ සැන්දෑවක් hima නංගී.. ඉතින් කොහොමද ඔයාට හොඳින් නේද වෙනදා වගේම අයියත් එක්ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.. අනිවාර්යෙන්ම නංගි මේක වෙනස්ම කතාවක් බලන්නකො..මාස දෙකක් විතර ඔයාලට කියවන්න පුළුවන් වේවි හැමදාම සතුටින් පරිස්සමෙන් එන්න බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට

  2. Oshani nimeshika

    ???????
    ගුඩ් මෝර්නිං දග සෙට් එකට ❤️❤️❤️
    කමෙන්ට් එක මග එනෝ

        1. Oshani nimeshika

          කොහොමද අයියේ ඔයාට ??

          කතාව නම් හිතාගන්න බෑ. ඒත් ලස්සනයි. අයියගෙ කතා කොහොමත් ලස්සනයිනෙ ඒක අහන්න දෙයක් නෑ. අනිවාරෙන් ලොකු ආදර්ශයකුත් ඇති.
          ෂානි බේර ගන්න අර මගදි හම්බුන කොල්ල එයිද දන්නෙ නෑ ??? නැත්නම් මොන හරි ජිල්මාට් එකක් දාලඑයාල බේරෙයි. ඒ ගම ගැන කියකොට නම් ආස හිතෙනවා මාරම ලස්සනයි???. හවසට ගම වටේ ඇවිදින්න තියෙන එකත් මරු. පිස්සු සෙට් එකක් එක්ක යනකොට තවත් නියමයි ? . දෙයියනේ කියලා අපේ පව්ලෙත් ඉන්නවා ඒ වගේ සෙට් එකක්. අපි එකතු උනා කියන්නෙ පිස්සු ලෝකයක් තමයි?????.

          බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

          1. මම හොඳින් නංගි යවන්න ඔයාගේ නම අන්තිමට තමයි දාන්න මතක් වුනේ මට හොඳේ.. ඉතින් ඔයාට කොහොමද හරි සතුටුයි අයියත් එක්ක හැමදාම මේ විදියට ඉන්න එක ගැන..අනිවාර්යෙන්ම මේක අමුතුම විදියෙ කතාවක් ආදරේ වෙන කට්ටිය නම මේ කතාව බෝරින් වේවි ඒත් ලයිෆ් එක හදාගන්න කට්ටියට ගොඩක් වැදගත් වේවි.. ඉතිං කතාවත් එක්ක හැමදාම ඉන්න පුළුවන් එහෙම වෙලාම මේ වගේ ලොකු කොමෙන්ට් එකක් දාලා අයියට ශක්තියක් වෙන්න හැමදෙයකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට

    1. කොහොමද අයියා .ඔන්න කතාව නම් පට්ට පට පට.නියමයි .ලස්සනයි .මල්ලි බබෙක් ඉන්න එකත් ශෝයි නේද .??
      ගම ගැන කියනකොටනම් මැවිලා පේනවා.කොහෙද ඉතින් විහිලුවට වත් අපේ පැත්තේ ඇලක් දොලක් ගගක් නෑනේ.??මුහුදක් නම් තියෙනවා.

      අර කෙලි පොඩිත්තව බේරගනියි නේද.කතාව කියවන්න ආසයි.හැමදාම කතාව දෙන්න හරිද අයියා බබෝ.සතුටින් පරිස්සමින් ඉන්න අයියා .ජේසු පිහිටයි .????

      1. අපේ පැත්තේ තියෙන්නේ මුහුද විතරයි නංගී.. ඉතින් කොහොමද ඔයාට හොඳින් නේද හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ නංගියා මේ දාන කොමෙන්ට් අයියට ලොකු ශක්තියක් හැමදාම අයියගෙ කතාවත් එක්ක ඉන්න හැම වෙලාවෙම ලොකු කොමෙන්ට් දාන්න අයියා කමෙන්ට් හරි පෙරේතයි… බොහොම ස්තූතියි නංගියා තෙරුවන් සරණයි ඔයාට

    1. ශානු නංගියා මේකනම් මදි අයියට ලොකු කොමින්ට් ඕනේ.. බොහෝමත්ම ස්තූතියි nangiya තෙරුවන් සරණයි ඔයාට

  3. ♥️පුංචි සුරංගනාවි♥️

    ගුඩ් මෝර්නින් ලොකු අයියෙ..ගුඩ් මෝර්නින් දඟ සෙට් එක…

    1. නිෂා සශී ?

