Katha Ahura

? සමනල පියාපත් ? 78 වෙනි පියාපත්

කතාව කොහොමද?

78 කොටස

චතුර අයියා ගේට් එක දිහාවට යද්දිම එතන එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය මනුස්සයා එතනින් යනවා මං දැක්කා. ඇත්තටම මට පුදුමත් හිතුනා. එතනට වෙලා හරි උවමනාවකින් එහෙට මෙහෙට ගිය මනුස්සයා චතුර අයියා එතනට යනවා දැකලා එතනින් යන්න ගියා.

චතුර අයියා ගිහින් ගේට් එකෙන් ඉස්සිලා බලලා ඒක ඇරගෙන එළියට ගියා. මං හිතුවෙ එයා අර මිනිහට කතා කරන්න යනවා ඇති කියලා. ඒත් එයා බිමට පහත් වෙනවා විතරයි මම දැක්කේ.

ඊළගට එයා නැගිටලා මොනවා හරි දිහා විමසිල්ලෙන් බලනවා කියලා මං දැක්කා. ඒත් එයාගෙ බෙල්ලෙන් උඩ විතරක් ගේට්ටුවෙන් පෙනුන නිසා එයා මොනවා දිහාද බලන්නෙ කියලා මට පෙනුනෙ නෑ.

එයාගෙ මූනෙ ඉරියව් දිහා මං හොදට බලාගෙන හිටියා. ඒවා වෙනස් උනේ හරි ඉක්මනට. ඊට පස්සෙ එයා මගෙ දිහා බැලුවා.
එයා දැක්කා මම හොද අවදානෙන් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා.

ඊළගට එයා මගෙත් එක්ක හිනා වෙලා ගේට් එකත් ඇරගෙන ගාඩ්න් එකට ආවෙ මොනවද ගුලි කරලා සාක්කුවට දාගන්න ගමන්.

” කවුද ඒ …… ”

මං ඇස් පුංචි කරගෙන චතුර අයියගෙන් ඇහුවා .

” දන්නෙ නෑ .. මං යද්දි මිනිහා ගියානෙ ”

” මොනවද සාක්කුවට දාගත්තේ …… ”

මං අහද්දි චතුර අයියගෙ මූණ වෙනස් උනත් එයා අමාරුවෙන් ඒක හංගගෙන මං එක්ක හිනා උනා.

” මොනවා සාක්කුවට දාගන්නද කෙල්ලෙ ”

එයා හිනා වෙලා කිව්වෙ එයා ඉන්නෙ හරි සැහැල්ලුවෙන් කියලා පෙන්නන්න වගේ.

මම එතනින් එහාට මොනවත් අහන්න ගියේ නෑ. ඒත් මට එයා සාක්කුවට මොනවම හරි දාගත්තා කියලා ලොකු සැකයක් තිබ්බා.

” ෂානි ………. ”

” ම්ම්ම් …….. ”

” අපි හවස් වෙලා වෙද මහත්තයා හම්බ වෙන්න ගිහින් එමු …. එයාට නම් ඔයාව හොද කරන්න පුලුවන් වෙයි ඉක්මනටම ”

චතුර අයියා එහෙම කිව්වට මගෙ හිතේ නම් තිබ්බෙ දෙගිඩියාවක්. කසාදයක් ගැන හිතනවා තියා මට මගේ ජීවිතේ ගැනවත් හරිහමන් බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.

කලකිරිලා තිබ්බ මගේ ජීවිතේට මොන කසාදද කියලා එක වෙලාවකට මට හිතුනා.

” මොනවද ෂානි ඔයා කල්පනා කරන්නෙ ”

මගෙන් කිසි කතාවක් නැති නිසා චතුර අයියා ඇහුවා.

” මට කසාද බදින්න කිසිම ආසාවක් නෑ අයියේ ”

මං එහෙම කිව්වම චතුර අයියා මගෙ ඉස්සරහින් පාත් වෙලා ඉදගත්තා.

” ඔයා එහෙම කියන්නෙ ඔයාට ඇවිදින්න බැරි නිසානෙ ”

එයා එහෙම අහද්දි මං ඒකට උත්තර දුන්නෙ ඔලුව වනලා.

” ළමයෝ … මේ ලෝකෙ ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කසාද බැදලා ළමයි හදාගෙන සතුටින් ජීවත් වෙනවා …. අපිට ඕනෙ කරන්නෙ ආත්ම ශක්තිය විතරයි ”

චතුර අයියා කතා කරන විදිහට මට පුදුමත් හිතුනා. ඇත්තටම එයාට මොනවද අඩු. ඒත් ඇයි මේ මනුස්සයා මං වගේ අබ්බගාත කෙල්ලෙක් මත්තෙ මෙච්චරටම නහින්නේ.

මට චතුර අයියා ගැන ඒ වෙලාවෙ නම් පුංචි අනුකම්පාවක් ඇති උනා. ඒත් එතනින් එහාට මම එයාගැන හිතන්න ගියේ නෑ.

” ෂානි …… ”

නිහඩතාව බිදගෙන ආයෙමත් චතුර අයියා කතා කලා.

” ම්ම්ම් ………….”

” ඔය පොත දැන් කියෙව්වා ඇති…. ඔයා ඕකෙ ලියලා තියෙන්නෙත් මං ගැන තමයි ”

චතුර අයියා එහෙම කියද්දි මම එහෙම නෑ කියන්න වගේ එයා දිහා බැලුවේ.

මේකෙ ඇත්තටම මම ලිව්වෙ චතුර අයියා ගැන නම් රවීන් අයියා ගාව මගෙ හිත ඒ තරන් ගැස්සුනේ කොහොමද.

” ඒත් මං මේක කියවන්න ආසයි ”

” ඔයා කියවන්න ආසයි නම් මං ඔයාට පොත් ඕනෙ තරන් ගෙනල්ලා දෙන්නම් ”

චතුර අයියා එහෙම කියලා මගෙ ඩයරිය අරගත්තා.

” ඕක මට දෙන්නකෝ ”

” මේ අහන්න මැණික …… ඔයාගෙ හිත ඇතුලෙ ඔය හොල්මන් කරන්නෙත් මං ම තමයි … මනස්ගාත ලෝකවල ඉන්නෙපා මැණිකේ ….. එතකොට මටත් හරිම වේදනයි … මේ පොත මං දැනට අරන් තියනවා .. පස්සෙ කාලෙක දෙන්නම් ”

චතුර අයියා එහෙම කියලා පොතත් අරගෙන ගේ දිහාවට ගියා.

පොත ඉල්ලගෙන එයාගෙ පස්සෙන් දුවගෙන යන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒක එයාට හොරෙන් මං කොහොම හරි හොයාගන්නවයි කියලා හිතගෙන මම සද්ද නැතුව එතනටම වෙලා හිටියා.

____________________________________

එදා හවසම චතුර අයියා මාව වෙද මහත්තයා ළගට එක්කගෙන ගියා. එයානම් මැදිවියේ කෙනෙක්.

මාව ඇදක් උඩින් හාන්සි කරලා පරීක්ෂා කරලා බලලා එයා චතුර අයියත් එක්ක එළියට ගියේ මොනවා හරි කියන්න.

මම නම් හිතුවේ මාව සනීප කරන්න බෑ කියලා කියන්න එක්කන් යනවයි කියලා .
එහෙම කිව්වට පස්සෙවත් චතුර අයියා එයාගෙ හිත හදාගෙන මාව එයාගෙන් ඈත් කරනවා නම් කොච්චර දෙයක්ද… මට එහෙමත් හිතුනා.

විනාඩි පහකට දහයකට පස්සෙ චතුර අයියා කාමරේට ආවෙ මූණ පුරාම හිනාවේගෙන. එයාට ඕනෙ උනේ මාව බදාගන්න උනත් අනිච්චානුගවම මාව එයාගෙන් මෙහාට උනේ මම හිතන්නත් කලින්.

ඒකෙන් චතුර අයියගෙ මූණ වෙනස් උනා.ඒත් එයා කොහොම හරි එයාගෙ හිනාව නැති කරගන්නෙ නැතුව ඉන්න උත්සාහා කලා.

” ෂානි …… දන්නවද වෙද මහත්තයා මොකද කිව්වෙ කියලා ”

චතුර අයියා අහද්දි මං මුකුත් නොකියා ඔහේ බලාගෙන හිටියා.

” ඔයාව හොද කරන්න පුලුවන් කිව්වා….එයා කියන විදිහටම කලොත් ඔයාට ඉක්මනටම ඇවිදින්න පුලුවන් වේවි”

චතුර අයියා කිව්වෙ සතුටින් හිනාවෙවී.