      ගුඩ් මෝනින් අක්කි පටියෝ කූමඩ ඉතින් ගොඩක් දවසකින් නේද ?????

    2. සුභ සැන්දෑවක් මගේ චූටි නංගියා කොහොමද ඉතින් ඔයාට අයියට කොමෙන්ට් එකක් නැද්ද අද

    1. Buddhini Amaya

      අය්යේ කොහොමද ??? …පෙරවදනයි 1 කොටසයි දෙකම දැන් කියෙව්වේ ??..අයියාගේ අනික් කතා වගේම මේ කතාවත් ගොඩක් ලස්සන එකක් වෙයි කියලා හිතෙනවා …❤️❤️
      ලස්සන කතාවක් අරන් ආවට ගොඩක් ස්තූති අය්යේ ??
      Best of luck bro ?️❤️?️❤️?️❤️

      1. ඉතින් කොහොමද නංගියා දැන් චූටි පැටියා එන්න ළඟයි නේද.. ඔයා ගොඩක් පරිස්සම් වෙනවා නේද අයියා මතක තියෙනවා නේද කොහොමත්.. අපේ දඟ සෙට් ඒ ගොඩක් අය අඩුයි ඉතින් දැන්.. ගොඩක් පරිස්සම් වෙන්න නම් හරිද ඔයාට තෙරුවන් සරණයි හැමදේකටම බොහොමත්ම ස්තුතියි

        1. Buddhini Amaya

          අය්යේ පැටියට දැන් දවස් 26…එයා දිනේට කලින් ලැබුනා අය්යේ ❤️❤️❤️ අම්මෝ අයියා අමතක නෑ මට ???

          1. අනේ ඇත්තද නංගියා මගේ උණුසුම් සුබ පැතුම් චූටි පුතාටයි ඔයාටයි මහත්තයාටයි තුන් දෙනාටම තෙරුවන් සරණයි

    2. අනේ… මුලින්ම congratulations මගෙ අක්කියෝ.. කෝමද පුතු පැටියා හුරතල් ඇති නේද අක්කියෝ..පුතු පැටියට ගොඩාඅආආආආරියක් ආදරෙයි.. සතුටින් ඉන්න මගෙ අක්කියෝ.. බුදුසරණයි

      1. උණුසුම් සුබ පැතුම් නංගියා.
        චුටී පැටියාව හරිම පරිස්සමින් බලාගන්න. මේ මගෙන් චුටී පැටියට.
        ????????????
        සතුටින් පරිස්සමින් ඉන්න.
        බුදු සරණයි !

    1. අනෙ කතාව ගොඩක් ලස්සනයි අයියෙ හැබැයි ශානිව ගොඩට ගන්න අර හාල් ගැරඬියාට එන්න වෙයිද දන්නෙ නෑ මොනා උනත් කතාව නම් ගොඩක් ලස්සනයි.කතාව ගැන නම් ඉතින් කියන්න වචන නෑ කොමත් ඉතින් මහරජ මෙ වගෙ ලස්සන කතා ලියන්න දක්ශයෙක්නෙ ඉක්මනට රවීන් වත් එවන්න කතාවට හාද ඒක දන්නවනෙ මහරජ මෙ මහරජ ගෙබි පැටව් හොඳින් නේද කොමද අපෙ නෑනා පොඩි එයාව මතක් කරා කියන්න අපෙ ඉන්ශුවරන්ස් නංගී අක්කව දැක්කෙ නෑ (පබා අක්කි) මට එයාට කියලා ඉන්ශුවරන්ස් අරන් දෙන්න ඔනි අළුතින් ආපු කස්ටියටයි අපෙ නෑනා පොඩීටයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි අයියා පණට ???????????????