රෝද පුටුවක ගෙවන ජීවිතේ ඇත්තටම ගොඩක් නීරසයි. ජීවිතේ කලකිරීමක් ඇතිවෙන්නෙ අනිත් අය ඇවිදිනවා දැක දැක මට මේක උඩට වෙලා ඉන්න වෙන එක නිසා නෙවෙයි. තමන්ට තනියම තමන්ගෙ වැඩක් කරගන්න බැරි වෙද්දි තමයි ජීවිතේ ගැන කලකිරීමක් ඇතිවෙන්නේ.

බාත් රූම් එකටවත් තනියම යන්න බෑ. උත්සාහා කරලා කරලා දැන් නම් මට තනියම රෝද පුටුවෙන් ඇදට මාරු වෙන්න පුලුවන්.ඒත් ඒකාකාරීව ගෙවෙන මේ ජීවිතේනම් හරිම නීරසයි කියලා මට දහස්වතාවක් හිතුනා.

වෙද මහත්තයට කියලා බෙහෙත් ලියාගෙන චතුර අයියා මාවත් එක්කගෙන ආයෙමත් ගෙදර ආවා. එයා මාව කාමරේටම එක්කගෙන ගියේ ඇදුම් මාරු කරන්න කියලා. මාව කාමරේ ඇතුලට අරන් ගිහින් එයා දොරත් වහලා එළියට ගියා.

මං අල්මාරිය ළගට ගිහින් මට ඕනෙ කරන ඇදුම් ගත්තා. ඒවත් ඔක්කොම තියලා තිබ්බෙ පහළ තට්ටුවේ. ඒ මට ගන්න ලේසි වෙන්න.

මට ඇදුම් මාරු කරගන්නත් ගියා සෑහෙන තරන් වෙලාවක්.

” ෂානි …. ඔයා චේන්ජ් කරගෙන ඉවරද ”

ඇදුම් ඇදලා ඉවර වෙද්දිම වගේ චතුර අයියගෙ කටහඩ කාමරේ දොර ළගින් ඇහුනා.

” ම්ම්… ඔව් අයියේ ……. ”

මම රෝද පුටුවෙන් දොර ළගට ගිහින් දොර ඇරියා.

චතුර අයියා මගෙ දිහා බලලා හිනාවෙලා මගේ කාමරේ ඇතුලට ආවා. ඒ ඇවිත් එයා ගිහින් ඉදගත්තෙ ඇද උඩින්. එයාගෙ අතේ තිබ්බා පොතක්. ඒක හරියට මැගසින් එකක් වගේ.

මම දොර ළගට වෙලා එයා දිහා බලාගෙන හිටියා.

” මොකද කෙල්ලෙ ඔතනට වෙලා බය වෙලා වගේ බලාගෙන ඉන්නෙ ”

චතුර අයියා ඇහුවෙ හිනා වෙවී.

” නෑ ……… නිකන් ……”

මං එයාගෙ ගෙදර හිටියත් ඇත්තටම මම ආස උනේ නෑ එයා මෙහෙම මගෙ කාමරේ ඇතුලට එනවට. එයා මට ඕනෙවට වඩා ළං වෙන්න හදද්දි මට හිතුනෙම එයාගෙන් ඈත් වෙන්න. ඒ ඇයි කියන්න මටවත් තේරුනේ නෑ.

චතුර අයියගෙන් මේ තරන් ඈත් වෙන මං රවීන් අයියට ළං උන හැටි මතක් වෙද්දි මට මං ගැනම පුදුම හිතුනා.

” මෙහෙට එන්න ……. ඇයි බය වෙලා වගේ ඉන්නෙ .. මං ඔයාගෙ අනාගත හස්බන්ඩ් ”

චතුර අයියා ආයෙමත් හිනාවෙලා කිව්වා.

මම ටිකක් වෙලා එහෙම්ම ඉදලා ඊට පස්සෙ රෝද පුටුවත් තල්ලු කරන් ඇද ළගට ගියා.

” මේ බලන්න …… ලස්සන ඔසරි ඩිසයින් තියෙනවා … හෙයා ස්ටයිල් තියෙනවා .. ඔයාට කැමති එකක් තෝරන්නකෝ ”

චතුර අයියා එයාගෙ අතේ තිබ්බ මැගසින් එක මගෙ දිහාවට හරවලා කිව්වා.

මමත් ඒක අරගෙන පිටුවක් දෙකක් පෙරලලා බැලුවේ ඇත්තටම මම පුංචි කාලෙ ඉදන් මේ වගේ මැගසින් පෙරලලා බලන්න හරිම ආස නිසා.

ඒකෙ තිබ්බෙ ලක්ෂ ගානක් වටින ඔසරි ඩිසයින්. ඇත්තටම ඒවා ලස්සන වැඩියි. ඒවා දකිද්දි මගේ මූණට හිනාවක් ආවෙ ඉබේටමයි. මොන කෙල්ලද ආස නැත්තෙ එයාගෙ වෙඩින් එක දවසට මේ වගේ ලස්සන ඔසරියක් අදින්න.

කෙල්ලෙක්ට ලස්සන විච්චූරන නෙවෙයි සරලකම කිව්වත් මනමාලියෙක් වෙන දවසට ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි . මොකද ජීවිතේටම එකම පාරයි එහෙම අවස්තාවක් එන්නේ.

” ලස්සනයි නේද ……. කැමතිද මේවට ”

මගේ මූණෙ හිනාව දැකලද කොහෙද චතුර අයියා අහද්දි මට ලැජ්ජත් හිතුනා.

” ඔව් .. මේවා ලස්සනයි ,,,ඒත් …. මීට වඩා චාම් ඒවා නැද්ද ”

මං අහද්දි චතුර අයියට හිනා ගියා.

” වෙන කෙල්ලන්ටනම් ඕනෙ තමන් මනමාලියක් වෙන දවසට කවුරුත් ඇන්දෙ නැති විදිහෙ ලස්සනම සාරියක් අදින්න .. ඒකට මේ කෙල්ල ….. ”

” මං විච්චූරන වලට ආස නෑ ….. ”

” හ්ම්ම් .. ඒකත් හොදයි … මගේ පොත් කබඩ් එකේ ඇති මං හිතන්නෙ .. ඉන්න අරන් එන්නම් …….”

එහෙම කියලා එයා යන්න ඇදෙන් නැගිට්ටත් ඒ එක්කම එයාට කෝල් එකක් ආවා.

” හෙලෝ පීසී ජයරත්න …………. ”

චතුර අයියා එහෙම කියලා මගෙ කාමරේ ජනේලෙ ළගට ගියේ ඒක රාජකාරීමය කෝල් එකක් නිසා. දැන් නම් ඉතිං පැය ගානකට එන එකක් නෑ ආපහු.

මම රෝද පුටුවත් තල්ලු කරගෙන දොර ළගට ගියේ චතුර අයියගෙ කාමරේට යන්න. මට හොයාගන්න පුලුවන් වෙයිනේ මැගසින් එක.

මං එහෙම හිත හිත කොරිඩෝ එකේ ඉස්සරහින් තිබ්බ එයාගෙ කාමරේට ළගට ගියා. මැගසින් හොයනවටත් වඩා මගේ හිතට ආවෙ කපටි අදහසක්. ඒ තමයි මගේ ඩයරිය හොයාගන්න එක.

මම අඩවල් කරලා තිබ්බ දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ගියා . කොල්ලෙක්ගෙ කාමරයක් උනත් ඒක හරිම පිළිවෙලයි.මං හිතන්නෙ පොලීසියෙ නිසා වෙන්න ඕනා. එයාලට ඉතිං පිළිවෙල ගැන හොද ට්‍රේන් එකක් දෙනවනේ.

කාමරේ ඇදට ඉස්සරහින් ලොකු පොත් කබඩ් දෙකක්ම තියලා තිබ්බා.

මම එක කබඩ් එකක අත පොවන මට්ටමේ හැම තැනම බැලුවේ මගෙ ඩයරිය තියෙනවද කියලා.

මැගසින් තියෙනවද කියලත් එහෙන් මෙහෙන් බැලුවා. ඒත් මට මැගසින් එක තියා මගෙ ඩයරියවත් හම්බ උනේ නෑ.

මම බලාපොරොත්තු කඩ කරගෙන අනෙත් කබඩ් එක ළගට ගියේ ඒකෙවත් මගේ ඩයරිය ඇතියි කියලා හිතාගෙන.