      1. රිප්ලයි එක පරක්කු වුණාට සමාව භජනය කරමි…ඉතින් කොහොමද මගේ සෙකට්‍රි ඔයා හොදින් නේද ඔයාට තමයි ඉතිං ආයෙත් දඟ පැමිලි එක එකතු කරන්න පුළුවන් ඔයානෙ මගෙ සෙකට්‍රි
        ඔව් චූටි නංගියෝ මේක වෙනස්ම කතාවක් අනිවාර්යෙන්ම කියවන්න කොටස් විස්සක් පහළොවක් විතර යනකම් මේක ආදරේ නෑ ඒක නිසා ආසාවෙන් කියවන්න පුළුවන්.. දඟකාර කෙල්ලෙක් කොහොමද ජීවත් වෙන්නේ කියා තමයි මේකෙන් තියෙන්නේ.. මේ හැම දෙයකටම බොහොමත්ම ස්තූතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  4. චතු නංගී. හසිනි නංගි ( අපේ රෝස බොලගේ අම්මා ) ආශ්කා නංගි ( දඟ කෝච්චිය ) නයෝ මධු නංගී. මාෂි නංගී. රුවන්ති නංගී. නිරොෂා නංගී. මායා නංගී. දුල් නංගී.. සදෙව්මි නංගි. nawanjana නංගි.. නෙතූ නංගී. නෙත්මි නංගී. නෙත්මා නංගි.. මහිංසා නංගී. සසිකලා නංගී. hima නංගී. වීනාවී නංගී. ටිංකබෙල් නංගී. යෂි girl නංගී. ඒන්ජල් නංගි. දිල් නංගී.. මුතු මල්ලි.. හංස මල්ලි.. සහන් මල්ලි.. බුද්ධිකා නංගී. දුශි නංගී . දුල්ශි නංගී.. හිමාෂි නංගි. කවි නංගී.. ස්වීට් ඒන්ජල් නංගී.. පබසර නංගී.. ඉෂූ නංගී.. චන්දි නංගි.. අයේශා නංගි.. නිසා සසී නංගී.. last ක්වින් නංගී.. ලුවිනා ( මගේ සෙකට්‍රි ) . පියුමි නංගි.. ගිහානි නංගි.. noornuh නංගි.. අපේ ලස්සන කතා ලියන මාධවී නංගී…ඉතින් මේ මගේ පරණ දඟ සෙට් එක අලුතෙන් ආපු අය ගැන මම තවම දන්නේ නැහැ එයාලගෙන් සමාව ඉල්ලනවා එයාලගේ නම් ඇතුළත් වුණේ නැති නිසා.. මගේ දඟ සෙට් එකේ මගහැරුණු නම් තියෙනවා නම් මට ඒකට සමාවෙන්න… ඉතිං මං හිතනවා ආයෙත් ඔයාලා කලින් වගේ ආයෙත් එකතු වේවි කියලා මං මග බලාගෙන ඉන්නවා එන්න ආයෙත් මේ කතාවත් එක්ක එකතු වෙලා අපි සතුටින් ඉදිමු තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම

    1. ඔන්න අයියා බබෝ මම නම් ආවෝ……අපේ අනිත් දගයො ටිකත් ඉක්මනින් එයි…..හැමෝටම ගොඩක් ආදරෙයි .?????

      1. මාත් ආවො ……මහරජ නොපැමිණීමට හේතු කාරනා ඉදිරිපත් කිරීම සඳහා සභාවක් කැඳෙව්වොත් යහපති.

      2. Vidusahani Mahinsa

        මගේ අයියාට මාව මතකයි නේද ….????? පරිස්සමින් ඉන්න සුභ රාත්‍රියක්…

      1. සෙව්මි

        සතියකට පස්සේ එන්නම් කිව්වට අයියාගෙ කතාව මතක් වෙද්දි ඉන්න බෑ අනේ .. අම්මගෙන් සූට්ටක් බැනුම් අහගෙන පාඩම් කරන ගමන් මගෙ දග සෙට් එක බලලා යන්න ආවෙ ඒකයි..