ඒකෙ නම් ලාච්චු දෙකක් තිබ්බා. එක ලාච්චුවක් ඇරලා බලද්දි ඊට ඇතුලින් පිටට නොපෙනෙන හොර ලාච්චුවක් තිබ්බා.

අනිවාර්යයෙන්ම මේක ඇතුලෙ තමයි මගේ ඩයරිය තියෙන්න ඕනා කියලා මට නිකමට වගේ හිතුනා.

මම හෙමීට ලාච්චුව ඇරලා බැලුවේ ඒකෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න.

” දෙයියනේ ……… ”

මං එහෙම කිව්වා නෙවෙයි මට එහෙම කියවුනා.

ලාච්චුව ඇතුලේ තිබ්බෙ පිස්තෝලයක්. මං ඒ මගේ ජීවිතේ පළවෙනි වතාවට ඇත්ත පිස්තෝලයක් දැක්කමයි. ඒක ඔතලා තිබ්බෙ ලා කහ පාටට හුරු ලේන්සුවකින්. මං හෙමීට ඒක අතට ගත්තා .

” මේක චතුර අයියගෙ පොලිස් පිස්ටල් එක වෙන්න ඇති ”

මං මටම කියාගත්තා.

ඔතලා තිබුන ලේන්සුවත් එක්කම අතට ගත්තමයි මම දැක්කේ ලේන්සුවෙ ගෑවිලා තිබ්බ දුඹුරු පාට කහට පැල්ලම.ඒක නම් ලේ පැල්ලමක් වෙන්න ඕනි.

ඒක දැක්කම නම් මගේ හිත ගැස්සුනා. ටිකක් නෙවෙයි හොදටම ගැස්සුනා.

තුවක්කුව තියලා තිබ්බ තැනම යට තිබ්බෙ පිංතූර වගයක්. මම ඒ ටිකත් අතට අරගත්තෙ තුවක්කුව එක අතක තියාගෙනමයි.

පිංතූර ටික දැක්කමයි මගෙ ඉහමොල රත් උනේ. මගෙ දෙයියනේ ඒ පිංතූර වල හිටියෙ මං . නිකනුත් නෙවෙයි ලේ පෙරාගෙන සිහියත් නැතුව.

මට මොනවත් හිතාගන්න බැරි වෙලා හයියෙන් කෑගැස්සුනා.

මගෙ අතින් පිංතූර ටික බිමට වැටෙද්දි මම තනි අතින්ම රෝද පුටුව හරවගත්තෙ කාමරෙන් එලියට යන්න හිතාගෙන.

ඒත් දොර හරස් කරගෙන මගෙ ඉස්සරහා හිටගෙන හිටියෙ චතුර අයියා .

” ෂානි ඔය පිස්ටල් එක මෙහාට දෙන්න ”

මටත් නොදැනුවත්වම මම පිස්තෝලෙ චතුර අයියා දිහාවට හරවද්දි එයා කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන.

” මට මොකද්ද තමුසෙ කලේ …ඇත්තටම තමුසෙ කවුද ”

මං චතුර අයියා දිහාවට පිස්තෝලෙ මානගෙන ඇහුවා.

” ෂානි … ඕක පැත්තකින් තියන්න ”

චතුර අයියා කිව්වෙ අඩියෙන් අඩිය මගෙ ළගට එනගමන්.

” එන්නෙපා මගෙ ළගට ……. ”

මං එහෙම කියාගෙන ඉස්තෝලෙ මගෙ අත් දෙකට හිර කරගත්තා.

” ළමයෝ ඕක පැත්තකින් තියන්න ”

චතුර අයියා ආයෙමත් කිව්වා. ඒත් මම එයා කිව්ව දේ කනකටවත් ගත්තෙ නෑ .

ඒ හින්දම එයා එක පාරම මගේ පැත්තට කඩන් පැන්නෙ ගොදුරකට පනින කොටියෙක් වගේ. ඒත් එක්කම උනේ මංවත් නොහිතුව දෙයක්.

ඩෝං …………………….

කන් බීරි කරවන සද්දෙකින් පිස්තෝලෙ පත්තු වෙද්දිම මගේ ඇස් පියවුනේ ඔලුව පුපුරු ගහන තරන් වේදනාවක් එක්ක.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ටී…………………….ක්……… විනාඩියක නිශ්ශබ්දතාවක් ???? ඔයාලට හිතන්න පුලුවන්ද මොකද්ද ඒ උනේ කියලා.හිතන්න පුලුවන් නම් පොඩ්ඩක් අනුමාන කරලා කියන්න බලන්න . ඩෝං ගාලා ආව සද්දෙට පස්සෙ අපේ ෂානිට ඒ වගේම චතුරට මොනවා වෙන්න ඇද්ද කියලා හිතාගන්න පුලුවන් ද ???
ඒක ඔයාලා හැමෝටම ඊළග කොටසින් බලාගන්න පුලුවන් වෙයි. අනිවාර්යයෙන්ම ඊළග කොටස කියවන්න හොදේ ???❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

209 thoughts on “? සමනල පියාපත් ? 78 වෙනි පියාපත්”

    1. දේවාෂි

      Congratulations නගෝ… ඔයා මාව දන්නේ නැහැ නේ.. ඊයෙ ආවේ නැහැ නේ…❤❤

    2. ?නොහදුනන්නී ?

      කන්ග්‍රැජුලේශන් විශ් නංගා..මන් ඔයාගෙ විශාක කියන නමට කැමති ..ඒ නිසා විශ් කියන්නම් බබා ??

      1. අයියේ ඔයා අපේ කෙල්ලන්ගේ නම් විකෘති කරන්න එපා හරිය. මට පුලුවන් ඕනෙනම් උක්කුං පුතාවත් විකෘති කරන්න ???

      1. Chamodya Madusanki

        කතාවනම් ගොඩක් ලස්සනයි ලොකූ.
        අද රෑට කමෙන්ට් එකක් දාන්නම් අයියේ.. අද ටිකක් අසනීපයි.
        බුදුසරණයි
        පරිස්සමින් ඉන්න.

    1. ?නොහදුනන්නී ?

      දන්නවද සුදු මහත්තයෝ
      මට දැන් උබේ හුස්මක් උනත් දැනෙනව
      කවුරු කොහොම කිවුවත් උබ ජීවත් වෙනව උබට බෑ මට බොරු කරන්න
      අනේ රත්තරනේ මට බයයි මේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න මුන් ඔක්කොම බොරු කාරයෝ කිසිම ඇත්තක් මට කියන්නෙ නෑ
      මන් දන්නෙ එක දෙයයි මේ හැමෝම ලොකූ බොරුවක් කරනව කියල විතරයි
      උබේ සුදු මැනිකව බේර ගන්න එන්න මහත්තයෝ
      මේ අපායෙ ජීවත් වෙලා මට ඇති වෙලා
      සත්තකින්ම උබ විතරමයි හැම මොහොතකම මට මතක් වෙන්නෙ ඇස් ඉස්සරහ මැවි මැවී
      හැමදේම අමතක උබත් මට උබ ගැන හුරු බවක් දැනෙනව මහත්තයෝ
      ඇයිද කියන්න මං දන්නෙ නෑ රත්තරනේ
      වෙලාවකට හිතෙනවා පිස්සියෙක් වෙලා හිටපු කාලෙ කොච්චර හොදද කියල
      හැමදාම එහෙම ඉන්න තිබුනනම් උබේ සුදු නෝනා මීට වඩා සතුටින් මගෙ මහත්තයෝ
      දරාගැනීමේ ඉවසීමත් පහු කරල මන් ඉන්නෙ මහත්තයෝ
      තවත් නම් බෑ
      ඉක්මන්ට වරෙන් මාව හොයා ගන්න මේ බොරු කාරයන්ගෙන් මාව බේර ගන්න හැමදාටම උබේ ලග තියා ගන්න උබේම කර ගන්න
      ආසයි අවසන් හුස්ම පොදත් උබේ තුරුලෙම හෙලන්න..

          1. Samawenna aa first cmmnt ekata subapathapu ekata tanku dhamme akkage cmmnt ekata wadhune.

          2. ?නොහදුනන්නී ?

            තෑන්ක්ස් හිමා අක්කි …??

      1. දේවාෂි

        මගේ චූටි අක්කියෝ… ලස්සනයි මැණික වෙනද වගේම… ඔයා ඉතින් මගේ වැඩ්ඩිනේ…❤?
        ඊයේ ආවෙ නැත්තේ සිග්නල් අවුලක් නිසා අප්ප…?
        ආදරෙයි චූටි අක්කියෝ ?❤❤

          1. ?නොහදුනන්නී ?