        කතාව ලස්සනයි අයියේ .. හැමෝම සතුටින් පරිස්ස්මින් ඉන්න.. ආදරේයි හැමෝටම ????????

        1. නිෂා සශී ?

          මාත් ඉන්නෝ අයියා… ?????අද මහී අක්කි තාම නෑ මං මේල් කලාට reply එකක්වත් නෑ තාම…

          1. මහී අක්කිගේ ෆෝන් එක වතුර එහෙකට වැටුනා කිව්වා. ෆෝන් එක ඕෆ් කරනවා කිව්වා. හවස එන්නම් කියලා නම් කිව්වා මේ පැත්තේ.

    2. අමතක උනානේ තව දෙන්නෙක් ඉන්නවානේ අපේ චූටි නංගියා ඔෂධී නංගී.. එතකොට windy nangi ඔයාලා දෙන්නත් ආදරෙන් මතක් කරනවා

    3. අපි නම් පුළුවන් විදිහට හැමදාමත් ආවා. මොකද මේ දඟ පවුලට ගොඩාක් ආදරේ නිසා. ආවේ නැති අයව කොච්චර ගෙන්න ගන්න උත්සහා කරාද. ඒත් එයාලා ආවේ නෑ. මං ඒ ගැන නම් කතාවත් කරන්න කැමති නෑ. මොකද අපි එයාලා ගැන දුකින් හොයද්දි එයාලා කරේ කතා කියවලා පිට පාරෙන් සද්ද නැතුව ගිය එක විතරයි. සමාවෙන්න කාගේ හරි හිතක් රිදුනා නම්.

      හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න..
      බුදු සරණයි !

      1. අයියෝ නිරෝ අක්කියෝ.. අපි ගිවිසුම් ගත උනා නේ නොයෙන අය ගැන කතා කරන් නෑ කියලා.. ඉන්න අයත් එක්ක හැපි එකේ ඉමු අනේ අපි…

    4. කොහොමද අයියේ ඔයාට..?හොදින් ඇති කියලා හිතනවා..
      මාව මතක තිබ්බ එක ගැන ගොඩාක් සතුටුයි…ඇප් එකට ඇවිත් කතා කියෙව්වාට කමෙන්ට් කරන්න රේට් කරන්න බැරිව හිටියේ. අනික මේ දවස් වල ටිකක් බිසි උනා..ඒ නිසා වැරදියට හිතන්න එපා ඇප් එකට ආවේ නෑ කියලා…කාවවත් අමතක වෙලත් නෑ..
      කතාව ලස්සනයි අනිත් කතා වගේම..තවත් ලස්සන කතා ලියන්න..
      සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් හැමෝම එක්ක..බුදු සරණයි අයියේ ඔයාට…

      1. ගිහානි නංගී ඉතින් කොහොමද ඔයාට.. අනිවාර්යෙන්ම ආයිත් එන්නං වෙළඳ වගේ අපි එකමුතුව ඉඳිමු සතුටින් ඉදිමු ෆන් එකේ ඉඳිමු .. මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  5. අනිත් කොමෙන්ට් වලට රිප්ලයි මගේ රාත්‍රී කෑම එකෙන් පස්සෙ.. අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා මේ තරහ වෙන්න බෑ.. ඔන්න කලින් වගේ ආයෙත් එද්දී කොමෙන්ට් දෙසීයක් වත් පැනලා තියෙන්න ඕනේ

    1. නයෝ මධූ

      ඔන්න මාත් ආවා අයියේ. චන්දේ දාලා එන්නම්කෝ හොඳේ…………..

      1. නයෝ පැටියා දුවලා ගිහින් චන්දේ දාලා එන්න.මම නම් උදෙන්ම දුවලා දුවලා ගියෝ…..??????

  6. නයෝ මධූ

    අම්මෝ අයියේ මොකද ඒ වෙන්න හදන්නේ? කතාව පටන් ගත්ත ගමන්ම ඒ කෙල්ලව මඩේ එරෙන්න දුන්නා නේද? පව් අනේ. මේ අර මල්ලි කිව්වා වගේ ෂානි ශාන් මාර විදියට ගැලපෙනවා නේද? ඒත් ඉතිං මොනවා වෙයිද බලමුකෝ නේද? ඔයා කියලා තිබ්බ විදියටනම් වෙන දෙයක් වෙයි වගේ.

    හෙටත් කතාව අරන් එන්න හොඳේ. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

    1. කොහොමද ඉතින් මගේ නංගියා කමෙන්ට් එකට රිප්ලයි කරන්න පරක්කු උනාට සමාවෙන්න තවම ෆ්‍රී එකක් නෑ වැඩ වැඩ වැඩ…ඔයාට කොහොමද ඉතිං උන් ආයෙත් අපට එකතු වෙන්න අවස්ථාවක් ඇවිල්ල තියෙනව අපි ඔක්කොම එකතුවෙලා ෆන් එකේ ඉඳිමු මාෂි නංගිටත් එන්න කියන්න..මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී අනිවාර්යෙන්ම මේක වෙනස්ම කතාවක් මේ කතාවේ ඔයත් ඉන්නවා.. තෙරුවන් සරණයි නංගී සුබ රාත්‍රියක් ඔයාට

  7. Oshani nimeshika

    අයියේ කොහොමද ඔයාට ??? සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද
    තාම නම් ඉතින් මුකුත්ම හිතා ගන්න අමාරුයි. ෂානි බේරගන්න අර මගදි හම්බුන කොල්ලා එයිද දන්නෙ නෑ??. නැත්නම් කොහොම හරි එයාලම බේරෙයි. ඒ ගම නම් පට්ට ලස්සන ඇති මැවිල පේනවා කියවනකොට. හවසට ගම වටේ ඇවිදින්න යන්න තියෙන එක නම් නියමයි ? . පිස්සු සෙට් එකක් ඉන්නකොට ඒකෙ ජොලිය තවත් වැඩියි. දෙයියනේ කියලා අපේ පව්ලෙත් ඉන්නවා ඒ වගේ සෙට් එකක්. අපි එකතු උනා කියන්නෙ එතන පිස්සු ලෝකයක්?????

    සුභ පතනව අයියේ ඔයාට ???? බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ????

    1. Oshani nimeshika

      අපොයි වෙච්චි දෙයක් මම හිතුවෙ මේ කමෙන්ට් එක වැටුනෙ නෑ කියලා ඉතින් අලුත් එකක් දැම්මා දැන් දෙකක් තියෙනවා???? කමක් නෑනෙ අයියේ ???

    2. මුලින්ම සමාව ඉල්ලනවා ඔයාගේ නම පලවෙනි පාර දාන්න බැරිවුණු එකට.. ඉතින් නංගියා කොහොමද ඔයාට..මේ කතාව නං ඉතින් වෙනස්ම කතාවක් කියලා දන්නවනේ ඔයාලට කියවලා බලලා මේ වගේ ලොකු කොමෙන්ට් දාන්න වේවි හරිද ආයෙත් වෙනදා වගේ amoma එකතු වෙමු අපි වන්නේ khemu කමෙන්ට් වලට රිප්ලයි කරල ගොඩක් සතුටින් ඉදිමු.. මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  8. ලොකු කොහොමද…ඉතින් …කතාව ගොඩක් ලස්සනයි …කමෙන්ට් එකක් දාන්⁣න පරක්කු වුණා ..කතාව ගැන කියන්න දෙයක් නෑ …ඔයා කොහොමත් දක්ෂයි …හැමදාම සතුටින් සනීපෙන් පරිස්සමෙන් ඉන්න …?????බුදු සරණයි මගේ ලොකු ඔයාට