            තෑතෑන්ක්ස් හිතෙශි මචී..අදරෙයි මැනික ..??

        1. ?නොහදුනන්නී ?

          අනේ මගේ චූටි ඇවිත්…තෑන්ක්ස් දේවාශි බබා ..මන් බැලුවෙ පිස්සි මොකෝ ආවෙ නැත්තෙ කියල …ආදරෙයි මැනික …??

          1. දේවාෂි

            මගේ ෆර්ස්ට් ලව් එකේ හැසිරීම අන්තිමයි නේ.. චූටි අක්කියෝ ඒ නිසා…?
            සැ.යු. ෆර්ස්ට් ලව් එක යනු මගේ ෆෝන් රාජයා වන බව කරුණාවෙන් දන්වා සිටිමි…???

      2. ? එරන්දි ?

        ලස්සනම ලස්සනයි නෙවෙයි ගොඩාලියක් ලස්සනයි නන්ගෝ…????

          1. මම අඳුරු සෙවණැලි කියලා කතාවක් ඊයේ ඉඳලා පටන් ගත්තා හොදයිද බලන්නකෝ???

          2. මම අඳුරු සෙවණැලි කියලා කතාවක් ඊයේ ඉඳලා පටන් ගත්තා. ☺️☺️???????

          1. Mama dhahamsa wayasa අවුරුදු 12යි තාම 7 වසරෙ ??????

  1. Aneh mokakdha ee wune mata nm mokuth tgerune. Ai chathurage gun eka yata shanige pinthoora thibbe. Kagedha ee le pallama. Ai chathura eyage pisthole hangala thibbe. Me wage hugak prashnayak thiyenawa mage hitha athule. Kathawa awasane okkomatama pilithuru lebei kiyala balaporoththu wenawa. Hamadhama wage adha kotasath harima lassanai ayye.

      1. Ne akke mama chuttak withara tube lite ekak. Ee nisa chuttak parakku wela thama therune. Anith eka mama mula idhan ui aga idhan ui kiyewwe dhan tikakata kalin thama hariyatama kathawa kiyawala iwara kare ee nisa theruna.

  2. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

    Mmm chathurt wedi wadun wathda…katada eya eken wedi thiyala thiyenne shanitada eyge photos thibune ethana.ane mnda me kellage mathake awanam…monada chathura ara ahida gena sakkuwt da gtte…hitha gnna ba ayye mon wenwda kiyala.eka itin oyge dakshathawyne ehema liyala thiyenne.ayyt suba pathanaw thawath me wage kath godak liynna shakthiya labenna kiyala.diga comment danna widihak na ayye me dawas wala tikak busy.ikmanatama ayyata diga reply ekak dennam ekane aiyage sathuta.beheth bila parissamin sathutin inna .budu saranay lokuuuuu❤️❤️❤️??????

    1. ඩිගිරි ඩිගාරේ චතුරට නේද වෙඩි වැදුනේ.
      මැරියන් මැරියන් මැරියන්.

    2. මතකද ඔයා මගෙ බව කියා හිත හොරෙන්ම අරන් ගියා
      නොහිතපු නිසා හැරයයි කියා හදවතක්ම ගිලන් වෙලා
      ලගින් උන්නු කාලේ දුකක් දැනුනේ නෑ මෙසේ
      අද ඔයා නැති නිසා හඩා වැටෙනවා කීරී ගැහෙනවා

      සද නැති රැයේ කලුවර මගේ එළිය කෙරැව ජීවිතේ
      සුවදක් වාගේ තවමත් හදේ නතර නොවන ආදරේ
      නොදන්නවා වගේ ඉන්න මැණික ආයේ
      අද ඔයා නැති නිසා හඩා වැටෙනවා කීරී ගැහෙනවා

      තනිවුණ දිනේ මතකය ඔබේ විවර කෙරුව දෑස් දිගේ
      කදුලැලි පිරේ නොසිතුව ලෙසේ දුරක ගෙවන ආත්මයේ
      නොකීවට හදේ දැනෙන තනිය මාගේ
      අද ඔයා නැති නිසා හඩා වැටෙනවා කීරී ගැහෙනවා

      මතකද ඔයා…

  3. ? එරන්දි ?

    රෑ වෙලා කමෙන්ට් එකක් දාන්නම් අයියේ බුදු සරණයි …???

      1. ? එරන්දි ?

        දිල් මචී කෝමද ඉතින්…අනේ ඔයාගේ සෝස බෝලේ බලන්න බැරි උනානේ මට ඒ නම තියෙන සෙට් එකක්ම එනවනේ අප්පා.මට හොයාගන්න බැරි උනා සුද්දියෝ…

        1. අනේ මට කොයින්ද බං සෝස බෝලයක් ?????
          මං තාම සින්ගල්නේ.
          ඔබ තුමිට ටැපලිලාද.

          1. ? එරන්දි ?

            හුටා ටැපලිලා නෙන්නම් දිල් නෙවෙයි දුල්නේ හයියෝ සොලි හොදේ…????

  4. ඒ ඩෝං ගෑව වෙඩිල්ල චතුරටද වැදුනෙ ???…නැත්නම් ෂානිටද ….අයියෝ හෙට වෙනකන් ඉවසන්නෙ කෝමද අප්පා ඒක දැනගන්න ???…දැන් නම් ෂානිට මතකය එයි…අම්මෝ මතකෙ ආවොත් නම් චතුරට වෙන්නෙ වහ ටිකක් කාලා බෙල්ලෙ වැල දාන් මුහුදට පනින්න ????…කතාව ගොඩක් ලස්සනයි අයියෙ…නියමයි ??????????????????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ මගේ මල්ලි පැටියා ආවා කොහොමද ඉතින් මේ ඒක නෙවෙයි අපේ අර පරණ ගෲප් එක තියෙනවා

  5. අලුත් පැංචෝ ගොඩක් ඇවිත්නේ මං නැති දවස් දෙකට.අනේ සමාවෙලා විස්තර කොටන් යන්නකෝ

    1. දේවාෂි

      අක්කියා මාව දන්නේත් නැහැ නේ… මගේ නම දේවාෂි මට අවුරුදු 10යි…. මම තාම ගොඩක් සූටි….??❤

        1. හෙලෝ දිල් මාත් අලුත් නම හිමබෝලෙ ??????⛄⛄⛄⛄⛄⛄ වයස 16 ක් වගේ දාගන්නකෝ ☺☺??

          1. Hari ehnm akkiyo. Akkita wayasa 10y. Puluwannam uppanne wenas karanna try ekak dheela balanna akkiya. Ethakota neethyanukoolawama 10y.

  6. Sadamali nuwanthika

    මං නම් හිතන්නෙ එදා රෙස්ටුරන්ට් එකේ හිටියෙත්,අද චතුරගෙ ගේට් එක ගාව හිටියෙත් රවීන් අයියා කියල…??

  7. හොද වැඩේ ඔය චතුරයට… කොහොමත් මං අද තීරනයක් අරන් ආවෙ චතුර ආයෙ බාල්දි පෙරලුවොත් බෙල්ල මිරිකලා දිව ඇදලා එලියට අරන් උඩ පැනලා ඔලුවට ගහගන ගහගන යන්න.. ? අයියා මාව මිනි මරුවෙක් නොකර එකට සතුටුයි ?????? දැන් වත් චතුර පැත්තකට වෙලා දෙන දේ කාලා වෙන දේ බලන් හිටියොත් හොදයි..