    .මගෙ ෆෝන් එක උදේ ටැංකියේ පතුලට වැටුණා.⁣.මං හරි අප්සට් එකේ ඉන්නේ ..මේක මුකුත් වුණොත් මට ඔයාලා කවුරුත් බලන්න එන්න වෙන්නේ නෑ .. කමෙන්ට් එකක් දාන්⁣න එන්න බැරි වුණා …උදේ සර්විස් ගියා …ඡන්⁣දේ දාලා දැන් ආවේ..කෑවේත් නෑ …දවස ඉවරයි …හැමෝම ඡන්⁣දේ දැම්මා ද..අක්කිට ගෙදර වැඩ ගොඩයි ..රෑට එන්නම් …හැමෝම එන්න …ටික දෙනෙක් ඇවිත් නේද …හරි සතුටුයි

    1. ♥️පුංචි සුරංගනාවි♥️

      අම්මෝ මගෙ අක්කියෝ..දැම්මා දැම්මා චන්දෙ දැම්මා උදේම…

    2. කොහොමද mahinsa ඔයාට..ඔයාගේ ෆෝන් එක කැඩුනා කියලා ආරංචියක් ආවා ඒත් කොහොම හරි හරි හදාගෙන කතා බලන්න ආව නේද ඒකට නං හරිම සතුටුයි.. ඔයා හොදින් නේද ඔයාගේ නංගි නම් හරිම ෂෝක් හොඳේ..ඉතින් අංගියා මේ කතාව බලන්ට මාස දෙකක් විතර කියවන්න පුළුවන් හැමදාමත් අපි වෙනදා වගේ ෆන් එකේ ඉඳිමු යමු මාත් එක්ක රිප්ලයි කරගෙන….මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න සුබ රාත්‍රියක්

  9. කෝමද ළමයී.. චන්දෙට පින්සිද්ද ඔන්න මාත් ආවා… ???

    මුලින්ම කියන්නම් ලොකු අයියෙ ආයෙම ආපු එකට සතුටුයි ඈ.. දැන්නම් ආයම දග පවුල එකතු වේවි.. ගොඩක් අය ඒවි අයියා ආපු නිසා.. මොකද දග පවුලෙ දග පැටව්න්ගෙ කාන්දම වගේනේ අයියෙ ඔයා..

    මේ කතාවත් වෙනස් විදිහක කතාවක් වේවි නේද..? ජීවිතේට පාඩම් ටිකක් වගේම ආදර්ශයකුත් එකතු කර ගන්න පුලුවන් වේවි කියලා හිතනවා.. ෂානිට නම් මොකවත් වෙන්නෑ… මොකද එයා මේන් රෝල් එක නිසා..

    කතාව කියවද්දි ඉස්සරහා කොටස් කියවන්න ආස හිතෙනෙවා.. මේ අර පවුලෙ පවුලෙ අය එකතු වෙලා ගම පුරා ඇවිදින්න යන සීන් නම් මරේ මරු අයියෙ.. එහෙම යනකොට පුදුම සතුටක් වගේම පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ..

    ඉස්සර වගේ හැම එපියකටම නම් කමෙන්ටුවක් කොටන්න වෙන්නෙ නෑ.. ඒකටනම් සමා වෙන්න ලොකු අයියේ.. ෆෝන් එක වැඩට ගිහින් එන්නෙ දවස් තුනකට සැරයක්.. ඉතින් පුලුවන් හැමවෙලේම කතාව කියවලා කමෙන්ටුවක් දාන්නම්කෝ….

    කෝමද ලොකු අයියෙ ඉතින් හොදින් ඉන්නෝ නේ.. කෝමද අපේ සිත්මි අක්කිට ඒම.. මතක් කළා කියන්න අක්කිව.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න අයියේ.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි

    1. අම්මෝ මගේ චූටි නංගියා කොහොමද ඔයාට අපේ දෝනි හොඳින් ඉන්නවා නේද..මට ආරංචියක් ආවා ඔයාගේ ෆෝන් එක කැඩිලා කියලා ඒත් අයියා වෙනුවෙන් කොහොම හරි ආවා නේද පුළුවන් හැම වෙලාවෙම එන්න.. ඔයාලගෙ කොමෙන්ට් නැතිනම් අයියට කිසි සතුටක් නෑ ඒක ඔයාලා දන්නවනේ..

      සිත්මි අක්කා engagement වුණා නංගී.. මාත් දවස් හතරක් ලංකාවට ආවා ඒකට.. ඊට පස්සේ maldives ආවා.. මම 2019 රන් පදක්කමක් ගත්තා.. පස්සේ විස්තර කියන්නම්කෝ…

      ඔහු නංගියා ඒක වෙනස්ම කතාවක් ඔයාලා කවුරුත් හිතන් නැති විදියට ලියපු එකක්.. කතාවත් එක්ක අනිවාර්යෙන්ම ඉන්න මාස දෙකක් විතර මේ කතාව තියෙනවා..මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී වෙනදා වගේ එන්න අපේ පවුල අපි ආයෙත් අද ගමු අපිට පුළුවන් අනිවාර්යෙන්ම.. දඟ පවුලේ නපුරු ළමයි තුන්දෙනෙක් විතර ඉන්නවා ඔයාලා වෙනස් වුණොත් අපේ දඟ පැමිණි එක ආයෙත් හදාගන්න පුළුවන් වේවි.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  10. මන් හොදින් අක්කියෝ.. ෆෝන් රාජයා ගැන මතක් කරන්න එපා.. මගෙ හාට් එක කෑලි කෑලි වලට කැඩිලා නනෝ.. මන් කීවනේ ෆෝන් බබෙක් ආය හිතින් ඉටු නොවෙන හීනයක්.. මගේ හබී ප්‍රතිපාදන පාස් කරන් නෑ අප්පා.. ගෝඨාභය මාමිටවත් කීලා එකක් ඉල්ල ගන්න ඕනි.. ????

      1. හරි නංගියා පුළුවන් වෙලාවට එන්නකෝ ඉතින්.
        සතුටින් පරිස්සමින් ඉන්න.
        බුදු සරණයි !

  11. ♥️පුංචි සුරංගනාවි♥️

    අම්මෝ ලොකු අයියෙ..මට ලොකු කමෙන්ට් එකක් දාන්න බැරි වුණාට සොලි අනේ…ඔන්න දැං තමයි ගෙදර ආවේ.. ක්ලාස් ඉවර වෙලා…චන්දෙනම් උදෙන්ම දැම්මා..හි හි…????

    ලොකු අයියෙ කතාව ගැන නම් ඉතින් කියන්න වචන ලොවෙත් නෑ.අති විශිෂ්ටයි…අයියගෙන් කතා ඉතින් කොහොමත් සුපර්නෙ..????????
    ඔය ෂානිනම් ලොකු අයියෙ මගෙ කපාපු පලුව..මං වගේම කවි නිසදැස් කතාවලට ලව් කරන පිස්සුම කෝලමක්..ඇත්තටම මං ඒ චරිතෙට එකෙන්ම කැමතියි..ඒ වගේම කට්ටිය ඇවිදින්න යන කොටසත් පට්ට හොඳෙ..මමත් ආසයි ඔහොම රස්තියාදු ගහන්න..ඒත් කෙල්ලෙකිනෙ..දුක තමයි මොනා කරන්නද ඉතින්…

    අම්මෝ ඇයි අප්පා ඔහොම කෑම ගැන කියන්නෙ..අපි පව් නැද්ද..
    ??????
    කවුරු වුණත් මඟදි හම්බුන මුකලං බස්සවනම් මට ඇල්ලුවෙ නෑ අලේ.. කොහොමත් එයානම් ලෝක ඇණයක් වෙයි වගේ…
    කෝ අලේ කතාවෙ හීරෝ..මම බලන් ඉන්නෙ එයා එනකම්..පොඩි ලයින් පාරක් දාන්න..හි හි…
    ඉක්මනට එයාලා දෙන්නව සෙට් කරමු හාද…
    අනේ අම්මෝ දැන් ඇති වගේ කියෙව්වා..අත සිදෙනෝ මගේ….
    කතාව එකදිගට කියවගෙන යන්න තිබුණනම් කියලා හිතුනා ලොකු අයියෙ… කතාව අනිවාර්යෙන්ම කියවනවා..වෙනදා වගේ බැරි වුණත් පුළුවන් වෙලාවට එන්නම්..කාරුත් තරහා වෙන්න එපා ප්ලීස් ..