    හැමදාම වගේ අද කොටසත් හුගක් ලස්සනයි අයියේ.. හෙට වෙන දේ දැන ගන්නකම් ඉවසිල්ලක් නෑ… හෙටත් ලස්සන කොටසක් අරන් එන්න අයියෙ

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️
    මතකය අමතක වූවත් මෙදිනේ
    ආදරෙ හද තුල තාමත් ඇත්තේ
    නුහුරු ඔයා ලග හුරුවක් දැනුනේ
    සදහට ඔය හිත මට හිමි නිසානේ

    කල් ගත වූවත් දිනයෙන් දිනයේ
    කලබල නොව මම බලාන ඉන්නෙ
    කවදා හෝ එක් වන්නට හැකිනේ
    රවීන්ගෙ ආදර සෂානි මමනේ
    ___සෂානි___
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. දේවාෂි

    අම්මා… තාත්තා… ආච්චි… සීයා… කිරි ආත්තා…. කැරපොත්ත… නත්තා….. පනත්තා… ? චතුරගෙ සමස්ත පරම්පරාවම මතක් වෙනෝ මට…??
    මගුල් සාරි හොයන්න කතා කරනෝ මෙතන… ?හ්හ්… ඌට මැරුණ දවසටත් අන්දවන්න ඕන ගවුමක්….?? මට ඕකව පේන්න බැහැ ? මූ කියන බොරු වලට යන්න වෙනම අපායක් තියෙනවා ගොන් වස්සා….? හ්හ්… අහිංසක මාව මිනීමරුවෙක් කරන්න එපා අයියේ…. හ්හ්…. ඕක ශානි කෙල්ලට මොකක් හරි කෙරුවොත් නම් මම….. ඕකගේ නහය ගලවලා අතට අරගෙන… හරහට දාලා බලෙන් වස කාලක් පොවලා… දිමි ගොට්ටක් ඇගට දාලා..? බෝම්බයක් පිටේ බැදලා… ඔලුව තට්ටේ ගාලා…. දානවා නිල්වලා ගගට….???? මූකලන් බස්සා….?
    වෙඩිල්ල කොහාට වැදුනත් කමක් නැහැ අපේ කෙල්ලට වදින්නේ නැතුව..?
    එතකොට අර සක්මන් කරපු මනුස්ස පරානේ කවුද…?? යකෝ හොල්මන් පරම්පරාවෙන් පැවතගෙන එනවා වගේ නේ…. මේ ඉන්නවා මේ යනවා….?? රවී කොල්ලා කියලත් හිතෙනෝ….
    ඔයා අපේ සුදු අයියා කොටේ නේ…. රවී කොල්ලව මරන්න එපා හොදේ…. ?
    ශානි කෙල්ල…. අම්මෝ මෙකී… ? ඔහොම තමයි ඔය මැට්ටි කරන්නෙම ඔය වගේ බාලංශ වැඩ…? ඇයි යකූ ඔක්කොම උනාට පස්සේ තමයි දේවල් හොයන්නයි වැලපෙන්නයි යන්නේ…?? හිස් කබලේ පිදුරුද දන්නේ නැහැ ?
    දැන් මල්ලිය කෝ… අනික නගාත් නැහැ…. තව… රවී කොල්ලා ගැන කතාවක්වත් නැහැ……?

    අනේ අයියේ ඊයේ එන්න බැරි උනාට සමාවෙන සේක්වා… ?
    කොහෙද මගේ ෆර්ස්ට් ලව් එක පිස්සු නටනවා නේ…. ඔය වෙලාවට තමයි ලව් එක කියලා හිතන්නේ නැතුව පරළොව යවන්න හිතෙන්නේ….???
    කතාව එල මචං අයියේ….බෙහෙත් බීලා පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ❤?

      1. දේවාෂි

        හී…. තව පිස්සු තද වෙලා…. අද පෙත්ත බොන්න අමතක උනා නේ…??

          1. දේවාෂි

            අක්කියා ඇවිත් නේ… මම හොදින් අක්කියෝ… මොනවා නැතත් කාලා බීලා නම් ඉන්නවා…??❤?

  9. කතාව කියෙව්වෙත් නැ… සැවෙලාම කියවලා කමෙන්ට් කලන්නම් මං… පරෙස්සමින් ඉන්න සත්තලංලා…❤️❤️❤️

      1. ඉන්නවා ඔහේ හිතෙෂි අක්කියෝ… ?? පොබ්ලම් මචී… දැන් ආවේ දිල් අක්කියෝ… ??? ආදලෙය් හැමෝටම… ❤️❤️❤️❤️

      1. ??? මෙයා එන්න දෙන් නැ අනේ… එයාට gf කෙනෙක් සෙට් කරලා මං හොලෙන් පැනලා ආවා කවියෝ… ???

    1. හ්ම්……. හොද පණ ගියා අප්පා… මගේ ෆෝන් බබායි සිම් බබායි එකතු වෙලා මට හොදටම වද දෙනවා අනේ… connection අවුලක් නේ … ???

      මේවා නම් දෙයියොම බලා ගන්න ඕන… ඒ පාර අර ගල් මූසලයා වෙඩින් ඩ්‍රස් බලනවා… ? මේ වෙලාවට තමා හිතෙන්නේ කන්දේ දේවාලෙට ගිහින් ගම් මිරිස් අඹරන්න… චතුරයා සුන්නද්ධූලි වෙලාම යන්න… ගොන් හරක් බූරු උනහපුලු නරියා… ගොන් අලියා ??? … ආහ් අර චතුරයා ගේට් එක ලගදි සාක්කුවේ දාගත්තේ මොනාද… අර හොර කියන ගල් ජාතිය ද… ?? ෂානි දැක්කේ අර ෆොටෝ වගයක්… ඒ ඒවද දැන් නැ… මේවා හිතන්න ගියොත් නම් මොලෙත් එක්ක කුරුවල් වෙනවා… ???? කාලා අයිස් වතුර බාල්දියක් නාලා ac දාගෙන නිදාගන්න හිතෙනවා …???

      ගොන් බූරු මැටි මොලයක් ඇති ෂානියෝ… මොලේ කියලා කන්හැන්දක්වත් නැද්ද බං… චතුරයාට ලං වෙන්න දෙන්නෙත් නැ… රවීන් අයියා වැරදි නැ කියලා පිලිගන්නෙත් නැ… මං මෙහෙම කිවා කියලා අර ගොන් අලි චතුරයාට ලං වුනොත් එහෙමනේ…. ගලවනවා අඩු… කියන්න බැනේ ගොන් එළදෙනක්නේ…???

      මට නිකමට හිතෙනවා දැන් ෂානිට ඇවිදින්න පුළුවන් වෙයි කියලා… අර වෙඩි වැදුනේ චතුරයාට නම් හරි… එහෙම වුනොත් ෂානිට අර පරණ වෙඩි වැදෙන සීන් කෝන් එක මතක් වෙලා පරණ මතක ඔක්කෝම ආවනම් හරි… දැන් ඇති වෙන ශොක් එක හින්දා හැමදේම මතක් වෙලා ඇවිදින්නත් පුළුවන් වුනොත්…??? අනේ සුදු අම්මනම් අයියා කොටේ එහෙම කලන්න බැලිද අනේ… පීස් පීස් පීස් ?????

      දැන් නම් ඇති වෙලා රවීන් අයියා ගැන විස්තරයක් අහලා..? ආයි නම් මං අහන් නැ… ඔයා කියන දවසක කියාගන්නකෝ අයියා කොටේ…හැබැයි රවීන් අයියාට කරදරයක් කරලා තිබ්බොත් මං ඒක එදාට බලාගන්නම්කෝ ???

      ???????????
      සදට මතක නැ සද අයිති අහසට කියලා…
      නන්නාදුනන තරුවක් යට
      ඔහුගේ ඇයි සිතා සිනාසෙන අපූරුව …
      දුක දැනෙන අහසට
      ඇය දුරස් යැයි සිතා
      කෙදිනකවත් බැ කඩා
      වැටෙන්නට …
      මන්ද අහස කඩා
      වැටුනහොත් සදද කඩා
      වැටෙන නිසා…
      සදේ සතුට නිසාවෙන්
      දුක දරාගන්නවා හැර
      අහසට බැ හඩා
      වැටෙන්නට…
      සදේ සතුට දෙස
      ඈතට වී බලා සිටීමට
      අහස අදිටන් කර අවසානය..

      – අහස (රවීන් අභිමාන්) –
      ???????????

      කෝමද අයියා මචං… අද නම් ගොඩාාාාරියක් වෙලා ගියා එන්න… මේ ??? රාජයා පිස්සු කෙලනවා අනේ… අසනීපයක් නැ නේද… සතුටින් ඉන්න අයියේ… කතාව ගැන කියන් නැ කතාව සුපිරි නේ… මගේ අයියානේ ලියන්නේ… පරෙස්සමින් ඉන්න අයියේ ????????? තෙරුවන් සරණයි !…
      සුභම සුභ රාත්‍රි⁣යක් මගේ අයියට….
      ???????

  10. හිතෙෂි මෙත්දරා

    Budu santhooo makkai e kole. Chathurayata wedi wadunnam kamak na.eth wena kata hari wadunnam? ????????. Danwath ara gon honthuwata chathurayawa epa unoth hodai. Deiyane danwath shanita molyak denna.

    Chathurayatama wedi wadunanm oyata heta idan baninne na aiye. Marilath payak adarei. Oya echchara hoda wada karana ekak na ane ekko. Mokak hari dushta wadak kalothne ithin oya. Aiya kiyala balanne na hoya gena awilla sereppuwen nelanawa harid ukkuwo.

    Parissamin inna aiye budu saranai. Ikmnata saneep wanna hode. Heta enna wena ekak na lamai mata. Hospital yanwa operation ekata dinayak da ganna. Oyala hamoma parissamin inna.adarei hamotama

  11. ? එරන්දි ?

    මේ සුමී අයියේ ඩෝං ගෑවට කාටවත් වැදුනේ නෑ නේද..චතුරයා උඩට උස්සන්න ඇති මෙලහට තුවක්කුව.ශානිට සද්දෙට කම්පනේ වගෙ ඇවිත් සිහි නැති වෙලා ආයේ සිහිය එනකොට පරණ දේවල් සේරම මතක් වෙලා ඇති.ඔන්න ඕමයි මගෙ උපකල්පනය.කෝමත් එක වෙඩිල්ලක් තියන්න තිබ්බේ පොලොස් කොට්ටෝරුවට.ශානිට මේම කලාට.කොහෙද එක පාරම කඩාගෙන බිදගෙන පැන්නනේ ඉතින්.ශානි කෙල්ලට හරියට ඉලක්කෙවත් ගන්න බැරි උනා වගේ.අනේ වෙඩිල්ල වැදියන් චතුරයටම සෙත්තපෝච්චි වෙලාම යන්න.ඒම උනොත්නම් මන් ආයෙ බයින්නෙම නෑමයි ඇත්තමයි සත්තයි….හ්ම්ම්ම්…දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න එපැයි වෙච්ච දේ දැනගන්න.

    අනේ ඇත්තට මේමත් චතුරයෙක් ආවා මෙතන වෙඩින් එකට සාරි සිලෙක්ට් කරන්න.හොම්බට එකක් දෙන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි.ඇයි අනේ කපටියා වගේ මැගසින් ටිකත් තියාගෙන ඉදලා තියෙන්නේ ශානිට දෙන්න.ගොන අලියා මූකලන් බස්සා මටනම් පෙන්න බෑ ඔය චතුරයාව.සේරම කරලා දැන් ඉන්නවා තොත්ත බබා වගේ…..????.

    කාවුද ඒ ගේට් එක ගාව ඉදලා ගිය කෙනා.රවීන්වත්ද….???? ආව කෙනා කව්රු උනාත් මොනා හරි මග දාලා ගියානේ ඉතින් චතුරයාව අන්දන්න ඒම කලාද දන්නෙත් නෑ.අපි බලමුකො රවීන්ගේ සෙට් එකේ මාස්ටර් ප්ලෑන් එක කෝම වෙයිද කියලා.මරු සෙට් එකක්නේ ඉන්නෙත් රවීන්ට .

    මේක ඉවර උනාම ආයෙමත් කතාවක් ඕනා අයියේ.ආසාවෙන් කියවන්නේ.ඉවර උනාම පාලුයිනේ.කතාවක් ඕනා ඕනා ඕනාමයි.හලිද ….

    ????????
    ගීයකට පද ගෙතුවද
    ගෙතූ පදවැල් වලට
    සැබෑ අරුතක් දෙන්නට
    තනුවක් අවැසිමය
    එලෙසටම,
    දිවියට අරුතක් දෙන්නට
    ආදරය කරන හිතක් ළග
    රැදිය යුතුමය
    දෝරේ ගලා යන
    ආදරය අභියස
    සත් මාල පළදා
    සුදු සේල දවටා
    ඔබගේම පතිනිය වී
    සසර නිමවන තුරුම
    ඔය පපුවෙ රැදෙන්නට
    මා දුන් පොරොන්දු
    අමතක වුවද
    හදවතේ ගැඹුරෙම
    ඒ හුරු පුරුදු නුඹේ සුවද
    සිත තුළ දග කරන බව
    කෙලෙස පවසන්නද මම
    ඔබ දුර ඈත ඇති කොට….

    ලොකු අයියේ කෝමැයි ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා නේද…බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න ..???????

  12. අක්කලා අයියලා යාලුවො හැමෝටම කෑම ජාති හීනෙන් පේන සුබ රාත්‍රිය්ක් වේවා…❤️❤️❤️❤️❤️????????

  13. ❤කවී❤

    Don………….. Anee dnvat Ara modita mole padunoth hdai oya wedi saddeth ekka Mata hithna vidiyta shanita mathake evii etakota hamadeyakma hri yai et Tama raveen aiya gana aranchiyak nane dn nm katawe kuthuhalaya uparimai issarahata mkda wenne kiyala Dana gnna HT wenakan iwasan inne mara amaruwakin ane mnwa krnnda HT wenakan Inna epai itin

    Aiye oya sanipen parissamin innwa neda parissamin Inna mage aiye oyta budusaranai ????

  14. Chamodya Madusanki

    අම්මෝ අර ඇටි කුකුලටද වෙඩි වැදුනේ නැත්තම් වහලෙටද?? අනේ ඕක දැකලවත් ශානිට එයාගේ මතකේ ආවනම් හොදයි අප්පා. චතුරයා ඩයරි එක ගත්ත එකත් හොදයි එක අතකට නැත්තම් ඔහොම ඩෙයක් වෙන්නෙ නෑ?? චතුර අහුල ගත්තේ මොකක්ද? ඒකත් පස්නයක් දැන්.
    ????????
    වේදනාව දැනුනත්
    මගෙ හිතට කොපමණ
    වසන් කරන්නට
    උත්සහ ගනිමි
    හැමවිට…
    හිතකට බෑ
    වේදනාව වසන් කරන්න
    මැරි මැරි ඉපදෙනවා
    මම
    හැම මොහොතේම…
    ????????

    කතාව ගොඩක් ලස්සනයි අයියේ.
    සුබ රාත්‍රියක් හැමෝටම. පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කලා අයියලා හැමෝම.
    බුදුසරණයි
    ආදරෙයි හැමෝට????

  15. උක්කූං පුතා(SuMi )

    ඩෝං ………… ???? ආයෙත් පත්තු උනා නේද ළමයි. මොකද්ද දන්නෙ නෑ නේද ඊළගට උනේ ???? අම්මෝ ඉතිං ඔන්න මං නම් නෑ. ?? මං දැක්කෙත් නෑ දන්නෙත් නෑ ??? අම්මෝ මං නම් හරිම අහිංසකයි ???

    කෝමද ඉතිං මගෙ දග සෙට් එක .ඔයාලා කාලා බීලා පරිස්සමින් සතුටින් ඉන්නවා නේද .. මට නම් ටිකක් මහන්සියි අද නම්. ගෙදර වැඩ වගයක් කලා. ඒක නිසා තමා මහන්සි. ඒකනිසා අද ටිකක් වෙලාසනින් අයියා දොයියන්න හදන්නේ ???

    ඔන්න ඒ නිසා අදත් මම ඔයාලගෙන් සමාව භාජනේක දාලා ඉල්ලනවා. මොකද අද මට ඔයාලට පොදු කමෙන්ට් එකක් දාන්න වෙන්නෙ. ??? සමාව දෙනවා නේද මට. මං දන්නවා ඉතිං මගෙ දග සෙට් එක මට සමාව දෙනවා කියලා ????

    ඊළගට කතාවෙ මොනවා වෙයිද කියලා ඔයාලට ගෙස් කරන්න පුලුවන්ද ???? ???? මට නම් හිතාගන්න බෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

    හැබැයි ළමයි දෙයක් කියන්න නම් තියෙනවා ??? කතාවෙ 83/ 84 කොටස් කියවන්න එන්න පුලුවන් 20+ අයට විතරයි. මොකද ඒක වඩාත් සුදුසු වැඩිහිටියෝ වෙච්ච දග සෙට් එකේ අයට ???

    පොඩි ඇච්චො බැච්චන්ට ඒකෙ තියෙන සමහර දේවල් කියවන්න හොද නෑ. එතකොට එයාලගෙ මනස ව්‍යාකූල වෙන්න පුලුවන් ???? ඒ හින්දා ඒවා පොඩිහිටියො බලන්න එපා. වැඩිහිටියෝ විතරක් කියවන්න ???

    දැන් ඉතිං මාව පන්නගෙන එයි දුම්මල වරම අතට අරන් ?????????? අම්මෝ ………

    හෙහේ .. මගෙ දග සෙට් එක. කතාව ඉවර වෙන්න තියෙන්නෙ තව කොටස් කීපයයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේම කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අනික අන්තිම කොටස් තමයි ලස්සනම කොටස් ටික. ඒක නිසා ඒවා මිස් කරගන්න එපා හොදේ ❤❤❤❤????