    ලොකු අයියෙ පරක්කු වුණාට මං අනිවා කතාවට කමෙන්ට් කරනවා.. දෙසැම්බර් වෙනකම් මං ගොඩක් බිසී අලේ… පිස්සු හැදිලා ඉන්නෙ…
    දෙවි පිහිටයි මගෙ අයියෙ…
    අයියගෙ හැම වැඩක්ම අතිසාර්ථක වෙන්න කියලා මම පාර්ථනා කරනවා…
    ආදරෙයි පැලෙන්න…
    ????????

    මහී අක්කි..නිරෝ අක්කි..ඔය දෙන්නා වගේම හැමෝම මට ගොඩක් මතක් වෙනවා..ඒත් මට ඇප් එකට එන්න කියා කන්න නිදාගන්නවත් වෙලාවක් නෑ…හලී පව් අලේ මං…
    මගෙ දඟ පවුලේ හැමෝටම ආදරෙයි පැලෙන්න…
    සුභ අනාගතයක්…?????????????

    1. බුදු අම්මෝ කතාවට වැඩිය ලොකුයි කොමෙන්ට් එකක් පට්ටම සතුටුයි මට ඕනේ මං ආසයි මේ වගේ කොමෙන්ට් කියවන්න..ඉතිං ඔයාට කොහොමද නංගී ඔයාලා ගොඩක් මිස් වුනා මට..ආයෙත් එහෙම වෙන එකක් නෑ අනිවාර්යෙන්ම වෙනදා වගේ එන්න ඇප් එක හොඳේ අයියේ කතා කියවලා අනිත් අයගේ කතා කියවලා අපි ගොඩාක් සතුටින් ඉඳිමු කොමෙන්ට් දාලා..අයියට ගොඩක් ලොකු කොමෙන්ට් ඕන වුණාට අයියට ගොඩක් ලොකු කොමෙන්ට් වලට රිප්ලයි දාන්න බැරිද ඒකට සමාවෙන්න ඕනේ අයියා වැඩත් එක්ක නෙමේ ඔක්කොම කරන්නේ..
      ඔහු නංගියා මේ කතාව වෙනස්ම කතාවක් ඕගොල්ලන්ට ගොඩක් හිනා වෙන්න පුළුවන් ගොඩක් බය වෙන්න පුළුවන් ගොඩක් අඬන්න පුළුවන් ඔක්කොම තියෙනවා මේකේ ආදරේ ගැන නම් තියෙන්නේ කොටස් පහළොවක් විස්සක් විතර ගියාට පස්සේ….අනිවාර්යෙන්ම කියවල මේ වගේ ලොකු කොමෙන්ට් දන්නවා මේ හැමදේකටම බොහෝමත්ම ස්තුතියි නංගියෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  12. Madhavi Nehansa

    අනේ අයියේ කතාව කියවන්න පුළුවන් වුනේ දැන් තමයි . කියන්න දෙයක් නෑ අයියේ පළවෙනි කොටසින්ම කතාව සුපිරියටම තියෙයි කියන්න පුලුවන් . ?????ශානිට මුකුත් වෙන එකක් නම් නෑ මගෙ දැනීමෙ හැටියට ??? හෙට වෙනකන් ඉන්න ඕනිනෙ වෙන්නෙ මොකක්ද බලන්න . ඒක දැනගන්න ඉවසිල්ලක් නෑ අප්පා මට.
    අයියගෙ සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    බුදු සරනයි අයියේයේයේ ….
    ?????????

    1. කොහොමද නංගියෝ ඉතින් ඔයා හොදින් නේද අනේ පුළුවන් වෙලාවට ඇවිල්ල කතා බල්ලා මේ වගේ කොමෙන්ට් එකක් දාලා අයියට ශක්තියක් වෙන්න ඕනේ හරිද…. හැමදේකටම බොහොමත්ම ස්තූතියි නංගී..ඔයත් කියන කරන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක් නංගි

Leave a Comment