    ඔයාලගෙ මේ ලස්සන නිසදැස් දිග කමෙන්ට් මං හැමදාම කියවන්නෙ හුගක් ආසාවෙන්. මොකද ඒවා තමයි මගෙ හයිය. ශක්තිය. ඒක නිසා හැමදාමත් මේ ලස්සන කමෙන්ට් කවි නිසදැස් අයියගෙ කතාවට හැමදාම දෙන්න. මට රිප්ලයි කරන්න වෙන්නෙ නැති එකටත් මම ආයෙමත් සමාව ඉල්ලනවා.

    ඉතිං මගෙ දග සෙට් එක මේ ලෙංගතුකමට මම හැමදාමත් ආදරෙයි . ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි ඔයාලා හැමෝටම. ගුඩ් නයිට් ඒනම් . බුදුසරණයි මගෙ දග සෙට් එක ???❤❤❤

    මතකය දිගේ ආපසු මට ඇදෙන්නට
    වරයක් ලැබේනම් ඔය නෙත් දකින්නට
    නුඹ ළග දැවටිලා පෙම් සුව විදින්නට
    ආසයි මහත්තයෝ නුඹ ළග හිදින්නට

    – ෂානි –

    අහසත් කලුව වට වැස්සට තෙමී මම
    ඔබෙ රුව සොයමි බොදවූ වැහිවළාවක
    පායන්නට ආසමුත් දේදුනු කලාවක
    හිමිදෝ වරම් නුඹ ළග මට හිදින්නට

    – රවීන් –

    කමෙන්ට් හැඩයි
    මගෙ දග සෙට් එකේ හැම
    පාලුව නිවයි ඔයාලා හැම
    මගේ ළග
    රිප්ලයි නෑ කියා
    තරහා නොවී හැම
    දෙනවද කමෙන්ට් අයියගෙ
    හැම කොටසටම ???

    දුක සැප බෙදන්
    හරි සතුටින් අපි ඉදලා
    සැනසෙමු එකම පවුලක
    මල් කැන් වීලා
    නෑ කිසි බේද
    එකමුතුවෙන් සැනසීලා
    දග සෙට් එක
    යමු ඉදිරියටම හිනැහීලා

    1. ඒත් මේ මල් කැන් තියෙන්නේ කොහේද. කෙසෙල් කැන් තමා තියනවා

        1. සෙව්මි

          ආ ලොක්කයියේ .. මේ මොනා නැතත් මං ඔයාගෙ කතාවෙ 83 84 කොටස් කියවන්න නම් එන එක එනවා . ?????

          1. සෙව් බබෝ ඒවා නම් ඔය එක්ස්ඈම් වලට එන්නේ නෑනේ බං.

          2. සෙව්මි

            හී හී හී.. අයියෝ මගේ දිල් අක්කි … ඔයා අපේ අම්මා වගේමයි අප්ප… මෙ සැරේ විබාගෙට ඔව්වත් එනවලු. මට වි.කො කිව්වේ ..

          3. අපොයි මේ ලොකු ඔයා තහයි මේ කෙල්ලව නරක් කරන්නේ

    2. දේවාෂි

      අහ් මම අහන්නමයි කොහොමත් හිටියේ… කොහෙද අර කොටස් ටික කියලා… හිකිස් …. එල එල.. ඔන්න මට නම් 10යි ඒ උනාට කමක් නැහැ ඔයා පව් නේ ලොකූ … ඒ නිසා කියවනවා…??

  16. සෙව්මි

    ලොකු අයියේ කතාව නම් ඉතින් කියන්න දෙයක් නෑ . අනේ චතුරයටම වැදියං ඔය වෙඩිල්ල…

    මහී අක්කි ,නිරෝ අක්කි, සදී අක්කි, .. නම් කියපු නැති හැමෝම ..කෝ ඔයාලා. පරිස්සමෙන් ඉන්නවා නේද .. තෙරුවන් සරනයි හැමෝටම ?????
    පරිස්සමෙන් ඉන්න.

  17. ? එරන්දි ?

    සුභම සුභ රාත්‍රියක් හැමෝටම අද ගොඩාක් අය හිටියේ නෑනේ ඇවිත් සනීපෙන් ඉන්නවා නේද ඔයාලා.නම් දාන්න බෑ සුදූලා එක්කෙනෙගෙ හරි නමක් අමතක උනොත් ඒම ඉවරයිනේ .ආවේ නැති හැමෝම හෙට අනිවා එන්න ඒනම් අසනීප අයට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …??? සතුටින් පරිස්සමින් ඉන්න …..????????????

    1. සුභ රාත්‍රියක් මචියෝ

      අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙලා ඉක්මනට එන්න.
      ඔයාලට බුදු සරණයි
      ආදරෙයි පැලෙන්න.

    2. දේවාෂි

      සුබ රාත්‍රියක් සුදූ…..??

      ලෙඩ වෙලා ඉන්න අය ඉක්මනට හොඳ වෙලා එන්න… ??
      දුකෙන් ඉන්න අයගේ දුක නැති වෙලාම යන්න….❤❤
      සතුටෙන් ඉන්න අයගේ සතුට තවතව වැඩි වෙන්න…
      ? එක හීනෙන් පේන්න….?

      ආදරෙයි මගේ පිස්සු පවුලට මැරිලත් පැයක් යනකන්ම…❤❤

  18. ලොකු කොහොමද ඉතින්.
    මේ දවස් වල,
    ගෙදර වැඩද? වගාවේ වැඩද?
    සත්තු පාලු කරනවද වගාව.
    මං හොද අයිඩියා එකක් දෙන්නම්.
    ( බැනියම් කෑල්ලකුයි,සරම් කොටේකුයි ඇදගෙන කලු තොප්පියකුයි දාගෙන වගාව මැද තනි කකුලෙන් හිටන් ඉන්න. ඔය සත්තු තියා හොරෙක්වත් පැත්තේ එන්නේ නෑ. කරලා බලන්න තක්කෙටම හරියනවා. ) ?????
    මට මැවි මැවි පේනෝ. මාර හැන්සම් අනේ.

    මේ අර වෙඩිල්ල පත්තු උනේ චතුරට නේද. සාධු සාධු සාධු
    අනේ චතුර කියන නමවත් පේන්න බෑ මට.
    එක පාරට මරන්න නම් එපා හොදද
    වද කෝටියක් විතර දෙමු.
    අර සදී අක්කි කියනවා වගේ දිමි ගොට්ටක් නම් අනිවාර්යයි.?????

    අපේ ශානිට නම් ආයම වෙඩි වද්දන්න එපා. පලවෙනි වතාවෙත් මතකනේ.ශානිට වඩා මට මතකයි. එදා නම් බේරුනා. ඒත් හත්වලාමේ මේ පාර නම් එපා. එහෙම කරොත් නම් ඔයාව තමයි අලල්ගන්නේ.
    ?????

    අයියේ අර ඉන්නේ රවීන් ද.
    එයා මැරිලා නෑ නේද.
    නැත්තම් හොල්මන්ද.
    ඔයා තමයි බොල දන්නේ, අපිද
    මං නම් දන් නෑ කියන්නේ කතාව ලිවේ අපි වගේනේ. ආහ් අර හොටෙල් එකේ හිටපු හොල්මන කවුද එයා ගැන කීවේ නෑනේ ආයම. එයයි කබා කාරයයි අතර මොකුත් නෑ නේද. අනේ මංදා ලොකු අයියේ මේ අහිංසක අපේ ඔලු ගෙඩි පව් බං. ?????

    අර 83, 84 කොටස් වල ඉගෙන ගන්න දේවල් ඒම ඇති නේද.
    එකම දවසේ දෙන්න බැරිද කොටස් දෙකම. මේ නිකම් හදිස්සියක් එහෙම නෙමේ. කතාව කියවන්න ආසාවට හොදද ඉතින්. ?????

    ඉතින් අයියේ කාලා බීලා සතුටින් පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි
    දෙවි පිහිටයි
    සුභ රාත්‍රියක්

    1. මහී අක්කී
      නිරෝ අක්කී
      සද අක්කී
      අයේෂා අක්කී
      නිශු නංගා
      කෝ ඔයාලා.

      1. දේවාෂි

        මහී අක්කියා ආවෙම නැහැ නේ…?
        සද අක්කිත් නැහැ ….
        කෝ අනේ මේ කවුරුත් ?

      2. මෙන්න මම ආවෝ ????
        බයිසිකලෙන් අද ආවේ පැදගන එද්දි ගොඩක් වෙලා ගියා.??
        හරි ම මහන්සියි …

  19. අපොයි මම දැන් දැක්කේ කතාව දාලා කියලා.???
    ආනේ ඇත්තටම සූටියෝ මට හිස් බඩ මොකුත්ම හිතෙන්නේ නෑනේ.උණුම උණු සමෝසා එකක් වත් තිබුනනම් මොනාම හරි හිතන්න තිබුනා….??
    හැබැයි ඉතින් ආය අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.අර ඩෝං සද්දේ ඇහුනේ අහල පහල කව්රු හරි රතිඤ්ඤායක් පත්තු කලා.ඕඕ..ඇත්තමයි.මට ඇහුන සද්දෙ හැටියට නම් එහෙම තමා…හිතෙන්නේ.
    එහෙමත් නැත්නම් ශානි කෙල්ල මේ පාරත් කොකා ගැස්සුවා වෙන්නට ඇති.අව්ලක් නෑ දැන් අර නැතිවුන මතකෙ එයි….
    ඊලගට අර ගංකබරයා චතුර කොලූට විරහා ගීත කියන්න වෙයිද දන්නේ නෑ.මේකට මාර හදිස්සියක් තියෙන්නේ බැද ගන්න.බලාන්කෝ පුදුම උනන්දුවක් තියෙන්නේ.
    ඉක්මනින් කාගෙ හරි වෙඩිමක් ගත්තනම් අපිටත් වෙඩින් කේක් කෑල්ලක් කන්න පුලුවන් සාන්ත.ඒක ටයිප් කරද්දිම බඩේ පනුවෙක් දුන්නා කියාන්කෝ පයින් එකක්.??

    සූටිත්තන් අයියේ දැන්නම් කතාව උනුසුම් තත්වෙක තියෙන්නේ.නැගලම යනවා.අම්මෝ හැබැයි අවසානේ ගැන හිතද්දි නම් පිස්සු වගේ.මොනා කරලද දන්නෑනේ.ඉවසමුකෝ ඔය ටිකත් නේද.

    කතාව ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි .ආදරණීයයි .වටිනවා.
    හැම වැඩක්ම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .සූටි අයියේ.??❤️
    ජේසු පිහිටයි !!!!!

    ආදරණීය හදවතක්
    ආදරෙන් පිරෙව්වා
    නුහුරු අමුතු හැගීමක්
    හිතම හිරි වැට්ටුවා

    කතා කරන ඇස් දෙකක්
    කෝලයෙන් ඉඟි කෙරූ
    මැණික උඹ සම්පතක්
    කලෙක හිතම සැනසූ

    කියන්නට එක වදනක්
    ආයෙමත් එක වතාවක්
    කොඳුරා නුඹෙ සවනට
    දෙන්න මැණික මට ඉඩක්

    හැමදාමත් නුඹෙම වූ
    නුඹෙ පෙමට උමතු වූ
    මගෙ කරගන්න හීන දැකපු
    උබයි මගෙ ජීවිතේ …..
    ආදරෙයි……?
    ❤️❤️❤️❤️??????????

    1. දේවාෂි

      මේ ඇවිල්ලා ඉන්නේ අපේ අයේශා අක්කියා….?
      ලස්සනයි අක්කියෝ…???
      ආදරෙයි මැණික ❤❤?

      1. Thankyou මැණික .
        ඔයාලා බලන්න එනවා මැණික .හොල්මනක් වෙලා හරි ?? මම එද්දි කාළුත් නෑ.මම ඉතින් එන්නේ යක්කු හස් නගින වෙලාවටනේ ????

        මමත් ආදරෙයි ??????
        ගුඩ් නයිට් බබී….
        ජේසු පිහිටයි !!!!!

  20. අනේ අද නම් මහ අජූත කුජිත දවසක් මගේ… ?? රජා පොලේ ගහලා ගහක් යට වලලා හෙට උදේට පලදාව නෙලාගන්න හිතිලා තියෙන්නේ… සමාවෙන්න වස්තුලා… අද ඔයාලගේ එක එක කමෙන්ට් බොක්ස් වලට ගිහින් කමෙන්ට් කරන්න විදියක් නැ… මං හැමෝගෙම කමෙන්ට් කියෙව්වා… ගොඩක් ලස්සන කමෙන්ට් තියෙනවා කියවද්දි හිනා යනවා… (විශේ⁣ෂයෙන්ම මා මචී දේවාෂිගේ අම්මෝ ඒ කමෙන්ට් එක..??) ලස්සන ලස්සන නිසදැස් ගොඩාාාාරියි ඒවා ගොඩක් ලස්සනයි… ???
    ආ අයියේ මට තාම මාස 3 යි මං කියෙව්වට කමක් නැද්ද මන්දා 83,84 කොටස්…?? එපා කිවත් කියවනවා හොදේ… ? කෙල්ල කවියක් හරි නිසදැසක් හරි දනේන පැටියෝ ඉක්මනටම… මං බලාගෙන ඉන්නවා… අලුතින් කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් ඉන්නවා දැක්කා… ඔයාලව සාදරෙන් පිලිගන්නවා… සමාවෙන්න මෙහෙම පිලිගන්නවාට… මං එන්නම්කෝ හෙට ඔයාලව අදුන ගන්න හොදේ…. සදී අක්කි මහි අක්කි නිරෝ අක්කි නිෂා අක්කි සදශෙන් අක්කි ලුවි නංගි කෝ ඔයාල නම් නොකියපු හැමෝමත්… ඔයාලා හොදින් නේද… පරෙස්සමින් ඉන්න හැමෝම… දඟ පවුලට ගොඩක් ආදරෙයි… චන්දිම සර්ටත් ගොඩක් ස්තූතියි මේ වගේ අපි හැමෝටම එකතු වනන අවස්ථාව හදලා දුන්නට… හැමෝම හැමදාම සතුටින් සනීපෙන් පරෙස්සමින් ඉන්න…
    තෙරුවන් සරණයි !…
    සුභම සුභ රාත්‍රි⁣යක් දඟ පවුලේ හැමෝටම… ❤️❤️❤️

    1. දේවාෂි

      ඒඑ මචීයා….??
      දැවෙන පුරශ්නයක් තියේ නේ….
      මේකයි සමාවෙලා උත්තරේ දෙන්න මයේ මැණික…?
      ඒ බන් ඔය එක රැයින් පලදාව ගන්න එක මොක්ද්ද කියන්න පීස්….???
      සුබම සුබ රාත්‍රියක් මගේ කෙල්ලට… ආදරෙයි මචී…?❤❤?

      1. හී….. ඒකද… ඒක….? එකක් හිටෙව්වාම පහුවදා උදේට ඒක පැල වෙලා ? ගොඩක් හැදෙනවා…??? කරලා බලන්නකෝ… මං මේ ඇත්තමයි කියන්නේ… ⁣මී ඇස් දෙක පල්ලා..??? දැන්ම ගිහින් ඔයාගේ ?එක හියවලා එන්න වලක් කපලා මචී… එතකොට හෙට උදේට ? කඩා ගන්න පුළුවන්…??

        1. දේවාෂි

          අනේ අම්මපා මුන් වගේ යාලුවො ??
          මගේ ෆර්ස්ට් ලව් එකට වැඩේ දෙන්න නේ හදන්නේ…??

  21. චතුරට වත්ද වෙඩි වැදුනේ….. එහෙම උනොත් නම් හොදයි නේද.එහෙම හිතනකොටත් කුරිරු සතුටක් අප්පා දැනෙනේ ?????

  22. නිරෝෂා ලක්මාලි

    මං නම් මේ අවස්ථාවේ දෙවියන්ට වැඳ වැඳ ඉල්ලන්නේ ඒ වෙඩි උණ්ඩය චතුරයට හරියටම වැදියන් වැදියන් කියලමයි ඕන්න. ඇයි යකෝ මේ මෝඩ මී වස්සා එසේ මෙසේ කරදර ද දුන්නේ. වෙලාවට සෂානි ඒවා දැක්කේ. නැත්තම් තවත් රැවටී රැවටී ඉඳී චතුරයගේ මායම් වැඩවලට. දැන් නම් හරි සතුටක් දැනෙනවා. චතුර ගැන සෂානිටම හැමදේම දැනගන්න ලැබෙනවනේ. කතාව නම් පට්ට අයියේ.

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.